23 August 2014

සොදුරු බාලේ - කාපු තාලේ...

කාලෙකින් ඕං මේ පැත්තේ ඇවිල්ලා යන්ට හිතුනා.. අද ඉතිං දන්න කියන බ්ලොග් කාරයෝ.. කාරියෝ කිහිප පොලක් හම්බ උනා නෙව... අපේ රංදිකාගේ පලවෙනි පොත පබිලිස් කොරාපු මෙව්වා එක තිබුනනේ නිදහස් මාවතේ අර මොකක්ද මංදා පුස්තකාල බිල්ඩිමේ... ඔය හුට්ටප්පරේ ගැන රංදිකා උන්දෑ දැන් මට කියලා සෑහෙන දවසක් වෙනවා.. දින හුටස් පටස් වෙලා මං තව පොඩ්ඩෙන් හිතං හිටයේ මේක තියෙන්නේ 28 වැනිදාය කියලා.. ඒත් හදිසියේම ඊයේ හවස් අතේ දන්න කියන කෙනෙක් සිංගබ්බූරුවේ හිටලා කතා කරලා ඇහුවා හෙට අරකට යනවද කියලා.. මල විකාරයයි ඒ වෙලේ තමා හොයලා බැළුවේ දවස ගැන.. බැලින්නං අදනේ.. අරුන්දෑ සිංගබ්බූරුවේ ඉඳන් කතාකොලේ උන්දෑ වෙනුවෙනුත් මං හරහා පොතක් ගන්ට උවමනා වෙලා.. කොහොම හරි ඒ පොත් ගැනිල්ල හින්දා යන්තං දවස තෝරා බේරාගන්ට ඇහැකි උනා...
දවසනං හරිය කියමුකෝ.. ඒත් ඉතිං අද මං ඉවුං පිහුං කැලෑසියට යන දවසක් නෙව... හවස තුන හතර වෙනකල් ඕක තියෙනවා.. ආයේ ඉතිං ඒ කරලා දාඩිය පෙරාගෙන මස් මාළු සුවඳ විහිදෝ විහිදෝ ගියෑකියෑ ඕවට.. ඒත් ඉතිං එහෙමයි කියලා ඇහැකියෑ... මොනවා උනත් දරුවන්ට ලියාපු පොතක් වෙනුවෙන් තියන උස්සවේට මං වගේ එහෙකුටත් ආරාධනා කොලාම නොගිහින් කොහොමද.. මොනවා උනත් අනිත් උන් මොන මොන අවලං කතා කිව්වත් රංදිකා මේ මාවත් පොඩි එහෙකුට දාලා සැලකුව එකම කොච්චර වටිනවද අප්පා.. ඒ හින්දා මං දරුවත් කල්පනා කොලා රංදිකා නැන්දිගේ පොත බලන්න යනවමයි කියලා... :D

කොහොම හරි ඉතිං පංතියේ සෑර් කාරයා එක්ක වෙන අවුලක් හින්දා අද මං ඇර ගත්තා නෙව.. ඒ කරලා මෑන්ටත් හොඳවෑයින් ටිකක් කියලා මං ආවා වේලපහින්ම.. ආන්න ඒ වලියට පිං සිද්ධ වෙන්ට මටත් ඉතිං හවස් අතේ යාගන්ට ඇහැකි උනා පොත මෙව්වා කොරනවා බලන්ට.. මං යද්දිනං ඉතිං වැඩේ පටන් අරගෙන.. කොහොම හරි දුවගෙන දුවගෙන ගෙහුං තැන හොයාගෙන දොර කොඩම හිටිය නංගිලා දෙන්නගෙන් පොතකුත් ඇන්න ඇතුලට පැන ගත්තා කියමුකෝ...  

හයියෝ සංසාරේ... කස්ටිය ඉන්නවා මෙන්න නිදි කිර කිරා... කට්ටියගේ නින්දට ඔය  ඇවිදින් හිටපු පොඩි ළමයි දෙන්නා තුන් දෙනෙක් පොඩි සද්දයක් දාලා බාධා කලාට මොකද කට්ටියම බොහෝම සනීපෙටම වාඩි වෙලා හිටිය පුටු උඩම ෂපාන් එකට දොයිය ගන්න ඔන්න මෙන්න... කට්ටියගේ නින්දට ආධාර පිණිස කවුද මංදා මාමා කෙනෙක් කතන්දරයක් කියා දෙනවා... කතාව අස්සෙම මොකක්ද මංදා වීඩියෝ ගේම් එකක් ගැන මොකක්ද මංදා එකක් පෙන්න පෙන්නා කියවං යද්දි මං කල්පනා කොලේ වැරදි තැනටද ඇවිත් තියෙන්නේ කියලත්... ඇයි බොලේ පොතක් නිකුත් කරනවා කියලා මිස රංදිකා නැන්දි නිකමටවත් කිව්වෑ වීඩියෝ ගේම් එහෙකුත් ඒ එක්කලා නිකුත් කරන කතාවක්.. :D 

හොද වෙලාවට රංදිකා නැන්දා මං පුතාට වගේම ඕනයා පුතාට.. වැප් නිශාන්ත පුතාට..  පසන් ළදරුවට...නිශ් දරුවට... කුශාන් කැකුළට  එහෙමත් එන්ට කියලා තිබුන හින්දා අර කතාව එහෙම යද්දි සුපුරුදු පරිදි කතා මැද්දේ අතුරු කතාවක් දාගෙන යන්තං නින්ද යන එකෙන් ගැලවිලා අපි හිටියා කියමුකෝ... කොහොම හරි ඒ කතා බතා දෙක තුනක් ඉවර උනාට පස්සේ ඔන්න රංදිකා නැන්දි ආවා නෙව ඉස්තූති කතාව කරන්න... නැන්දි ඉස්තූති කොරගෙන කොරගෙන කොරගෙන ගියා හිටු කියලා හතර වටේටම... ඒ කරලා වැඩේ හමාර කරලා බැස්සා ඉස්ටේජ් එකෙනුත් බිමට...

හුහ්... නැන්දි තාම එක පොතයි ලිව්වේ... ඒ ටිකට කොයි තරංනං දේවල් අමතක වෙනවද කියන්නේ එක ගෙදර ඉන්න අර රටක් රාජ්ජයක් වටින මනුස්පයා වෙච්ච වාසනා මාමිව අමතක කලානේ.. අපිත් අතාරිද පින්වතුනි එහෙමත් ලේසියට... එතැන හිටිය අපේ බබාලා සැට් එක එක හඩින් කෑ ගැහුවා වාසනා මාමිට නිසි තැන දියවු කියලා... හුට්ටාරේ හුට්ට පටාරේ... බිම හිටිය රංදිකා නැන්දි දුවපි නේද කඩාගෙන ආයෙම ඉස්ටේජ් එකට... :D
බැලින්නං වෙලා තියෙන්නේ වාසනා මාමිව අමතක වෙලා නෙවෙයිළු.. වාසනා මාමි ගැන ලියලා වෙනම කොලයක්ම ගෙනල්ලා.. කොහොම හරි තිබුන හදිසියට ඒ කොලේ නැන්දිගේ අතින් මිස් වෙලා... තව පොඩ්ඩෙන් හෙන අෂාධාරනේ වෙන්නේ.. යන්තං ඔන්න අපි බබාලගේ උනන්දුව හින්දම වාසනා මාමිට මාස ගානක් කාපු පරිප්පුවලට හරියන්න ඉස්ටූටි පාරක් හම්බ උනා.. ඔය අවු අස්සේ ඉස්ටේජ් එකට නැගගෙන සභාව මෙහෙයවපු අපේ ප්‍රසිද්ධ දේශපාලක තුමෙක් වෙච්ච රනාතුමා දේශපාලන වේදිකා පුරුද්දට රංදිකා නැන්දිට සෑහෙන්න අප්පුඩි එහෙත් ඉල්ලලා දුන්නා අපි ලවා.. ඒවා ගැන කියන්න ගියොත් තව පොතක් අපිට ලියන්න වෙන හින්දා ඔය මදෑ... රනාතුමා කිව්වා වගේම “නැන්දිට සුභ අනාගතයක් වේවා..!“

කොහොම හරි ඔන්න අවසානේ තමා අපි කැමතිම හරිය ආවේ... ආයෙනං නැන්දි අපි වගේ පොඩි පුතාලට එන්න කියන එකක් නැහැ පොත් නිකුත් කරන උස්සව වලට... ආව අයට සංග්‍රහයක් ලැස්ති කොරලා නැන්දි සෑහෙන අලාභයක් වින්ඳා මං හිතන්නේ... හැබැයි ඉතිං අපරාදේ කියන්න බැහැ ඇති වෙන්ට දන්සැල දීලා තිබුනා.. මං පුතයි.. ඕනේ පුතයි.. වැප් පුතයි.. පසන් පුතයි අපේ පුංචි බණ්ඩිවලට අල්ලන තරමට බොහෝම චුට්ට චුට්ට කෑම ජාති කෑවා.. හරියට කුරුල්ලෝ කන්නැහේ.. හැබැයි ඔය ඇවිත් හිටිය අනිත් අයනං කම තිබුන තැනින් හෙල වෙන්නේ නැතිව එක දිගටම කාගෙන කාගෙන ගියා කියලයි ආරංචිය.. ආරංචිය කියන්නේ අපි ඉතිං එතන වැඩිය හිටියේ නැති හින්දා අනිත් අය කිව්ව ඒවා අනුව තමා එහෙම කියන්න උනේ... :D

කොහොම උනත් ආරංචියේ හැටියට නැන්දි එයාගේ ඊ ළග පොත නිකුත් කරන දවසට අද කෑම මේසේ ගාවට වෙලා පාන් ගෙඩි තුන හතරක සැන්ඩ්විච් කාලා.. රෝල්ස් දුසිං දෙක තුනකට වග කියලා... කේක් කිලෝ තුනක් විතර කාලා.. කෙසෙල් ඇවරියක් කට දැවිල්ලට කාපු තුන් හතර දෙනාටනං එන්න කියන එකක් නැහැ... මොකද නැන්දිට පොත් ගහන්නයි දන්සැල් දෙන්නයි දෙකක් කරන්න බැරි හින්දා නැන්දි මීට පස්සේ පොත් විතරක් ගහයි.. දන්සැල් පාළුවන්ට ආරාධනා නොකර... හොද වැඩේ දන්සැල් වන්දනාවේ ගිය උන්ට.. :D

ඉතිං කොහොම හරි ඒ කතන්දරේ අහවර කොරලා අපි බබලා සැට් එක ගියා ජැකලින් නංගිගේ ආප්පේයි ගලයි බලන්න කියලා නිදහස් චතුරස්‍රේ පැත්තට... කොහොම හරි ඒ ගල් බැලිල්ල ගැන කතා මෙතන ලිව්වොත් මගේ සවුක්කියට ඒ හැටි යහපත් නොවන හින්දා අද දවසේ සිංහල ප්‍රස්ථාව පිරුළු අතරට එකතු වූ නවතම පිරුළ වන “XX ආර්කේඩ් ගියා වගෙයි“ කියන පිරුළත් සමඟින් ඔබෙන් සමුගන්නා මා... අහිංසක මාරයා බබා වෙමි.

( XX = අභිමානවත් සිරි,ලාංකීය සිංඩියක පුරෝගාමී හිමිකරුවෙක් වන බ්ලොග් විස්සක තිහක පාරම්පරික උරුමය හිමි සුදුම සුදු බ්ලොග් ලියන තවත් බබෙක් )

පොත ගැන විකාර.. නැහ් මං මේ කිව්වේ විචාරයක් කියෙව්වට පස්සේ බලාපොරොත්තු වන්න... පොත ගන්ට උවමනා අය රංදිකා නැන්දිට කතා කොරන්න...



59 comments:

  1. අනේ හැබෑට මෙච්චර ලිව්ව එකේ මේ යෝදයාට බැරි උණා නෙ මගෙ ගැනත් වචනයක් දෙකක් ලියන්න..හා හා පුරා කියල ඇත්තටම දැක ගත් එකේ දුක වෙනුවෙන් හරි.

    ReplyDelete
    Replies
    1. සැහ්... නංගං ලියනවට අවුලක් නැහැ කියලා දන්නවනං ලියලා දානවනේ ආයේ ගමේ නොයන්ටම.. :D

      Delete
  2. සෝයි....ලොකු අකුරු.... කියවන්න පහසුයි.....

    ReplyDelete
    Replies
    1. පොඩි වැඩිද..?
      මට පැහැදිලි ගානකට තිබ්බේ.. ඕනනං ලොකු කරන්න පුළුවන්..

      Delete
    2. thnx ලොකු මල්ලි.......

      Delete
  3. අකුරු පොඩි වැඩියි වගේ තමා ....

    ReplyDelete
    Replies
    1. දැන් හරි ඇති මං හිතන්නේ.. සොරි වේවා සිදු වෙච්ච අපහසුතාවයට...

      Delete
  4. පොත ගැන විකාරයකුත් හෙටානිද්දට දාන්ට.

    ReplyDelete
    Replies
    1. හිටහං කියවන්න වෙලාවක් අහු උන ගමන් දාන්නං...

      Delete
    2. කියවන්ට වෙලාවක්! ඇයි බං මං හිතුව උඹ පොත කියවලත් ඉවර කරලයි කියලා. මම නම් ඔහොම පොත අතේ තියන් නිකං බලන් ඉන්නෙ නෑ. අර නිදිමත හැදෙන කතා අස්සෙ හරි පොත කියෝලා අහවර කරනවා.

      Delete
  5. මෙහෙම එකක්වත් ලියන එක ලොකු දෙයක් , උඹට තව ලියන්ඩ කොච්චර දේවල් තියනවද බං , ඉදල හිටලවත් මෙව්වායේ අතරට අර ජීවිතේ ගැන ලියන ඒවත් ලියහං ,

    බලහංකෝ ඔය රංදිකා නැන්දව මං තාම දැකලා නේනේ බොල ........මේ ගෙයින් එලියට බැහැල ..........ගිරිය පුප්පල ..........රං....දි...කෝ ....කියල කෑගැහුවත් ඇහෙන දුර ඉන්න

    පොතක් ගන්ඩවත් යන්ඩ ඕන වෙලාවක

    ReplyDelete
    Replies
    1. //""මෙහෙම එකක්වත් ලියන එක ලොකු දෙයක් , උඹට තව ලියන්ඩ කොච්චර දේවල් තියනවද බං , ඉදල හිටලවත් මෙව්වායේ අතරට අර ජීවිතේ ගැන ලියන ඒවත් ලියහං"//
      අන්න ඒ කොටහට නම් මාත් පට්ට ලයික් ..ඇත්තමයි

      Delete
    2. ඉස්සර වගේ නෙවෙයිනේ හරි ආඩම්බරනේ ...

      හැක් ....

      Delete
    3. වෙලාවක් කලාවක් තියෙනවනං ලියනවා බං... ඔහේ ලියලා දාලා ගිහින් කමෙන්ට් එහෙකටවත් උත්තර නොදී හිටලා කස්ටියගේ හිත් නරක් කරවනවට වඩා හොඳා වෙලාවක් අහු උනාම ඔය අතට අහුවෙන බ්ලොග් දෙක තුනක් කියෝලා ඒ අයට කොමෙන්ට් එකක් දාලා යනවා... ආයේ ලියන්නයි උත්තර බැද බැද ඉන්නයි කාලයක් ආවම පරණ විදියට ලියන්න බැරියෑ... මොනවා උනත් බොලාලා තාමත් ඉස්සර වගේම ඉන්න එක වටිනවා... ඒකට බොහොම ටැංකිවු කිව්වා ඕං...

      Delete
    4. මක්කටැයි උත්තර 'බැද බැද' ඉන්නෙ!? අමුවෙන්ම දාහං. :-P

      අනික උඹ අපේ කමෙන්ට්ස්වලට උත්තර දුන්නෙ නෑ කියලා අපි උඹේ පෝස්ට් නොකියවා ඉන්නවයැ. උඹ උත්තර නොදීපු පෝස්ට් කීපයක් අතීතයෙන් අරන් පෙන්නන්ටද? ;-)

      Delete
  6. උබට ඔය සභාවෙ උන්නු වෙන එකෙක්ගේ පොටෝ එකක් හම්බුනේ නෑද මේකට දාන්න

    ReplyDelete
    Replies
    1. මහින්ද අයියා නැති එකේ නියෝජිතයාව දැම්මා බං.. :D :D :D

      Delete
  7. අහිංසක මාර බබා....

    අනේ පවු....

    ReplyDelete
  8. මාන්දමික විකාර සහගත දවසේ පොස්ටුව...
    ඇයි අප්ප මේ වගේ පොලොන්නරුවට වහිනව වගේ පොස්ට් දාන්නෙ..
    දාන්නකො අර වාරියපොල අක්ක කනේ ගහනව වගේ...

    මාත් එන්නං කියල එදා රවි අය්යගෙ බොගේ මහ ලොකුවට කීවට එන්න බැරිවුණා නෙව... කරුමයක් වුනේ ඒක නං ඈ

    ReplyDelete
    Replies
    1. දාන්නකො අර වාරියපොල අක්ක කනේ ගහනව වගේ...

      කනේ ගැහුවෙ ඉඩි අමින්ට. කණට ගැහුවෙ වාරියපෝරියල්වල

      Delete
    2. මංනං පොරොන්දු වෙන්නෙම නැහැ ඔහොම ඒවට.. ඊයෙත් වැස්සනං ඉතිං මටත් යන්න වෙන්නේ නැහැ...

      “ ????????? පොල්කම දෝනා“

      Delete
  9. ලස්සණ පොත් එලි දැක්කිලක්... :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා... ඔයාලටත් පුළුවන් දවසක අරක පරිවර්ථනය කරලා අහවර වෙලා මෙහෙම පොතක් ගහලා අපිටත් එන්න කියලා කෑම ටිකක් එහෙම ලෑස්ති කරන්න.. ථෘ

      Delete
  10. මොකක්ද බං ඒ නින්ද යන කතාවක් ගැන කිව්වේ? ඒක ඔය වැඩසටහනේ එකක් නෙවෙයිද? ඔය බබාලා කුරුල්ලෝ වගේ කන්න ඇති කියලා මටත් හිතෙනවා. පොතක් එලි බස්සවන එකයි දන්සැ දෙන එකයි ගැන අහලා පොත් ලියන්න හිතපු උනුත් අතපය අකුලගෙන පහුබහීවද්ද?

    රන්දිකා නැන්දිත් ෂෝක් බබාල සෙට් එකකට කතා කරලා තියෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. දැන්නං ඉතිං දන්න එකෙක් පොත් ලියන්නේ නැහැ.. ලිව්වත් අපිට එන්න කියන්නේ නැහැ.. :D

      Delete
  11. පොතක් එළිදැක්වීමේ උත්සව විචාරයක් කියෙව්වාමද කොහෙද

    ReplyDelete
  12. මොකක් උනත් වටින වැඩක්.

    ReplyDelete
  13. අම්මේ ඇති යාන්තං. මාරයා නැති බ්ලොග් ලෝකේ නිකං අර නංගි නැති වාරියපොළ වගේ නේ.

    ReplyDelete
    Replies
    1. නංගි නැති වාරියපොළ.. :D

      Delete
  14. "දැන්විමයි..!
    පහත සදහන් බ්ලොග් ලයිස්තුවේ ඔබගේ බ්ලොගය නැති බව පෙනේ නම් ලින්කුව එවන්න..."

    මගේ බ්ලොගය නම් නැති බව පෙනේ ...

    http://iwanpaulooshaa.blogspot.com/

    මෙන්න ලිංකුව එව්වෝ

    ReplyDelete
  15. අප්පට බොල මාරයියා වැඩලා … අද කෑම එපා !!!

    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තුතියි -

    ReplyDelete
  16. කාලෙකින් මාර ලිපියක් කියෙව්වේ :-))

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ලියන්න හිතුනේ. :D

      Delete
  17. මාරයා ලියන්නේ මාරම ලිපි තමයි...හරිම අගෙයි...

    ReplyDelete
    Replies
    1. යකඩෝ කුරුටු කුරුටු කියලා එක දිගට වැටෙන්නේ එකම කෙනාද දෙකම ලියන්නේ..?

      Delete
  18. :) කාලේකට පස්සේ පොතක් ගැන මාර විස්තරයක්...

    ReplyDelete
    Replies
    1. පොත ගැනත් මොනවා හරි ලියන්න ඕන කියවලා අහවර වෙලා.. :)

      Delete
  19. රංදිකා නැන්දලා පොතක් ලියන්නම ඕන මේ බබාලට මේක මතක් වෙන්න..

    ReplyDelete
  20. රන්දිකාට පින් සිද්ද වෙන්න පෝස්ට් එකකුත් වැ‍ටුණ එහෙනම්....
    මටත් ඔය පොතක් ගන්න ක්‍රමයක් කියන්නකො..

    ReplyDelete
  21. පොතක් හින්ද බ්ලොගක් ලියවෙලා තියෙන්නෙ. උඹ අර ඉවුං කැලෑසියෙ එකාට මාළු කපන පිහියෙන් ඇන්නයි කියන කතාව ඇත්ත එතකොට.

    මොනව උනත් පොතේ ගාන වගේ තුං හතර ගුණේක කන්න ඇති උඹල. අර බුරුසු රැවුල් ජීපීඑස් අයිය ඇවිල්ල හිටියෙ නැද්ද ඕකට.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව මේක'ලු'.. මූ මාළු කපන පිහියෙන් ලූණු කප කපා හිටිය'ලු'.. කැලෑසියෙ ගුරා ඇවිදිල්ලා කිවුවලු ඔය වැ‍ඩේ වැරදිය, ඔහොම කරන්ට එපාය, අරකද මේකද කියලා.. ඔය කතාව ඇදිලා ගිහිල්ලා තමා මූ ඒ පිහියෙන්ම ඇදලා ඇරලා තියෙන්නෙ'ලු'..

      පලි: ඕක වෙන කාටවත් එහෙම කියන්ට එපාය. ප්‍රසා හන්දම තමා මං ඔය ටික කිවුවෙත්.

      Delete
    2. ඒකත් එහෙම(ලු) ද?
      පිස්සුද මම කටේ කෙල බිංදුවක් හොලවන්නෑ.

      Delete
  22. මරයියා මමත් ආවනේ උත්සවේට වැඩේ කියන්නේ මට තැන වැරදුනා නොවැ.මම පොඩි එකා ගියේ මහජන පුස්තකාලෙට නොවැ.ඊට පස්සේ තැන හොයාගෙන එන කොට පෙරහැර ඉවරයි.:D පොතක් අරගෙන අර නංගිලාගෙන් රන්දිකා නැන්දාටත් කතා කොරලා අවා.ඒ ඇවිත් නැග්ගේත් වැරදි බස් එකට නොවැ,වැරදි බස් එක කියලා වටහාගෙන බහින කොට ඒ බස් එක හෝල්ට් එකක් විතර ගිහිල්ලා.

    ReplyDelete
  23. එතකොට උඹ බබා, (මාර බබා ). :D

    ReplyDelete
  24. අර අපි නැතිව නිදහසේ හුස්ම ගන්න බුරුසු රැවුල් අයියා ආවේ නැතෙයි??

    ReplyDelete
  25. මාරයාව එලි බස්සන්න දැන් බ්ලොග් පෝස්ට් ලියල හරි යන්නේ නෑ.. පොත් ම ලියන්න වෙනවා.. සෙල්ලල් ලෑ...

    ReplyDelete
  26. යන්නම හිතා හිටියත් හදිසියේ වැටුන පුද්ගලික කාර්යක් නිසා යන්න බැරි උනා. මේක කියෙව්වහම නම් ගියා වාගේ තමා. පොත හොයාගෙන කියවන්න ඕනෙ. ස්තූතියි! මාරයා මලේ.

    ReplyDelete
  27. ඔය ජාතියෙ තව හතර පස් දෙනෙක් ගියානං කෑම බිල ගෙවන්න ඒ ළමයට ඉඩම් කෑල්ලක් විකුණන්න වෙනවා.

    ReplyDelete
  28. මම අහිංසකයි.. මම මේ දිනය පිළිබද කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි.. :-D

    ReplyDelete
  29. ඔයා හරිම නරකයි මාරයා . . . ඔයා තනෝජ අක්ක රෑට කන්න ගෙනිච්ච කෑමටික ගැන ලියල නෑ

    ReplyDelete
  30. හෆ්ෆේ මාරයා තුමාට කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා තියන්නේ... උයන ක්ලාස් එක තාම ඉවර නැද්ද? අර මනුස්සයට මාර සරනියේ පෝස්ට් ටික පෙන්නන්න එපයි බොලව්...

    ReplyDelete
  31. කන්නමද මන්ද ගිහින් තියෙන්නේ.. :D

    ReplyDelete