30 August 2014

බජට් එකට කවි ගී ලියවුනා මදී...

බටහිර පළාතේ තිබු මහ ඡන්දයට..
වියදං කොරන්නට කතිරය ඉල්ලන්ට..
සීයක් ඉල්ලගෙන ආවේ අප ළගට..
දුන්නා සීය.. ඇති අපෙ හිතවත් කොමට..

මොකට දෙන වාද.. මොකකට දෙන වාද..?
කොල්ලන් මෙන්ම කෙල්ලන් ඇසුවයි නිතර
ඒ මුත් හිත තුටින් දුන් දේ ගැන අපට..
කිසි විට නැතිය හිත තුල තිබුනේ කහට..

දුන්නා නමුත් සීයක් ඒ වෙලාවට..
අයක් වැයක් ගැන නැත උවමනා මට..
ඒ මුත් අය වැයක් දීපල්ලා අපට..
කිව්වයි අහක සිටි පිරිසක් මහ හඩට...

කාලය දිනෙන් දින ගත වී ගියා නිතී...
බජට් කතාවත් ටික ටික ගියා මැකී..
ඒ මුත් හිටිවනම බජටය පිටට දුනී..
සද්ද දැමූ කිසිවෙක් දැන් කතා නැතී...

හෙළ උරුමෙට වෛරය සිත රැඳී ඇතී..
ඒ වෛරෙට ඇති පදමට බැනල හරී..
හොදක් නැතත් නරකම හරි කියා නිතී...
බජට් එකට කව් ගී ලිය වුනා මදී...



26 comments:

  1. මදි නොකියන්න ඔය ලියලා තියෙන්නේ මාරයාම ...

    ReplyDelete
  2. Hemihita hemihita nelamin yamuko kalabala ayi mallee

    ReplyDelete
  3. දෙයක් කරනකං "කරපන් කරපන්" කිය කිය හිටිය අය ඒ දේ කලාට පස්සෙ පලාතක නෑ...ආයේ කතාවකුත් නෑ...මාරයි අප්පා!!! :3

    ReplyDelete
  4. මාරයාගේ මාරම ටෝකක්.. මාරයි...

    ReplyDelete
  5. අනේ මේ ..........මොනවද මාරයෝ මේ ............අපිට උඹගෙන් ඔන මෙව්වා නොමෙයි..........නොදකිං ඉදල ඉදල...................තු විතරක්

    ReplyDelete
  6. පළාත් සභාවකට තරඟ කරන්නාදුම වශයෙන් කියක් ඕනද කියල ඒ අය -වැයෙන් හෙලි උනා. වැයවූ මුදල ලැබෙන කාර් පර්මිට් එක විකුනලා හෝ ලැබෙන පඩියෙන් පියවා ගන්න බැහැයි කියල කාට කාටත් තේරෙන ඇත්තක්නේ .එහෙම නම් ඔහොම වියදන් කරන මුදල් පොලියත් එක්ක ආපහු හොයා ගන්න පලා බබාලා හොරකම් කරන ඒක පුදුමයක් නෙමෙයිනෙ.

    ReplyDelete
  7. දීලා සීය ඒ ගැන ලොබ බඳීනම්
    බජට් එකක් හොයා හොයා තව ඉදීනම්
    දිනුව පසුව කියනට දෙය නෑතිනම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්

    ReplyDelete
  8. උඹ ලිව්වනෙ ඔක්කෝටම ඒක ඇතී....

    ReplyDelete
  9. හරේන්ට පින් සිද්ද වෙන්න..

    ReplyDelete
  10. දැන් එතකොට මේ ඉලක්කම් ප්‍රසිද්ධ කලාම බඩ සුද්දයිද?
    මිනිස්සුන්ගෙන් ලක්ෂ 43 එකතු කරල පුවත්පත්වලට ලක්ෂ 40 දෙන එකයි
    පක්ෂයෙන් ලැබුණු ලක්ෂ 28 න් රූපවාහිනි ආයතන වලට ලක්ෂ 26 දෙන එකයි
    මිතුරන්ගෙන් ලැබුණු ලක්ෂ 26 ගුවන් විදුලි හා වෙබ් නාලිකා වලට දෙන එකයි
    සියලුම දැන්වීම් සඳහා දිලිත් ජයවීරට ලක්ෂ හැත්තෑ දෙකයි
    මරු නේද? අතින් ගිහිල්ල තියෙන්නෙ අසූ හතර දාහයි!
    මිනිස්සු සල්ලි දීල තියෙන්නේ කාටද?

    ReplyDelete
  11. හිතාගෙන ඉන්නේ ඊගාව පාර මමත්
    ඉල්ලන්ට කියා නගර සභාවට බොලන්
    පෝස්ටර් ගහන්න මට සල්ලි නැහැනේ මචන්
    තියෙන ඈයෝ මට ආධාර කරන්

    ReplyDelete
  12. මාරයා උඹ මේව ලියල සහජීවන කාරයන්ගෙන් ලඟදීම කනවා.හැබැයි එකක් කියන්න ඕන උඹට ඇත්ත ලියන්න කියන්න කොන්දක් තියෙනවා.ජය වේවා.

    ReplyDelete
  13. අය වැය පිළිගයිද පලවූ පමණින්ම
    වාදය නිම වෙයිද උත්තර දුන්නාම
    ක්‍රෝධය නිම වේද හොඳ දේ දුටුවාම
    කා හට හරියාද හරිදේ වැනුවාම

    ReplyDelete
    Replies
    1. කොච්චර කෙරුවත් හොඳක් අහන් නෑ
      දනට පිනට රිසි පින්වත්තූ
      දෙව්දත්වරු මිස ඉපදී නැතුව ද
      බුදු බව පතනා බෝසත්තූ....//

      කැළෑ කොළේ සිට ගඟේ වතුර ටික
      උලා දමා නසනා මිසකා...//
      අනේ අපොයි ඌ කියාල උණු වී
      නොරකිනු ඇයි තවෙකෙකු අනිකා...

      මගේ කුස ම නොව අනිකෙකුගේ කුස
      බත් පතකින් පුරවා පිනනා...//
      බණේ පැවත එන වදන් කියවු ලොව
      පරම්පරාවට මතු නැඟෙනා...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ටියුලින් ජයරත්න
      ගායනය : අබේවර්ධන බාලසූරිය

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මාත් හිතුවා සල්ලි දුන්නු උන්ටත් නැති හදිසියකින් ඉල්ලන කොට අනේ ඇනලයිස් කරන්න ආසාවට වෙන්න ඇති කියල, කෝ ම්හු.

      ඒත් මාරයා ගම්මන්පිල උන්නැහේ ඕක කලින් එලියට දැම්ම නම් ගන්න තිබුනු ලකුණු ගානක් දැන් කැපුනා. ඕකෙ තියන බැංකු විස්තර වගේ දේවල් කොහොමත් විනාඩි ගානෙන් ගන්න පුලුවන් දේවල් නෙ. ගම්මන්පිල ල වුනත් ඉතින් සාපේක්ෂව හොඳ මිනිස්සු වුනාට තාමත් අර ඉංග්‍රීසියෙන් "take for granted" කියන එක තියනවා. ගෝඨාභය ව චන්ද රැස්වීමකට ගෙන්න ගත්තෙ. මම ගම්මන්පිලටයි ගෝඨ ටයි දෙන්නටම සලකන මිනිහෙක් ඒත් ඒ කරපු වැඩේ වැරදි.

      දැන් විවේචනේ කරපු උන්ටත් කියන්න බැරි නෑ ගම්මන්පිල උන්නැහේ ඩෙඩ්ලයින් දීලා දෙන්නම් කියපු එක මෙච්චර පරක්කු වුනා නම් අපි ටිකක් පරක්කු වුනාට මොකද කියලා. පරක්කු වෙලා හරි දෙනව නම් තමයි හොඳ ;-)

      Delete
  14. හි..හි.. ඔය තියෙන්නේ මාර කවි ටිකක්..

    ReplyDelete
  15. පින්සිද්ද වෙච්චාවේ....

    කෝ දැන් අය වැය විචාර,,...?

    ReplyDelete
  16. හිස් ටිං එකක් වගෙයි මේ බජට් එකත් මාරයො........

    ReplyDelete
  17. හැබැයි මේක මීට වැඩිට එලට ලියන්න තිබ්බ ඈ මාරයියේ.. කොහෙද ඉතින් දැන් පරණ මාරයා නැහැනේ..

    ReplyDelete
  18. දේශපාලනේ මඩ ගොහොරැවකැයි කියති
    වැටුනු එවුන් සතුටින් මඩෙහිම සිටිති
    පිල් බෙදිලා දෙස් තියලා උන් නටති
    අපි ලෙවකද්දී උන් සෙට් එක රටම කති

    ReplyDelete
  19. මාර කවි සංකල්පනා

    සියක් දුන්න එකට කවි ලියනවනම් පන්සියක් දුන්නොත් ෆුල් බෑන්ඩ් එකක්ම ගස්සවයි වගේ

    ReplyDelete
  20. අන්තිමට සද්දේ විතරයි.

    ReplyDelete
  21. මාරයා ලියපු පෙම් කවියක් බලන්න ආසයි. දේශපාලනේ මට අරහං

    ReplyDelete