12 March 2014

මැලේෂියාව - ලංකාව - ගුවන් යානා අතුරුදන් වීම... තෙවන අවස්ථාව......

මනෝ පාරක් ගහං ඉද්දි හිතට එන ඒවා තමා ඉතිං.. මේ දවස්වල කෝකටත් තෛලේ වගේ හිතට එන හැම හරුපෙම ලියන්නේ බුකියේ වීම නිසා මේකත් ඒකෙම තමා කෙටුවේ.. ඒත් මෙහෙම දේවල් බුකිය තුල අකා මකා වෙලා යන්ට දෙන්ට නාක හින්දා සංරක්ෂණය පිණිස මෙතැනත් කොටලා තියන්ට ඕන... ඔන්න එහෙනං කතාව...
------------------------

1- උපාලි විජේවර්ධනගේ ලියර් ජෙට් යානාව...
2-වනජීවියගේ කේලමා...
3-මැලේසියානු ගුවන් යානය...
ඔය පළවෙනි කතාව සම්බන්ධව නොයෙකුත් මතවාදයන් තියෙනවා.. ඒ අතරේ තියෙන එක කථාවක් තමා කුඩුම්බිගල ආරණ්‍යයේ හිමි නමක් විසින් දුටුවා යැයි කියන නැගෙනහිර වෙරළ දෙසට වන්නට වූ අහසේ ගිනිබෝල කතාව. කුඩුම්බිගල කියන්නේ කුමන රක්ෂිතය තුල තියෙන ආරණ්‍යයක්.. ඒ වගේම උස තැනක් සෑහෙන හොඳ නිරීක්ෂණ ස්ථානයක්. යාල නැගෙනහිර කොටසට තමා අයිත් වෙන්නේ... මේකෙදී ලංකාව සහ මැලේෂියාව කියන රටවල් දෙක අතර තමා ගුවන් ගමන යෙදිලා තිබුනේ.. ඒ කියන්නේ මේ කතාවට මැලේෂීයාවත් සම්බන්ධයි...

දෙවැනි කතාවේ අතුරුදන් උන කේලමාත් දැන ගන්නට ලැබුන තොරතුරු අනුව යාලදී අතුරුදන් වී ඇත්තේ නැගෙනහිර දෙසට වන්නටයි... හරිහමන් නිශ්චිත තොරතුරක් නැත. ඔන්න වැදගත්ම කතාව තමා මේ කෙදීත් කියවුනා යානය ඇතැම් විට මැලේෂීයාව බලා පියාසර කරන්නට ඇති බව.. හේතුව තමා එය සාදා ඇත්තේ නියමිත සංඥා නැතිව ගියහොත් මව් රට වන මැලේෂියාව කරා යාමට සකස් කර තිබීම.. නමුත් මෙහිදි අදහස් කලේ මැලේෂීයාව දක්වා යන්නට ගියත් ඉන්ධන ප්‍රමාණවත් නොවන නිසා අතර මගදී කඩා වැටිය හැකි බවයි.. නමුත් ඔන්න අපිට මෙතනත් ලංකාව සහ මැලේෂියාව සම්බන්ධයක් එනවා...

රයිටෝ දැන් තුන් වැනි කතාව... මෙච්චර වෙලාවක් ලංකාව ගැන කතාවක් නොතිබුන මේ කතාවට මේ දැන් ලංකාවේ නම යන්තමට හෝ සම්බන්ධ කරන ලද පලමු පෝස්ටුව මං දැක්කා... ඒ සුජීව කොකාවලගේ කමෙන්ටුවක් තුල... (දැනට එය මා හට සොයා ගැනීමට අපහසු හෙයින් කරුණාකර මෙය දුටුවහොත් සුජීව විසින් එය ඉදිරිපත් කරනු ඇතැයි සිතමි. ) ඔන්න දැන් නැවතත් ලංකාවේ නැගෙන හිර වෙරළට එපිටින් මුහුද දක්වා කතාවක් අපිට තියෙනවා...

දැන් අපිට ආයෙමත් පොදු සාධක කිහිපයක් තියෙනවා...
ලංකාව.. මැලේෂියාව.. ගුවන් යානයක්... නැගෙනහිර වෙරළ කලාපය.. අභිරහස් අතුරුදන් වීම....
දැන් මෙතැනින් එහාට හිතන්න මට අමාරුයි.. දෙකක් දා ගත්තනං මං හිතන්නේ මට පුළුවන් වෙයි ඉතිරි ටික විසඳලා දෙන්න... ඒත් අවාසනාවට වගේ දෙකක් දා ගැනිල්ල කරන්න වෙන්නේ නැහැ...

--------------------------

පසු සටහන...
සුජීව විසින් අදාල පෝස්ටුව ලබා දෙන ලදි මේ එයයි...

//


මැලේසියානු ගුවන්යානය ගැන තවම කිසිදු ආරංචියක් නැත. මැලේසියාව විසින් සපයන තොරතුරු වල ඇති ව්‍යාකූලතාවය නිසා වියට්නාමය පරීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. මේ දක්වා වැඩියෙන්ම වෙහෙසුනේ වියට්නාමයයි.
මැලේසියාව කිසියම් කාරණයක් වසන් කරන බවට සමහරු සැක කරති [http://blogs.crikey.com.au/planetalking/2014/03/11/mh370-logic-says-this-isnt-mystery-its-claimed-to-be/]. මැලේසියාව මේ සම්බන්ධයෙන් දක්වන අමුතු හැසිරීම හා කිසිම කාරනාවක් නිරවුල් වීමට ඉඩ නොදීම මීට හේතුවයි.
අද දින මැලේසියානු පුවත් පතක් පවසා තිබුනේ හමුදාවේ මූලික රේඩාර් වලින් [ලෝහ මතුපිටෙන් වෙන පරාවර්තන ඇසුරෙන් ක්‍රියාත්මක වන] පෙනෙන පරිදි යානය බටහිර දෙසට හැරී මලක්කා සමුද්‍ර සන්ධිය වෙත ගොස් ගමන් උස අඩු කළ බවයි. එහෙත් එය නිකුත් කළ හමුදා නිලධාරියා පසුව එය ප්‍රතික්ෂේප කළේ පුවත්පත තමාව වැරදියට තේරුම් ගත් බවක් කියමිනි. මෙම කාරණය ප්‍රතික්ෂේප නොකර පිළිගන්නේ නම් යානය ඉන්දියානු සාගරය දෙසට රේඩාර් මගහැර ගිය බවක් පෙනේ. තව සුලුදුරකින් ඇති සුමාත්‍රා වනගත කඳුපෙදෙස පසු කළ විට ලංකාවෙන් දකුණට පිහිටි රේඩාර් මුක්ත කලාපයකට ඇතුළු වේ. ඉන්පසු අප්‍රිකාව දෙසට, විශේෂයෙන්ම සෝමාලියාව දෙසට, යාමට හෝ එසේ යාමට යත්න දරා සුමාත්‍රාව හෝ ගැඹුරු මුහුදට කඩා වැටීමට ඉඩ ඇත. අවාසනාවකට මෙම සාක්කිය පසුව වෙනස් කර ඇත.
මගී දුරකථන නාද වන නිසා යානය ගොඩබිමකට බාගෙන හෝ කඩාවැටී ඇති බව සාධාරණ සැකයකි. මලක්කා කතාව සත්‍ය නම් උතුරු සුමාත්‍රා වනාන්තරය තුල සොයා බැලීම වටියි.
ඉහල අහසේ ක්ෂණික පිපිරුමක් හෝ කෙලින්ම මුහුදට කඩා වැටීමක් මූලික රේඩාර් වල සටහන් විය යුතු නිසා මෙතෙක් ප්‍රසිද්ධ කළ කතාව අනුව ඒවා ප්‍රතික්ෂේප වේ [කතාව වෙනස් කරන බවක් පෙනෙන නිසා මේවා නැවත පිළිගන්නට සිදුවිය හැකිය]. මෙතෙක් දුටු එකම තාත්වික කතාව මලක්කා දෙසට ක්‍රමයෙන් පහත කළ බව පමණි. එහෙත් එය නැවත එසේ නොවන බවක් කියයි.
මේ සියල්ලෙන් තැලෙන්නේ මගීන්ගේ පවුල් හා හිත මිතුරන්ය. ඔෆිස් එකේ වැඩකට ගිය තාත්තා එනකම් බලා ඉන්න චූටි උන්ට තාම කියා ඇත්තේ තාත්තා රසකැවිලි ගේන්නට ගිය බවය. පවුල් වල අයට මෙය මගියාගේ මරණයටත් වඩා වේදනාකාරී සිදුවීමකි.//

---------------------
පසු සටහනටත් පසුව...

මේ ගැන සදහන් කරමින් සුජීව විසින් තව දුරටත් මෙසේද ප්‍රකාශ කරන ලදි..
//ලේසියාව කිව්වා එක කතාවක් ඇත්තනම් ඒක ඔය කියන දිහාට ඇවිත්. ඒත් හවස් වෙද්දී ඒ කතාව බොරුයි කිව්වා. ලොසේ ලොස්. අපි විතරක් නොවේ වියට්නාමයත්.//

---------------------
තුන් වැනි පසු සටහන ඈ.. (මේ පාර පසු සටහන් ලොකුයි පෝස්ටුවට වඩා..)

මෙන්න පළමු අවස්ථාව ගැන කියවුන ලිපිය...




මේ තියෙන්නේ අදාල කොටස...
//මේ අතර එදින රාත්‍රි 7 ත් 8.55 ත් අතර කාලය තුළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි භික්‌ෂූන් වහන්සේ නමක්‌ ඈත අහසේ ගමන් කළ ගිනි බෝලයක්‌ දැක තිබිණි. එය මුහුදට කඩාවැටෙන ආකාරයක ගමනක යෙදුනු බවද උන්වහන්සේ කීහ. කුඩුම්බිගල පිහිටා ඇත්තේ කුමන වෙරළ තීරයේ සිට සැතපුම් 10 ක්‌ රට ඇතුළට වන්නට ය. ඉතා පහතින් ගමන් කළ ගුවන් යානයක්‌ ගින්දර පිටකරමින් මහ සාගරය දෙසට ගිය බව කුඩුම්බිගල ආසන්නයේ හේන් ගොවීන් පිරිසක්‌ද පසුව පැවැසූහ.//

36 comments:

  1. විස්තර හොයන ගමන් ඉන්නේ බං ...
    පොඩ්ඩක් ඉදිං ....

    ReplyDelete
  2. හුටා අපේ නැගෙනහිරටද මේක ගෙනාවේ....

    එහෙනං අපේ මයින්ද ලොක්ක සමස්ථ ලෝක වාසී ජනතාවගේ අවධානය ජීනීවා කේස් එකෙන් මග ඇරෝල වෙනතක රඳවන්න තමයි මේක උස්සන් ඇවිත් නැගෙනහිර පැත්තේ කැලෑවක හංගල ඇත්තේ එහෙනං. මොකද මෙහෙදී නිතරම කරන සෙල්ලමනේ....

    ජය වේවා!!!

    ReplyDelete
  3. රාවණාගේ දඬුමොණරා තිබුන රට නේ බං... මම හිතන විදියට ඕක තීලා තියෙන්නෙත් කුඩුම්බිගල පැත්තේ තමයි.. දඬුමොණරය ගැන සඳහන් කිරීම හිතා මතාම අමතක කිරීම ගැන, මගේ බලවත් කනගාටුව..

    ReplyDelete
    Replies
    1. වෙලාවට හැරී පෝටර් ලංකාවේ නොහිටියේ.

      Delete
  4. මේ මම නිකමට අහන්නේ උඹ වැරදියට ගන්න එපා.. දැන් අපි හිතමු උඹට ඔය පයිලට්ලා දෙන්නගෙයි ,ප්ලේන් එකේ හිටපු මගීන් සෙට් එකේයි කේන්දර හම්බ වුණා කියල.. ඒවායේ තියෙන මාරක අපල බලල කියන්න පුළුවන් නේ ඔය ප්ලේන් එක යහතින් තියෙනවද නැද්ද කියල.. එහෙම බැරි ද? මම මේ අවංකවම හිතිච්ච දෙයක් අහන්නේ.. බයිට් එකක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. පළවෙනියෙම්ම උඹට මතක් කරන්න ඕන නියාම ධර්ම එකක් නෙවෙයි 5ක් තියෙනවා කියන එක... හරි ඒක අල්ලලා දාමු.. :D

      යකෝ ඔය කට්ටියගේ කේන්දර බලලා ප්ලේන් එක යහතින් තියෙනවාද නැද්ද කියලා කියන්නේ කොහොමද..? :P

      අවසාන වශයෙන් කියනවනං කියන්න තියෙන්නේ කියන්න පුළුවන්... කේන්දර 239යම නෙවෙයි අඩුම ගානේ හතළිහක විතර තිබුනනං පැහැදිලි තීරණයක් දුන්නැකි. (මම මහා දක්ෂයෙක් නොවන හින්දා ඒ වගේ ප්‍රමාණයක් බැළුවට දක්ෂ කෙනෙක් පයිලට්ලගේ ඒවා බලලා විතරක් උනත් කියයි ) හැබැයි ඉතිං කේන්දර බලන්න තරං දෙයක් මෙතන තියෙනවයි කියලා මංනං හිතන්නේ නැහැ... නිකං කිරිල්ල තුවක්කුවෙන් කරන්න පුළුවන් දේකට මල්ටි බැරල් ගහන්නැහේ වැඩක්...

      ඊ ළගට මේකටම නෙවෙයි පොදුවේ තියෙන කාරණාවක් කියනවනං මේ මාසේ පලවෙනිදා ඉඳන් කුජගේ වක්‍රයක් තියෙනවා ජෝතිෂ්‍යට අනුව..(සරලව කිව්වොත් රිවස් එකට යන්න ගත්තා :D ) ඒක අවසන් වෙන්න තියෙන්නේ මැයි මාසේ 20 වැනිදා දිහාවේ.. ඒ කාලේ ඇතුලත තරමක් කාර්මික ක්ෂේත්‍රවල විය හැකි අනතුරු.. මග තොට රථ වාහන අනතුරු.. යුද්ධ කලබල වලින් විය හැකි ලේ ගැලීම්.. ගිනි කඳු සක්‍රීය වීම්.. පෘතුවියේ උෂ්ණත්වය වැඩි වීමෙන් වන හානි.. ගින්නෙන් අවි ආයුධ වලින්..යන්ත්‍ර සූත්‍ර වලින් විය හැකි හානි වල යම් තරමක ඉහල යෑමක් වෙන්න පුළුවන්... එයට අමතරව උපදින්න ඉන්න දරුවන් උපතේදීම මිය යන ප්‍රමාණය වැඩි වෙන්නත් බලපානවා... ප්‍රභල සංවිධාන..එකමුතුවන්ගේ බිඳීම්... මහා පරිමාණ ව්‍යාපාර ආදියේ කඩා වැටීම් වගේ දේවලුත් විය හැකියි. හැබැයි ඉතිං ඕය දේවල්වල නියම දත්තයන් අපිට හරියටම මේං කියලා අරං පෙන්නන්න පුළුවන් දේවල් නොවන හින්දා ඔය වගේ දේවල් ගැන අනාවැකි කියන එක තේරුමක් නැති වැඩක්.. :D ඒකත් අර මේ දවස්වල හැම චැනල් එකේම කරනවා වගේ පොදුවේ ලග්න පලාපල කියනවා වගේ මැන්ටල් කේස් එකක්... මිනිස්සුන්ට විහිළු සප්ලයි කරන්නනං හොඳ වැඩක්... :D

      Delete
    2. හරි ඒ කියන්නේ සිරා පොරක් නම් ඕක හරියටම හොයන්න පුළුවන් කියන එක නේද..? ඉතින් බන් කට්ටිය මල්ටිබැරල් ගහන්නේ දැන් නේ.. කට්ටිය මේ නැව් ප්ලේන් දාගෙන සතියක් තිස්සේ මුහුද පුරා හොයන්නේ නැතුව කිරිල්ල තුවක්කුව වගේ ඔය වගේ ටෙක්නික් වලින් කරන්න පුළුවන් නේ... 100%ක් සාර්ථක නොවුනත් අඩුම තරමේ හොයන පළාත ගැනවත් දල අදහසක් දෙන්න පුළුවන් නේ..

      දැන් මෙහෙම හිතපන් පයිලට් ට හෙන මාරක අපලයක් තිබ්බ.. හැබැයි ප්ලේන් එකේ ගිය පොඩි එකෙකුට බුදු ෂුවර් රාජ යෝගයක් තිබ්බා.. ඔය වගේ සීන් එකකදී ඕක කොහොමද බැලන්ස් වෙන්නේ.. මෝඩ ප්‍රශ්න උනත් කමක් නෑ කියල මේ අහන්නේ..

      Delete
    3. පැතුම් මේකේ මං ආයේ කේන්දර සම්බන්ධව මොනවත්ම කියන්න යන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මොකද දැන් මං ඒක වෘත්තියක් හැටියට කරන හින්දා. (නිකං මොකටද බ්ලොග් එකෙන් වෘත්තිය ප්‍රමෝට් කරනවා කියලා ඇනෝලගේ හිත් රිද්දන්නේ..) අනික මේ පෝස්ට් එක එහෙම දේකට ආදාලත් නැහැ. පෞද්ගලිකව උඹ මං කරන දේ දන්න හින්දා මෙතන කතාව ඇද ගත්ත හින්දා උත්තර දුන්නා මිසක්. ඒ ටික කියලම මං අහලා තියෙන ටිකට උත්තර දෙන්නං...

      සිරා පොරකට උනත් මෙකේ කියන්න පුළුවන් යානයේ ගිය අයට සමූහයක් හැටියට විපතක් වෙන්න අවස්ථාවක් තියේද නැද්ද කියන දේ විතරයි. එහෙම නැතිව අහවල් තැන මේක වැටිලා ඇති කියලා කියන්න පුළුවන්කමක් නැහැ. උඹ පලවෙනි ප්‍රශ්නෙදී ඇහැවුවෙත් වැරදි ප්‍රශ්නය.. කට්ටියගේ කේන්දර බලලා “ප්ලේන්“ එකට හානිද නැද්ද කියලා හොයන්න පුළුවන්ද කියලා... ඒක කරන්න බැහැ කොහොමටවත්.. කරන්න පුළුවන් මේ අයගේ වැඩි දෙනෙකුගේ කර්ම ශක්තිය පිරිහිලානං මේ වෙද්දි පිරිස ජීවත් වෙනවද නැද්ද වගේ දෙයක් විතරයි කියන්න පුළුවන්.

      ඊ ළගට මෙතනදී නියපොත්තෙන් කියලා මං අදහස් කලේ ජෝතිෂ්‍යය ගැන නෙවෙයි.. අදාල ක්ෂේත්‍රයටම අදාල තාක්ෂණීක පහසුකම්.. ගැන... ගුවන් යානයක් අනතුරට පත් උන විට ඒ ගැන හොයන්න කේන්දර බලනවට වඩා මූලිකවම ඒ වෙනුවෙන්ම නිර්මාණය කරලා තියෙන තාක්ෂණීක පහසුකම් පාවිච්චි කිරිල්ල... කලු පෙට්ටි පැත්තකින් තියහං.. අඩුම ගානේ අර දැන් රිංග්ස් යනවා කියන ෆෝන්ස් තියෙන්නේ කොහේද කියලා හොයා ගන්න බැරිනං මොකක්ද තාක්ෂණයේ ඇති වැඩේ... මෙහෙනං සිම් එක ඇක්ටිව් වෙච්ච ගමන් ට්‍රැක් කරනවා කොයි හරියෙන්ද කනෙක්ට් වෙන්නේ කියලා.. මං කියන්න ඕන නැහැනේ මට වඩා උඹ දන්න තාක්ෂණයක් ගැන... කට්ටිය නැව් ප්ලේන් දාගෙන පීරන වෙලේ තාක්ෂණීකව නිර්මාණය කරලා තියෙන දේවල් වලින් ගන්න පුළුවන් ප්‍රයෝජනය නොගෙන වෙන වෙන දේවල් පස්සේ යන්නේ ඇයි කියන එකයි මං මල්ටිබැරල් කතාවට කිව්වේ... (එක්කෝ තාක්ෂණය අපි හිතන තරං දියුණු නැහැ.. නැත්තං මොකක් හරි මේ කේස් එකේ හංගන කාරණාවක් තියෙනවා )

      100% සාර්ථක නොවුනත් ඒ වගේ අදහසක් දෙන්න පුළුවන් ලෝකායතන ජෝතිෂ්‍ය හදාරපු කෙනෙකුට.. විශේෂයෙන්ම ඒ ඒ අක්ෂාංශ දේශාංෂක අනුව ග්‍රහ කිරණ වැටෙන පළාත් බෙදාගෙන වැඩ කරන්න දන්න කෙනෙකුට ඒ වෙලාවේ දුර්වල ග්‍රහ දෘෂ්ඨි සහිත කලාප හදුනා ගන්න පුළුවන්... නමුත් අපි වගේ සීමිත කලාපයක් ඇතුලේ මේ දේ හදාරන අයට ඒක කරන්න බැහැ.

      පයිලට්ට මාරක අපලයක්.. පොඩි එකෙකුට රාජයෝග කියන දේ අනුව ඕක විසදන්න බැහැ.. මොකද නියාම ධර්ම වලට අනුව වැඩි බරක් තියෙන විපතකදී තනි කෙනෙකුගේ බලය යටපත් වෙන්න පුළුවන්... හොඳම උදාහරණය සුනාමිය.. එහෙම වෙලාවක මැරෙන්නේ ඔක්කෝම මාරක තියෙන අය විතරක් නෙවෙයිනේ. එහෙම නැතිව අර අපි අහලා තියෙන ඝෝෂක කථා පුවත වගේ ඒවෑදී තනි පුද්ගලයකුගේ බලවත්කම ජය ගන්න වෙලාවල් තියෙනවා.. ඒත් මේක කර්ම නියාමයෙන් විතරක් විසඳෙන දෙයක් නෙවෙයි...

      ප්‍රශ්න මෝඩ නෙවෙයි නූල් සූත්තර කනපිට ගහපුවා... :D

      Delete
    4. මම ඔය සබ්ජෙක්ට් එක ගැන දැන ගන්න කැමතියි.. හැබැයි බරට ඇඟට ගන්නේ නෑ.. ඒ නිසයි ඇහුවේ .. හුදෙක් දැන ගැනීමේ චේතනාවෙන් පමණයි.. ටෙක්නිකල් දේවල් වලින් ඕක හොයා ගන්න පුළුවන් වෙයි... මම නිකමට හිතුවේ වෙන මොනවාද ඕක හොයන්න පුළුවන් ක්‍රම කියල...

      මොකද වැඩේ ඇදෙද්දී අපි වගේ නිතර ෆිල්ම් ලෝක වල ජිවත් වෙන අයට ඕවගේ ඇඩ්වාන්ස් දේවල් හිතෙනවා කියල උඹ දන්නවනේ.. ඉතින් එහෙම වෙලාවට මේවගේ දේවල් දන්නා කියන අයගෙන් අහල දැන ගන්න ඕනේ නිසයි මම ඇහුවේ..

      සිරාවට උඹේ දැනුම වත් , ඔය විෂයවත් කිසිම ආකාරයකින් අපහසු තාවයට පත් කරන්න නෙවෙයි. (උඹව බයිට් කරනවට වඩා මට නිදා ගන්න එක සැපයි.. හෙහ් හෙහ්)



      Delete
  5. මේක ගොඩබිම් ප්‍රදේශයකටවත් වැටුනනම් අහසෙ පහතින් යනවවත් දැකපු එකෙක් කියන්නැති එකනෙ පුදුමේ...

    ReplyDelete
  6. ඔය සිද්දියට සම්බන්ද පින්තූරයක් මෙන්න (හිත දුර්වල අය බලන්න එපා)

    (නිවුස් එක මෙතන)

    මාරයාට කලින් හැබැයි සුද්දෙක් ලංකාව ඔය සිද්දියට ගාවල තිබුනා මේ කමෙන්ට් එකෙන්

    ReplyDelete
  7. සප්ත කන්‍ය ගුවන් අනතුර ඔබට අමතකද?

    ReplyDelete
  8. මැලේසියන් ගුවන් සේවාව ලෝකයේ හොඳම සහ ආරක්ෂිතම ගණයට වැටෙන්නේ. නමුත් ඔවුන් අනතුරු පරීක්ෂණ සම්බන්ධයෙන් නම් බොහොම මන්දෝත්සාහී කියලා තමයි කියන්නේ.

    Air Crash Investigations කියන්නේ මගේ ප්‍රියතම රූපවාහිනී වැඩ සටහනක්. ඒ බලපු ඒවා අතරින්, පිස්සුම හැදෙන එක තමයි මේ. Helios Flight 522

    ReplyDelete
    Replies
    1. මාත් ඔය සීරීස් ටික බලල ප්ල‍ේන් ගැන හොඳ දැනුමක් ලබාගෙන තියෙන්නෙ. :D

      Delete
  9. මැලේෂියාව - ලංකාව - ගුවන් යානා අතුරුදන් වීම.... ඇත්තටම අලුතින් හිතන්න යමක් තියෙන්වා මේකෙ. සිද්ධි 3ම හොඳ හැටි දැනගෙන හිටියත්, මේ තුනම එකිනෙක ගැලපෙන බව මතක් උනේ නෑ. එකත් එකටම මේකත් බර්මියුඩාවක් වෙයිද තවත්. එහෙම නැත්නම් මාතලන් කියනවා වගේ අපේ අති ශ්‍රේෂ්ඨ රාවණා රජුගෙ අඩවියට ඉහලින් දඬුමොණරයට හැර වෙන කිසිම යාත්‍රාවකට යන්න බෑ වත්ද?

    ReplyDelete
  10. දැංනෙ මීටර් උනේ අර කේලමා මැලේසියාවට යද්දි අනිවාර්යෙන්ම ඔය ප්ලේන් එකේ හැපෙන්න ඇති. අරක පොඩි හින්ද රෙඩාර් වලට අහුවෙන්නෙත් නෑනෙ. යකෝ එතකොට අර 239 දෙනාට වගකියන්න වෙන්නෙ මේ ලංකාවටනෙ.

    මලක්වත් ඇද්දනං ගුවන්ගත වෙලා ඕක ගැන වැඩි විස්තර හොයන්න තිබුණ.

    ReplyDelete
  11. ඔය කේස් එක ඩින්ගිරි අම්මට දාපන් අන්ජනමක් බලන්න

    ReplyDelete
  12. කවුද කේලමා

    ReplyDelete
    Replies
    1. නියමුවන් රහිත ඔත්තු බලන යානයක් බින්දි.. මේ ලගදි වනජීවි දෙපාර්ථමේන්තුවෙන් වනාන්තර නිරීක්ෂණය කරන්න දාපු එකක් අතුරුදන් උනා... ඒක මෙහෙ ටිකක් ප්‍රසිද්ධ දෙයක් උනා.. මොකද යුද්ධෙදිවත් ලේසියකට වැටුනේ නැති ඒවා මේ කැලේකදී නිකංම අතුරුදන් වීම නිසා...

      Delete
    2. මලා ..ඔව්වගේ පොඩි රිමෝට් ප්ලේන් වලට එච්චර දුරක් යන්න පුලුවන්ද ..

      Delete
    3. ඇත්තටම පින්තූරෙ තියෙන ජාතියෙ යානයක් නම් කේලමා කියන්නෙ..... ඒකට එච්චර දුර යන්න බෑ.... මේ ජාතියෙ යානාවලට 'ප්ලේන්' කියන්නෙ නෑ.... මේවා වැඩකරන්නෙ 'හෙලිකොප්ටර්' වගේ... මේකට කියන නම 'හෙක්ස්සක්‍රොප්ටර්' ( hexacopter'

      http://en.wikipedia.org/wiki/Multirotor

      Delete
  13. විජ්ජාව දියුණුවෙලා තියෙන්නෙ එකිනෙකා මරාගන්න මිස එකෙක්වත් බේරාගන්න නොවන බව හොඳට පේනවා.. කයිවාරු කාර රටවල් එකකටවත් මේ සොච්චම් දේ හොයාගන්න බැරි උනානෙ.. අඟහරුවගෙ වෙනත් සක්වලවල්වල එව්ව හොයාගන්න නම් දක්ෂයි..

    ReplyDelete
    Replies
    1. පිස්සුද සරත්, ඔය අඟහරුවල, වෙනත් සක්වලවල්වල අරව තිබ්බ මේව තිබ්බ කියල කිවුවට ඕව ඇත්තද කියල අපි දන්නෙ කොහොමද. මොකද අපි ගිහිල්ල හොයන්නැයි. ඒත් මේක එහෙම බෑනෙ. හොයාගත්තොත් අනිවාර්යෙන් මැරිච්ච මිනිස්සුංගෙ නෑයින්ට හරි පෙන්නන්න එපැයි.

      Delete
  14. මේ සම්බන්දයෙන් චීන්නු හැමෝටම බනිනවා
    මෑලේ කාරයෝ අද ඔව් කියලා හෙට නැ මයි කියනවා
    ඉන්දියන් එවුන් තස්ත්‍රවාදී කිරියාවක් කියනවා
    ඔය මොන ජාතියකට වත් නැති එවුන් පනයනකම් pray කරනවා
    මටනම් පිස්සුවගේ ඔයි

    ReplyDelete
  15. අලුත්ම තත්වය තමයි අන්තිමට සංඥා ලැබුණු තැන ඉඳන් පැය හතරක් විතර ප්ලේන් එක ගමන් කරලා තියනවා කියන එක. මේක මත්තලටත්ව බැස්සුවද?

    ReplyDelete
  16. ඔය කේලමාට කෙලවන්න කලින් ඔය මනුස්සයා අලිපොතටත් කෙලෙව්වා නේද මාරේ

    ReplyDelete
  17. මට මගෙ යාලුවෙක් කිවුවා මොබයිල් පෝන් රින්ග් වෙන්නෙ.... මොබයිල් පෝන් වල රෝමින් පහසුකම ගත්තාම... එක රටක ආවරන කලාපෙකින් පෝන් එක ඉවත් වෙලා අනික් ආවරන කලාපෙකට ඇතුල් වෙලා නෙට්වර්ක් එකක 'රෙජිස්ටර්' වෙනකන් 'කන්ෆර්ට් ටෝර්න්' එකක් දාන නිසා ලු......

    ReplyDelete
  18. මම දන්න විදියට ගුවන් ගමන් වලට කලිං මගීන්ට කියනවා පෝන් ස්විච් ඕෆ් කරගන්න නැත්තං සිග්නල් එන ප්‍රොෙසස් එක ඩිසේබ්ල් කරලා ෆ්ලයිට් මූඩ් දාගන්න කියලා. (මං කවදාවත් ගිහිං නැති නිසා දන් නැහැ මගේ පෝන් එකේ ප්ලයිට් මූඩ් එකක් තියෙන නිසා මම හිතන්නෙ ඒක තියෙන්නෙ ප්ලේන් වල යනකොට දාන්න වෙන් ඇති.)
    ඒ අතිං බැලුවොත් ප්ලේන් එකක යන එකෙක්ගේ පෝන් එක රිං වෙන්න හැකියාවක් නැහැ.

    අනික් පැත්තෙන් ගත්තොත් ප්ලේන් යන්නෙ අඩි දාස් ගානක් උඩින්. ගුවන් ගමන් වලදි වැඩකරන ස්පෙෂල් සැටලයිට් කොමියුනිකේසන් සිස්ටම් එකක් තිබුන් නැත්තං සාමාන්‍ය සෙලියුලර් ඔය කියන උසේදි වැඩ කරන් නැහැ.

    හැබැයි ඉතිං ඔ්‍ය තරං වටින යානාවල අඩුතරමෙ සැටලයිට් එක්ක කනෙක්ට් වෙන ට්‍රාන්ස්මිටර් එකක් වත් නැද්ද කියන එකයි ගැටළුව. සමාර විට එහෙම එකක් සෙට් කරන්න තාක්ෂණිකව අපාසුතාවයන් ඇති.

    ReplyDelete
  19. ඔව් මේකනම් මාරම ප්‍රස්නයක් තමා අෆ්ෆා මෙච්චර තාක්ෂනේ දියුනුලු ඇමෙරිකාව අපිව ලැප්වල වෙබ් කැම්වලිනුත් බලනවලු යකෝ අච්චර ලොකු ප්ලේන් එක හොයන්න බෑනේ සැටලයිට් වලට කොරන්න බැරිදෙයක් නෑ කියලයි කියන්නෙ ඔන්න තාක්ෂණේ තරම

    ReplyDelete
  20. අනේ මන්දා - ඔය ප්ලේන් එක ගෙඩිය පිටින් හරි කෑලි පිටින් හරි මේ ලෝකේ කොහේ හරි මේ වෙද්දි තියෙනවානේ නේද? හිතාගන්නත් බෑ... අපි මේ දියුනුයි කියන තාක්ෂණය ගැන.

    ReplyDelete
  21. හුටා එතකොට බඩු ලංකාව දෙසට ඇවිත් තියෙන්නෙ රාවණා අංකල් හොයාගනද... මල සේක කීවලු... අර කොකා අය්ය කීව වගේ වහාම මේ සම්බන්ධව විමර්සනයක් කොරන්න දෙන්න ඕව අපේ පොමාට...ඕ යේස්.....

    අවන්හල

    ReplyDelete
  22. Ils disent avion est détourné. Est-ce vrai?

    ReplyDelete
  23. කෝ බන් අයියේ අර රනිල් උපාසක මහත්තයාගේ කතාව ??

    ReplyDelete
  24. යැංකින්ගේ කුමන්ත්‍රණයක් නිසා තමයි තවම හොයා ගන්න නැත්තෙ..

    ReplyDelete