14 April 2014

සුභ නව වසරක් වේවා..!

ඩෝං පටෝං ඩෝං... හෙන ගහන්නැහේ හතර වටින් රතිඤ්ඥා පුපුරන සද්දේ මැද්දේ අළුත් අවුරුද්ද උදා උනේ මගේ ගුඩ් නයිට් එකත් හමාර කොරවන ගමන්ම තමා ඕං.. කොටින්ම කිව්වොත් අවුරුදු උදාවේ නැකතට ගහන රතිඤ්ඤා සද්දෙට තමා මට උදේ ඇහැ ඇරුනේ... :D මං හිතන්නේ නැකතට අවදි වීම බොහෝම හොද ඇති නේද..? 

රයිටෝ එහෙමනං ඔන්න අලුත් අවුරුද්ද..හුටා රේඩියෝව අහන ගමන් මේක කොට කොට හිටියේ.. මේ දැන් ප්‍රවෘත්ති වලට කිව්වා නෙව බීමත්ව රිය පැදවූ මෝටර් සයිකල් කරුවෝ එක් දහස් පන්සිය ගානක් අත් අඩංගුවට ගත්ත කතාවක්.. යකෝ මෝටර් සයිකල් කරුවෝ බීමත්ව හිටිය එක නෙවෙයි වැඩේ.. මුං රිය පදෝපු එක නෙව.. ඔන්න බලන්ටලා බීමත් උනාම මුංට තමුන් කොරන කියන දේ අමතක වෙනවා කියන්නේ බොරුවටද..? :D මොන එහෙකටද බීමත්ව මෝටර් සයිකල් පදින්නේ නැතිව රිය පදවන්න ගියේ.. අත් අඩංගුවට ගන්ටම ඕනෑ... ඔව් ඔව්.. ආ ඒ අස්සේ කිව්වා බීමත් බස් රියදුරෝ තුන් දෙනෙකුත් ඇල්ලුවා කියලා... මගේ අම්මේ මේ ටිකේ බස්වල නෙවෙයි මොන මගුලක ගියත් කමක් නැහැ මුලින්ම අහලා ඉන්න “ඩැයිබර් උන්නැහේ ඔහේ දෙකක් දාලාද ඉන්නේ“ කියලා.. ආයේ මොටද පස්සේ නිකං දුක් වෙන්නේ...

හුරේ.. මේ අවුරුද්දනං සුභම සුභ අවුරුද්දක් වෙනවා.. මේ දැන් මහින්ද අයියගේ සුභ පැතුමත් ආවා... මොනවා උනත් අයියා මට ආදරෙයි.. ඒකනේ මේ තරං වැඩ රාජකාරි තියෙද්දී උදේ පාන්දරම ෆෝන් එක අරං මට මැසේජ් එකක් කොටලා එව්වේ.. ඒකත් බාසා තුනෙන්ම.. දෙමලෙනුත් තියෙනවා හම්මේ මට දැනෙන සංතෝසේ.. :D මහින්ද අයියාටත් බාරියාව සහ පුත්තරයෝ තුන් දෙනා ඇතුළු මුළු පවුලටමත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා..!

හරි එහෙමනං වැල් බයිලා ඇති... අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන්නේ.. මේකේ මොන අලුත්ද අනං මනං බයිලා කියව කියව ඉන්නේ නැතිව මේක අලුත් අවුරුද්දක්ය කියලා හිතාගෙන හොඳ හිතිං ඒක බාර අරගෙන ඔය පහුගිය අවුරුද්දේ කොරාපු මරි මෝඩ අමන වැඩ අමතක කොරලා දාලා.. අලුත් අවුරුද්දේ ෆිට් එකේ ජීවත් වෙනවා කියලා හිතා ගෙන වැඩට බහිමු...

රයිටෝ එහෙමනං මෙතෙක් දවසක් මාත් එක්ක මේ බ්ලොග් කටුව එක්කලා හිටිය සහෘද ඔබ සියළු දෙනාටමත් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා..! උදාවන වසර සතුට සාමය සෞභාග්‍යය සපිරි සුපිරි වසරක් වේවා..!

උංගල් අනිවාරුක්කුම් පුත්තන්ඩු නල්වාල්තුක්කල්..! :D

44 comments:

  1. මාරයටත්..සියලු බ්ලොග් පාඨකයන්ටත් සුබ අළුත් අවුරුද්දක්ම වේවා....

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මයියා සහ පවුලේ ඈයින්ටත්..

      Delete
  2. උංගල් අනිවාරුක්කුම් පුත්තන්ඩු නල්වාල්තුක්කල්..!

    ReplyDelete
    Replies
    1. නන්ඩ්‍රේ තම්බි නන්ඩ්‍රේ...

      Delete
  3. මාරයාටත් මාර පවුලේ සැහටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ උන්නැහේ ඇතුළු පවුලේ අයටත් එසේම වේවා..!

      Delete
  4. - Happy Sinhala and Tamil new year MARAYA! Keep calm and eat Kokis!

    ReplyDelete
  5. Replies
    1. වේවා..!

      දැන් ඉතිං සෑම්ලත් පවුල් පන්සල් වෙච්ච එව්වෝ වෙච්චි මෙදා පාර අවුරුද්දත් කල එළියට ගන්ට නැතෑ.. :D

      Delete
  6. සුභ නව වසරක් වේවා නෙවෙයි හරකෝ.... සුභ අළුත් අවුරුද්දක් වේවා... !
    හිටුකො...තොට සිංහල මතක් කොරවන්න 20 වෙනිදට !

    ReplyDelete
    Replies
    1. හරි මීමෝ සිංහල වල සමාන පද උගන්නනකොට නව=අළුත් කියලා තමා ඉගැන්නුවේ නෙද්දකින් මී හකරා.. :D

      Delete
  7. සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ආ මේ අර වෙනී කියන එක්කෙනා නේද..? වේවා වේවා එසේම වේවා.. :D

      Delete
  8. සුබ අළුත් අවුරුද්දක් වේවා මාරයියේ !!!

    ReplyDelete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා මාරයෝ!!!

    ReplyDelete
    Replies
    1. හැලප අයියටත් එසේම වේවා..!

      Delete
  10. මේ අවුරුද්දේ නැමුනා වගේ ඊලඟ අවුරුද්දෙත් නැමිලා මගේ දෙපරන්ද ලෙවකන්න වාසනාව උදාවෙන සුබම සුබ නව වසරක් වේවා !

    -රාජපක්ෂ පවුල-

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්.. මං හිතන්නේ පවුල වෙනුවෙන් මේක දාන්ට ඇත්තේ අපේ හිච්චි පුතා වෙන්ටෑ... :D

      Delete
  11. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. බස්සිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!

      Delete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා මාරයාටත්....

    ReplyDelete
  13. මාරයා තුමා ඇතුළු මාර භවනේ සියලු දෙනාටත් උදා වූ අවුරුද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අඟහරු මලයා ඇතුළු පවුලේ අයටත් එසේම වේවා..!

      Delete
  14. ආයිබෝං ලොක්කා !!!

    කිරි පැනියෙන් උතුරන්ඩ ඕන නෑ.. දෙයියනේ කියල කාටත් කරදරයක් නොවී කාල ඇඳල ඉන්ඩ ලැබියං උඹට.. මටත් එසේම වේවා .ඕ යේස්

    ReplyDelete
    Replies
    1. පත්තර මලයටත් එසේම වේවා..!

      Delete
  15. ඕන කරන ගාන හැම වෙලේම පර්ස් එකේ තියන අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. අන්න වැදගත් ප්‍රාර්ථනයක්.. :D සෙන්නටත් එසේම වේවා..!

      Delete
  16. ඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  17. මේ අළුත් අවුරුද්ද උඹලාට ජය වේවා. තවද සකර්බර්ග් බංකොලොත් වී මාරයා, චාර්මියා, කොකා, නලිනි, තිසා, දුකා, මාලනයා ඇතුළු නඩටයට නැවත බ්ලොග් බලා එන්නට වෙන බ්ලොග් පාඨකයන්ටත් සුභ වෙන එකක්ම වේවා..!

    ReplyDelete
  18. Wish you Happy New Year.. Chef Maare....!!!

    ReplyDelete
  19. සුභ අලුත් අවුරුද්දක් වේවා මාරයියේ !!

    ReplyDelete
  20. සුබම සුබ (මාර ) අලුත් අවුරුද්දක් වේවා !!! :D

    ReplyDelete
  21. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
    நீங்கள் ஒரு மிக புத்தாண்டு நல்வாழ்த்துக்கள்
    wish you all a very happy new year

    සියලු පැතුම් ඉටුවේවා මේ නව වසරේ.

    ReplyDelete
  22. උංගල් අනිවාරුක්කුම් පුත්තන්ඩු නල්වාල්තුක්කල්..!

    ( උදේ සිංහලෙන් සුබ පැතුව හන්දා දැන් මෙහෙම හොදා.. )

    ReplyDelete
  23. මාරයාටත් පවුලේ සැමටත් සුබ සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  24. මාරයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! :)

    ReplyDelete
  25. සිත් පහන් වේවා
    මොහඳුර මැකී යේවා
    පඩිය වැඩිවේවා
    අළුත් වසරේ ජයම වේවා!

    ReplyDelete
  26. මාරයයියටත් සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete