05 November 2014

සෙනසුරු මාරුව 2014 නොවැම්බර්... මේෂ ලග්නය

ඔන්න මුලින්ම කිව්වා මේක ලියන්නේ මේ සම්බන්ධව උනන්දු වෙන උන්දලාට පරයෝජනයක් වෙයි කියලා හිතලා මිස කා එක්කලවත් වාද කොර කොර මගේ කාලේ කාගන්නවත් ඒ උන්දලගේ කාලේ කන්නවත් නෙවෙයි... ඒ හින්දා උවමනාව ඇත්තෝ කියවා ගත යුත්තක් ඇත්තං ගනිත්වා.. උවමනාවක් නැති ඇත්තෝ මේක කියව කියව ඉන්න වෙලේ තමුන්ට වැඩක් පලක් ඇති කාරියක් කොර ගනිත්වා... ආයේ පස්සේ නිකං නාහෙන් අඩන්ට කාරියක් නැහැ නෙව.. :D

ඔය ජෝතිසේ ගැන හඳහන් ගැන ගිරහයෝ ගැන උනන්දු කවුරු කවුරු උනත් මේ දවස්වල කතා බහ වෙන දෙයක්නේ පහුගියදා වෙච්ච හෙනහුරු මාරුව... ඕක ඉතිං අපේ ලිත්වලට අනුව උනාට ගරහයින්ගේ පිහිටීම අනුව වෙලා නැතිය වගේ කතාත් එහෙං මෙහෙං ඇහෙනවා... ඒ වගේම ඔය විසය ගැන උනන්දුවක් ඇති අයට වඩා උනන්දුවක් “නැතිය“ කියන අය වැඩි දෙනෙක් මේ ගැන කතා බහ කරන බවත් පේන්ට තියෙන හින්දා මාත් හිතුවා උවමනාවක් උනන්දුවක් නැති උන්දලා මේ හැටි මේක මත්තේ නහින හින්දා ඔන්න ඔහේ කරණාව ගැන සුළුවෙන් හරි දන්න කියන.. උනන්දුවක් ඇති අය වෙනුවෙනුත් මගෙන් යමක් කෙරෙන එක හොඳ වැඩක්ය කියලා... ඒ හින්දා ඔන්න ඉතිං නොලියවී කාලයක් තිබුන බ්ලොග් එකේ ආයෙම ලිපි කිහිපයක් ලියලා දාන්ට හිතුවා... ගරහයා කොහේ ගියත් මේක ආයේ ලියන්න හිතක් ඇති වීමත් මදෑ... 

හරි එහෙමනං අපි කාරණාවට බහිමු. 

අපි මුලින්ම ගමු මේෂ ලග්නය ගැන... ආ හැබැයි එයිට කලියෙන් හෙනහුරා ගැනත් කතා කරලා ඉමු ටිකක්.. උන්දෑ ගැන කතා නොකර වැඩේට බැස්සොත් නිකං මනාලි නැති මගුල් ගේ වගේ වෙනවා නෙව මේකත්...

සාමාන්‍යයෙන් හෙනහුරා කියන්නේ කේන්දරේ බොහෝම හෙමින් යන ග්‍රහයෙක්... උන්නැහේ කේන්දරයේ සියළුම කොටුවල ගමන් කරලා වටයක් සම්පූර්ණ කරන්න අවුරුදු තිහක් විතර කාලයක් ගන්නවා.. ඒක ඉතිං කොටු දොලහෙන් බෙදුවම එකක අවුරුදු දෙක හමාරක් වගේ කාලයක් ඉන්නවා... ඒ කිව්වට ඉතිං ඒක අඩු වැඩි වෙන අවස්ථා තියෙනවා... ඔය හිමිං ගමන හින්දම හෙනහුරා කේන්දරයේ එකම තැනට එන අවස්ථා මනුස්ස ජීවිතයේ තුන් පාරකට වඩා උපරිම එන්නේ නැහැ... එහෙම කිව්වේ තුන් පාරකට වඩා එහෙම හිටිය තැනකට ආපහු එන්නනං ඉතිං උන්දෑ අවුරුදු අනූවකට එහා කාලයක් ජීවත් වෙන්ට ඕන.. 

ඒ වගේමයි ඉතිං හෙමින් යන හින්දා ඒ ඉන්න තැනට අදාලව දෙන්න තියෙන තෑගි බෝග ඔක්කෝම නිසි ආකාරයට කල් අරගෙන ක්‍රමානූකූලව දීලා අහවර කරලම තමා යන්නේ... ඔය හදිසියට යන තැපැල් මාමලා අපේ ලියුං නොදී යන අවස්තා වගේ මේ හදිසියේ යන ග්‍රහයින්ගෙනුත් අපිට ලැබෙන්න තියෙන හැම දේම ඒ ආකාරයටම හම්බ වෙනවා අඩුයි... ඒත් හෙනහුරා වගේ නිවාඩු පාඩුවේ ගමන යන කෙනා ඇවිත් අපේ ගෙදර හොදට හරි බරි ගැහිලා වාඩි වෙලා.. තේ එකක් කාරිය බීලා.. විටක් හපලා..වත්තේ හතර මායිං පරීක්ෂා කොරලා.. අහල ගං හතේම ඕපාදූප ටික අපේ කනේ තියලා.. අපි දන්න ඕපා දූප ටිකත් අඩු නැතිව අහගෙන කලබලයක් නැතිව මාරු වෙලා යන රොයිටර් අම්මණ්ඩියෙක් වගේ තමා ඕං... පැහැදිලි ඇති නෙව...

ඔය වගේ ටිකක් හිමිහිට යන අනිත් ග්‍රහයා තමා ගුරු.. උන්නැහේ සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාලයක් එක තැනක ලගා ගහනවා... ඒ වගේම ඡායා ග්‍රහයෝ හැටියට සැලකෙන රාහු සහ කේතු ඩබලත් අවුරුදු එකාහමාරක් වගේ තැනක පැල පදියං වෙනවා... අනිත් අය ඉතිං ටිකක් හැල්මේ ගමන.. හයියෙන්ම යන්නේ ඉතිං අපිට ඔය නිතර පේන්න ඉන්න චන්දරයා තමා.. උන්දෑ දවස් දෙක හමාරකින් කොටුවක් පනිනවා.. චන්දරේ උන්නැහේ කොටු පනින්න හැබෑ දස්සයි නෙහ්..?

හරි ඉතිං ඔය හිමිං ගමන හින්දා අඩු නැතිව දෙන දේ දීලා යනවා වගේම තමා හෙනහුරාගෙන් ලැබෙන දේවල් ගැනත් බොහෝම අය ඒ හැටි මනාපයක් නැහැ... ඒත් ඇත්තටම කිව්වොත් මංනං කේන්දරේ ඉන්න ග්‍රහයින්ගෙන් වැඩියම කැමති හාදයා තමා හෙනහුරා... ඒ ඇයි...?

හා හා මට දැන් හිතා ගතෑකි කට්ටියගේ හිතට එන දේවල්... ඔව් ඔව් හෙනහුරා හින්දා තමා හුගක් අයට කේන්දරේ බලව ගන්න ඕන වෙන්නේ.. ඒ හින්දා ඉතිං අපි කැමති වෙන්ට එපෑ නේද...?  :D :D :D

ඒකත් හොඳ හේතුවක් තමා.. ආයේ ඉතිං නැහැ කියන්ට දෙයක් නැහැ.. හෙනහුරා තමා කේන්දර බලන උදවියට වැඩිම ආදායමක් උපයා දෙන ග්‍රහයා.. කට කෑවත් ඇත්ත කියන්ට එපෑ ඉතිං... ඒත් ඉතිං මං මෙතනදී අදහස් කලේ ඒක නෙවෙයි...

ඒ කිව්වේ අපි මේ ජීවත් වෙන සමාජයේ ඕනම කෙනෙකුගෙන් අපිට මොනවම හරි හම්බ වෙනවා කියමුකෝ... ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය... අම්මා තාත්තගෙන් ආදරය රැකවරණය පෝෂණය... යාළුවන්ගෙන් දැනමුතුකං... වගේ දේවල්... ඉතිං මේ ඕන කෙනෙක්ගෙන් අපිට වැඩියෙන්ම හම්බ වෙන්නේ ඒ ඒ අය ගාව තියෙන දේවල් වලින් තමා... 

ඕකට අපි උදාහරණයක් හැටියට ගුරුවරයෙක් ගත්තොත්.. උන්නැහේ අපිත් එක්ක ආස්සරේට වැටිනොත් අපිට ලැබෙන දේවල් ටිකක් තියෙනවා.. එතනිනුත් උන්නැහේ අපිත් එක්ක හිත හොදින්නං ඉන්නේ.. අපිට හොඳ ගුරු උපදෙස්.. අවවාද අනුශාසනා.. දියුණුවට පාර එහෙම පෙන්නයි... මොනවා නමුත් හිත නොහොඳකින් ඉන්න ගුරුවරයෙකුගෙන් අපිට අධ්‍යාපනය අස්සෙම පොඩි පොඩි වැරදි උපදෙස් වගේම ඉද හිට වේවැලි පාරකුත් කෑහැකි.. හැබැයි ඉතිං එයිට වඩා නරකක් වෙනවා අඩුයි.. අර කිව්වට වඩා වැඩි හොදක් සිද්ධ වෙනවත් අඩුයි... දැන් ඔය අපේ ගරහයෝ අතර ඉන්න අයත් ඔහොමම තමා... ගරහයෝ අතර ඉන්න හොඳම ගරහයා හැටියට කවුරුත් සැලකුම් කරන ගුරුත් ඇවිල්ලා ඔය ගුරුවරයා වගේ කෙනෙක්ම තමා.. හොඳට හිටියොත් හොඳ ඉගෙනීම.. දියුණුවට පාර කියා දීම.. සමාජයේ ගරු සැලකුම් ලැබීම... වගේ දේවල් දෙනවා... නරකට හිටියොත් තමා ඉතිං ඔය රැකියා මාරු...  වැරදි පාරවල් වල යන්ට හිත් දීම වගේ දේවල් කරවන්නේ... එව්වත් ඉතිං බරපතල කාරණාමත් නෙවෙයි...

හැබැයි අපි හිතමුකෝ පළාතේ චණ්ඩියෙක් ඉන්නවා කියලා.. නිකං ඔය මැරවින් සිල්වා වගේ බුවෙක් එක්ක අපි ෆිට් උනා කියලා හිතමුකෝ.. ආයේ ඉතිං පලාතේ එකෙක් නෙවෙයි අපිට අතක් උස්සන්නේ.. වචනයක් කියන්නේ.. චණ්ඩියගේ එකවුන්ට් එකට වැටෙන්න ඕන තැනකින් කාලා බීලා තව තව ඕන කරන දෙයක් තියේනං ඒවත් කරගෙන අයියා වගේ ඉඳිල්ලක් තමා තියෙන්නේ... ඒ චණ්ඩියා අපි එක්ක හොඳයිනං.. එහෙම නැතිව චණ්ඩියා අපි එක්ක හිත නරකින්නං ඉන්නේ අපිටත් ඉතිං ආ ගිය තැන ගුටි මුර... කැපිලි කෙටිලි.. බැණුං ඇහිලි... ආයේ ඉතිං හොදි ඕන නැහැ...

අන්න ඔය දේවල්වලට අපිට ආදේශ කොර ගතෑකි කුජව.. ග්‍රහයින් අතර බාල්දි කාරයා නොහොත් කුජත් ඔය වගේ චණ්ඩියෙක්...

දැන් මං මේ කියාපු කාරණාව තේරෙනවනේ.. ඒ ඒ අය ගාව තියෙන දේ අනුව තමා අපිට හොද වගේම නරකත් ලැබෙන්නේ... එතකොට මේ හෙනහුරා ගාව මොනවද තියෙන්නේ.. දුක.. කරදර.. හානි.. විපත්... කෙලවිලි විතරමද..? හපොයි නැහැ මෙයාලා.. හෙනහුරා හොඳට හිටියොත් නොදෙන දෙයක් නැහැ... ධනය බලය.. කීර්තිය.. ලස්සන වටිනා ගුණවත් ඉස්තිරීන්... ගහට කොලට පලදාව..  රටේ ලෝකේ උන් හීනෙන්වත් නොහිතන අන්දමේ දේවල් හිතන්න පුළුවන්කම... ඉවසීමේ හැකියාව.. දරා ගැනීමේ හැකියාව... ඕනම බැරි දෙයක් කර පෙන්වීමේ හැකියාව.. ඔය වගේ එකී නොකී හුගක් දේවල් මෙයා ගාව තියෙනවා.. එකම දේ ඉතිං හෙනහුරා අපිටත් එක්ක ෂේප්ද කියන එක තමා.. ෂේප්නං ඉතිං ස්වීප් එක ඇදුනා වගේ තමා.. ෂේප් නොවෙුනොත් ඉතිං පොඩ්ඩක් කේස්.. ඒ හින්දා කොහොම හරි හෙනහුරා ෂේප්නං ඉතිං එය අනිත් අයගෙන් හම්බවෙන පොඩි පොඩි දේවල් වගේ නෙවෙයි.. මෙයාගෙන් සෑහෙන දේවල් ගන්ට හැකියාව තියෙනවා.. ආන්න ඒකයි මං වැඩියම කැමති ගරහයා මෙයා කියලා කිව්වේ... හරියට නිකං දේශපාලඥයෙක් යාළු කරගත්තා වගේ කිව්වොත් හරියටම හරි... ඔය දේශපාලනේ කොරන්ටත් හෙනහුරාගේ සප් එක ඕන නෙව.. හෙනහුරා හරියට හිටියොත් දේසපාලුවන් අතර දේසපාලුවෙක් වීමේ හැකියාව තියෙනවා... ඒ වගේමයි වෛද්‍ය කර්මයට දස්සතා ඇති වෙන්නත් හෙනහුරාගේ සපෝට් එක තියෙනවා...

පොඩි අවුලකුත් මේ ගැන නැතිවම නෙවෙයි හැබැයි... ඔහෙලා දන්නවනේ ඉතිං දේශපාලුවෙක්ට කිට්ටු වෙලා ඉන්නවා කියන්නෙත් බෙල්ල යන සීන් එකක් කියලා.. හොදට ඉන්නකල් ආයේ මොනවද මිහිපිට සුර ලොව.. වැරදිලාවත් අමනාප උනොත්... ආයේ ඉතිං ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.. බඩුම තමා... මං ඉතිං අමුතුවෙන් කියන්ට ඕන නැහැනේ... පරණ ෆයිල් එළියට ඇදෙන තැනේ හිටලා... කෑම බීම වස වෙන තැන දක්වා වැඩේ දුවන්න පුළුහං... ඔය හින්දා සමහරු ටිකක් හෙනහුරාගෙන් ලැබෙන දේට බයයි.. මොකද දෙනවා වගේම ගන්න ගියොත් ආයේ පොලියත් එක්කම ගන්න හින්දා... ඒත් ඉතිං ජීවිතේ කියන්නේ පොඩි අනතුරු දායක බිසිනොස් එකක් නෙව කොයි මොහොතේ උනත්.. ඒ හින්දා යකාගේ මෑණීයන් එක්ක හරි ඩිල් එකක් දාගෙන හරියට වැඩේ කරගන්න පුළුවන්නං ඔය කොයි යකත් අවුලක් නැහැ.. ඒකට ඉතිං මේක තිබිලා හරියන්නේ නැහැ මෙන්න මේක තියෙන්න ඕන... (වයඹ මහ ඇමටි සිහි කරගන්න :D )

ඉතිං සිහි කල්පනාව සහ උවමනාව තියේනං හෙනහුරා කියන්නේ බොහෝම හොඳ ගරහයෙක්... එහෙම නැති හාදයට ඉතිං ගුරු සිකුරු කියන්නෙත් වැඩක් නැති උන්දලා... ආන්න ඒ ටික සිහියේ තියං අපි බහිමු කාරණාවට...

මේෂ ලග්නයට හෙනහුරාගෙන් මක්කැයි වෙන්නේ...?



මේෂ ලග්න හිමියට මේ මාරුව හින්දා සිද්ධ වෙන යහපත් අයහපත් කාරණා ගැන... ඔන්න එය උඩ තියෙන කේන්දර සටහන දිහා බලමුකෝ.. ඔය තමා දළ වශයෙන් අද උදේ මේෂ ලග්න කාරයින්ගේ කේන්දරේ ග්‍රහයෝ ගෝචර වෙන හැටි. එහෙම නැත්තං ග්‍රහයෝ ගමන් කරන හැටි දක්වන සටහන... ඕකේ අංක දාලා තියෙන පිළිවෙල දැක්කම තේරුං ගතෑකිනේ කොයි අතටද ග්‍රහයෝ ගමන් කරන්නේ කියලා... දැන් ඕකේ පහුගිය දෙවැනිදා රාත්තිරී නවයකුත් ගානක් වෙනකල් හෙනහුරා හිටියේ කේන්දරයේ හත් වැනි කොටුවේ.. ඒ කියන්නේ දැන් ඔය “බු/ර/ශු“ කියලා සටහන් වෙලා හිටිය කොටුවේ.. දැන් උන්දෑ ගෙහුං ඉන්නේ එතැනින් එකක් එහාට.. ඒ කිව්වේ අට වැනි කොටුවට... ඕක තමා සිද්ධ වෙච්ච මාරුව... අපි ඉතිං කතා කොරන්න යන්නේ ඕකෙන් වෙන්නේ මොන වගේ දේවල්ද කියන කාරණය තමයි...

මුලින්ම අපි බය වෙන පැත්ත ගැන කතා කරමු... හෙනහුරා අටට ඇවිත්.. ඒක ඒ හැටි හොඳ වැඩක්නං නෙවෙයි.. මොකද කේන්දරයක තියෙන ප්‍රධාන මාරක ස්ථානය තමා අට වැන්න කියන්නේ... ඕනම ලග්නයක් හිමි කෙනෙකුගේ කේන්දරේ අට වැන්නට සෙනසුරු එනවා කියන්නේ ඒ කෙනාට හෙනහුරාගෙන් එල්ල වෙන අෂ්ඨම ඒරාශ්ඨකය කියන අපලය ලබනවා කියන එකයි.. පහුගිය දෙවැනිදා ඔය මාරුව වෙනකල්ම ඔය හෙනහුරා අට වැන්නෙ හිටියේ මීන ලග්න කාරයින්ගේ... දැන් තමා මේක මේෂ ලග්න කාරයින්ට පටන් ගත්තේ... දැන් මං මෙතැනදි ඒරාශ්ඨක අපල ගැනත් ලිය ලිය ඉන්ට ගියොත් මට තව ලිපි දෙක තුනක් ලියන්ට වෙන හින්දා මං ඒ ගැන පස්සේ දවසක මතක් උනොත් විස්තර කරඤ්ඤං.. දැනට අපි එතැනින් ඉස්සරහට යමු...

එතකොට යම් කිසි කෙනෙක්ගේ කේන්දරයෙන් ලග්න ස්ථානයෙන් අට වැන්නට සෙනසුරු පැමිණීම සෙනසුරුගේ ඒරාශ්ඨක වර්ග තුනෙන් එකක් වෙන අශ්ඨම ඒරාෂ්ඨක අපලයයි කියලා මතක තියා ගමුකෝ.. අනිත් ඒරාශ්ඨක දෙක අවුරුදු හත අටක් ඇදෙන ඒවා උනත් මේ ඒරාශ්ඨකේ අවුරුදු දෙක හමාරක් තුනක් වගේ කාලයක් විතරයි තියෙන්නේ.. හැබැයි කාලය කෙටි වෙන හින්දම ටිකක් සැර වැඩියි.. හරියට නිකං හීන් කොච්චි වගේ... අමු මිරිස් සුදු කොච්චි වගේ ටිකක් ලොකු ඒවට වඩා හීන් මිරිස්.. එහෙම නැත්තං හීන් කොච්චි කොච්චර සැරද කියලා කාපු අය දන්නවා නෙව... මේකත් එහෙමයි.. අනිත් තැන්වලදී අවුරුදු හත හමාරකින් දෙන දේවල් ටික කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දෙක හමාරෙන් දෙන්ට ගියාම මොනවා දෙයිද.. මොනවා නොදෙයිද කියලා හිතන්ට අමාරුයි...

ඉතිං මේ කියන තත්වය 2014/11/03 වැනිදා (දළ වශයෙන්) හිටන්... 2017/10/26 විතර වෙනකල් (මේ අතර තුර සෙනසුරුගේ ආපහු ගමනක් නිසා සුළු කාලයකට ධනු රාශියට ගොස් පැමිණිමක් තියෙනවා.. ඒ ගැන කියන්න ගියොත් තව මේක දිග් ගැස්සෙනවා වැඩියි) මේ කියන තත්වය මේෂ ලග්න හිමියන්ට පවතිනවා...

 ඒ කොහොම උනත්.. පහුගිය දෙවැනිදා සෙනසුරු මාරුව උනත්... මේකේ තද අහිතකර බලපෑමක් දැන්මම එල්ල වෙනවා අඩුයි.. ඒකට හේතුව මේ වෙද්දි මේෂ ලග්න හිමියාගේ කේන්ද්‍රයේ හතර වැන්නේ ගුරු උච්චව ගමන් කිරීමයි.. ගුරුට පස් වැන්නේ සෙනසුරුත්.. සෙනසුරුට නව වැන්නේ ගුරු ආදී වශයෙන් මේ වෙද්දි ගුරු හා සෙනසුරු ඉන්නේ ත්‍රිකෝණී අවස්ථාවක... මෙහෙම උනාම හෙනහුරාගෙන් වෙන්ට තියෙන බොහෝමයක් කරදර නවත්තගෙන ඉන්ට ගුරු සමත්කං දක්වනවා.. ආන්න ඒ හින්දා ගුරු හතර වැන්නේ ගෝචර වෙන කල් ලොකු අවුලක් හෙනහුරාගෙන් වෙන්නේ නැහැ... ගුරු ඔතන ඉන්නවා ලබන වරුසයේ... ජූලි මාසේ මැද්ද විතර වෙනකල්.. ආන්න එයින් පස්සේ ගුරු ඔතැනින් පල්ලං බැස්සමනං හෙනහුරා නිකං ඇප පිට එළියට ආවා වගේ තත්වයක් තියෙන්ට ඇහැකි... එයිනුත් කාලෙකට පස්සේ ඒ කිව්වේ 2016 අවුරුද්දේ මුල් මාසය ඇතුලත වගේ දැනට හය වැන්නේ ඉන්න රාහුත් රිවස් එකට ඇවිල්ලා ගුරු එක්ක යෝග වෙනවා... අන්න එහෙම උනාම හෙනහුරා ටිකක් ලිහා දාපු ගොනා වගේ වෙන්ට ඇහැකි... එහෙම බැළුවම මේ හෙනහුරු අට වැන්නේ හිටින කාලයෙන් තරමක් අසීරූ කාලය වෙන්නේ 2016 ජනවාරි හිටං.. 2017 සැප්තැම්බර් දක්වා වන අවුරුද්දයි මාස දහයක වගේ කාලය තමා... දැන්ම හිටං පොඩි පොඩි පණිවිඩ දුන්නත් කට්ටිය හිතං ඉන්න විදියට පෙරලගෙන ගැහිල්ලක් වෙන එකක් නැහැ.. එහෙම පෙරලගෙන ගැහිල්ලක් වෙන්ට ඇහැකි උත්පත්ති කේන්ද්‍රයෙත් යම් යම් දුර්වලතා තිබිලා ඒවත් එක්ක දැන් තියෙන තත්වය පෑහෙන්නේ නැති උදවියට.. එහෙම නැතිව සමස්ථයක් වශයෙන් ගත්තම මේෂ ලග්නකාරයින්ට මේ මාරුව උන පමණින්ම බයට පත් වෙන්ට කාරියක් නැහැ...ඒ වගේම 2016 ජනවාරි වෙනකල්ම කාලය තුල ඉගෙනීම වෙනුවෙන් ටිකක් මහන්සි වෙන අයට වැඩිපුර මුදලක් විය පැහැදං කරන්න උනත්.. වියදමේ හැටියට ප්‍රතිඵලත් ගන්ට ඇහැකි...

උදාහරණයක් හැටියට උත්පත්ති කේන්ද්‍රයේ අට වැන්නේ සඳු හිටිය අයට.. දැන්ම තියා කරදර හිරිහැර ටිකක් පටන් ගන්ට ඇහැකි... එහෙම වෙන්නේ එයාලට මේ යෙදෙන අශ්ඨම ඒරාෂ්ඨකයට අමතරව ජන්ම ඒරාෂ්ඨකයත් එලටම උදාවෙන හින්දයි.. ඒ වගේ උපතේදී සඳු/කුජ/සෙනසුරු කියන ග්‍රහයින් තිදෙනා දුර්වලව යෙදී තිබුන අයට මේ මාරුව ටිකක් අහිතකර එකක් වෙයි.. එහෙම නැති උපතේදී සදුබලවත්ව.. කුජ බලවත්ව.. සෙනසුරු බලවත්ව සිටි මේෂ ලග්න හිමි අයට මේක බය වෙන්න තරං තත්වයක් නෙවෙයි... හැබැයි ඔය කොයි කවුරුත් දෙදහස් පහලොහේ ජූලි මැද හිටං ටිකෙන් ටික හෙනහුරාගේ වග තේරුං ගන්ට සූදානං වෙන්ට ඕන... දෙදහස් දහසයේ ජනවාරි හිටං දෙදහස්  දහහතේ සැප්තැම්බර් අහවර වෙනකල්  ජීවිතයේ වසර තිහකට පමණ වතාවක් සිදුවන අල කලංචි ටිකකට සූදානං වෙන්ට ඕන...

හරි මොනවද මෙයාගෙන් ඔය කියන නරක කාල වලදී විය හැකි දේවල්... ප්‍රධාන වශයෙන්ම හෙනහුරා ගහන්නේ කෙනෙකුගේ හිතට... වෙන මොකකටවත් ගහන්න කලින් මෙයා කෙලින්ම ගහන්නේ හිතට... සමහරුන්ට හෙනහුරු අටට ආවා කියලා ඇහුන වෙලේ ඉදන් කේන්දරේ ඔළුවේ තියං හිත අමාරු කරං ඉන්ට ගියොත් මං හිතන්නේ වෙන අමුතුවෙන් අපලයක් ඕන වෙන එකක් නැහැ ඒකම ඇති වෙයි නන්නත්තාර වෙන්ට.. :D ඒ හින්දා කේන්දර බලන හාදයෙක් හැටියට මට කියන්න තියෙන මුල්ම දේ තමා.. කේන්දරේ උනත් ඕනවට වඩා ඔළුවට ගන්න යන්න එපා... මේකත් නිකං කාලගුණ වාර්ථාව වගේ දැනගෙන හිටියම ප්‍රමාණවත්.. කාලගුණ වාර්තාවට වහිනවා කිව්වනං කුඩයක් අරං ෆෝන් එක දාගන්න ඉටි කවරක් අරං ගමන යන්නැහේ.. (ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි ගැන අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.. :D ) මේකත් දැනගෙන සිහි කල්පනාවෙන් කල යුතු දේ කරන්න හිතට ගන්න එක විතරයි වෙන්න ඕන... වෙනදට දෙපාරක් නොහිත කරන දේවල් මේ වෙලාවෙදි සිහි බුද්ධියෙන් නැවතිලා කල්පනා කරලා උපදෙස් ගත හැකි අයගෙන් උපදෙස් අරං පිළිවෙලකට ක්‍රමානූකූලව කිරීමයි විය යුත්තේ... එහෙම නැතිව කිසිවක් නොකර ඉඳිල්ල නෙවෙයි...

හිතට ගහන හෙනහුරා කරන දේවල් තමා කටයුතු කල් දැමීම... මේක තමා අපිට වෙන්න පුළුවන් ලොකුම අපලේ.. වැඩ පස්සට දදා හිටියොත් මේ කාලය ඇතුලත අපි ජීවිතයේ සෑහෙන දේවල් ටිකක් අතපසු කරගනීවි... ඒක දියුණුවට බාධාවක්ද නැද්ද කියලා මං අමුතුවෙන් කියන්ට ඕන නැහැනේ... අනිත් දේ තමා එක තීරණයක් ගන්න බැරි වීම.. හදිසි හිතුවක්කාර තීන්දු තීරණ ගැනීම.. සෙනසුරා ඉන්නේ කුජගේ රාශියකත් වීම නිසා බොහෝම ඉක්මනට කේන්ති යාම.. එහෙම කේන්ති යාම නිසා මිනිස්සු එක්ක ගැටීම.. ප්‍රශ්න හදා ගැනීම.. එක පැත්තකින් වැඩ කල් දාන ගමන් අනිත් පැත්තෙන් කරන වැඩ ඕනවට වඩා  වේගයෙන් කරන්න ගිහින් ඔක්කෝම ඇන ගැනීම... වගේ දේවල් වෙන්න පුළුවන්... වැඩ කරන එක නවත්තලා කල්පනා කරකර ඉදිල්ල.. පහුගිය ජීවිතයේ වෙච්ච වැරදි ගැන හිත හිත දුක් වෙවී ඉන්න එක... ඔය වගේ හිතේ දෝෂ දාහකුත් එකක් හින්දා ජීවිතය කඩා වැටෙන්න තියෙන ඉඩ වැඩියි...  ඔය තමා හෙනහුරාට කරන්න පුළුවන් ලොකුම විපත... 

අනිත් පැත්තෙන්.. හොර වැඩ කම්මැලි වැඩ කරන්න ගිහින් එක වැඩේ දෙක කර ගැනීම... මිනිස්සුන්ගේ නින්දා අපහාස ලැබෙන අන්දමේ දේවල් සිදුවීම.. ගමන් බිමන් වලදී හදිසි අනතුරු ආදියට ලක් වීම.. තරමක් කල් පවතින රෝගාබාධයන්ට ලක් වීම. ශරීරයේ සන්ධි ආශ්‍රිතව වේදනාවල් මතු වීම.. ලේ දෝෂ.. අර්ෂශ් අමාරු.. වැනි රෝගී තත්වයන් නිතර නිතර මතු වීම.. ඇස් යට කලු වීම.. නිසි ලෙස නින්ද නොයාම... නිදා ගන්නා තැන්වල සැප පහසුව අඩු වීම.. කෑම බීම ටික හරියකට නැති වීම... කරමින් හිටි වැඩ දෙගුණ වී ගතට සිතට අධික වෙහෙසක් ගෙන දීම.. තමාට වඩා පහත් අය හා ඇසුරට යොමු වීමත් ඒ සම්බන්ධකම් නිසා තමාට කරදර විපත් පැමිණිමත්.. පවුලේ සමීප වැඩිහිටියකුගේ වියෝව නිසා හට ගන්නා චිත්ත වේදනාවන්ට තදින් මුහුණ දීමට සිදු වීම... දරුවන් ඇති අයට නම් වැඩි මහළු දරුවන්ට අසනීප කරදර ඇති වීම ඔවුනගේ ඉගෙනීම දුර්වල වීම... තමාට ආධාර උපකාර කල අය හා අමනාප වන්නට සිදු වීම... කාලයත් තිස්සේ කරං ආ බොහෝ දේවල් නැත්තටම නැති වී යාම... 

මෙන්න මේ වගේ දේවල් වෙන්නට වැඩි ඉඩක් තියෙනවා.. ඔය මං ඉහත කිව්ව ඡේදය මේෂ ලග්න හිමියන්ට පමණක් නෙවෙයි පොදුවේ සෙනසුරු නරක් වීමෙන් හා ඒරාශ්ඨක යෙදීමෙන් ඕනම ලග්න හිමියකුට අත් විඳින්න වෙන දේවල්වලට සමානයි. මේ වෙලාවේ මේ ටික බලපාන්නේ මේෂ ලග්න හිමි.. උපතේදී සඳු/කුජ/සෙනසුරු දුර්වලව සිටි හා මේ වෙද්දි අහිතකර දශාවන් ගෙවමින් සිටින අයටයි.

ඒ වගේම විශේෂයෙන්ම හත් වැන්න සෙනසුරුටත් රාහුටත් මැදිව තිබෙන 2014 නොවැම්බර් සිට 2016 ජනවාරි අතර කාලය තුල විවහා ජීවිතය.. ප්‍රේම සම්බන්ධතා.. මංගල යෝජනා වැනි දේවල් සම්බන්ධ හිත් අමාරුකං තරමක් තදින් මතු වීමත් කිව යුතු කාරණයක්. හවුල් වැඩට හෙමත් මේ කාලය ඒ හැටි යහපත් නැහැ. ඒකත් සිහියේ තබා ගැනීම වැදගත් වෙයි.

එතකොට මේ කාලය ඇතුලත අපිට ලැබෙන හොඳ දේවල් මොනවද... බොහෝ දුරට මේ කාලය තුලදී තමන්ට පරම්පරාවෙන් උරුම වෙන්නට තිබුන දේපලක්.. පැරණි ගෙයක් දොරක් වාහනයක් වගේ දේක අයිතිය තහවුරු වෙන්ට ඇහැකි... ඒ වගේම කවදාවත් ලේසියකට කරන්න පුළුවන් වෙයි කියලා නොහිතපු වැඩ එකක් දෙකක් හරි ඉවර කරගන්නත් පුළුවන් වෙන කාලයක් මේක... රැකියා ස්ථානයේ තමාට  ඉහලින් සිටි අයකුගේ ඉවත් වීම වැනි දෙයක් නිසා හදිසි තාවකාලික හෝ උසස්වීම් ලැබෙන්නත් වැඩි ඉඩක් තියෙන කාලයක්... වගාවට හා පොළවට සම්බන්ධ දේවල් කරන අයට හදිසි ධන ලාභ.. වගේ දේවලුත් අපේක්ෂා කරන්න පුළුවන්... යන්ත්‍ර සුත්‍ර වැඩ කරන අයට ඒ ඒ අංශයන්ට සම්බන්ධ නව දේවල් නිපදවීමට හැකියාව බුද්ධිය ලැබෙන කාලයක්... උසස් වීම බලාපොරොත්තුවෙන් ඉන්නා අයට ස්ථාන මාරු සමඟින් උසස් විම් හිමි වීම.. සමාජයේ තමා අපේක්ෂා නොකල අය වෙතින් ගරු සැලකිලි ලැබීමේ හැකියාවත් පවතිනවා... දිගු කල් පවතින වැඩ ආරම්භ කිරීමටත් ඒවා කෙසේ හෝ පවත්වාගෙන යාමේ හැකියාවත් ලැබෙන කාලයක්... විදෙස් ගත වීමට උනන්දුවෙන් ඉන්න අයටත් උත්සහයන්ගේ ප්‍රතිඵල අත්කර දෙන කාලයක්.. අඩුම ගානේ ඉන්න තැනින් අවුරුද්දක් දෙකක් හරි පිටස්තර තැනකට යන්ට පොට පෑදේවි. එහෙම යන්ට අහු උනොත් බල බල නොයිද යන එක තමා හොඳම වැඩේ... ඉන්න තැනම ඉන්ට ගියොත් තමා ඔක්කෝම කරදර...

හරි ඔය තමා හොද සහ නරක දෙවර්ගයම.. ඔය කිව්ව ටික අඩු වැඩි වශයෙන් මේ කාලය තුල මේෂ ලග්න හිමියට මුහුණ පාන්න පුළුවන්...

පොදුවේ ගත්තම කියන්න තියෙන්නේ හිත කලබල කරගන්නේ නැතිව.. නිතරම සිහි කල්පනාවෙන්.. තමන් කරන දේ ගැන අවධානයෙන් වැඩ කරනවනං ඔය කිව්ව නරක දේවල් වලින් සෑහෙන්න බේරිලා ඉන්න පුළුවන් වගේම කිව්ව හොද වලින් සීයට සීයක්ම උනත් අත් කර ගන්න පුළුවන්කම තියෙනවා... වැදගත්ම දේ සිහිය පවත්වා ගැනීමයි... මොන දේ කලත් ඒ වෙලාවට ඒ කරන දේ ගැන අවධානය තිබිය යුතුයි. කිසිම වෙලාවක ඉදිරිය හෝ පසුපස කාලය ගැන හිත හිත වැඩ කිරීම අන්තිම නරකයි... අනිත් දේ තමා අභියෝග බාර ගන්න පසුබට නොවීම.. මං කලින් කිව්ව කරුණු අතර තියෙනවා තමාට ඉහලින් සිටින අයකුගේ ඉවත් වීම නිසා හදිසි තනතුරු ආදිය හිමිවන කතාවක්.. ඒ වගේම තමාගේ වැඩ දෙගුණ වීම නිසා අධික වෙහෙසට පත්වන කතාවත් මේකෙම ඇති... ඔය දෙකම කෙනෙකුට එක වර වෙන්න පුළුවන් දේවල්.. මේ කාරණා දෙකම නරක දේවල් නෙවෙයි තමන් එය භාර ගන්න විදිය අනුව.. ලැබෙන අවස්ථාව තමාට අභියෝගයක් හැටියට සලකා එයට හොඳින් මුහුණ දෙන්න අධිෂ්ඨානයෙන් කටයුතු කරන කනෙකුට ඔය වැඩ දෙගුණ වීම අපලයක් නෙවෙයි.. ඒ තමා තමාට තාවකාලිකව හිමිවන තනතුර ස්ථීර කරගන්නා මාර්ගය... එතැනදී තමන්ට වෙන කරදර කියන්නේ තමන්ට ලැබෙන අවස්ථා කියන එකයි...

එතැනින් ගිහාම වැඩිහිටි අයට ඇති අපල... තමන්ගේ වයස්ගත අම්මා තාත්තා හරි වෙන කවුරු හරි පවුලේ සමීප වැඩිහිටියෝ ඉන්නවනං සහ ඒ අය වෙනුවෙන් තමන් කවදා හෝ කරන්න කියා හිතා හිටි දේවල් තියේනං... මොන ප්‍රශ්න කරදර මැද්දේ හරි ඒ දේවල් කරන්න පහු වෙන්න එපා... එච්චරයි.. වෙනදට වඩා උවමනාවෙන් ඒ අය ගැන හොයා බලන්න... ඒ අයගේ ආරක්ෂාව ලෙඩදුක් ගැන බලන්න... ඒ දේවල් වලින් විය හැකි කරදරයක් වලක්වා ගැනීමට වගේම සිද්ධ වෙන කරදරයකදී තමාගේ සිතට ඇතිවන පීඩාවන් සෑහෙන්න අඩු කර ගැනීමටත් හැකියාව ලැබේවි.

වෙනදාට වඩා තමාගේ සෞඛ්‍ය තත්වය ගැන විපරමෙන් ඉන්න.. සුළු අසනීප කියලා කල් දදා ඉන්නේ නැතිව ප්‍රතිකාර ගන්න...පොඩි වියදමක් වැඩි වෛයි.. ඒත් වියදමට වඩා වටින දේවල් ඉතිරි වෙයි.. කාලසටහනකට අනුව ජීවත් වෙන්න බලන්න... කරන්න තියෙන එකම දෙයක්වත් අත ඇරෙන්නේ නැති විදියට හැම දේටම කාලය බෙදාගෙන වැඩ කරන්න.. තමාගේ නින්ද අඩු වෙයි.. වැඩ කරන්න වෙන කාලය වැඩි වෙයි.. වියදමත් ටිකක් වැඩි වෙයි.. ඒත් අවසානයේදී අපල කාලයක් අවසානයේදී තමන්ට ඒ අපලය තුලත් හරි හම්බ කරගත්ත දේවල් තියේවි.. හැබැයි ඒ හම්බ කරගන්න දේවල් අර අපල නැති කාල වල හම්බ කරගත්ත දේවල් වලට වඩා සිය දහස් ගුණයකින් තමාට වටින දේවල් බව පසු කාලයකදී අවබෝධ වේවි....

මෙයට අමතරව බෝධි පූජාවන් තියන්න හැකියාව තියෙන අය බෝධි පූජා තැබීමේ කිසිම වරදක් නැහැ.. හැබැයි බෝධි පූජාව තියන තැන තමාගේ හිතට සහනයක් ගෙන දෙන ස්ථානයක් වීමත් වැදගත්.. ඇසතු බෝදියකටත් වඩා නුග බෝධියක් ඇති තැනක් නම් තවත් හොදයි... ඒ වගේම රටේ තියෙන තරං මල් වර්ග බීම වර්ග වලට ගාථා කිය කිය දුක් නොවිඳ.. බෝ මළුව සුද්ද පවිත්‍ර කරලා.. බිමට වැලි ටිකක් ඉහලා... පායන දවසකනං වතුර ටිකක් ගෙනත් දාලා.. පන්සිල් සමාදන් වෙලා බෝ හෙවන ඇති තැනක නිදහසේ වාඩි වෙලා ආනාපාන සති භාවනාව.. මෛත්‍රී භාවනාව.. බුද්ධානුස්සති භාවනාවක් වඩලා නිදහසේ ටිකක් නිදාගෙන හරි ඉඳලා ඉන්න පුළුවන්නං ඒ ඇති...

එතැනින් ගිහාම අසරණ වයස්ගත අයට දාන මාන දීම.. තිරිසන් සතුන්ට ආහාර පාන දීම.. රෝගී සතුන්ට උපස්ථාන කිරීම... ආදී දෙයිනුත් සෑහෙන හොද ප්‍රතිඵල තියේවි... කාට හරි සල්ලි වැඩියි වැඩියි වගේනං ඉතිං ශනි මෘතුංජයත් හොඳයි.. කාක නිලත් හොදයි... හැබැයි ඒ දේවල් වලට වඩා අර මුලින් කිව්ව දේවල් සිය දහස් ගුණයක් ප්‍රතිඵල දෙනවා...

හා අදට ඔය ඇති.. අනිත් ලග්න ගැන ලියද්දි මෙයිට කෙටියෙන් ලියන්ට ඇහැකි වෙයි මේකේ මූලික කාරණා ටිකක් කතා කල හින්දා..

63 comments:

  1. අපේ අප්පච්චි මේෂ ලග්නේ. මේක දැක්කාම බය හිතුණා...:-(

    ශනි මෘතුංජයත් ? මේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ආ ඒක යන්තරයක්...

      මොකට බය වෙනවද.. මේ මාත් මේෂ තමා.. මේ ඉන්නේ අවුලක් නැතිව.. බය වෙන්න ඕනනං මංනේ මුලින් බය වෙන්නේ.. :D

      Delete
    2. අප්පචිත් මේෂ මාත් මේෂ ෂෝක් එකට ඔය තියෙන්නේ.

      Delete
  2. මේෂ ලග්නම් බයංකාරං..

    අර ගිනිවැල් අයියත් මේෂ උනා නං කොච්චර සෝයිද??

    ReplyDelete
    Replies
    1. මේෂ ලග්නම් අලංකාරං...

      ඒ අයියට තියෙන්නේ 13 වැනි ලග්නයයි...

      Delete
    2. @ දේශකයා,
      උඹ හදන්නෙ හෙනහුරාල දෙන්නෙක්ම එකපාර ගෙන්න ගන්න. හැක්....

      Delete
    3. වෙනියා මේක දැකලා නැහැ මං හිතන්නේ.. :D

      Delete
  3. හෙණහුරා ඊළඟ කොට්ට පනින්න කලින් අනෙක් ලග්න ටික ගැනත් ලියන්නට ලැබේවා කියල පතනව!

    ReplyDelete
    Replies
    1. ඒක තමා කියන්න අමාරුම වැඩේ.. :D

      Delete
    2. කොරයි කියල තමයි බය. මේකාගේ ලග්නේ හින්ද මේක ලිව්වා. අනිත් එව්වා බලාගන්න තව අවුරුදු 30ක් වත් යාවි :)

      Delete
    3. ඊලඟ එකට පනින්නෙ නැතුව ආපහු පස්සට පනින අවස්ථා නැද්ද?

      Delete
    4. තියෙනවා.. රාහු කේතු කොහොමත් යන්නේ රිවස් එකට.. එයිට අමතර වක්‍ර වීම කියලා අප හදුන්වන ආපස්සට යන අවස්ථා ග්‍රහයින්ට තියෙනවා.. ඒක ඇත්තටම ග්‍රහයින් ආපස්සට යාමක් නෙවෙයි... ග්‍රහයින් හා අපේ ගමනේ ඇති වේගය මත පෙනෙන ආකාරයේ අවුලක්..

      Delete
  4. මාරයෝ මට මෙන්න මේ ටික කියන්න, ජෝතිශ්‍ය ඇත්තද නැද්ද කියලා මම දන්නේ නැහැ. (මම විශ්වාස කරන්නෙත් නැහැ) ඒත් ඇයි මේකට සම්පූර්ණයෙන්ම දේවවාදයෙන් තොර අන්ධ විශ්වාස වලින් තොර බුද්ධ දර්ශනය පටලවන්නේ. බුදුන් දේශනා කරලා තියෙන්නේ නැකැත් බැලීම හිස් මිනිසුන්ගේ වැඩක් කියලයි. ඕනෑම වැඩකට සුදුසුම වෙලාව ඒක ආරම්භ කරන වෙලාව කියලයි. අනිත් එක අපේ ජීවිත හොද මාර්ගයට ගන්න මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලයි. ඉතින් එතකොට ග්‍රහ අපල වලට බෝධි පූජා වලින් ගුණ ලැබෙනවා කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. පලවෙනි ඡේදෙන්ම මං කිව්වේ අදාල නැති අයට මේවා බලලා හිත් නරක් කරගන්න ඒන නැතිය කියලා..

      හරි ඒක පැත්තකින් තියලා ඔන්න ඔහේ උත්තරයක් දීලා දාන්නං.. මෙතනදී බුදු දහම මේකට පටලවගැනීමක් නෙවෙයි තියෙන්නේ.. සාමාන්‍යෙයන් මුස්ලිම් සහ කතොලිකයින් ජෝතිෂයට සම්බන්ධ වෙලා තියෙනවා අඩුයි.. (තරමක් දුරට ඒ අය දැන් දැන් නැඹුරු වෙනවා විශේෂයෙන් කතෝලික.. එයට අමතරව මුස්ලිම් අයට වෙනමම ජෝතිෂ පැත්තක් තියෙනවා කියලා දැනගන්න ලැබුනා මෑතකදී මුස්ලිම් නිවසකට මේ සම්බන්ධ වැඩකට ගිය වෙලාවේ..) මේක කියවන වැඩි දෙනා බෞද්ධ.. ජෝතිෂය පිළිගත්තා උනත් හින්දු ආගමිකයින් මේක කියවනවා කියලා මං හිතන්නේ නැහැ... එහෙමනං මං මෙතනදී ආමණ්ත්‍රණය කරන්නේ බහුතර ජෝතිෂය විශ්වාස කරන බෞද්ධ පසුබිමක් ඇති අයට.

      මෙතනදී බෝධි පූජාව යොදා ගන්නේ බුදු හාමුදුරුවන්ගේ පිහිටෙන් ලෙඩ හොද කරන්නවත්.. අපල නැති කරවන්නවත්.. කර්මය වෙනස් කරවන්නවත් නෙවෙයි.. කෙනෙකුගේ මානසික සුවය ඇති කරවන්න... හිතේ එකඟතාවය.. සමාධිය.. ඇති කරවන්න.. අපල කාලයකදී විය හැකි නරකම දේ තමා මිනිහෙකුගේ සිහිය නරක් වීම.. එළඹ සිටි සිහියේ නොපිහිටීම... ඒ දේ හරි ගස්සන්න නං ඒ ඒ අයට අදාල වන අකාරයේ හිතට සම්බන්ධ පිළියම් කර සිටිය යුතුයි. අපල වලින් වැඩි හරියක් ඒ හරහාම ඉවත් කරන්න පුළුවන් වෙනවා.. මිනිස්සු සිහි කල්පනාව ඇතිව වැඩ කරනවනං... මේ උපදෙස් දෙන්නේ හිත එකඟ කරගන්න.. හිතේ සැහැල්ලුව හදා ගන්න මිසක් බුදු හාමුදුරුවන්ගෙන් බෝධීන් වහන්සේගෙන් ආධාර ඉල්ලන ක්‍රමයකට නෙවෙයි.. මං හිතනවා උත්තරෙ පැහැදිලි ඇති කියලා... නැවත වරක් උවමනා නම් බෝධි පූජාව කල යුතු ආකාරය ගැන විස්තර කර ඇති ආකාරය කියවා බලන්න... එතන තියෙන්නේ මනුස්සයෙකුට හිත සැහැල්ලු කරගන්න පසුබිම සකස් කර දිම නොවෙයිද කියලා.. ස්තූතියි.

      Delete
  5. කියෙව්වා........... ඒත් ඉතින් මුකුත් කියන්න බෑනේ.... පළවෙනි ඡේදයෙන් ම පලු යන්න අපිට බැනලානේ...ඉතින් කොහොමද රෙද්දක් ඇදන් මුකුත් කියන්නේ..... ඔන්න අපි මුකුත් ම කිව්වේ නැහැ හරිය..........................

    ReplyDelete
    Replies
    1. හපොයි මං කාටවත් බැන්නේ නැත.. පලදායීතාවය ගැන පොඩි උපදේසයක් දුන්නා පමණකි... :D

      Delete
  6. හිතට නොගෙන යන ගමනට
    තුන් ලෝකෙන් එන තහංචි
    පුංචි පුතා ලොකු වෙනකොට
    ලොකු කම් කළ යුතුයි පුංචි...

    හඳට ගිහින් හඳ පාගා
    ආපහු එන යුගයකි මේ
    තවමත් අපි මහ පොළවේ
    ඉන්නා එක නොවැ පුදුමේ...

    කළොත් පුහුණු තමන්ගෙ හිත
    හඳ ගෙන එන්නත් බැරි නැත
    සැලසෙන කාගෙත් යහපත 
    වැඩක නිතර යොදවමු අත...

    අයන්න මෙන් මුල් තැන ගෙන
    හැම තැන පෙරමුණ ම ලබා
    බාධක කටු පඳුරු මුලින් 
    ගලවා වෙන අතක තබා...

    ගඟ බැසගන යන්නා සේ
    තද ආත්ම විශ්වාසේ
    දිනුවොත් ලොව දිනුවා සේ
    ඔබමයි දෙවියා දේසේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. ෙකා් බන් අපේ පත්තර මල්ලි ඌට සෙනසුරැ ලබලද?

      Delete
    2. මේක අහන්න පහසුකමක් නැද්ද?

      Delete
    3. මාරයෝ මෙන්න http://www.infolanka.com/miyuru_gee/
      මේකේ 112 වෙනි සින්දුව .....

      Delete
    4. මෙන්ඩා පත්තරේ හිටපු ගෙදරින් එලවලා ...ඌට ඉන්න තැනක් හොයනවාලු ..හැක්

      Delete
    5. මටනං කියුවේ බඩු පෙට්ටි 37ක් ලෝඩ් කරනව කියල ලංකාවට එවන්ඩ , සල්ලිකාරයෝනේ බං

      Delete
    6. බොහෝම ස්තූතියි සිංදු ඇනෝ...

      Delete
  7. කිසිම කම්මැලි කමක් නැතුව කියෙව්වා..
    මගේ ලග්නේ එනකන් බලාගෙන ඉන්නවා (යාලුවෝ නම් කියන්නේ මම බදින්න ඉස්සර සිංහ බැන්දට පස්සේ වෘෂභ කියලා).
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මං හිතුවා මහා පතරංග ජාතකේ වගේ ලිය උන හින්දා දෙකට කඩලා දාන්නත්... අවුලක් නැතිව කියෙව්වා කියන එක ලොකු දෙයක්...
      ආයේ ඉතිං කොයි කාටත් සිද්ධ වෙන සොබා දහමේ තවත් එක සරල කාරණාවක් නෙව ඔය ලග්න මාරු වීම.. :D

      Delete
  8. උඹේ පැහැදිලි කිරීමනං ග්‍රහයො ඔළුව වටේ කැරකි කැරකි හිටපු අයට හොඳට තේරෙන්න කරල තියෙනව.
    ඔය ග්‍රහයො ටිකට එක තැනක ඉන්න බැරිඋනයි කියල අපි මක් කොරන්නද? ඔන්නොහෙ වෙන දෙයක් වෙන්නෙ නැතැයි.

    ReplyDelete
    Replies
    1. අනික, ඔය හූර අපේ මොන කොටුවෙද ඉන්නෙ කියල බලාගන්නෙ කොහොමද?
      (උඹේ බිස්නොස් එකට පාඩු වෙනවනං නොකිව්වත් කමක් නෑ.) :D

      Delete
    2. කේන්දරේ “ශ“ අකුර තියෙන කොටුව මොකක්දෑ කියලා බලහං...
      ආ එක්කෝ හිටහං බලලම කියන්න...
      හරි බොලාගේ ධනු ලග්න කේන්දරේ අට වැන්නේ ආන්න ඉන්නවා බැබලි බැබලි... මේ පාර යන්නේ කේන්දරේ 12 වැන්නට... ඒ ගැන විස්තර ධනු ලග්නය ගැන කියද්දි කියඤ්ඤං

      Delete
    3. /ඔය හූර අපේ මොන කොටුවෙද ඉන්නෙ කියල බලාගන්නෙ කොහොමද?/

      බය වෙන්න එපා මං ඔය පැත්තේ ආයේ එන්නෑ..............

      Delete
    4. @සී.ජේ.
      උඹ ආවයි කියල ආයෙ පනින්න කොටුවක් මෙහේ ඉතුරු වෙලා නෑ. :D

      Delete
  9. අර තාරකා විද්‍යාවට අනුව මාරු උන් නෑ කියන්නේ??
    ඹය දෙක දෙවිදියකටයි බලන්නේ කියන්නේ...

    ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒක පැහැදිලි කරන්න ඇත්තටම මට තේරුමකුත් නැහැ.

      Delete
  10. මටනං දොයිත්තක් නෑ ඔව්වා ;-)

    මේක තමා හැබැයි මරුම කථාව "ඇප පිට එළියට ආවා වගේ" - ආයේ වෙන මොකවත් පැහැදිලි කිරීමක් ඕනෑ නෑ!

    ReplyDelete
  11. අනේ කිව්වට තරහ වෙන්න එපා අයිබෝවන්ඩ.. මම නම් මේවා ගැන සැලකිල්ලක් නෑ.. උපන් දා පටන් කෙළවෙන එකම තමා වැඩේ.. ඒ ගැන බලන්න පස් දෙනෙක් හදපු කේන්දර පහක තියන්නේ ලග්න පහක්...

    ReplyDelete
    Replies
    1. අරයට මෙයාට නොදී තමන්ම හදාගෙන බලන්න.. ඔය හොද සයිට් තියෙන්නේ කේන්දරේ හදා ගන්න පුළුවන් ඕනෑ පදං...

      Delete
  12. අඩේ... මමත් මේෂ!! මොනා වුණත් ෂෝක් ලග්නෙ.. මං හරි ආසයි!! මේ ඒක නෙවී මාරයා සුදු අයියෙ.. ඔය හෙනහොරා කෝමද උප්පත්තියේ දුරුවලයි කියලා දැනගන්නෙ.. මං ඉපදිලා තියෙන්නෙත් එයාගෙංලුනෙ.. අඩේ මගෙ චන්ද්‍රයත් අටේ කොට්ටෙ.. උඹලාට දානයක් සුවර්

    ReplyDelete
    Replies
    1. හනේ වාසනාවන්... මතක ඇතිව ගෙදර අයට කියහං මාරි නං එපා.. දෙනවනං චොකලට් කිරිං බිස්කට්ම දෙන්ටය කියලා... :D

      උත්පත්තියේදී කේන්දරේ හිටිය ස්ථානය.. ඒ ස්ථානය අධිපතියා එක්ක සෙනසුරුගේ තියෙන ඇයි හොදයියේ හැටි... එතැනදී සෙනසුුරු ඉන්නේ උච්ච නීච ආදී කුමන තත්වයකින්ද.. සෙනසුුරු ගමන් ගන්නා නැකත.. නැකත හිමි ග්‍රහයා සමග සෙනසුරුගේ තත්වය.. නවාංශකයේදී සෙනසුරුගේ තැන්පත් වීම කොයි ආකාරද.. සෙනසුරු තැන්පත් රාශියට අනිකුත් ග්‍රහයින්ගෙන් ලැබෙන දෘෂ්ඨි.. මේ වගේ කාරණා කිහිපයක්ම බලන්න ඕන...

      Delete
  13. කිං කරිස්සන්ති තාරකා?

    ReplyDelete
    Replies
    1. “අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං
      උග්ගන්නාථ භික්ඛවේ නක්ඛත්තං"

      Delete
    2. Maraya mahatha, karunakara mekata reference denna,

      Please give reference to this - I never heard of Buddha saying something like this

      Delete
    3. මටත් හිතෙන්නේ රක්සාව රැකගන්න කියන ඒවා කියල.

      අපි ඒවා අමතක කරල බුදුන් දෙසූ පිළිවෙලට ඉමු

      "..... වමනය කරවීම, විරේචන කරවීම, කණේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම වැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය..."
      - බ්‍රහ්මජාල සූත්‍රය - දීඝ නිකාය -

      Delete
  14. නිදිමරාගෙන මේක කියෙව්වා අනිත් ලග්නත් ඉක්මනට දෙන්ඩෝ

    ReplyDelete
    Replies
    1. අද ඔන්න තව එකක් දුන්නා

      Delete
  15. මෙතුවක් කාලෙකට කියවපු සිරාම ලග්න පලාපලේ, අනික් භූතයො ලියන ඒවාට වඩා හිතට වදිනවා..(=තේරෙනවා). හැබැයි මතක තියාගන් ලග්න 12ටම ලියන්න ඕන කියලා....

    ReplyDelete
    Replies
    1. යන්තං දැන් දෙකක් ගොඩ.. තව දහයක් තියේ.. :D

      Delete
  16. අනිත් ලග්නත් ඉක්මනටම ලියන්න... මගේ ලග්නේ විස්තර කියවන්න තව පෝස්ට් දෙක තුනක් වත් කියවන්න වෙයි.. :(

    ReplyDelete
  17. තෝ හැමදාම මේ විදිහට ලග්න පිළිවෙලට දාන්න ගියාම මාව අහුවෙන්නේ අන්තිමට. මට මතකයි එක පාරකුත් මේ වැඩේම කලා.
    ඉතුරු ලග්න වල විස්තර දාපිය තනි පෝස්ට් එකකින්..... ;-(

    ReplyDelete
    Replies
    1. අන්තිමට කිව්වේ මීන වෙන්ට ඇති.. ආන්න අද දැම්මා... :D

      Delete
    2. හරි මැද ඉන්න අපිට හුලං තමා :)

      Delete
  18. අම්මෝ ඇති මාර මල්ලි ඇවිල්ලා. හෙනහුරත් අරං ඇවිල්ලා.

    ReplyDelete
    Replies
    1. රාහු අල්ලලා තිබුනේ.. ඒකයි හෙනහුරා නැතිව හිටියේ.. :D

      Delete
  19. අර ඉස්සර වගේ දවසට දෙක-තුන දැම්මනං මොකද ? එතකොට අපේ එකත් ඉක්මනටම බලා ගන්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර වගේ ලියන්ට වෙලාවක් අහු වෙනවනං ඉතිං බැරියෑ සුදීක.. :D

      Delete
  20. මම මේෂ නොවුනට ඔන්න ඔහේ මේකත් කියවලම දැම්මා.. හා හා අනික්ව ගැනත් ඉක්මනට දැම්මනම්...

    ReplyDelete
    Replies
    1. මලයා මේෂ නොවුනට ඔය දන්න කියන අය ඇති නෙව මේෂ.. අනිත්වත් පුළුවං හැටියට දානවා... බලාගෙන යමු... :D

      Delete
  21. අපේ උන්දැත් මේෂ, අප්පේ යන කල. යන්ත්‍ර සුත්‍ර වැඩ කරන අයට ඒ ඒ අංශයන්ට සම්බන්ධ නව දේවල් නිපදවීමට හැකියාව බුද්ධිය ලැබෙන කාලයක්...D;

    ReplyDelete
    Replies
    1. බලන්න චාන්දි අක්කා ඔය මොකක් හරි දෙයක් අටවයි.. :D

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. Apith ithin meshe lagne thama...matath ithin awul nathuwama novei...henahura mage 8ta awilla mata kelawannai hadanne..balamu moka unath jeevithayata muuna denawa.. mage rahu 2, 4 sandu katake swakshethra wela, 7 thulawe shani uchchai...ravith 7 innawa..8 buda kethuwa 9 guru swakshthrai..7adipathi sikurath 9 innawa..10 kuja uchchai...eka handa balamu meke balapaama komada kiyala...thawa ithin lakshmi yogayak, paasha yogayak, weshi yogayak, chinthamani yogayak, neecha banga raaja yogayak,pancha maha purusha yoga 2 k wana ruchaka yogei, premadaasa maamata thibba wage shasa yogeth thiyenawa..balamu ithin deshapaaluwek weeme balaporoththuwa hunahurata nathikaranna puluwanda kiyala...wishnu deviyantath bata kola kawapu henahurath ekka podi deal ekak daaganna balanna ona... :-)

    ReplyDelete