18 April 2014

ඔරිමජිනල් එළවළු රොටිය දැකලා තියේද..? නැත්තං ඕං බලා ගමු...


මීට කලින් දැකලා නැහැ නේද..? මං දන්නවා ඉතිං මේක දැක්ක ගමන් කස්ටිය මට හූ තියන විත්තිය.. ඕනනං කියයි හපොයි මාරයා එලෝලු රොටියක් හදන්න ගිහින් අනාගෙන නේද කියලත්.. ඒත් ඉතිං මංනේ දන්නේ මේක තමා ඔරිමජිනල් එක කියලා... ආයේ ඉතිං වැරදුන එකක්නං මං මෙහෙම දායියෑ.. 

බලන්ටකෝ මෙන්න මෙහෙම මහන්සි වෙලා පිටි අනලා කොරලා..

 මෙන්න මෙහෙම අපූරුවට එලෝලු එකත් හදාගෙන කොරගෙන අවසානෙදි මෙහෙම එලෝලු රොටි වැරදිල හදයිද කියලා..?

මං දන්නවා මං දන්නවා තොපි දැන් මට හිනාවෙන්ට තමා දුවං ආවේ කියලා.. ඒත් ඉතිං තොරණේ විස්තරේ හරියටම කියන්නේ රෑ වෙන්ට වෙන්ට නෙව...
 
ඕං එහ්නං ඒ විස්තරේ...

මෙන්න මෙහෙම පිටියි එලෝලුයි තනා වඩාගෙන..


මෙන්න මෙහෙම රොටී වඩාගෙන...

මෙන්න මෙහෙම තැටිය රත් වෙලා තියෙන වෙලේ රොටිය බාගෙන...

අවසානෙදි මෙන්න මෙහෙම හදා ගන්නවා.. හරිය...

හෝව් හෝව් ඔය පිංතූරේ වමේ සිට දකුණට බලං ගියොත් තමුන්නාන්සේලාටේ පෙනෙයි එලෝලු රොටියේ පරිණාමය..එහෙමත් නැත්තං එලෝලු රොටියේ විකාශය වගේ මෙව්වා එකක්.. පැහැදිලි හිංගලෙන් කිව්වොත් මුලින්ම හදපු එකේ හිටං අවසාන එකට එද්දි අත හුරුව ඇවිල්ලා ගානට හැඩේ එහෙම එන හැටි හිතා ගතෑකි නේද...?
 ඉතිං අවසානේ මෙහෙම තමා...

අර උඩිංම දාලා තිබුනේ අන්තිමට ඉතිරි වෙච්ච පිටි අගිස්සට ඉතිරි උන එලෝලු ටික හොදට අනලා කොරලා හදා ගත්ත ලට්ට ලොට්ට රොටිය තමා.. හැබැයි ඉතිං පෙනුම නිකං තරහට ගැහුව කොත්තු රොටිය වගේ උනාට මොකද.. ඒකත් පංකාදුයි   :D :D :D

ඉතිං අද දවාලට එලෝලු රොටියෙන් තමා වේල පිරිමහ ගත්තේ.. මොනවා කොරන්නද ඉද හිට පාන්පිටි ත්‍රස්ථවාදෙටත් යටත් වෙන්ට අපිට වෙනවා නෙව...

43 comments:

  1. මමත් මේ කල්පනා කරේ මාරයගෙ පරිනාමය ගෑන. ඉස්සර බෙලෙක් පිගන් පාවිච්චි කල මාරයගෙ දෑන් තියන පිගන්????

    ReplyDelete
  2. ඇ බොල ඔව්වා හදන්න දවසකට දෙකකට ඉස්සර පොඩ්ඩක් අපිව දැනුම්වත් කරලා තිබ්බා නම් බොට බක් මහ හෙණ ගහනවද ???? නෑ නෙහ් !!!

    ReplyDelete
    Replies
    1. ඇයි අයියට හතේ ඒව කාල ඇති වෙලාද?

      Delete
  3. දුප්පතාApril 18, 2014 at 1:37 PM

    සුපිරිම තමයි. පින් සිද්ද වෙච්චාවෙ.
    රොටී හදාගන්න හැටිත් දැනගන්න කැමතියි. පිටියි, ලුණුයි, තෙලුයි දාලා ඇනුවහම හරිද? යීස්ට් එහෙමත් දානවද? අර කඩවල්වල නං බෝල හදලා තෙල් අතගාලා තියලා තියනවා දැකලා තියෙනවා. මේවත් එහෙමද?

    ReplyDelete
  4. මොකක්ද බං බාගෙට පෝස්ට් දාන්නෙ. එළෝළු එක හදන හැටියි රොටි මික්ෂර් එක හදන හැටියි දැම්මම බොලාට මක් වෙනවද?

    අර තුංහුලැස් එකෙයි මේකෙයි වෙනස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඇතුලේ තියෙන දේ අනුව(මස්,මාලු,බිත්තර,එළවලු) තමා හැඩේ වෙනස් කරන්නේ.
      කඩවල එලවලු රොටි නම්,ත්‍රිෙකා්ණ,මාලු රොටි නම් දිගටි හතරැස් .කට්ලට් ,රෝල්ස්,පේස්ට්‍රි ,බනිස් පාන් අරවා මේවා හැම එකේම එහෙමයි.
      අන්තර්ජාතික හැඩතල.

      Delete
    2. තුන් හුලස් ඒවා බස්සන්න අමාරුයි. මේකට බස්සන්න ලේසියි :P

      Delete
  5. දෙ..යි..ය....නේ...

    ඔයාට එළවලු රොටි 5 ක් තනියම කන්න පුලුවනිද..?
    මාර බඩක් නේ.

    අර මුලින් තියෙන රොටි වල නම පෝෂණ රොටි- පිටි අනද්දි ගෙදර තියෙන ඕනම එළවලුවක් ....අනේ මට දිගට කමෙන්ට් කරන්න කම්මැලියි අප්පා..
    :)

    ReplyDelete
  6. මුලින්ම තියන එක රස ඇති කියල හිතෙනව ඔය අනිත් ලස්සන ඒවට වඩා..

    ReplyDelete
  7. මේ වගේ කෑම 2500 න් කන්න පුළුවන්ද?

    ReplyDelete
  8. කෝ බං ගල් බාගෙ පොටෝ එක ??? රොටී වල විතරයි තියෙන්නෙ !!

    ReplyDelete
  9. ඇයි බොල ඕක හදාගන්න විදිය දැම්මා නම් අගේ අඩු වෙනවද?

    ReplyDelete
  10. මාරයා කොහොමත් රත්වෙච්ච තැටි වලින් රොටි පුච්ච ගන්න දක්ශයි නෙව.
    -රාජපක්ෂ බත් බැලයා-

    ReplyDelete
  11. අනේ පිටි මික්ස්චර් එක හදන හැටිත් දමන්ටකො...
    අපේ කැන්ටිමේ තියෙන එලෝලු රොටි ත්‍රිකෝනාකාරයි. ඔය හැඩේට තිබෙන්නේ මාළු රොටි (මාළු රොටි ඇතුලේ මාළු නැහැ ඒක වෙනම කතාවක් ඉතින්) :D
    බැලු බැල්මට හරිම රස පාටයි.. මේ පින්තූර ටික පබ්ලිෂ් කලාට පස්සේ බඩේ අමාරු හැදුනේ නැද්ද :D

    ReplyDelete
  12. මේක නම් නියමයි...

    ReplyDelete
  13. පෝස්ටුව නං පංකාදුයි... වැඩේ නං අබ්ලික්...
    ඇයි යකේ ඕක හදන්න ඕන හැටි දැම්ම නං කොහෙන් හරි කෑල්ලක් යයිද...
    අපි හදාන කයි කියලද දන්නෑ

    ReplyDelete
  14. මම නම් බට්ටා ඔතනවා වගේ ඔතලා හැදුවේ. ඒකත් පට්ට !

    ReplyDelete
  15. සොරි වේවාලා ඈ...

    පිටි මෝලිය සඳහා...

    පාන් පිටි 250g
    ලුණු තේ හැදි බාගයක් විතර
    සීනි තේ හැන්දක්
    පොල් තෙල් හෝ එළවළු තෙල් හෝ ඒත් නැත්තං පාම් තෙල් මේස හැදි තුනක්
    වතුර

    ඔන්න ඔය ටික අරං මුලින්ම පිටිවලට සීනි ලුනු කලවං කරලා ටිකක් එහෙ මෙහෙ කරලා.. ඒකටම තෙලුත් දාලා එයින් පස්සේ වතුර ටිකක් එකතු කරලා හොදින් මෘදු වෙනකල් අනන්ට තමා තියෙන්නේ.. අනලා හොදට අතේ නොඇලෙන.. ස්පොන්ජ් එක වගේ මිරිකෙන ගානට ආවම බෝලයක් හදලා තෙල් ටිකක් දාපු භාජනේක තියලා උඩිනුත් තෙල් තවරලා තෙත පිරිසිදු රෙදි කෑල්ලකින් හරි එහෙම එකක් නැත්තං ලන්ච් ෂිට් එහෙකින් හරි වහලා තියන්ට.. ඒක පැයක් දෙකක් තියන්න ඇහැකිනං හොඳා.. එයින් පස්සේ තෙල් ටිකක් යහමින් අතේ තවරං ඒක තමන්ට ඕන ප්‍රමාණයේ ගුලි කඩනවා... ඒ කඩලා ආයෙම අර කලින් විදියටම තෙල් අතගාලා වහලා තව අඩුම පැයක්වත් තියන්ට ඕන.. පැය දෙකක් තුනක් වෙනවනං ඉතිං තව තවත් පිටි ටික අපිට ඕන හැටියට කීකරු වෙනවා...

    ReplyDelete
    Replies
    1. එළවලු මිශ්‍රණය...

      මධ්‍යම ප්‍රමාණයේ අල ගෙඩි දෙකක් තම්බලා පොතු ඇරලා අරං ලුනු ස්වල්පයක් හා ගම්මිරිස් කුඩු ටිකක් යහමින් දාලා පොඩි කරලා පැත්තකින් තියලා...

      චොප් කරගත්ත අමු ඉගුරු/සුදුළුණු/ සහ හීනියට ලියා ගත්තු රතුළුණු ටිකක් තෙලට දාලා ඒක බැදීගෙන එද්දි ඒකටම හීනියට ලියාගත්ත අමු මිරිස් කරලකුයි කරපිංචා කොල හත අටකුයි දාලා සිහින්ව කපා ගත්ත එළවළු ටිකක් එකතු කරනවා.. එයින් පස්සේ හොදින් හැදි ගාමින් ඒ ටික තෙම්පරාදු වෙන අතරේ ලුනු/කහකුඩු සහ කෑලි මිරිස් ස්වල්පයක් එකතු කරනවා... ලුනු දානකොට පරිස්සමට.. මොකද අල වලට අපි කලින්ම ලුනු ටිකක් දාලා තියෙන හින්දා දෙකේම ලුනු එකතුව ගැන කල්පනාවෙන් වැඩේ කරන්ට ඕන.. එයින් පස්සේ ලිප නිවලා ඒකටම අල ටිකත් එකතු කරලා හොදින් මිශ්‍ර කර ගත්තම ඔන්න එළවළු එකත් ලෑස්තියි... කැමතිනං ඕකට සැමන් එහෙමත් එකතු කර ගතෑකි එහෙම එකතු කරනවනං අල ටික මිශ්‍ර කරන්න කලින් ලිපේ රස්නේ තියෙද්දිම එකතු කරලා ඒකත් ටික්ක රත් වෙන්න අරින්න.. එච්චරයි...

      (එළවළු සඳහා කැරට්/ලික්ස්/ගෝවා/බෝංචි වගේ දේවල් සුදුසුයි.. හැබැයි මේවා බෝහෝම ස්වල්පයක් වෙන්න ඕන.. ඔය ඔක්කෝම ඒවෑ බර 50g විතර උනාම ඇති.. එළවළු රොටි උනාට එළවළු වැඩි උනොත් ඕක වතුර උනලා චොර වෙනවා..)

      Delete
    2. දාලා නේද මම දෙකක් කියන්ඩ ආවේ

      Delete
    3. පිටි එකයි එළවළු එකයි දෙකම ලෑස්තිනං ටිකක් ලොකු තැටියක් හරි මං කලා වගේ ලොකු ට්‍රේ එකක් අරං ඒකේ තෙල් ටිකක් ගාලා පිටි ගුලියෙන් රොටිය තමන්ට පුළුවන් උපරිම තරමට තුනී වෙන්න හදාගෙන.. අර එළවළු එකෙන් කොත ගහලා පුරෝපු මේස හැන්දක් විතර අරං එක කෙලවරකට තියලා තමන්ට උවමනා අන්දමට නවා ගන්නයි තියෙන්නේ... වැඩිය තට්ටු තට්ටු ඔතන්න යන්න එපා එහෙම උනොත් එලෝලු නෙවෙයි පිටි තමා කන්න වෙන්නේ... එළවළු ටික හරියට කවර් උනා කියලා තේරුනාම රොටියේ වැඩි ටික අහක් කරලා ඔතා ගන්න..

      එයින් පස්සේ තැටිය රත්වෙලානං රොටිය දාගන්න එකයි ඇත්තේ.. ඔය ටිකනං නිතර අපි දකිනවනේ කඩවල...

      Delete
    4. ඕන් ඔය ආකාරෙට හදපු එළවළු රොටී 20ක් 30ක් අරන් එන්ඩ මල්ලි අවුරුදු උත්සවේට.. අපි උදෙන්ම ගෙවල් වලින් එන්නෙත් කාලා බීලා නෙවෙයි බඩගින්නෙ නොවැ...

      Delete
    5. වෙනි අයියා තමා වටිනාම කතාව කිඋවේ

      Delete
  16. පොස්ට් එක අති විශිෂ්ඨයි සර්...
    ----------------------------
    සාදර අනුග්‍රහය CHEF MARAA

    ReplyDelete
  17. රසත් පෙනුම වගේම තියෙන්න ඇති නේද ?

    ReplyDelete
  18. එලෝලු රොටිය ඔය හැඩේට නෙමෙනෙ අයියෙ හදන්නෙ.. ඒක ත්‍රිකෝණ හැඩය වෙන්න ඕනා.. මස් රොටියනෙ ඔය හැඩේට ගහන්නෙ..

    ReplyDelete
  19. ඔය රොටියට පොඩි උපදේසයක්. මං මේ කියනවට නිකමට වගේ ඔය පිටි ඇනුමට පොල් නොදා, පොල් මිරිකලා කිරි අරන් ඒ කිරිවලින් පිටි අනල හදල බලන්නකෝ. එලවලු රොටිය හදන එක වඩාත් ලේසිවෙයි. ඒ වගේම වඩාත් රසවත්වෙයි.

    ReplyDelete
  20. මාත් කාල තියනව. පුදුම රහයි. අර කඩේ තියන එලවළු රොටී මොනවද කියල හිතෙනව

    ReplyDelete
  21. ඈ බන් මාරයියේ ,උඹ එළවලු රොටී හදලා තියෙන්නේ මස් රොටී හැඩේටනේ ,එළවලු රොටිය කිව්වම මතක් වෙන්නේ තුන් හුලස් එකක් .

    ReplyDelete
  22. මේ බොලල්ලා ,රොටියෙ හැඩේ ගැන වැඩිය හිතන්න එපා. කිසිම ගුරු මුට්ටියක් නැතුව වට්ටෝරුව දීල තියෙන එකේ පුලුවන්නම් හදාගෙන කාපල්ලා.ඕක හත‍රැස් වුනත් තුන් හුලස් වුනත් මොකද.ඔය කඩේ විකුන්න ඒවා වෙන වෙනම හැඩවවල හදන්නෙ පිටින් බැලුවහම මස්,මාලු, එලවලු රොටි වෙන්කරල අඳුනගන්න වෙන්න ඕන නැතිනම් වේටරයට එක්ස් රේ ඇස් තියෙන්න එපායැ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල බලාගන්න.
    රෙසිපියට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත බලාගෙන ගියාම ...තැනකුයි ඇනෝ

      Delete
    2. ඒ කතාව ඇත්ත තමයි.
      කඩවල්වලත් මස් මාළු කියල තිබුණට අන්තිමට තියෙන්නෙ එළවළු විතරයි.

      Delete
  23. බෝඩිම් වල අපිට බඩගිනි වෙන්න එපා............

    ReplyDelete
  24. මාරයියේ , ටේක්අවේ ෂොප් එකක් පටන් ගනිමු. අපි එන්නම් කෑම ගන්න

    ReplyDelete
  25. math harima asa kamak. ape amma apita hadala denawa.

    ReplyDelete
  26. ඔව්ව පිටි කෑම

    ReplyDelete
  27. හාල්පිටිවලිනුත් ඕවා හදන්න පුළුවන්.....

    ReplyDelete
  28. ගෝදම්බා රොටි හදන්නෙත් මේ ක්‍රමයටමද? එහෙම නෙමෙයි නම් ඒකත් දන්නවනම් දාන්න.

    ReplyDelete
  29. මම නම් ආස නාසි ගුරන් කන්න...මගේ ගුවන් හමුදාවේ හිටපු කොල්ලත් මට කව්වා නාසි ගුරන්...හැබයි එක නිකන් පොල්ලක් වගේ එකක්...හේ හේ....

    ReplyDelete
  30. අද මම වැඩට.

    ReplyDelete
  31. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete