03 September 2014

කාරුණික නිවේදනයක් සමඟින් අමුමිරිස්වලට විකල්පයක්...

හිතවත් අහිතවත්.. (ඇයි එහෙම උන් නැද්ද..? :D ) සියළුම බ්ලොග් ලියන කියවන සෑම දෙනා වෙතත්... බුකියේ යාළු මිත්තරයින් වෙතත් කරන කාරුණික දැනුම් දීමයි.

මේ දිනවල බුකිය හා සිංහල බ්ලොග් මූලික කරගෙන කරගෙන යනු ලබන අමුමිරිස් වැඩසටහනට අදාලව කිසිදු අභියෝග කිරීමකට මාව ලක් කිරීමෙන් වලකින ලෙසත් එසේ අභියෝග කලත් මා එය කිසිදු අයුරකින් බාර නොගන්නා බවත් ප්‍රකාශ කර සිටිමි.

එකී වැඩ සටහන හරහා වකුගඩු රෝගීන්ට උපකාර කිරීම වැනි යහපත් අරමුණක් මූලික වූවත් ඒ හරහාම තවත් අය අපහසුතාවයට ලක් වීමට හැකියාවක් ඇති නිසාත් තවත් හේතු කාරනා නිසාත් එයට සම්බන්ධ විමට මා අකමැත්තෙමි.

එකී හේතුවක් පැහැදිලි කිරීම වැදගත් වනු ඇතැයි සිතමි. 

විශේෂයෙන්ම මෙම වැඩසටහන මගින් අන් අය වෙත අයුතු බලපෑමක් වන බව මාගේ අදහසයි. පිට රටක ආරම්භ වූ අයිස් බකට් වැඩසටහනක් වෙනස් කරගනිමින් ලංකාවට ගැලපෙන ආකාරයට සකස්කල වැඩසටහනක් යනුවෙන් සදහන් වෙන අමුමිරිස් කෑමේ අභියෝගය වැනි මිනිසුන්ට අයුතු බලපෑම් කරවන වැඩ සටහන්වල ආරම්භය අයිස් බකට් නොවන බවත් මුලින්ම මතක් කර දෙන්නට කැමැත්තෙමි... මා දන්නා එවන් මීට පෙර පැවති වැඩ සටහනක් ගැන සිහිපත් කලද.. එයටත් එහා ගිය එවැනිම දේවල් ඕනෑ තරම් තිබෙන්නට ඇත...

මෙයට වසර ගණනාවකට පෙර තැපෑලෙන් නිවෙස්වලට ලැබුනු එක්තරා ලිපියක් ගැන මතකය මෑත කාලයේ උපත ලබා ඇති අය හැරුනුකොට බහුල වශයෙන් තැපැල් ලිපි හුවමාරු සිදු වූ සමයේ අත්දැකීම් ඇති අයට මතක ඇතිවාට සැක නැත...

මතකද අනුරාධපුරේ කළු දිය පොකුණකින් මතු වූ නාගයා...?

අනුරාධපුරයෙන් මතු වූවා යැයි කියන මහා නාගරාජයකු විසින් කිව්වා යැයි කියන බුදු දහම ප්‍රචලිත කිරීමේ වැඩ සටහනත්.. ඒ හා සමාන්තරවම ක්‍රිස්තියානි කතෝලික දහම් ප්‍රචලිත කරවන වැඩ සටහන්ද එවැනිම ආකාරයේ ලිපි වලින් අප නිවෙස්වලට ලැබුනු බව දන්න අය තාමත් ඇතැයි සිතමි. එකී වැඩ පිළිවෙලෙහිද වූයේ මෙවැනිම දම්වැල් ක්‍රමයක් මෙන්ම පිරමීඩ් ක්‍රමයකි. එකි ලිපිය ලැබෙන කෙනෙක් වෙතොත් එහි පිටපත් දහයක් තවත් දහදෙනෙකුට යැවිය යුතු වේ. එසේ නොකලහොත් එසේ වැඩපිළිවෙල කඩ කල තැනැත්තාට දරුනු සාපයකට ලක් වීමට සිදු වේ.. ඒ අනුව එසේ කල අයට බලවත් කරදර දුක් පීඩා උරුම වේ.. ලිපියේ ආකාරයටම වැඩ කල අයට ස්වීප් ඇදෙනවා.. මැණික් හම්බ වෙනවා වගේ පගාවලුත් තිබේ... :D 

මේ මා කියනා දේවල්වත්.. එසේ සැබෑවටම සිදුවන දේවල්වත් නොව.. එහි සදහන් වූ ආකාරයයි...

මෙය අනිසි බලපෑමක් වන්නේද නැද්ද...? පුද්ගලයින් තුල ඇති සංවේදී දුර්වල තැන් ස්පර්ශ කර ඔවුන් තුල භීතිය ලැජ්ජාව ඇති කොට අදාල ක්‍රියාවට කෙසේ හෝ නම්මා ගැනීමේ තුච්ඡ වැඩ සටහනක් එකී ලිපිය තුලින් සිදු විය... 

“හයියෝ ඕවනං මොනවදද කවුද ඒවා ගණන් ගන්නේ..?“

ඔහොම කියන්න හරි ලේසියි නේද..? දැන් උනත් ඔය කතාව මං කිව්වාම අහන කියවන කෙනෙකුගේ කටින් ලේසියෙන්ම පිට වන වචන ටික ඔය ටික නෙවෙයිද..? ඒ දවස්වලත් ඔහොමම කිව්වා හුග දෙනෙක්.. හැබැයි අනිත් අතට සද්ද නැතිව ලියුං කවර දහයක් ගෙනිහිං තමන් දන්න කියන ලිපින ටිකකට ආයෙම ලිපි යැව්වා... :D සමහරු දහයක් නැතිව පහක් විතර යවලා ඒත් මදෑ ලොකු අවුලක් වෙන එකක් නැහැ කියලා හිත් හදාගත්තා... 

මේ වැඩේදී ඇත්තටම භාවිතා වෙන්නේ පුද්ගලයින්ව කලු තැපැල්.. එහෙම නැත්තං සිංහලෙන් අපි කියන විදියටනං බ්ලැක් මේල් කිරීමක්ම තමයි... ආගමට දහමට හෝ.. සාප කිරීමකට.. හදි හූනියමකට බයේ වැඩ පිළිවෙලට අනුගත වීමක් බොහෝ දෙනෙකුගෙන් නිරායාශයෙන්ම සිදු උනා... හැබැයි අර ලිපියේ සාප කිරීමක් හෝ පගාව දීමක් නැතිව අදහන ආගමේ නාමයෙන් හෝ සැබෑ ශ්‍රද්ධා භක්තියෙන් කරන්න කිව්වනං ඕක ලිපි තුන හතරකින් නතර වෙන්නත් තිබුනා.. ඒ තරමටම ශ්‍රද්ධාවන්ත අයනේ අපේ ඉන්නේ... :D

එතකොට මේ අයිස් බකට් වැනි වැඩ සටහන්වලයි අරකෙයි ලොකු වෙනසක් තියෙනවද..?

ඔව් තියෙනවා.. ඒක තමා හුග දෙනෙකුට දෙන්න පුළුවන් උත්තරය.. කෙලින්ම කිව්වැකි මේකෙන් කරන්නේ මිනිස්සුන්ට යහපතක් වෙන වැඩකට මුදල් එකතු කිරීම අරකෙන් එහෙම නැහැ කියලා... ඒත් අපි හරියටම නොදන්නවා උනාට ඔය ලිපියේ එන කතාවත් ඇත්තම සීන් එකක් උනානං.. එහි සඳහන් වෙන ආගම මොකක් හෝ වේවා.. ඒ තුලින් මිනිස්සුන්ට යම් කිසි සහනයක් සැනසිල්ලක් ලැබෙනවනං...? එහෙම ගත්තම අපිට කියන්න පුළුවන්ද එකෙයි මෙකෙයි අතර ඇති වෙනසක්...
(සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමට පස්සෙත් මෙවැනි ලිපියක් ප්‍රසිද්ධියේ ඉරා දැමීම එකී අපවත්වීමට හේතු වූවයැයි යවන ලද ප්‍රචාරයකුත් තිබිණි)

පොදුවේ ගත්තම මං අර කියාපු ලිපියෙන් මිනිස්සු භීතියට පත් කරවලා තමුන්ගේ වැඩේ කරවන්න මනුෂ්‍යයාව පොළඹවගන්නවා.. මෙතැනදී මිනිස්සුන්ගේ නම්බුව ගෞරවය පරදුවට තියවලා කාරනාව ඉෂ්ඨ කරගන්නවා...

අරමුණ මොන තරම් යහපත් එකක් උනත් ඒක ක්‍රියාවේ යොදවන ක්‍රමයේ වරදක් තියෙනවනං ඒක කියන්න පැකිලෙන්න ඕන නැහැ කියන තැනයි මං ඉන්නේ.. මම දන්නවා මේ ලිපිය දැමීමත් එක්කම ඇතැම් විට බොහෝ පිරිසක් මාත් එක්ක එකඟ නොවෙන්න වගේම මාත් එක්ක තරහා වෙන්න උනත් ඉඩ තියෙනවා.. ඒත් මට පේන දේ නොකියා ඉන්නවට වඩා කියන්න තියෙන දේ කියලා දැම්මම අඩුම ගානේ මං මගේ හිතට එකඟව වැඩ කලා කියන හැගීම මට ඉතිරි වෙයි.

කොහොමද මේකෙන් මිනිස්සුන්ට අයුතු බලපෑමක් වෙන්නේ...?

ඔන්න අපි පටන් ගනිමු උදාහරණයකින්...

කෙනෙක් ඉන්නවා බොහෝම පින් අතේ වැඩ කරන.. ඒවට අත දිග ඇරලා වියදං කරන... ඒත් මොනම හේතුවක් නිසාහරි මේ වෙද්දි ඉන්නේ හිර වෙලා... එහෙම නැත්තං වෙන මොනවට හරිත් සල්ලි නැතිව.. එහෙමත් නැත්තං මෙයිට වඩා ප්‍රමුඛතාවය දියයුතු සමාජ සේවාවක් අතරතුර... කොටින්ම කිව්වොත් මේකට සල්ලි දෙන්න විදියක් නැහැම තමා.

ඔන්න ඒ අස්සේ එයාටත් අභියෝගයක් එනවා... දැන් මොකද කරන්නනේ... කාට හරි ණය වෙලා හරි වැඩේ කරනවද..? නැත්තං සද්ද නැතිව ඉන්නවද...? පලවෙනි ක්‍රමය කරන තැනට කෙනෙක්ව අපහසුතාවයට පත් කරවන එක හරි නැති වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. දෙවැනි ක්‍රමයට සද්දේ වහලා හිටියොත් මේක බලං ඉන්න අය අහන්න පටන් ගන්නවා.. කෝ අරයා අභියෝග කලා ඔයා මොකද කරන්නේ... කියලා.. ඒකටත් උත්තර නැති උනාම ඔන්න පටන් ගන්නවා අම කෙනාය විවේචනය කරන්න.. සමහර විට ඒක දරුණු පුද්ගල අපහාස දක්වා වර්ධනය වෙන්න පුළුවන්.. මොකද අපි දන්නවා මෙහෙම පොටක් පෑදෙනකල් බලං ඉන්න මිනිස්සුත් ඉන්නවා තව කෙනෙකුට අපහාස කරන්න... ඉතිං අවසානයේ වෙන්නේ මෙච්චර කාලයක් අනිත් අයට උදව් උපකාර කල කෙනෙක්ටත් මේ මගුලක් හින්දා නිස්කාරනේ කාගෙවත් කුණු කතා අහන්න නෙවෙයිද..?
ඕනනං පුළුවන් පැහැදිලි කරලා හේතු සීයක් විතර ලියලා මග අරින්නත්.. ඒත් එතකොටත් කට්ටිය ආ හරි කියලා අල්ලලා දායිද... (අයිස් බකට් වැඩපිළිවෙලේදීත් තනුජා ජයවර්ධනට අභියෝග කරන ලද විටක ඇය එයින් ලිස්සා ගිය ආකාරය කියා තනුජාගේ ප්‍රකාශයක් යම් කිසි අයකු විසින් උපුටා දමනු මා දැක ඇත. ) 

හරි අපි හිතමු කෙනෙක් ඉන්නවා මෙලෝ සමාජ සේවා වැඩකට නැහැ.. කාටවත් කීයක්වත් දෙන්නේ නැහැ කියලම.. ඒත් කාටවත් අයිතියක් තියෙනවද ඒ මිනිහට මෙහෙම අභියෝගයක් කරවලා ඒ මිනිහට බලපෑම් කරවන්න.. මිනිස්සු ලවා නින්දා කරවන්න..? මංනං හිතන්නේ කිසිම අයිතියක් නැහැ... එහෙමනං මේකෙන් වෙන්නේ මොනවද..?

හොදයි දැන් මේ කාරණාව ගැන අමුමිරිස් අභියෝගයේ මූලිකයා හැටියට දැනට කටයුතු කරනු ලබන (මා දන්නා තරමින්) රසික නානායක්කාර හෙවත් අපි කවුරුත් දන්න රනා මට පැහැදිලිව කියනවා “එහෙම වෙන එකක් නැහැ.. කෙනෙක් තව කෙනෙකුට අභියෝග කරද්දි අනිවාර්යයෙන් ඒ කෙනාගෙන් කලින් අහලා අවසර අරං තමා කරන්න ඕන.. එහෙම නැතිව ආවට ගියාට එහෙම කරන්න බැහැ ඒක අපේ නීතියක්“ කියලා... ඒකත් හරි තමා.. නියම ක්‍රමයක්.. එතකොට කැමති කෙනෙක් ඒ වැඩ පිළිවෙලේ ගමන් කරයි අකමැති අය තමන්ගේ පාඩුවේ හිටියි... ඒත් කියනකොට එහෙම උනාට කරනකොට එහෙම වෙන්නේ නැති අවුලක් තියෙනවනේ අපේ රටේ...

ඇත්තටම මං මේ කාරනාව මුලින්ම රනා හෙවත් රසිකට කිව්වේ එහෙම දෙයක් වෙන කාට හරි විය හැකියි නේද කියන පොදු කල්පනාව මත පිහිටලා.. මොකද මං දන්නවා මං ඔය ඕන දෙයක් කියලා ඇරියට එහෙම අදහස් ප්‍රකාශ කරන්න වැඩිය ඉදිරිපත් වෙන්නේ නැති ඒත් අපහසුතාවයන්ට පත්වන අය ඉන්නවා කියලා... ඒ හින්දා එහෙම හඩක් නැති අය වෙනුවෙනුයි මං රනාට කතා කලේ.. ඒත්...  කියන්න කණගාටුයි පින්වතුනි වැඩේ මටම සිද්ධ උනා.. කාගෙවත් අතින් නෙවෙයි අපේ හිතවත් වෙනී අයියා වෙතින්.. වෙනී අයියා දැන හෝ නොදැන කිසිම දැනුවත් කිරීමකින් තොරව මාවත් නම් කරලා තිබුනා... ඒකෙදි වෙනී අයියට මං මොනවත් කියන්න යන්නේ නැත්තේ වැඩපිළිවෙලේ තියෙන අඩුවට වෙනී අයියා අහු උනා කියලා මං දන්න නිසයි... ඒ කියන්නේ අභියෝග කරද්දි කලින් දැනුවත් කරලා කල යුතුයි කියන දේ ඒ වෙද්දි වෙනී අයියට පණිවිඩයක් හැටියට හරියට ලැබී නොතිබීම නිසා විය යුතුයි. කොහොම උනත් වෙනී අයියත් එක්ක මගේ තියෙන අතිජාත මිත්තරකම සලකා මම නිහඩව හිටියා.. ඒත් පස්සෙන් පහු ඔය ගැන බුකියේ මගේ ස්ටේටස් එකක් එකක වෙනී අයියා මට නැවත සිහි කැඳවීම් කරන අතරේ මම වැඩපිීළවෙලට මගේ ඇති අකමැත්ත කියන වෙලේ මෙන්න තවත් කෙනෙක් මං මුලින් කාට හෝ කෙනෙකුට වෙයි කියලා හිතුව ආකාරයටම මටම දීපී පෝරියල් එක... මං ඒකත් මෙතනම දාන්නං.. 



නම් ගම් මකන්න යන්නේ නැහැ මොකද වෙච්ච දේ හැමෝම දැක්ක හින්දා... අනික මේකට සම්බන්ධ උන පුද්ගලයා උන නුවන් දිවාකර (මං හිතන්නේ බ්ලොග්වල ඉන්නේ ස්කයි මෑන් වගේ නමකින් වෙන්න ඕන) අඩුම ගානේ කෙලින්ම මේක කිව්ව හින්දා.. නැත්තං මෙහෙම නොවී වෙන වෙන තැන්වල පිලිකණුවල කතා කියන එකනෙ වැඩි දෙනෙක් කරන්නේ.. ඒ හින්දා නුවන්ට මං ස්තූතිවන්ත වෙනවා මට මිනිස්සුන්ට උදාහරණයක් දෙන්න හරි හමන් දෙයක් සැපයීම ගැන...

පැහැදිලියිනේ වැඩ කටයුතු සිද්ධ වෙන ආකාරය...

ඉතිං තව දුරටත් ඒ ගැන උදාහරණ දිය යුතු නැහැයි කියලයි මං හිතන්නේ.. කොහොම නමුත් ඔය සිදුවීමෙන් පසුව නැවතත් රනා මාත් එක්ක කතා කරලා අර මුලින් කී පරිදි අභියෝග කිරීම විධිමත් කරවන්න පොරොන්දු වෙලා ගියා...

ඒත් කණගාටුයි අද දවසේදීත් තවත් ළමයෙක් අමුමිරිස් අභියෝගයක් ගැන කියලා මාව ටැග් කරලා තිබුනා.. ඒක නිසි ආකාරයට සිද්ධ උන අභියෝග කිරීමක් නෙවෙයි.. ඒ ගැනත් වෙනම කියන්න එපෑ.. අඩුම ගානේ ඒ ළමයා මිරිස්කාලවත්.. වීඩීයෝ එකක් දාලවත් නෙවෙයි අභියෝගය කරන්නේ නිකම්ම... හොයලා බැළුවම ළමයා ඒ වැඩ පිළිවෙල ගැන හරි හමන් දැනුවත් වීමක් ඇත්තේම නැතිවයි වැඩේ කරලා තියෙන්නේ.. දැන් මොකද කරන්නේ... කවුරු හරි දැනුවත් නොවුනට අපි පලි නැහැ කියලා බේරෙන එකද...? නැත්තං හරියට දැනුවත් කරන්න වැඩ කරන එකද...? ඊයේ දවාලේ පොරොන්දු වූ පරිදි මේ වෙනකොටවත් හරි විදියකට තරඟය ගැන දැනුවත් කිරීමක් අදාල අංගය වෙනුවෙන් සාදා ඇති ෆේස් බුක් පිටුවේවත් ක්‍රමවත් විදියකට මේක ලියන මේ මොහොත දක්වාමත් නැහැ. ඉතිං අනිකුත් දැනුවත් කිරීම් ගැන මම එයින් එහාට කතා කරන්න යන්නේ නැහැ.. වැඩේ මේ වෙනකල්ම පතුරවන ආකාරය බලනවා මිසක් එයින් වන අගතිගාමී තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් කටයුතු කිරීමක් වෙලා නැහැ.

ඔහොම තමා වැඩ කරද්දි අඩු පාඩු සිද්ධ වෙනවා... එහෙමත් කිව්වැකි.. ඒත් මේ වගේ වැඩක්.. විශේෂයෙන්ම ලක්ෂ 30ක් වැනි දැවැන්ත මුදලක් එක්ක ගනුදෙනු කරන්න හදන වෙලාවක මේ වගේ සුවිශේෂී කාරනා ගැන මෙයිට වඩා සැලකිලිමත් විය යුතුද නැද්ද කියන එක මටනං විශාල ගැටළුවක්.. මොකද මේ වගේ දේවල් සිද්ධ වෙන හැටිත් ඒවට වැඩපිළිවෙල සකස් කරන හැටිත් මූලිකවම සංවිධානය විය යුතු දෙයක්.. එහෙම නැතිව දඩි බිඩියේ ඔහේ හිතුන ගමන් කරන්නං වාගේ කරන වැඩ මේ වගේ විශාල මුදලක් ගෑවෙන තැනක කරන එක ඒ හැටි හොඳ දෙයක්නං නෙවෙයි..  එන එන අතට සක්ක ගැහීම මෙහෙම දේකදී හරියන්නේ නැහැ. විශේෂයෙන්ම රනා වැනි දේශපාලන සංවිධාන ශක්තියක් පවා ඇති අත්දැකීම් සහිත අයකු මූලිකවී සිටින විටදී පවා...

ඉතිං ඔය වගේ හේතු පැහැදිලිව පේන වැඩකට සම්බන්ධ වීම කිසිසේත්ම මගේ ප්‍රතිපත්ති මත හරියන වැඩක් නෙවෙයි. රැල්ලට යන වැඩවල රැල්ලට අහුවෙලා වැඩ කිරීමත් මගේ පොතේ නැති දෙයක් ඒ හින්දා මේ වගේ අයුතු දාමයකට මගේ සම්බන්ධයක් නැහැ.

ඒත් මේ වැඩ පිළිවෙල නවත්වා දැමිය යුතුයැයි හෝ අන් අයත් මෙයට ආධාර නොදී සිටිය යුතුයි කියා කියන්නටද මා කැමති නැත. කැමැත්තෙන්ම මෙවැනි වැඩ වලට සම්බන්ධ වන අය ඒ දේ හිත සංතෝෂනේ කිරීමයි වැදගත් වෙන්නේ.. බලපෑමකට යටත්ව හෝ පොඩි ප්‍රසිද්ධියක් ගැනීම වැනි දෙයින් තොරව එකතු වීම කිසිදු වරදක් නැත.

විශේෂයෙන්ම මෙහිදී කිව යුත්තේ මා මේ ලිපිය පල කිරීමෙන් අදාල කටයුත්තට බාධා කිරීමට කිසිදු උත්සහයක් මගේ නැත. ප්‍රධානම අරමුණ වන්නේ හඩක් නැතිව සිටිනා අයට අගතියක් නොවන්නට ඔවුන් වෙනුවෙන් කතා කිරීමත්.. පෞද්ගලිකව දැනට සිදු වූ අපහසුතාවයන් ඉදිරියේදී මට ඇති නොවීමටත්.. වරින් වර කෑලි කෑලි අදහස් දක්වා මේ වෙනුවෙන් මගේ කාලය නාස්ති කරන්නට අකමැති වීමත් යන කාරණාය...

ඒ හැර දැනට ඇති අඩුපාඩු ගැන මැසේජ් හරහා කතා කලාට ඉක්මනින් පැහැදිලි විසඳුම් දීමට අපහසු නම් මෙවැනි දැනුවත් කිරිමක් හරහා හරි දැනුවත් ව වැඩ සටහනෙහි ඇති අහිතකර තත්වයන් අවම කොට මනාව සකස්කොටගෙන ක්‍රියා කිරීමට තල්ලුවක් දීමටත් මෙයින් හැකියාවක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ඒ හැර ඉතිං මෙහෙම දාන දේවලුත් හරියට පාවිච්චි කලොත් මාකටින්ම බව කාරණා දන්නා අය දන්නවා ඇතැයි සිතමි. (හරියට පාවිච්චි කලහොත්)

එයට අමතරව කරන්නට හදන වැඩ සටහන සම්බන්ධව තවත් මාගේ ඇති අදහසක් ඉදිරිපත් කරන්නටද කැමැත්තෙමි...

එයට පෙර මෙම ලින්කුවේ ඇති ලිපිය කියවා බැලීම යම් පහසුවක් වනු ඇත..


සරලව කිවහොත් ඕකේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ කියනවා 

//2014 වර්ෂයේ දී රුපියල් බිලියන 3.8 ක මුදලක් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අවශ්‍ය නවීන උපකරණ මිල දී ගැනීමට වෙන් කර ඇතත් තවමත් රුපියල් බිලියනයකවත් උපකරණ මිල දී ගෙන නැතැයි // කියලා...

ඉතිං දැන් මේ කටයුත්ත හරහා ලක්ෂ තිහක් සොයා ගන්න උත්සහ දරන වෙලාවේ මෙයිටත් වඩා පහසුවෙන් මේ කටයුත්ත කර ගැනීමේ මාර්ග තියෙන බවයි මටනං පෙනී යන්නේ... 

මිනිස්සුන්ට අමාරුවෙන් අමුමිරිස් කවනවට වඩා.. වකුගඩු අමාරු හොද කරන්න ගිහින් ගැස්ට්‍රයිටිස් කාරයින්ට ඒ අමාරු වැඩි කරවනවටත් වඩා ලේසියෙන් මේක කරගන්න පුළුවන්... උවමනා කරන්නේ පොඩි සංවිධාන ශක්තියකුයි හරි හමන් සම්බන්ධීකරණයකුයි විතරයි... ඒත් කියන්න සංතෝෂයි ඒ දෙකම තියෙන කෙනෙක් අපිට මේ වෙලාවේ ඉන්නවා... අන්න සෞඛ්‍ය ඇමතිතුමා ගාව සල්ලි තියෙනවා... මෙන්න මෙහෙ වැඩේට කරගන්න හොඳම ජොකියා වෙච්චි රසික නානායක්කාර හෙවත් අපේ රනාතුමා මෙහෙං ඉන්නවා...

දැන් කෙරෙන්න ඕන පොලොන්නරුව රෝහලට අදාල යන්ත්‍ර සූත්‍ර ලබා දීමට මුදල් පාස් කරවා ගැනීමක් සහ ඒ වැඩ පිළිවෙල කඩිනම් කරගැනීමක් විතරයි... ඒකට අත ගහන එක තමා රනාට කරන්න තියෙන්නේ... ඒකට කල හැකි.. ඒකට සුදුසුම කෙනත් රනාම තමයි... ඇයි එහෙම කියන්නේ...

එක පැත්තකින් ගත්තම මේ වගේ සද්කාර්යයකට බය නැතිව අත ගහලා මේ වෙලාවේ මේකේ නායකත්වය දරන්නේ රනා වීමත් අනිත් පැත්තෙන් සෞඛ්‍ය ඇමතිතුමාට කිට්ටු කරන්න පුළුවන් හොඳම කෙනා රනා වීමත්... මං දන්නා තරමින් මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ ප්‍රධාන ලේකම් වෙච්ච සිරිලංකා නිදහස් පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙක්වගේම කටාන ආසනයේ සිරිලංකා නිදහස් පක්ෂයේ දේශපාලන සංවිධානවල ප්‍රභල තනතුරු හොබවන ක්‍රියාකාරී පුද්ගලයෙක් වගේම සිරිලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට තරඟකල අපේක්ෂකයෙකුත් වෙනවා.. ඒ හැම එකටම අමතරව මගේ මතකය නිවැරදි නම්  අපේ හිටිය ඇමති ජෙයරාජ්ගේ උන්නැහේගේ භාර්යාව වෙච්ච සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මංතිරිතුමියගේ.. (ඇමතිකමකුත් තියේද කියලනං මතක නැහැ) සම්බන්ධීකරණ ලේකම් ධූරයකුත් දරනවා...

ඉතිං තව මොනවද කෙරෙන්න ඕන... ඉතිං සම්බන්ධිකරණ ලේකම් රනාතුමා සහ ලක්ෂලේකම් සිරිසේන තුමා අතර සම්බන්ධිකරණයක් උවමනා වෙලාවක් මේක. රනාට පුළුවන් මේ වෙලාවේ මූලික වෙලා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න සමස්ථ සයිබර් අවකාශයම නියෝජනය වෙන ආකාරයට.. මේ උවමනා කරන යන්ත්‍ර සූත්‍ර ටික ඒ ඒ රෝහල්වලට ලබා දෙන්න සහ ඒවා කඩිනම් කරන්න කියලා...

මං දන්නවා සම්බන්ධකම් තිබුනට රනාට තනියම කරගන්න අමාරුයි කියලා.. ඒ හින්දා අපිට පුළුවන් මේ අමුමිරිස් සංවිධානෙම එක්කාසු කරං ඇමතිතුමා හරහා මේ වැඩේ කරවගන්න ෆේස් බුක් කැම්පේන් එකක් පටන් ගන්න... ඒ වෙනුවෙන් අපිට පුළුවන් වකුගඩු රෝගීන් වෙනුවෙන් රනාව ඉස්සරහට දාලා අපිට රනාගේ පිටිපස්සෙන් එකතු වෙලා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න... එහෙම මදිනං බල කරන්න... ඇමතිගෙන් වැඩේ කෙරෙන්නේ නැත්තං රජයෙන් මේවට ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා හඬක් ඇති කරවන්න. සමහර විටක ආරාබි වසන්තයට එහා ගිය රැල්ලක් පටන් ගන්න රනාට පුළුවන් වෙයි... මං හිතනවා මේ රජයෙන් වැඩ කරවගන්න පුළුවන් කියලා හැගීමක් රනාට තියෙනවා කියලා. එකෙදී රජයට සම්බන්ධ කෙනෙක්ම මූලික උනාම වැඩේ කෙරෙන්න තියෙන ඉඩකඩත් බොහෝම වැඩියි නෙව.

ඉතිං පැහැදිලියි නේද..අරෙහෙ සල්ලි තියෙනවා.. මෙහෙ උවමනාවක් තියෙනවා.. ඒ දෙක අතර සම්බන්ධ කරන්න සුදුසු පුද්ගලයෙක් ඉන්නවා.. වැඩේ හරියට කරන්න පුද්ගලයා බාරගන්නවනං ඒකට එකතු වෙන්න කට්ටියත් මදි නොකියන්න හිටීවි... මිනිස්සුන්ට වෙන අපහසුකමුත් නැතිව.. මිරිස් කාලා ලෙඩ වෙන්නෙත් නැතිව.. මේ අහක ඉන්න අපිට කතා අහගන්න වෙන්නෙත් නැතිව... අවසානයේදී අර රෝගීන්ට උවමනා දේවලුත් ලැබිලා හැමෝටම සතුටු වෙන්න පුළුවන් තැනකට මේ වැඩේ ඇදං යන්න  රනාට පුළුවන්නං අන්න ඒක තමා නියම අභියෝගේ...

හැබැයි මං ඒක අභියෝගයක් හැටියට රනාට ඉදිරිපත් කරන්නේ නැහැ.. මේක යෝජනාවක් විතරයි... කැමතිනං රනාට පුළුවන් පිරිසත් එක්ක එකතු වෙලා වැඩේට බහින්න... ඒක කරනවනං අමුමිරිස් සෙල්ලං වලට නැති උනාට මමත් එකතු වෙනවා හැකි ආකාරයකින් සහය දක්වන්න... මොකද ප්‍රායෝගිකව කරන්න පුළුවන් පහසුම දේ කරන එකට මං කැමතියි...

අමුමිරිස් කන්න කලින් රජයට බල කරමු.. ඒ තියෙන්නෙත් අපේ සල්ලිනේ දෙයියනේ.. හා නැද්ද..?

පසු සටහන...

රනා විසින් පහත කමෙන්ටුවකින් දන්වා ඇති පරිදි මෙම පින්තූරය මෙහි එල්ලන ලද  අතර පහත දැක්වෙන්නේ රනාගේ දේශපාලන තනතුරු සම්බන්ධව දැනට ඇති තත්වය රනාගේම වචන වලිනි.

//1. මම සම්බන්ධීකරණ ලේකම් නෙමෙයි... ඒක වැරදි කතාවක්. මම කොතනදීවත් කිව්වේ/ලිව්වේ නැහැ මම සම්බන්ධීකරණ ලේකම් කියලා. මගේ තනතුර මොකක්ද කියන එක පැහැදිලිව ෆේස්බුක් එකේ දැකබලාගන්න පුළුවං. මම හිතන්නෑ උඹ ඒක නොදැක්කා කියලා මචං... අනිත් දේ දැං මම ඒ තනතුරේ කටයුතු කරන්නේ නැහැ... හරියටම කියනවානං මීට මාස 3කට කළිං මම ඒ රස්සාවට ආයිබෝං කිව්වා... :-) ඒක නිසා හොඳ එකා වගේ කරුණාකරලා ඒ ටික හොඳ එකා වගේ වෙනස් කරහං...//

පහත ඇත්තේ රනා විසින් මෙයට පිළිතුරු වශයෙන් දක්වා ඇති සම්පූර්ණ කමෙන්ටුව වේ...



//හිතවත් මාරයා,මළාට බ්ලොග් පෝස්ට්වල කොමෙන්ට් නොදාන එකෙක් මම... නමුත් මේ පෝස්ට් එකේ 2/3ක් විතර තියෙන්නේ මම ගැනම නිසා මේකට මගේ අදහස නොදක්වා හිටියොත් ඒක අඩුවක්.
පළවෙනි දේ, නුවන් දිවාකරගේ රිප්ලයි එකට මම එතන කිව්ව දේ ඒ ඉමේජ් එකෙන් හැලුවේ ඇයි මචං? ඒකත් තිබ්බනං සංවිධායකයින් විදියට ඒ අවස්ථාවේදී අපි හැසිරෙන විදිය ගැන මේ සටහන කියවන හැමෝටම දැකබලාගන්න තිබ්බා. උඹ ඒ අවස්ථාව ඒ මිනිස්සුන්ගෙන් උදුරගෙන. පුළුවන්නං ඒ සම්පූර්ණ කතාබහම දාපං. උඹට ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවං වැඩක්...

#SLAmuMirisChallenge එක මේ වෙද්දි බොහොම වේගයෙන් පැතිරෙනවා. මේ වැඩේ වටේ එක්කහු වෙන හැමෝම එකතු වෙන්නේ අපේ ෆේස්බුක් ස්ටේටස් බලලවත්, ෆේස්බුක් ගෲප් එකට ඇවිල්ලවත් නෙමෙයි. තමංගේ යාළුවෝ කියලා, ගොසිප් සයිට්වල තියෙන විස්තර සහ වීඩියෝ දැකලා. ඒ හැම කෙනෙක්ම මේ වැඩේ නීතිරීති හරියටම දන්නේ නැහැ. ඒක එයාලගේ වැරැද්දකුත් නෙමේ. ඒ වගේම සංවිධායකයන්ගේ දැනුවත් කිරීමේ වැරැද්දක් කියලා කෙළිංම කියන එක අසාධාරණයි නේද මචං...මොකද අපි මේ ගැන නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිද්ධ කළත්, මේ වැඩේ එක් සීමාවකට ගියාට පස්සේ අපේ දැනුවත් කිරීම් වළංගු වෙන්නේ නැහැ...
නමුත් අපි ඒ වගකීමෙන් අයින් වෙන්නේ නැහැ... ෆේස්බුක්, බ්ලොග්, වෙබ් කියන මේ ඔන්ලයින් විදිවලට අමතරව, ඊට එහා ගිය උපක්‍රම යොදාගනිමින් අපි මේ ගැන මිනිස්සුන්ව දැනුවත් කරනවා. ෆේස්බුක් පේජ් එකේ ගෲප් එකේ පින් පෝස්ට් එකක් දැම්මා කියලා හැමෝම දැනුවත් වෙන්නේ නැහැ... අපි එතනින් එහාට යනවා මචං... නිසැකවම අපි එතනින් එහාට යනවා... මම හිතනවා ඒකෙන් මේ තත්ත්වය බොහෝදුරට සමනය වේවි කියලා.
අවසාන වශයෙන් මේ සිද්ධිය (උඹව නොදැන උඹට අභියෝග කිරීම හා ඒ හේතුවෙන් උඹ මානසික පීඩාවකට ලක්වීම) ගැන සංවිධායක මණ්ඩලයේ අපි හැමෝගේම බලවත් කණගාටුව මේ වෙලාවේ උඹට ප්‍රකාශ කරනවා...

වීඩියෝ එකෙන් පස්සේ තියෙන දේවල් ගැන කියනවනං,
1. මම සම්බන්ධීකරණ ලේකම් නෙමෙයි... ඒක වැරදි කතාවක්. මම කොතනදීවත් කිව්වේ/ලිව්වේ නැහැ මම සම්බන්ධීකරණ ලේකම් කියලා. මගේ තනතුර මොකක්ද කියන එක පැහැදිලිව ෆේස්බුක් එකේ දැකබලාගන්න පුළුවං. මම හිතන්නෑ උඹ ඒක නොදැක්කා කියලා මචං... අනිත් දේ දැං මම ඒ තනතුරේ කටයුතු කරන්නේ නැහැ... හරියටම කියනවානං මීට මාස 3කට කළිං මම ඒ රස්සාවට ආයිබෝං කිව්වා... :-) ඒක නිසා හොඳ එකා වගේ කරුණාකරලා ඒ ටික හොඳ එකා වගේ වෙනස් කරහං...
2. මම ඒ තනතුරේ වැඩ නොබලන නිසා උඹ කියන දේ කරන්න ප්‍රායෝගික අපහසුතාවයක් තියෙනවා. මොකද ජීවන අරගලේ දරුණු විදියට නියැලෙන ගමං තමයි මේ අනිත් හැම දේමත් කරන්නේ. කසාද බැඳලා නොහිටියට මොකෝ අපිටත් හරියට පවුල් ප්‍රශ්න... :D :D
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. #SLAmuMirisChalllenge එක පාලමක් කරගෙන අපේ ඉලක්කය (රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ලබාදෙන එක - මේක රුපියල්ම ලක්ෂ 30ක්) සාර්ථක කරගත්තොත්, ගරු සෞඛ්‍ය ඇමතිතුමා එක්ක වඩාත් යහපත් සම්බන්ධතාවයක් ඇතිකරගන්න අපි කට්ටියටම පුළුවං වෙනවා කියන විශ්වාසේ මගේ තුළ දැඩිව තියෙනවා. ඇමතිතුමා විතරක් නෙමේ, අමාත්‍යංශේ හෝ ඔය උඹ කිව්ව කාරණාවට අදාළවෙන වෙනත් පාර්ෂව එක්කත් ඒ සම්බන්ධතාවය හදාගන්න පුළුවං වේවි... අන්න එදාට උඹ මේ කිව්ව දේ වෙනුවෙන් මම පෙනී සිටිනවා. බැරි වෙන එකක් නැතිවෙයි ඒ වැඩේ කරගන්න... බලමු ඒ කාලේ වෙද්දි අපේ ආණ්ඩුවක් තිබ්බොත් සහ මෛත්‍රීපාල ඇමතිතුමාම හිටියොතින් වැඩේ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවං වේවි... එකපාරටම බලකරන උද්ඝෝෂණවලට යන්නැතුව, අපිත් දෙයක් කරලා, ඊට පස්සේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් වැඩ කරගන්න එක සාර්ථකයි කියලා මට වඩා අවුරුදු 10ක විතර ජීවන අත්දැකීම් තියෙන උඹ දන්න විත්තිය මම දන්නවා... අන්න එදාට මට හයියක් වෙයං... දැනට #SLAmuMirisChallenge එක සාර්ථක කරගන්න මේ වගේ උදව් දියං...

ඒ එක්කම #SLAmuMirisChallenge එක ගැන තවම හරි විස්තරයක් නොදන්න අයගේ දැ.ගැ.පි. මම ලිංක් දෙක තුනක් එල්ලන්නං... ඒ ටිකත් ඔන්න්න ඔහේ තියෙන්නෙ ඇරහං... ගූගල් නිකං දෙන ඉඩනේ... :D :D :D

#SLAmuMirisChallenge ෆේස්බුක් ගෲප් එක
https://www.facebook.com/groups/1472124419707392/

#SLAmuMirisChallenge ෆේස්බුක් පේජ් එක
https://www.facebook.com/pages/SL-Amu-Miris-Challenge-%E0%B6%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A-2014/350363428464285

පළවෙනි අමුමිරිස් චැලේන්ජ් වීඩියෝ එක
https://www.youtube.com/watch?v=LnwDpQUKNOw

#SLAmuMirisChallenge YouTube වීඩියෝ එකතුව
https://www.youtube.com/results?search_query=%23slamumirischallenge

ජීවිතේ ටයිප් කරපු දිගම කමෙන්ට් එක මේක වෙන්නැති...
කොහොම උනත් අවුලක් නැහැ...
මේ කමෙන්ට් එක උඹ පබ්ලිෂ් කරයි කියලා මම විශ්වාස කරනවා...

ජයවේවා!!!//

106 comments:

  1. //අමුමිරිස් කන්න කලින් රජයට බල කරමු.. ඒ තියෙන්නෙත් අපේ සල්ලිනේ දෙයියනේ.. හා නැද්ද..?

    සහතික ඇත්ත....

    ReplyDelete
  2. dfdfdfdfdfdfdfdfdff

    ReplyDelete
    Replies
    1. Maarayo umbata blog eka mathak wenne bookiye kela unama thamayi neda. Naththam mechchara kal kade closed

      Delete
  3. //නැත්තං මෙහෙම නොවී වෙන වෙන තැන්වල පිලිකණුවල කතා කියන එකනෙ වැඩි දෙනෙක් කරන්නේ//
    kawda bola pilikanu wala katha kale?

    ReplyDelete
  4. කෙනෙක් අභියෝගයක් කරාම ඕනෙනෙම් ඒක බාරගන්න පුලුවන් නැතිනම් බාර නොගෙන ඉන්න පුලුවන්. ඒත් කැතම සීන් එක මේ වගේ පඩ ටෝක්ස් දීලා පෝස්ට් දාන්නත් පුලුවන්. අභියෝගයක් කියන්නේ අභියෝගයකට. ඒක එක එකාගෙන් කැමැත්ත අහ අහා කරන වැඩක් නෙමේ.
    මාරයගෙ තර්ක හරිම ප්‍රාතමිකයි. මේක කියනව මෝඩ වාහෙලට ඒක තේරෙනවද මන්දන්නැ. මාරයා කියනවා සෞක්‍ය සේස්ත්‍රෙට අච්චර වෙන් කරාලු. ඉල්ලගන්නලු තියෙන්නෙ. මොකෝ ඉල්ලුවාම සල්ලි දෙන්න මයිත්‍රීපාලයා මාරයාගේ ලොකුතාත්තගෙ පුතාද? ඔහොම බැලුවොත් අපේ රටේ හැම ක්ශේත්‍රෙකටම රජයෙන් මුදල් වෙන් කරාලා තියෙන්නේ. ඉල්ලගන්න විතරයි තියෙන්නේ. රට බලං ඉද්දි ලස්සන කරන්න පුලුවන් නේ? නිකම් බයිලනේ අයිසේ. මිනිහෙක් වැඩක් වෙන විදිහේ දෙයක් කරන්න ගියාම වැඩේ කාබාසිනියා කරන්නබලං ඉන්න ටෝක්ස් දෙන ඩයල් නම් ගොඩයි. පුළුවන්නම් ප්‍රායෝගික විසදුමක් පෙන්නන්නන නිකං සුරංගනා කතා කියන්නැතුව. ඔය සුරංගනා කත හොදයි මේ බ්ලොග් එක තමා එකම සිංහල බ්ලොග් එක කියලා හිතන් ඉන්න මෝඩ වාහෙලට.
    වැඩේ කියන්නේ කේන්දර බලලා ලෝකේ හොල්ලපු මාරයෙක්ව මිරිස් කරලකින් හොල්ලන්න පුලුවන් වෙච්චි එකයි

    ReplyDelete
  5. මාරයා ඔබේ අදහස් සමබරයි. විය යුතුද එයයි.ඉදිරිපත් වී අප වෙනුවට කතා කිරීම ගැන පින්.

    ReplyDelete
  6. හිතවත් මාරයා තුමා වෙත මෙව්වා එකෙන් දන්වා සිටින වග නම්, ඔබගේ අදහසට සීයට සීයක් මා එකඟ බවයි.. තවද, වකුගඩු රෝගයේ ව්‍යාප්තවීම දුටු කෙනෙක් ලෙස, කලක් එම පළාතේ ජීවත් වූ කෙනෙක් ලෙස, මගෙන්ද යෝජනාවක් ඇත. එනම්, මෙම පළාතේ ඇති මෙම අර්බුධකාරී තත්වය මොකා කොහෙන් කොහොම නෑ කීවත් අධික කෘෂි රසායනික භාවිතය හේතුවන බව මා දනිමි.. වෙනත් සතුන් මැරීමට යොදාගන්නා රසායනික, මිනිසා ලෙඩ කිරීමට තරම් ප්‍රබල වීමෙහි කිසිඳු විමතියක් නැත.. එහෙයින්, පැලැස්තර විසඳුම් වලට වඩා, මෙම තත්වයෙන් අදාළ පළාත් මුදාගැනීමට තිරසාර විසඳුමක් වශයෙන් කෘෂි රසායන භාවිතයෙන් තොර කෘෂිකර්මයකට යොමු වන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමයි.. දීර්ඝ කාලීන වශයෙන් එය වඩා ප්‍රතිපලදායක වනු ඇත..

    ReplyDelete
  7. ඔය අමු මිරිස් චැලෙන්ජ් එක කියන එක තනිකරම රසික නානායක්කාර ගේ දේශපාලන ව්‍යාපෘතියක්. ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයන් ඔය වගේ ගරිල්ලා මාකටින් වැඩ කරනවා. අනේ මේකෙ ඉන්න වාහෙලා ටිකත් අන්දෝ සංසාරයක් නොදැන ඌට කඩේ යනවා. අඩුගානෙ මාරයාට හරි මොළයක් තිබුණු එක ගැන සන්තෝසයි.

    ReplyDelete
  8. මාරයාගෙ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි!

    රජයෙන් කෙරෙන්න ඕනේ වැඩ ගැන කතා කරන්න ගියොත් නම් මං හිතන්නේ වකුගඩු රෝගයට වඩා බොහෝ දේවල් තියෙනවා කරන්න.. අර ඉස්පිරිතාල වර්ජනෙට හේතුව වුණේත් ඒ මිනිස්සුන්ගේ පඩි නඩි වෙලාවට නොගෙවීම නේ.. ඉතිං ඔය බිලියන ගණන් සල්ලි තිබ්බයි කියල ඕකෙන් රජරටට විතරක් ස්පෙෂලි මුකුත් කරගන්න නම් හම්බවෙන්නේ නෑ ඒක ලොවෙත් විශ්වාසයි මොකද මේ රජය ඒ තරමටම අතිශයින් කාර්යක්ෂම රජයක් නිසා.. ඒ නිසා රජය හරහා මේක කරගන්නවා කියන එක විශිෂ්ට, හැබැයි අන්තිම අප්‍රායෝගික විසඳුමක්, බළලාගේ බෙල්ලේ ගෙජ්ජි බඳින්න කතා කතා කළා වගේ වැඩක්..

    අනික් අතට මේ විසඳුම හෙවත් රුධිර පෙරහන් යන්ත්‍රයෙන් වෙන්නෙත් පැලැස්තර විසඳුමක් බව අපි දන්නවා.. එකෙන් වෙන්නේ රෝගියා තව ටික කාලයක් ජීවත් කරවීම මිසක් ලෙඩේ සුව අතට ගැනීමක් නෙමෙයි.. නමුත් ඒ ටිකවත් නොකෙරෙන තැනකයි අපි ඉන්නෙ.. අන්න ඒ නිසා අඳුරට සාප කරමින් ඉන්නවාට වඩා ඉරටු කෑල්ලක් හෝ පත්තුකර ගැනීම තමයි වටින්නේ..

    අවසාන වශයෙන් මෙතනදී තව එක වැදගත් දෙයක් කියන්න අවශ්‍යයි.. ඒ තමයි අමුමිරිස් අභියෝගය විහිළුවෙන් වගේ කළාට ඒක විහිළුවක් නෙමෙයි.. ඒ නිසා මේ මාරයියට කළා වගේ හුදෙක් අපහසුතාවට පත්කරන්න බලාගෙන නම් අනෙඩ් මේකට සහභාගී වෙන්න එපා.. මේක මේ කාගේවත් පිරිමිකම බලන ටෙස්ට් එකක්වත්, එහෙම නැත්නම් කාගෙන්වත් සල්ලි ගරන පොන්සි පිරමීඩයක්වත් නෙමෙයි.. මේක සමාජ සත්කාරයක්.. තමන්ගේ මනුස්සයා ඇඳෙන් නැගිටගන්න බැරුව දුක් විඳිනවා බලන්න බැරිකමට භාර්යාව සල්ලමේ යන, තමන්ගේ පුතා මරණයට මූණ දෙනවා බලන්න බැරිකමට තාත්තලා හොරකමේ යන, තමන්ගේ තාත්තා බේරගන්න සතියට දවස් දෙක ගානේ හැතැප්ම විස්සක් එහාට මෙහාට දරුවෝ තාත්තව උස්සන් පයින් යන මට්ටමේ දරුණු සමාජ ඛේදවාචකයක්.. මේ කන මිරිස් කරල කන්නේ ආතල් එකට නෙමෙයි, ඒ මිනිස්සුන්ගේ කඳුළු සංකේතවත් කරන්න.. ඒ නිසා අනෙ මේ වැඩේට සෙට් වෙන කවුරු කවුරුත් සිහියක් විනයක් සහ සංවරයක් ඇතුවම ඒ කටයුත්තට සහභාගී වෙන්න..

    විස්තර දන්නෙ නැත්නම් අන්න ගෘප් එක ඇති.. "අමු මිරිස්" කියල සර්ච් කළාම හරි..

    ~~චමීර දෙද්දුවගේ

    ReplyDelete
    Replies
    1. මොන රෙද්දකටද මිරිස් කරලක් කාලා එකෙන් ඒ මිනිස්සුන්ගේ කඳුළු සංකේතවත් කරන්නේ මෙතන අවශ්‍ය කඳුලක් සංකේතවත් කරන්න නොවෙයි නේ මේක කොහොමත් රැල්ලට හදපු පිරමීඩාකාර මුදල් එකතුකරන යාන්ත්‍රණයක් එකම දේ හොඳක් කිරීම අරමුණු කිරීම. හොඳ දෙයක් ආරමුනු කරත් ස්පෑම් කියන්නේ ස්පෑම්.

      Delete
    2. මොන රෙද්දකටද මිරිස් කරලක් කාලා එකෙන් ඒ මිනිස්සුන්ගේ කඳුළු සංකේතවත් කරන්නේ මෙතන අවශ්‍ය කඳුලක් සංකේතවත් කරන්න නොවෙයි නේ මේක කොහොමත් රැල්ලට හදපු පිරමීඩාකාර මුදල් එකතුකරන යාන්ත්‍රණයක් එකම දේ හොඳක් කිරීම අරමුණු කිරීම. හොඳ දෙයක් ආරමුනු කරත් ස්පෑම් කියන්නේ ස්පෑම්.

      Delete
    3. වකගඩු රෝගය හැදුණායින් පස්සෙ 'රෝගියා තව ටිකක් කල් ජීවත් කරවන්න' දරණ උත්සාහය ඒ මනුස්සයාටත් වදයක්. පවුලටත් වදයක්. සමාජයටත් වදයක්. ආණ්ඩුවටත් වදයක් නෙවෙයිද? ඇයි වකගඩු රෝගය වළක්වන්න පියවරක් නොගන්නේ ඒ වෙනුවට? උදාහරණයක් විදිහට ඔය ලක්ෂ තිහෙන් ඒ මිනිස්සුන්ට පිරිසිදු ජලය ලැබෙන ව්‍යාපෘතියක් කරන්න බැරිද?

      Delete
    4. යකෝ එහෙනං අපි මෙච්චර අපේ සල්ලි වියදං කොරල රජයක් නඩත්තු කරන්නෙ මොන ලබ්බකටද.....?

      Delete
    5. [යකෝ එහෙනං අපි මෙච්චර අපේ සල්ලි වියදං කොරල රජයක් නඩත්තු කරන්නෙ මොන ලබ්බකටද.....?]

      හඃ හඃ හා . . මේක නියම කියමන :D

      Delete
  9. අඟහරුවාගේ කතාවට මාත් එකඟය. කෘෂි රසායන භාවිතය දිගටම පැවතුනහොත් රෝහල්වලට කොපමණ පහසුකම් දුන්නත් දිගින් දිගටම මිනිසුන් ලෙඩ වීම නැවැත්විය නොහැකිය.

    ReplyDelete
    Replies
    1. යකෝ මේක දැම්මෙ අඟහරුවට රිප්ලයි එකක් විදියටනෙ.

      Delete
  10. ඇත්තටම රනා රත්තරන් කොල්ලෙක්.. ඒත් මේක නම් අමු මිරිස් වගේම අමුම අමු ගොන් වැඩක්. මේ සමාජයේ ඉන්නේ පිස්සෝ කියලා පෙන්වන්න තියෙන හොඳම උදාහරණයක්. දැනටමත් මනුසත් දෙරණ කියන වැඩ සටහනෙන් අති විශාල සේවයක් වකුගඩු රෝගීන් වෙනුවෙන් කරමින් පවතිනවා. අනික ලක්ෂ 30 කින් මොන ලබ්බක් කරන්නද? මේක වකුගඩු රෝගය මුවාවෙන් කරන අමුම අමු හඩු වැඩක්..

    උඹ මේක ළියපු එක බොහොම වටිනවා. නැත්නම් බ්ලොග් වල ඉන්නෙත් බුකියේ වගේම අමු පිස්සෝ සෙට් එකක් කියලා මිනිස්සු හිතයි..

    ReplyDelete
    Replies
    1. අනේ ගූතලන් ලොක්කෝ උඹේ දේශපාලනේ අපි දන්නෙ නැතුවයැ. හොඳ වඩක් කරන්න යනකොට උදැල්ල නොදා පැත්තකට වෙලා හිටියා නම්...

      Delete
    2. මානොතලං :D

      ඇත්තටම මේ ගැන දැණුවත් කරල පෝස්ට් දාන්න ඕන නැහැ. දැක්කෙ නැති ගානට ඉන්න තියෙන්නෙ. ඒ අස්සෙ අර නුවන් දිවාකර වගේ ලොලන්තයෙක් ඇවිත් මොකක්හරි දැම්මොත් සරල සුගම කුණුහරුපෙන් ඌට වටකරල නෙලන්නයි තියෙන්නෙ. වටකරල නෙළනව කියද්දි මම කවුද කියල දැනගන්නත් ඉඩ තියෙනව. එනිසා උදව්වක් ඕන වුනොත් කියන්න. ඒ වගේම මානොතලං කියන වචනෙන් මාව අඳුනගන්නත් පුළුවන්. :D

      මමත් මේ අභියෝග පඩේකට ගනං ගන්නෙ නැහැ. හේතුව බඩවැල් අවුලක් නිසා මිරිස් කන්න බැහැ සහ ඔය කියන විදිහට සල්ලි දෙන්න මට නැහැ. මං ජීවත් වෙලා ඉන්න එපැයි. බියර් චුට්ටක් බොන්නත් පුළුවං. පොතක් දෙකක් ගන්නත් පුළුවන් ඒ සල්ලිවලිං. මගේ කොන්ද පණ නැති නිසයි ඇනෝනිමස් කමෙන්ට් කළේ. ඔන්න මාව සැක කරන තවත් නමක් කිව්වා. කොන්ද පණ නැති විත්තිය චෙක් කරන්න තරං උනක් තියෙනවනං මට මේකට චැලේන්ජ් කරල, මම අහක බලං ඉද්දි පුළුවන්නං මට බැනපං! :D

      මාරයා අයිය මේක දාපං හරිද.. හෙන කාලෙකිං අමාරුවෙන් ටයිප් කළේ..

      Delete
  11. අඩේ මම පතරංග හෑල්ලක් කමෙන්ට් කළා බං...
    කෝ ඒක... :(

    ReplyDelete
    Replies
    1. එහෙම කමෙන්ට් එකක් ඇවිත් නැහැ රනා.. මං ස්පෑම් වලත් බැළුවා.. සමහර විට දිගට කෙටුව එකක්නං තනි කමෙන්ට් එකක් හැටියට දාන්න බ්ලොගර් මාමා දෙන්නේ නැති හින්දා අර දිග වැඩියි කියලා එවන මැසේජ් එක එවලා රනා ඒක දැක්කේ නැතිව වින්ඩෝ එක ක්ලෝස් කලාද දන්නේ නැහැ... තවමනං එහෙම එකක් නැහැ.

      Delete
    2. ඔන්න ආයේත් එව්වා...
      බලහං ඒක තියෙනවාද කියලා...

      Delete
  12. ~~~~~~~~~~~~~~මෙන්න මචං ආයෙත්~~~~~~~~~~~~~~~~~

    හිතවත් මාරයා,
    මළාට බ්ලොග් පෝස්ට්වල කොමෙන්ට් නොදාන එකෙක් මම... නමුත් මේ පෝස්ට් එකේ 2/3ක් විතර තියෙන්නේ මම ගැනම නිසා මේකට මගේ අදහස නොදක්වා හිටියොත් ඒක අඩුවක්.
    පළවෙනි දේ, නුවන් දිවාකරගේ රිප්ලයි එකට මම එතන කිව්ව දේ ඒ ඉමේජ් එකෙන් හැලුවේ ඇයි මචං? ඒකත් තිබ්බනං සංවිධායකයින් විදියට ඒ අවස්ථාවේදී අපි හැසිරෙන විදිය ගැන මේ සටහන කියවන හැමෝටම දැකබලාගන්න තිබ්බා. උඹ ඒ අවස්ථාව ඒ මිනිස්සුන්ගෙන් උදුරගෙන. පුළුවන්නං ඒ සම්පූර්ණ කතාබහම දාපං. උඹට ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවං වැඩක්...

    #SLAmuMirisChallenge එක මේ වෙද්දි බොහොම වේගයෙන් පැතිරෙනවා. මේ වැඩේ වටේ එක්කහු වෙන හැමෝම එකතු වෙන්නේ අපේ ෆේස්බුක් ස්ටේටස් බලලවත්, ෆේස්බුක් ගෲප් එකට ඇවිල්ලවත් නෙමෙයි. තමංගේ යාළුවෝ කියලා, ගොසිප් සයිට්වල තියෙන විස්තර සහ වීඩියෝ දැකලා. ඒ හැම කෙනෙක්ම මේ වැඩේ නීතිරීති හරියටම දන්නේ නැහැ. ඒක එයාලගේ වැරැද්දකුත් නෙමේ. ඒ වගේම සංවිධායකයන්ගේ දැනුවත් කිරීමේ වැරැද්දක් කියලා කෙළිංම කියන එක අසාධාරණයි නේද මචං...මොකද අපි මේ ගැන නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිද්ධ කළත්, මේ වැඩේ එක් සීමාවකට ගියාට පස්සේ අපේ දැනුවත් කිරීම් වළංගු වෙන්නේ නැහැ...
    නමුත් අපි ඒ වගකීමෙන් අයින් වෙන්නේ නැහැ... ෆේස්බුක්, බ්ලොග්, වෙබ් කියන මේ ඔන්ලයින් විදිවලට අමතරව, ඊට එහා ගිය උපක්‍රම යොදාගනිමින් අපි මේ ගැන මිනිස්සුන්ව දැනුවත් කරනවා. ෆේස්බුක් පේජ් එකේ ගෲප් එකේ පින් පෝස්ට් එකක් දැම්මා කියලා හැමෝම දැනුවත් වෙන්නේ නැහැ... අපි එතනින් එහාට යනවා මචං... නිසැකවම අපි එතනින් එහාට යනවා... මම හිතනවා ඒකෙන් මේ තත්ත්වය බොහෝදුරට සමනය වේවි කියලා.
    අවසාන වශයෙන් මේ සිද්ධිය (උඹව නොදැන උඹට අභියෝග කිරීම හා ඒ හේතුවෙන් උඹ මානසික පීඩාවකට ලක්වීම) ගැන සංවිධායක මණ්ඩලයේ අපි හැමෝගේම බලවත් කණගාටුව මේ වෙලාවේ උඹට ප්‍රකාශ කරනවා...

    වීඩියෝ එකෙන් පස්සේ තියෙන දේවල් ගැන කියනවනං,
    1. මම සම්බන්ධීකරණ ලේකම් නෙමෙයි... ඒක වැරදි කතාවක්. මම කොතනදීවත් කිව්වේ/ලිව්වේ නැහැ මම සම්බන්ධීකරණ ලේකම් කියලා. මගේ තනතුර මොකක්ද කියන එක පැහැදිලිව ෆේස්බුක් එකේ දැකබලාගන්න පුළුවං. මම හිතන්නෑ උඹ ඒක නොදැක්කා කියලා මචං... අනිත් දේ දැං මම ඒ තනතුරේ කටයුතු කරන්නේ නැහැ... හරියටම කියනවානං මීට මාස 3කට කළිං මම ඒ රස්සාවට ආයිබෝං කිව්වා... :-) ඒක නිසා හොඳ එකා වගේ කරුණාකරලා ඒ ටික හොඳ එකා වගේ වෙනස් කරහං...
    2. මම ඒ තනතුරේ වැඩ නොබලන නිසා උඹ කියන දේ කරන්න ප්‍රායෝගික අපහසුතාවයක් තියෙනවා. මොකද ජීවන අරගලේ දරුණු විදියට නියැලෙන ගමං තමයි මේ අනිත් හැම දේමත් කරන්නේ. කසාද බැඳලා නොහිටියට මොකෝ අපිටත් හරියට පවුල් ප්‍රශ්න... :D :D
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. #SLAmuMirisChalllenge එක පාලමක් කරගෙන අපේ ඉලක්කය (රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් ලබාදෙන එක - මේක රුපියල්ම ලක්ෂ 30ක්) සාර්ථක කරගත්තොත්, ගරු සෞඛ්‍ය ඇමතිතුමා එක්ක වඩාත් යහපත් සම්බන්ධතාවයක් ඇතිකරගන්න අපි කට්ටියටම පුළුවං වෙනවා කියන විශ්වාසේ මගේ තුළ දැඩිව තියෙනවා. ඇමතිතුමා විතරක් නෙමේ, අමාත්‍යංශේ හෝ ඔය උඹ කිව්ව කාරණාවට අදාළවෙන වෙනත් පාර්ෂව එක්කත් ඒ සම්බන්ධතාවය හදාගන්න පුළුවං වේවි... අන්න එදාට උඹ මේ කිව්ව දේ වෙනුවෙන් මම පෙනී සිටිනවා. බැරි වෙන එකක් නැතිවෙයි ඒ වැඩේ කරගන්න... බලමු ඒ කාලේ වෙද්දි අපේ ආණ්ඩුවක් තිබ්බොත් සහ මෛත්‍රීපාල ඇමතිතුමාම හිටියොතින් වැඩේ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවං වේවි... එකපාරටම බලකරන උද්ඝෝෂණවලට යන්නැතුව, අපිත් දෙයක් කරලා, ඊට පස්සේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් වැඩ කරගන්න එක සාර්ථකයි කියලා මට වඩා අවුරුදු 10ක විතර ජීවන අත්දැකීම් තියෙන උඹ දන්න විත්තිය මම දන්නවා... අන්න එදාට මට හයියක් වෙයං... දැනට #SLAmuMirisChallenge එක සාර්ථක කරගන්න මේ වගේ උදව් දියං...

    ඒ එක්කම #SLAmuMirisChallenge එක ගැන තවම හරි විස්තරයක් නොදන්න අයගේ දැ.ගැ.පි. මම ලිංක් දෙක තුනක් එල්ලන්නං... ඒ ටිකත් ඔන්න්න ඔහේ තියෙන්නෙ ඇරහං... ගූගල් නිකං දෙන ඉඩනේ... :D :D :D

    #SLAmuMirisChallenge ෆේස්බුක් ගෲප් එක
    https://www.facebook.com/groups/1472124419707392/

    #SLAmuMirisChallenge ෆේස්බුක් පේජ් එක
    https://www.facebook.com/pages/SL-Amu-Miris-Challenge-%E0%B6%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A-2014/350363428464285

    පළවෙනි අමුමිරිස් චැලේන්ජ් වීඩියෝ එක
    https://www.youtube.com/watch?v=LnwDpQUKNOw

    #SLAmuMirisChallenge YouTube වීඩියෝ එකතුව
    https://www.youtube.com/results?search_query=%23slamumirischallenge

    ජීවිතේ ටයිප් කරපු දිගම කමෙන්ට් එක මේක වෙන්නැති...
    කොහොම උනත් අවුලක් නැහැ...
    මේ කමෙන්ට් එක උඹ පබ්ලිෂ් කරයි කියලා මම විශ්වාස කරනවා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රනා අයියේ චැලේන්ජ් කරලා දාන හැම විඩියෝ එකක් එක්කම ගෘප් එකේ ලින්ක් එකක් දාන්න නිති සැලසුවනම් හරි එනකොට විඩියෝ යන යන තැනින් කස්ටිය ගෘප් එකට එනවනේ අවශ්‍ය හැම දෙයක්ම ඊලග කෙනොට ගෘප් එකෙන් දැනගන්න ලැබෙනවා

      Delete
  13. මාරය හරියටම හරි

    ReplyDelete
  14. අම්බානයි. ඊයෙ මගෙ යාලුවෙක් කතා කරලා කිව්වා මාව දැක්ක කියලා ගොසිප් සයිට් එකක. අද මෙන්න මාරයා ගෙ බ්ලොග් එකේ. ග්‍රහයා පොඩ්ඩක් බලව ගන්න ඕන.
    කියන්ට තියෙනවා කාරණා දෙකක්...

    1)අනේ උඹ බැනහන් මාරයියේ. මගේ නෙවෙයිනෙ උඹේනෙ ලේ පිච්චෙන්නෙ.

    2) මට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි බුකියෙ දාපු කමෙන්ට් එකකින් කොහොමද පුද්ගලයකුගෙ ජීවිතයට බලඵෑමක් වෙන්නෙ කියන එක. ඒක උඹ පැහැදිලි කරපු එකට ස්තුතියි.

    -නුවන් දිවාකර -

    ReplyDelete
    Replies
    1. මං හිතං උන්න උඹ ලොන්තයි කියල. උඹ ඒක කන්ෆර්ම් කළා. ස්තුතියි මචං!

      Delete
    2. ආ... අභිය... කොහොමද? තාම අඟහරුවාදා උනේ නැද්ද අර මීමුරෙ කථාවට උත්තර දෙන්න ?

      Delete
  15. මාරයා ගේ කතාව හරියට හරි. යමකට ආධාර කරනවා නම් හිතේ කැමැත්තෙන් දෙන්න ඕන අභියෝග හරහා ආධාර එකතු කිරීම තිරිසන් වැඩක් වගේම කරන්නන් වාලේ අභියෝග කිරීම සහ ඒවාට බයේ ආධාර කිරීම පොන්න වැඩක්.
    කොහොමත් අභියෝගයෙන් සිදුවන්නේත් (මිරිස් කෑම) නිෂ්පල වැඩක් නිසා කොහොමත් මේක ගොන් වැඩක් අභියෝගය සඳහා ලේ දන් දීම වැනි දෙයක්වත් තිබුනා නම් ටිකක් හරි සාධාරණීකරණය කරන්න පුළුවන්.

    ReplyDelete
  16. එකගයි මාරයාගේ කතාවට.අමු මිරිස් මන් එකග නෑ මේ වැඩේ එක්ක

    ReplyDelete
  17. රණා උඹ වැඩේ කරගෙන පලයන්. මෙතන බණින උන් දන්නේ හැමදාම බැණ බැණ ඉන්න. ඔය බණින හැම එකාටම රු 100ක් දෙන එක මහකජ්ජක් නෙමේ. ඒත් උන්ට ඊට වඩා ආතල් බැණ බැණ වැරදි හොයන එක. ඔය බණින උන්දැලා කවදාවත් හිතලා රු 100ක් ආධාර කරන උන් නෙමේ. අයිස් බකට් චැලේන්ජ් එකෙන් උනේ මිනිස්සුන්ට පොඩි ආතල් එකක් එක්කම අදාල අරමුදලට ආධාරයක් කරන්න සිතුවිල්ලක් ඇති කරවපු එකයි. උඹ කරන්න යන වැඩෙන් වෙන්නෙත් ඒකමයි. මම නම් මේකේ වැරැද්දක් දකින්නෙ නෑ. හැබැයි පුතෝ මේ සල්ලි හරියට මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් යොදවපු බවට සාක්ෂි තියෙන්න ඕනේ...

    ReplyDelete
  18. වතුරෙ කොරහේ හෙන ලොකු කිඹුලෙක්....

    ReplyDelete
    Replies
    1. මේ වගේ එකක් අභීතටත් පුළුවන්නේ සන්විදානය් කරන්න

      Delete
    2. මට හිතෙන්නෙ අභීතට මෙතැන තියෙන්නෙ මේ කටයුත්තට තමන්ට සම්බන්ධ නොවෙන්න ලැබුණු කණගාටුව. එහෙම නැත්නම් මේ වගේ දේවල් සංවිධානය කරන්න අපූරු පුද්ගලයෙක් තමයි අභීත. ළමයිනේ නරකද අභීතත් ඕකට සම්බන්ධ කර ගත්තොත් පරක්කු වෙලා හරි?.... හැබැයි ගොයියෝ, සල්ලි හෙම වැඩිය අත පත ගාන්න දෙනවා නෙවෙයි. ඒවා උපශාන්ත වෙන්න පුළුවන්.

      Delete
    3. අභීත අපිත් එක්ක සෙට් වෙලා පටන්ගමු කොච්චි මිරිස් අභියෝගය. කන්න නොවේ ගාගන්න.

      Delete
    4. අපරාදෙ අබීතයට ගානක් කඩාගන්න තිබ්බ චෙන්ස් එක මිස් උනා රනා ඉස්සර උනායින්

      Delete
    5. ඇනෝලම හතරයි... තව ඇනෝලා ඉන්නවානම් ඇවිත් මාව පොරක් කරන්න සුදෝ...

      Delete
    6. ඔයා පොරක් තමයි අභීත. මාරයාට එක පැත්තකින් මඩ ගගහා එයාගෙ බ්ලොග් එකේම කමෙන්ට් කරන එක කොයි තරම දෙයක්ද! ඉන්දික උපශාන්ත දීපු ණයක් වත් ආපහු ගන්න බැරි නපුංසකයෙක් කියලා ඔප්පු කරපු එක කොයි තරම් දෙයක්ද! ඉතින් ඔයා පොරක්!!

      Delete
    7. ඉන්දිකයගෙ ණය බේරලා ආවොත් උඹව පොරක් කරනවා කම්බ හොරෝ.......

      Delete
    8. අබීතයා ඉන්දිකයට පොල්ල තියද්දි, දුකා ඉන්දිකයව අන්දලා බ්ලොග් ලෝකෙ හෙන පොරක් වෙන්න හිතාගෙන අබීතයාව කපලා දාන්න සැලසුම් ඇන්දා... මේක කරන රනාටයි ඕනයාටයි අර රොබින් කියන කියන එකාටයි දුකාලා ඒ කාලේ කිව්වේ අබීතයාගෙන් බීලා ඌට කඩේ යනවා කියලා....

      දැන් දුකා රනාලට හේත්තු වෙලා බැහැලා අමු මිරිස් චැලෙන්ජ් එකේ....

      අබීතයාට කෙලපු ඉන්දිකයයි මාරයයි දෙන්නා දැන් පැත්තකට වෙලා නියෝ නියෝ ඉන්නවා..

      ඉන්දිකයට දැන්වත් තේරෙනවද දන්නේ නෑ අබීතයාට වඩා ඌව ඇන්දුවෙ දුකා කියලා...

      ඒ අස්සෙ අබීතයාත් අමු මිරිස් කාලා ලපයි සිපයි වලට එහා ගිය නම් හතරකටත් චැලෙන්ජ් කරලා.. උන් මේ වැඩේ කරයි කියලා කීයටවත් හිතන්න බෑ..

      මේවා බලන් ඉන්න අපි ඉතින් හෙන ගොන් බන්.....

      Delete
    9. ණය ගෙවලා වරෙන් ඔකොටම කලින්. ගත්ත ණය ගෙවාගන්න බැරි එකා කොහොමද මිරිස් අබියෝගයට සල්ලි දෙන්නේ .

      Delete
    10. [අබීතයා ඉන්දිකයට පොල්ල තියද්දි, දුකා ඉන්දිකයව අන්දලා බ්ලොග් ලෝකෙ හෙන පොරක් වෙන්න හිතාගෙන අබීතයාව කපලා දාන්න සැලසුම් ඇන්දා... ]

      බොරු කතාවක්. අබීත කියන්නේ දියුනු වෙන්න උත්සාහ කරන (අවංක :ඩී) සුලු පරිමාන ව්‍යාපාරිකයෙක් (තරුණ කාලේ අපේ තාත්තත් පරිප්පු කෑව සුලු ව්‍යාපාරිකයෙක්) කියලා හිතලා (රැවටිලා), එහෙව් එකෙක්ට දියුනු වෙන්න උදව් කරන්න ඕන කියන කියන හැඟීමෙන් රටේ ලෝකේ කනෙක්ෂන් තියෙන චින්තක අබේරත්න, ඉන්ද්‍රනාත තේනුවර වගේ මහත්වරුන්ව අබීතට අඳුන්නලා දුන්නෙත් මමයි. මේ ඇනෝ අබීත නම් මතක ඇති . . අබීත නෙමේ නම් අබීතගෙන් අහලා දැන ගන්න.

      ඉන්දිකගේ සීන් එකේදි ඉන්දික වෙනුවෙන් කතාකලේ මනුශ්‍යත්වය වෙනුවෙන්.

      කෙනෙක් හිතවත් කමකට තව කෙනෙක්ගෙන් මුදලක් ගත්තා නම් ඒක ආපහු ලබා දෙන්න ඕන. එක්සෙප්ශන් තියෙන්න පුලුවන් - ගත්තු එකා සතේට බංකොලොත් වීම, මුදල් හොයන්න බැරිව පැරලයිස් වීම වගේ හේතු. ඒවා නැතිනම් කොන්දේසි විරහිතව ඒක එහෙමයි - ගත්තා නම් මහත්මයෙක් වගේ ආපහු දෙන්න ඕන.

      ඒක අබීත නොකල නිසයි එතනදී ඉන්දික වෙනුවෙන් කතා කලේ.

      කොහොමත් ඒ කාලෙදි ඉන්දික කියන්නේ සයිබර් ලෝකයේ හිතවතුන්ගෙන් ලඟින් ඇසුරු කරපු කෙනෙකුත් නෙමේ . .

      ඒ වෙලාවේ හිතවත්කමක් උඩ කතා කලා නෙමේ මනුස්ස කම උඩ කතා කලේ . . ලෝකේ පවතින යුක්තිය අයුක්තිය වෙනුවෙන් සලකලා කතා කලේ.

      Delete
    11. [මේක කරන රනාටයි ඕනයාටයි අර රොබින් කියන කියන එකාටයි දුකාලා ඒ කාලේ කිව්වේ අබීතයාගෙන් බීලා ඌට කඩේ යනවා කියලා....

      දැන් දුකා රනාලට හේත්තු වෙලා බැහැලා අමු මිරිස් චැලෙන්ජ් එකේ...]

      දුකා රනාට හේත්තු වෙලා නෑ අඩු තරමින් රනා මගේ ෆේස්බුක් මිතුරු ලැයිස්තුවේ වත් නෑ. ලකෆ්‍රෑන්ස් බ්ලොග් එකේ පෝස්ට් එකක රනාගේ ෆේස්බුක් එකෙන් ගත්තු ස්ක්‍රීන් ශොට්ස් තියෙනවා දැක්ක දවසෙම රනාට මැසේජ් එකක් යවලා මිතුරු ලැයිස්තුවෙන් අයින් කලා. රනා වැඩේ පටන් ගන්න මොහොතෙම කවුරු හරි මාවත් එතනට යොමු කරපු පලවෙනි වතාවෙම මම කොමෙන්ට් කලේ "රනා මේ වැඩේ උඹව මනුස්සයෙක් විදිහට කරයි කියලා මම විස්වාස කරන්නම්" කියලා. මොකෝ ලෝකේ පර්ෆෙක්ට් නැති මිනිස්සු නැති බව මාම් දනන්වා. රනා දේසපාලකයෙක් විදිහට එක අවස්ථාවක්දී ෆේල් උනාට දැකපු අනෙක් බොහෝ අවස්ථාවල මනුස්සයෙක් විදිහට ක්‍රියා කරන කෙනෙක් බව දැනිලා තියෙන නිසා.

      ඕනයට මම කවදාවත් කිසි දෙයක් කිව්වේ නෑ. අනික ඕනයා දුවට හදිසියේ වත් අසනීපයක් හැදුනොත් කියලා ඉතුරුකරලා තිබ්බ සල්ලි ටිකත් අබීත අරගෙන ඒක අවශ්ය වෙලවට නොදී ඕනයගේ වයිෆ්ව ලමයත් උස්සගෙන පයින්ම හොස්පිටල් යන්න රස්තියාදු කරපු සීන් මම දැනගෙන හිටියා. ඕනයා දාපු පෝස්ට් එකට මම කොමෙන්ට් කලෙත් අබීත වැරදියි කියලා මිසක් ඕනයාට බැනලා නෙමේ.

      රනාට සහ රොබින්ට ඒ වෙලාවේ මම එහෙම කිව්වේ අබීත පොලු තියපු වැඩේ ඒ වෙලාවේ සාදාරණීය කලේ ඒ දෙන්නා විතරක් නිසා. රොබින් - අනුරාධ එක්ක ඒ ගැන පුද්ගලිකව මුනගැහුනු අවස්ථාවාක් ගිය කතා බහක් නිසා වෙන්න ඕන එහෙම කරපු හේතුවට සාධාරන හේතු දැක්වීමක් කලා වගේ මතකයි සහ ඒ නිසා අදටත් රොබින් මම පුද්ගලිකව පවා ඇසුරු කරන හිතවතෙක්.

      ඇනෝ පරන කුනු කන්දල් අදින්න එපා ඔයා අමු මිරිස් වැඩේ සපෝටර් කෙනෙක් නම් . .
      දැන් මම අර කිව්ව හේතු දැක්වීම දැකපු කෙනෙක්ට හිතෙන්න පුලුවන් අබීත පොලු තියපු වෙලාවේ රනා රොබින් අබීතගේ පැත්තට කතා කරපු අය නම්, මේ වැඩේට මුල් වෙලත් ඉන්නේ ඒ අය නම්, මේ වැඩේ කවුරු හරි වංගුවක් ගැහුවොත් . . !! එදා අබීත ව සුද්ද කලා වගේ මේ අය ඒ කරපු තමන්ගේ එකාවත් සුද්ද නොකරයිද කියලා? කියලා
      ඒ නිසා පරන කුනු අවුස්සලා යහපත් කටයුත්තක් කියලා කියන ඒ වැඩේ අල කරන්න එපා. මොකද කෙනෙක්ට චෝදනා කලොත් චෝදනා ලබපු අය උත්තර දෙනවා ඇත්ත එලි කරන්න. ඇත්ත තිත්තයි කියලා කතාවක් තියෙනවා.

      Delete
    12. [ඉන්දිකයට දැන්වත් තේරෙනවද දන්නේ නෑ අබීතයාට වඩා ඌව ඇන්දුවෙ දුකා කියලා..]

      වගකීමෙන් කියන්නේ මම කිසි කෙනෙක්ව ඇන්දුවේ නෑ . .

      වගකීමෙන් කියන්නේ මම කිසි කෙනෙක්ව ඇන්දුවේ නෑ . . ඉන්දික මගෙන් අබීත සහ අබීතගේ ගනු දෙනු ස්ටයිල් ගැන අහපු එක මුල් කරගෙන මගේ බ්ලොග් එකේ ලියපු විකිනීම කියන පෝස්ට් එක ලිව්වෙත් කාගෙවත් නමක් ගමක් නොදා බොහෝම සදාචාර සම්පන්නව.

      Delete
  19. මිරිස් කන එක ලිවර් එකට ( සිරෝසිස් ප්‍රශ්නය ) හොඳ නෑ කියනව නේද?

    (මෙය මේ ප්‍රජාසත්කාරය ගැන වරදක් කියනවා නෙමෙයි. අපි හීනෙනුත් කියන්නෙ සිරෝසිස් හැදෙන්නෙ මිරිස් නිසා මිස බීමක් නිසා නෙමෙයි කියලනෙ; එනිසා පුරුද්දට කියවුනා. නැද්ද PM දේශක සහ පිරිස ? )

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්.....PJ ......

      Delete
  20. පුද්ගලයින් තුල ඇති සංවේදී දුර්වල තැන් ස්පර්ශ කර ඔවුන් තුල භීතිය ලැජ්ජාව ඇති කොට අදාල ක්‍රියාවට කෙසේ හෝ නම්මා ගැනීමේ තුච්ඡ වැඩ සටහනක් එකී ලිපිය තුලින් සිදු විය


    මාරයා වගේ තුප්පහි හොර කේන්දරකාරයෙක්ම මෙහෙම කියන වෙන්ටැ ආස්චර්යෙ කියන්නෙ

    ReplyDelete
  21. මෙන්න මෙහෙම කලොත් මොකද? දැන් මේ රනා ඇතුලු පිරිස කරන්න හදන මිරිස්(වැටියෙ) වැඩේ ඒ අය දිගටම කරගෙන යනවා.ඒ අතරෙම මාරයට පුලුවන් නම් තව කට්ටියක් එකතු කරගෙන අපේ සිරිසේන මහත්තයට අර ඉතුරු වෙලා තියන සල්ලි වියදම් කරලා මේ වකුගඩු රෝගීන්ට සෙතක් සලස්වන්න කියලා බලකිරීමක් කොරන්න වෙනම ව්‍යාපාරයක් පටන් ගන්න දෙගොල්ලොම අමනාප වෙන්නෙත් නෑ අර අසරන මිනිස්සුන්ට දෙපැත්තකින්ම සෙතකුත් සැලසෙනවා නේද?මම මේ මාරයටම මේක පටන්ගන්න කියන්නෙ මේ වටිනා අදහස ඉදිරිපත් කෙරුවට අගය කිරීමක් හැටියටයි.මේ මැතිවරන දවස්වල අපේ ආඩම්බරකාර තුමාට මේ අදහස ඉදිරිපත් කලොත් මොකද?

    ReplyDelete
  22. ඔය අභියෝග මොකුත් නැතුව ගම්මන්පිල උන්නැහේට වෙළඳ දැන්වීම් දාන්න මිනිස්සු රුපියල් 100 ඒවයින් ලස්ස 80ක්ද කොහෙදො දුන්නලු නේද? අන්න උන්නැහේව ප්‍රචාරක ලේකම් කමට ගත්තනම් ලස්ස 30ක් හොයත හැකි ලේසියෙන්ම

    ReplyDelete
    Replies
    1. චානක, ඒකට ඉස්තූති කරලා එතුමම අස්සන් කරපු ලියුමක් එහෙමත් එව්වා. අපි බොරුවක් අහරෙමේ කියනවා කියලා හිතනවනම් මාරයාගෙන් අහන්. ඔන්න ලැමිනේට් කරලා රාමු කරලා බිත්තියෙත් එල්ලන් ඉන්නවලු. :D -වරුණ-

      Delete
  23. මේ අමු මිරිස් ගොං පාට් එක ගරිල්ලා මාර්කටිං පාරක්. මේ කෙන් කරන්නෙ උතුරු මැද පලාත්වල වකුගඩු රෝගීන් හා වකුගඩු රෝගය ගනිකාවුර්තියේ යෙද වීමක්. ලක්ෂ30 කිං මොන ලබ්බක් කරන්නද. මුං වකුගඩු රෝගීන් ඉස්සරහට දාල ෆුන් එකක් ගන්නව. මේ වකුගඩු රෝගය විශාල සමාජ අර්බුධයක්. විශාල සමාජීය සෞඛ්‍ය ගැටලුවක්. කොලඹ ඉන්න පහල මධයම පාංතික පාංකිරිත්තන්ට මේකෙ බරපතල කම දන්නෙ නෑ. දැනගන්න උවමනාවකුත් නෑ. මොකද තාම උන්ට (යාංතං) කාඅල බීල ඉන්න පුලුවන්නෙ. උන්ට මේක වෙසක් එකට දංසැලක් දෙනව වගේ ආතල් සොමි බර වැඩක්. උන් හිතං ඉන්නෙ ලක්ෂ 30 දුන්නම වතුර බෝතල් ටිකක් බෙදුවම හරි කියල (තව මොනා මොනා හරි බෙදල මීඩියා පබ්ලිසියක් හෙම දීල) . උන් එහෙම කරන්නෙ ඇත්තටම වකුගඩු රෝගීන් ගැන තියෙන කැක්කුමකට නෙමයි. පබ්ලිසිටි ගන්නයි පොරවල් වෙන්නයි. පිං අතේ වැඩක් කරා කියල ආතල් එකක් ගන්නයි. ඒත් මේ රෝගය මේ හිපා‍ටු රිලා පනික්කියොංගෙ සිඟිති ආතල් වලින්එ එහාට ගිය සෞඛ්‍ය අර්බුධයක්. මේකට අනිවාර්‍යයෙම රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. රජයේ මැදිහත් වීම නැතුව මේක පාලනය කරන්න බෑ. රජය රජයේ වගකීම් පැහැර හැරිනව. රජයෙ සල්ලි අපේ සල්ලි. රජය අපේ (උතුරු නැගෙන හිර මේ තත්වයට මුහුන දැමින් සිටින ජනතාව ඇතුලුව) රීරිමාංසෙම හූරං කාල ඒ සල්ලි වලින් ජෝගි දානව. ඊටපස්සෙ මේ වගේ උන් මේ වගේ විහිලුත් පටන් අරන් ආයේත් අපෙන්ම සල්ලි එකතු කරනව. ඒ සල්ලි මුංගෙ වගේ දීල මුං ආතල් අගන්නව. මෙන්න රජය වගකීම පැහැර හැරපු හැටි.

    "ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව උතුරු මැද සහ ඌව පලාත්වල වයස අවුරුදු 15-70 අතර ජනයාගෙන් සියයට 15 නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳිති. 1991 රෝගය ප‍්‍රථමයෙන් හඳුනා ගැනීමෙන් පසුව උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුල පමනක් 22,000 ට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇත.

    රෝග නිධානය බහු-සාධක බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරයි. නිදන්ගත රෝග වැලැක්වීමේ සහ පාලනය කිරීමේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරන නිලධාරී වෛද්‍ය ශාන්ත මෙන්ඩිස් ට අනුව, ගුනාත්මක භාවයෙන් අඩු ආහාර, කාල පරිච්ඡේදයක් කැඩ්මියම් වලට හෝ වකුගඩු වලට හානි පමුනු වන කෘමිනාශක වලට නිරාවරනය වීම, ආසනික් සහ ඊයම්, වකුගඩු අක‍්‍රිය කරන ජානමය නැඹුරුව සහ ආයුර්වේද හෝ දේශීය ප‍්‍රතිකාරවලට සප්සඳ ශාකය යොදා ගැනීම මෙම සාධක වලට ඇතුලත් වෙති.
    පසු ගිය දසක දෙක තුල නිදන්ගත වකුගඩු රෝග වසංගතයට තුඩු දෙන රෝග නිධානය අනන්‍ය කර ගැනීමට අසමත් වීම බලයේ පැවති ශ‍්‍රී ලංකාවේ ආන්ඩු සහ පුද්ගලික ලාබ පද්ධතියට එල්ල කෙරෙන දෝශාභියෝගයකි. වෛද්‍ය විද්‍යාවේ නව වර්ධනයන් උපයෝගී කර ගනිමින් දහස් ගනනක් ජීවිත ආරක්ෂා කර ගත හැකිව තිබුනි.

    මාසයකට නිදන්ගත වකුගඩු රෝගීන් 1,100 වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත වන අතර වසරකට 300 ක් මිය යන බව වාර්තාවෙයි. කෙසේ නමුත්, රෝගීන් බොහොමයක් නිවෙස් වල දී මිය යන හෙයින් සැබෑ මරන රේට්ටුව මීට වඩා වැඩි විය හැකිය.

    2009 සහ 2012 වාර්තා ඇතුලූව, රෝගය පිලිබඳව පර්යේෂන වාර්තා කිහිපයක් ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රාජපක්ෂ ආන්ඩුවට ලැබුනි. මෙම වාර්තා ප‍්‍රසිද්ධ නොකල අතර ඒවා මගින් කරන ලද නිර්දේශ නොතකා හලේ ය. ග්ලිපොසේට් සහ කාබෝෆියුරාන් අඩංගු කෘෂි රසායන දෙකක් ආන්ඩුව 2011 තහනම් කල නමුත් කෘෂි රසායන සමාගම්වල බලපෑම යටතේ තහනම පසුව ඉවත් කලේ ය.

    පිරිසිදු පානීය ජලය නැතිකම හා ගුනාත්මක තත්වයෙන් අඩු පොහොර සහ විෂ කෘෂි රසායනික භාවිතය නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්ත වීමට තුඩු දෙන ප‍්‍රධාන සාධක ලෙස සලකනු ලබයි. නල ජලය ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 40 පමනි. දිස්ත‍්‍රික්ක 25 න් ගම්බද දිස්ත‍්‍රික්ක 15ක ජනයා තවමත් යැපෙන්නේ භූගත ජලය මතය.

    උතුරු මැද පලාත තුල ජලයට සම්බන්ධිත යටිතල පහසුකම් වැඩිදියුනු කිරීම සඳහා අතිරේක අරමුදල් සම්පාදනය කරන ලෙස පසුගිය වසර 15 පුරා රෝගය පිලිබඳව පර්යේෂනවල නියැලුන මහාචාර්ය සුනිල් ජේ. විමලවංස මෑත දී ඉල්ලා සිටියේ ය. වර්තමාන අරමුදල් වෙන් කිරීමේ ප‍්‍රමානය යටතේ අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සඳහා වසර 50 ගත වනු ඇතැයි ඔහු අනතුරු ඇඟ වී ය.

    වෛද්‍ය උපකරනවල හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ පුහුනු හෙද සේවකයන්ගේ බරපතල හිඟය නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ තවත් ප‍්‍රධාන සාධකයකි. ශ‍්‍රී ලංකාවට අවම වසයෙන් රුධිර කාන්දු පෙරන යන්ත‍්‍ර (ඩයලිසිස් මැෂින්) 1,000 අවශ්‍ය බව 2007 දී සෞඛ්‍ය බලධාරීන් තක්සේරු කලේ ය. දැනට රජයේ රෝහල්වල ඇත්තේ රධිර කාන්දු පෙරන යන්ත‍්‍ර 178 ක් සහ රුධිර කාන්දු පෙරනය සිදුකරන මධ්‍යස්ථාන අටක් හා වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථාන දෙකක් පමනි. කොලඹ ජාතික රෝහලත් ඇතුලූව සමස්තයක් ලෙස රජයේ රෝහල්වල ඉන්නේ රුධිරනාල ආශ‍්‍රිත ශල්‍යකර්ම හා වකුගඩු බද්ධ කිරීම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 6 ක් සහ වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු 9 ක් පමනි.

    (http://www.wsws.org)

    ReplyDelete
  24. අඩ්ඩෝ මාරය මං දාපු පොඩි චොම්මෙන්ට් එක කෝ බං ?????????

    ReplyDelete
  25. අරමුණ යහපත් බව ඇත්ත. එත් මිනිස්සු මිනිසුන්ට ඇනයක් වෙන එකට සපුරා විරුද්ධයි. අඩෝ මම මේක කළා උඹත් පුලුවන්නම් කරපන් කියන නාසිස්ටික් පිස්සුව තමා මම වයිරල් චැලේන්ජ් වල දකින අවුල. සාමාන්‍යයෙන් මේක සමාජයේ තියෙන මහා කතා ප්‍රශ්නයක්. වයිරල් චැලේන්ජ් ආවේ අද ඊයේ නොවේ. එත් ඒවායින් කිසියම් යහපත් දෙයක් කරනන් උත්සහ කිරීමනම් අගයනවා.

    එත් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය මොකක් හරි ඊගෝ කෑල්ලක් මටත් නැහැ. මාරයා සමග එකඟයි.

    ReplyDelete
    Replies
    1. ///එත් මේ වගේ දෙයක් කරන්න අවශ්‍ය මොකක් හරි ඊගෝ කෑල්ලක් මටත් නැහැ.///

      සුජීව ඔයත් මාරයිනේද? ඊගෝ නැත්තං ඉංග්‍රීසි නිවුස් සයිට් වල යන නිවුස් පුක ඉරාගෙන සිංහලෙන් කොටලා බුකියේ ස්ටේටස් විදියට දාන්නේ ඇයි?

      Delete
  26. හානේ මේ පෝස්ට් එකට විතරක් මාරයා කඩිමුඩියෙම ඇනොත් ඇරලා. ප්‍රතිපත්තිවත්දෑ ඔය දෙපරැන්දෙන් බේරෙන්නේ?

    මෙතන ඡේද ගනන් පොරටෝක් කොටන හැම එකාම තේරුම් නොගන්න සරල තර්කයක් තියෙනවා. උඹලා සේරම පුද්ගලික ප්‍රතිපත්තියි, මධ්‍යම පාන්තික අර්බුදයි, වයිරල් චැලේන්ජ් එකක් කියන්නේ මොකද්ද එකයි හැම හුචක්කුව ගැනම දොඩවලා වැලකුත් බලලා ලැප් එක වහලා හෙන පොරවල් වගේ නිදාගනියි. ඊට පස්සේ ආයෙත් මේවගේ හෑලි දොඩවන්න හෙට උදෙත් මොන හෙනයක්වත් නැතුව නැඟිටියි.

    ඒවුනාට අද නිදාගත්ත රජරට නාකි මිනිහෙක් හෙට උදේ උබලා වගේ නැගිටින්නේ නැති වෙන්න පුළුවන්. ඒ සමහරවිට අද ඌට ලේ පිරිසුදු කරගන්න බැරිවුන හින්දා වෙන්නත් පුලුවන්. අපායේ නරාදුක් විදින නිරිසතාත් තව දවසක් හරි ජීවත් වෙන්නයි දඟලන්නේ කියලා අපි බනට අහලා තියෙන්නේ.මේ කොල්ලෝ අරන් දෙන්න හදන මේ මැසිමෙන් ඒ ලෙඩුන්ගෙන් එකෙක්ට හරි තව දවසක් හරි ජීවත් වෙන්න උදව්වක් වෙයි. ඒකට උදව් කරන්න කැමති නැත්තං කීබෝඩ් උඩ නැගගෙන මේ ලබ්බ මත්තෙම නැහෙන්නැතුව උඹලා කියන ඒ රාජ්‍යය මැදිහත්වීමද මොකද්ද එක කරපල්ලා. පුලුවන් උදව්වක් ඇත්නම් අපිත් දෙඥ්ඥා....

    ReplyDelete
  27. අනේ මගේ ආද අර ඇනෝ ඔයා හරි . ඔයා ඔයා ඔයාගෙ පෘතුල ඥානෙන් කියනව වගේ මේ හැම එකාම තේරුං නොගන්න සරල තර්කයක් තියෙනව. මේ පෝසට් වලට මෙහෙම ‍තමංගෙ බඩ පිරෙන්න රැට කාල රාම තෙල අරින්න එක එක චැලෙන්ජ් දාල ‍මාර කොමෙන්ට් දාල රැට නිදාගනී. එත් අර අපායෙ දුක් විඳින තිරිසනා කිවුව එකාට ඒක අපායක් කරේ කවුද ඒක තිරිසනෙක් කරේ කවුද කියල තේරුං ගන්න බැරිවේවි. ඒත් උඹල වගේම මනුස්සයෙක් කියල උඹලට තේරුං ගන්න කල් යාවි. උඹල වගේ මහා පෘථුල ඥානයක් තියෙන මහා බුද්ධිමතුන් රටට, මානව සංහතියට වාසනාවන්. ඔබට අබසරනයි.

    ReplyDelete
  28. මෙච්චර රටක් දන්න අපේ කුක් අයියා වෙච්ච එකේ ඔන්න ඔහේ කරල් තුනක් කාපං බං අයියේ මෙවුවා ගැන ඔච්චර නොහිතා..

    ReplyDelete
  29. ඔය රජරට වකගඩු රෝගීන් ගැන නම් ලොකු කණගාටුවක් නෑ, මොකද ඕවාට උනුත් වග කියන්න ඕනෑ. දැන් කවුද අපිද කිව්වෙ පැල් බැඳගෙන කෘමි නාශක ඉහින්න කියලා. මුන් කෘමි නාශක ඉහින්න ගියාම කිසිම පාලනයක් නෑ. ඔහේ ඉහිනවා තියෙන නිසා. හෙට අනිද්දා විකුණන්න තියෙන එකටත් ඉහිනවා අළුත් පාට තියා ගන්න. මුන් අපට කොච්චර නම් කෘමි නාශක කවලා ඇද්ද එහෙම? දැන් අපටත් වකගුඩු රෝග හැදෙන කාලෙ දුර නෑ මුන් නිසා. අඩුගානෙ මේ රෝගය නිසා වත් කෘමි නාශක ඉහින එක අඩු කරලද? නෑ. තාම ඉහිනවා එහෙමම. මුන්ට නම් සතයක් වත් දෙන්න වටින්නේ නෑ. මැෂින් ඕනැ නම් අපි ඔක්කෝම ලෙඩ කරන්නෙ නැතුව කෘමි නාශක්ල ඉහින එක අඩු කරලා ඉල්ලපල්ලා.

    ReplyDelete
    Replies
    1. මේ සම්බන්ධයෙන් මාද සිටින්නේ 100% ඔබගේ ස්ථාවරයේම වේ. කෘරයි එත් කරන්න දෙයක් නැහැ

      Delete
  30. මාරයාගේ පෝස්ටුවට වඩා එහි එල්ලීගෙන නැව් ගණන් පොරටෝක්ස් ඉෂු කරන පොන්න ඇනෝලා වෙත..

    එක්තරා ඇනෝ කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා මේක මේ ආතල් එකට කරලා සල්ලි ගරන වැඩක් කියලා.. කරුණාකරලා මෙවැනි කුහක කමෙන්ට්ස් දාන ඇනෝලාගෙන් ඉල්ලන්න කැමැතියි දන්න ලබ්බක් කතාකරන්න කියල.. ලක්ෂ 30ක වතුර බෙදලා මේ ප්‍රශ්නේ අහවර කරන්න පුළුවන් නම් මීට කලින්නේ මේවා අහවර වෙන්නේ.. ලක්ෂ තිහ වියදම් කරන්නේ වෙන දෙයකට නෙමෙයි, වකුගඩු රෝගීන්ගේ රුධිරයේ වන යුරියා ඉවත් කර පෙරහන් කරන්නට යොදාගන්නා ඩයලිසිස් යන්ත්‍රයක් වෙනුවෙන්..

    අර කමෙන්ටුව ලියපු ඇනෝට දැනගන්නත් එක්ක ඇයි මේ ඩයලිසිස් මැෂින් ගන්නේ කියල කියල ඉන්නම්.. අපේ ආහාරවල ඇති ප්‍රෝටීන ජීර්ණය වීමේදී එහි ඇති පෙප්ටයිඩ බන්ධන ජලවිච්ඡේදනය වීමේදී ඇමෝනියා නිෂ්පාදනය වෙනවා.. මේ ඇමෝනියා රුධිරයෙදී අතිශයින් විෂ සහිතයි.. ඒ නිසා ඇමෝනියා සැදුණු වහාම එය කාබන් ඩයොක්සයිඩ් සමග එකතු කර, යුරියා බවට පත් කෙරෙනවා අක්මාවෙන්.. මෙන්න මේ යුරියා, රුධිරයෙන් වෙන්කර මුත්‍රා නිෂ්පාදනය කරනු ලබන්නේ වකුගඩුවලින්.. ඒ මුත්‍රා බැහැර කරන තුරු ගබඩා වෙන්නේ මුත්‍රාශයේ..

    වකුගඩු අකර්මණ්‍ය වීමේ නරකම ප්‍රතිඵලය තමයි රුධිරගත යුරියා සාන්ද්‍රණය ඉහළ යාම සහ එමගින් ඇති කරන රුධිර විෂවීම සහ (ද්විතියිකව) ස්නායු සහ හෘත් අකරණියට කරුණු යෙදීම.. ඒ නිසයි වකුගඩු නරක වීමේ අවසාන අදියරේ ඉන්නා රෝගියකුට රුධිරය පිරිපහදුව අනිවාර්ය වෙන්නේ..

    අර බලු කමෙන්ට් එක දාපු ඇනෝට මං අභියෝග කරනවා හැකිනම් මේ ව්‍යාපෘතියේ එකදු හෝ මුල්‍ය අක්‍රමිකතාවක් පෙන්වන්න.. බැරිනම් අනේ පිං අයිතිවෙයි, තමන්ගේ හැකර කට මේ විදියට ප්‍රසිද්ධියේ වේසකමේ නොයොදා, වැඩක් බලාගන්න.. වේසාකම වරදක් නෙමෙයි නමුත් තමන්ගේ වේසාකම නිසා අනුන් කරන සත්කාර්යයක් අපහසුතාවට පත්වෙනවා නම් ඒක නිකං වේසාකමක් නෙමෙයි, අන්තිම කුහක වේසාකමක්..

    රජයේ මැදිහත්වීම නැතුව මේක පාලනය කරන්න බෑ කියල අපිත් දන්නවා.. ඉතිං අපිට කියන්නේ රජය මැදිහත්වෙනකල් බඩ උලාගෙන බකංනිලාගෙන හිටිං කියල ද? අනේ අපට නෑ කියමින් මර ලතෝනි දෙනවා වෙනුවට මෙහෙම හෝ දෙයක් කරගන්න, ඔය පොන්න ඇනෝට හැකියාවක් නැතිවීමට අපි මොනවා කරන්න ද?

    ReplyDelete
    Replies
    1. විකිපීඩියා එක තියෙන කල් උඹත් මාර පොරක් නේද බං? දැන් උඹලා ඔය මැෂින් එක දුන්නාම වකගඩු රෝගෙ ඉවර වෙනවද? නෑ නේද? උඹලා ඔය මැෂින් අරන් දෙන්න යන්නේ රනා අයියාට මෛත්‍රිපාල ලොක්කාගෙන් ලකුණු ටිකක් දාලා දෙන්න මිස වෙන එකකට නෙවෙයි නේද? ඒකත් කමක් නෑ හැබැයි අවංකව පිළි ගනින් බොරි කියලා සමාජය රවට්ටන්නෙ නැතුව.

      Delete
    2. චමීර උඹලා අර පන්සලක් හදන්න කියලා කාලයක් සල්ලි එකතු කළා නේද? ඒ ගැන ඊට පස්සෙ කිසිම කතාවකුත් නෑ නේද? කමක් නෑ කමක් නෑ කාටහරි හරියනවා නම් එච්චරයි.

      Delete
    3. ඔය රසික නානායක්කාර කියන එකා ඡන්දේ ඉල්ලන්න ගහන තුරුම්පුවක් කියලා අපි කිව්වා... අන්න අද පත්තරේ උගේ ෆොටෝ එකකුත් එක්ක පලවෙලා තියෙනවා නියමෙටම... කොහෙද අපේ රැවුල නෑනේ...

      Delete
    4. ගල්කිස්සේ ශ්‍රී ජිනරතන භික්ෂු ගිලන් ආශ්‍රමය වෙනුවෙන් සියලු වියහියදම් අවසානයේ ඉතිරි වූ මුදල වන රුපියල් 78,000ක මුදල පවතින්නේ මා සතුව ය.. අවශ්‍ය අයෙකුට ඒ සම්බන්ධ සියලු විස්තර SWIFT RESPONSE ෆේස්බුක් කණ්ඩායමෙන් ලබාගත හැකිය.. මේ වසර අවසානයේ ඉලක්ක මුදල වන රුපියල් ලක්ෂය සපුරාගෙන ජිනරතන ආශ්‍රම අරමුදලට බැර කිරීමට කටයුතු සියල්ල සපුරා ඇති අතර, ඒ සම්බන්ධව අහක යන නපුංසක ඇනෝලාට පිළිතුරු දීමට මා බැදී නැත..

      අවශ්‍ය අයෙකුට සැබෑ නමින් විමසීමක් කළහොත් ඒ ගැන වැඩි විස්තර ලබාදිය හැකිය. පොන්නයන් නොවිමසන්න, සැබෑ නමින් සහ මුහුණින්ම පමණක් විමසන්න. ස්තුතියි!

      Delete
    5. සාමාන්‍යයෙන් බුකියේ බ්ලොග් වල මීට කලින් සල්ලි එකතු කරපු නම් ඒ පිළිබඳ සියළු විස්තර අහන්නත් කලින් විසතර සහිතව පළ කළා. ඇයි මේ එකක විතරක් ඒවා හංගන්නේ?

      Delete
    6. සාමාන්‍යයෙන් මේ වගේ වැඩකට අවංකව සම්බන්ධ වෙන උන් නම් මේ විදියට පොන්න මූඩ් එකෙන් හැංගිලා ප්‍රශ්න අහන්නේ නෑ, නම ගම එක්ක කෙළින් තමා අහන්නේ.. නමුත් මේ පොන්න ඇනෝට එහෙම කරන්න කොන්දක් නැති නිසා මේ කියන්නේ, කරුණාකරලා තැන් තැන්වල පුක්ඛදානය කරන්න කලින් ඉස්සෙල්ල අදාළ ගෘප් එකේ බලන්න, අහන්නත් කලින් අප්ඩේට් කරල තමා තියෙන්නේ... සෑම මුදලක්ම සල්ලි ලැබිලා පැයක් ඇතුළත රිසිට්පත්, බැංකු පොතේ ස්කෑන් සහිතව පළකරලා ඇති..

      බුරන්න කලින් ඉවකරලා බලන්න ඉගෙනගනිං...

      Delete
    7. මොන කාරණේට උණත් වක්‍රව හරි තර්ජනය කරලා සල්ලි එකතු කරන එක වැරදියි.

      Delete
  31. මාරෙත් එක්ක එකඟයි. මේක යන්නන් වාලේ ගන්න පොඩි ආතල් එකක්. ලක්ෂ තිහකින් වකුගඩු රෝගින්ට කරන්න පුළුවන් අහවල් එකක් නෑ. කියන්න තියෙන්නේ කලින් අවුරුදු උත්සවයක් කරලා අභියා ඉමේජ් එක හදාගන්න දුන්න ට්‍රයි එක වගෙම රනාත් මෙතන කරන්නේ ඊළඟ ඡන්දෙදි හරි සභාවට රිංගගන්න පුළුවන් විදිහෙ ඉමේජ් එකක් හදාගන්න ට්‍රයි කරන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේකෙ සැබෑ අරමුණ මොකද්ද කියලා මාරයා කල් තියාම දැනගෙන හිටියා. ඒක කෙළින්ම කිව්වෙ නැත්තෙ කෙනෙක්ගෙ හිත රිද්දන්නෙ මොටද කියල හිතල වෙන්න ඇති. ඔන්න ඔහෙ හිතෙන දෙයක් කියාපන් බං. පාට පක්සෙ මොකක් වුණත් ඔය දේසපාලුවන්ට රිදෙන්නෙ හිතක් නෑ. අපිව ගොනාට අන්දගෙන තමන්ගෙ වැඩේ කර ගන්න බලන කාලකණ්ණි. උන්ට අහුවෙන්න නම් එපා.

      Delete
  32. thnx මාරය මල්ලි.......

    ReplyDelete
  33. ඕනෙම දෙයක හොඳ,නරක දෙකක් තියෙනවානේ.මෙතැන මුලික පරමාර්ථය යහපත් දෙයක්නේ.පුළුවන් විදියට ඒ දේවල් වෙනුවෙන් අපි අපිට පුළුවන් දායකත්වයක් තියේනම් ඒ දේ කිරීම හැර වෙනත් දේ උදෙසා වාද විවාද තර්ක කිරීම අනවශ්‍යයි කියලායි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. රනාට පළාත් සභාවට යන්න පාර හදලා දෙන එක කොහොමද යහපත් දෙයක් වෙන්නෙ?

      Delete
  34. මේකේ අරමුණ මටනම් පැහැදිලියි... කවුරු ඇනෝ කෙළියත් මට මේ ටිකනම් කියන්න ඕන... මාරයා ඇනෝ එහෙම ඇරලා ඉතා සූක්ෂම වැඩපිලිවෙලක් අරන් ගියා මේ අමු මිරිස් චැලෙන්ජ් එකට කෙළින්න... බ්ලොග් වල අපි ඉලංදාරියාට උදව් කරද්දි, ජෙරූශාට උදව් කරද්දි කවුරුත් මේ වගේ පහත් අධම තිරිසන් වැඩ කලේ නෑ.. විරුද්ධතාවයක් තියෙනවානම් ඒක සුහදව කතා කරලා විසඳ ගත්තා... අමු මිරිස් සංවිධානයට තිබ්බේ කලින්ම මෙයාටත් කතා කරලා හෙන තනතුරක් දෙන්න.. එහෙනම් ඇනෝ එහෙමත් වහලා ඒකට සපෝට් වෙන පෝස්ට් එකක් මේකේ පළවෙන්න ඉඩ තිබ්බා...

    අමු මිරිස් එකෙන් කාටවත් හිතා ගන්න බැරි තරමේ වැඩපිළිවෙළක් දියත් වෙයි... එදාට මාරයා මචන් උඹට දුක් වෙන්න සිද්ධ වෙයි මම හිතා මතාම මේ සමාජ සත්කාරයකට කෙළින්න උදව් වුනානේ කියලා.. අපිට වඩා ආගම දහම ගැන දන්න උඹ මේ වගේ පෝස්ට් එකක් ලියලා ඇනෝ ඇරලා ඒකට විරුද්ධ උන්ට වේදිකාවක් තනා දීම අන්ත පජාතයි මචන්... ඒක මම උඹේ යාළුවාට කරපු වැඩේටත් වඩා මහ හද්ද ගූම ගූ වැඩක්...

    බැරිවෙලා නෙමෙයි නමින් දාන්නේ.. හිතලමයි.. නැත්නම් උඹ කලබලා වෙලා මේකෙත් ස්ක්‍රීන් ශොට් අරගෙන තව පෝස්ට් එකක් ලියයි මෙන්න ඇනෝ දාන එකා මාට්ටු කියලා...

    ඒ වගේ ලපටි වැඩනේ උඹට තියෙන්නෙත්....

    ReplyDelete
    Replies
    1. හම්මා ඔන්න ආවා වීරයා... :P

      අනේ මේ අභිත උඹෙයි මගෙයි කතාවක් නැහැ. උඹ මේ අවු අස්සේ අනිත් උන් කොටවන්නේ නැතිව හිටහං.. උඹ හිතං ඇත්තේ මේ අවු අස්සේ පැනලා මෙහෙම නෙලං ගියාම උඹ කල පවු හේදිලා කට්ටිය උඹව වීරයා කරගනි කියලා වෙන්න ඇති.. පොඩි එකාගේ ආසාවනේ කරහං කරහං... :D

      අනිත් කතාව තමා මේකේ ඇනෝ ඇරියේ මේ පෝස්ට් එකට නෙවෙයි දැන් සෑහෙන දවසක් මං මේකේ ඇනෝ කමෙන්ට් ඇරලා.. හැබැයි උඹ දන්නේ නැතිව ඇති මොකද උඹලා ආවොත් එන්නේ ඇනෝ කමෙන්ට් දාන්න බලාගෙන විතරක් හින්දත්.. මේකේ කාලයක් ඇනෝ වහලා තිබුන නිසාත් උඹ මේකේ කලින් කමෙන්ට් එකක් දාන්න පහුගිය දවස්වල උත්සහ අරං නැති වගයි මට පේන්නේ... එහෙම නැත්තං මගේ මෙයිට කලින් පෝස්ට් දෙක තුනකට ගිහින් බලහං...
      මේකේ ඇනෝ කල් ඇතිවම ඇරලා තිබුනේ.. හැබැයි කමෙන්ට් මොඩරේට් කරලා දැම්මේ මේ ළඟතී පැතුම් හේරත්ගේ බ්ලොග් එකේ කල දැනුවත් කිරිමක් හින්දා... ඒක පැතුම්ගේ බ්ලොග් එකට ගොඩ වෙලා බලා ගනින්...

      අනිත් කාරණාව තමා කමෙන්ට් මොඩරේට් කරලා හින්දා උඹට බැනලා මේ පෝස්ට් එකට ඇනෝලා දාපු කමෙන්ට් කිහිපයක්මත් මං පබ්ලිෂ් කරලා නැහැ.. සැර අඩු සාමාන්‍ය ඒවා මිස.. කුණු හරපෙන් උඹේ අම්මලට ගෑණිට බැනපුවත් මෙකේ කමෙන්ට් ගොඩේ තිබුනා.. උඹඨ වගේම මාතලංටත් පට්ට යන්න බැනපුවා ගෙවල්වල මිනිස්සු ඈඳගෙන.. මෙතන වලි හදන්න ඕනනං මං කරන්නේ ඒවා පබ්ලිෂ් කරන එකයි... ඒත් මේ වෙනකල් මාතලංගෙන් හරි අහලා බලහං මං එහෙම කමෙන්ට් ඇවිල්ලා තියෙනවා කියල ඌවවත් අවුස්සන්න හැදුවද කියලා... උඹේ මිම්මෙන් හැම එකාවම මනින එක නවත්තලා හැදෙන්න බලහං...

      ඊ ළග කාරනේ තමා මේ මගේ අදහස ඔය කියන අමුමිරිස් වැඩ සටහන ගැන.. ඒක මං ප්‍රසිද්ධියේ දැම්මා මිස ඇනෝ ඇවිත් අරයගේ මෙයාගේ බ්ලොග්වල කමෙන්ට් හැටියට දාලා නැහැ. මටත් ඕනනං සුදනා වෙන්න එහෙම තැන තැන හලාගෙන යන්න තිබුනා.. එහෙම නොකර මෙහෙම දැම්මේ නිකං අහවල් එක තියාගෙන ඇට දෙකෙන් කෙලින්න උවමනා නැති හින්දා... උඹ මේ අස්සෙත් මේවා ගැන පිළිකනු ගානේ කතා කරනවා ඇති ෂුවර් එකටම.. මං නොදන්න උඹ.. මම සතා අඳුරනවා අභිත.. ඕනනං කියන්නං දෙකක් නැතිවම මේකෙත් මේ වැඩ සටහනට බැනලා ඇනෝ කොමෙන්ට් කෙලලා තියෙන අය අතර උඹත් ඉන්න ඕන.. උඹ එහෙවු සතා... මෙහෙං ඇනෝ ඇවිත් බනිනවා අනිත් පැත්තෙන් ඇවිත් ඒවා ගැන කියලා මට බනිනවා..

      මම මේ බ්ලොග් ලියපු දවසේ ඉඳලා ප්‍රශ්න ඇතිකරගත්ත තැන් තියෙනවා.. ප්‍රශ්න හදාගත්ත අය ඉන්නවා.. ඒත් ඒ ඒනම කෙනෙක් එක්ක අද මූණට හම්බ උනත් කතා කරන්න මං දෙපාරක් හිතන්නේ නැහැ.. ඒ එහෙම අය එක්ක මගේ පට්ට තරහවල් නැති හින්දා.. හැබැයි උඹ ඇවිල්ලා මුළු බ්ලොග් අවකාශෙන්ම මං අදටත් මූණට හම්බ උනත් කතා කරන්න අකමැති එකම එකා... ඒ තරමට උඹේ වැඩ පජාතයි අභිත... උඹ ඇරුනම මම එහෙම ආස්සරෙන් අහක් කලේ තව එකම එකෙක් විතරයි.. හැබැයි ඒ උඹ තරං අවලමෙක් නෙවෙයි.. නමුත් පොදු කාරණයක් තියෙනවා දෙන්නටම.. දෙන්නම මගේ යාළුවන්ටයි කරදර කලේ.. උගෙන්වත් උඹෙන්වත් මට පාඩුවක් වෙලා නැහැ. ඒත් මගේ ප්‍රතිපත්ති අනුව මගේ යාළුවන්ට මිත්‍රයින්ට හේතුවක් නැතිව කරදර කරන බලු වැඩ කරන උන්ව මං ආස්සරේ කරන්නේ නැහැ.. ඒ මගේ ප්‍රතිපත්තියක්. ඒ වගේම ප්‍රතිපත්තියක් තමා මෙහෙම වැඩක වරදක් දුටුවාම ඒක කියලා දාන එක... උඹට ඒක අමුතු වැඩක් උනාට මට කරන්න දෙයක් නැහැ... උඹට ඒ තරං දෙයක් තේරුම් ගන්න බැරි උනාට චමීරලා වගේ සිහිබුද්ධි ඇති උන් දන්නවා මිනිස්සුන්ගේ අදහස් දැරීමේ අයිතිය හා ඒවා ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන..

      කරුණාකරලා බොරදියේ මාළු බාන්න එන්නේ නැතිව ගිහිං උඹෙන් ණය අරං කෙලවෙලා ඉන්න උන්ට ණය ගෙවලා වරෙං... එදාට කතා කරමු තව දේවල් තියෙනවනං.. ඒ නැතිව නිකං මාත් එක්ක බයිලා ගහන්න එන්න එපා... උඹට වීරයා වෙන්න ඕනනං වෙන මොකක් හරි ක්‍රමයක් හොයා ගනින්.. අඩුම ගානේ ඉන්දිකයා ඇතුළු නඩේකටම කරපු බොරු ගැන ප්‍රසිද්ධියේ විස්තර ඇතිව කියලා සමාව ඉල්ලහං.. මෙයිට වඩා උඹට ඒක උදව් වෙයි ආයෙම නමක් හදාගන්න...

      Delete
    2. අමබානක රිදිලා නේද යාළුවා...

      ඔය අපූරුවට කෙහෙල් කැන වැට පැනලා කරෙත් තියාගෙන කඩේට විකුනලත් ඇවිත් තියෙන්නේ...

      මේකත් පබ්ලිශ් කරලා තව මොනා හරි කියන්න තියෙනවනම් ඒකත් කරලා බ්ලොග් පෝස්ට් එකකුත් ලියලා තවත් මොනා හරි කරන්න පුළුවන්නන් ඒකත් කරහන්...

      ප.ලි. උබ මූනට හම්බෙලා කතා නොකර යන හින්දා මම අම්බානක දුකෙන් ඉන්නේ බන්... මට හෙන පාඩුයි බන් උබ කතා නොකරන එක.. උබ අහක බලාගෙන යනකොට කතා නොකර මගෙ මුළු ජීවිතේම කඩා වැටෙනවා බන්.. පපුව කීන් ගානවා බන්...

      අනේ නිකන් පලයන් බන් යන්න විහිළු කතා නොකියා...

      Delete
    3. රිදෙන්නේ නැහැ බං උඹ වගේ පජාත ඩයල් වල වැඩ වලට. හැබැයි ඌරෙක් එක්ක වලියට යන එක ඇඟට අඟුනයි කියලා දන්නවා.. ඒත් සතා එද්දිම ඔන්න ඌරා ආවා කියන එක කියන්න ඕන හින්දයි ඔහොම හරි උත්තරයක් බැන්දේ.. මොකද අනිත් උන්ට තියෙන අරමුණු නෙවෙයිනේ උඹට තියෙන්නේ... උඹ ඔය අමුමිරිස් වැඩේට සහය දෙනවනං කරුණාකරලා ඔකෙන් අහකට වෙලා උන්ට ඒක කරගෙන යන්න ඇරහං.. උඹ සභාවට බහිනවා කියන්නේ ජේවීපිය වෙනුවෙන් ජිත් රත්නායක සටනට බහිනවා වගේ සීන් එකක්.. අවසානෙදී වැඩේ කරන උනුත් කොර වෙනවා උඹ හින්දා.. ඒ හින්දා මාත් එක්ක තියෙන වෛර පිරිමැහිලි වෙන තැනකට තියා ගනින් ඕය වැඩේ උන්ට කරගන්න ඇරහං.. මේ උඹට බඳින අවසාන උත්තරයයි.. හොරෙක් වංචාකාරයෙක් එක්ක මට කතාවක් නැත. :D

      Delete
    4. මමත් නවත්තගන්නම්.. හොර කේන්දර කාරයෙක් එක්ක මගේ කතාවකුත් ආයේ නැත...

      Delete
    5. /බ්ලොග් වල අපි ඉලංදාරියාට උදව් කරද්දි, ජෙරූශාට උදව් කරද්දි කවුරුත් මේ වගේ පහත් අධම තිරිසන් වැඩ කලේ නෑ./

      මේක මාර කතාවක්නෙ. දැන් ඉලන්දාරියාට සල්ලි එකතු කරලා තියෙන්නෙත් මූ. ජෙරූෂාට සල්ලි එකතු කරලා තියෙන්නෙත් මූ. ඔය දෙකටම සක්‍රියව දායක වෙච්චි කෙනෙක් හැටියට මම නම් දන්නෙ ඔය දෙකම කළේ දුකා හා දුමියාගේ මූලිකත්වයෙන්. තව එවුන් හිටියා තමයි ඒත් මේ දෙන්නා තමයි 80% කට කර දුන්නේ. අභීතයා හම් ඔය කාලේ පැත්තක හිටියා කියලා වත් මතකයක් නෑ.

      Delete
    6. අනේ නොදන්න රෙද්දවල් නොකියා හිටපන් පරයා දුකා හා දුමියාගේ මූලිකත්වයෙන් උන් දෙන්නා එහෙ නැහෙද්දි මෙහෙත් කී දෙනෙක් නැහුනද?

      Delete
    7. කවුරු මෙහේ නැහුනත් අභීතයා නැහුණු එකක් නැහැ. ඌ හදන්නෙ අනෙක් එවුන් මහන්සියෙන් කරපු දේවල් උගේ ගිණුමට බැර කර ගන්න.

      Delete
    8. ගහට ගහක් මොරටුවේදී සෙට් වෙලා වගේ...:D

      Delete
    9. මේ ව්‍යපෘතියෙ සාර්ථක අසාර්ථක බව ඉතිහාසය තීරණය කරයි. පෝස්ට් එක ගැන මගේ අදහස මාරයගෙ එෆ්බී ස්ටෙට්ස් එකේ කියපු නිසා කමෙන්ට් නොකර ඉන්න හිතුවත් මෙතන වෙන කතා බහට මගේ නම ගෑවුන නිසා යමක් කියන්න ඌන.

      සල්ලි වලට පොල්ල තියල මාරු වෙන එක පොරක් වෙන දෙයක් නම්, වංචා කාරයන්ට බාධාව්ක් නෑ ඒ සතුටෙ කිමිදෙන්න. ඇනෝ ඇවිත් උපශාන්තට පොන්නය කිව්වම පොරක් කියල හිතෙනවනම්, එහෙම කරල පොරක් වෙන අභීතට මම සුභ පතනව. ඔය හීනෙ, ඔය ආතල් එකේ ඔහොම්ම ඉන්න. අහල තීනවනෙ අලිය දිවුල හක්කෙ හංගගෙන ඉන්න කතාව.

      ඊළඟට අභීතම කියනවනෙ මම දුකා නිසා ඇන්ද කතාවක්. අභීත හිතන් ඉන්නෙ දුකා කියන්නෙත් තම්න් වගේම ජඩ වැඩ කරන සක්කිලි චරිතයක් කියල වෙන්නැති. නමුත් අභීතට මතක නෑ මගේ පෝස්ට් එකේම තිබ්බ කියල මේ වනවිට මගේ මුදල ලබාගත හැකි එකම මඟ අධිකරණ ක්‍රියාමාර්ගයක් පමණක් වන නිසා කියල.

      මොකද ඒ වෙනකොට මම දැනගෙන හිටිය අභීත තමන්ගෙන් සල්ලි ගත්තු අයාගෙන් ආපහු දීල තීන්නෙ, එක්කො පොඩි ගානක් ගත්තු, එහෙම නැත්තං ගෙදරට ඇවිත් බඩු පොඩි කරල කෑ ගහල ගියපු, තමන්ට පාරෙදි හරි ගෙදරදි හරි අල්ලන් ගුටි ඇනපු හෝ ගෙදර බඩු පොඩි කරපු, එහෙමත් නැත්තන් ඊට වඩ ගානක් පස්සෙ ගන්න බලාපොරොත්තුවුනු අයට විතරයි කියල.

      "හරි දැන් උඹ මෙතන කියෝනව, කෝ උඹෙ මහලොකු උසාවි ක්‍රියාමාර්ගෙ" කියල අහන්න ඉන්න අයට මේ කියන්නෙ, අනේ ගිහින් මට මේලක් දාන්න, විස්තර කියන්නං, මොකටද නිර්නාමිකව අනුන්ගෙ බ්ලොග් වල යුනිකෝඩ් වක්කරන්නෙ.

      අනෙක අභීත දුකාට බැනල මෙතන ආයි ඔප්පු කරල තීනව තමන් කොයිතරං අසික්කිත මිනිහෙක්ද කියල. දුකාගෙන් ණයට 50 දාහක් අරගෙන, ටෙලිෆෝන් කෝල් දාහකට විතර පස්සෙ, ටික ටික ඒක නොදී බැරි කමට ආපහු දීපු, දුකාගෙ එක්ක ගමණක් ගිහින් අඳුනගත්තු උගෙ මස්සිනාගෙ යාළුවගෙනුත් පොළියට අරගත්තු ( ඒ යාළුවනං අභීතගෙ ගේ බඩු පොඩි කරල තග දාල ණය ආයි අරගෙන තිබ්බ ) මිනිහ, දුකාගෙ නම විකුණල මාවත් තව කීප දෙනෙක්වත් අන්දපු මිනිහ, දුකාල දුමීල නිදි මරාගෙන පැදුරු පාටි දාල එකතු කරල එවපු සල්ලි වලින් පින් කන් කොරල තමන්ගෙ වගේ පින්තූර දාගත්තු මිනිහ මෙතන ඇවිත් දුකාටම බනිනව. මාර සුද්දවන්තය!

      ඉළන්දාරියා සහ ජෙරූෂ වෙනුවෙන් කල දේ ගැනත් නොදන්න අයට යමක් මතක් කරන්නං.

      ඉළන්දාරිය වෙනුවෙන් ටැබූ ප්‍රමුඛ කට්ටිය පේපෑල් ගිණුමකින් සල්ලි එකතු කරා. අභීත අවුරුදු උත්සවයකුත් ( ඒකෙන් දුන්න කිව්වෙ 15,000 විතරයි ) , වැප් නිශාන්තල ටිකට් ගහල සහ අනෙකුත් බ්ලොග් කරුවො කෙලිම්ම සල්ලි එවල ඉළන්දාරිය වෙනුවෙන් 307,000 එකතු කරල තිබ්බ. දුමී සහ පිරිස ගෙයක් ගෙයක් ගානෙ ගිහින් පැදුරු පාටි හ්ඩාල සින්දු කියල සහ දුකාගෙ මූලිකත්වයෙන් QS ගෙට්ටුවෙදි සම්මාදං කරල රුපියල් 570,000 දුන්න. ඒත් මදි වෙලා තිබ්බ 240,000 මුදල ඩුබායි වල QS ආයතන හිමියෙක් වෙච්චි අයිවන් සෝවිස් මහත්තය දුන්නෙ දුකා සහ දුමී එතුම හම්බුවෙලා හදල දීපු ජේරූෂාට ආධාර ප්‍රොජෙක්ට් රිපොර්ට් එක නිසයි.

      කෙටියෙන් කියනවනං, අනෙක් සේරම බ්ලොග් කරුවො 307,000 එකතු කරල දෙත්දි දුකයි දුමී රුචා ක්‍රිෂා වගේ සෙට් එකක් ඩුබායි වල බ්ලොග් ගැන අහලවත් නැති උන් ඉස්සරහ හිඟා කාල 810,000 එකතු කරල දුන්න.

      ඒ උතුම් වැඩේට උදව් කල කාගෙවත් සතයක ආධාරයක්වත් තව කෙනෙක්ගෙ රුපියලකට වඩා පහත් හෝ උසස් නෑ. ඒත් කවුද මොනවද කරේ කියන එක ආයි සමහරුන්ට මතක නෑ වගේම සමහරු දන්නෙ නෑ. ඒකෙන් වාසිය අරගෙන අභීතල "අපි තමයි ඉළන්දාරියට කොරේ" කියන හින්දයි ඔය ටික ලිව්වෙ.

      අභීත මෙතන ඇවිත් මේකට උඩින් යටින් ඇනෝ කොටන්න. කන්නදීපු රංගයගෙ වයිෆ්ටත් එහෙම ඇනෝ ඇවිත් කුණුහරුප කියපු කුණු කතා හදපු මනුස්සය මට නොකිය ඉඳීවියැ.

      මෙන්න අභීත මේ පෝස්ට් එකේ දාපු ඇනෝ කමෙන්ට්. අඳුන ගන්න පහසුයි.

      AnonymousSeptember 5, 2014 at 8:53 PM

      AnonymousSeptember 5, 2014 at 12:07 PM

      AnonymousSeptember 5, 2014 at 9:07 AM


      අනෙක් හොඳම දේ තමයි, කිසිම සේවාවක් නොකර තනිකරම බොරු කියල ලක්ෂ ගනන් වංචා කරන, මුදල් වංචාවලට උසාවි වල නඩු තීන, කොට්ටාව පොළිසියෙ ජනප්‍රිය හොරා විරුදාවලිය ලබාපු අභීත, බ්ලොග් බලන කෙල්ලොන්ගෙ කේන්දර මාරයට කියා බලවගත්තැයි කියා බොරු කොට උන්ගෙන් සල්ලි කඩාගත් අභීත, කේන්දර බලල සේවාවක් සපයල සල්ලි ගන්න මාරයට හොරා කියනව :P

      Delete
    10. /කෙටියෙන් කියනවනං, අනෙක් සේරම බ්ලොග් කරුවො 307,000 එකතු කරල දෙත්දි දුකයි දුමී රුචා ක්‍රිෂා වගේ සෙට් එකක් ඩුබායි වල බ්ලොග් ගැන අහලවත් නැති උන් ඉස්සරහ හිඟා කාල 810,000 එකතු කරල දුන්න./

      මම මේක ලියන්න අකැමැතියි නමුත් ඉන්දිකගේ මේ ප්‍රකාශය නිවැරදි කරන්න ලියන්නම වෙනවා. ඔතැන ඔය 307,000 කියල තියෙන්නෙ ටැබූ ප්‍රචාරය කරලා බින්කු එකතු කළ 130,000 වගේ මුදලක් සහ විහාර මහා දේවී උද්‍යානයට එකතු වුණු (මාත් ඇතුලුව) යම් පිරිසක් විවිධ ආකාරයෙන් එකතු කළ මුදල්. තවත් බ්ලොග්කරුවන් රාශියක් (කතන්දරකාරයා වගේ) කෙළින්ම ඉළන්දාරියාගේ ගිණුමට මුදල් යැව්වා. කියන්න කණගාටුයි ඒ මුදල් ආපහු ලැබුණේ නැහැ. මං ගාණ හරියටම දන්නෙ නැහැ. ඉළන්දාරියා මිය යන්න දින කිහිපයකට කලින් කියපු කරුණු අනුව රුපියල් 200,000 වගේ ගණනක්. එතකොට අනෙක් බ්ලොග්කරුවො දීපු ගණන රුපියල් 500,000 වගේ. හැබැයි ලොකුම දායකත්වය තිබුණේ දුකාගෙන් හා දුමීගෙන් කියන එක ගැන විවාදයක් නැහැ.

      අභීත පෞද්ගලිකව සතයක් වත් දුන්නෙ නැහැ. අවුරුදු උත්සවයෙන් ඉතුරු වෙච්චි සල්ලි එයාගෙ නෙවෙයිනෙ. ඒ අවුරුදු උත්සවේට අරුණි ශපීරෝ පොත් දුන්නා. තව කවුද කෑම බීම දුන්න. ඉතින් සල්ලි ඉතුරු වුණා. ඒ ටික තමයි කීයක් හරි දෙන්න ඇත්තේ.

      Delete
  35. රසික අයියට අමුමිරිස් කන්න පුළුවන් හින්ද මේක SL AMUMIRIS CHALLENGE වුනා.මං එහෙම පටන් ගත්තනං මේක SL ICECREAM CHALLENGE එක වගේ එකක් වේවි...හි...හි...

    ReplyDelete
  36. ​සිවුරත් හොඳයි...කේන්දරත් හොඳයි..... ආන්ඩුවත් හොඳයි..

    නාකි බාල මහලු නාඩිවැටෙන ඕනි *ම්බක් හොඳායි..

    **නිත් හොඳායි.. බොග් එකත් හොඳායි.. මහින්දත් හොඳා..යි..

    ඒත් අමු මිරිස් විතරක් කැතා...යි.. අනේ හුකේ නන්නානේ...:D

    ReplyDelete
    Replies
    1. මාරයාට පෞද්ගලිකව මඩ නොගසා මේ සිද්ධිය ගැන කතා කරමු.

      Delete
  37. මාරයා ඉදිරිපත් කරන කතාව හරි. මේ වැඩ සටහන දෙවැනි වෙනවනං වෙන්නේ FB එකේ තියෙන එක්තරා කණ්ඩායමක කෙරෙන සමාජ සත්කාර වැඩසටහනට විතරයි. ඒ වැඩ සටහනෙත් ඉන්නා එක්තරා බවලතියක් (බලවතියක්) ආධාර ඉල්ලනවා නෙවෙයි මංකොල්ල කනවා. ආධාර ඉල්ලන්නේ මරියකඩේ ගෑණියෙක් එක්ක බුදියගත්ත එකෙක් සල්ලී නොදී මාරුවෙන්න හදනකොට අර ගෑණි අහල පහලට ඇහෙන්න කෑගහනවා වගේ සද්දේ දාලා. අනේ මාත් ඒ කණ්ඩායමේ ඉඳලා අහක් උනා. හැබැයි ඒ වැඩ සටහන් දෙකකටම සල්ලිත් දුන්නා. එහෙම දෙන්න ඒ වෙලාවේ මගේ අතේ සල්ලි ටිකක් තිබුනා. නැත්තං මටත් දෙන්න වෙන්නේ නැහැ. අපිනේ දන්නේ අපිට තියෙන ආර්ථික තත්වේ. ඒත් මේ බවලතිය බැන අඩ ගහන විදිය දැක්කම මං කල්පනා කලේ දවසක මමත් සල්ලි නැතිව හිර වෙලා ඉන්න අවස්ථාවක මෙහෙම කෑ ගැහුවොත් මම උනත් කොච්චර අසරණ වෙයිද කියලා. එදාට අර කලින් සම්මාදම් වෙච්ච දේවල් ගැන කතාවක් වැඩක් නැහැනේ. මම අන්තිමටම කලකිරිලා අහක් උනා. ඇත්තටම එතන වෙන්නෙත් දුප්පත් මිනිස්සුන්ගේ දුක කිලෝ ගානට අලවි කරලා සල්ලි හොයාගෙන ඒ බවලතියයි එයාගේ යාළු හිතවතුනුයි සෑහෙන ප්‍රවාහන වියදමක් එහෙම යොදවලා විනෝද ගමන් යන එකයි. අවසානෙදි මෙන්න යනවා ටීවී වල රෝඩියෝවල එයාගේ Voice cut. අපි අරක කලා මේක කලා කියලා. ඒත් ඒක මේක කරන්න ගිහින් රිදවපු හිත්වල ගාන දන්නේ උඩ ඉන්න දෙයියෝ තමයි. මෙතනත් එහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් මං ඉතාමත් ආදරය කරන සහෘදයෙක් වන චමීර මල්ලිගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ටිකක් සිහිකල්පනාවෙන් වැඩ කරන්න කියලා. මොකද මමත් දැන් මේ පිරිස අතර සැරිසරන්න ඇවිත් අවුරුදු අටකට වැඩියි. මේ කාලය ඇතුලත මේකේ උන දේවල් හැම එකක්මත් අපි දන්නවා. ඒ හින්දා මල්ලි වගකීමෙන් වැඩ කරයි කියලා හිතලා මමත් කීයක් හරි එවන්නම් ලබන සතිය ඇතුලත. හැකියාවක් තිබුනොත් තව දෙදෙනෙක් විතර එකතු කරලා දෙන්නම්. හැබැයි ඒ අර මිනිස්සු වෙනුවෙන් මිසක් ඔය ඉදිරියට දාගෙන ඉන්න දේශපාලන අංකූරාගේ ප්‍රචාරයට රැවටිලානං නෙවෙයි. මම අමු මිරිස් කන්නෙත් නැහැ. දන්න කෙනෙකුට කන්න දෙන්නෙත් නැහැ. viral කියන්නේ මෝඩයින් අන්දවන වැඩක් මිස සිහිබුද්ධියක් ඇති අයගේ වැඩක් නෙවෙයි. මම කරන උදව්ව කරන්නේ චමීර මල්ලි ගැන සීයට සීයක් විශ්වාසය තියලා. මාරයටත් කියන්න තියෙන්නේ මේකේ ඉන්න යාළු මිත්‍රයින් විශාල ගාණක් තරහා කරගන්න වෙනවා කියලා දැන දැන උනත් තමන්ගේ ප්‍රතිරූපයට මොන තරං හානියක් උනා උනත් ඒ ගැන නොහිතා මේ වගේ දේවල් වලින් පීඩාවට පත් වෙන අය ගැන හිතලා මෙහෙම කථිකාවතක් ඇති කිරීම හුඟක් වටින වැඩක්. මේ ලෝකේ තමන් දරණ මතය වෙනුවෙන් මේ තරම් සෘජුව පෙනී හිටින්න පුළුවන් අය බොහෝම ස්වල්පයයි ඉන්නේ. මාරයාගේ ඇතැම් දේශපාලන අදහස් සම්බන්ධව මගේ විරෝධතා තියෙනවා උනත් ඒ හැම තැනකදීම මාරයා මල්ලි කෙලින් පෙනී හිටීමයි මම අගය කරන්නේ. අනිත් අය මාරයව තේරුම් ගන්න එකක් නැහැ. ඒ ඒ අයගේ කණ්නාඩිවලට මාරයගේ දැක්ම හසු නොවන හින්දා වෙන්නත් පුළුවන්. නැත්තං ලාබ ප්‍රසිද්ධියෙන් ඇස් වැහිලා ඉන්න හින්දා වෙන්න පුළුවන්. කොහොම උනත් මාරයගේ මේ ගතිගුණය හැමදාමත් ආරක්ෂා කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ වැනි මිනිසුන්ගේ උඩුගම් බලා පීනීම නිසයි මේ ලෝකය මේ තරම් හෝ රැකිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඇත්ත කතාවක් කියලා තියෙනවා. වෙබ් එකෙයි ෆේස් බුක් එකෙයි බලෙන් සල්ලි එකතු කරන එවුන්ගේ අම්මලාට ගොඩාක් සාරි ලැබෙන්න ඕනෑ. මුන් හිතාගෙන ඉන්නෙ අපි සල්ලි ගස් වලින් කඩනවා කියලා.

      Delete
  38. //ඔබ වැනි මිනිසුන්ගේ උඩුගම් බලා පීනීම නිසයි // කොහොමත් මාරයා කලේම අනික් අය කරන එකේ අනික් පැත්ත කරලා තමන් හෙණ රැඩිකල් පට්ට බුවා නියපොත්තෙ ඉඳලා කෙස්ගහේ ඉන්න ඉණිකුණා දක්වා බුද්ධිය වැක්කෙරෙන මාර ඩයල් එකක් කියල පෙන්නගෙන හැම එකේම මුදුනා වෙන්න දඟලපු එක තමයි. ඔන්න මේකෙත් "මාරයියේ ඔයත් එන්න අපි ඔයාට සභාපතිකම භාණ්ඩාගාරිකකම දෙන්නම්"කියල පටන් ගත්ත නම් බලන්න තිබ්බා මේකෙ දවසකට වැටෙන අමු මිරිස් පෝස්ට් ගාන. අනේ මොකටද මගෙ කට!!!! අපි නොදන්න මාරතුමා!!!! හුකෑස් !!!

    ReplyDelete
    Replies
    1. මාරයාට පෞද්ගලිකව මඩ නොගසා මේ සිද්ධිය ගැන කතා කරමු. එක්කෙනෙකුගේ දේශපාලන අනාගතය වෙනුවෙන් කරන මේ බලෙන් සල්ලි එකතු කිරීම හරිද?

      Delete
  39. මේ අයිස්-බකට්, අමු මිරිස් සිද්ධි වලදී සිනා උපදවන කාරණාව මහ ඉහළින් ඒකීය පුද්ගලයාගේ නිදහස ගන කතා කරන අරුණි ශපීරෝත් ඒකීය පුද්ගලයාට තර්ජනය කොට මුදලක් කඩා ගන්න එක වෙනුවෙන් පෙනී සිටීමයි. ඒ වගේම අර ඉහළින් ෆේස් බුක් එකේ මෙහෙම "සමාජ සත්කාර" වලට සල්ලි කඩා ගන්නා අක්කා කෙනෙක් ගැන කියන කතාවත් සම්පූර්ණ ඇත්තක්. මේ අක්කලා හිතන්නේ අපි සල්ලි ගස් වලින් කඩනවා කියලා.

    අපට අඩුවට තිබුණේ දේශපාලුවෙක් තමන්ගේ අනාගතය වෙනුවෙන් මේ වගේ දෙයක් පටන් ගැනීම විතරයි. දැන් ඉතින් ඒකත් හරි. අභීතත් කට්ටියට සෙට් වුණාම කියලා වැඩක් නෑ.

    මාරයාගේ මේ මැදිහත් වීම මම අගය කරන්නේ මේ නිසයි. දැන් මාරයා මෙහෙම ලියපු නිසා අපට නිදහසේ අපේ මතය කියන්න පුල්වන් වෙලා තියෙනවා. නැත්නම් මුන් අපි අමාරුවෙන් හම්බ කරන මුදල් තර්ජනය කරලා හූරාගෙන යනකල් අපි බලාගෙන ඉන්න ඕනෑ.

    ReplyDelete
  40. මෙතන තියෙන කමෙන්ට් දැක්කම හිනා යන එක නවත්ත ගන්න බෑ. එකෙක් කියනවා "මාරයට මාර දැක්මක් තියෙනවලු". මාරයාට ඇති දැක්මක් නෑ. තමන් සම්බන්ධ නොවී හොඳ දෙයක් බොග් අවකාසේ වෙන එකට මාරයා කැමති නෑ. සරලවම ඒක තමා මේ පෝස්ට් එකක් දාන්න හේතුව.

    අභීත උගේ කුණු ටික හෝද ගන්න දඟලනවා. හැබැයි ඌ ගෑවෙන එකෙන් අමු මිරිස් වැඩේට එකතුවෙන සල්ලිත් උපශාන්ත වෙන්න පුලුවන්. මාරයා හොර කේන්දර කාරයා කියන අභීතම නේද කොට්ටාවේ ඉඳන් දුර කතර ගෙවාගෙන මාරයට කියල කේන්දර බලවගන්න ගම්පහ බඩගෑවේ.

    රනා මේකෙන් ලකුණු දාගන්නවා කියන එක ආයෙ අහන්න දෙයක් නෑ. මීයක් කඩන්නෙ අත ලෙවක ගන්නද? අනික මාරය බ්ලොග් ලියන්නේ සමාජ සේවය කොරන්නයෑ? බොග නිසා මාරයා ගන්න ප්‍රයෝජන අපි කවුරු කවුරුත් දන්නවනේ.

    මේ අමු මිරිස් චැලෙන්ජ් එක බුකියේම ලමයි හම්බ වෙන, බුකියෙන්ම ලමයින්ට නම් දාන දුකාල වගේ උන්ට ආතල් වගේම, පීඩිත පංතියේ ඉඳලා සෑහෙන දුක් විඳලා කොහොම හරි කොළඹ හතට පය ගහල වෙන්ඩ පොශ් වෙලා ඉන්න මාරයා වගේ උන් ට දිරවන්නේ නැතුව ඇති.

    ආතල් ගන්න උන්ට ආතල් ගන්න දීපන්. ආතල් එපා නම් පාඩුවේ හිටපන්. ආතල් කඩන්න නම් එපා මාරයියේ.

    ReplyDelete
  41. මිරිස් කන ඒව නම් කරන්නම් වාලේ කරණ විකාර කියන එකයි මගෙත් අදහස.. උදව්වක් කරන්න අවශ්‍යනම් අදාල හේතුව දක්වලා ආධාර කරන්න කිව්වනම් කවුරුත් නොකර ඉන්නැනේ. ඔයිට වැඩියෙන් එකතු කරගන්නත් පුළුවන් වෙයි..

    තව කාටවත් උදව් කරන්න කොහෙවත් ඉන්න කාටවත් අභියෝග කරන්න ඕනා නෑනෙ.. තමන් කැමතිනම් උදව් කළා.. එච්චරයි.. ඕන්නම් පොඩි ඇඩ් එහෙකුත් දාගන්නවා මම මෙච්චරකින් උදව් කලා කියලා.. නිකන් විරිඳු පාරක් වගේ...

    ReplyDelete
  42. අභීතගේ අමු මිරිස් චැලෙන්ජ් එක හරියට "අපිත් පොරවල් දන්නවා" කියලා අරින පත නයෙක්. ටෙලිකොම් අයියේ බ්‍රිගේඩියර් අයියේ කියලා කිව්වට මේ මිනිස්සු මේ පඟර නැට්ටාව දන්නෙවත් නැතුව ඇති. හත් දවසක් බඩගින්නෙ හිටිපු එකෙක් වගේ දෙන්නෙත් රුපියල් 500 යි. ඔච්චර බිස්නස් කරන එකා මං නම් හිතුවේ පට පට ගාලා පන්දාහේ කොළ දහයක් විතර ඇදලා දෙයි කියලා. රුපියල් 500 ගත්ත ප්‍රචාරය නම් ග්‍රේට්. අභීතටම තමයි කිසිම ලැජ්ජාවක් නැතුව ඔය වගේ කුපාඩි වැඩ කරන්න පුළුවන්.

    ReplyDelete
  43. දෙදාස් පන්සීයෙන් මාසෙම කෑව අපේ අය්යා
    කේන්දරෙන් බ්ලොග් කට්ටෙන් ගොඩ ගිය අපෙ අය්යා
    හතලිහ ශ්‍රී ලොරියෙ නැගල කොළඹ ආව අය්යා
    මිරිස් කරල සැර වැඩියිලු අය්යෝ අපෙ දෙයියා

    මාරයාට බැන්නොත් හෙම තොපිලට අබ සරණයි
    අභීතයට රනාට බැන්නට අවුලක් නැතුවයි
    උදයට සීයක් දුන්නට මිරිසට නම් බැරුවයි
    අය්යා නැව් නැග්ග දාට තොපිට මේව තේරෙයි

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි අභීත කවි ලියන්නත් දන්නවනෙ. හැබැයි එච්චරම සාර්ථක නෑ.

      Delete
  44. මේ අවුරුද්දට රෝහල් වලට අවශ්‍ය උපකරණ සහ ඖෂධ මිලදීගන්න සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදීපු සල්ලි වලින් විශාල කොටසක් තවම කිසිදු දේකට යොදානොගෙන තිබීම ගැන සෞක්‍ය ඇමැතිවරයාම දොස් කියද්දී, රුදිර කන්දුකරන යන්ත්‍රයක් ගන්න සල්ලි එකතුකරන්න අමුමිරිස් කනඑකේ තේරුමක් තියෙනවද? මේක තනිකරම ප්‍රෝඩාකාරී නරිනාටකයක්. අවාසනාවන්තම කරනේ තමයි චන්න ජයසුමනගේ හිටන් රසික දක්වාම බොහෝදෙනා තමුන්ගේ මතවාදයන් පතුරවන්න, ප්‍රසිද්ධිය ලබාගන්න වකුගඩු රෝගය ප්‍රචාරක මාධ්‍යක් කරගත්ත එක.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ කමෙන්ට් එක දාල තියෙන්නේ මරා හරි මරාගෙ බාප්පගෙ පුතෙක් හරි. අනේ මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. සවුක්කිය ඇමති ඉන්නේ "ඔන්න මම සල්ලි වෙන් කරා, කෝ උඹල ගනිල්ලා" කියල කියන්නද? එතකොට ඔය සවුක්කිය අමත්යාංසයක් තියෙන්නේ අහවල් ලබ්බක් කොරන්නද?

      මනුස්සයෙක් වැඩක් කරන්න යද්දි ලිඳ ලඟ ගෑනු සෙට් එක වගේ තැන්තැන් වල කයි කතන්දර නොකියා තොපෙ තොපේ ඔය ඇමතියට කියල කොරල පෙන්නපං.

      මම හිතං හිටියේ පෝස්ට් දාල තමංගේ බ්ලොග් එකේම ඇනෝ කෙලින්නේ අභීත විතරයි කියල. උපශාන්ත, පොඩ්ඩක් මේකේ මාරයා දැම්ම ඇනෝ කමෙන්ට් ටිකත් ඇනලයිස් කරපන්.

      Delete
    2. //ඔය සවුක්කිය අමත්යාංසයක් තියෙන්නේ අහවල් ලබ්බක් කොරන්නද?//
      එකම තමයි මීහරකෝ මාත් අහන්නේ? ඒ යකා කියනවා නම් සල්ලි වෙන්කොරලය තියෙන්නේ වියදම් කොරන්නේ නැතයි කියල, මොලේ පුකේ තියෙන එවුන් වගේ එලෝ මේල නැතුව වගේ මිරිස් ගිල ගිල ඉන්නේ නැතුව, මරාට කඩේ යන, මරාගේ කඩෙන්ම චන්දෙත් ඉල්ලපු උබලගේ අමුමිරිස් ලොකු වාහෙත් එක්කගෙන ගිහින් සවුක්කිය ඇමතිගෙන් ඉල්ලගනින් වෙන්කොරපු සල්ලි. බොරු විගඩම් කර කර, ඒවගේ වැරදි පෙනන්න එවුන්ට බනින්නේ නැතුව. සල්ලි නෑ එහෙම කිවේ විහිලුවටයි කිවොත්, දෑත් ශක්තිමත් කොරන ඔය අමුමිරිස් ලොක්කටම කියපන්, උන්ගේ බේබි හාමුට කියන්න කියල සපත්තු කුට්ටම් වලටයි ගෑනුන්ට අස්සයෝ අරන් දෙන්නයි, කාර් රේස් පදින්නයි, පලස්තීනෙට දෙන්නයි, මහා සල්ලිකාර දානපතිය වගේ අනුන්ගේ රටවලට වතුර දෙන්නකියල දෙන සල්ලි වලින් ඩින්ගිත්තක් ඉල්ලගන්න කියල. මෙහෙ තොපේ රජක තුමා වෙන රටවල් වලටත් ආධර දෙනවා, තොපි මෙහෙ බොරුවට අමුමිරිස් ගිල ගිල මිනිස්සුන්ගේ සල්ලි වලට විදිනවා. මේවා දැක දැක ගොන්නු වගේ උබල ඕකුන් පස්සේ ගියාට අපි යන්නේ නෑ ගොනෝ. අපේ නෙවේ යකෝ ඇමති. තොපේ අමු මිරිස් බුරුවගේ පක්ෂේමයි උත්. //මනුස්සයෙක් වැඩක් කරන්න යද්දි// මුත් මනුස්සයෙක්ද යකෝ? මරාගේ දැත් ශක්තිමත් කොරන්න යනවද බල්ලෙක් හරි බුරුවෙක් හරි නෙවෙයි නම්?

      Delete
  45. සෞඛ්‍යට ආණ්ඩුවෙන් වෙන්කරන මුදල් ප්‍රමාණය වැඩි කරගන්න එක අමාරු වැඩක් බවට මාත් ඔබේ ඉන්න මතයේම තමයි ඉන්නේ. ෆන්ඩ් රෙසින්ග් කරන්න ඕනේ සල්ලි නැති නම් නේ. ALS වලට ඔය අභියෝගේ ආවෙ එහෙම. එත් මෙතැන දී සල්ලි ලොකු ප්‍රමාණයක් වෙන් කරලා නේ තියෙන්නේ. ඉතින් දෙය්යනේ, ආණ්ඩුවෙන් සෞඛ්‍ය අමාත්යංශයට මිලදීගැනීම් සදහාම වෙන්කරපු මුදල් වලින් බාගයක්වත් මාස 9ක් යනතුරුම වියදම් නොකර මඩි ගහගෙන ඉන්න වෛද්‍ය මිලදීගැනීම් සම්බන්ද හොර මාෆියා කණ්ඩායම් වලට සුළු බලපෑමක් කරලා රුධිර කන්දුකරණ හෝ වෙනත් උපකරණ මිලදීගැනීම් වලට යොදවන එක කරන්න බැරි අමරු වැඩක් නොවෙයි නේද ? ඒ වෙන්කරපු මුදලුත් මදී නම් ඊලග පියවර නේද ආධාර එකතුකිරීම බවට පත් වෙන්න ඕනේ ? පත්තු බැදලා වැඩේ ටිකක් ගොඩ ගියාමයි තෙල් ගන්නේ. කැඩිච්ච අස්ථියක් හාවෙන්න වගේ ලොකු වැඩකට පත්තු නොබැද තෙල් ගාල විතරක් මදී නේද? බොරු නම් මහවෙදනාගෙන් අහල බලන්න

    ReplyDelete
  46. කියන්න ඕනම වෙච්චි එකක් මේ මගුල් ඇනෝලට රිප්ලයි කරන්න ගියායින් බැරි උනානේ . . අපේ මාරයා තුමා එතකොට කියන්නේ අනේ මේ රජයේ කිසි වැරැද්දක් නෑ . . රජයෙන් සල්ලි වෙන් කරලා තියෙන්නේ . . වකුගඩු රෝගීන් උන්ට මැසින් ඕන කියලා කියන්නේ නැති නිසා තමා ඒවා ලැබෙන්නේ නැත්තේ කියලද . .

    කොටින්ම සවුක්කියට මේ සෝයි ආන්ඩුවෙන් සල්ලි වෙන කොරලා තිබ්බත් ඒ වෙන් කරපු සල්ලි වලින් වකුගඩු රෝගීන්ට ස්තීර විසඳුමක් නොදී ඉන්නේ ඒ මිනිස්සු එහෙම විසඳුමක් ඉල්ලන්නේ නැති නිසා කියලද . . හානේ බලන්න ඔය උඹට පේන බඩේ බත් වගේ තියෙන ඇත්ත අපිට නොතේරෙන්නේ ඉතින් අපේ ගොන් කමටම තමා මාරයෝ . . හිකිස්

    ReplyDelete
  47. මමත් මේ වැඩේට පෞද්ගලිකව කැමති නැහැ, කවුරු හරි අභියෝග කළත් මමත් ඉදිරිපත් වෙන එකක් නැහැ
    මිරිස් කන එක අමාරු නිසා නෙමෙයි, කල යුත්තේ මේක නෙමෙයි කියල මම හිතන නිසා
    කෘෂි රසායන වලින් එන විෂ හාල්, එළවළු, පළතුරු හරහා ඇඟට ගිහින් වකුගඩු රෝග හැදෙනවානම් ලංකාවේ හැම පළාතකම වකුගඩු රෝගය බහුල වෙන්න ඕනේ
    එහෙම නැති නිසා හිතන්න වෙන්නේ, එක්කෝ වතුරෙන් එහෙම නැත්නම් ශරීර වල තැවරීම් හරහා මේ දේ සිද්ධ වෙනවා කියලා
    ප්‍රධාන සාධකය වතුර කියල තමයි මම විස්වාස කරන්නේ (බොහෝවිට දෙකම වෙන්නත් පුළුවන්)
    ඒකට හේතුව හොඳ බොන වතුර තියෙන පළාත් වල මේ ප්‍රශ්නේ දකින්න නැති නිසා
    එහෙමනම් අපි කරන්න ඕනේ මිනිස්සුන්ට බොන වතුර හරි හැටි පෙරා ගන්න උපකරණ අරගෙන දෙන එක කියල මම හිතනවා

    මාත් එක්ක වැඩ කරන සෙට් එක එකතු වෙලා අනුරාධපුර ගාමිණි විද්‍යාලයට RO ෆිල්ටර් එකක් අරගෙන දුන්නා.
    (RO ෆිල්ටර් හරහා ජල අණුවකට වඩා විශාල කිසිවක් පෙරී එන්නේ නැත, මාලදිවයිනේ මුහුදු වතුරෙන් බොන වතුර සාදා ගන්නේද මෙම ෆිල්ටර ක්‍රමයෙනි)
    අපි ෆිල්ටර් එක ගත්තේ යාළුවෙක්ගේ කොම්පැනි එකකින්, ගාන රුපියල් 130,000 යි, විනාඩියකට වතුර ගැලුම් 400 ක් පෙරන්න පුළුවන්.
    ඒකෙන් ඉස්කෝලේ ඉන්න ළමයි තුන්දාහක් විතර දවස පුරා වතුර බීලා හවසට ගෙවල් වලටත් වතුර අරගෙන යනවා.
    පුළුවන් විදිහට මේ වගේ දේවල් වකුගඩු රෝග බහුල පළාත් වලට කවුරු කවුරු හරි කරනවානම්, ලෙඩේ හැදෙන එක නතර කරගන්න පුළුවන් වෙයි

    ReplyDelete
  48. I'm not positive where you are getting your info, but good topic.
    I must spend a while finding out more or working out more. Thank you for magnificent information I used to be
    in search of this information for my mission.

    my website :: Full Article

    ReplyDelete
  49. අමුමිරිස් කරල් 7 කාපං

    ReplyDelete