12 April 2014

අඩෝ වෙනියා කියන පුද්ගලයා... හූ හූ.....


ඊයේද කොහේද අපේ සපතේරු උන්නැහේ බුකියේ දාපු පිංතූරයක් ඔය.. පිංතූරයක් කිව්වට ඉතිං අර අපි හිංගලෙන් කියන්නේ ඉස්කිරිං සොට් එකක් කියලා.. අන්න ඒකක්... වෙන බ්ලොග් අඩවියක තිබිලා උස්සං ඇවිත් අපිට පෙන්නුවේ... නිකනුත් නෙවෙයි වර්ගපූර්ණිකාවට කොමෙන්ට් කොල උන්දලව සිහිපත් වෙනවාය කියලත් තමා සපතේරු උන්නැහේනං කියැව්වේ.. ඒ කතාව සහතික ඇත්ත..

දැන් ඉතිං වර්ගපූර්ණීකාව ගැන නොදන්න ඈයෝ ඒ ගැන මගෙන් අහන්ට එපා.. වර්ගපූර්ණීකාව කියන්නේ මේ සිංහල බ්ලොග් අවකාශයේ එදා මෙදාතුර පහල වූ පස්ටම පස්ට බ්ලොග් එකක්... එකේ කොමෙන්ට් කල උදවිය අතර එයිටත් වඩා පස්ට බුවාලා හිටියා.. නැටි පාගගන්නවා කියන එකේ නියම අරුත බලන්ට තිබුනේ ආන්න ඒකේ කොමෙන්ට් අස්සේ තමා.. මට ඔය ගැන වැඩි විස්තර කොර කොර ඉන්ට බැහැ ඕන කෙනෙක් ඇත්තං මෙන්න මෙතැනින් ගෙහුං කියෝලා බලන එකයිලා ඇත්තේ.. හැබැයි මතක ඇතිව කොමෙන්ට් එහෙමත් කියවන්ට.. ඒ වගේම අග ලිපිවලින් පටන් ගන්නේ නැතිව මුල හිටන් කියවනවනං තමා හරියටම වැඩේ පත්තියං වෙන්නේ.. ඔන්න ආයේ නොකිව්වා කියන්ට එපා... වර්ගපූර්ණිකාව දන්න අයටනං ඉතිං ආයේ අහවල් එහෙකට කොල කඩාපාන්ටද නේද..?

පස්සෙං පහු මේ පිංතූරේ විස්තරේ ගැන ඇහුවම ඉතිං මං කියවීම අතැර දැමූ බ්ලොගයක කොමෙන්ටුවක් හැටියට තමා මේක වැටිලා තිබුනා කියන්නේ.. ඒත් ඉතිං ඒක නොබැළුවට මේක දැක්කම පොඩි අදහසක් ගතෑකිනේ කවුරු හරි කෙනෙක් සෑහෙන්න පරීක්ෂණ කොරලා සෑහෙන වටින කියන කාරණාවක් හොයාගෙන වග...

හරි හරි ඒ අටමගල් මොටද.. කාරණාවට බහිමුකෝ කෙලින්ම... වෙනී අයියා නොහොත් කවුරුත් දන්න ලියන්නා හෙවත් ප්‍රියන්ත වැනිවැල්පිටිය අයියා සහ සද්ගුණවත් (අපිට ඉතිං අපිම කියාගත්තොත් තමා ) මංතුමා අතර ඇති කේස් එක මොකක්ද..? හෙන වෛරක්කාරයෝද? 

අවංකවම කිව්වොත් මේනං මට ඇඩෙන අවස්ථාවක්.. ඒ කිව්වේ මේ අපේ බ්ලොග් කියවන සමහර පාඨකයෝ හින්දා මෙහෙම පැහැදිලි කිරීම් කරන්ට වෙන එක... ඇත්තටම මේ වගේ අසරණකොමක් තවත් නැහැ මටනං... දෙයියනේ මේවා මෙහෙම අකුරෙන් අකුරට පැහැදිලි කරලා දෙන්ට උනාම මේවා කියවන ඈයොන්ගේ බුද්ධිමත් මෙව්වා එක ගැන ඇඩෙන්නේ නැද්ද හා.. අර මං කලින් කිව්ව වර්ගපූර්ණිකාවේ ඇතැම් කොමෙන්ට් දැක්කමත් අපි බර ගානකට ඒ දවස්වල ඇඩුනා.. :D

ඒ කොහොම උනත්.. මං කොච්චර අසරණභාවයට පත් උනත් මේක පැහැදිලි හිංගලෙන්ම කියලා නොදැම්මොත් කවුරු හරි කෙනෙක් තව දුරටත් රැවටීමකට ලක් වෙන හින්දත්... තව තව අපි අතරේ තියෙන ඇරියස් එක මොකක්දෑ කියලා හිතලා වෙහෙසට පත් වෙන හින්දාත්.. ඒ උදවිය කෙරෙහි පතල වූ මහා කරුණාවෙන් මෙසේ ලියා තබම්හ...

යකුනේ වෙනිවැල් අයියයි මායි හොඳ යාළු මිත්තරයෝ... තරහක් ආරෝවක් මෙලෝ විදියක නැහැ. අනික මට තරහා වෙන්න ඕනකමක් ඇති උනත් ඔය නසරාණියා එහෙම මිනිහෙක් එක්ක තරහා වෙන එකෙක් නෙවෙයි.. ( ඒකනං කරුමයක්ම තමා ඕයිලා.. :D ) ඉතිං කොහොමද ඇරියස් පිරිමහන්නේ...

ඒත් ඉතිං අපි දෙන්නට දෙන්නා දෙන්නගේ බ්ලොග්වල ඒ මේ අතට මඩ ගහගන්න එකනං ඇත්ත.. ඒක ඉතිං මේ යාළු පිට් එකට කොරන දෙයක්.. දෙයියනේ යාළුවෝ යාළුවෝ ඔහොම මඩ ගහගන්නවා මිසක් යකුනේ මලාට තරහා කාරයොත් එක්ක එළිපිට ගහ මරාගන්නවද මිනිස්සු.. නැහැ මං කිව්වේ මේ මයේවත් උගේවත් ඇති අමුතු බුද්ධිමත්කොමකට නෙවෙයි.. ඒත් ඉතිං අහක ඉන්න හබන් කුකුල්ලුන්ට නිකං මගුල් ඉන්විටේසන් බෙදන්න අපිට පිස්සුයෑ.. තරහක් මරහක් තියේනං පොර ඉන්න තැනට ගිහින් පඩිපෙල බහින්න ආව වෙලාවක දානවනේ තල්ලුවක් පෙරලිලා දඩිං බිඩිං දොඩං වෙන්න.. :D හුහ්...

සාමාන්‍යෙයන් මං කාට හරි මඩක් ගහනවනං.. ලොවෙත් නැති තරමට විහිළු තහළු කොරනවනං ඒ බොහෝම විශ්වාසවන්ත... හිතවත්කං ඇති අයටම තමා... එහෙම නැතිව වැඩි ආස්සරයක් නැති උදවිය එක්ක ඔය වැඩි භජනෙට යන්නේ නැහැ... කවුරු හරි මට දිරවන්නේ නැති බුවෙක් ඉන්නවනං මං කරන්නේ ඒකට මඩ ගගහා ඇවිදින එකවත්... විහිළු කර කර ඉන්න එකවත් නෙවෙයි...  මට එපානං එපා.. එහෙම එකාව දුරින් දුරු කරලා දැම්මා.. ඒකා මහ රජ්ජුරුවෝ උනත්.. සක්කරයා උනත් එච්චර තමා.. මොකද කාගෙන්වත් කාලා ඇදලා ඉන්නේ නැති හින්දා මට ලොක්කා මං මිස වෙන එක එකාලා නෙවෙයි නෙව... ආයේ මොකටද කාට හරි අකමැතිනං ඒ උදවිය එක්ක එකට පෑහි පෑහි ඉන්නේ... මං වගේ සරල සාමාන්‍ය එකෙක් කතා බහ නොකලා ආස්සරේ නොකල කියලා කාටවත් පාඩුවක් වෙන්නේ නැති බව මං දන්නවා..  ඒ උනාට එහෙම චරිත ඈත් කරලා පාඩුවේ හිටියම හිතට සනීපයි නෙව... 

වෙනී අයියා කියන්නේ එහෙම තරහක් මරහක් තියෙන එකෙක් උනානං මං කරන්නේ තව තවත් ඔය එක එක කතා කිය කිය ඉන්න එක නෙවෙයි.. කෙලින්ම කතා කරන එක නැවැත්තුවා... බුකියේ ඉන්නවනං බ්ලොක් කරලා දැම්මා... සාමාන්‍ය සමාජයේ මුණ ගැහෙන එකෙක්නං ඌව මූණට දැක්කත් කතා නොකර මගේ පාඩුවේ හිටියා... කොටින්ම ඌ හෝ ඒකී කොරන කියන දේවල් ගැන බල බල ඉන්නවත් යන්නේ නැහැ. (හැබැයි ඉතිං කවුර හරි දිගින් දිගට හිරිහැර කරදර කොරන්ට එනවනං එව්වා බේරගන්න එක වෙනම දෙයක්... නයා උනාම ඉද හිටවත් පුප්පන්ට එපෑ... ) ඒ හින්දා ඔය වැරදි අදහසකින් ඉන්න ඇත්තා හෝ ඇත්තී හෝ දැන් හිටං ඒ අදහස නැති කොරගන්ට.. වෙනී අයියා කියන්නේ මගේ මෑත කාලීන ජීවිතයේ බොහෝම විශ්වාසවන්තව ආස්සරේ කරන විඩෙන් විඩේ හම්බු වෙලා කතා බහ කොරන.. කන බොන.. ගමන් යන බොහෝම කලාතුරකින් මනුස්සයෙකුට හම්බුවෙන ජාතියේ වටිනා කියන මිත්තරයෙක්... මේ සයිබරේ හරහා හදුනා ගත්ත මිනිස්සුන්ගෙන් හිතවත් කං හදගත්ත අය අතරේ මුල්ම දහ දෙනා අතරේ ඉන්න කෙනෙක්... මේ දැන් ටික දොහකට ඉස්සරවෙලත් මෑන්ගේ සාධර අනුග්‍රහයෙන් ආනන්ද විජ්ජාලේ කුලරත්න සාලාවේ පෙන්නාපු නාට්ටියක් එහෙමත් බලලා කොරලා ආවේ... ඔය සුප්‍රසිද්ධ වැල්පෙනෙල කතා වස්තුවට හේතු පාදක වෙච්චි මාකොල පැත්තේ පිරිත් ගෙදරට ගියෙත් අපි දෙන්නම තමා... 

ආන්න ඒ හින්දා මෙයින් පස්සේ තේරුං ගන්ට මිනිස්සු විහිළු තහළු කොරගන්නේ තරහට මරහට නෙවෙයි හොද හිතවත්කං විස්සාසකං තියෙනවනං විතරයි... මං ඉතිං මේ සයිබරේ මරාගෙන කන්න හදන උන් අතරේ මුලටම ඉන්න මෑන් දැන් මේ බ්ලොග් අස්සේ එච්චර නැහැ.. ඒ තමා අපේ තිස්ස දොඩංගොඩ උන්නැහේ... උන්දැට මං කියපු කොරපු කතාවල හැටියට තාම මේ වෙනියට දුක දුන්නෙම නැති තරං... ඌ දැන් මාත් එක්ක කතා කරන්නෙත් වචනෙන් වචනෙට කල්පනා කොර කොර.. (එහෙම කොරලත් ඔන්න ඊයෙත් මෑන්ට කෙල උනා.. ඒ කතා බහ පස්සේ දවසක කියන්ට බැරියෑ..)  තව ඉතිං ඔය මං විහිළු තහළු කොරන අයියලා අක්කලා නගාලා මලයලා.. හෙමත් තේරුං ගන්නවා හොදා ඒ විහිළු තහළු කොරන්නේ යම් කිසි විස්සාසයක් හිතවත්කොමක් තියෙන හින්දා මිස තරහකට මරහකට නොවන විත්තියත්.. ආයේ ඉතිං එක එක්කෙනාට වෙන වෙනම කියන්ට ඇහැකියෑ.. මේ ගමන්ම ඕං ඒකත් කිව්වා... 

හරි ඒ ප්‍රකාශ නිකුත් කිරීම ඒ ඇති.. මෙව්වා මෙහෙම දැම්මම අර අපූරුවට කරං ආව මඩ වියාපාරවලට හෙන පාඩුයි අප්පා.. ඒ කොහොම උනත්.. අඩෝ වෙනියා කියන පුද්ගලයෝ.. තෝ අහු වෙන්න එපා හරිද..?

47 comments:

  1. ඉන්ටකො වෙනි අයියව අවුස්සන්න හා...

    ReplyDelete
    Replies
    1. නිකා හිටිං කොලුවෝ.. වයසක මිනිස්සුන්ට පාඩුවේ ඉන්ට දීලා.. :D

      Delete
  2. මේක හීනියට කෙරෙන තර්ජනයක් වගේ වෙනි අංකල්ට . වෙනි අංකල් පඩි පෙළක් නැති බිම් මට්ටමේ බෝඩිමක් හොයා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔය අපේ ඔෆිස් එකේ පඩි ටිකනෙ. මීට පස්සෙ ලිෆ්ට් එකේම යනවා..

      Delete
    2. ඔය කිව්වට අර ගෑණු ළමෙක් ලිෆ්ට් එකේදී අයියට මොකක්ද මංදා අතවරයක් කොල දවසේ හිටං අයියා ලිෆ්ට් එකේ නොයන බව අපි දන්නවා නෙව... :D

      Delete
  3. ඔය කිව්වට ඇරියස් එකක් තියෙන නව මේ පෝස්ට් එකෙන්ම පේනවා. උඹට මාත් එක්ක හෙම ඇරියස් එකක් නෑ නේද?

    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. අඩේ මෙච්චර කියලත් ඒක පේනවද.. හරියන්නේ නැහැ... වෙන මොකක් හරි ගේමක් ගහන්න වෙනවා..
      උඹ එක්කලා මට මෙයිට වඩා ලොකු ඇරියස් එකක් තියෙනවා.. අයි යකෝ ආවට ගියාට දැන් ඔහේ කටට එන ඉංගිරි වචනයක් කියන්න ඇහැකිද.. බොලා ඇවිත් දෙසා බානවා නේ..

      හෙන්රි අයියටත් දීපා අක්කාටත්..දරු දෙදෙනා ඇතුළු කොට ඇති එහෙං පිටිමංම පවුල් සංස්ථාවටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා.. !
      ගෙදර දොරේ.. වාහන වල ආදියේ නඩත්තු අඩුවන වසරක්ම වේවා..!

      Delete
  4. මේ පෝස්ට් එකෙන් ඒ ඉස්කිරින් මොකද්ද එකේ කතාව සහතික වෙනවද කොහෙද..
    සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා මාරයාටත් ඔන්න!

    ReplyDelete
    Replies
    1. මදෑ ඉතිං අපි කොහොම කිව්වත් හරියන්නේ නැහැනේ ඉතිං...

      මලයටත් එසේම වේවා..!

      Delete
  5. අනේ මම නම් අහු වෙයි මේන් කියලා ..
    හිටු අර ඩයනා නගාගෙන් ඩයරියෙ ඉරලා අයින් කරපු කොලේ ඉල්ලා ගන්න ...:-D

    ReplyDelete
    Replies
    1. හිටහං හිටහං මටත් බම්බල පිටිය පැත්තෙන් ඇහුන කතා කිහිපයක් තියෙනවා... :D

      Delete
  6. ඕ යේස් , සුභ අලුත් අවුරුද්දක් වේවා බොස් !!
    අනේ බං උඹෙයි වෙනියගෙයි ඇරියස් එකක් නැති බව කිරි බොන එකත් දන්නවනේ.. දාපං මචෝ පංසල් කතාවක් - රෙසිපියක් ගින්දර වගේ ..අපිට බලන්ඩ් . !!

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලිටත් එසේම වේවා..! හිටහං අළුත් අවුරුද්දෙවත් ලියන්ට වෙලාවක් අහු වෙයිද කියලා බලන්ට..

      Delete
  7. මම නං වෙනි අයියා එක්ක අම්බානක තරහයි...
    අවුරුදු උස්සවේ දවසෙ මම ඕකට ගහනවා රැවුලෙන් පෙනෙල කොළ කැඳ බේරෙන්න...
    ඔන්න බලාගනිල්ලා...

    ReplyDelete
    Replies
    1. අම්බානක !!!
      මමද වැරදි බොට අං ආවට .. එකක් නම් තව කමක් නෑ.. බානක් !!! :-D

      Delete
    2. අවුරුදු උත්සවේ දවසෙදි ඇලයියා මහන්සි වෙන්ට එපා.. මේ පාර මේකාට දෙවන්නේ අර පොඩි ගෑණු ලමිස්සිට කියවලා.. අපිට තියෙන්නේ එදාට ඒ ළමයට පාන් කෑල්ලේ කතාව මතක් කොරන්ට විතරයි.. මතක ඇතිව පුළුවන්නං කැමරාවක් අරං වරෙං ඒ සුන්දර අවස්ථාව ග්‍රහණය කොරගන්ට... :D

      Delete
  8. මට නම් ඔය නාකි අයියා එක්ක ඇරියස් එකක් තියනවා,,මම දෙයියනෙ කියලා ආපු අවුරුදු උත්සවේ වෙලාවෙ,,මට හොරෙන් පොටෝ අරන් ඒවා එඩිට් කරලා මාව දෙකයි පනහේ ගොඩට දැම්මා,,,ඒක නේ මමත් දැකපු තැන දීලා අතාරින්නෙ තාමත්,,පොලගා වගේ තමා ..

    ReplyDelete
    Replies
    1. එඩිට් කරලා ???? අනේ පලයන් බන් යන්න.. එතන වෙච්ච කතාබහ මගේ කනට ඇහුන ටික ඒ විදියටම දැම්මෙ... මගේ වැරැද්ද ! පව් කියලා සේරම ටික දැම්මෙ නෑහ් ! :-D

      Delete
    2. ඉවසලා හිටහං ඩිලා.. මෙදා මේකාට ගස්සවන්නේ කෙල්ලෝ දම්මලා.. :D

      Delete
  9. වෙනත් බ්ලොග් එකකින් යමක් උපුටා දක්වන කොට (ස්ක්‍රීන් ෂොට් එකක් වුණත්) මූලාශ්‍රය පළ කරලා ඒකට ලින්ක් එකක් දාන එක නේද සදාචාරාත්මක?

    ReplyDelete
    Replies
    1. මංනං මේක ගත්තේ බ්ලොග් එහෙකින් නෙවෙයි.. බුකියේ මගේ මිත්තරයෙකුගේ පෝස්ට් එහෙකින්.. ඒත් බ්ලොග් එහෙකට ලින්ක් දෙනවා වගේ නෙවෙයිනේ කෙනෙකුගේ පෞද්ගලික එකවුන්ට් එහෙකට ලින්ක් එකක් දෙන එක.. අදාල කෙනා මට කිව්වොත් කමක් නැහැ මල්ලි බුකියට ලින්ක් එකක් දියං කියලා මං දෙන්නං...

      Delete
    2. හිට්ස් වලට ඔච්චර කෑදර වෙන්න එපා. වෙනත් බ්ලොග්කරුවකුගෙන් යමක් උපුටා දක්වන කොට ඔයිට වඩා ටිකක් කාරුණික වෙන්න.

      Delete
    3. කෙසේ වෙතත් ඔබට යස ඉසුරින් පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා!

      Delete
    4. කොහාටවත් ලින්ක් එකක් නොදැම්මා කියලා මට හිට්ස් වැඩි වෙන විදිය තමා මම තාමත් දන්නේ නැත්තේ..? සමහර විට වෙන කාට හරි හිට් දෙක තුනක් මරා ගන්න ඕන වෙලාද මේ හැටි අඩන්නේ..? :D

      Delete
  10. මාරයා සහතික ඇත්ත. අනේ මලේ දන්න කෙනෙක් කියහල්ලකො වෙනියව තරහ කොරගන්න කරමයක්. ..........මට එපා වෙලා........කොහෙද මේකා තරහ වෙන්නෙම නැහැනේ... හිකිස්.....අනේ ..පනේ..

    ReplyDelete
    Replies
    1. ඕකා ගල් ආඳා අයියේ... අපි තරහා උනත් ඌ තරහා වෙන්නේ නැහැ.. මලම වාතයක්.. :D අපි විතරක් නෙවෙයි බුකියේ ඉන්න වැඩි හරියක් දෙනා ඕකට ට්‍රයි කරනවා.. කෝ මේ ගල් අම්ඩා නෙවෙයි එකෙක්වත් තරහා කරගන්නේ..

      Delete
  11. වෙනි අයිය ඉතින් හරිම සොදුරු මනුස්සය නොවැ, අනික ඉතින් විහිළුවෙන් ඉන්න කෙනා නිසා අපිටත් ඉදල හිටල පොඩි පොඩි මඩ ගහන්න හිතෙනව :D

    ReplyDelete
  12. මාර ඇරියස් එකක් නේ.....

    ReplyDelete
    Replies
    1. පුදුමයි අයියට තාම මේකත් එක්ක ගේමක් සෙට් නොවුනා කිව්වම..

      Delete
  13. සුබ අළුත් අවුරුද්දක් වේවා මාර මලයා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා සරත් අයියටත්..පවුලේ හැමටත්...

      Delete
  14. හැක් ඔය තියෙන්නෙ හොඳට ඇරියස් පිරිමහල.
    දැං කොයි වෙලාවක හරි වෙනි අයිය පඩිපෙළකින් වැටුනොත් ඒකට හේතු වෙන කාරනය අපට හිතාගගන්න පුලුවං. :D

    ReplyDelete
    Replies
    1. යකෝ ඔහොම කියන්න එපා.. කොහොමත් ඒකාට පාරේ යන්න පණ නැහැ..නිකං හරි මැන්ටලේ පඩිපෙලෙන් පහලට දොංත පතං උනොත් ඒකටත් මේ අහිංසක මං පලි.. :D

      Delete
  15. හා හා එල එල එහෙම තමා ඉන්න ඔනේ

    ReplyDelete
  16. චෑ චෑ චෑ මේකෙන් මීට වැඩිය වැඩක් ගන්න තිබුන. අර ඇනෝ කැරකිලා යන්න වෙනියට පළු යන්න බැන්නනං මොකෝ මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. පව්නේ ඕයි.. ඕනවට වඩා අනං මනං කියන්න ගිහින් අර වයසක මනුස්සයගේ පියුස් එක ගහලා ගියා.. කාට කියන්නද..? :D

      Delete
  17. ශේහ් ..ආතල් කෝටියක් කැවා මේ මාරයා. බලහං හුලං තියන වෙලේ සරුන්ගලේට උඩ යන්න දෙන්නැතිව ආය මඟුලක් කොරා. උඹත් වෙලාවකට මහා මරි වැඩ කොරන්නේ.

    ReplyDelete
    Replies
    1. රාජ්ට දුන්න උත්තරේම තමා ඉතිං.. :D

      Delete
  18. ප්‍රියන්ත වෙනි වැල්
    බී පෙනෙල වැල්
    බලන නිල් වැල්
    එකෙකි වෙරි වැල්

    පල්..වෙනියටත් දෙක..වෙනියටත් සුභ අලුත් අවුරුද්දක්!!

    ReplyDelete
  19. මේකෙ තියෙන විදිහට වෙනී අයියගෙ වෙලාව නොබලම මට කියතහැකි ඉස්සරහට නරක කාලයක් ලබන්නෙ කියල :p

    ReplyDelete
    Replies
    1. අනිවා දෙපා තමයි සාතන් ගොයියො මතකද අර ට්‍රිපක් යන්ඩ ඕනි උදව්වක් දෙන්නම් කිව්ව හම අර "ආතල්" කාරයො මට ඇරපු ඇරිල්ල !. ඔව්වට නම් අපි සැලෙයි එහෙනම් !

      Delete
  20. අයියෝ වෙනියයි මාරයයි කියන්නේ නිකං බතුයි මුට්ටියයි වගේ දෙන්නෙක් නේ.

    ReplyDelete