21 April 2014

සයිබොර් සැණකෙලිය... 2014...

ඇත්තටම කිව්වොත් යන්න තරං හිතක් තිබුනෙත් නැහැ. ඒත් උදේ අර එක නරියෙක් කතා කරලා වරෙං වරෙං කිව්වම ඔන්න ඔහේ ඕන මගුලක් කියලා ලෑස්ති වෙලා පාරට බැස්සා.. බයික් එකේ මංගච්ඡන්න මුලින් හිතුවත් වැහි කලුවක් අහසේ මෝර මෝර ආව හැටියට නිකං මොකටද නාගන්නේ කියලා හිතලා කුඩෙත් අරං බැස්සා පාරට... 171 කේ නැගලා යන එක නෙව...

ආ මං ඔය කුඩේ අතට අරං බහිනවා නේද පාරට.. ඕනෑම ප්‍රමාණයේ මහ වරුසාවක් සුටුස් ගාලා නවතිනවා... ඕක හින්දා මං වැඩිය කුඩේ එළියට ගන්නේ නැති තරං.. මොකද මං වැස්සට බොහෝම ආස මනුස්පයෙක් හින්දා... තෙමි තෙමි ගමනක් යන එක හෙන ආතල් වැඩක්.. හැබැයි ඒ ගමනේ අවසානය විය යුත්තේ එක්කෝ ගෙදර.. නැත්තං කරදරයක් නැති නවාතැන්පොලක් විය යුතුයි.. මොකද ගිය ගමන් නාලා කරලා මනුස්සයෙක් වෙන්ට උවමනා හින්දා.. එහෙම නැතිව වෙන වැඩකට යන අතරේ වැස්සකට අහුවෙලා තෙමිගෙන එතැනට යන එක පට්ට අවුල් වැඩක් නෙව...

ඔය කුඩේම අනිත් එක තමා මගේ දුප්පත් බයිසි මොටෝව... ටිකක් දිග ගමනක් යන්න කියලා බයිසි මොටෝවට නැග්ගනං ඉතිං මොන විදියට පායලා තිබුනත් අතර මගදී එක පැයකට හරි දෙනවා දොඹෙන් යන්නම වැස්ස... (හරි දැන් ඉතිං මීට පස්සේ අර වෙස්සන්තර රජ්ජුරුවන්ගේ සුදු ඇතාව වගේ මගේ දුප්පත් බයිසි මොටෝව ඉල්ලගෙන දුවං එනවා එහෙම නෙවෙයි ඔය වියළි කලාපේ උන්... )

කොහොම හරි දවල් බතට සරිලන වෙලාවට මං බුද්ධෙ අයියගේ ඉඩං කට්ටියේ පස් පෑගුවා...
මයෙ අම්මේ මේ දෑස මක්කටෙයි.. මෙදා අවුරුදු උත්සවේ නෙව අවුරුදු උත්සවේ... එදා මෙදාතුරා තිබ්බ සයිබොර් අවුරුදු උත්සව අස්සේ වැඩිම කාන්තා ගහණයක් තිබුණ අවුරුදු උත්සවේනං මේකම වෙන්ට ඕනෑ... :D පේන පේන අතේ මල් පොකුරු පොකුරු... ඒත් ඉතිං නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ වෙච්චි එක දුක හා දුකට හේතුව තමා.. :D  අපට නැතත් අනිත් උන්ට හරි නෙලා ගන්ට කෝටි ගණන් තව මල් පිපියන් කියලා හිතාගෙන මාත් ඉතිං ටිකැට්ටුවක් අරං වැඩේට සැට් වෙන්ට ගියා...

ගිය අවුරුද්දේ ටිකට් කැඩුව එකීම තමා මේ අවුරුද්දෙත් දාලා තිබුනේ.. හැබැයි ඉතිං මුං ඔක්කෝලම ගිය පාරට දැක්කට වඩා හොදින් පෝෂණය වෙලා තර වෙලා... හරි පිළිවෙලයි.. මහ ලොකුවට බ්ලොග් කාරයෝ කියන්නෙම රටේ උන්ට කන්න නැහැ හරි අහේනිය කියලා.. ඒත් යකෝ මුංදලා ආරලා තියෙන ඈරිල්ලට මුං වෙන රටකින් උස්සං ඇවිල්ලද කියලත් මට හැක හිතුනා.. :D 
හිටියටත් වඩා කෙට්ටුවට කියලා එකෙක් හිටියනං ඒ අපේ රනා තමා.. රනා කිව්වේ අපේ වෙන්න මංතිරිතුමා.. ( නොදන්න එකෙක් ඉන්නවනං ගූගල් කොරලා හොයා ගන්න එකයි ඈ.. :D ) අනේ අසරණයා හිටියැයින් බාගයයි.. ඇදීඊඊඊලා ගිහින්... ( එක පාරක් දිනුවනං ඕවා හරියයි කියලා එහෙම මොකෙක්වත් කියනවා නෙවෙයි ඕං.. :D )

කොහොමින් හරි ඔන්න ටිකට්ටුව ගන්න සැට් වෙද්දි ඔතනට කඩං පාත් උනා අර මල ඇනේ.. ඇනේ කිව්වේ අර අර අර යකා.. අර වෙනී කියන හාදයා.. :D
එතැන හිටිය නංගි කෙනෙක් එක්ක මං කනෙක්ෂන් එකක් හදා ගන්න හැටි (මං කිව්වේ මේ ඩේටා කනෙක්ෂන් එකක් ඈ.. වෙන වෙන ජාති එහෙම හිතන්ට එපාලා.. මං හොඳයි.. නංගි හොඳාදාදායි ) කතා කර කර ඉද්දි මේ යෝධයා ඒකට බාධා කර කර ඇටයක් ගැන අහනවා... මල පනිනවා කියන එකේ උපරිමනේ පින්වතුනි... එක්කෝ මේ යෝධයා කුසල් කරලා නැහැ.. නැත්තං මෙහෙම කුසලයක් කරගන්න හදන එහෙකුට බාධා කරයියෑ ඒක මේ ඇටේ ගැන කිය කිය.. :D

කොහොම හරි නංගිගෙයි මගෙයි කනෙක්ෂන් කතාව අස්සෙම වෙනී අයියගේ ලබ්බ.. මං කිව්වේ මේ එතැන තියලා තිබුන අර ගස්ලබ්බ අරං හොල්ලලා බලලා මං කිව්වා මේකේ ඇති ඇටයක් නැහැ බං කියලා ඕනනං දෙක තුනක් ඇති කියලා.. කොහේද මේ යකා නහින්න හදනවා පිස්සුද මේකේ හෙන සද්දෙට හෙල්ලෙනවා බර ගානක් තියෙනවා කියලා... පස්සේ ඉතිං මං කිව්වා එහෙනං ලියාගනින් ඇට හතලිස් තුනයි කියලා... මේ යකා තව මැරෙන්න හදනවා මොන හතලිස් තුනක්ද කිය කිය.. ඒත් ඉතිං මං ආයේ මොනවත් කියන්න ගියේ නැති හින්දා පොර ඒක ලියලා රුපියල් විස්සකුත් පොරගේ අතින්ම ගෙවලා මගේ නමට තුන්ඩුව දාලා මාරු උනා.. මාත් නංගි එක්ක කනෙක්ෂන් එකක් හදාගන්න එක පස්සේ දවසක නිවාඩු පාඩුවේ කතා කර ගමු කියලා මාරු උනා.. :D
අන්තිමට ඉතිං ලබ්බේ ඇට ගාණ හරියටම කිව්වා කියලා මගේ නමත් කියවුනා...

එතැනින් පස්සෙනං ඉතිං වෙනදා වගේම මොනවා උනාද කියලා මතකයක් නැහැ.. කට්ටිය එනවා අලෝ අලෝ කියනවා.. නම කියනවා අදුරගන්නවා මං එන්නං මචං කියලා තව කෙනෙක් එක්ක කතා කරනවා.. එහාට මෙහාට තමා... එයින් පස්සේ ඉතිං කොට්ටා පොර ගහනවා බලන්න සැට් උනා... නිකං ඉන්න ගමන් කට්ටියට ආතල් එකක් දෙන්නත් එක්කලා ඇලා අයියයි මායි දෙන්නත් ගොඩ උනා කොට්ට පොර ගහන්න... පලවෙනි වටේනං ඇලා අයියා ගහන්නෙත් නැතිව පිටිපස්සේ ගහං හිටිය අත ගලෝගෙන පැරදුනා..  එකෙක්වත් බිම වැටුනේ නැති හින්දා මං පොරගේ ඇගට උඩින් අනිත් පැත්තට මාරු වෙන්න කියලා ගිහාම මෙන්න මේ යෝධයා කැරකිලා වැටෙන්න ගියා.. යකෝ මං මේ දුස්කරක්කිරියා කොරනවා වගේ අර අටල්ල උඩ සර්කස් දාද්දි ටිකක් හිටහං කෝ කොටේ අල්ලගෙන වැටෙන්නේ නැතිව... :D කොහොම හරි ආයෙම දෙන්නා පැති මාරු කොරං දෙවැනි අත සෙල්ලං කොරන්න ගත්තම මෙන්න මූ විහිළුවට විහිළුවට කියලා පටන් ගත්ත එක නිකං පෙර වෛරක්කාරයෙක් වගේ මට නෙලාන නෙලාන යනවා.. මාත් ඉතිං දන්න සිල්ප දාලා කොට්ටා පාර බ්ලොක් කොර කොර හිටියා.. ඒත් හරියන්නෙම නැහැ.. මූට කඩි කලා වගේ හිනා වේගනම ගහගෙන ගහගෙන යනවා.. (මූ හරියන්නෙම දේසපාලනේට ඕං..) බැරිම තැන මාත් ඉතිං දෙකක් වනලා දැම්මා ආ ඔය ඉන්නේ පුතයා මොකාද වගේ කොටේ එල්ලීගෙන.. හරි ඒ තරගේ අහවරයි.. :D

එයින් පස්සේ ඉතිං දෙවැනි වටේට මට කතා කොලාට මං නෙවෙයි ආයේ නැග්ගේ.. මේ වයසක ඩයල් එහෙකට දෙකක් ගහලා බිම දැම්මට දැන් ඉන්න කොල්ලෝ වසයි නෙව.. අනික ඔය අස්සේ ඇනෝලා එහෙමත් කප්පරකට ඉන්ට බැරි නැහැ.. නිකමටවත් මට අල්ලං නෙළුවොත් කියලා බයට නෙවෙයි අර මෙව්වා එකට ඈ... මාත් එක්කල වැටෙන අනිත් කෙනාට නිතරඟයෙන් දිනුම දෙන්ටය කියලා එතැනිනුත් මාරු උනා... ආ තව එකක් කොට්ටා පොර ගහන්ට ගෙහුං කොන්ද කඩා ගත්ත උන්දලාට මගේ බලවත් සෝකය මේ අවස්ථාවේදී පොරකාස කොර සිටිනවා... සංවිධායක මණ්ඩලය අතින් වෙච්ච අඩු පාඩුවක් ඒක.. මට ඕනනං ඕක සුළු අඩුපාඩුවක්ය කියලා ලියන්ට තිබුනා.. ඒත් වැටුන එකෙක්ගේ හරි කොන්ද මේ වෙද්දි අමාරු වෙලා තිබුනොත් ඒකලා මට සුළු කියන වචනේ තේරුම කියා දෙන්ට එන්ට බැරි නැහැ.. :D ඒ හින්දා ඒක සුළුද ලොකුද නැතිව අඩුපාඩුවක්ය කියලා ලියලා තියඤ්ඤං... අඩුපාඩුව තමා කොට්ටා පොරයෙන් බිමට වැටෙන අයව අල්ල ගන්ට නිසි දැනුමක් ඇති අයව නිසි ආකාරයෙන් යොදවලා තියේද කියන එක හා ඒ අය ඒක හරියටම කරනවද කියලා පරීක්ෂාවෙන් හිටිල්ල නොකරපු එක.. ඇත්තටම දෙතුන් දෙනෙක් බිමටම වැටුනා ගෙම්බා පොළවේ ගහන්නැහේ... මෙව්වා සෙල්ලං නෙවෙයි ඈ...

මොනවා උනත් මේ පාර මගේ ෆේවරිට්ම අංසේ වෙන බනිස් කෑම මට මිස් උනා නෙව දවල් වෙලා ගියපු හින්දා...  ඒ හින්දා මේ පාර ආතල් පොටෝ ටිකකින් ඔය උදවියව සංතෝස කරන්න මට විදිහක් නැහැ ඕං.. :D

කොහොම හරි ඉතිං තරගෙන් තරගෙට ගියා.. කලින් දැන හදුනං හිටිය අය වගේම මෙතුවක් කාලයක් දැක නොහිටපු අයවත් කතා බතා කරලා අදුරගන්ට ලැබුනා... ඒ වගේම පහුගිය ටිකේ නැගලා ගිය බ්ලොග් කාරයෝ කාරියෝ රාසියක්ම ඇවිත් හිටියා... කතන්දර/විචාරක/මාතලං/ඇල්කෙමියා වගේ වයසක පරම්පරාවේ අය වගේම අපේ පාරලේ.. මං කිව්වේ මේ කෝරලේ මහත්තයා.. එතැනින් ගියාම හිහි එකට පොරසිද්ද අපේ හිරුවා එහෙමත් ඇවිදින් හිටියා මහත්තයාවත් කුදලගෙන...එතකොට අර නුවර හිටං ආපු අගහරුවා.. ඒ අතරට කවදත් දකින්න ලැබෙන චරිත වෙච්ච ඕනයා/රනා සහ පවුල/වැපා/හීනයා/බනියා/ලිශාන් මල්ලි/රචින්ත/පැතුම්/නිශ්/අවංක පැට්ටා/ජේඩී සහ පවුල (අයේසා) පනුවා නොහොත් අනුරාධ.. චතුමිතු/නීනු/හසියා/ වගේ කාන්තා ඩයල් ටිකත් වෙනදා වගේම හිටියා... එතනැන් ගිහාම වෙනී අයියා/අටං ගොයියා/සෑමා/ රංගොජා මලයා වගේ උදවියත් බුකියේ වැඩි ආස්සරය ඇති අසංක හෙන්දහේවා/මංජුල/රවීෂ/කන්ච්/ වගේ උදවියත් නිතර කතා බහට අහු උනා... ඒ වගේම අමතක කොරන්ට බැහැ තංගල්ලේ බ්‍රාන්ච් එකේ හිටං ඇවිත් හිටිය අපේ සෝරෝ මලයා එහෙමත්... වෙනදා වගේම අන්තිම පේලියේ උන්දලා ටිකත් හිටියා... අර අපේ චීටා දොස්තොර උන්නැහේ හෙමත්.. ආ ඉවාන් පවුලූෂා සහ නලින් අයියා දෙන්නම තට්ටෙ වැහෙන්ටම කොණ්ඩේ වවාගෙන පිට්ටනියට බැහැලා උන්නා... සුදීක අයියත් ඉතිං කෙට්ටු කාලේ ඇඳපු කමිසයක් හිරට හිරේ ඇදන් ඇවිත් හිටියා... තව ඉතිං මාල්යා කෙලී.. අමායා මැණික් වගේ වැඩිය මුහු නොවන කාන්තා රතනයනුත් ඔය හිටියේ... බුකියෙන් වැඩියම හම්බ වෙන රුවන් මලයා සහ උගේ අර බෝම්බ නංගි.. :D එතකොට ඒ නංගිගේ හදා ගත්ත මලයා වෙච්ච පට්ට කලු “සුදු“ මහත්තයා වගේ උන්දලත් හිටියා.. :D :D :D 
ඔන්න ඔය වගේ බොහෝම පිරිසක් මැද්දේ වැඩේ නැගලා ගියා.. බඩ පනුවෝ පිනුං ගහද්දි යන්තං හවස දෙක විතර වෙද්දි කන්ටත් ලැබුනා.. කෑම එකත් හොඳයි.. බත් එකට වඩා විසාල කුකුල් මස් කුස්ටියක් එහෙමත් තිබුනා නෙව.. අනික සුපියල් දෙසීයක් අරගෙන බත් එකක්.. වතුර බෝතලයක් වගේම හවහා මාළු පාන් සහ කිරි පැකට් එහෛමත් දුන්නා.. ඒ වගේම කලින් රෙජිස්ටර් උන අයටනං නොමිලේ ටී සර්ට් හිටං ලැබුනා.. එව්වට ආධාර අනුග්‍රහ දක්වපු අයයි.. වැඩේ සංවිධානය කල අයයි ඒ ටික හොදට කරලා තිබුනා.. (හැබැයි කල් ඇතිව කැම දියවු මැරිලා වැටෙනකල් නොහිට ආයේ කියන්ට තියන්ට එපා.. :D )
හරි ඉතිං හොද වගේම නරකක් දෙකක් නොකිව්වොත් ඒ මං නෙවෙයි නෙවෙයි වගේ නෙව.. අනික ඉතිං මෙතැන නොකියා කොතැන ගෙහුං කියන්ටද..
 ඒ හින්දා ඔන්න මේ පාර දැකපු අඩු පාඩු... කලින් කිව්ව ඒවත් එක්ක..

1. කොට්ටා පොරේදී වැටෙන උන් අල්ලන්ට හරියට වැඩේ සකස් නොකල එක.
2. කෑම ප්‍රමාදය. (ඔතැන අපේත් වැරදි තියෙනවා කලින් නොදැන්වීම සහ ප්‍රමාද වී පැමිණිම වගේ දෙවල්. ඒත් පලවෙනි එකේ වෙලාවට කෑම එක ලැබුන හින්දා පොඩ්ඩක් ඒ අය ඒක කල හැටි ගැන හොයා බැළුවොත් වැඩේ ඊ ළග පාර ගොඩ දා ගතෑකි)
3. ඩීජේ පප්පලා සංගීත තොප්පි තරගේ අතරේ මියුසික් පාර ඇදීම තරගයට පොඩි මෙව්වා එකක් උනත් එතැන නට නට හිටිය උන්ට ඒක මල වාතයක් උනා කියලා මං දැක්කා. එක්කෝ තරගෙන් අහක් වෙන අයට නටන්න කියලා කොන්දේසියක් නොදැමීම හෝ දැම්මනං තරගයට වගේම ඔවුන්ගේ නර්ථනයටත් අසාධාරනයක් නොවන අන්දමට සංගීතය හැසිරවීම.
4. හඩෙහි අපැහැදිත්වය. කලින් වතාවට වඩානං තරමක් මේක අඩු උනත් මං දැක්කා එතැන ක්‍රිඩාංගනයේ අර පරණ ක්‍රමයට ස්පීකර් වගයක් හයි කරලා තිබුනා.. ටිකක් හොයා බලලා ඒ පහසුකම අපිට ගන්ට තිබුනනං බෆල් වලින් එන අපැහැදිලි හඩ (මං කියන්නේ මේ සංගීතය නෙවෙයි නිවේදකයින්ගේ හඩවල් ගැන.. අර පරණ ලවුඩ්ස්පීකර් සැට්වලින් වගේ නිවේදකයාගේ හඩ මනාව අසන්නන්ගේ සවනට ගෙනියන්න බෆල් කිසිසේත්ම සමත් වෙන්නේ නැහැ.)
5. තරඟ නිසි වේලාවට ආරම්භ කිරීම සහ නිසි වේලාවට අවසන් කිරීම. (ආරාදිත අමුත්තිය පැමිනියේ ප්‍රමාද වෙලා උනත් ඒ එද්දිත් ජන ගායනා තරගය පැවැත්වෙනවා.. සහ ඇයට අදාල තරගය වෙනුවෙන් සෑහෙන කාලයක ප්‍රමාදයක් උන බවත් අවසානයේ අවුරුදු කුමාරි තරගය තරගකාරියන් දෙදෙනෙකුට සීමා වීම මෙම ප්‍රමාදය නිසාම වූ දෙයක් බවත් කියන්න ඕන වෙන එකක් නැහැ. )
6. තව එකක් තියෙනවා උනත් ඒක පොදුවේ කරදරයක් වූ දෙයක්ද නොදන්න නිසාත් විශේෂයෙන්ම මට කරදරයක් බවට පත් වූ නිසාත් ඒක නලින් අයියට පෞද්ගලිකව කියන එක හොඳයි.
හරි ඒ ඇරුනම මේ පාර වසර ගානක සිහිනයක් සැබෑ කරගත් අපේ හීනයා මල්ලිට සුභ පතන්නත් මේක මං අවස්ථාවක් කරගන්නවා.. අවුරුදු උලෙලේ හීන කුමාරයා හැටියට හීනයාම අභිසේක ලැබීම අපූරු අවස්ථාවක් හැටියට අපිට දකින්න පුළුවන්.. :D ඒ වගේම විනිශ්චය කරුවන් විදියට දැන හැදුනුංකං වලට ලකුණු නොදුන් බවත් හීනයා තමන්ට උවමනා විදියට නොව විනිශ්චය මණ්ඩලේ කියන හැටියට වැඩේ කිරීම නිසාම වැඩි ලකුණු ගත් බවත් මතක් කර හිටින්න ඕන...
ඒ වගේම සෑහෙන වෙලාවක් වේදිකාවේ රැදී හිටිමින් බොහෝම සුහදව සියළු දෙනා එක්කම හිටිය හා තරඟ විනිශ්චයේදී මෙන්ම තෑගි ප්‍රධානයේදීද තැනේ හැටියට බොහෝම හොඳින් හැසිරුන ගයේෂා පෙරේරාටත් විශේෂයෙන්ම ගෞරවය හිමි වෙන්ට ඕන...

ආ ඒ කිව්වම මතක් උනේ.. යකෝ අර ආරාදිත අමුත්තියට එන්ටය කියලා ආරාධනා කොරලා මාළු මාළු කිය කියා මගුලක් කිව්ව ගරු සංවිධායකයෙක්ද වූ මංජුලයාට මගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටින්ටත් ඕන... එතැනින් ගිහාම ආරාදිත අමුත්තිය අපහසුතාවයට පත් නොවන අන්දමට එක් අවස්ථාවක ඇයට මනාව ආවරණයක් සපයමින් තමාගේ පවුල් ආරස්සාව ගැනවත් නොහිතා අගනා කතාවක් කොල ඕනයාට තැනේ හැටියට ඇනේ ගැසීමේ ඇති විශේෂ හැකියාවට සියළුම බ්ලොග් කරුවන්ගේ ගෞරවේත් හිමිවිය යුතුයැයි කියන්ටම ඕන... 
එතකොට තරඟ සංවිධානය හා මෙහෙය වීමේදී රනා සහ නලින් අයියා දක්වපු නායකත්ව භූමිකාව බොහෝම අගෙයි.. විශේෂයෙන්ම රනාගේ පෙර සූදානම් වීම වගේම නලින් අයියා කන සාක්කුවට වැටෙන්ට ගහලා හිටිද්දිත් වයර් මාරු කර නොගෙන අවසන් අවස්ථාව දක්වාම බොහේම හොදින් පිරිස පාලනය කරගෙන වැඩේ ඇදගෙන යාම ගැන මෙන්න මගේ ආචාරය...
අවසානෙටම කියන්ට ඕන.. මට පෙනුන අයට වඩා බොහෝම පිරිසක් මේ වෙනුවෙන් මහන්සි වෙලා.. දායක වෙලා වැඩ කරපු බව අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ.. ඒත් පෙර සූදානම් වීම් ගැන හා සංවිධාන අංශ ගැන මං නොදන්න නිසාත්.. මට එවෙලෙට පෙනුන දේවල් ඇසුරෙන් මං දැක්ක දේ කිව්ව නිසාත් ඒ බොහෝමයක් අය මග ඇරිලත් ඇති.. කොහොමත් ඉතිං පෙරහැර යද්දි කොට අදින අලි පේනවා අඩු හින්දා ඒ අය ගැන වෙන වෙනම සදහන් නොවුනට මාත් එක්කලා අහිතක් හිතන්ට එපාලය.. දැක්ක දේ දැක්ක හැටියෙන් නෙව.. කොහොම නමුත් මේ වගේ වැඩක් මේ ආකාරයෙන් මේ පාරත් සංවිදානය කිරීම ගැන ඒ සියළු දෙනාටම මගේ ස්තූතිය මෙයින් හිමිකර දෙන්න කැමතියි...

එහෙනං ආයෙම හම්බු වෙමු ලබන අවුරුද්දේත් මේ වගේම සයිබොර් සැනකෙලියකින්...

ආ එයිට කලින් වරෙවු 27 වෙනිදා ලේ දෙන පිංකමට....

---------------
හෝව් හෝව්.. අර කිව්වට කෙන්ජි අයියගේ බාබේරියන් ක්වීන්ස්ලා සෙට් එක නොපැමිණි බවත් සතුටෙන් දන්වා සිටිමු. :D :D :D


තව ඉතිං මං ගත්තු හැම පිංතූරයක්ම මෙන්න මෙතැනින් බැලියැකි..

143 comments:

  1. //බුකියෙන් වැඩියම හම්බ වෙන රුවන් මලයා සහ උගේ අර බෝම්බ නංගි.. :D එතකොට ඒ නංගිගේ හදා ගත්ත මලයා වෙච්ච පට්ට කලු “සුදු“ මහත්තයා// :v
    ඇයි බොලා අපේ තාත්තා යනකම් ඉදලා කෑ ගැහුව ඒවා :P :v

    සේරෝ හොදයි පරක්කුවෙලා එන්න වුන එක ගැන තමයි පස්නේ :(

    ReplyDelete
    Replies
    1. ආං ආං බොරු චෝදනා.. මොකද මං අර කෑ ගහන්න පටන් ගත්තට “පෙට්ටි කි...“ කියලා මට ඒක සම්පූර්ණ කොරන් දුන්නද..? :D

      Delete
  2. යන්තම් ඇති මගේ සුදු ෆොටෝ එකක් දමලා !

    ReplyDelete
    Replies
    1. අන්න දැන් අයියට පුළුවන් ඕන එහෙකුට බය නැතිව කියන්න “මාත් ෂුධු කොල්ලෙක් තමයි ඩෝ“ කියලා.. :D

      Delete
    2. මේ මනුස්සය හිතලමද කොහෙද මුනෙ පුරා යෝගට් ගාගෙන තියෙන්නෙ. :D

      Delete
    3. යෝගට් නෙවෙයි බං පාන් පිටි.. මූ මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් පාන් පිටි මෙව්වා ටික දිහා බැළුවා.. මේං හිටිය ගමන් අර හොම්බ දිග කැමරාවත් මගේ කරේ එල්ලලා පැනලා දුවපි මාත් යනවා කියාගෙන.. මට හිතන්නවත් වෙලාවක් තිබුනේ නැහැ...

      Delete
  3. අනේ මට එන්ට බැරි උනා නෙව.ඊළඟ සූරිය මංගල්ලෙටවත් බලමු.හැබැයි මේක කියෙව්වහම එදා එතන හිටිය වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි එකකටවත් ඇවිත් යන්ටම බලමු...

      Delete
  4. මං හිතන්නේ මාරයා එක්ක අවුරුදු සමරන ලෝකේ එකම පිරිස බ්ලොග් කාරයෝ වෙන්ට ඇති... කොහොම වුනත් නලින් අයියා ඇතුළු සංවිධායක මණ්ඩලයටම ස්තුතියි, මේ කියපු සුළු අඩුපාඩු ටික ඊළඟ වතාවේ හැදිලා සුපිරි තත්වයට ලන්ගාවෙයි කියලා හිතනවා ... ටී ෂර්ට් එක ඩිසයින් කරපු සසිඳු මලයටත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක් දාන්න ඉවාන් ගනිපු පින්තුරත් එක්ක.

      Delete
    2. ඉවාන් ගොයියා සංගීත තොප්පි තරගෙන් අහක් උන වෙලේ බොහෝම ගෞරවණියව අහක් උන එක ගැන ලියන්ට බැරි උනා නෙව.. මං ඒකේ පොටෝවක්නං ගත්තා..

      Delete
    3. @ හලපයියා - මම පින්තූර ගත්තේ නෑ හලපයියේ ...පොටෝග්‍රපර්ලා හිටියානේව මහා ගොඩක් ...

      @ අඩේ - මාරයියේ ඒ පොටෝව කෝ බං , අනේ දාහන්කො

      Delete
    4. බුකියේ දාලා ඇති පොටෝ ගොඩේ...

      Delete
    5. හම්බුනා හම්බවුනා තැන්කු වේවා

      Delete
  5. ආ උඹැ ඇවිල්ලා ගියා එහේඥං...ලබන පාරවත් හම්බවෙමු කෝ...!!!

    ReplyDelete
    Replies
    1. හුටා උඹවත් හැලිලා නේද..? :D

      Delete
  6. අපි කවුද නේබං :(

    ReplyDelete
  7. බොහොම ඉස්තුතියි මාරයෝ,කරපු දේ අපට ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. හැලපේ අයියා තමා අඩුවට හිටියේ...

      Delete
  8. ඔක්කොමත් හරි අන්තිම ෆොටෝ එක තමයි වටින්නේ...

    ReplyDelete
  9. හොඳ වෙලාවට එහෙනං කාලා පලයං කිව්වට ඉන්නෙ නැතුව ගියෙ... නැත්තං ගෙදර යන්න වෙන්නෙ නාගෙන... හි හි....

    හපෝ.. මාරයියෙ.... ඔය එටිසෙලාට් හට් කියන්නෙ පරාණ වද හට් ජාතියක්.... මං ඒත් එන කට්ටියට වෝනිං එකක් දෙන්නත් කියල හදලා, ඕවට අහුවෙන මං වගේ මැන්ටල් වැඩිය නැතුව ඇති කියල පැත්තකට වෙලා හිටියෙ... මාත් ඔයින් එකක් අරං මාසෙකට 450යි කියපු එකට එක්දාස් ගානක් ඇවිත්, සිම් එක විසි කරලා මේ ඉන්නෙ... උන් දිනපතා කතා කරනවා... මං දිනපතා කියනව කෝල් කරලා වද දෙන එක නවත්තපු දවසට උඹලගේ බිල ගෙවනවා කියල....

    නලීන් අයිය කෙසේ වෙතත් රනා නං දාඩිය දාගෙන එහෙට මෙහෙට දුවනව දැක්ක... මට අහු උනේ දවසෙම බෝරිංම හරිය නිසා ඔය අඩුපාඩු ගැන වැඩිය කියන්න දෙයක් නෑ... හි හි

    ReplyDelete
    Replies
    1. එයි කොහෙද බොල උඹ හිටියේ

      Delete
    2. අවුලක් නැහැ එලෝලු කෑමත් වෙනමම තිබුනා...

      කනෙක්ෂන් එකක් ගැන පහුගිය ටිකේම හිත හිත හිටලා තිබුන අන්ලිමිටඩ් එක අහක් කරලා ටිකක් වැඩි එහෛකට ගියා විතරයි.. තාම බිල ආවෙත් නැහැ ඒක ආවට පස්සේ හොයා බලන්න ඕන මොකක්ද කරන්නේ කියලා...

      මං එද්දිනං තිබුනේ බොහෝම ඇල් මැරුනු ගතියක් තමා.. තද අවුව අල්ලපු වෙලාවනේ.. කවුරු කවුරුත් අක්‍රිය වෙන වෙලාව.. ආයේ ඉතිං ඉර හැරුනම තමා කට්ටිය හරි ගිහින් එන්නේ.. හැබැයි මේ පාර ගිය පාර වගේ අවසන් තරග කිහිපයේ ආතල් එක උපරිම ගන්න බැරි උනා තරග පරක්කු උන හින්දා...

      ඇයි බං ඉවානයෝ අර කොට්ටා පොර ගහන තැන හිටියේ වරුවක් විතර මුං දෙන්නා...

      Delete
    3. එලෝලු කෑම....??? මං කියන්නෑ බොට... හි හි

      එටිසෙලාට් Freedom පැකේජ් එක නං ගන්න එපා මාරයෝ... මහම බොරුවක් ඒක...

      Delete
    4. හිරු,
      එටිසලාට් එකට බැන්නට අවුලක් නෑ . . . හැබැයි එතන හිටි එටිසලාට් නගාට විරුද්දව වචනයක් හරි කීවනං තමා ඔයා දැනගන්නෙ මාරය කවුද කියල

      Delete
  10. සවිස්තර වාර්ථාව සැකෙවින් කියවීමි. අවුරුදු 2 ක් පිට පිට උත්සාහ කර 3 වෙනි අවුරුද්දේ කුමාරයා වීමි. මාරයියාට ටී සර්ට් එක නොදුන් සංවිධායක මන්ඩලය මෙවුව වේවා !!! :D :D :D

    ReplyDelete
    Replies
    1. බොලාගෙ ජයග්‍රහණයට සුබ පැතුම් !!

      Delete
    2. ඉස්තූතියි Praසන්(දෙමළ ණ-යන්න) අයියා !!!

      Delete
    3. මං රෙජිස්ටර් උනේ නැහැනේ හීන මලේ.. ඒ හින්දා ඒකට මට අයිතියක් නැහැ නෙව.

      කොහොම හරි උඹ අන්තිමේදී දිනුව එකම මදෑ.. උත්සහ වන්තයට තට්ටු වේ කියන එකට හොඳ උදාහරණයක් නෙව මේක.. :D

      Delete
    4. අම්මටහුඩු,සිහිනයද අවුරැදු කුමාරයා,සුබ පැතුම් මචං,මට හිතුන දකුනු කකුලෙන් වම් කන කහද්දිම, :D අන්තිම සුට්ට මිස් උනා තරග පරක්කුව නිසා :/

      Delete
    5. යකෝ ඔය සිහින මංගල්ලෙට කොල්ලෙක් ආවෙම නැද්ද බන්ස්ලා :P

      Delete
    6. අඩෝ දුකා.. කැත කතා කියන්න එපා ඩෝ..වසර තුනක උත්සහයේ ප්‍රතිඵල නෙලා ගත්ත කොල්ලෙකුට..හරිය...

      Delete
  11. ලඟ තිබිලත් එන්න බැරි උනා. ලබන සැරේවත් බලමු.

    ReplyDelete
  12. ඇයි කොට්ටපොර ගහන්න ගිහින් කොට්ටම්බා තලාගෙන කොටෙන් බැස්සා කියලා ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොට්ටම්බා තැලෙනවා තමා තව ඩිංගෙන්.. අරකා බිමට වැටුනට පස්සේ නෙව උඩ පැන පැන ගහන්න ගත්තේ.. හොඳ වෙලාවට මෑන් මිටි හින්දා බේරුනා.. :D

      Delete
  13. හපොයි ගොඩක් උන් මිස් වෙලා නේ. ඊළඟ එකට එන කොට නම ගහලා බෝඩ් එකක් එල්ලගෙන එන්න ඕන. ආන් මාරෙගේ කුඩේ ගැන මම කයියක් ලිව්වා..

    ReplyDelete
    Replies
    1. බොම්බේ නෙමේ , මාරයියේ.. තව ටිකෙන් මමත් පිහි ඇනුම් කාල , මාරයියාත් හොස්පිටල් නවතිනවා තව ටිකක් ගියා නම් ,
      :v

      Delete
    2. වැරදිලානේ මාතලන්ගේ මෙව්වා එකටනේ කොමෙන්ට් එකක්නේ දාල තියෙන්නේ,
      මාතලන් එද්දී බෝර්ඩ් ගහන්න ඕනේ නැහැනේ , සුදු බෝල පොර කිවම කස්ටිය දන්නවා :D

      Delete
    3. කවුරු බෝඩ් ගහං ආවත් උඹනං ලොක්කෝ බෝඩ් ගහන් එන්න එපා.. කෙල්ලෝ දුවයි රටෙත් නොයිද.. අපරාදේ එහෙම උනොත්.. :D ආං මාත් කයිය පද බැදලම ආවා...

      Delete
    4. උඹට කියන්න මල්ලියේ උඹ උඹේ කොටහා කරලා ගියා කියමුකෝ.. මේකි මා දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා.. මූණට අබ ඩිංගක් ලංකලානං ඇති.. ඒ තරං.. මං ඒත් බය උනා.. අතන ඉන්න ගමන්ම මූනෙන් කතා කරලා ඇහුවා මොකද කියලා.. ම්හූ.. මේකි තවත් තදින් රවනවා.. මං හිතුවෙම අදනං ඉවර තමා කියලා.. පස්සේ තමා උඹව හොයාගෙන ඇවිද්දේ වැඩේ අහවර වෙලා උඹ යහතින්ද කියලා බලන්ට.. :D

      Delete
    5. නෙලුව මාරයියේ මුට නෙලිල්ලක්,අර ඇමරිකන් වතුරබෝතලයක් මෙවුව වෙලාම යන්න,ඇමරිකන් වතුර බෝතලයක් තැලුන කියන්නේ ඉතිං,හම්මේ,මටත් බෝම්බ ගහනව කිවුව නිසා නිෂ්ක්රීය අංසෙ නම්බරේ රෙඩි පිට තියන් හිටියේ

      Delete
    6. මුගේ කලිසමට වඩා මූ ආරස්සා කළේ කුඩේ තමා. තව ඩිංගෙන් ඇලා කුඩ පහරින් මාරයා තුරුළට යනවා. (ඒ ටික නම් අවුල්ද මන්දා)

      හැබැයි මූ හිත හොද මාරයෙක්. මයෙ පොඩි එකී අව්වේ ඉන්නකොට කුඩේ දුන්නා

      Delete
    7. රුවනා නොකිව්වට සිද්ධියට පස්සේ කොලුවට බරපතල හානි කියලා ආරංචියි... :D

      Delete
    8. මාරයෝ... ඒ කියන්නෙ මේ පේට්‍රියව පෙන්නලද මං අහලා තියෙන්නෙ අර ප්‍රාභාකරන් වගේ පොර කවුද කියල... හි හි

      Delete
    9. නැහැ නැහැ මූ නෙවෙයි... මූ ඇවිල්ලා වෙන්න චේ.. (සුරුට්ටුව නැති වෙච්ච.. :D )

      Delete
  14. හැක් උඹත් එහෙනං අර අහිංසක වෙනී අයියගෙ තියෙන ඇටෙත් හලන්න නේද ට්‍රයි කළේ. :D

    ඒත් මං බැලුවෙ ඒක තමයි මේ ගමන බනිස් ටික ඉතුරු වෙලා තියෙන්නෙ මොකද කියල. උඹ ඒකට මැදිහත්කරුවෙක් වෙලා නෑනෙ.

    මේක ඔය තත්වෙට සංවිධානය කරපු සසිඳු මලයටයි, නලින් අයියටයි ස්තුතිවන්ත වෙනව. එහෙනං ඔය අඩුපාඩු හදාගෙන ලබන අවුරුද්දෙවත් හම්බවෙමු.

    ReplyDelete
    Replies
    1. උඹ මංගල්ලයක් කියනවා.. අපි වෙනි අයියට කොට්ටා පොර ගහන්න හරියන මහත දෙහෙත ඩයල් එක්ක හොය හොය සෑහෙන්න දැගලුවා.. අන්තිමට එහෙම හරියන වීරිය වන්ත හයිය හත්තිය ඇති පොරක් හොයාගෙන බලද්දී මූ මාරු වෙලා... බැලින්නං පස්සේ ඇවිත් කියනවා උගේ ඇට ටික ඇලාට දීලා ඇලා නැති හින්දා ඌව හොයන්න ගියාය කියලා.. අපරාදේ අර අනිත් බුවා එක්ක ගේමට බස්සන්න තිබුන අවස්ථාව.. දැන් අහන්න එපා කවුද ඒ අනිත් සද්දන්තයා කියලා.. වෙනී අයියා වගේම බුලට් බඩුවක් තමා ඉතිං...

      අඩේ සසිදුවත් සංවිධායකද.. දැන් කියනකල් දැනං හිටියේ නැහැ...

      Delete
  15. උඹත් ආවද බං මාරයියේ. දැක්කේ නෑ නේ. ලබන පාරවත් හම්බ වෙමු එහෙනම් ඈ

    ReplyDelete
    Replies
    1. රෙපා තෝ ආවේ නැත්තේ ඇයි ඩො

      Delete
    2. ආ ඔව්වමයි රෙපා ආවේ නැහැ නේද.. අර හිපාටු අරුනයනං ඇවිත් තිබුනා නේද..? :D

      Delete
  16. නියම විස්තරේ මාරයෝ...

    ඔය උඹේ කුඩේ අපිට දීපන්කෝ. වැඩි හරියක් කල් ගෙවන්නේ වැස්ස එක්ක.

    ReplyDelete
    Replies
    1. හිටහං මං කුඩ කොම්පැණියක් එක්ක සැට් වෙලා කියනකල්.. :D

      Delete
  17. කවුද අවුරුදු කුමාරි ???

    ReplyDelete
  18. මාරේ අයියා කුඩේ ගෙනාවත් හරි ඊයේ ආසාවට වැස්සේ නෑ...

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතිං මොනවද.. වැස්සට ඇන ගැහුවා වගේ තමා.. :D

      Delete
  19. දැකිම සතුටකි..

    ReplyDelete
    Replies
    1. ඔබේ සතුට අපේත් සතුටයි.

      Delete
  20. වෙනි අයියා නිකං *රි කෑ රිලවා වගේ. :-P

    ReplyDelete
  21. දුක තමා රංජනී :(

    ReplyDelete
    Replies
    1. උඹලා ඉතිං දුක් වෙනවා මිස නිකමටවත් එන්න හිතන්න එපා...

      Delete
  22. කතන්දර, වෙනි, සුදික, ඉවාන්,අටමා ඇතුලු ඔබ සැම සමග ගෙවුන ටික වෙලාව සුන්දරයි. බෙලොග් ඵකක් නැතත් මාව ඔයාලාගේම කෙනෙක් වගේ සලකපු එක මාට අාඞමිබරයක්...නැවතත් ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් තියෙන අයටත් වඩා මේකට සේවයක් කරන්නේ බ්ලොග් නැතිවත් කියවමින් ලියන අයට හයියක් දෙන ඔබ වැනි අය තමා.. ඔබටත් ස්තූතියි...

      Delete
  23. සැක්,මාරයා අයියත් එක්ක වචන දෙකයි නෙව කතා කරන්න හම්බ උනේ,මාතලන් වත් මිස් උනා,කකා එක්කනම් කතා කලා,කොහොම උනත් මම හිතන් හිටපු තරම් මාරයියගේ තට්ටේ නෑ නේ :3

    ReplyDelete
    Replies
    1. ඔය මුං ඉරිසියාවට අනං මනං කිව්වට තාම කොණ්ඩේ තියෙනවා බං.. :D

      Delete
  24. මෙදා සැරේ එන්ට උනේ නෑ බන් ඒත් බුකියේ ෆොටෝ බලලා ආව වගේ ෆන් එකක් ගත්තා සහ ගනිමින් ඉන්නවා . .

    අහ් මේක සුපිරි ඈ . . .
    "මහ ලොකුවට බ්ලොග් කාරයෝ කියන්නෙම රටේ උන්ට කන්න නැහැ හරි අහේනිය කියලා.. ඒත් යකෝ මුංදලා ආරලා තියෙන ඈරිල්ලට මුං වෙන රටකින් උස්සං ඇවිල්ලද කියලත් මට හැක හිතුනා." හිකිස් "P

    ReplyDelete
    Replies
    1. අපරාදේ බං උඹ ආවනං අපිට අර කලින් පාර වගේ වින්ශ්චය මණ්ඩලේ එකෙක් ආරාධිත අමුත්තියට පැණි මූණ දාං ඉන්න සුපිරි පොටෝවක් දෙකක් ගන්ට තිබුනා.. :D

      උඹලට ඉතිං අපි කිව්වට විස්සාස නැහනේ.. නිකමටවත් බලහං ඔය පොටෝ ටික.. එකෙක් ඉන්නවද කියලා හිටියට වඩා එක මිලිමීටරයක් හීන් වෙච්ච.. මුං ආරලා ඈරිල්ලක්..බුදු අම්මේ... කොහෙන් කැපුවත් කිලෝ එකයි.. :D

      Delete
    2. ඔව් යකෝ මම දැක්කා . . උඹ කියපු දේම තමා මටත් හිතුනේ . . . හිකිස්

      Delete
  25. අපි අපේ උපරිමය කරන්න උත්සහ කරා මචං නිවේදන කටයුතු වලදි. පහුගිය සති දෙකේම අවුරුදු උත්සව ගණනාවක නිවේදන කටයුතු කරලා සහ වැඩකරන ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහන් කීපයකටම හඬ සපයලා හඬ වෙනස්වෙලා තිබුණත් උපරිමයෙන් කරන්න උත්සහ කලා. නමුත් විශාල පිටියක හුළං දිශාවට ප්‍රතිවිරුද්ධව ස්ථානගත කරලා තිබුණු ශබ්ද විකාශන නිසාවෙන් හඬ විකෘති වීම සහ අපහැදිලිවීම ස්වාභාවිකයි. මහරගමදි මේක නොවුණේ මහරගම පිටිය ගොඩනැගිලිවලින් වටවෙලා නිසා ශබ්දය නැවත ප්‍රතිරාව නැගීම නිසා සහ හඬ පිටියෙන් පිටතට නොයාම නිසා. තාක්ෂණික මෙන්ම ප්‍රායෝගික ගැටළුත් මෙතන තිබෙනවා. කොහොම වුනත් අඩුපාඩුවක් ලෙස අපේ පැත්තෙනුත් වුණ දේවල් බාරගන්න ඕන. කිව්වා වගේ දිග යකඩ කටෙන් එන හඬ බේස් නිසා බෆල් එකෙන් එන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. විස්තරාත්මක පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි ජනගරස් මල්ලියේ...

      Delete
  26. ඩිංගක්හරි කතාබහ කරන්න ලැබුනාට සන්තෝසයි අයියේ :)

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ සංවිධායක මන්ඩලේ හිටිය වගක්වත් අනං මනං මං දැනං හිටියේ නැහැ බං.. මුං මේ දැන් කියනකල්...

      Delete
  27. අනාවැකිය හරි ගියාට සුබ පැතුම්! ඒක නම් මාර යි.

    ReplyDelete
  28. මේ සටහන අගෙයි අර අඩුපාඩුව විදින්නකෝ ඉන් බොක්ස් එකට වත්. මොකද වරදක් නම් එය නිවරද කර ගන්නම ඕන අපි.

    ReplyDelete
  29. සුපිරි සුන්දර දවසක්...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ ආවා කියලා ලියවිලා තිබුනා දැක්කා.. ඒත් හඳුන ගන්න උනේ නැහැ හරියකට.. ඒ ගැන කණගාටුයි...

      Delete
  30. මං දන්න අයගෙන් සසිඳුවා මහන්සි උනා සෑහෙන්න .. මේක දැම්මෙ ඌට කරන කෘතගුණ සැලකීමක් විදියට..නලින් /ප්‍රදීප් සෑහෙන්න මහන්සි උනා කියල නං දන්නවා.. වලි ගැන කතා නොකරොත් අඩුවක් නෙව.. මට තේරුණ විදියට හිතවත් කම් වලට කොටු නොවී සුදුස්ස්සාට සුදුසු තැන දීලා ලබපු සාර්ථක සාමූහික ජයග්‍රහනයක් !!!

    ReplyDelete
    Replies
    1. අඩේ ප්‍රදීපයා අමතක උනා... ඒකා ඉතිං දැන් ඒන එහෙක නිතරගයෙන් පත්වෙන නිල සංවිධායක වගේ හින්දා වෙනම මතකෙට එන්නේ නැති තරං...
      හැබැයි ඕකා එක්ක වලියක් තියෙනවා මගේ දැන්... ලබන පාර අවුරුදු උත්සවේදී තමා බේරගන්න වෙන්නේ...

      Delete
  31. ඔය නම දන්නේ නැහැ කිව්වට ලියලා තියෙන්නේ.. :P

    ReplyDelete
    Replies
    1. දන්නේ නැහැ නෙවෙයි යකෝ කෙටි කාලීන අමතක වීම.. තොගේ නම නොදැන ඉන්න මං මැරිලා උපන්නයෑ.. :P
      මගේ යස්සයා අවුස්ස ගන්නේ නැතිව බුකියට මැසේජ් එකක් දාහං...

      Delete
  32. ගල්කිස්සෙ දි වගේ නෙවෙයි ඩස්ට්බින් නාන්න තරමි තිබිලත්. හැම තැනම වතුර බෝතල්, ඉතිරි බිතිරි, සිලි බෑග් ...
    හවස නලියා ප්‍රධානව අපි ඒවා එකතු කරලා ඩස්ට්බින් වලට දාලා අස්පස් කරලා දැම්මා.

    කොට්ටාපොර අට්ටාලේ උස වැඩියි. ඒකෙන් වැටෙන අය අල්ලන්න ඇත්තටම බෑ. වැටෙන අය; අල්ලන්න ඉන්න අපේ අතේ පයේ දණිස් පොල්කට්ටෙ වැදිලා බිමට වැටෙනකොට නිකන්ම වැටෙනවට වඩා අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මට ඒ අංසේ ගැන ඒ හැටි බලන්න බැරි උනා සුමිත් අයියා... ඒ ඒ වෙලාවට අතේ තියෙන අනවශ්‍ය දේවල් එහෙමම ලගම තියෙන කුනු බකට් එකට ඔබන එක ඔය හැටි අමාරු කාරියක් කියලා අපේ අය හිතන්නේ මොකද මංදා.. නැත්තං ඔහොම වෙන්න හැටියක් නැහැනේ...

      කොට්ටා පොරේ ගැනනං කතා කොරන්න එපා.. මං ඇගේ ලේ නැතිව හිටියේ එකෙක් කොන්ද කඩාගෙන ආබාධිත තත්වෙටවත් පත්උනොත් කියලා.. සෙල්ලං උසක්යෑ..
      මමනං අර පහල අල්ලන්න වලේ බලාගෙන හිටිය මගේ හතුරෙක්ව (සුරුට්ටුව නැත වෙච්ච චේ) එතැනින් අහක් කොරවලා හිතට සැට් වෙන එකෙක්ව දාගෙන තමා වැඩේට බැස්සේ.. :D

      Delete
  33. හාහ් හා මාරයාතුමාට අපිවත් මතක තිබ්බා! නියමයි නියමයි.. අර එක අඩුපාඩුවක් නම් අපි ෆොටෝ එක ගනිද්දීත් දැක්කා. ෆොටෝ එක ගන්න අතරෙත් මාරේ අයියා ඒක දිහා තමා බලන් ඉන්නේ. අර වැටෙන කේස් එක. මට නම් ටිකක් කලින් යන්න උනා මැණිකේ අල්ලාගෙන ගෙදර එන්න ඕනේ නිසා.. ආපහු පාරක් හම්බවෙමු හොඳේ!

    ReplyDelete
    Replies
    1. මලයව අදුරගන්න ලැබීමත් සතුටක්. වේලපහම යන්න උන එක තමා අවුල...

      Delete
  34. හිරුවා දැකලත් කතා කරන්න බැරි වුනා. උඹ අවංකව අඩුපාඩු ගැන කිව්ව එක හොදයි. අපි ඒ සියල්ල පිළිගන්නවා, ඒ වගේම ලබන අවුරුද්දේ උඹට (මාරයට ) බිලි නොවුනොත් වැරදි හදාගන්නවා.

    ඒ වගේම තව දෙයක් කියන්න ඕන. මාරයා හරියට ඇට ගාණ කිව්ව නිසා දින්න තෑග්ගා ඒ වෙනුවෙන් සල්ලි දුන්න වෙනී අයියටම ආයෙත් දෙන්න පුදුම උත්සහයක් ගත්තා. (අන්තිමට මොක වුනාද දන්නෑ ) කොහොම වෙතත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් මාරයන්ට නෙමේ.

    ReplyDelete
    Replies
    1. මම ඉතින් අනේ එපා බන් අනේ එපා බන් කිය කියා පිට්ටනිය පුරා දිව්වා හෙමිහිට..අන්තිමේ කොහොම හරි තෑග්ග මම ලඟ තමයි. හෙට අනිද්දට ඕකෙන් එලෝලුවක් දෙකක් අරං යනවා මුගෙ ගෙදර, උයා පිහෝ ගෙන කාලා එනවා එච්චරයි :-D

      Delete
    2. මම හිතුවේ ඇලා ඕකට වගකිව්වා කියලා. උඹටනම් දෙන්න තිබ්බේ ඔඩෙල් එකේ වවුචර් වෙනී අයියේ.

      Delete
    3. ඇලා සෑහෙන්න ට්‍රයි කලා අපේ ජයග්‍රහණය උදුරගන්න.. :D කොහොම හරි අන්තිමේදී ඒක මුගේ කරේම ගැස්සුවා.. ඇයි බං අපි ඔය ආර්පිකෝ ගානේ යනවෑ වැස්සකටවත්. මේ අයියලා වගේ පොස් පොරවල්වලට තමා ඕවා හොද... මැනිං මාකට් එකෙන් බඩු ගන්ට කියලා වවුචරයක් දුන්නනං ඕං මං ඇන්න එනවා.. :D

      Delete
  35. ඔන්න මම එන්න පරක්කු වුණ කාරණේ මෙතන එලි කරනවා. බොරැල්ලේ හන්දිය කිට්ටුව තියෙන පලතුරු කඩයක දන්නා කියන ඩයල් එකක් ඉන්නවා දැකල මම බස් එකෙන් පැන්නා. එතැනින් ගස්ලබු ගෙඩියක් ගත්ත මේ හාදයා වටපිට බැලුවට මාව දැක්කේ නෑ. මං උන්නේ පාරේ අනික් පැත්තේ. මමත් හෙමිහිට උන්දා යන පැත්තට ගෑටුවා. මේකා සාක්කුවෙන් ඇදලා ගත්තා කුඩා කතුරු පිහියක්. හෙමිහිට හීනියට පෙත්තක් කපලා ඊට පස්සේ අර කූල් සපෝට් වල තියෙන චූටි හිසක් තියෙන දිග හැන්දක් ගත්තා එලියට. අතේ තිබ්බ පත්තරයක් පැත්තක තියලා සේරෝම ඇට ටික හූරලා ගත්තා. මෙන්න ඊට පස්සේ මේකා ඇට වගයක් හැන්දේ හිස උඩ තියලා ආයෙත් ඔබනවා ගස් ලැබූ ගෙඩිය ඇතුලට. මේ අතරේ මිනිහට කෝල් එකක් එනවා

    "හරි බං වෙනියෝ මම මේ අර වැඩේ කරන ගමන්, මෙතන ඉඳන් ඔතනට එන්න වැඩි වෙලාවක් යන්නේ නෑනේ"

    ඊට පස්සේ හීනියට කපපු ගස්ලබු ගෙඩියේ අගිස්ස කපපු තැනින් ගානට තියලා දා ගත්තා බෑග් එකට. එකම බස් එකට අපි දෙන්නා ගොඩ වුණා දොරවල් දෙකන්. මේකා ඉස්සරහැන්ම නැගලා වාඩි වුණේ නැද්ද හාමුදුරු සීට් එකේ. බස් එක ග්‍රවුන්ඩ් එකෙන් එළියේ නවත්වද්දී වෙනියා එතැන. මෙන්න එකා ඒ පාර අර ගස්ලබු ගෙඩිය වෙනියට දුන්නා. කනට කරලා රහසින් කිව්වා මොනවද. ඊට පස්සේ මට කෝල් එකක් ආවා සාගරගෙන් මම ආපහු ගියා. දැන් තේරෙනවනේ කාට කාටත් වැඩේ සිද්ධ වුණ විදිය. ඇත්ත පැපොල් ගෙඩියට වෙනියා උදේම වැඩේ දුන්නා කියලා රහස් ආරංචියක් ආවා. නැත්තං මේකේ විනිශ්චය දෙන්න ඉර අවරට යනකං හිටියේ මොකද? ඉවාන් මලයට ප්‍රණාමය පුද කොලේ මොකද ?

    මොනවා වුණත් මාරයාට ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මම ලිව්වෙ 147 ක් කියලා බන් ..

      Delete
    2. අැත්තටම අැට කීයද?....

      Delete
    3. 43 යි මගේ මතකය හරි නම්.

      Delete
    4. කුමන්ත්‍රණයකට අහුවෙලාවත්දෝ නොදැනීම .....

      ඔන්න මම නම් විනිශ්චයට ඇට ගණන් කලා විතරයි , මං සෙට් වෙලා හිටියේ රෑ එළිවෙනකන් ඇට දෙදාස් පන්සීයක් විතර ගණන් කරන්න ..කොහෙද ඒ ඉලව්වේ තිබ්බේ ඇට හතලිස් තුනයි නෙව .

      ඉතින් මම අර මොකක්ද එක ඉරාගෙන ඇට ගණන් කරනවා බලන්න හිටපු අපේ එවුන්ට මාර අප්සැට්

      Delete
    5. උඹේ දෙක ඇරලා හතලිස් එකයි හරි ගාණ !!!!

      Delete
    6. යකෝ මේ සුදිකයව දිවියම කන්ට එපෑ...

      හැබැයි පුතෝ මං බස්එක එනකල් හිටියේ පලතුරු කඩේ ගාවනං තමා.. බස් එකේ නැගලා වාඩි උනෙත් පූජ්‍ය පක්ෂේ සීට් එකේ නොවුනත් ඒ කෙලින්ම තියෙන අනිත් පැත්තේ සීට් එකේ...

      Delete
  36. කොට්ට පොර වලදි මාර පරාජය බලන්න ආවට මේකා දින්න නේ...

    කෑම නොකාම ගෙදර ඇවිත් පවුලගෙන් බැනුම් ඇහුව බං ;)

    ReplyDelete
    Replies
    1. යකෝ ගෙවල්වල ගෑණු ඔහොම දවසට හිතං ඉන්නේ අනේ අදනං උයන්න ඕන නැහැ මනුස්සයා යන තැනකින් කාලා මටත් ඔය මොනවා හරි උස්සං එයි කියලා.. උඹලා මෙතන ගෑනිට වැඩර් වෙන්න හිතං නොකා නොබී ගෙදර යනවා.. ඒ ගිහින් ඔන්න සුදෝ කොච්චර කෑම තිබුනත් ඔයාගේ අතින් උයපු කෑම ටික කන්න මං ගෙදර ආවා කිව්ව ගමන් ගෑණි ෆයර් වෙන එක අහන්නත් දෙයක්ද.. ඇති බැනුම් අහලා නැවතුනා.. හට්ටි මුට්ටි පාරක් නොකා.. :D
      ඇලාට මං ගැහුවේ නැහැ බං හරියකට.. කොහොම ගහන්නද මොන්ටි සෝරි ළමයා වගේ මූණ දිහා බලං විරිත්තං ඉද්දි.. :D නිකමට වගේ වැනුව දෙකට මූ අපතයා පොලේ ගැහුවා වගේ වැටුනා නෙව... :D

      Delete
    2. හොද වැඞෙි සැමා උබට මගදි අපිව දාලා ගියාට

      Delete
  37. අගෙයි, අගෙයි, ඔන්න මග බලාන හිටපු පෝස්ට් එක. දැන්නම් ඉතින් සයිබර් උළෙලට ගියා වගේ තමා. ඒත් ඉතින් ඉතිරි ෆොටෝ ටික බලන්න වෙන්නෙ ගෙදර ගිහින් තමා. ඔපීසියට බුකියෙ ඇක්සස් නෑ නොවෑ.

    \\හෝව් හෝව්.. අර කිව්වට කෙන්ජි අයියගේ බාබේරියන් ක්වීන්ස්ලා සෙට් එක නොපැමිණි බවත් සතුටෙන් දන්වා සිටිමු. //

    ඒ කියන්නෙ කෙන්ජි අයියා තඩි බේගලයක්ද ඇදබාල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේකත් බලහන්. වැඩේ පට්ට!

      https://www.youtube.com/watch?v=uJfTQG5JcdQ

      Delete
    2. කෙන්ජියා කවද්ද බං ඇත්තක් කිව්වේ.. ඕකා හතරැස් රවුං කොරලා කියන්නේ.. උඹලටත් ඉතිං හැබෑ.. :D
      (අද ඉතිං ඕකා දෙකක් දාලනං ඉන්නේ මට අබ සරණයි )

      Delete
  38. ///කෙන්ජි අයියගේ බාබේරියන් ක්වීන්ස්ලා සෙට් එක නොපැමිණි බවත් සතුටෙන් දන්වා සිටිමු.///
    තව පොඩ්ඩෙන් කෙන්ජිට රෑවටිලා මම තිබුන urgent වෑඩෙත් කෑන්සල් කරල යනව බලන්න. :-)
    ඈත්තටම කෙන්ජි සහ මොඩල්ස් ලබන පාර එයිද?

    ReplyDelete
    Replies
    1. මෑන්ගේ ඒ මැන්ටල් පරාණ නැතිවට මොකද සියල්ලම කුල්මත් කරවමින් ගයේෂා පෙරේරා මෙනෙවිය සැපැත් උනා නෙව අපේ මංජුලයගේ සාධර අනුග්‍රහයෙන්.. කෙන්ජියි කෙන්ජිගේ වානර දූලයි කැලේ.. එන්ටනේ තිබුනේ අප්පා.. :D

      Delete
  39. එදා දවසේ එන්ට බැරි උණු හිතේ අමාරුව තාමත් තියෙනවා. මේ සජීවී විස්තරයට ගොඩක් ස්තුතියි මාරේ.

    ReplyDelete
    Replies
    1. ලබන වතාවේවත් එන්ට ලැබේවා කියලා ප්‍රාර්තනා කොරනවා...

      Delete
  40. A-Z කතාව දීලා තියෙන්නේ ... අපරදේ මම වේලාසන ගියානේ

    ReplyDelete
    Replies
    1. උඹ එක පාරක් යනවා කියලා ගිහින් ආයේ ඇවිත් හිටියා දැක්කා.. එයින් පස්සේ බලද්දි පේන්ට හිටියේ නැහැ.. අපරාදේ හොඳ හොද හරිය තිබුනේ අග්ගිස්සට වෙන්ට...

      Delete
  41. හරියටම මාරයාගෙ හෝරාවට නෙ ගොඩ බැස්සෙ... දවල් 12 ට....

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනදටනං උදේම කඩං පාත් වෙනවා.. මේ පාර එන්ට හිතං හිටියේ නැති හින්දා පරක්කු උනා.. එකෙන් මේකෙන් මගේ ප්‍රියතම තරඟ ඉසව්වට මං මිස් උනා.. :D

      Delete
  42. දවල් කෑම ප්‍රමාද වීම ගැන මම හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ප්‍රමාදයට නිදහසට කාරනා කියන්න යන්නෙ නෑ. තනිකරම වරද මගේ

    ප.ලි.
    පලවෙනි සයිබර් උලෙලේ කෑම ගෙනාපු එවුන්ගෙන් ඒ පිලිඹදව මට ඉගෙන ගන්න දෙයක් නෑ මාරෙ . . . ඒකෙ කෑම ගෙනාවෙත් මම :D (ඕඩර් කලේ අසේල)

    ReplyDelete
    Replies
    1. කෑම සීකෑම සීන් එකට වරද ඕනයාගේ නෙමේ. සංවිධායක මණ්ඩලේ ඇපි හැමෝගෙම. කඹය ගැන අපිට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබ්බා.

      Delete
    2. කඹේ දුන්නෙ කවුද කියල මම මාරයගෙන් ඇහුවම එහෙනං ඌ වීඩියෝ එකක් ගැන කියාපු සීන් එක මේකයි :D

      Delete
    3. ආන්න ඕනයා ටෝක් එක.. මෙන්න මගෙන් සැලියුට් එකක් ඒ කෙලින් කතාවට !!!

      Delete
    4. එළකිරිස් ඕනයෝ... අවුලක් නැහැ... දැන් ඉතිං ඊ ලග පාර කෑම පරක්කු උනොත් තෝවම අල්ල ගන්නං.. :D

      කඹේ ගැනනං එහෙං මෙහෙං කතා ඇහුනා.. ඒ අස්සේ අර එකෙක් මයික් එකෙන්ම කඹේ දෙන්න පොරොන්දු වෙලා ලණූවක් දුන්නා කියලා පට්ට වචනෙන්ම සංග්‍රහයකුත් කලා ඇහුනා.. :D
      හැබැයි ඉතිං උඹලා බනින එක හරි වැරදි.. කඹේ කෙසේ වෙතත් ලණූවක් හරි දුන්නනේ.. :D

      Delete
  43. බොලාගෙ විස්තරය අකුරක් නෑර කියෙව්වා ලොකු මාමෙ. හරිම සුන්දර අත්දැකීමක් බව ඉතාම පැහැදිලියි බොලං...මට තවම එක වතාවක්වත් සිහින අවුරුදු උළෙලට එන්න අවස්ථාවක් ලැබුනෙ නෑ...ලබන වසරේදිවත් ඒ සිහිනය ඉටු වෙනවා නම්...

    බොලා ඔහෙ ඔය විදියට අවුරුදු අසිරිය විදිනකොට අපි මැලේසියාවට වෙලා අවුරුදු අසිරිය විදගත්තෙ මෙහෙ වාර්ෂිකව සංවිධාන 6 ක එකමුතුවෙන් සංවිධානය වන දැවැන්ත බක්මක උළෙලට එකතු වෙලා. ඇතුල්වෙන්න අරවා මේවා ටිකට් කිසි දෙයක් නෑ. උදේ දවල් ආහාර වගේම හැන්දෑවට බිස්කට් සංග්‍රහය පවා නොමිලේ කොලේ...අනේ මැලේසියාවට වෙලා පවුලෙන් වෙන් වෙලා දුක සේ රැකියාව කරගෙන ඉන්න අපේ අහිංසක නංගිලා අයියලා මල්ලිලා අක්කලා මොන තරම් නම් සතුටු උනාද හැබෑට.

    මට තමයි මේ අවුරුදු උත්සවයෙ කොට්ට පොර තරගය විනිශ්චය කරන්න පංගරාර්තු උනේ. මගේ සහායට හිටියෙ චීනියො දෙන්නෙක් එක්ක මැලේ ජාතික හිංහල බැරි හිංහලයෙක්...බොලා කිව්වා වගේ අද වැටෙන එකා දඩාස් ගාලා බිමටම වැටෙනවා අල්ලගන්න උන් උඩ බලාන ඉන්නවා. මම කොලේ පිට්ටනියෙ අයියා වගේ හිටිය හොද ඇගපත තිබ්බ එකෙක් ගෙනල්ලා කාරණය කියපු එක. මෑන් එයාගෙ ආයතනයෙන් ආපු උන්ව බලෙන්ම එතැනට ගෙනල්ලා නිසි පරිදි රදවලා අපේ උන්ගෙ හතර හන්දි රැකලා දුන්නා එතැන් හිටං...මේ කිව්ව විස්තර බොලාට මේ ඉරිදා 27 සවස 3 ට ජාතික රූපවාහිනිය නැරඹුවොත් බලන්න හැකි වේවි.

    ගයේෂා මෙවර සිහින අවුරුදු උළෙලට සහභාගි වීම ඉතාමත් අගය කරනවා. ඇයට මාධ්‍ය මගින් මොන තරම් ගැහුවත් මෙවැනි දේකට එන්නට ඇති ආත්ම ශක්තිය අපි අගය කල යුතුයි.

    එළඹෙන වසරේ හෝ බොලා සමග එකතු වී මේ කියන ආතොල් විදීමට පතමි. අඩුපාඩුද මෙහිම දැක්වීම ඊලග වසරේ සංවිධාන කටයුතු වලට පහසුවක් වනු ඇත. ජය ! කමෙන්ටුව දිග වැඩි උනාට කමා කල මැන...

    ReplyDelete
    Replies
    1. ග‍යේශව නං මමත් ඉහලින්ම අගය කොරනවා.. !!!
      ඕ යේස්

      Delete
    2. මං බුකියේ දැක්කා අවුරුදු උත්සවේ තියෙන පිට්ටනියේ පෙර සූදානම කියලා පොටෝවක් එහෙම දාලා තියෙනවා.. හැබැයි අවුරුදු උත්සවේ පිංතූරනං තාම ඇහැ ගුහුනේ නැහැ.

      ගයේෂා ගැනනං අවංකවම මටත් පැහැදිමක් ඇති උනා...

      Delete
    3. PM, කෙලින්ම නේද?

      Delete
    4. අවුරුදු උත්සවේ ෆොටෝ කෑලි ටිකත් එදාමයි බුකි ගත කලේ...

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. මම නිට්ටඹුවෙ ඉදලා තකහනියක්ම ලොකු කොල්ලව හලලා දූ පොඩ්ඩත් අරගෙන ආවෙ නැතෑ බලන්න.
    අනේ ආපු වෙලේම මාය්යා කුනු කුනු ගානවා අනේ අකලංක මටනම් එන්න බෑ ඔතනට කියලා. ඉතින් කවඩත් පුරුෂාධිපත්යෙට වෙන වැඩේ මටත් වුනා බොලල්ලා.
    පරදින කඹේකට අත ගහලා එන්න තමා වුනේ. යන්තම් මාරයත් ඉවාන් පවුලූශයි හම්බවුනා

    යකෝ මමත් කලින්ම රෙජිස්ටර්වෙලා හිටියෙ මට ඔය කියන ටික අහන්න අදුරන එකෙක් හිටියෙත් නෑ

    ReplyDelete
  46. මම ලබන අවුරුද්දෙත් උඹේ බ්ලොග් පෝස්ට් එක බලල ඔන්න ඔහේ ඉන්නවා බන්...ඕකට ගියාට වඩා සිද්දිය හොඳට බලා ගන්න පුළුවන් මේකෙන්... ගියා නම් ඔය දෙතුන් දෙනෙක් එක්ක කතා කරලා පැත්තකට වෙලා ඉඳල එන එකනේ.. දැන් එහෙමද ලුණු ඇඹුල් එක්ක ඔක්කොම කුණු එකම වහලක් යටින්.. හෙහ් හෙහ්

    ReplyDelete
  47. මාරයියේ මාරයියේ...ඔයා නම් තාම ඉස්සර වගේමයි...මතකද අපි දෙන්නා ඒ දවස් වල ෆෝන් එකෙන් කරපු සෙල්ලම්...මම පුළුවන් වෙලාවක ඔයාට කතා කරන්නම්... 077x xxx xxx

    ReplyDelete
  48. මාරයා හිතන තරම් සැර පරුෂ නැනේ

    ReplyDelete
  49. විනිශ්චය මණ්ඩලයේ කුජිතයෙක් සිටියාය

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. දැක්කේ පරක්කු වෙලා... ^_^

    පැය ගානක් මහන්සි වෙලා ආව කියලා පාඩුවක් උනේ නැහැ . ශෝක් යාළුවො ටිකක් හම්බුනා... ඉවෙන්ට් වලටනං හිටියේ නැහැ .. හිටියේ කොට්ට පොර විතරයි.

    එල . නියම දවසක්..
    ආයෙං දවසක නොමැරී හිටියොත් මුණ ගැහෙමුකෝ ^_^

    ReplyDelete
  52. එන්න ලැබුනේ නැති අඩුව මේ ලිපියෙන් පිරිමැහුනා වගේ සතුටක් ලැබුවා කියවලා.
    ස්තුතියි...

    ReplyDelete
  53. පට්ට මාරයෝ................

    එන පාර එනවාමයි .

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් හිටපන් බන්...උබලා හැමදාම කියන්නේ ඕක තමයි.

      Delete
  54. මාත් එන පාර එනවාමයි .....

    ReplyDelete
  55. උඹ මොකෑ නොලියන්නෙ. උපදේශකකමක් වත් ලැබුනද?

    ReplyDelete
  56. බ්ලොග් කියවනයේ ඔයාලත් මතක ඇතිව ප්‍රේමලතාගෙ කතා කියවන්න එන්න.අලුත් බ්ලොග් එකක් .අලුත් උත්සාහයක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete