28 June 2014

එන්න තිරිසනා හුරතල් කරන්න...

බුදු දහම පිළිගන්න මනුස්සයෙක් උනාට මං ඒක සීයට සීයක් අනුගමනය කරන්නේ නැහැ. හේතුව බුදු දහමේ ඇති වරදක් නෙවෙයි.. මගේ දුර්වලකම.. මට මගේ හිත පාලනය කරගන්න බැරි කම...  ඉතිං මං කරන කියන දේවල්වලට කොහේවත් ඉන්න බුදු දහමවත්.. බුදු හාමුදුරුවොවත් පලි නැහැ...

ඒ වගේම කාලයක් කටින් කට ඇවිත්.. පස්සේ කාලේ එක එක්කෙනාට ඕන විදියට කෑලි එකතු කොරාපු.. කෑලි අඩු කොරපු ලිඛිත බණපොත්වල තියෙන දේවල් සීයට සීයක් නිවැරදි යැයි කියාවත්.. වැරදියැයි කියාවත් මට කියන්න හැකියාවක් ඇත්තෙත් නැහැ... නමුත් බුදු දහමේ සදහන් දේවල් වලින් සාධාරණව ජීවත්වන කාටවත් කරදරයක් හිංසාවක් පීඩාවක් වෙන තැන්නං මට හම්බ වෙලා නැහැ.  අනික මං ඔය බුදු දහමේ තියෙන මූලික සරල දේවල් ටිකවත් හරියට කරගන්න බැරිව බොරුවට තර්ක කර කර ඉන්න අභිධර්මය පෙරල පෙරල ඉන්නෙත් නැහැ..

හැබැයි මටනං බුදු දහමින් ටිකක් කරදරයි.. හේතුව මං මස් කන්න කැමතියි... විශේෂයෙන්ම ඌරු මස්.. හරක් මස්... වගේ දේවල්... ඒත් බුදු දහමට අනුව ප්‍රාණඝාතය අකුසලයක්... ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් හම්බ වෙනකල් හිටියොත් ඉතිං ජීවිතේට දෙතුන් වතාවකට වඩා මසක් මාංශයක් කන්ට වෙන්නේ නැහැ... ඉතිං මං දැන දැන වැරද්දක් කරනවා... සල්ලි දීලා මස් ගෙනත් උයං කනවා... ඒ අය සත්තු මරන්නේ මං වගේ අය සල්ලි දීලා ගන්න හින්දනේ.. ඒ කියන්නේ මේ මස් කන එකෙන් මටත් අර ප්‍රාණඝාත අකුසලයට සම්මාදමක් තියෙනවා... ඕක හරි හිරිකිත වැඩක් තමා.. ඒත් ඉතිං ඇත්ත ඕකයි... මං වක්‍රාකාරයෙන් ප්‍රාණඝාත අකුසලය කරන්නෙක්... ඉතිං වරද මගේ.. මං වගේම ජීවිතේට ආස කරන තවත් සතෙකුගේ ජීවිතේ මගේ ආසාවක් වෙනුවෙන් මං නැති කරනවා... බුදු දහමින් ඉතිං මට කරදරයි තමා... ඒත් මට ඒ වරදෙන් ගැලවෙන්න හෝ.. මට මං ගැනම උපදින ලජ්ජාවෙන් ගැලවෙන්න හෝ බුදු දහම වැරදිය... අරකය මේකය කියලා තර්ක කර කර ඉන්න උවමනා නැහැ. වරද මගේ... ඒකට විපාකයත් මටම ලැබේවි... මොනවා කරන්නද.. මගේ ආසාව හින්දා මං වගේම තව ජීවියෙක්ගේ පණ මං උදුර ගන්නවා... සත්තු ඉන්නේ ආහාර පිණිසය... එහෙමත් නැත්තං ප්‍රෝටීන් පිණිස මස් කෑ යුතුමය වගේ තර්ක ඉස්සරහට දාලා මට මගේ හිතේ ඇතිවෙන ලැජ්ජාව මකා ගන්න අමාරුයි.. ඉතිං සාධාරණව පිළිගන්නවා මගේ වරද.. මගේ වරදට දඩුවමත් මට ලැබෙයි...

බුදු දහමින් මට කරදර වෙන තව තැන් තිබුනා... ඔය තුන් වැනි සිල්පදේට කෙල උන අවස්ථා බොහෝමයි... වරද කියා දැන දැනම මං ඒකත් කැඩුවා... ඉතිං මට ඇත්තටම බුදු දහමින් කරදරයි... 

ඒ හින්දා මාත් කැමතියි.. බුදු දහම බොරුය... ඒකේ ඇති දෙයක් නැතිය වගේ දේවල් කියලා හිත හදාගන්න.. ඒත් ඉතිං මං හිත හදා ගද්දි.. මං හින්දා ජීවත් වෙන අයිතිය නැති උන සත්තු... මං හින්දා හිතේ අමාරුකං ඇති කරගත්ත ගැහැණු මතක් වෙද්දි මට එහෙම ලේසියෙන් බොරු කියලා හිත හදාගන්න අමාරුයි... ඇත්තටම බුදු දහම පැත්තකින් තිබ්බත් මං වැරදි කාරයෙක්... මට ලැජ්ජා හිතෙනවා.. මට බය හිතෙනවා... ඒත් ඒවට පලි මංම මිසක් බුදු දහමවත් බුදු හාමුදුරුවොවත් නෙවෙයි... මොකද මේ තමා ලෝකේ සාධාරණත්වය පිළිබඳ නීතිය... හැම කෙනාටම සමාන අයිතිවාසිකම් තියෙනවා කියන එක.. ඒක මනුස්සයෙක් උනත්.. සතෙක් උනත් පොදු දෙයක්.. අපි කරන්නේ අපේ හයිකාරකං..බල පුළුවන්කාරකං පෙන්නලා අන් අයකුගේ අයිතිය උදුරා ගැනීමක්... බුදු දහමේ කියවෙන්නේ ඒ අයිතිය ගැන පැහැදිලි කිරීමක්.. ඒ අයිතියට එරෙහිව ගියොත් ඒවායේ පල විපාක අපටත් හිමිවන ආකාරය ගැන පැහැදිලි කිරීමක්... ඒ වගේ වැරදි අපි අතින් නොවෙන්න අපි හැසිරිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්...

ඒත් ඇත්තටම ඒ මාර්ගය දුෂ්කරයි... ඒ මාර්ගය අනුගමනය කරන්නනං ඔහු දක්ෂයෙක් විය යුතුයි.. ඔහු උසස් පුද්ගලයෙකු විය යුතුයි... ඔහු ශක්තිමත්.. දුර්වල නොවූ සිතක් ඇත්තෙකු විය යුතුයි... අවාසනාවට මං බොහෝම දුර්වල මනුස්සයෙක්... ඉතිං මට බුදු දහමට අනුව සීයට සීයක් ජීවිතේ හදාගන්න තාමත් බැරි උනා.. එහෙම හදාගන්නවා කියලා හිතුවට ඒක ලේසි වැඩකුත් නෙවෙයි... ඒත් පුංචියට හරි මං උත්සහ කරනවා.. ඒත් අනිත් පැත්තෙන් මං අසාර්ථක වෙන තැන් වැඩියි.. හැබැයි ඒ අසාර්ථක වෙන්නේ මං මිස බුදු දහම නොවෙයි කියලා මං දන්නවා.. මට තියෙන එකම සැනසීම මම මගේ වැරදි වෙන කාගෙවත් කරේ ගහලා මගේ හිත හදාගන්න තැනට පත් වෙලා නැහැ කියලා හිතන එක විතරයි...

ඉතිං මට බුදු දහම අදහන එක නවත්තලා සර්වාගමිකයෙක් හෝ.. නිරාගමිකයෙක් වෙන්නවත් උවමනාවක් ඇත්තේ නැහැ... මම සීයට සීයක් සාර්ථක නොවුනත්... ලොකේ තියෙන බොහෝමත්ම සාධාරණ.. අන් අයට හානි කරන්න කතා නොකරන අවිහිංසක දහමක් මගේ ඇස් ඉදිරියේ තියෙද්දි.. ඒකෙන් වැඩක් මිස අවැඩක් සිද්ධ වෙන්නේ නැති කොට.. ඒක අතෑරලා දාන්න උවමනාවක් මට ඇත්තේ නැහැ...

නැත්තං මටත් පුළුවන් බුදු දහමත් බොරුවක්ය කියලා හිතලා මගේ හිත හදා ගන්න.. ඒ විතරක් නෙවෙයි.. කර්මය හා කර්මපලය ගැන මගේ ඇති විශ්වාසය නැති උන දවසට මට පුළුවන් මගේ ආත්මාර්ථය වෙනුවෙන් තව කෙනෙක්ව දෙපාරක් හිතන්නේ නැතිව මරා දාන්න... තව කෙනෙක් සතු දේවල් උදුරගන්න... අනුන්ගේ ගෑණු බලහත්කාරයෙන් දූෂණය කරන්න... මට උවමනායි කියලා හිතුන ඕන දෙයක් කරන්න... මොකද මං මං බය වෙන කාරණා දෙකයි තියෙන්නේ ඔය දේවල් නොකර ඉන්න... එකක් තමා නීතිය... හැබැයි නීතියට අහු නොවෙන්න ඔය දේවල් කරන්න මට හැකියාව තියෙනවා... ඒත් මං කර්මය හා කර්ම පලය විශ්වාස කරන හින්දා ඔය දේවල් කරන්න බයයි... ඇත්තම කිව්වොත් මාව ඔය දේවල් නොකර පාලනය කරන්නේ නීතිය නෙවෙයි... කර්මය හා එහි පලය ගැන කියා දුන්න බුදු දහම පමණයි... 

ඉතිං කවුරු හරි කැමතිද මං මේ දහම අදහන එක නවත්තලා දානවට... එහෙම කරලා අද මට විරුද්ධව වචනයක් හරි කියන ඔබව සොයාගෙන ඇවිත් කාටවත් අහු නොවෙන්න ඔබේ බෙල්ලට තියුණු  පිහියක් තියලා එක පාරින් කපා දාලා යනවට...? ඔබව මරාදාලා ඔබේ බිරිඳව දූෂණය කරනවට..? ඔබේ දියණියව මගේ ගොදුරක් කරගන්නවට...? ඔබව මරාදානවා දකින ඔබේ පුතාවත් මගේ පිහි පහරට ලක්වනවාට..? කැමතිනං කියන්න... 
එහෙම කැමතිනං බුදු දහම අදහන එක වරදක්ය කියලා මට අවබෝධ කරලා දෙන්න.. මාත් නිරාගමිකයෙක් වෙන්නං... මගේ මේ බැඳ දමා තියෙන තිරිසනාව මං මුදාහරින්නං... ලෝකය වඩාත් යහපත් තැනක් වෙයි...

------------------------------
මගේ තිරිසනාගේ හැටි කොහොමද කියලා ඔබලාට හරියටම අවබෝධයක් නැතිනම්... ආගම ධර්මය විශ්වාස නොකරන දේශපාලන කල්ලි විසින් මේ රටේ දෙවතාවක් කරන ලද මිනීමරු ම්ලේච්ඡ දුෂ්ඨ  ක්‍රියාවන් සිහියට නගාගන්න... ඔවුන්ටත් ආගමක් තිබුනේ නැත... ඔවුන් කර්මයක් ගැන නොව විප්ලවය ගැන පමණක් විශ්වාස කලහ... එසේ විශ්වාස කොට අමු අමුවේ අහිංසක මිනිසුන් ඝාතනය කලහ.. ඒ මිනීමරුවන් අතින් ඝාතනය වන්නට යෙදුනු බොහෝ අය එසේ මරණයට පත්වීම සදහා කරන ලද වැරදි වූයේ විප්ලවය කියා තිරිසන් වැඩ කල අධමයින්ව විශ්වාස නොකිරීම විය... ඔවුන්ට වෙනත් දේශපාලන මතවාද තීබීම විය.... ඇතැම් තැනකදී තම දරුවන්ට කන්නට දෙන්න උවමනා නිසා තුණ්ඩුවකට බියේ වූවද නොකර බැරිකමට තම කඩ ලෑල්ල විවෘත කිරීම පමණක් විය... මිනිමරුවන්ට විරුද්ධව සිය කට ඇරීම විය... රැකියාවට යාම විය... එවැනි දේ වරදවල් හැටියට සලකා එකී තරිසනුන් විසින් දහස් ගණන් මේ රටේ අහිංසක දෙමාපියන්.. දූ දරුවන්.. ඝාතනය කලහ... දහස් ගණනකට අම්මා තාත්තා නැති කලහ.. අම්මලා තාත්තලාට සිය දරුවන් අහිමි කලහ... ගැහැනුන්ට සිය ස්වාමියන් අහිමි කලහ... සුන්දර කලා කරුවන් මැරූහ.. ආගමික නායකයින් ඝාතනය කලහ... රටම ලේ විලක් කලහ... මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් තැනූ ගේ දොර වතුපිටි.. ව්‍යාපාර ගිනි තැබූහ.. පොදු දේපල ගිනි තැබූහ... සුන්දර රටක් අමු සොහොනක් බවට පත් කලහ...

කර්මය විශ්වාස නොකලද.. අවසානයේ එකී මිනිමරුවන්ටද කුමන හෝ හේතුවකින් තමුන් කල කී දේට ප්‍රතිඵල හිමි විය... සමහරුන් ටයර් මත පණ පිටින් දැවිණි.. සමහරුන්ගේ සිරුරුවල පණ තිබියදීම බලු කපුටන් විසින් කෑලි කඩාගෙන කන ලදි... දෑස් සිදුරු කරන ලදි.. නියපොතු උගුල්ලන ලදි... ඇට තලන ලදි... අත පය කපන ලදි... කන් සිදුරු කරන ලදි.... පණ පිටින්ම දෙතිස් වදයට ලක්වන ලදි.. අවසන බොහෝ තිරිසනුන් සිය තිරිසන් ක්‍රියාවලට සරිලන පරිදිම බල්ලන් බළලුන් සේ මිය යන ලදි... කිහිප දෙනෙකු ඉතිරි වූවත් ඔවුන්ගෙන්ද වැඩි හරියක් ආබාදිත තත්වයන්ට පත්වී අදටත් දුක් විදිති... ඔවුන්ගෙන් සමහරක් අද වන විට තමන් කල කී දෑ ගැන පසු තැවිලි වූවද.. තිරිසනා බැද දමන්නට කටයුතු කලද...ඇතමෙක් තව දුරටත් තමන්ගේ තිරිසනා හුරතල් කරමින් සිටිති... ඒ ඉදිරියේදීත් තමන් කල කී දේ නැවත දකින්නට ඇති ආශාව නිසාය.. තමන්ට කන්නට වූ පරිප්පුව අනුන්ටත් කන්නට අවස්ථාව දී බලන්නට ඇති ආශාව නිසාය... කොටින්ම ඔවුන් තවමත් තිරිසනුන් නිසාය...

ඒ කර්මයක් ඵලයක් නොහදුනන.. නොඅදහන තිරිසනුන්ගේ ක්‍රියාකලාපයයි... එය දැකීමට අවශ්‍යනම් එන්න.. මගේ තිරිසනාත් අවදි කරන්න.. මා මෙන්ම තිරිසනා මෙල්ල කරන්නට උත්සහ දරනා ලක්ෂ ගණනක මිනිසුන්ගේ තිරිසනා අවදි කරවන්න... ඔබට සුන්දර අත්දැකීමක් විද ගත හැක...

එන්න සාධාරණ අවිහිංසක දහමක් විවේචනය කරන්න එන්න... අන්‍යයන්ට හිංසා කරන ආගම් දහම් ගැන කිසිවිටක කිසිවක් නොකියන්න.. එන්න බුදු දහමම විවේචනය කරන්න... බුදු දහමින් මා ගලවන්න.. මා මෙන්ම දහස් ගණනක් මිනිසුන් ගලවන්න එන්න... අපි නැවතත් තිරිසනුන් හුරතල් කරමු.. එන්න....

81 comments:

  1. ++++++++++

    - Investi Ano.

    ReplyDelete
  2. Mama eka neda?? mata duka ara polisiye kenek muslim palliyata adagena gihin kapa-kota maru welwe (halawatha neda?) kawruwath penisitiye nane. anna ae awastha wala muslim aya samuhayak washayen penisitala neethiyen beruna.

    - Inveti Ano

    ReplyDelete
  3. ම‍ට නං මුකුත් තේරෙන්නෑ... ඕවා

    ReplyDelete
  4. මේ කියපු ටික කියන්ට ධර්මය දන්න කෙනෙක්ම වෙන්ට ඕනි කියලා තමයි මට හිතෙන්නේ...:)

    ReplyDelete
  5. ඇත්තමයි මචං..බොක්කටම වැදුනා..!
    ඇයි ආගමක් තියෙන්නෙ, ඇයි අපි දහමක් අදහන්නෙ...!!
    සත්තුන්ගෙන් අපි වෙනස් වෙන්නෙ කොහොමද..?
    ඉදිරියේ වෙන්නෙ ඕකද මන්දා..??

    ReplyDelete
  6. ලංකාව කවදාකටත් නැති තරමට ,ජරාජීර්න වෙලා.කොටින්ම ලෝකෙ දහ අටවන කාලකන්නි රටක් බවට පත්වෙලා.දවසකට හය හත් දෙනෙක් දුෂනය වෙනව,හැමතැනම හොරු ඉන්නෙ.තනියම ගමනක් යන්න තරම්වත් විස්වාසයක් නැහැ.අපි මේ ඉන්න ලස්සන රට දිහා බලද්දි ඒක හොඳට තේරෙනව.ඉතිං ඔය කියන බුදු දහමෙන් මොනවද වෙලා තියෙන්නෙ.මම බවුද්ධ නොවුනත්,ඒ වටිනා දේ තේරුම් ගන්න තරම්,ඔය රටේ මිනිස්සුන්ට,ඔලුවක් නැහැ කියල තමයි හිතන්න වෙන්නෙ.

    ReplyDelete
  7. මමත් දුර්වලයෙක් නිසා මේ කියනා දේ අසා සිටින්නෙමි. වෙන කරන්න දෙයක් නැහැ. ෂොපින් ලිස්ට් එකේ ලියපු ජාති දෙකක් කපලා දාන්නත් බැහැ. වීක් එන්ඩ් එක නිසා. සෝඩා බෝතලේ කැපුවා. මස් වෙනුවට මාළු ලිව්වා :D

    ReplyDelete
    Replies
    1. මම නම් තව කීපයක් එකතු කරල .....මේ දැන් අරං ආව මචං ....
      තුන් වැනි පදයට නටන්න පච්ච...කිච්ච කොටපු පොඩි බාන්ඩෙකුත් සුජානම් හවසට.....

      Delete
    2. මම මේ ඒ සිල්පදේ අද හවසට කඩන්න සුදානම් වෙන ගමන්

      Delete
    3. ඊයේ හවස ඒවා දැන් බැහැලද

      Delete
    4. ඔය ඉන්නේ පාට්නර් ලත් ඇවිත්.

      Delete
  8. ආගමික කතාවක්................. හ්ම්........ මාරයා බුදුන් දැක නිවන් දැකීමට සැරසෙන හැඩයි.. හැබැයි පුතෝ මාර පරාජය කරලා තියෙන්නේ බුදු දහමේදී......

    ReplyDelete
  9. අගනා ලියවිල්ලක්.... කීයෙන් කී දෙනෙක් මේක තෙරුම් ගනීද.....?

    ReplyDelete
  10. ඉන්න ටිකෙ ඉමුකෝ ප්‍රියේ සොමිය දමාලා...

    ReplyDelete
    Replies
    1. මේ හු... හරියට කියවන්නෙ නැතිව වලිගෙ පාගගෙන.. මෙතනත්

      Delete
    2. මේ හුත්තා ගිය තැන රෙනවා බන්. කට නම් තියෙනවා හැදියාව නම්?..........................

      Delete
  11. කතාව ඇත්ත. බුදු දහම කියා දෙන දේවල් සරල උනත් අපි වගේ අයට ඒව ක්‍රියාත්මක කරන එක එච්චර ලේසි නෑ.

    ReplyDelete
  12. ධර්මය රකින්න ධර්මය විසින් රකියි කියලා කියනවනේ..
    අපිට ඒ දේවල් කරන්න ටිකක් අමාරු එකයි ප්‍රශ්නේ..

    ReplyDelete
  13. ඔව් මචං...උඹලා කියන එක ඇත්ත...
    මේ ආගම්, දර්ශන අපට වැඩක් නෑ....
    ඒවා ඔක්කෝම බොරු..
    කොහොමත් මචං ඔය ඔක්කෝම අවුරුදු දාස් ගණං පරණ සුරංගනා කථා...
    අපි මොකටද හොද වෙන්නේ....
    මොකටද බං සදාචාරයක්...
    ඒ උනාට සදාචාරයක් නැතුව මානව පරිණාමනය වෙන්න බැරිලු නේ...
    ඉදිරියට පැවැත්මකුත් නෑහැලු නේ...
    අවුලක් නෑ මචං...සදාචාරේ අපේ ජීන්ස් වලම තියෙනවලු...
    සයන්ස් වලින් මචං ඒක ඔප්පු කොරලායි තියෙන්නේ.....
    අම්මපා හොද වෙලාවට මගේ ඇගේ ඔය ජීන් එක නං නෑ වගේ...
    එන විදිහකට කාලා බීලා ඇදලා මැරිලා යමු මචං...
    නිතීයට අහුවෙන්නේ නැත්තං කුඩු ටිකක් විකුනණලා හරි හොදට කාලා බීලා හිටපල්ලා...
    අනං මනං නිර්වාණ හොයන්නේ නැතුව....
    ඕන වැරදි වැඩක් කරපන් පුතේ....
    නීතීයට අහුනොවෙන්න...ආගමයි දර්ශනයයි කියලා බය වෙන්න දෙයක් නෑ..
    ඒවා බොරු.....
    හැබැයි පු‍තෝ....නීතීයට අහු උනොත් නං උඹ පරාදයි.....
    නිරාගාමිකයෝ ගාව ජයග්‍රහකයෝ මිසක් පරාජිතයෝ නෑ මගේ සත්තලං....

    ReplyDelete
    Replies
    1. සදාචාරය හා ආගම යනු එකක් නොව දෙකකි. අපේ යුගයේ ඛේදවාචකය ආගම විසින් සදාචාරය හයිජැක් කිරීමයි. සමාජයටක සදාචාරයක් අවශ්‍යය. ආගමක් අවශ්‍යම නොවේ.

      Delete
    2. සදාචාරයක් ඇති කොර ගන්න ඉතින් මෝටිවෙශන් එකක් තියෙන්නේ එපෑයෑ.....

      Delete
    3. මෝටිවේෂන් කියන්නෙ දිව්‍යලෝකයට ස්වර්ගයට යන එක විතරද? හොඳ පඩියක් ලැබෙන රස්සාවක් කරලා ගෙවල් දොරවල් හදාගෙන යහපත් විදිහට ජීවත් වෙනවා කියන එකත් මෝටිවේෂන් එකක් තමයි. කෙනෙක්ගේ ජීවිතයේ එකම මෝටිවේෂන් එක මැරිච්චි දාට දිව්‍ය ලෝකයට ස්වර්ගයට යන්න නම් එතැන ලොකු වැරදීමක් තියෙනවා.

      Delete
    4. එන විදිහකට කාලා බීලා ඇදලා මැරිලා යමු මචං...
      නිතීයට අහුවෙන්නේ නැත්තං කුඩු ටිකක් විකුනණලා හරි හොදට කාලා බීලා හිටපල්ලා...
      ඕන වැරදි වැඩක් කරපන් පුතේ....
      නීතීයට අහුනොවෙන්න...ආගමයි දර්ශනයයි කියලා බය වෙන්න දෙයක් නෑ..
      ඒවා බොරු.....
      හැබැයි පු‍තෝ....නීතීයට අහු උනොත් නං උඹ පරාදයි.....

      Delete
    5. //හොඳ පඩියක් ලැබෙන රස්සාවක් කරලා ගෙවල් දොරවල් හදාගෙන යහපත් විදිහට ජීවත් වෙනවා කියන එකත් මෝටිවේෂන් එකක් තමයි//


      යහපත් කිව්වේ මොන වගේද? නීතියෙන් තහනම් කරලා නැති දේවල්ද? නීතියට අහුවෙන්නේ නැ කියලා බුදු ශුවර් නම් ඒවත් කලාට කමක් නැද්ද?

      Delete
    6. Mayya,

      වල්පල් නැතුව ප්‍රශනය අදාළව කතා කරමුද? යහපත් කියන වචනේ තේරුම දන්නේ නැත්නම් ඉගෙන ගෙන එන්න.

      Delete
    7. මයියා කතා කරන එකෙන් පොඩ්ඩක්වත් ඇනෝට නොතේරෙන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නෙ.

      Delete
  14. ආගම් ප්‍රතික්ෂේප කරන්නෙකුගේ මූලික විවේචනය වනාහී, මිනිසා විසින් නිර්මාණය කරන ආගම මිනිසා සම්පූර්ණ නොකරයි යන්නය. යමෙකු විසින් තවම දිනා නොගත් හෝ සන්තකයේ තිබී තමා විසින් නැති කරගත් සිහිබුද්ධිය සහ ආත්ම ගෞරවය, සිය ආගම කරගනී.

    මෙහි මිනිසා යනු මිනිසා පවතින තත්වයයි, ඔහු හෝ ඇය ජීවත් වන සමාජයයි. සමාජය සහ තත්වයන් විසින් නිර්මාණය කල ආගම, සමාජය සතු බුද්ධිය නිරූපණය කරයි. එබැවින් ආගමට විරුද්ධ ගැටුම වනාහි, ආගම සිය ශුද්ධත්වය කරගත් සමාජයට එරෙහි වීමකි.

    පුද්ගලයෙකුගේ ආගමික විඳවීම කරුණු දෙකක් එක විට සපුරාලයි. එනම් සාක්ෂාත් කරගත් සත්‍යය විඳවීම සහ එම සත්‍යය විඳවීමට එරෙහිවීම යන දෙකරුණුය.

    පීඩිත ජීවියාගේ සුසුම්ලෑම ආගමයි. කරුණාව නැති ලෝකයේ කරුණාව ආගමයි. ආත්මයක් නැත්තවුන්ගේ ආත්මය ආගමයි. කොටින්ම එය අබින් වැනිය.

    උපුටා ගැනීම සහ පරිවර්තනය : කාර්ල් මාර්ක්ස් (1797) පිළිබඳ විකිපීඩියා තේමාවන් ඇසුරිනි.

    ReplyDelete
  15. දැන් දැන් මේ තිරිසනා තැනින් තැන අවදි වෙමින් ඉන්නේ. එහෙම නේද මලයා

    ReplyDelete
  16. අය්යෝ අය්ය...
    ධර්මෙ අන්න වලේ වැටිල තමා ඉන්නවා

    ReplyDelete
  17. //අන්‍යයන්ට හිංසා කරන ආගම් දහම් ගැන කිසිවිටක කිසිවක් නොකියන්න.//

    ඔන්න උඹ මගේ තිරිසනා අවදි කරන්නයි තනන්නේ

    ReplyDelete
  18. මාරයගෙ මේ අගනා ලිපිය ඊයෙ රෑ කියෙව්ව. කොමෙන්ට් නොකරන්න තීරණය කළේ මාරයගෙ අරමුණ ඒ තරම්ම උතුම් නිසයි.ඇත්තටම ආගම කියන්නෙ මෝඩයට හොඳම කෙවිට.තිරිසනුන්ට හොඳම හෙන්ඩුව තමයි.ඒත් ඒ ලංකාව වගෙ හැඟීම් බර ගෝත්‍රික මිනිසුන්ට.
    නමුත් ලෝකෙ අපරාධ අඩු සාමකාමී රටවල් ගත්තහම ඒ රටවල් වල තමා කිසිම ආගමක් අදහන්නෙ නැති අය වැඩි.ආගම් අදහන්නෙ නැති දියුණු මිනිස්සු තමයි සාමකාමී.නමුත් ම්ලේච්ඡයන්ට අපාය දිව්‍ය ලෝකෙ නෑ කියල කිව්වොත් උන් පිස්සු කෙළියි.අපිත් කියන්න ඕන ඇත්ත තමයි අන්න බබෝ අපාය කියල.

    ඒත් මම නම් ඇත්ත දැනගන්න කමති කෙනෙක්.මෙතන තියෙන්නෙ වචන පටලැවිල්ලක්.බුද්ධාගමත් තවත් ආගමක් විතරයි.පරම්පරා ගනනාවක් කටපාඩමින් ආව කියල හිතන්න බෑ.හරි එහෙම හිතමුකො.
    සාමාන්‍ය ජනයට නොතේරෙන අපබ්‍රංස දෙකක් තියනව.එකක් තමයි මැරුනම ආයෙ උපදින්නෙ මළ කෙනාමත් නොවෙලු,අලුත්ම කෙනෙකුත් නොවේලු.
    මේකට චතුස්කෝටික ඕන නෑ.මේ කියන්නෙ මරුන කෙනා ඇසුරින් ඇතිවූ කෙනෙක් කියල.ඇසුරින් කියන වචනෙ ටයිප් කරපු කෙල්ල අතින් හලිල.මහාචාර්යවරු අහස පොලව ගැටලන්න ඕන නෑ.
    තව කියනවනම් මම අද ඇදන් ඉන්නෙ ඊයෙ අදපු කමිසෙ නොවෙයි.අලුත් එකකුත් නොවෙයි.ඊයෙ ඇදපු කමිසෙ නොතිබුන දේවල් මේකෙ තියනව.හෝදනකොට ඉවත් නොවුන කුණු තිබෙන්න පුළුවන්.හෝදන කොට සායම පොඩ්ඩක් යන්න ඇති.ඊයෙ ඇදපු කම්සෙ ඇසුරින් යම් වෙනසකට ලක්වෙලා තමයි අද කමිසෙ හැදුනෙ.ඔච්චරයි.

    අනික තමයි නිවන.මම කියල කෙනෙක් නැතිව කවුද නිවන් දකින්නෙ.සියළු සිතිවිලි බාහිර පරිසරය ඇසුරින් (එය කරන කොට ගෙන ඇති වූ ඒව ) .බාහිරයේ නැති සිතිවිලි නෑ.බාහිරයෙන් වියුක්තව සත්වයෙක් නැත්නම් කොහෙද නිවනක්?
    බාහිර සංවේදන වලින් විනිර්මුක්ත වෙන කොට දුක නැතිවෙනව තමයි.නිදා ගත්තහමත් දුක නෑනෙ.දුක සැප තියෙන්නෙ යටි හිතේ.
    ඇත්තටම අපරාධ අඩුකරන්න කියල තමයි 2000 දි විතර විද්‍යාවත් එක්ක අක්ලවම් කරල රූපවාහිනී වැඩසටහන් කළේ.බුදු හාමුදුරුවන්ටත් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න වුනාලු චුතූපපාත ඥානය ලබා ගන්න.ඔය වැඩසටහන් වල හිටපු ඩොක්ටර්කෙනෙකුට ඒක ඉදියප්පම් හදනව වගෙ වැඩක්.මෝහනය කරල 1500 ගනන් වලට ගෙන ගියා.
    හැබැයි සමාජය මිත්‍යාන්ධකාරයේ ගිල්ලුව කියල අපරාධ අඩු වුනෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඉදියප්පම් හදනව වගෙ මෝහනය කරන්න බැහැ........

      මෝහනය කියන්නෙ තම හිතෙන් අනුන් ගේ හිත කියවීම නොවෙයි.....

      එහි පර චිත්ත විජානයක් නැහ....

      Delete
    2. /තව කියනවනම් මම අද ඇදන් ඉන්නෙ ඊයෙ අදපු කමිසෙ නොවෙයි.අලුත් එකකුත් නොවෙයි.ඊයෙ ඇදපු කමිසෙ නොතිබුන දේවල් මේකෙ තියනව.හෝදනකොට ඉවත් නොවුන කුණු තිබෙන්න පුළුවන්.හෝදන කොට සායම පොඩ්ඩක් යන්න ඇති.ඊයෙ ඇදපු කම්සෙ ඇසුරින් යම් වෙනසකට ලක්වෙලා තමයි අද කමිසෙ හැදුනෙ.ඔච්චරයි./

      එහෙම බැලුවොත් ඊයෙ හිටපු මමත් නෙවෙයිනෙ අද ඉන්නෙ. එතකොට මම ඊයෙ රෑ මැරිලා ආපහු ඉපදුනාද. අනෙක ඊයෙ කමිසයයි අද කමිසයයි අතර මොනයම් හෝ සමානකමක් තියෙනවනෙ. අඩු ගානෙ බලලා ඒකමයි කියලා හඳුනගන්නත් පුළුවන්නෙ. මැරිලා පුනරුප්පත්තිය ලබන කෙනෙක් එහෙම හඳුනාගන්න බැරි ඇයි? හැම පුනරුප්පත්ති කතාවකම ඒ අය පෙර ආත්මය ලංකාවෙම ගත කරලා තියෙන්නේ ඇයි? පෙර ආත්මෙ ඇස්කිමෝ කෙනෙක් චීනෙක් හෙම වෙච්චි කෙනෙක් නැත්තෙ ඇයි?

      Delete
    3. ඇනෝ 1: පරස්පර විරෝධී අදහස්! හිහ් .... බුද්ධ ධර්මය තියා ඔයාට සාමාන්‍ය දැනිමවත් නැහැ වගෙයි... ඔය වගේ කට්ටිය තමයි දැන් වැඩිපුර ඉන්නේ.

      ඇනෝ 2: ඔව්ව ඔතරම් සරල කරුණු නම්, බුදුකෙනෙක් මේ ලෝකෙට පහල වෙන්නේ නැහැ.. අනිත් එක ඕනේ තරම් පොත්පත් තියෙනවා ඔය වගේ 'සරල' කරුණු ගැන ලියවුන.. ඔය වගේ දේවල් වත් තේරෙන්නේ නැතුව කොහෙද නිවනක් තේරෙන්නේ?

      //පෙර ආත්මෙ ඇස්කිමෝ කෙනෙක් චීනෙක් හෙම වෙච්චි කෙනෙක් නැත්තෙ ඇයි?// ඇයි නැත්තේ? කියෝලා බලන්න 'සංසාර මන්දිර' පොත... සුද්දෙක් ලියල තියෙන්නෙත් ( මුල් කතෘ) සුද්දෙක් කිව්වොත් ඇත්ත කියල පිළිගනී සමහර වෙලාවට..

      සමහර දේවල් පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කියන තුනෙන් ඔප්පු කරන්න බැහැ, එකයි බටහිර විද්‍යාව අද හරි කියන දේ හෙට වැරදි කියල ඔප්පු වෙන්නේ... ඒවා සරල සිද්ධාන්ත

      Delete
    4. @උපේක්ෂා, බුදු කෙනෙක් පහළ වුනාය කියන්නෙ ඔය ගොල්ලනෙ. අපි නෙවෙයිනෙ. බෞද්ධයකු නොවන කෙනෙකුට බුද්ධ කියන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක්. දාර්ශනිකයෙක් කියමුකෝ. ඔහු ඒ යුගයට සාපෙක්ෂව යම් යම් අළුත් හා වැදගත් කරුණු කිහිපයක් කියා තිබෙනවා. (හැමදෙයක්ම නෙවෙයි) හැබැයි ඒ කාලෙ තිබිච්චි අනෙක් දර්ශන වලට සාපෙක්ෂව මාර ගැඹුරක් නැහැ. තවත් එක දර්ශනයක්. ඒ හා සමාන මට්ටමේ තැබිය හැකි තවත් දාර්ශනිකයින් රාශියක් ඒ කාලෙ ඉඳලා තියෙනවා.

      Delete
    5. @උපේක්ෂා, තව එකක් මා කොතැනකවත් කියලා නැහැ මට නිර්වාණය කියන එක තේරෙනවා කියලා. නැති දෙයක් තේරෙන්න බැහැනෙ. ඔය ගොල්ලන්ට කියන්නෙ තියෙන්නේ අර මක්ඛලී ගෝසාල ගේ පියාට කියපු කතාව තමයි. මම පෙනෙන හඳට යන්න පුළුවන් කියලා විශ්වාස කරන කෙනෙක්. නොපෙනෙන නිවනට යන්න පුළුවන් කියලා විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.

      Delete
    6. @උපේක්ෂා, තව එකක්. බුද්ධිමත් මිනිස්සු , ඇත්තක් කියලා යමක් පිළිගන්නෙ සුද්දෙක් කිව්වද වැද්දෙක් කිව්වද කියලා බලලා නෙවෙයි ඒක තහවුරු කරන්න තියෙන සාක්ෂි බලලා. ඇයි මේ වැරදි පීල්ලෙ යන්නෙ හැම තිස්සෙම?

      Delete
    7. ඔව්... ඒ හා සමාන වගේ දර්ශන තිබ්බ.. නිඝන්ටනාතපුත්ත ගේ දර්ශනෙත් බැලු බැල්මට සමානයි.. හරියට එක වගේම කපල ඔපමට්ටම් කරපු දියමන්ති සහ විදුරු කැබලි වගේ. බාහිරෙන් එකයි, ඇත්තටම බාහිරෙන් බලල කියන්න බැහැ වටිනාකම.

      මාර ගැඹුරක් නැත්තම් මොකද ඒ දෙයක්ම හැමෝටම එකවරම නොතේරෙන්නේ? නොතේරීමයි, සත්‍යයි කියන්නේ දෙකක් වෙන්න පුළුවන් නේද? ගැඹුරු දියේ තමන්ගේ මුළු ජිවිත කාලෙම ඉන්න මාළුවෙක්ගෙන් ගොඩබිම ගැන කෙනෙක් ඇහුවොත් ඌ කියයි...
      "ගොඩබිම? උඹට පිස්සුද.. එහෙම එකක් නැහැ..."

      ඔප්පු කරන්න එක්කෝ ඌට එහෙ එක්කගෙන යන්න ඕනේ.. මොකද ගොඩබිම ඌගාවට ගේන්න බැහැ නේ.. එහෙම කියල ගොඩබිම නැහැ කියල කියන්න බැහැ , නැද්ද? නිර්වාණය කියන්නේ කෙනෙක්ට එක්කගෙන යන්න පුළුවන් තැනක් නෙවෙයි..

      ඊට මෙහා තියෙන සමාධිය වත් තේරෙන්නේ කින් කීදෙනාටද? සමාධිය නම් නිවන් නොගියත් අත්දකින්න පුළුවන්.. ඇයි ... කියවල, අහල දැකල නැද්ද ඒවා ගැන කරපු පරීක්ෂණ ලෝකේ වෙනත් බුද්ධිමත් මිනිස්සු? ගොඩක් වෙලාවට පිටරටවල් වල කැම්පස්වල ප්‍රොෆෙසර්ස් ලා.

      මිනිස්සු ගොඩක් වෙලාවට හොයන්න තියෙන දේවල් අනන්ත තියෙද්දී හොයන්නේ වෙනත් දෙයක්... මම කියන්නේ නැහැ හොයන්න එපා කියල. හොයන්න, හැබැයි පාට කණ්නාඩි ගලවල.

      නැහැ.. මම කියන්නේ බුද්ධිමත් කියල හිතන්නේ සුද්දෝ කියල සංකල්ප අතරේ ඉන්නේ. කියවන්න, අහන්න බුදුදහම ගැන ලියවුනු මද්‍යස්ථ ලිපි, රිසර්ච් ආර්ටිකල්, පොත්පත්... හාමුදුරුවරු දේශනා කරන ඒවා ඔයාලට විස්වාස නැත්තම්.

      දැන් අපේ සඟ පරපුර පත්වෙලා ඉන්න අර්බුදය හින්ද, මිනිස්සු ඒවා සැක කරන එක අසාධාරණ නැහැ.. කවුරුවත් කිව්වා කියල මම නම් විස්වාස කලෙත් නැහැ... කරන්නෙත් නැහැ.. පොඩි කාලේ ඉඳලම මගේ හැටි...

      ධර්මය රකින්නා ධර්මය විසින් රකිනවා කියන එක සැක කරන්නේ ඒකයි... සත්‍ය ජය ගන්නවා, අවංකකම වටිනවා කියන දේවල් මත මිනිස්සු දැන් ජිවත් වෙන්නෙත් නැහැ.... මොකද, දැන් ඔක්කොම දිලිසෙන්නේ පිත්තල, රත්තරං නොවේ.. මිනිස්සු එතකොට හිතනවා රත්තරං නැතුවට ඊට වැඩ පිත්තල වටිනවා කියල... ඔහොම ගිහින් රත්තරං මිනිස්සු පයට පැගුනත් විසි කරයි..

      මම කිවේ මගේ අදහස - මෙතෙක් කල් මම ජිවත් උන විදියට මගේ ප්‍රැක්ටිකල් බුද්ධ ප්‍රතිපත්තිය. මතගැටුමක් අවශ්‍ය නැහැ... මගේ අදහස වෙනස් නම් ඒක වෙනස් කියල පිලිගන්නවා නම් මම කැමති. පරීක්ෂණ කරලා අලුතෙන් ඔප්පු කරන්න යමක් මම කොහොමත් කිව්වේ නැහැ.

      Delete
    8. දෙකේ පන්තියේ ළමයකුට වීජීය සමීකරණ විසඳීම මාර අමාරුයි වගේ වැටහෙන්න පුළුවන්. ඒ එක්කම දහයෙ පන්තියෙ ළමයෙකුට ඒක සිම්පල් වැඩක් වගේ පේන්නත් පුළුවන්. යමක් ගැඹුරු හා සරල වෙන්නේ ඒ බලන පුද්ගලයාගේ දැනුම බුද්ධිය මත. ඉතින් මට සරලයි කියලා පෙනෙන දෙයක් ඔයාට මාර ගැඹුරුයි කියලා පේන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ.

      Delete
    9. /කවුරුවත් කිව්වා කියල මම නම් විස්වාස කලෙත් නැහැ... කරන්නෙත් නැහැ.. පොඩි කාලේ ඉඳලම මගේ හැටි.../

      ඒ කියන්නෙ ඔබ නිර්වාණය කියන දෙයත් විශ්වාස කරන්නෙ නෑ කියන එකද? මොකද කවුරුත් කිව්වා කියලා යමක් පිළි නොගන්නවා නම් නිර්වාණය කියන දේ පිළි ගන්න ඔබ නිවන් දැකලාම තියෙන්න ඕනැ. එහෙමයි කියලා මා හිතන්නෙ නැහැ. ඒ කියන්නෙ ඔබ නිර්වාණය කියලා දෙයක් තියෙනවා කියලා පිළි ගන්නෙ පොතපතේ එහෙම තිබුණු නිසා.

      Delete
    10. මේ උඩ ඉන්න ඇනෝ මාර පොරක් වගේ.
      බුදු දහම මේ තරම් සරලයි කියන්න ඔබතුමා මුළු බුද්ධ ධර්මයම කියවලා ඇති නේද.
      මට හිතෙන්නේ බුදු දහමේ වැරදි තැන් හොයන්න හිතාගෙන බුදු දහම කියවලම ඔයා අපිටත් වඩා හොඳ බෞද්ධයෙක් වෙලාද මන්ද
      අනේ සාදු....
      ඔබ කියන විදිහට ඔය තරමට බුදු දහම හදාරල එහි සරලත්වයක් තේරුම් ගත්තු ඔබතුමා බෞද්ධයෙක් නෙමෙයි කියල කිව්වට පළක් නැහැ.
      පුළුවන්නම් දැනගත්තු දේවල් අන් යටත් බෙදා දෙන්න බලන්න

      එහෙම නැතුව ගස් ගොබිලෙක් වගේ බොරුවට ගොන් තර්ක පමණක් දානවනම් මෙන්න මේ ටික ඔහේට අදාලයි,

      කවදාවත් බුද්ධාගමට කාවවත් බලෙන් ගන්නේ නැහැ, එන්නත් පුළුවන් යන්නත් පුළුවන්.
      නමුත් බෞද්ධ නොවන වෙනත් ආගම් අදහන අපේ බහුතර සිංහලයින්ට මෙන්න මේ ටික දැන් මතක නැහැ, තමුන් හෝ තමන්ගේ පරම්පරාවේ කවුරු හරි මත;
      01. මේ ආගම බලෙන් පටවපු බව
      02. සුද්න්ටට බයේ ආගමට ගියපු බව
      03. වරප්‍රසාද පෙරේත කමට ගියපු බව

      හෝ මෑත කාලීනවනම්;
      01. කසාද බඳින ගෑණි හෝ මිනිහගේ බලපෑම නිසා හෝ ඔවුන්ගේ මුදල් නිසා
      02. ආගමට හැරනු පසු ලබා ගත හැකි පල්ලියෙන් ලැබෙන මුල්‍යමය වාසි තකා

      බලෙන් පටවගත්තු ආගම් වල තියෙන්නේ මොන හරයක්ද කියලා ඔබතුමාගේ අසීමිත නුවණ යොදවලා බලන්න
      එහෙම බලලා ඒ ගැනත් කියන්න
      ඒ වගේම ලෝකේ බුද්ධාගම ගැන සහ අනෙකුත් ආගම් ගැන පර්යේෂණ සෑහෙන්න කරලා තියෙනවා
      ඒවා පොඩ්ඩක් හොයල බලන්න.
      ඔයා බුද්ධිමත් වැඩි නිසා වැඩි කාලයක් යන්නේ නැතුව ඒවා තේරුම් ගන්න පුළුවන් වෙයි.
      කුමක් තේරුම් ගත්තත් වැඩක් නැහැ, හැසිරීම, කතාව ඒකට ගැලපෙන්නේ නැත්නම්
      තේරුණා කියල හිතාගෙන ඉන්න ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි, තමන් නොදන්නා බව නොදැන සිටීම.

      Delete
    11. බිත්තරයක් නරක් වෙලා කියලා දන් ගන්න ඒක සම්පූර්ණයෙන් කන්න ඕනැ නැහැ මහත්තයෝ. ඒ වගේම ධර්මයක් හෝ දර්ශනයක් ගැන දැන ගන්න ඒක සම්පූර්ණයෙන් කියවිය යුතු නැහැ. ගොනා හැරෙන කොට කොයි පොල් පලේද කන්න යන්නෙ කියන්න පුළුවන්.

      තමන්ගේ ආගම තමයි මාර ඒක තමයි ලොකෙ හොඳම එක කියන එක නම් හැම ආගමිකයෙක්ම කියන කතාවක්නෙ. ඕවට උත්තර දෙන්න වෙලාවක් නැහැ. ඔබ හිතනව නම් දෙයක් හරි කියල ඔබ අදහන්න. අනුන්ට පටවන්න යන්න එපා. ඒ වගේම ඔබේ බුද්ධියේ මට්ටමින් අනුන් මනින්න යන්න එපා.

      Delete
    12. @AnonymousJuly 4, 2014 at 8:22 AM

      කාපු පොඩ්ඩෙන් නරක් වෙලා තියෙන්නේ මොන හරියද කියල කියන්නකො බලන්න. මට තියෙන සැකේ තමයි ඔබ තුමා මේ බිත්තරයක්ද කියලවත් දන්නවද කියල.

      Delete
  19. කොහොම උනත් ආගම විවේචනය හොඳ නෑ. මේ ලිපියෙන් පේන්නෙ නම් ඔබ ධර්මය හොඳින් දන්නා බවයි මලේ.

    ReplyDelete
  20. තරුන කාලෙදි නිරාගමික නිර්ජාතික වෙලා ඉන්නැද්දි නිර්පුක වෙච්චි උන්නැහෙලා ටිකක් ගොන්මන් වයසට එනකොට අසූ හාර දාහේ පහන් පූජා සහ රුවන්වැලිමහ සෑයට පිච්ච මල් පූජ සන්විධානය කොරනවා බලන්න කැතයි....

    ReplyDelete
    Replies
    1. කිසිම පුදුමයක් නෑ. මහළු වෙනකොට කොහොමත් මිනිස්සුන්ගේ මොළේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙනවා. ඔයිට වැඩිය පිස්සු කෙළින්නෙ නාකි වුණාම. දැකලා නැද්ද?

      Delete
  21. ++++++++++++++++++++++++++++++++++++++++++++++++
    කියන්න මුකුත් නැ ඔක්කොම කියලා

    ReplyDelete
  22. දැන් මේ පෝස්ට් එකේ තියෙන කාරණා එකින් එක ගනිමු.

    1. බුද්ධාගම කියන්නේ මොකද්ද මාරයා දන්නේ නැත. (මොකද ඔරිජිනල් එක මොකද්ද පසුව එකතු වුණු දේවල් මොනවාද ඔහු නොදන්නා නිසාය. පසුව එකතු වූ කාරණා බොරුද විය හැකිය.) හැබැයි තමන් මොකද්ද කියාවත් හරියට නොදන්නා ආගමක් ඇදහීම ඔහුට ප්‍රශ්නයක් වී ඇති බවක්ද නොපෙනේ. ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියා නොදන්නේ නම් අදහන්නේ මොකද්ද? කරුණාකර පැහැදිළි කළ හැකිද?

    2. දෙවනුව සදාචාරය ඇති වන්නේ ආගම නිසාය කියා ඔහු දරුණු මිථ්‍යාවක් ඇද බායි. ලෝකයේ කොහේවත් මිනිසුන් හොඳට හැසිරෙන්නේ ආගම මඟින් නොව ඒ ඒ සමාජ වල සදාචාරය නිසා ඔවුන් මෙල්ල කරනා බැවිණි. ආගමක් නැතිවීම නිසා කෙනකු වැරදි වැඩ කරයි නම් හැම නිරාගමිකයකුම මිනීමරුවකු විය යුතුය. හොරකු විය යුතුය. හැබැයි ප්‍රායෝගිකව වැඩිපුර මිනී මරන්නේද හොරකම් කරන්නේද ආගමිකයින් විනා නිරාගමිකයින් නොවේ. බණ්ඩාරනායක මැරූ සෝමාරාමද එම මිනීමැරුම ප්ලෑන් කළ බුද්ධරක්ඛිත ඇතුළු සියළුම දෙනාද බෞද්ධයෝය. වටරැක විජිතද සමන්තභද්‍රද බෞද්ධයෝය බෞද්ධ වීම නිසා මොවුන්ට අමුතු සදාචාරයක් ලැබුණේ නැත. අපරාධයන්ට සම්බන්ධ නිරාගමිකයින් තිදෙනකුගේ ලිස්ට් එකක් ලබා දිය හැකිද?

    3. ආගම නිසා වන හොඳ අතිශයෝක්තියට නඟන මාරයා ආගම නිසා වන නරක සඟවයි. අලුත්ගම නිවාස 380ක් විනාශ වූයේද ජීවිත හතරක් අහිමි වූයේද ආගම නිසාය. ආගමක් නො ඇදහීම නිසා ඇති වූ මීට සමාන සිද්ධියක් කිව හැකිද?

    ප්‍රශ්න වලින් පැණ නොයා මාරයා මේ සරල ප්‍රශන තුනට පිළිතුරු දෙනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. නැවත කියවද්දී තවත් වරදක් හසුවිය. මාරයා දැන හෝ නොදැන ජේ.වී.පී කරයින්ද නිරාගමිකයින්ගේ ගොඩට දමා තිබේ. මෙය වැරදිය. සම්ප්‍රදායික ආගමක් නොවුනද ජේ වී පිය අන්ධව අදහන ආගමක් තිබේ. එනිසා ඔවුන් ආගමිකයින් පිරිසක් මිස නිරාගමිකයින් නොවේ. එනිසා ජේ වී පිය කළ හැමදයක්මද ආගමික අපරාධ ගොඩට දැමිය හැමිය. නිරාගමිකයින් කියන්නේ කිසිම ආගමක් හෝ දර්ශනයක් (මාක්ස්වාදය ඇතුළුව ) අන්ධව විශ්වාස නොකරන පිරිසකි. එසේම ඔවුන් හැම විටම ආගම් වලට විරුද්ධය කියා එයින් අදහස් නොවේ. සොරකම් කිරීම වැරදි යයි බොහෝ ආගම් වල කියැවෙන දේ නිරාගමිකයින් බැහැර නොකරති. එසේම සදාචාරයක් අවශ්‍ය නැතැයි නිරාගමිකයින් කිසිම තැනක කියා නැත. සදාචාරයක් අවශ්‍යය. නීතියක් අවශ්‍යය. එහෙත් මිනිසා සදාචාරාත්මක විය යුත්තේ අපායට බයෙන් හෝ දිව්‍ය ලෝකයට යෑමේ කැමැත්තෙන් නොව අවබෝධයෙන් යුතුවය. සදාචාරයට අපාය දිව්‍ය්ලෝකය ස්වර්ගය හෝ නිවන ගාවා ගත යුතු නැත.

      Delete
    2. +++
      පුද්ගල අපහාසය හැර,අනික්වා යම්තරමකට පිළිගනිමි

      Delete
    3. කාටද පුද්ගල අපහාස කරලා තියෙන්නෙ? මෙතැන නම් වශයෙන් සඳහන් කරපු පුද්ගලයින් ඉන්නේ හතරයි.
      1. සෝමාරාම
      2. බුද්ධරක්ඛිත
      3. වටරැක විජිත
      4. සමන්තභද්‍ර.

      වෙනත් නම් ඕනැ තරම් සඳහන් කරන්න පුළුවන්කම තිබුණත් මේ නම් හතර පරෙස්සමෙන් තෝරා ගත්තේ වෙනත් නම් සඳහන් කිරීමෙන් තර්කය පීලි පනින්න ඉඩ තියෙන නිසා. දැන් මේ හතර දෙනාගෙන් කාටද මෙතැන අපහාස වෙලා තියෙන්නෙ?

      Delete
    4. 1 > //බුද්ධාගම කියන්නේ මොකද්ද මාරයා දන්නේ නැත.//

      මේකයි මම විශේෂයෙන් කිව්වේ. මාරයාගේ දැනුම ගැන මම කිසිවක් කියන්නට කැමති නැත. මොකද, මම ඒ ගැන කොහෙත්ම දන්නේ නැති හින්ද.

      අනිත් අයගේ දැනුම නොදන්නා නමුත්, හැසිරීමෙන් පමණක් තීරණය කිරීම අපහසුයි. කෙනෙක්, පුද්ගලයෙක් පසුපස යන එක කල්පනාවෙන් කලයුතුයි... මොකද ඊට ඉස්සරහින් යන්නේ කව්ද කියා අපි නොදන්නවා නම්?

      Delete
    5. අපොයි මෙන්න වල්ගෙ පාගා ගෙන. (ඔරිජිනල්) බුද්ධාගම කියන්නෙ මොකද්ද කියලා මාරයා දන්නෙ නෑ කියන්නෙ පෞද්ගලික අපහාසයක් නෙවෙයි. ඒක ඔහුම පිළිගෙන තියෙනවා උඩ. ඔහු විතරක් නෙවෙයි (ඔරිජිනල්) බුද්ධාගම කියන්නෙ මොකද්ද කියලා අද කිසිම කෙනෙක් දන්නෙ නෑ. මොකද සැලකිය යුතු කොටසක් පසුව එකතු වී ඇති නිසා සහ එසේ එකතු වූ කොටස් වෙන් කර ගන්න බැරි නිසා. උදාහරණයක් හැටියට ත්‍රිපිටකය (ඔරිජිනල්) බුද්ධාගමේ කොටසක්ද නැද්ද යන කාරණාව ගැන බෞද්ධයින් අතරම මතභේද තියෙනවා. පුනරුප්පත්තිය/පුනර්භවය බුද්ධාගමේ කොටසක්ද නැත්නම් හින්දු ආගමින් එකතු වෙච්චි දෙයක්ද කියන එක ගැනත් බෞද්ධයින් අතර මතභේද තියෙනවා. මගේ ප්‍රශ්නය මේකයි. හරිහැටි මොකද්ද කියලා දන්නෙ වත් නැති ධර්මයක් අදහන්නෙ කොහොමද?

      Delete
    6. @AnonymousJune 30, 2014 at 9:34 AM

      ඔබතුමාගේ කතාව අර්ධ සත්‍යයක්. ජ.වි.පේ. අන්තවාදී මාක්ස්වාදීන් ආගමිකයන් වශයෙන් ඔබ නිවැරදිව හඳුනාගෙන තියෙනවා. නිරාගමිකයන් (Atheist) කියන්නේ ආගමක් නැති අය නෙවෙයි. ලෝකය පාලනය කරන supernatural බලවේගයක් නැති බවට ස්ථිරසාරව අදහන කට්ටිය තමයි නිරාගමිකයන් කියන්නේ. මේ අයටත් තියෙන්නේ ඇදහීමක්ම තමයි. හැබයි නිරාගමිකයන් ගන්න ගොන් ආතල් එකක තමයි අරුන් අදහනවා, අපි අදහන්නේ නෑ කියල කියන එක. නිරාගමිකයන් කරනෙන්ත් ඇදහීමක්ම තමා. මොකද උන්ට බුදු ෂුවර් දෙයියෙක් නෑ කියල වගේම බටහිර විද්‍යාව තමයි පරම සත්‍යය කියන එක. ඔක්කොම පූජ්‍ය ස්ථාන සමතලා කරන්න ඕන කියන වගේ තලේබාන් නිරාගමිකයොත් මේ අතර ඉන්නව. අන්තිමට ඔක්කොම එකයි. පණ දාගෙන අදහනවා!

      Delete
    7. ///There is a God — and He is made from spaghetti./////
      GUY PEWSEY.....a Pastafarian...

      GUY PEWSEY.....a Pastafarian...

      පැස්ටාෆේරියන්ලා මාර පොරවල්නේ...මුන් ගැන දැන් නිතර කතාවෙනවා. මටත් ආසයි අර පැස්ටා පෙරන එකක් ඔළුවේ දාගෙන යන්න. මම එක්කෙනෙක්ව දැක්කා දවසක් ලන්ඩන්වලදී. ගිහින් එකක් ගන්න ඕන.

      Delete
  23. අපිට කියන්න දෙයක් ඉතුරු නොකරම හැම දේම මාරයාම ලියලා.. ලියලා තියෙන හැම දේකටම වගේ 100%ක් එකඟයි..

    ReplyDelete
  24. ආගම කියන වචනෙ තේරුමවත් නොදැන ලියපු කතාවක්. තිරිසන්කම කියන එක, ඕන එකෙකුට මුහුණ දෙන අභියෝග හමුවේ තීරණය වෙන දෙයක්. ආගම අදහන උනුත් නැති උනුත් එකයි. Ano One Orig

    ReplyDelete
  25. ලියමනක් විදියට නං හොඳයි. කියන්න තියන දේ කියන්න හොඳ ක්‍රමයක් යොදාගෙන තියනව. නමුත්,

    කියන කාරණා ගැන එකඟතාවයක් නෑ.
    1. නිරාගමිකයන් යනු මාරයා කියන ආකාරයේ තිරිසනුන් නම් ලෝකයේ වැඩිම අපරාධ සිදුවිය යුත්තේ ‍ඓහිකත්වය පදනම් කරගත් රටවලය. එය එසේ නොවීම කියාපාන්නේ මාරයාගේ තර්කයේ ඇති දෝශයයි.
    2.'ජවිපෙ=නිරාගමික' නිසා
    'ජවිපෙ විසින් කරන ලද අපරාධ'= 'නිරාගමිකයන් කරනලද අපරාධ' යන
    තර්කයද සාවද්‍යය. එසේ නම් මේ වනවිට සමාජයේ සිදුවන 'බෞද්ධයන් විසින් සිදුකරන' අපරාධ ප්‍රමාණය සැලකූ කල මාරයාගේ තර්කය බොරු කලහැකිය.

    (මාද නිරාගමිකයෙකු නොව මාරයා කියන ආකාරයේම බෞද්ධයෙකි. අවුරුදු ගනනාවකින් පන්සල් නොගියද පන්සිල් නොගත්තද බුද්ධ දර්ශනය විශ්වාස කරන්නෙකි. එහෙත් නිර් ආගමිකයන් පිළිබඳ මගේ හැඟීම මාරයාට වඩා යහපත්ය. මේ වනවිට සිදුවන, 'ආගමේ නාමයෙන්' කරන අපරාධ දෙස බලා 'ආගම අරහං' යයි කියන නිරාගමිකයන් අසාධාරණ නැත.)

    ReplyDelete
    Replies
    1. සිදුහත් කුමාරයා උපතින් හින්දු භක්තිකයකු විය. (හෝ එකල සමාජයේ මොකක් හෝ තිබු ආගමක් අදහන්නට ඇත.) වැඩි වියට පත්ව බුද්ධිමත්ව කල්පනා කොට ඔහු එය ප්‍රතික්ෂේප කළේය. ජේසුස් ක්‍රිස්තුස් උපතින් යුදෙව්වෙකි. ඔහුද යම් මොහොතක එය වැරදි බව දැන එය ප්‍රත්ක්ෂේප කළේය. මේ දෙදෙනාම අද අප භාවිතා කරන වචනයකින් නිරාගමිකයින් සේ හඳුනා ගත හැකිය. ආගම අත හැරීම නිසා මේ දෙදෙනාම සොරුන් හෝ මිනීමරුවන් නොවූහ. ඔවුන්ට ඊට වඩා සාධනීය සමාජයට ප්‍රයෝජනවත් ආගමක්/දර්ශනයක් නිර්මාණය කළ හැකි විය. නිරාගමිකයින්ට ගල් ගසන්නට ඕනැ නම් මේ දෙදෙනාගෙන්ම පටන් ගනිමු.

      Delete
    2. මට නං තෙරේන විදිහට බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන කොටත් නිරාගමිකයෙක්....:))

      Delete
    3. හිට්ලර්, ස්ටාලින්ලත් නිරාගමිකයෝ කියනවා...ලෝකයේ පලවෙනි නිර්ගාමික රට ඇල්ජිරියාව...හොදට අපරාධ වෙලා තියෙනවා.....

      Delete
    4. මයියා,
      එතකොට ලෝකයේ මුල්ම ආගමික රටවල් වෙච්ච ඉන්දියාව (මුල්ම කිව්වෙ අපි දන්න හැටියට) වගේ රටවල තත්වය කොහොමද?
      මයියා අනිත් ඇඟිලි හතර එල්ල වෙච්ච පැත්ත පේනවද?

      Delete
    5. හිට්ලර් කිතුණු භක්තිකයෙක්. ස්ටාලින් නම් මොනම ආගමක් වත් විශ්වාස කළාය වාර්තා වෙන්නෙ නැහැ. නමුත් එයින් කිසිවක් ඔප්පු වන්නේ හෝ නොවන්නේ නැහැ. ඉතිහාසයේ ඈත ඉඳන් බැලුවොත් ලෝකයේ කුරිරු පාලකයින් අතර කිතුණුවෝ මුස්ලිම්වරු යුදෙව්වෝ බෞද්ධයෝ හින්දුවරු නිරාගමිකයෝ ඔය ඔක්කෝම ඉඳලා තියෙනවා. පාලකයින්ට මිනී මරන්න ආගම බලපාන්නේ නැහැ.

      Delete
    6. /ලෝකයේ පලවෙනි නිර්ගාමික රට ඇල්ජිරියාව...හොදට අපරාධ වෙලා තියෙනවා...../

      මක් කිව්වා ? අල්ජීරියාව නිරාගමික රටක්? අමු කැවිලද? ඇල්ජීරියාව 99% ඉස්ලාම් රටක්. ඉතුරු ටික කිතුනුවන් හා යුදෙව්. බලන්න. http://en.wikipedia.org/wiki/Religion_in_Algeria

      Delete
    7. sorry mate

      it should be corrected as ALBANIA

      Delete
    8. හොව් හොව් රාජ්....මම කියලා නෑ ආගමික උනයි කියලා රටවල් අපරාධ වෙලා නෑ කියලා ..මම කිව්වේ නිරාගමික උනයි කියලා අපරාධ වල අඩුවක් නෑ කියලා විතරයි
      //නිරාගමිකයන් යනු මාරයා කියන ආකාරයේ තිරිසනුන් නම් ලෝකයේ වැඩිම අපරාධ සිදුවිය යුත්තේ ‍ඓහිකත්වය පදනම් කරගත් රටවලය. එය එසේ නොවීම කියාපාන්නේ මාරයාගේ තර්කයේ ඇති දෝශයයි.//

      Delete
    9. නිරාගමික රටවල් කියලා දේවල් නැහැ. නිරාගමික මිනිස්සු නම් ඉන්නවා. රටකට ආගමක් තියෙන්න විදිහක් නැහැනෙ. රටක් කියන්නෙ අජීවී වස්තුවක්.

      Delete
    10. //නිරාගමිකයන් යනු මාරයා කියන ආකාරයේ තිරිසනුන් නම් ලෝකයේ වැඩිම අපරාධ සිදුවිය යුත්තේ ‍ඓහිකත්වය පදනම් කරගත් රටවලය.

      ඓහික කියන්නේ නිරාගමික නෙවෙයි. වචන ටපලගන්න එපා.

      Delete
    11. //නිරාගමික රටවල් කියලා දේවල් නැහැ. නිරාගමික මිනිස්සු නම් ඉන්නවා. රටකට ආගමක් තියෙන්න විදිහක් නැහැනෙ. රටක් කියන්නෙ අජීවී වස්තුවක්.

      ෂෙක්! එතකොට අර ආගමික රටවල් ගැන තර්කය ලත් තැනම ලොප් වෙනවනේ!

      Delete
  26. කාලෝචිත ලිපියක්.. දැන් වෙලා තියෙන් මිනිස්සුන්ගේ ආවේග පිට කරගන්න ආගම පාවිච්චිකිරීම.

    ReplyDelete
  27. මෙන්න තව බොරුවක් කිව්වා. ඇල්බේනියාව මුස්ලිම් හා ක්‍රිස්තියානි රටක්. ඇල්බේනියාවේ නිරාගමික ප්‍රතිශතය 2.5% ක් විතරයි. පොඩ්ඩක් හොයලා බලලා කතා කර සිරිතක් ඔය මහත්තයාට ඇත්තේම නැද්ද? http://en.wikipedia.org/wiki/Religion_in_Albania

    ReplyDelete
  28. ඉතා හොඳ ලිපියක් මිත්‍රයා.

    ReplyDelete
  29. මේක හරි කෙළියක් ය.. එක එක ආගම් වල එවුන් කෙළගන්න එකට අන්තිමේ පළි නිරාගමික අපි ය.. බුද්ධාගමේ උන් කතෝලික පල්ලියක පිළිමයක් ගල් කර ඇත.. බොදු බල සේනාවේ එහෙයියෝ අළුත්ගම දී මුස්ලිම් කඩ කැඩූ හ.. කතෝලිකයෝ ගණිකාවන්ට ඇසිඩ් ගසන බවට මීගමුවේ පෝස්ටර් ඇලවූ හ.. මුස්ලිම්මු ජාත්‍යන්තර සංවිධාන හරහා අන්තවාදය වපුරති.. පලස්තීනුවෝ ඊශ්‍රායලයට මෝටාර් වලින් කෙළිති.. යුදෙවුවෝ පලස්තීනයට බෝම්බ දමති.. ශිව් සේනාව ඉන්දියාවේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලි විනාශ කරති.. තලිබානුවෝ ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම විනාශ කරති.. අයිසිස් ත්‍රස්ත කණ්ඩායම ඉරාකයේ හැම දෙයක්ම විනාශ කරති.. බුරුම බෞද්ධයෝ බුරුම මුස්ලිමුන් බුරුතු පිටින් මරති.. කතෝලික පල්ලිය විද්‍යාඥයන්, අහින්සක ගැහැණුන් සහ මුස්ලිමුන් දහස් ගණන් මරා දමා ඇත..
    අපිට කෙළ නොකර මුන් ඕනෙ තරම් ගුටි කෙළගත්තාට අපට කමක් නැත.. ප්‍රශ්නය ඇත්තේ මුන් කරන තරමක් කුපාඩි වැඩ කර සමාදානෙට එන විට "සහෝදරයා, මේ වෙච්චි දේවල් වලට සොරි ආ.. මේව කරන්නෙ අපේ ආගමේ නෙමෙයි.. ඕගොල්ලො දන්නවනෙ කොයි ආගමෙන් උගන්වන්නෙත් හොඳ දේ මිසක් නරක දේ නෙමෙයි.. මේ වගේ ජරා වැඩ කරන්නෙ ආගමක් දහමක් නැති අය" යනුවෙන් බබා ටෝක් දැමීමයි.. එම නිසා "ආගමක් දහමක් නැති අය" වශයෙන් මේ ටික කිව යුතුව තිබේ..
    1. තොපි වගේ නොව අපි හැම ආගමක්ම වාගේ කෙටියෙන් හෝ කියවා ඇත.. "හැම ආගමකම උගන්වන්නේ හොඳ දේවල්" කීම අමුම කෙප්පයකි.. ආගම් වල තරම් අමන කුපාඩි වැඩ වලට අනුශාසනා සහ බලපත්‍ර වෙන කොහේවත් දී නැත.. (සමහර ආගම් වල "පොත් වල" එබඳු කුපාඩි ඉන්ස්ට්‍රක්ෂන්ස් නැති බව ඇත්ත ය.. එහෙත් එම ආගම අදහන උන් කල්ලිවාදය නිසා අනික් උන් හා සමානව කුපාඩිකම් කරති ).. අප නිරාගමිකයන් වී ඇත්තේ මේ බොරුව, අමනකම සහ කුපාඩිකම ගැන කළකිරී මිසක් වෙන හේතුවකට නොවේ..
    2. තොපි එක එකා කෙළගන්න ඒවයේ කුණු අපේ ගිණුමට බැර නොකරන්න.. ඒ අමනකම් කරන්නේ තොපේ ආගම් වලම ඉන්න අන්තවාදීන් මිසක් අහක ඉන්න අප නොවේ.. "ආගමක් දහමක් නැති අපි" හඬක් ද නැති සුළුතරයක් කියා සිතා ඔක්කොම කුණු බේරුවල් බොක්කට කියා මෙහි දමන්න ලෑස්ති නොවන්න.. අප කතා කරන්නට පටන් ගතහොත් තොපිට හැරෙන්ඩවත් ඉඩ නොලැබෙනු ඇත..
    3. ආගමක් දහමක් නැති අප තොප හිතන ආකාරයේ නරුම රැළක් නොවේ.. ලෝකය ගැන විකාර මිත්‍යා අදහස් නොමැති අප එබඳු අදහස් වෙනුවෙන් අහස පොළව නූහුලන අපරාද නොකරමු.. ආගමික ස්ථාන කඩා දමා, ඒවායේ ඇති දේපළ සහ ආගමික සංකේත පැහරගෙන, ඒවාට හානි කර ගොන් ආතල් ද නොගන්නෙමු.. සමාජයට හානිකර ක්‍රියාවන් ගැන යථාර්ථවාදීව සිතා එබඳු ක්‍රියා වලින් වැළකී සිටින්නෙමු.. ඒවාට එරෙහිව නැගී සිටින්නෙමු.. එසේ කිරීමට අපට තොපේ මිත්‍යා විශ්වාස හෝ ආකාස මිතුරන් අවශ්‍ය නැත
    4. නිරාගමිකයන් පර්ෆෙක්ට් නැත.. ඔවුන් අතර ආත්මාර්ථකාමියෝ සිටිති.. අහංකාරයෝ සිටිති.. වැරදි අදහස් දරන්නෝ සිටිති.. පරපීඩකයෝ සිටිති.. ළමා අපචාරකරුවෝ ද සිටිති.. එහෙත් කිසිම නිරාගමිකයෙක් තොපි වගේ "මේ අපේ උන් නෙ" යයි සිතා එබඳු හිපාටුවන් ආරක්ෂා කරන්නේ නැත.. එසේ බොරු තමන්ගෙකමක් හදා ගැනීමට තොපිට මෙන් අපට පොදු මෙව්වෙකක් නැත.. එහෙත් තොපි තොපි කරන ජඩකම් වල වගකීම් අපට පන්ගාත්තු කරන තුරු අපි කකයි පුටයි වහගෙන ද නොසිටිමු..
    5. නූතන ලෝකයේ ප්‍රමුඛතම විද්‍යාඥයන්, නිපැයුම්කරුවන් සහ ව්‍යාපාරිකයන්ගෙන් අති මහත් බහුතරය නිර් ආගමිකයන් ය.. ඔවුන්ගේ ඉතිරි අයගෙන් ද බහුතරය ආගමික පිස්සුවක් නැති මැදහත් පුද්ගලයන් ය.. ලෝකයේ නිර් ආගමික ප්‍රතිශතය පසුගිය වසර විස්ස තුළ ආසන්න වශයෙන් දෙගුණ වී ඇත.. ඉදිරියට එය තවත් ඉහළ යනු ඇත.. මේ සියවස අවසන් වන්නට පෙර ලෝකයෙන් බහුතරය අනිවාර්යයෙන් ම නිරාගමික වනු ඇත.. එබැවින් මුස්ලිම්, ක්‍රිස්තියානි ආගම් ආදිය මෙන් සංවිධානාත්මක ගම්‍යතාවක් නොතිබූ පළියට අපව සුළු කොට නොතකන්න.. ලෝකයේ තීරක බලය අපි දැනටමත් දරන්නෙමු.. (මේ දිවයිනේ තත්ත්වය වෙනස් බව ඇත්ත ය.. එහෙත් මේ දිවයින ලෝකයේ නොගිණිය හැකි තරම් කුඩා කොටසකි.. ලෝකයේ මහා තීරක බලවේග සමග හැප්පී ස්වාධීනව සිටීමට තබා ඒවා සමග හැරීමටවත් මෙයට නොහැකි ය..)
    6. ඉහත තත්ත්වයට අප පත් වූයේ තොප මෙන් බලහත්කාරයෙන් සහ අයථා ක්‍රම වලින් හරවා ගැනීමෙන් හෝ රටවල්, මහාද්වීප ආක්‍රමණය කර සමාජයන්, සංස්කෘතීන් ගිනිබත් කර දැමීමෙන් නොවේ.. සහේතුක චින්තනය, විද්‍යාත්මක ඥානය සහ අනාගතවාදී දැක්ම නිසා ය.. තොපගේ ප්‍රාථමිම ගෝත්‍රික විධික්‍රම වලට මෙය පරාජය කිරීමට තබා තේරුම් ගැනීමටවත් නොහැකි බව ද අපි දනුමි.. එබැවින් එබඳු ප්‍රාථමික ක්‍රම වලින් අප නවත්වාලිය නොහැකි ය..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Thumbs up ! @AnonymousJuly 11, 2014 at 9:01 AM

      Delete
    3. //ආගමික ස්ථාන කඩා දමා, ඒවායේ ඇති දේපළ සහ ආගමික සංකේත පැහරගෙන, ඒවාට හානි කර ගොන් ආතල් ද නොගන්නෙමු..

      හුකෑස්! මා ඕ සේතුං, පොල් පොට්, ජොසඵ් ස්ටාලින් එහෙම කෙරුවේ මොනවද මන්දා? ද්න්නෙම නැත්නම් "ෆාන් ශෙන්" පොත කියවලා බලලා එන්න. නිරාගමිකයන්ගේ වැඩ කිඩ ඒ පොතේ ලස්සනට කියල තියෙනවා.

      Delete
  30. මට තේරෙන පරිදි අද රටේ වන්නේ බුද්ධාගම ද ආගමක් ලෙස ඇදහීමට යාමට ගොස් වරදවා ගැනීමය. මෙහෙම කියන්නේ නිරාගමිකයින් ද සදාචාරයට කැමැත්තෝ ය. ඔවුන් අතර ද සොරකම් කිරීම නොකළ යුත්තකි යන්න පිළිගන්නවුන් ඇත. කාම මිත්‍යාව නොකළ යුතුය කියන කොටසක් ඇත. යන කොටස පදනම් ව ය. එසේම මේවා සිදු කරන්නවුන් ද නිරාගමිකයන් අතර ඇත. ආගමිකයන් අතර ද තත්වය මෙය ම ය.

    එසේ නම් බුද්ධාගම වෙනස් වන්නේ කෙසේද? ඒ වෙනස් වන්නේ එව බලව කියන ස්ථානය පදනම් ව ය. එහි බලපෑම් නැත. ඇදහීමට තහංචි හෝ ලැබීමට තහංචි නැත. ඔබට අවශ්‍ය නම් පිළිගත හැකි ඔබට අව්ශ්‍ය නම් පිළිපැදිය හැකි දේ පමණක් එහි ඇත. ඒ දේ නොකලා කියා ඔබට විශේෂයක් නැත. ඇත්තේ ඔබ වැරදි යමක් කල විටක එය විපාක දීමක් එහෙමත් නැතිනම් ප්‍රතික්‍රියාවක් සිදු වන බව පමණක් ය. ඔබට බුද්ධාගම තුල බිය වෙන්න කියා ඇත්තේ ඔබටමය. එනම් ඔබ කරන දේ ඔබට විපාක දීමක් මිස මට විපාක නොදීම නිසාය. වෙනත් කිසිඳු බලපෑමක් නැත.

    ඒ නයින් බලන කල බුද්ධාගම අද ඇත්තේ පටලවාගත් තැනකය. එයට මුලිකව වගකිව යුත්තේ එය ගාථා කියා වන්දනා කර පුදා අදහා ගැනීමක් බවට පත්කළ ශ්‍රාවකයාමය.

    ReplyDelete