11 April 2014

අවුලක් නැහැ...

රෙද්ද..බ්ලොග් එහෙකුත් තියෙනවා තමා.. ඒත් ඉතිං ලියන්ට හිත් දෙන්නේ නැතුවා... වෙන වෙන වැඩයි.. මදි පාඩුවට බුකියයි කොරං හිටියම ආයේ මේ පැත්ත බලන්ට දැන් දැන් හිත් දෙන්නේම නැති තරං...

ඒ අස්සේ ඔන්න මේ පාර අප්රේල් 20 සයිබොර් අවුරුදු උත්සවේ තියෙනවළු බත්තරමුල්ල බුද්දෙ අයියගේ පිට්ටනියේ.. 27 තියෙනවා ඔබා අයියා වෙනුවෙන් අන්තිම පේලියේ කුපාඩි ටික.. (මං හරි නේද..? :D ) කරවන ලේ දන්දීම. ඒකනං තියෙන්නේ රාජගිරියේ සිංහ සමාජ ශාලාවද මොකක්ද එහෙක කිව්වා... තැන හොයාගන්ට ඕන.. ඕනයා දැන් මාසෙකට වැඩියි මට දිනේ කියලනං.. තැන එදා උදේට ඒකට කතා කරලා අහං හොයාගත්තම මදෑ... බ්ලොග් ලියන කියවන කවුරු කවුරුත් ඔය දෙකටම පුළු පුළුහං හැටියට මංගච්චනවනං හොඳයි...

හරි ඉතිං වෙන අහවල් මංගල්ලයක් කියලා ලියන්නද..? මංතුමා ඉතාමත් හොදින්.. සැපෙන් ෂනීපෙන් වැඩ වාසය කොරනවා... :D

16 comments:

  1. ලොකු දෙයක් මුන්නැහැ කරන කියන වැඩ වල හැටියට සනීපෙන් සැපෙන් සන්තෝසෙන් ඉන්නවනං .. සුඅඅවේ... මාර ගොයියෝ..

    ReplyDelete
  2. ඇයි උඹට මේක මතක් උනේ. අමතක කරලම දාල හිටියනං අහවරයිනෙ.

    මංගල ගැන දැම්ම ලියන්න එපා. :D

    ReplyDelete
  3. ලේ දෙන්න කලින් අහනවා තමා සමලිංගික සේවනයේ යෙදී තියනවද කියලා.

    ReplyDelete
    Replies
    1. මගෙනුත් ඇහුවා නෙව උන්..

      Delete
    2. ඉතිං මොකද කිව්වේ ?

      Delete
    3. වමෙන් ගියත් - අපි දකුනේ කිව්වලු

      Delete
    4. ade..ethakota atamata le denna bari weida?

      Delete
  4. එල... ලියන්න හිතෙන්නේ නැත්තේ "සුපෙම් හදක් කරයි කල්පනා" හන්දා වෙන්ටෑ..

    ReplyDelete
  5. හෙක් ... මාරය ලියපු දිගම ලිපිය මේක වෙන්න ඕන.

    ReplyDelete
  6. මේ මාරයෝ අපි වගේ උන්නැහැලටත් එන්ට පුළුවන්ද ඔය කියන තෑගි බෙදාගැනීමේ උත්සවයට.ආරාධනානම් නැහැ හැබැයි..............

    ReplyDelete
  7. සැපෙන් ෂනිපෙන් ඉන්න බවනම් ඉතින් අපි බුකියෙත් දකිනවනේ..

    ReplyDelete
  8. බුකියෙම ඉන්නේ නැතුව බ්ලොග් එක පැත්තටත් ඇවිත් මොනාහරි ලියන්න.

    ReplyDelete
  9. බුකියෙ දැක්ක "සුපෙම් හදක් කරයි කල්පනා" කියල. පස්සෙ බ්ලොග් රෝලෙ තීනව " මාරයාගේ හෝරාව...පවුලක් නැහැ... " කියල!

    මොකෑ මල්ලි අවුල?

    ReplyDelete
  10. හ්ම්.. බ්ලොගේ ආපු නැතිකාලෙ ඔන්න තවත් අලුත් එකෙක්.

    ReplyDelete