06 June 2014

අපේ මහත්මා මෙව්වා එක... සහ...

වැඩ බල්ලට ගියාවේ... සිහි කල්පනාවට ආව වෙලේ ලියා දාමු...

යුගයේ දැවෙන ප්‍රශ්න අංක 1...

සචිත්‍රගේ මෙව්වා එක...

-----------------

කට්ටියටම මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද..? සචිත්‍ර සේනානායකගේ මහත්මා මෙව්වා එක...
හරි හරි මං දන්නවා රටේ ඉන්න එකාලට තව ප්‍රශ්න ඕන තරං ඇති.. මං මේ කියන්නේ බුකියේ සහ බ්ලොග් ලියන කියවන හිංගල එකාලගේ.. (නැතිව සුද්දන්ට දෙමළුන්ට නෙවෙයි) තියෙන ලොකුම මෙව්වා එක තමා ඔය කියාපු මහත්මා මෙව්වා එක...


කට්ටිය ඕක උඩ යට මාරු කොරං පලු ගහනවා... ඒත් කියන්න සතුටුයි මේ මට පෙනුනා වගේ එහෙකුටව් ඕකේ නියම මෙව්වා එක පෙනුනේ නැහැ.. (පේන්නෙත් නැහැ බොලවු.. මොකද මං විතරනේ මේකේ ඉන්න පොර.. :P)

හරි ඇත්තටම එදා මොකද උනේ...

ඔන්න සුද්දොත් එක්කලා අපේ උන් ආ හෝව් හෝව්.. සමහරු සුද්දෝ සුද්දෝ කියන්න එපාය කියලත් කියලා තියෙනවා මං මාතලංගේ පෝස්ටුවේ දැක්කා... කරුමෙට ඉතිං මේ දවස්වල මේ ඩයලොග් මාමලා මට සමහර (සමහරක්ගේ නෙවෙයි ඈ... ) පෝස්ට් වලට යන්න දෙන්නෙත් නැහැ... කොමෙන්ට් කොටන්න දෙන්නෙත් නැහැ.. ඉතිං ප්‍රොක්සි දෙයියෙක්ගේ උදව්වෙන් ගියාට කොමෙන්ට් කොටන්නත් බැහැ.. ඒ හින්දා මාතලංගේ ගෙදර මරා ගැනිල්ලට වතුර (වතුර කිව්වට ඉතිං අපි ගැහුවොත් පැස්ටෝල් තමා ඕං.. ගිනිවලට වතුර දාලා ඔව්වා නිවලා කාට හරි යයිද ආයිබෝං.. :D )

ඉතිං මං මේ කියන්න ගියේ සුද්දෝ නෙවෙයි එංගලන්ත වාසී කිරිකොට් කණ්ඩායමත් එක්කලා.. (එකේ සුද්දෝ බැරිනං වැද්දෝ හිටියාවේ මයෙ මොකෑ..) අපේ එකාලා මැච් හතරක් ගහලා එයින් දෙක බැගින් දෙපැත්තම දිනලා කරට කර හිටිය වෙලාවේ ඔන්න අන්තිම ලාස්ට් ෆයිනල් මැච් එකත් පටන් ගත්තා.. මුලින්ම බොලෙට නෙලන්න ගත්තේ අර කිව්ව එ.වා.කි.ක. (එංගලන්ත වාසී කිරිකොට් කණ්ඩායම) තමා.. කොහොම හරි ඔන්න ඒකාලා ගහලා ගහලා හති වැටිලා ඉන්න වෙලාවේ තමා ඔය කියන සීන් කෝන් එක වෙලා තිබුනේ... අර එ.වා.කි.ක.මේ එකෙක් වෙච්ච බට්ලර නැමැති එංගලන්ත වාසියා.. (මොන හු**ක්ද ඕයි.. මූට සුද්දා කියන්න තිබුනනං මෙච්චර අමාරු නැහැනේ.. කෝ ඉතිං අපේ *ත්තලා එක්ක සුද්දට සුද්දා කියන්නත් නැති උනානේ.. :D ) විසින් පන්දු යවන්නා පන්දුව යවන්නත් කලියෙන් තමුන්ගේ සීමා ඉර ඉක්මවලා අයථා වාසියක් අරගත්තාය සහ ඒක දුටු අපේ පන්දු යවන්නා උන සචිත්‍ර කොලුවා දෙවතාවක්ම ඌට අවවාද කොරලා.. අදාල තරගේ විනිසොරු කං කල සුද්... නැහැ මං මේ කිව්වේ එංගලන්ත වාසී හෝ වෙන කොහේ හෝ වාසී.. එංගලන්තයට වාසී එකාලටත් කියා හිටලා ඒත් අර බටලර තැන කියන දේ නාහා තවත් පාරක් තමුන්ගේ සුපුරුදු කෙරුවාවට ගියාම අපේ එකා.. ඒ කිව්වේ මේ සචිත්‍රයා.. හුටා අපේ එකා නෙවෙයි ඈ.. ඒක වැරදීමක්.. නැත්තං මං ගෝත්‍රවාදියා වෙයි.. අපේ එකා කියලා සචිත්‍රයට කිව්වාය කියලා... (බැහැ ඕයි තවත්නං මේ සිංහල අන්තර්ජාල පාවිච්චි කරන උන් එක්ක ජීවත් වෙන්න..) ඉතිං මේ සචිත්‍ර තෙමේ දෙවතාවක් අවවාද අනුසාසනා කොරලා බැරිම තැන තුන් වැනි වතාවේ කෙලලා ඇරියා නෙව තාප්පෙට.. ඒ කිව්වේ විකට්ටුවට.. 

හරි දැන් තමා බබා හම්බ වෙන වෙලාව...

කිරිකට් පොතේ හැටියට නීත්‍යානූකූලව දැන් මේ දැවී යාම අංගසම්පූර්ණයි... ක්‍රීඩකයා ඉස්සරහට පැනලා තියෙනවා.. පන්දු යවන්නා පන්දු යැවීම නවතා දමා (ඉස්සරනං ඔය නීතිය ඇතුලේ තිබුනා පන්දු යවන්නා සිය පන්දු යැවීමේ ඉරියව්වට පැමිණියට පසු.. ඒ කිව්වේ අත කැරකවීම ආරම්භ කලාට පසු එය නවතා දමා කඩුල්ල බිද දැම්මට වැඩක් නැතිය කියලා මොකක් හරි මගුලක්.. දැන්නං ඒකත් නැද්ද කොහේ..හා හා ඒක යකාට ගියාවේ... ) කඩුල්ල පන්දුව ආධාරයෙන් බිද දමා තියෙනවා.. විනිසොරෙක් එතැන හිටං ඉන්නවා.. උගෙන් එම අවස්ථාව දැවී යාමක් ලෙසට නම් කරන විදියට ඉල්ලීමක් කරලා තියෙනවා...

ඔන්න පින්වතුනි පොයින්ට් එක.. දැන් ඔක්කෝමත් හරිනං.. කොටින්ම විනිසොරාගේ ඇසුත් පේනවනං.. සිද්ධියත් ඌ දැක්කනං.. දැන් පොරට කරන්න තියෙන්නේ එකම එක දෙයයි... ඒ තමා එක්කෝ ඒක දැවී යාමක් කියලා නම් කරමින් ඇගිල්ල ඔසවන එක.. නැත්තං ඔළුව දෙපැත්තට වනලා නිකං ඔටුවෙක් වගේ මූණ හදාගෙන දැවී යාමක් නෙවෙයි කියන එක...

ඒත් පින්වතුනි ඔහේලා ඒ අසිරිමත් අවස්ථාව මේ වෙනකොට යූ ටියුබ දර්ශන මලින් කිහිප වතාවක් දැකලා ඇති කියලා මං හිතන හින්දා මේ කියන්නේ.. දැක්කා නේද අපතයා.. සොරි සොරි.. සද්ගුණවත් සරුව සාධාරණ විනිසොරු මහත්තයා කොරාපු දේ... ඒකා ගියා අපේ නායක.. හුටා අයෙමත් අපේ අපේ ගෑවෙනවා.. (කොටින්ම අපේ කියලා එකක් නැහැ හරිද.. රට සිරිලං කාව.. කණ්ඩායම සිරි ලංකාවේ.. මං සිරි ලංකාවේ.. ඒ උනාට මට මගේ රටේ මගේ කණ්ඩායමට අපේ කියන්ට අයිතියක් නැහැ.. මොකද එහෙම කියන උන් ගෝත්‍රවාදීයි.. එහෙම නැති උන් ලෝක වාසී විශිෂ්ඨ බුද්ධිමත් සරුවසාධාරණ  උන්දලා...) ඉතිං මං මේ කිව්වේ සිරිලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කාරයගෙන් ඒක දැවී යාමක්ද නැද්ද කියලා විමසන්ට දුවනවා කරන්ට තියෙන වැඩේ පැත්තක දාලා... 

යකුනේ.. (ඒ ආමණ්ත්‍රණය අපේ හෙළ බුවාලටයි ඈ..) අවුට්නං අවුට්.. නැත්තං නැහැ.. මොන එහෙකටද ඇන්ජලෝ මැතිව්ස් හොයන්න දුවන්නේ.. මොකද ප්‍රධාන විසිසොරු දෙන්නට අමතරව වැඩ බලන විනිසොරු කමක් ඇන්ජලෝට දීලා තිබුනද..?

අන්න එතැනින් තමා පින්වතුනි මේ අවුල හැදෙන්නේ...

දැන් ඔන්න ඔහෙලම හිතලා බලන්ට...

1- මුලින් අවවාද කරනවා...

2- දෙවැනුව කඩුල්ල බිඳ දමා ඉල්ලීමක් කරනවා...

3- තුන් වැනුව විනිසොරා විසින් එය දැවී යාමක් කියලා තීරණය කරනවා...

4- සිව්වැනුව බට්ලර තැනට ටිකක් ඔළුව ගස ගස යන්න ඇරලා ඇන්ජලෝ මැතිව්ස් විසින් ආපහු කතා කරලා ඔන්න ඔහේ හිටපිය කියලා කියනවා...

5- අවසාන වශයෙන් හැමෝම සංතෝස වෙනවා...සිරිලංකා පිලට හැමෝම හොඳ කියනවා.. බට්ලර තැන දෙකේ කොලේට වැටෙනවා...
(ආයේ පාරක් ඒ වරදම කලොත් මහත්මාගේ අම්මටය කියලා... කෙලෝලාම දානවා.. :D )

ඔන්න ඔහොමනේ වැඩ සිද්ධ වෙන්ට තිබුනේ...

ඒත් අර පාහර... නැහැ මං කිව්වේ අර නීතිය නොදත් සද්ගුණවත් විනිසොරා මේ අවස්ථාවේ අවස්ථා සම්බන්ධය බිද දැම්මනේ.. මෑන් ගියා අරක දැවී යාමක්ද මොකක්ද කියලා වැඩි විස්තර හොයන්න ඇන්ජලෝ මැතිව්ස් හොයන්න.. ඉතිං එහෙම ගියාම මැතිව්ස් නැහැ ඒක අවුට් නැහැ කියන්නයෑ.. ඒක අව්ට් තමා.. ඉතිං ඇන්ජලෝ මැතිව්ස්ට මුලින්ම වෙන්නේ ඒක අවුට් එකක් කියලා ප්‍රකාශ කරන්න... අන්න දැක්කද මිත්තර වරුනි සිද්ධ වෙච්ච දේ බල්ලගේ වැඩේ බූරුවගෙන් මොකට අහනවද..? 

විනිසොරා කෙලින්ම නීති පොත දන්නවනං.. වැඩේ බඩු බනිස් වෙලා තියේනං.. ආයේ වන වන නොයිද කෙලින්ම දෙන්න තිබුනේ අවුට් එක.. එහෙම කාරණා කාරණා සිද්ධ උනානං ඊ ළග පියවර හැටියට ඇන්ජලෝ මැතිව්ස් බට්ලරට කතා කරනවා දෙකක් නැතිවම ආයේ වරෙං කියලා... ඒත් අවස්ථා සම්බන්ධය බිඳ දාපු විනිසොරා විසින් ඒ ලස්සන අවස්ථාව අපට අහිමි කලා.. මොකද උං දන්නවා වැඩේ සිද්ධ වෙන්නේ ඒ විදියට කියලා.. එහෙම උනොත් සිරි ලංකා කණ්ඩායමටත්.. සිරි ලංකා නායකයටත් හොඳ පිලිගැනීමක් ලැබෙනවා සහ බට්ලර තැන පීචං වෙලා යනවා... ඉතිං අර විනිසොරා හිතා මතාම කොලේ ඒ දේවල් ඒ විදියට වෙන්න නොදී සිරිලංකා පිලට එන්න තිබුන ප්‍රශංසාව හිතා මතාම අහිමි කොරවපු එකයි...

දැන් ඉතිං කොරන්න දෙයක් නැහැ.. විනිසොරා අපිට එන්න තියෙන ප්‍රශංසාවත්.. එංගලන්තේට කඩුල්ලකුත් යන දෙකම අහිමි කලා..

හැබැයි ඌ එක හොඳකුත් කලා... කාලෙකින් එංගලන්ත වාසී ආතල් එකක් ගන්න බැරිව මෙහෙට වෙලා බකං නිලාගෙන හිටිය කීප දෙනෙකුට එංගලන්ත රාජ්‍යයටත්.. එහි නායිකාව වන අති උත්තම ගරු කටයුතු එළසබෙත් රැජිනටත්  තමුන්ගේ ඇති පාක්ෂිකත්වය එළී දරවු කරගන්න අවස්ථාව උදා කරලා දුන්නා...

ඔව් ඒ අස්සේ කලු සුද්දන්ට මොනවා හරි කියලා අපිටත් ආතල් එකක් ගන්න අවස්ථාව උදා කරලා දුන්නා තමා... ඒ පැත්තෙන් ගත්තහම.. විනිසොරුතුමාට තැන්කූ නොකියත් බැහැ...

හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම නීති දන්නේ නැති විනිසොරාලා එක්ක මොන මහත්තුරුන්ගේ මෙව්වද කියලත් නොකියාම බැහැ... ඒ හින්දා ඔක්කෝටම කලියෙන් එංගලන්තයේ විනිසොරාලට තව ටිකක් ඉගෙන ගෙන එන්න කියලා නොකියත් බැහැ... නැත්තං ඉස්සරහට අපේ මහත්මා මෙව්වා එක රැක ගන්න බැරිව ගිහින් අපි ලොකු අමාරුවක වැටෙනවා.. 

“එංගලන්තෙටත් මහත්මා මෙව්වා එක උගස් තියලා මැච් දිනා ගන්න බැරිව යනවා...“

හරි නැහැනේ නේද..?

26 comments:

  1. විනිසුරාගේ තැනිං අල්ලපු නුඹේ පොටින්ට් එකත් මරු. අනිත් කාරනා නම් දැන් පට්ටම ගහලනේ. ඒ සේරටමත් වැඩිය නුබේ බස් වහර උපහාසය නියමයි. ඇත්තටම අපට එන්න තිබ්බ ගෞරවයක් ඒ විනිසුරාගේ නොදන්නා කම හෝ කපටි කම නිසා අපට අහිමි වුණා.

    ReplyDelete
  2. ඔව් මේව අදිරාජ්ජය වාදී වැදි කුමන් තන(:O) එල්ලන්නඕන ඔව විනිස්ස කාරයව... ඔව් ඉදගෙන

    ReplyDelete
  3. අර කිව්ව කාරනේ නම් හරියටම හරි. අනිවාරෙන් මැතිව්ස් අරූට යන්න දෙන්නෙ නෑ විනිසුරුවා කෙලින්ම අවුට් එක දුන්නනම්. එහෙනම් බට්ලර් හොඳටම පීචං වෙනවා. ලංකාවට ඉතාම හොඳ ප්‍රතිචාර හම්බෙනවා. කොහොමහරි වැඩේ කලේ රුවිතෙටනෙ.

    මේක ගැන මාතලන්ගෙ පෝස්ට් එකත් කියෙව්වා. මාරෙගෙ ලිවිල්ල නම් නියමයි. හැබැයි කියවන්න ටිකක් අමාරුයි ලියල තියෙන විදියට. ඒත් කියවගත්තම සුපිරි.

    ReplyDelete
  4. හොඳ වෙලාවට මම මැච් බලන්නෙ නැත්තෙ. නැත්තං මේ කරපු අලුකුත්තේරු වැඩේට විරුද්ධව ක්‍රිකට් හිමිකං එකට රපෝර්තු කරල, එක්සත් ජාතීන්ගේ ක්‍රිකට් හිමිකං කොමිසමට ගිහිල්ල කමිටුවක් පත්කොරල හොයල බලන්න කියනව මේ අධිරාජ්‍යවාදී ක්‍රිකට් හිමිකං කඩකිරීම ගැන.
    (ඇත්තටම උඹ දන්නවද බං එහෙම ක්‍රිකට් හිමිකං ආයතනයක් තියෙනවද කියල.)

    ReplyDelete
  5. මොකද බොට බ්ලොගේ මතක් වුනේ,කතාව හොඳයි කියවන්න නං අමාරුයි.

    ReplyDelete
  6. මට පෙන විදිහට නම් මේකත් කුමන්ත්‍රණයක්

    ReplyDelete
  7. අම්පයර් බීල, අම්පයර් උඹ ගෙදර පල. :D

    ReplyDelete
  8. අන්තිමට මොකද උනේ කියල මට පැහැදිලි නෑ බන්.. මම මේ සීන් දැන ගත්තේ දැන් නේ... මොකක් දෝ මගුලක් වෙලා කියල තැන තැන දැක්කට ඕව හොයන්න මට කම්මැලි නිසා නිකන් හිටිය.. උඹේ පෝස්ට් එකෙන් ලුණු ඇඹුල් එක්ක තියෙන නිසා කියවල බැලුව.. හැබැයි අන්තිමට මොකද වුනේ කියන එක තේරුනේ නෑ..

    ReplyDelete
  9. Ou ou kathawa aththa thama. Apiwa hin nulen kapala wage. Mona unath kalu kollo sudu ekalage redi galeuwa kiyalai matanam hithenne.

    ReplyDelete
  10. දමිත් කේතක ගියේ ඇයි, රංග ජයවර්ධන කවුද කියන එකත් දැවෙන ප්‍රශ්නයක්. මීළඟ පෝස්ට් එක ඒ ගැන දැම්මොත්? අපි නොදන්න දේවල් ටිකක් කියන්න ඕනෑ නැතිනම් පෝස්ට් එකේ තේරුමක් නෑ. අනික මාරයා යනු රංග ජයවර්ධනයි කියල පෝස්ට් එකක් උදාරයා දාල තියෙන නිසා මේකෙන් උඹට ගැලවෙන්නත් බෑ මාරයෝ.

    ReplyDelete
  11. Ou ou kathawa aththa thama. Apiwa hin nulen kapala wage. Mona unath kalu kollo sudu ekalage redi galeuwa kiyalai matanam hithenne.

    ReplyDelete
  12. ආ එතකොට තර්ඩ් අම්පයර් මැතිව්ස් ද :D අනේ සාදු .. අපි නං වෙලේ කිරිකැට් ගහනකොට අම්පයර්ට දැම්මෙ බැට් කරන පිලේ එකෙක් ..

    ReplyDelete
  13. https://www.facebook.com/photo.php?v=238705646319704&set=vb.166001613590108&type=2&theater

    ඕන් ඔහොමයි නියම විනිස්සකාරයෝ වැඩ කරන්නේ. අවුට් දෙන්නෙත් නෑ. ඔයා යන්න මෙයා කියනවා.. මහත්තුරුන්ට මාර ජොලි.. පට්ටෙ හොඳ එක.. වල්ල පට්ට.

    ReplyDelete
  14. හි.. හි.. කිව්වත් වගේ එංගලන්තෙටත් මහත්මා මෙව්වා එක උගස් තියලා මැච් දිනා ගන්න නම් බැරිවෙයි...

    ReplyDelete
  15. අන්න හරි මාරයෝ.......යන්න ඔන්න මෙන්න තියෙද්දි පොලිසියෙන් පැන්නා වගේ වැඩක්නේ අර අම්පයර් කාරයා කලේ.

    ReplyDelete
  16. ඔය අම්පයර් දැරිවි එදා ඇඟ උනුකරවා යාමේ රෝගයෙන් පෙලෙමින්ලු ඉඳලා තියෙන්නේ. අපරාදේ කලින් කිව්වා නම් සඟවා තිබු අවි පෙන්නන්න ගිහින් චුදිතයන් මැරුම් කෑම සාධාරණයි කියන අපේ 'විනි සොරෙක්' යවන්න තිබුණා.

    ReplyDelete
  17. නොදන්න දේවල් ලියන්න කලින් පොඩ්ඩක් අධ්‍යනය කරන්න. 2012 අෂ්වින් - තිරිමාන්න සිද්ධියෙදි අම්පයර් එක හෙළාම අවුට් එක දුන්නාද එහෙම නැත්නම් ඒ අවස්ථාවේ ඉන්දියාවෙ කැප්ටන් කළ ෂෙවාග්ගෙන් ඇහුවාද කියන එකවත් පොඩ්ඩක් දැනගෙන ලියන්න.

    ReplyDelete
  18. ඔය පොලු කඩන එකට කොහොමත් පොලු වැටෙනවා අම්බානෙකට! මොනවා උනත් තියෙන ප්‍රශ්න ටික අතමක වෙලා යන්න හොඳටෝම ඇති මේක!

    ReplyDelete
  19. Kartik strongly defends ‘Mankading’

    Kartik Murali is not new to ‘Mankading’ controversy. In fact, he has ‘Mankaded’ two batsmen in first class cricket over the last two years.

    Turning out for Surrey, Kartik ran out Alex Barrow of Somerset at Taunton in the county championship of 2013. The English media was critical of the Indian left-arm spinner but Kartik defended his act.

    Turning out for Railways in the 2013-14 Ranji Trophy season, Kartik ‘Mankaded’ Bengal’s Sandipan Das in Delhi. The incident proved the trigger in a contest of frayed tempers. Again Kartik held his ground.

    ‘Mankading’ — a bowler running out the non-striker for backing up too far — is in the spotlight again after Sri Lanka’s Sachitra Senanayake ran out England’s Joss Buttler in the Birmingham ODI.

    Kartik did not hold back his words when queried by The Hindu about this manner of dismissal. “The spirit of the game is a convenient bunker for those who question this legitimate form of dismissal. What is spirit of the game? Here you do not cheat, sledge or abuse a cricketer. You are just preventing the batsman from taking an unfair advantage.”

    According to ICC Law 42.15, “The bowler is permitted, before releasing the ball and provided he has not completed his usual delivery swing, to attempt to run out the non-striker.”

    Kartik says, “Despite the clear law, it is highly insulting for the bowler when the umpires, as a custom, ask the fielding captain whether he wants to stand by the appeal or not. If the captain doesn’t stand by it, the bowler looks like an idiot. The spirit of the game is a much-abused term.”

    He added, “In Taunton, I warned Barrow thrice before running him out. In Delhi, Das was warned twice by me. Still they continued to back up too far. A yard could be the difference between a direct hit and a run-out.”

    When the batsman was overbalanced or deceived in flight to be stumped with his foot over the crease, there was no argument about the dismissal, the 37-year-old former India bowler said. “So why should there be an argument when he is caught out of the crease at the non-striker’s end. Isn’t the bowler penalised for a no-ball by the narrowest of margins? More than an extra run, aren’t free hits given?”

    Kartik felt the entire game was designed to favour batsmen. “The laws are designed to help batsmen, to see boundaries and sixes, no question about that. In the shorter forms, even the ropes are brought in. The bowler is already up against it.”

    ReplyDelete
  20. හරි උනත් වැරදි වුනත් සචිත්‍ර පට්ට පදිරියක් නම් ඇල්ලුවා......එක නම් පට්ට!!

    ReplyDelete
  21. හරිම අපූරැයි මාරයෝ උඹගේ උපහාසාත්මක බස් වහර මාරයි. මමත් මේ ගැන පෝස්ටුවක් ලිව්වා. මේ මං නොදුටුව පැත්තක්. උඹට ජය!

    ReplyDelete
  22. මාරයා ආ.................... කියහන් බලන්න.. උඹේ කටට මසුරං ටිකක් දාන්න. ආ කටට දාලා බෑ නෙව... අතින් නේ මේක කොටන්ට ඇත්තේ. ආ අත පිටිපස්සට කරලා අර ජරාව ගන්න විදිහට අල්ලහන් බලන්න මසුරං ටික අතට දෙන්න....

    ReplyDelete
  23. සිදුවන්නට තිබූ පිලිවෙල විනිසුරුවන් විසින් බිඳ දැමූ නිසා සියල්ල කණපිට පෙරැලින...

    ජය වේවා!!!

    ReplyDelete
  24. පි එයාලට සුද්දො කිව්ව ඉන්දියාවෙ කිව්වෙ ගෝරා කියල රවින්ද්‍රනාත් තාගෝර් තුමා ගෝරා කියල පොතකුත් ලිව්ව නං අපි සුද්ද කිව්වම මොකෝ.. අපහාසයක්යැ ? ගෙවල්වලත් ආදරේට සුද්දා සුද්දී කියල අමතන්නෙ..

    ReplyDelete
  25. මේක මරු උපහාසයක් තියෙන පොස්ට් එකක්. මම දන්නා ඉංග්‍රීසි මදි, මේකේ උපහාස රසය නැසෙන්නේ නැතිව පරිවර්තනය කරන්න. නැත්නම් එහෙම කොරලා සුද්දට (හාපෝ සොරි කට වැරදුනා එ.වා.ලට ) බලන්න සලස්වනවා.

    ReplyDelete
  26. macho mata cctv mobile networking gena denaganna oni plz kiyala denavada

    ReplyDelete