12 November 2014

කන්‍යා ලග්නයට 2014 නොවැම්බර් සෙනසුරු මාරුවේ පල...


ඔන්න මේ පාර වෙච්ච හෙනහුරු මාරුවෙන් තවත් බොහෝම හොඳ ප්‍රතිඵල අයිති වෙන සැට් එකක්...

කන්‍යා ලග්න හිමි උදවියට පහුගිය අවුරුදු හත අටක ඉදලා තිබුන දීර්ඝ කාලීන  ලග්න ඒරාශ්ඨක අපලයක් නිමා කරවගෙන තමා මේ මාරුව සිද්ධ උනේ... 2006 අවුරුද්ද නිමා වෙලා 2007 අවුරුද්ද ලබාපු කාලේ හිටං ආරම්බ වෙච්ච ඔය කියන ඒරාශ්ඨක අපලේ දැන් සෑහෙන කාලයක් තිස්සේ තිබුන එකක්... 

මෙතනදී සඳහන් කල යුතු තවත් කාරණාවක් තියෙනවා... මං කලියෙනුත් කිව්වනේ ලග්න ඒරාශ්ටකයක් සාමාන්‍යයෙන් අවුරුදු හත හමාරක් විතර හිටිනවා සහ ඒකේ අවධි තුනක් තියෙනවා කියලා.. එතකොට සමහර උදවියට ඔය කොටස් තුනම තදේට අපල දෙවනවා උනත් තවත් සමහරුන්ට 12 වැන්න..ලග්නය සහ 2 වැන්න කියන මේ ලග්න ඒරාශ්ඨකයට ආදාල අවධි තුනට සම්බන්ධ ස්ථාන එක්ක සෙනසුරාට තියෙන ගනු දෙනුව කොහොමද කියන කාරණයත් එක්කත් ඔය අපලේ අඩු වැඩි වීම් තියෙනවා...

ඒ ආකාරයට ගත්තම කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයක 12 වැන්න කියන්නේ සිංහ රාශිය.. සිංහය අයිති වෙන්නේ රවිට... රවි සහ ශනි අතර ගනු දෙනුව ඒ හැටි හොඳ එකක් නොවන හින්දා ආන්න ඒ කියාපු 12 වැන්නේ සෙනසුරු ගමන් කරන කාලය තමා කන්‍යා ලග්න කාරයෙකුට ඔය ඒරාශ්ඨක අපලය තුල අභියෝග වැඩිම කාලය වෙන්නේ... (සඳු වැරදිලාවත් ලග්නයේ.. දෙවැන්නේ.. හය වැන්නේ හෝ හත් වැන්නේ සිටියොත් 12ට වඩා ලග්නය සහ දෙවැන්න නරක් වෙන්න පුළුවන්.. මේ කියන්නේ එහෙම අබග්ගයක් නොවුන තැන) මේ කන්‍යා ලග්න හිමි අයගේ කේන්දර වල සෙනසුරු 12 වැන්නේ ගමන් කල 2006 නොවැම්බර් ඉඳලා.. 2009 සැප්තැම්බර් මැදක් විතර වෙනකල් කාලය ආන්න ඒ කිව්වා වගේ ටිකක් තද අමාරුකං ඇති කරවන කාලය වෙලා තිබුනා වෙන්ට පුළුවන්... උත්පත්ති කේන්දරයේ සඳුත් පස් වැන්නේ වගේ තිබුනනං ඉතිං සෑහෙන අමාරුයි.

ඒත් කන්‍යා රාශියට හෙනහුරා තරමක් මිත්‍ර ගතියක් දක්වන හින්දා ලග්නයේ හෙනහුරු ගමන් කරන 2009 සැප්තැම්බර් මැද ඉඳන්.. 2012 අගෝස්තු විතර වෙනකල් කාලය.. (ඔය කිව්ව කාල වකවානු අතර හෙනහුරාගේ රිවස් කිරිල්ලක් තියෙනවා උනත් ඒක ටිකකට අමතක කරලා කතා කරන එක අපට ලේසියි.. ) ඒ හැටිම තදින් ගහන්නේ නැති කාලයක්.. 

ඒ වගේම එතැන් පටන් මේ පහුගිය හෙනහුරු මාරුව සිද්ධ වීම දක්වා වෙච්ච කාලයේදී හෙනහුරා ගමන් කලේ කේන්දරයේ දෙවැන්නේ... ඒ කිව්වේ ශනිගේ උච්ච රාශිය වෙච්ච තුලාවේ... උත්පත්ති කේන්දරයේ සඳු දෙවැන්නේ හෝ හත් වැන්නේ නොවුන කෙනෙකුට මේ කාලය ඒ හැටිම නරකක් වෙන්නේ නැහැ.. ඒත් උපතේදී සඳු 2 වැන්නේ හෝ හත් වැන්නේ උන අයට ඕක ඒ හැටිම සුභ කාලයක් වෙන්නේ නැහැ හෙනහුරාගේ උච්ච රාශීය උනත්...

හරි මං ඒ කිව්වේ පහුගිය කාල වකවානුව ගැන කෙටියෙන්... ඒ ටික කිව්වේ වෙන එහෙකට නෙවෙයි.. කන්‍යා ලග්නය හිමි කෙනෙකුට.. මං අර කිව්ව විදියේ සඳුගේ විශේෂ අවුලක් නොතිබී දෙවැන්නේ හිටපු සෙනසුරුගෙන් කරදර අඩුවෙන් තිබුනනං (2012 අගොස්තු සිට - 2014 නොවැම්බර් දක්වා) දැනට මේ මාරුව හින්දා ලොකුම වෙනසක් එක පාරට දැනෙන්නේ නැහැ කියලා කියන්න.. මොකද ඒරාශ්ඨක අපලයක උනත් හෙනහුරා උච්ච රාශියේ ඉඳලයි දැන් මේ හෙනහුරාට ඒ හැටි හොඳ රාශියක් නොවන කුජට අයිති වෘශ්චික රාශියට ඇවිල්ලා තියෙන්නේ කියන කාරණය පැහැදිලි කරන්ට... කොච්චර අපල කරදර මැද්දේ උනත් උච්ච රාශියේ හිටිය හෙනහුරාගෙන් පහුගිය කාලේ උදව් උපකාර නොතිබුණා වෙන්ට බැහැ. අපල හැටියට ගත්තොත් අසනීප.. සුළු සුළු අනතුරු... නින්දා අපහාස.. විශාල විය හියදං.. නෑදෑයින්ට වන විපත් ආදිය මැද උනත් අනිත් පැත්තෙන් කරන කියන දේවල්වල සාර්ථකත්වයක්... රැකියා දියුණුවක්.. උසස්වීම් ආදියටත් ඔය හෙනහුරු තුලාවේ හිටිය කාලේ අවස්ථා තියෙනවා... ඒ හින්දා ඒරාශ්ඨකේ කියලා සම්පූර්ණයෙන්ම කරදර විතරක් තිබුන කාලයක් කියලා කිව්වොත් ඒක වැරදියි.

හරි ඒ කොහොම උනත් ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා යාළුවා කුජට අයිති.. වෘශ්චික රාශිය වෙන තුන් වැන්නට... වෘශ්චිකයට හෙනහුරා ඒ හැටි යහපත් නොවුනා උනත්.. ඕනම ලග්නයක් හිමි අයකුගේ කේන්ද්‍රයේ තුන් වැන්න කියන්නේ ගෝචර ගමනින් එන හෙනහුරාට හොඳම පොට් එකක්... උත්පත්ති කේන්දරයේ ග්‍රහ පිහිටීමෙන් වන ලොකු අවුලකුත් නැත්තං.. දැනට කේන්දරයේ ගමන් කරන අනිකුත් ග්‍රහයින්ගේ නරක බලපෑමකුත් හෙනහුරාට නැත්තං.. ආයේ ඉතිං මොන මගුල උනත් මේ කාලය ඇවිල්ලා හොඳම කාලයක්...  මං ඔය ලිපිය ආරම්භයේදීම දාලා තියෙන සටහන අද දවසේ ග්‍රහ ගමනේ තත්වය දක්වන දළ සටහනක්.. එතකොට මේ පහතින් දාන සටහනත් කන්‍යා ලග්න හිමි අයට මේ කියන පලාපල වලට උදව් කරගන්න පුළුවන් එකක්...


පොඩ්ඩක් ඔන්න ඔය සටහන  බලලා තම තමුන්ගේ උත්පත්ති කේන්දරවල සඳු.. එහෙමත් නැත්තං චන්ද්‍රයා ඔය ආකාරයට හිටලා තියේද කියලා බලන්න.. ඒ කිව්වේ උපතේදී සදු 2/3/4/8 කියන ස්ථාන වල හිටියනං මං මේ ඉස්සරහට කියන්න යන හොඳ කියන තරමටම බලාපොරොත්තු වෙන්ට එපා... ඔය ආකාරයට සඳු නැත්තං... මහ දශා අතුරු දශා අපලයක් එහෙමත් තදින් නැත්තං... දෙයියනේ කියලා ලෑස්ති වෙන්න මේ කියන හොඳ පැති ගැන විශ්වාස කරලා රේස් එක දුවන්ට...

හෙනහුරු තුන් වැන්නේ ගමන් කරන 2014/11/03 වැනිදා වගේ හිටං.. 2017/10/26 විතර වෙනකල් කාලයට අදාලව කන්‍යා ලග්න හිමියන්ට බොහෝම යහපත් වාසි හිමි කරගන්න පුළුවනි.. ඒ කිව්වේ බොහෝ හිතේ ප්‍රීතිය ඇති වෙන්න හැකි වෙන විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවා... තමාගේ වැඩ අනිත් අය විසින් කරලා දෙන අවස්ථා බොහෝමයි.. යන එන තැන තමාට උපකාර කරන්න උදවිය හිටීවි... ආර්ථික වාසිත් බොහෝමයි... ලෙඩ දුක් කරදර තිබුන ඒවා හොද අතට හැරිලා.. හොඳ කායික මානසික ශක්තියක් ඇතිව කටයුතු කරං යන්න පුළුවන්කම ලැබෙනවා.. රැකියා ස්ථානවල.. ගෙදර දොරේ තමන්ගේ බලය වැඩි වෙන කාලයක්.. ඒ වගේම මෙච්චර දවසක් තමන්ට කොකු දාපු.. බාල්දි පෙරලපු අය තමා ඉස්සරහා පරාද වෙන කාලයක් වගේම ඒ අයවත් තමන්ට උවමනා හැටියට හසුරුවන්න පුළුවන් තත්වයක් උදා වෙයි... සතුරන් පරාජය වෙනවා වගේම සතුරන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ඇති වෙනවා... අළුත් බලවත් යාළු මිත්තරයෝ ඇති වෙන්ටත්.. ඒ අයගේ ආධාර උපකාර හිමිවීමටත් පුළුවනි. තමන්ට අයත් වෙන්ට තිබුන ඒ් මොන මොනවා හරි ප්‍රශ්න හින්දා කල් යමින් තිබුන දේපල ආදිය බොහෝම පහසුවෙන් අයිති වෙනවා.. සමාජයේ පිළිගත් තැන්වල හැසිරෙන්නට අවස්ථා කරුණු යෙදනවා.. අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙන.. යම් යම් නිලතල නම්බු නාම හිමිවන...  කරන කියන වැඩ වලින් ලාබ හිමිවන... පවුලේ එකමුතුව ඇතිවෙන... දියුණුව ඇතිවන.. කලින් කරපු වැරදි අනං මනං වලින් නිදහස් වෙලා තමන්ගේ නම සුද්ද කරගන්න පුළුවන් වෙන.. යම් කිසි දඩුවමකට එහෙම ලක් වෙලා හිටියනං ඒ දඩුවම් නිමා වෙන... ඉඩ කඩම්.. ගෙවල් දොරවල් ආදියේ සංවර්ධන කටයුතු කරගන්න ලැබෙන.. නව ව්‍යාපාර.. රැකියා ආදිය හිමිවන.. කරන රැකියා..ව්‍යාපාර උස්ස තත්වයට පත්වන..තමන්ට සැපසේ සිටිය හැකි ස්ථාන වලින් බැහැර වෙලා වෙන වෙන තැන්වල වැටිලා හිටිය අයට නැවතත් තමාට හිමි.. තමාගේ පහසුව වැඩිවන තැන්වලට යාමට හැකිවන... පුරුෂයකුටනං ස්ත්‍රීන්ගේත්.. ස්ත්‍රීන්ටනං පුරුෂයින්ගේත් ඇල්ම බැල්ම ආදරය වැඩි වැඩියෙන් හිමිවන... විරුද්ධ ලිංගිකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වන.. කාලයක් කිව්වොත් හරි... ඒ විතරක් නෙවෙයි මේ කාලය විශේෂයෙන්ම අළුතින්ම ආරම්භ කරන්න බලාගෙන හිටිය ව්‍යාපාරයක් වේවා.. කර්මාන්තයක් වේවා.. එහෙමත් නැත්තං අළුතින් ගෙයක් දොරක් සෑදීමක් වේවා.. ඔය ඕනම ආකාරයක මතු දියුණුවට හේතුවන ලොකු ලොකු වැඩ ඕන එකක් ආරම්භ කරන්න හොඳම කාලයක්...  ඒ වගේ දේවල්වලදී වැඩිහිටි.. උසස්.. උගත් අයගේ ආධාර උපකාර හිමි වෙනවා වගේම අවසාණ අරමුණට ඉතාමත් කෙටි කාලයකදී ගමන් ගැනීමේ හැකියාව ඇති වෙනවා... පොළව සම්බන්ධව වැඩ කරන අයටනං දියුණු වෙන්න මේ තරං හොඳ කාලයක් තවත් නැති තරං...

ඔය ඇවිල්ලා හොඳ පැත්ත.. නරක ටිකක් හරි නැත්තං ඒක ලොකු අඩුවක් නෙව.. එ් හින්දා ඔන්න ඔහේ මේ ටික ගැනත් අවධානය යොමු කරං ඉන්න... ඔය කියාපු හොද ඔක්කෝම අස්සේ තමන්ට කරදරයක් හිරිහැරයක් වෙනවනං වෙන්නේ එකකෝ සහෝදර සහෝදරියෝ.. නෑනලා මස්සිනාලා වගේ අය හරහා එන දේවල්.. එහෙමත් නැත්තං දරුවන්ගේ පොඩි පොඩි මුරණ්ඩු වැඩ හින්දා වෙන අබග්ග.. එයිටත් අමතරව උසස් අධ්‍යාපන කටයුතු කරන අයට පොඩ්ඩක් විතර වරින් වර ඒවා අතහැරලා දාලා වෙන වෙන වැඩ ගැන බලන්න වෙන අවස්ථා යෙදෙන්න පුළුවන්... පොඩ්ඩක් පපුවේ උඩ කොටස්වල.. බෙල්ල හා කන් සම්බන්ධව අසනීප ගති වගේම පිරිමි උදවියගේ වෘෂණ කෝෂ ආශ්‍රිත ආබාධත් ස්ත්‍රීන්ගේත් යටි කයේ රෝගී තත්වයන් මතු වෙන්ට පුළුවනි.. (හා හා දැන් ඕක කිව්ව ගමන් පුරුෂ පාර්ශවය වෘෂණ අල්ලන්ට දුවන්ට ඕන නැහැ.. ඒ තැන්වල මෙයිට කලින් හිටං සුළු සුළු රිදීම් හෝ වෙනත් රෝගී ලක්ෂණ තිබුණ අය ටිකක් බල බල ඉන්නේ නැතිව පරීක්ෂා කරවා ගත්තනං ඇති.. අනිත් අය ඔව්වා පරිස්සං කරගන්න එහෙ මෙහෙ වද්දගන්නේ නැතිව... :D )

හරි ඔය තමා හොඳ නරක ඔක්කෝම.. ඔය ටිකට අමතරව ඉතිං කේන්ද්‍රයේ අනිකුත් ග්‍රහ ගමන් වල බලපෑමත් ඔය අතරට එන හින්දා ඉදිරි අවුරුදු තුන ගැන දළ වශයෙන් තව කරුණු කිහිපයක් කියන එක හොඳයි නෙව...

විශේෂයෙන්ම  ඔය කිව්ව හොඳ පැති වලින් වැඩි හරියක් දැනට මේ එකොලොස් වැන්නේ ගුරු ගමන් කරමින් ඉන්න ඉදිරි මාස අටක විතර කාලය තුලින් හොඳින් සිද්ධ වෙන්ට පුළුවන්... ඒ කාලය ලැබීම් පැත්තට බොහෝම හොදයි.. දියුණුවට ඉතාමත් හොදයි... ඒ වගේම ඔන්න අද ඉදලා ලබන මාසේ හය වෙනිදා විතර වෙනකල් හෙනහුරා එක්ක සිකුරුත් යෝග වෙලා තුන් වැන්නේම ගමන් කරනවා... ඒකත් හොඳයි.. දෙන්නා බොහෝම හොදට මිත්තරකං ඇති දෙන්නා.. දරුවන් එක්කලා සතුටු වෙන්ට.. දරුවන්ගේ දියුණුවට කරුණු යෙදෙන.. විනෝදයට බර.. තරමක් වෙනදාට වඩා සැහැල්ලු හිතක් ඇතිවෙන.. මාසයක් ගත කලෑකි. හැබැයි ඔය අතරේ දැනට රාහු ලග්නයේ ගමන් කිරීම ගනත් අවධානයෙන් ඉන්න ඕන.. කන්‍යාවට රාහු බොහෝම බලවත් අපූරු හිතවතෙක් වීම නිසා ඔය අනිත් අයට වගේ රාහු ලග්නයේ ගමන් කරද්දි වෙන අබග්ග ගොඩක් සිද්ධ වෙන්නේ නැති උනත් තරමක් වෙහෙස අධික ගමන් බිමන් 2014 මැද හිටලා 2016 ජනවාරි වෙනකල්ම යෙදෙන්න පුළුවන්.. ඒ වගේම දුර ගමන් බිමනුත්.. යෙදෙනවා.. රාහු කියන්නේ තනිකරම පිස්සු ගති ඇති කරවන හින්දා ටිකක් විතර ඔය කියාපු කාලේ ඇතුලත හිත චංචල කරවන එකත්.. වෙනදා තරමට හිතේ ඒකාග්‍රතාවය රඳවා ගන්ට අපහසු වෙන එකත් සාමාන්‍ය දෙයක්... නිකං හදිසි වෙලා පිස්සු වැඩ කරන්ට එහෙමත් හිතෙයි... පොඩ්ඩක් අති ධාවනකාරී වැඩ කරන්න ගිහින් කරදර වෙන්ට පුළුවන් හින්දා ඕනම වැඩකට සුදුසු කාලය අනිත් අයත් එක්කත් කතා බහ කරලා හදුනගෙන වැඩ කලාම හරි. ඒ වගේම කේතු හත්වැන්නේ ඉන්න හින්දා අනිත් අයගේ බස් අහද්දිත් ටිකක් කල්පනාවෙන් අහන්ට ඕන.. විශේෂයෙන්ම පුරුෂයෙක්නං බාරියාවගෙනුත්.. ස්ත්‍රියක්නං හස්බන්ඩාගෙනුත් ලැබෙන උපදෙස් ගැන ටිකක් කල්පනාවෙන් ඉන්ට ඕන... පොදුවේ දෙපාර්ශවයම ස්ත්‍රීන්ගෙන් ලැබෙන උපදෙස් ගැන ඒ හැටි විස්වාස නොකරන තරමට හොදයි... 

ලබන අවුරුද්දේ ජූලි මැද වගේ ගුරු දොලොස් වැන්නට යාමත් එක්ක ටිකක් විතර වියදං පැත්ත වැඩි වෙන්ට පුළුවන්.. හැබැයි ඒ වියදං අතරින් වැඩි හරියක් එක්කෝ දෙමාපියන් වැඩිහිටියන් වෙනුවෙන් කරන්න වෙන ඒවා.. නැත්තං තමුන්ගේ ඉගෙනීමේ කටයුතුවල වැඩි දියුණුවට කරන්න වෙන ඒවා... එහෙමත් නැත්තං ප්‍රධාන වශයෙන්ම අළුත් ව්‍යාපාර වගේ දේවල් වලට කරන අනාගත ආයෝජන වෙනුවෙන් කරන්න වෙන ඒවා... ඒ කරන වියදං වලින් තමන්ට පාඩුවක් වෙන්නේ නැහැ... විශේෂයෙන්ම ලබන වර්ෂයේ මැද ඉදන් වසරක් වගේ කාලයක් ඇතුලත වියදං කරන ඒවා පොලිත් එක්ක එයින් වසර දෙකකට පමණ පස්සේ තමුන්ට ආයේ ලැබෙන වර්ගයේ ඒවා...හැබැයි ගුරු 12 ඉද්දි හෙනහුරා තුන්වැන්නේ ගමන් කරනකොට දෙන්නා අතර ඇතිවන බැදීම තරමක් තම තමන්ගේ දෙමාපියන්ට වැඩිහිටි ඥාතීන්ට හොද මදි. ඒ වගේම දැනට ලග්න ගත රාහුත්.. හත් වැන්නේ කේතුත් 2016 ජනවාරි අග වෙද්දි කේන්ද්‍රයේ දොලොස් වැන්නට යාමත් එක්කනං ඔන්න තරමක් ආදායං නොලබන වියදං යෙදෙන්න පටන් ගන්නවා... හෙනහුරාගෙන් ලැබෙන හොදත් එයින් පස්සේ තරමක් බාල වෙන්ට පටන් ගනීවි. ලෙඩ දුක් අසනීප තරමක් යෙදෙන්ටත් එයින් පස්සේ පුළුවනි...

ඔය කරුණු ඔක්කෝම එකට කොටලා මිරිකලා ගත්තම දැන් පටන්.. ලබන වර්ෂයේ ජූලි මැදක් වෙනකල් කාලය බොහෝම හොඳය බවත්.. එතැන් පටන් දෙදහස් දාසයේ ජනවාරි අග වෙනකල් තත්වයත් හොඳ බවත්... දෙදහස් දාසයේ ජනවාරි අග ඉදන් දෙදහස් දාසයේ අගෝස්තු මැද වෙනකල්  නරකම නැති බවත්.. එයින් පස්සේ ටික ටිකක් හොඳ නරක දෙකම එක්ක දුවන කාලයක් බවත් කිව්වැකි... 

පොඩ්ඩක් මෙව්වා දාන්න පරක්කු උනාට අමනාප වෙන්ට එපාලා පුළු පුළුවන් හැටියට දාන්නං... කන්‍යාව ගැන මෙයිට කලින් ලියන්න හිතං හිටියට වෙලාවක් සැට් උනේ නැහැ.. පොඩ්ඩක් හිමිහිට ලියන්ට උවමනා හින්දා.. මොකද කන්‍යා ලග්නය කියන්නේ මට ටිකක් විශේෂ එකක්.. මගේ තාත්තණ්ඩේ.. මලයණ්ඩිගේ පටන් පවුලේ නෑදෑයින් වගේම මගේ පෞද්ගලික ජීවිතයේ එදා පටන් මේ වන තුරු හිටිය හිතවතුනුත්වැඩි දෙනෙක් කන්‍යා ලග්න කාරයෝ... මං ඉතිං ඒ හින්දා ඔය මේෂ ලග්නය ඇරුනම කන්‍යා ලග්නය ගැනත්.. එයට අමතරව වෘශ්චික ලග්නය ගැනත් වැඩි උනන්දුවක් තියෙනවා... ඒ උනාට ඉතිං ඊ ළගට ලියන්න වෙන්නේනං සිංහ ලග්න කාරයෝ ගැන... සිංහයෙන් පස්සේ වෘෂභද වෘශ්චිකද කියන ප්‍රශ්නය තාම තියෙනවා.. මොකද ඒ දෙකෙටම එක හා සමානව ඉල්ලීම් ගොඩක් බ්ලොග් එකේ වගේම වෙන වෙන මාර්ග වලිනුත් එන හින්දා... තව දුරටත් ඔහෙලගෙන් ලැබෙන ප්‍රතිචාර මත අපි බලම් සිංහයෙන් පස්සේ මොකක්ද කියලා... එහෙනං අදට  ඔය ඇතිනේ... ටටා බායි වේවා..! :D

31 comments:

  1. සයන ක්‍රමය භාවිත නොකර නිරයන ක්‍රමය ප්‍රයෝගිකව හරි කියා අපේ අය අතර මතයක් තියනවා නේද? එය ප්‍රයෝගිකව ඔබ දැක තියේද?

    ReplyDelete
    Replies
    1. ඇයි බාන් කලුවෝ. උඹම නේද පහුගිය සැරේ මේක තිරශ්චින විද්‍යාවක් කිව්වේ ?? අනේ මන්ද. මෙව්වට පලු යන්න බනින උන්ම තමා හිමිං සැරේ පස්ස දොරෙන් ගිහිල්ල සැරේ ටම මෙව්වා කරන්නේ. :)

      තම්බි මිනිස්සු කට ඇරියොත් අල්ල ඇරෙන්න වෙන එකක් නැහැ. හැබැයි මම පහුගිය දොහේ කුරුනෑගල ප්‍රසිද්ද කාලි කෝවිලකට ගියා. මෙන්න බොලේ එතන කට කපල ඉන්නේ තම්බි නින්ජා ගෑනු.... කාලි යැද යැද පොල් ගහනවා . ලංකේය සමාජය පුරෝලම තියෙන්නේ කුහක කම. :P

      Delete
    2. @මහසොහොන් පිල්ලිය
      මම මෙතන ජොතිශය හරි කියලා තියේද? නැහැ නේ. මම අහලා තියෙන්නේ ඔය මාරයා භාවිතා කරන නිරයන ක්‍රමය අනුව කියන අනාවැකි ප්‍රයෝගිකව සත්‍ය බව ඔහු දැක ඇත්ද කියා මිස. එය මම පිළිගන්නා බව නොවේ. මාරයා තවම මෙහි කිසිම කමෙන්ට් එකකට පිළිතුරු නොදෙන්නේ. මෙම ප්‍රශ්නයට ඔහුට පිළිතුරක් නැති නිසාද?

      Delete
  2. යකූ මාරයා මාරයිනේ..:O
    මේක ඇත්ත එකක්නේ..! මම හිතුවේ විහිළුවක් කියලා කියවගෙන යද්දි තමයි තේරුම්ගත්තේ ඇත්ත කියලා...:D
    මටත් ඉතිං ඕක විශේෂයි.ඒක නිසා තැන්කූ වේවා! :)

    ReplyDelete
  3. "පුරුෂයකුටනං ස්ත්‍රීන්ගේත්.. ස්ත්‍රීන්ටනං පුරුෂයින්ගේත් ඇල්ම බැල්ම ආදරය වැඩි වැඩියෙන් හිමිවන... විරුද්ධ ලිංගිකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වන.. කාලයක් කිව්වොත් හරි..."

    මාර දෙයක් තමා වෙන්න යන්නෙ

    ReplyDelete
    Replies
    1. @ Tissa, //මාර දෙයක් තමා වෙන්න යන්නෙ//


      //පිරිමි උදවියගේ වෘෂණ කෝෂ ආශ්‍රිත ආබාධත් ස්ත්‍රීන්ගේත් යටි කයේ රෝගී තත්වයන් මතු වෙන්ට පුළුවනි..//

      Delete
    2. කවදාවත් මිනිස් මොළේ වගේ වැඩකරන ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ස් එකක් හදන්න බැරිවෙයි කියල හිතෙන්නෙ මෙන්න මේ වගේ කාරණා හින්ද ප්‍රා ජේ! මුලින් කිසිම සම්බන්ධයක් නොපෙනුන කාරණා දෙකකට සම්බන්ධයක් හැදුවනෙ ප්‍රාජේ !! :-)

      Delete
  4. බලමු කොයිතරමක් ඇත්ත වෙයිද කියල.

    අර උප්පත්ති කේන්දරෙයි පස්සෙ වයසට ගියාම ඕක අවුරුද්දෙන් අවුරුද්දට වෙන වෙනම කේන්දරයි හදනවද?

    ReplyDelete
  5. මේක වැඩක් නෑ බං. කන්‍යා කාරයෙක් අහලකවත් නෑ. අඩුම ගානෙ කටකවත් උනානං බලාගන්න තිබ්බ.

    ReplyDelete
  6. බොල මාරයියේ මේක නම් ඇත්තම තමයි. මටත් කෙල වෙන්න පටන් ගත්තේ ඔය 2006 ඉවර වෙච්ච කාලේ ඉදන් තමා. එදා ඉදන් අද වෙනකම් කචල්ම තමා. කොහොමින් කොහොම හරි කමක් නෑ මේ ටිකේ රස්සාව හැටියට කරපු ඉන්ටවිව් යන එකවත් මේකෙන් පස්සෙවත් නවතිනවා නම්. ^_^

    ReplyDelete
  7. මේවා විශ්වාස කරන නොකරන එක වෙනම වැඩක්. හැබැයි මාරයෝ 2006-2009 අන්ත පරිප්පුවක් කාපු කාලයක් හැම පැත්තෙන්ම. සත්තයි.

    ReplyDelete
  8. Oba 'anujanami bhikkhawe nakkhatthan lesa kala statement ekata karunakara reference denna, meya mama buddha bhashithaye.daka nathi deyaki, thx

    ReplyDelete
  9. අනුන්ගෙ ග්‍රහචාරෙන් ගොඩ යන්න ක්‍රමයක් හදාගන්න මේ ලිපිපෙල උපකාර කරගන්න ඕනෙ. දැන් office එකේ උන්ගෙ ලග්න ටික හොයාගෙන ගේම පටන් ගන්න ඕනෙ.
    - අපි හදවතින්ම ලාංකිකයි -

    ReplyDelete
  10. Replies
    1. මාරය, බොට ඉන්න හම්බුවෙන්නෙ නෑ, මේ ගෑණු උදවිය මිථුන ප්ලීස් කියනව. එක අතකට අපිට ඉරිසියයිත් එක්ක. මූත් නිකන් දයාසිරි වගේ වෙලානෙ දැන්...පුහ්!

      Delete
    2. මූට හෙට අනිද්ද බොඩිගාඩ්ලත් ගන්න වෙයිද දන්නෑ.

      Delete
    3. රෑ අහසේ තරු දිළෙන තරම්...
      මා මනසේ ඔබ ‍රැ‍ඳෙනවනම්...
      විශ්වයේ නම් නොවේ තවත්-මෙවන් සැනසුමක්..
      හදට උණුසුමක්...

      ගායනය - ගයන්ත පෙරේරා

      Delete
  11. මාරයාගේ කන්‍යාව

    ReplyDelete
  12. මේක මගේ ලග්නෙ ලොකු මාමෙ...මහ රජතුමාත් මේ ලග්නෙම තමයි...බලා ඉමු...මොකෑ වෙන්නෙ කියලා.....මාර ජෝතිෂ්‍ය සේවයට මාගේ ප්‍රණාමය....

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්..... ඒ කාලේ මතක් උනා.... සැහැල්ලුවෙන් මාර ජෝතිෂ්‍ය බස් පැදපු හැටි....... ආයේ කොහෙන්ද එහෙම කාලයක්......
    දැන් නම් තිත්තයි ජීවිතෙත්......

    ReplyDelete
    Replies
    1. හෆ්ෆට සිරි!! මෙන්න එම් එස්!!!

      Delete
    2. තිස්ස ලොකු අයියට මං දැක්කම හෙනහුරා අමතක උනැයි????

      Delete
  14. ඔයා ලියන විදියට මමත් හරි කැමතියි. නිතරම ඔයා ලියන දේවල් බැලුවත් අද තමයි මෙහෙම ලියන්න අවස්ථාවක් ලැබුනේ.
    මාගේ ලග්නේ නම් ධනු. ධනුවට හොද නැහැ කියලත් මම දන්නවා.හොද දසාවක් එක්ක මෙහෙම ලග්න ඒරාශ්ටකයක් ලැබුවම මොකද වෙන්නේ සහොදරයා. උදාහරන විදියට බ්රාහස්පති, සිකුරු දසාවක් වගේ.
    ධනු ලග්න පලාපලෙත් බලන්න කැමැත්තෙන් ඉන්නවා.
    ඔයා විසින් ලබා දෙන මේ සේවාවට ස්තුති කරන්නත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

    ReplyDelete
  15. අපේ උන්දා මේක කියෝලා හිතට ගත්තේ , උඩ පැන පැන සතුටු වෙන්නේ මේ ටිකට විතරමනෙ.

    විරුද්ධ ලිංගිකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වන.. කාලයක් කිව්වොත් හරි..

    අපරාදේ මම මේක පෙන්නුවේ
    මොනවා උනත් මාර පලාපල මාරයි මරයා අයියේ.

    ReplyDelete