08 March 2014

රාජාංගනේ ගොයිතැන් කල කාලේ...

ඔහෙලට කියන්න ඔන්න මං වංගියක් රාජාංගනේ හිටියනේ... මගේ යාළුවෙක් එහෙ වගාවක් කොලා නෙව.. මාත් ඉතිං බරක් පතලක් තියෙන එකෙක් කියලෑ.. ඌ දවසක් වරෙං කිව්වා.. මාත් ගියා.. ඒ ගෙහුන් ඔන්න මාත් දැන් ගොයිතැන් කොරං ඉන්නවා.. හප්පේ එහෙ වගාව නෙව වගාව... යකඩ හිටෙව්වත් පැල වෙනවා.. ඒ තරමට පොළවේ පලදාව..හම්මපා... ඔහෙලට මෙහෙම කිව්වට මේ සම්මජ්ජාතියට විස්සාස නොකරන හින්දා මං ඕවා වැඩිය කියන්න යන්නේ නැහැ.. ඒත් ඉතිං නිකමට වගේ කිව්වොත් මේ අපි මෙහෙ හිටෝන කොච්චි මිරිස් ගහක් උනත් එහෙ හිටෙව්වොත් මෙහෙ හිටෙව්වා වගේ නෙවෙයි.. ආයේ ඉතිං වැරදිලා හරි ඕකක් පාත්තියකට යන පාරකවත් පැල වෙලා ලොකු උනොත් පස්සෙන් පහු කැත්තෙන් හත් අට වංගියක් කොටලා තමා අහක් කොරන්ට වෙන්නේ ඒ තරමට මහත දෙහෙතට හැදෙනවා.. මං බොරුවක් කියනවනං ඔය අහං ඉන්න එහෙකුට හෙනයක් ගහන්ට ඕන... 

 ඉතිං ඔහොම ඉද්දි තමා අපේ අනුරාජපුරේ බාප්පගේ පොඩි දූ කොටහළු වෙලා මට පණිවිඩේ හම්බ උනේ... ඒකත් ඉතිං දහ අතේ ගෙහුනං අර කැලේ මැද්දෑවේ හේන් කොට කොට හිටිය මයේ කණට වැටෙද්දි කෙලීට වතුර වක්කොරන නැකත හෙටයි කියලා තමා දැන ගන්න උනේ... 

ඒත් ඉතිං මොන විදියකින් හරි නොගිහිං කොහොමද..? මොකද බාප්පලා කියලා සිය ගානක් ඉන්නවෑ... මං ඉතිං එදා හවහම පිටත් වෙන්ට කල්පනා කොලා.. ඒ කල්පනා කොලාට මොකද අතේ පිච්චිය නැහැ.. මොකද මේ ගොයිතැන් කොර කොර හිටියට මං කාසි බාගේ ගැන ඒ හැටි හිතුවේ නැහැනේ... ඒත් කාරණාව මං මගේ යාළුවට කිව්වා.. උන්දෑ ගාවවත් කීයක් හරි තිබුනොත් ඉල්ලං යන්ට බැරිවයෑ කියලා.. මොන.. ඌ අතෙත් තඹ දොයිතුවක් නැහැ... තාම වගාව පල දාරාගෙන එනවා උනාට අස්සැන්න විකුණන්න තරමට උනේ නැහැ නෙව... මනුස්සයටත් බොහෝම හිතට අමාරුයි... අන්තිමට හේනේ වැවිලා තියෙන බව බෝග මොන මොනවා හරි කාඩාගෙන ගෙහුං කඩ මණ්ඩියට දීලා පනං හතරක් හොයං පලයං  කියලා මට කියපි...

මොනවා කොරන්ටද.. මාත් ඉතිං ගෝනියක් පිරෙන්ට වට්ටක්කා.. කැකිරි.. වැටකොළු පතෝල බණ්ඩක්කා මෑ කරල්.. ඔය අතට අහු වෙන හැම එහෙකින්ම කඩාගෙන ගෝනියකුත් පුරෝගෙන එන්ට පිටත් උනා... ඒ එද්දි තමා මට කල්පනා උනේ.. ආයේ මේක මොකට විකුණනවද මේ තරං සාර සුබාවට හැදිලා තියෙන බව බෝග ටික උස්සාන කොටහළු ගෙදරට ගියාම පහුවදාට වතුර වක්කොරන මගුල ගන්ට බැරියෑ ජයට කියලා... ඒත් ඉතිං දැන් මේකත් කර තියාන පයින්ම අනුරාජපුරේ එන්ට කියලෑ... කෝච්චි ටිකට් එකක් ගන්ට කියලවත් පිච්චියක් නැහැ.. ඒත් ඉතිං මං ඔය කිසිම දේකට සැලෙන මනුස්සයෙක් නෙවෙයි නෙව... ඕන එකක් කියලා ගෝනියත් කර තියාන ගැටුවා රේල් පාර අහලට... මංම ඉතිං ඕක කර තියාන ගියා මිසක් මේ බොලාලා වගේ පඟර නැට්ටන්ටනං ඉතිං ඒ වගේ බරසාර ගෝනියක් කර තියං යන්ට මේ කපේට බැහැ.. ඒ තරමට ඒකේ බර.. එහ්නං...

කොහොමින් හරි රේල් පාරත් හම්බු උනා කියමුකෝ.. දැන් කෝ රේල්ලුවක්... මං ටිකක් කල්පනා කොලා.. මෙහෙම බාධාවල්ද මට හම්බු වෙලා තියෙන්නේ... පුහ්.. ඔන්න මට ආවා මසුරං වටින අදහසක්... ලිහුවා ගෝනි මල්ලේ කට.. ගත්තා හොදවැයින් බණ්ඩක්කා කරලක්... කරලක් කිව්වට ඉතිං මොකද ඒවා මේ අපි ඔහෙලා මේ ගමේ ගොඩේ දකින්නැහේ වියතක විතර කරල් නෙවෙයි.. හරියට නිකං මාළිගාවේ ඇතාගේ දලයක් විතර ඇති.. ඒ තරං විසාලයි.. දිගට දිගයි...

ඉතිං කෙහෙම හරි බණ්ඩක්කේ අරං රේල් පීල්ලක් උඩ තියාපු මං.. ගෝනි මල්ලත් කරට තියං.. ටිකක් ඈතට ගොහින්.. දූ...වගෙන...දූ..ව ගෙන  ඇවිදිල්ලා පැන්නා නේද බණ්ඩක්කා කරල උඩට... මෙන්න බොලේ මේක යනවා දැන් හැටට හැටේ ලිස්සලා.... මොකද ඔය පාරේ මහ ලොකු වංගු තියෙනවා කියලෑ.. මේක දැන් විදිල්ල වගේ යනවා.. මාත් බොහෝම අමාරුවෙන් සරීරේ සමබර කොරාන ගෝනි මල්ලත් අල්ලාන බොහෝම විමසිල්ලෙන් ඉස්සරහා බලාගෙන යනවා.. මට පේනවා ඔය අතරින් පතර ගෙවල් මණ්ඩි එහෙමත් පහු වෙනවා.. ඒවායේ ඉන්න ළමා ලපටි කට අරං මං මේ යන අරුම පුදුම ගමන දිහා බලං ඉන්නවා.. මං ඉතිං පුළුහං හැටියකට උන්ටත් අත වනාගෙන දැන් එනවා... එක තැනකදී රේල් පාර හරහා යන්ට ගිය අලි බොටෙකුගේ සද්දන්ත සරීරේ මං නොහැපි බේරුනේ පූරුවේ පිනකට.. නැහ්නං ඉතිං අද මේ කතාව කියන්ට මං මෙතන නැහැ ඕං... අලියටනං මං බයක් හැකක් නැහැ... මං දන්න අලි මංතර වලින් ඕකා දපනේ වට්ටන එක සුළු දෙයක්.. ඒත් මේ යන වේගෙට ඒකාගේ ඇගේ හැප්පුනානං හෙම අලියත් කුඩු.. මාත් කුඩු... එහෙව් වේගෙන් මේක යනවා නෙව.. මොනවද ඉතිං මෙහෙ තියෙන බන්ඩක්කා වගේයෑ.. මේවා මේ රාජාංගනේ සරුවට වැවුන බණ්ඩක්කා නෙව.. සෙවල එමට... හොඳට ලිස්සලා යනවා...

කොහොමින් කොහොමින් හරි අනුරාජපුරේ හරියෙදි මං අන්තිමට හිතේ වීරිය අරං බණ්ඩක්කෙන් අහකට පැන්නා... මංම හින්දා මිසක් වෙන එකෙක්නං තාමත් බණ්ඩක්කේ එක්ක ලිස්සලා යනවා.. අර ඉතිං මං විරිය වීරිය තියෙන හයිය හත්තිය තියෙන මනුස්සයා වෙච්ච හින්දා අච්චර වේගෙන් යන ගමන් බිමට පැන ගත්තා.. මං හිතන්නේ බණ්ඩක්කේ මහව හන්දියට යනකල්ද කොහේද ගිහින් තිබුනා... එතැනදී සිග්නල් නැති වෙලා පීල්ලෙන් අහකට පැනලා තිබුනා කියලා පස්සෙන් පහු ආරංචි උනා... කොහොම හරි ඔන්න එදා රෑ බතට මං බාප්පලගේ ගෙදර... හම්මේ බලන්ට එපෑ උන්දලගේ සංතෝසේ...  පහුවදා ඉතිං අර ගෙනාව  ගෝනි මල්ලේ තිබුන එලෝලු වලින්ම මගුල ජයට ගත්තා.. ඒ කරලා ඉතිරිය ගමටම බෙදලත් අහවර කරගන්ට බැරි උනා... ඔන්න ඔහොමයි ඉතිං මං රාජාංගනේ හිටිය කාලේ කතා...
------------------------

දැනට වරුස දහහතකට දහ අටකට එහා දී අපේ ගෙවල්වලට උඩහින් තිබුන කන්දේ ගල්වලක නාන්ට ගොහින් මියෑදුන පොඩිඅප්පුහාමි මාමාගේ මල ගෙදර පාළු කප කප හිටිද්දි එතැනට ආපු අමුතුම චරිතයක් විසින් කියන ලද කතා ගොන්නෙන් එකක් පමණි... පොර ආවේම නාගසංල වෙන්ට වැදිලාය... කටින් සද්ද කරමින් බයිසිකලයක් පැදගෙන එනවාක් මෙන් රඟපාමින්  පාර දිගේ දුවගෙන ඇවිත් අපි සිටි තැන පොල් ගහේ හැපී මලා සේ බිම වැටී.. පසුව කෙලින් කටින් වී ලග තිබූ ඇල්මේනියං පුටුවක් තමා දෙසට ඇද එහි පත බෑවී වෙරි මරගාතෙම කතා ගොන්නක් කියාගෙන ගිය මේ කියන පුද්ගලයා මට එයිට පෙර හමු වී තිබුනේ නැති අතර එයින් පසුවත් කිසි දිනක හමු නොවුනි... එහෙත් අදටත් ඒ රාත්තිරිය බොහෝම හොදින් මතකේ ඇත්තේ මේ කී කතා ගොන්න නිසාමය... මෙහි ගෞරවය ඔහුට යේවා...

38 comments:

  1. පොර ෂුවර් එකටම මැංචොසන් චාරිකා කියවලා තියෙනවා.

    ReplyDelete
  2. මුල කියවගෙන යද්දී හිතුනේ ලෝක කාන්තා දිනේ දවසෙ මූට මොනා වෙලාද කියලා,,ඔහොම බුවෙක් අපේ ගමෙත් ඉන්නවා,ඔහොම බුවාලා මරු නිදි මරන්න..

    ReplyDelete
  3. අමාරිස් අයියාත් මේ ගැන විනෝදසමය වැඩසටහනක් කලා

    ReplyDelete
  4. මල ගෙවල් වල නයිට් කතා :D

    ReplyDelete
  5. ශොක් කතාව ... කියපු ඉතුරු කතා ටිකත් ඉඩක් ලැබෙන විදිහට ලියන්න..

    ReplyDelete
    Replies
    1. මොකද ෂෝක් වෙන්නේ නැතුව ශොක් වුණේ

      Delete
  6. මරු (මාර ) කතාව....... මුල ඡේදය කියවන කොට හිතුවෙ මාරයා කරපු දෙයක් වෙන්න ඇති කියල.... හයියෝ සල්ලි........

    ReplyDelete
  7. මාර බණ්ඩක්කයක් නෙ :)

    ReplyDelete
    Replies
    1. මේ කතාව කියපු එකා බොලාගෙ නෑදෑයෙක්ද දන්නෑ. :D

      Delete
    2. හොයා බලන්න වටිනවා ඒක නං. :D

      Delete
    3. උඹේ කෙබර මොනවද බලන් යනකොට ? :D

      Delete
    4. දැන් උඹ මට දීපු සම්මානෙ මාර තුමාට දෙමු, ඉවාන් :D

      Delete
  8. මැන්චෝසන් චාරිකා මතක් වුනා බං,මම හිතුවෙ බොට වෙච්ච දෙයක් කියලනෙ.

    ReplyDelete
  9. මාර පොරක් කියපු මාර කතාවක් මාරයම ලියලා .....

    ReplyDelete
  10. ඉතිං පස්සෙ අර බණ්ඩක්ක සෙවල ගෑවිලා තිබ්බ රේල් පාරෙ ගිය කෝච්චි දිගටම පීලි පනින්න ගත්තයි කියල ආරංචියක් නැද්ද තිබුණෙ.

    කෝ ඔය රාජාංගනේ පැත්තෙ ඉන්න කට්ටිය ඒ පැත්තෙ එළෝළු ගැන අදහස් දක්වමුකො බලන්න. :D

    ReplyDelete
    Replies
    1. රියදුරු නැති කොච්චි එන්න කලින් රියදුරු නැති බණ්ඩක්ක තිබිල තියනවනේ ප්‍රසා අයියෙ :D

      Delete
  11. ඔව්ව මොනාද අපේ පැත්තෙ ඉන්නවා පොලොන්නරුවෙදි ලොරිය එලවන් යන ගමන් කකුලෙන් ගහල අලියෙක්ව පෙරලපු පොරක් :D

    ReplyDelete
    Replies
    1. ලොරිය එලෙව්වෙත් කෙවිටකින්ද දන්නෑ.

      Delete
  12. අර බණ්ඩක්කේ ඔච්චර වේගෙන් යද්දී ගෙවිලා ගෙවිලා, රේල් පීල්ලේ පශ්චාත් භාගය පොඩ්ඩක් ගෑවුනානම් එහෙම මොන හත්ඉලව්වක් වෙයිද කියලා මම කම්පනා කොරේ

    ReplyDelete
  13. උඹත් ඉතිං කට ඇරං අහං හිටියා නේ?

    ReplyDelete
  14. මාරයාගේ රට කෙප්පයක්.... හික් හික් හික් කොහොම වුනත් යස අපූරුවට ලියල තියෙනවා බස් වහර එල

    ReplyDelete
  15. අර චන්දන්ත් මේ බොට්ටුවෙම යනවා නේ හිටපු ගමන් ..හැක් ;)
    කතාව එල

    ReplyDelete
  16. මාර අයියෙ මං නම් බ්ලොග් වලට ටිකක් අලුත්. විවේක වෙලාවක ඇවිත් බලලා යන්න.
    http://masandumal.blogspot.com/

    ReplyDelete
  17. ඉතින් ඔය දුම්රිය දෙපාර්තමේන්තුවට තියෙන්නේ ස්ටේෂන් වල බණ්ඩක්ක වවන්නනේ ..අහවල් එකකට අර යකඩ කඳන් නඩත්තු කරනවද ...

    ReplyDelete
  18. මන් උන්නෙ අර එක්කෙනෙක් රුසියන් කතා ලියනව දැකලා
    මාරස් මැංචෝසන් කතාවක් ලියල වත්ද කියලා

    ReplyDelete
  19. ඇයි දැන් ඔය බන්ඩක්කෙට කොටහලුවක්ම ගාව ගත්තේ..? ටිකක් ෆිශී ෆිශී වගේ මෙයා..:)

    ReplyDelete
  20. හොඳ වෙලාවට බණ්ඩක්කේ පීලි පැන්නෙ. නැහ්නන් කෝච්චියකට එහෙම පෑගුනා නං පීලි පනින්නේ කෝච්චිය.

    ReplyDelete
  21. උඹලගේ ඔය බාප්පගේ නම මැංචෝසන් අප්පුහාමිද?

    ReplyDelete
  22. ඉස්සර හපනා පත්තරේ සියාතු සීයාද කොහෙද කියලා පොරක් හිටියා මේ වගේ ටෝක්ස් දුන්නා. පට්ට පට්ට.

    ReplyDelete
  23. ශෝක් කතා පොඩ්ඩ.. ඔය පැත්තේ තියෙන්නේ ඇද්දල බණ්ඩක්කා වෙන්ඩෑ.. කරල් දෙකෙන් ගොඩ.. කොටහලු ගෙදර ගිහින් එනකොට උගේ කරල රේල් පාරේ තියලා වෙන්ඩ ඇති එන්ඩ ඇත්තේ.

    ReplyDelete
  24. තවා දවස් දෙක තුනක් හම්බුණා නම් හොඳට හිටී :P

    ReplyDelete
  25. මල ගෙවල් වල ඔහොම ආතල් දෙන කට්ටිය එනවා නේනම් මං අන්තිම වෙනකන් හිතුවෙ දැකපු හීනයක්වත්ද කියලා

    ReplyDelete
  26. කතාව කියපු එක්කෙනා ඔය කියපු ජාතියෙ බණ්ඩක්ක යානයක් උඩ ආපු ගමන්ද දන්නෑ මළ ගෙදර පැත්තටත් ආවෙ.... පොල් ගහේ වැදිලා අන්තිමට අර දඩෝරියං ගාලා ඔයගොල්ලො ඉස්සරහ වැටුනෙ නැත්තං හඳටත් යන්න තිබ්බා... අපරාදෙ.... :D

    ReplyDelete
  27. එතකොට ඕකෙ ගියයි කියන්නෙ හිටගෙනද ඉඳගෙනද?

    ReplyDelete
  28. බණ්ඩක්කෙ සිග්නල් නැතුව පීලි පැන්න එක තමා මගෙ හිතට තදින්ම ඇල්ලුවෙ...

    ReplyDelete
  29. රාජාංගනේ යාය 7 සාලියවැව සෝගම්හේන වගේ පැතිවල නම් මම අනන්තවත් ගිහින් තියෙනවා. වේදනාත්මක මතකයක් තියෙනවා රාජාංගනේ මතක්වෙද්දී

    ReplyDelete