06 November 2014

සෙනසුරු මාරුව 2014 නොවැම්බර්... මීන ලග්නය...


හැමදාම මොනවා හරි එකක් ගැන ලියන්ට ගියොත් මේෂ ලග්නයෙන් පටන් අරගෙන මුල එකක් දෙකක් කියල දාලා අවසාන හරිය දාන්නේ නැහැ කියලා හෙන චෝදනාවක් එල්ල වෙලා නෙව.. කාරණාව ඇත්ත ඉතිං.. චෝදනාව වැරදිත් නැහැ... :D

ඔය මොන මොනවා හරි වෙලාවක් තිබිලා ලියන්ට පටන් ගත්තට ආයෙම කම්මැලි හිතුනම හිටි හැටියේ අල්ලලා දාන හින්දා දැන් විඩයක් දෙකක් ඔය අසාධාරණයට ලක් වෙච්ච ලග්න හිමියන්ට සාධාරණයක් වෙන්ටත් එක්කලා මං කල්පනා කලා මේ පාර පිළිවෙල කඩන්ට කියලා... ඒ හින්දා ඔන්න මේෂ ලග්නය ගාවට තියෙන වෘෂභ ලග්නය ගැන නොදා ලග්න දොළහින් අවසානෙටම වැටෙන මීන ලග්නයට අත තිබ්බා... ඒ ඉතිං හැමදාම අවසානයට ඉන්න අයට වෙන අසාධාරණයට පිළියමක් හැටියට.. මෙයින් පස්සේ ලියන්ට ඕන මොන ලග්නය ගැනද කියලා ඔහෙලා කියන හැටියක් බලලා ලියඤ්ඤං.. ඒ කිව්වේ වැඩිම ඉල්ලීමක් තියෙන ලග්නයට ඊ ළග අවස්ථාව දෙඤ්ඤං.. ඒ තමා මට කොරන්න පුළුහං සරලම ෂාධාරණ කොරමය.. අවුලක් නැහැනේ..? :D


හරි එහෙමනං අපි බහිමු අද කාරණාවට... මීන ලග්නය...

රයිටෝ ඔන්න මේ පාර සෙනසුරු මාරුවෙන් හරි ගිය උන්දලා... :D
ඒ කිව්වේ මෙච්චර කාලයක්... මෙච්චර කාලයක් කිව්වේ පහුගිය අවුරුදු තුනක විතර කාලයක් මේ උදවියගේ කේන්දරයේ අට වැන්නේ.. එහෙම නැත්තං අපි කලින් ලිපියෙ විස්තර කොලා වගේ මාරක ස්ථානයේ තමා හෙනහුරා හිටියේ... 

දැන් ඉතිං මේ හෙනහුරාගේ මාරුවත් එක්කලා උන්දැ ඒ හිටිය මාරක ස්ථානයෙන් අහක් වෙලා... ඔන්න ආවා කේන්දරයේ නව වැන්නට.. එහෙමත් නැත්තං...භාග්‍යස්ථානය.. එහෙම නැත්තං පුන්‍යස්ථානය කියලා අපි හඳුන්වන .. හෙනහුරා නෙවෙයි ඔය ඉන්න ඕනම ග්‍රහයෙක් තමුන්ගේ තියෙන හයිකාරකං අතෑරලා සිල් ගන්න සෙට් කරවන තැනට... සාමාන්‍යයෙන් හෙනහුරාට නෙවෙයි ඔය ඕනම ග්‍රහයෙකුට නව වැන්න නරකක් නැහැ. විසේසයෙන්ම මේ ගෝචර කේන්ද්‍රයටත් වඩා... (ගෝචර කේන්ද්‍රය කිව්වේ ඒ ඒ කාලයට ග්‍රහයෝ ගමන් ගන්නා ආකාරය දක්වන කේන්දරයට කියලා සරලව හිතා ගන්ටකෝ.. ) උත්පත්ති කේන්දරයක.. (ඒ කිව්වේ කෙනෙක් උපන් වෙලාවට හදා ගන්න කේන්දරය..) නව වැන්නේ යෙදෙන කොයි ග්‍රහයා උනත් නරකක් කරවනවා අඩුයි... විසේසයෙන්ම උත්පත්ති කේන්දරයක විසේස අවුලක් නැත්තං හෙනහුරාට එහෙම හොඳම තැනක් තමා නව වැන්න... කේන්දරයක තියෙන අන්තිම නස්කූනි තැන අට වැන්න විදිහටත්.. අන්තිම හොද තැන නව වැන්න හැටියටත් තමා කියැවෙන්නේ..

හරි ඉතිං මෙතුවක් කාලයක් ඒරාස්ටකයකින් පීඩා විඳිමින්.. කායිකව.. විතරක් නෙවෙයි මානසිකවත් වැටිලා.. අත පය කඩාගෙන හිටිය උන්දලට යන්තං ඔන්න සේලයින් පාරක් වදින්න පටන් ගන්නේ දැන් තමා...

හැබැයි ඉතිං අපි එක පාරටම ඒරාස්ටකයක් ඉවරයි කියලා උඩ පැනලත් බැහැ.. ටිකක් හොයන්ට එපෑ හෙනහුරා හිරෙන් නිදහස් වෙද්දි අනිත් උන්දලා කොහේ කොහේ වැටිලද කියලා... ආන්න එහෙම බලද්දි අපිට පේනවා ගුරු ඉන්නවා කේන්දරයේ පස් වැන්නේ.. කෙහෙතා ඉන්නවා ලග්නයේ.. හතේ රාහු... දැන් ඉතිං මේ හෙනහුරා නිදහස් වෙච්ච වෙලාවේ අනිත් උන්දලත් ඉන්න කියන තැන් බලලා තමා දෙයක් කියන්ට ඕන... එහෙම නැතුව හෙනහුරාගෙන් විතරක් ඔක්කෝම පලාපල කියන්ට ඇහැකිනං අහවල් එහෙකටයෑ අනිත් අට දෙනා..? :D

රයිටෝ ඔන්න මං ෂෝට් කට් එකක් ගහනවා.. ඒ කිව්වේ අනං මනං වැදි බයිලා නැතිව කෙටියෙන් ඉදිරියට වෙන්ට ඇහැකි ටික පොදුවේ කියනවා.. හැබැයි මේ දේවල් තම තමුන්ගේ උත්පත්ති කේන්දරවල තියෙන යම් යම් යෙදීම් හින්දා එහෙට මෙහෙට වෙන්ට ඇහැකි ඒවා.. ඒ හින්දා මං මේකේ හොදයි කිව්වා කියලා  හෙට ඉඳන් කටට කඩං පාත් වෙයි කියලා උඩ බලං ඉන්ටවත්... මං කරදරයි කිව්වා කියලා නිකටේ අත ගහං හෙන හත ගැහිලා වගේ බලියං ඉන්ටත් ලෑස්ති වෙන්ට එපා... මේ ඇවිල්ලා සරල පොදු කාරණා කිහිපයක් විතරයි... මේ කොයිකත් වෙනස් වෙන සුළු.. වෙනස් කල හැකි දේවල්.. ඒන කරන්නේ සිහි බුද්ධිය විතරයි...

ඉතිං ඉදිරි කාලය ගැන කියනවනං මේ වෙද්දි ගුරු පස් වැන්නේ ඉඳන් නව වැන්නට ත්‍රිකෝණීව තියෙද්දි ඒ ත්‍රිකෝනෙටම අහු වෙන්න කෙහෙතත් ලග්නේ ඉන්න හින්දා... මෙතුවක් දවස් තිබුන බාධක කම් කටොලු රාසියක් අහක් වෙලා යන අතරේ.. කාලයක් තිස්සේ ලෙඩ දුක් අසනීප වලින් කිසිම සහනයක් නැතිව හිටි අයට ඔන්න ටිකින් ටික ඒ ලෙඩ දුක් දුරු වෙලා හිමි හිමිහිට සනීප ගතියක් ගතට හිතට දෙකටම දැනෙන්ට පටන් ගන්නවා. හැබැයි කෙහෙතා ලග්නේ ඉන්න හින්දා තව අවුරුද්දක විතර කාලයක් යනකල් වැඩි සිල්ප දැක්විලි වලට යන්ට නාකයි.. ටිකක් පාඩුවේ තමන්ගේ වැඩක් බලං ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගන්න අතරේ සාමකාමී කාලයක් ගත කරන එක තමා යහපත්.. අනිත් පැත්තෙන් අටෙන් හෙනහුරා අහකට පැන්නට තාමත් අට වැන්න තියෙන්නේ රාහුටත් හෙනහුරාටත් මැදි වෙලා.. ඒ හින්දා අතරින් පතර පොඩි පොඩි අසනීප තත්ව මතු වෙන්ටත් සුළු ඉඩ කඩක් තියෙනවා... ඒ හින්දා වැඩි දැගලිලි ඕනම නැහැ... දෙදහස් දාසයේ මුල පැන්නට පස්සේ ඉතිං දෙයියනේ කියලා ලෙඩ දුක් වලින් බොහෝම ඈත් වෙලා හිටියැකි...

 ඒ වගේම දැන් ඉතිං ඉස්සරට වඩා පිං අතේ වැඩ කරන්ට හිතෙන වගේම එහෙම කොරගන්ට ඉඩ පහසුකං ලැබෙන කාලයක්.. ටිකක් දුර ගමන් බිමන් එහෙමත් අතරින් පතර වැටෙයි.. හැබැයි 2016 ජනවාරි වෙනකල්ම වැඩියම ඇවිදින්න වෙන එකක් නැහැ.. එයින් පස්සේ අවුරුදු දෙකක් විතරනං ඉතිං හොද හොද සවාරි ටිකක් ගැහියැකි...

පහුගිය කාලේ අත පහු වෙවී තිබුන වැඩ ඔන්න ටිකෙන් ටික පිලිවෙලක් වෙලා කර ගන්ට හම්බ වෙනවා... විසේසයෙන්ම මේ මුල් කාලය.. ඒ කිව්වේ දැන් හිටං ලබන වරුසයේ ජූලි විතර වෙනකල් කාලය ඉගෙනීමට ටිකක් බර දාලා වැඩ කරන අයට හොඳ ප්‍රතිඵල ගන්ට ඇහැකි කාලයක්... වෙනදට වඩා සිහි කල්පනාව පහල වෙලා... මතක ශක්තිය හොද වෙලා... යහපත් අධ්‍යාපනයකට මේ මුල් කාලය හොදයි... ලබන අවුරුද්දේ ජූලි වලින් පස්සේ ටිකක් විතර දැන් ඇති වෙන ගැම්ම අඩු වෙලා දෙදහස් දාසයේ වර්ෂයේ මුල් සති දෙකෙන් විතර පස්සේ සෑහෙන්න අඩු වෙලා යයි.. එ් හින්දා ඉගෙන ගන්න අය මේ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරං පුළුවන් තරං ඉගෙනීමට තැන දෙන්ට ඕන... 

එතැනින් ගියාම මේ මුල් මාස අටක නවයක කාලය දූ දරුවන් ඉන්න අයටත් තමන්ගේ දූ දරුවන් ගැන හිතලා සංතෝස වෙන්ට පුළුවං කාලයක් වෙයි... දරුවන්ගේ දියුණුව සැලසෙනවා වගේම ඒ අයගේ තිබුණ දුර්වලතා එහෙම සෑහෙන්න අඩු වෙලා යන්න ඉඩ කඩ සැලසෙනවා... විශේෂයෙන්ම අසනීප ගානේ එහෙම හිටිය දරුවෝ එහෙම සුව ලබන අතට හැරෙනවා... ටිකක් කචල් දාන ළමයි උනත් වෙනදට වඩා සිල් ගත්ත පූසෝ වගේ හිටීවි... හැබැයි තමන්ගේ වැඩි මහල් කල වයස සම්පූර්ණ වෙච්ච දරුවෝ තමන්ගෙන් ටිකක් ඈතට යන්නත් මේ කාලය තුලදී කරුණු සැලසෙනවා කියලත් කියන්න ඕන.. ඒ තත්වය මේ ඉදිරි අවුරුදු තුනක විතර කාලයම පවතිනවා.. එව්වා ඉතිං නරක දේවල් නෙවෙයි.. ළමයි ලොකු උනාම ඉතිං ඉගෙනීමට.. රස්සාවට.. පරස්තාවට යොමු වෙන්ට එපෑ... එකම දේ එහෙම වෙන් වෙලා යන්ට තනන ළමයින්ට යන ගමන ෆිට් එකේ යන්ට උදව් කරන එක තමා.. එව්වට කචල් නොදා.. එහෙම කචල් දාන්ට ගියොත්නං ළමයි තමන්ගෙන් ඈතට ගතින් විතරක් නෙවෙයි හිතිනුත් යන්ට යයි... 

රැකි රක්ෂා පැත්ත ගැන කල්පනා කලොත් හෙම කරමින් හිටිය රැකි රක්ෂාවල තිබුන වෙහෙස කාරී ගතිය අඩු වෙන්ටත්... ප්‍රමාද වෙමින් තිබුන රක්ෂා.. උසස්වීම්.. ස්ථාන මාරුවීම් වගේ දේවල් තමන්ට උවමනා හැටියට කර ගන්නත් ඉස්සරහා කාලේ හොදා...

හරි දැන් එතකොට ළමයි ගැන කිව්වා.. ඉගෙනීම ගැන කිව්වා... රස්සාව ගැන කිව්වා.. සවුක්කිය ගැනත් යන්තං කිව්වා.. එතකොට තව මොනවද ඉතිරි.. ආ මංගල කටයුතු.. පෙරේම සම්බන්ධතා... විවහා ජීවිතේ වගේ එව්වා...

හරි ඒ ගැන කිව්වොත් මේ වෙද්දි රාහු හතේ ඉන්නේ.. මොනවා උනත් මීන ලග්න කාරයගේ හත ඇවිල්ලා කන්‍යා රාසිය නෙව.. කන්යාවට රාහු නරක එකෙක් නෙවෙන හින්දා වැඩි කරදරයක්නං නැහැ... හැබැයි ඉතිං මගුල් පරස්ථා ගැන පොඩි දෙගිඩියාවක් ඇති වෙන්ට ඇහැකි.. කොටින්ම කිව්වොත් විවහා ජීවිතේ ගැන වේවා.. පෙරේම සම්බන්ධතා ගැන වේවා... මංගල යෝජනා ගැන වේවා.. ඔය එනි වෙඩිං එකක් ගැන ගත්තම පොඩ්ඩක් විතර හිතේ සැක සංකා උපදින.. හරි තීරණයක් ගන්ට බැරි කම හින්දා වැඩ අනා ගන්න... පොඩි පොඩි අප්සට් සීන් ටිකක් වෙන්ට ඇහැකි කාලයක් තමා... එව්වා ඉතිං මහ බරපතල සීන් නෙවෙයි... ඔය බාරියාව හෝ සුවාමි පුරුසයා ගැන පොඩ්ඩක් හැකේට හැකේට බැලීම.. යාළු වෙලා ඉන්න එකා හරි එකී හරි දිහා හුරහට බැලිල්ල.. ඕනවට වඩා සැක කිරිල්ල වගේ දේවල් හින්දා පොඩි පොඩි කචල් දාගන්න වැඩ වෙයි.. ඔව්වා ඉතිං මහ දේවල්යෑ... ටිකක් ඉවසලා කරලා හිටියම බේරුං කර ගන්ට ඇහැකි සීන්.. ඒ හින්දා එව්වා අල්ලලා දාමු.. ආ එකම එකක් විසේසයෙන් කියන්ට ඕන ලබන අවුරුද්ද ඇතුලත කේලං අහන්ට යන්ට එපා.. කේලං අහලා වැඩ කරන්ට ගියොත්නං මගුල් අවමගුල් වෙයි... ඒ තරං ලනු ටිකක්නං හම්බ වෙන්ට ඇහැකි..  එහෙම නැතිව අනුන්ගේ වෙඩිං අපට මොටෝ කියලා හිටියනං පවුල් ජීවිත.. පෙරේම සම්බන්ධතා.. ආදියට වෙන කරදරයක් නැහැ... ඒ වගේම දරු සම්පත් එහෙම අපේක්ෂා කරන අයටත් 2015 හොඳ අවුරුද්දක්... 2016/2017 ට වඩා...

ඒ වගේම විදෙස්ගත වෙන්න එහෙම බලං ඉන්න අයටත් කාලය හොදයි.. සෑහෙන කාලයක් රටින් පිට වෙලා ඉන්න අයට නැවත තමන්ගේ ගං රටවල් වලට එන්නත් ඒ වගේම හොදයි... හවුල් ව්‍යාපාර වලට අත ගහන්න එහෙමනං තාමත් කාලය ඒ හැටිම හොඳ මදි... හැබැයි තනියම කරන දේකට නරකක් නැහැ. පොත පත ආශ්‍රිත දේවල්වලට යොමු වෙලා ඉන්න අයට තම තමන්ගේ ඒ හා සම්බන්ධ දේවල් දියුණු කරගන්ට පුළුවන්කම ලැබේවි... සමාජසේවා වැඩටත් බොහෝම හොඳ කාලයක්.. හැබැයි රණ්ඩු වලට යාමත්.. තරඟකාරී දේවල්වලට යාමත් බෙල්ල නැතිව ගෙදර එන්න හේතු වෙයි...  ඒ හින්දා තමන්ගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න මීන ලග්න කාරයින්ට කරදරයක් නැතිව දියුණුවට ගමන් ආරම්භ කරන්ට ඇහැකි මෙයින් ඉස්සරහට...

නරක පැත්ත ගැනත් ටිකක් කතා කලොත්... හවුල් වැඩට යාම කෙලවිමට හේතුවකි... තරඟයට යාමත් එසේමය... වැඩි පිරිසක් හා සම්බන්ධ වෙලා කරන වැඩත් අගුණය... වලිනං ඉතිං අගුණය.. මීන ලග්න කාරයෝ පොඩිම හරි රණ්ඩුවලට ගියොත් දවසක් හරි හොස්ස පිටල් තමා... තමන්ගේ වත්ත බලං පාඩුවේ පිනක් දහමක් කරං ඉන්නවනං එච්චරයි. එයිට අමතරව මෙච්චර කාලයක් යාළු වෙලා හිටිය උන්දලා ටිකක් තරහා වීමත්.. තමන්ගේ ගෝල බාලයෝ තමන්ගෙන් අතෑරිලා යන එකත් වෙන්ට ඇහැකි... ඒ වගේම පහුගිය කාලේ ලග හිටියේ නැති..කූඩැල්ලෝ වගේ වාසියට විතරක් එල්ලෙන උන් ටිකක් ආයෙම තමන්ට කිට්ටු වෙන්න එයි.. එව්වා ඉතිං එල්ල ගන්නවද නැද්ද කියලා තමන් එපෑ තීරනය කරන්ට... :D

හරි ඔව්වා ඔන්න ඔහොමයි.. පොදුවේ ගත්තම තිබුන කරදර අඩුවෙලා ක්‍රමයෙන් හොද අතට ජීවිතේ කැරකෙන කාලයක් තමා මේ ආරම්භ උනේ... උවමනා කරන්නේ පරක්කු උන වැඩ අළුතින් පටන් අරං කාගෙන ඉස්සරහට දුවන එක තමා... කරදර බාධක අඩු.. ගමනට පහසු කාලයක් ලැබුවා කියලා හිතලා දුවන්ටයි තියෙන්නේ...

සුළු සුළු අපල තියේනං ඒවා දුරු වෙන්ටත් කියලා දාන මාන පිංකං එහෙම කිරිල්ල බොහෝම හොදයි.. ඒ ඇර ලෙඩ දුක් කුෂ්ඨ රෝග තියෙන මනුෂ්‍යයින්ට වගේම සතුන්ටත් ප්‍රතිකාර කිරීම බොහෝම ගුණ දෙන වැඩක් මේ පලවෙනි අවුරුද්ද ඇතුලත...

ඔය මදෑ නේද.. යන්තං ඔන්න ලග්න දෙකක් ගොඩ දාගත්තා.. තව දහයක් තියෙනවා නෙව... හප්පා... තව දෙක තුනක්වත් ගොඩ දාගන්ට මට ඇහැකි වේවා.. ! :D

61 comments:

  1. makaraaa ehema nadda...???? :D

    ReplyDelete
    Replies
    1. makara lagne ganath liyanna.

      Delete
    2. දැනටනං ඔන්න මනාප දෙකක් තියේ.. බලමු මකරෙට වැඩියෙන් මනාප තිබුනොත්...

      Delete
  2. අඩෝ කටක ලියපන්කෝ ...ලබන අවුරුද්දේ මොන රටේ ඉඳියි ද කියන එක දැන ගන්න වෙන විදියක් නෑ ... චීන්නු විස්වාස කරන්න බෑ ...

    ReplyDelete
  3. ජනවාරි වෙනකොට කන්‍යා ලග්නය ගැන කියන්ට ඉතිරි කරගන්ට ;-)

    ReplyDelete
    Replies
    1. ආ හදිසියක් නැත්තං එහෙම කොරමු.. :D

      Delete
    2. කල්යනව වැඩි......

      Delete
    3. ///ආ හදිසියක් නැත්තං එහෙම කොරමු.. :D///
      පඩික්කම ලඟ පාතද....නියම ගුරු ටෝක් එක!!

      මාරයෝ.... මාත් ඒකේ. ලියන වෙලාවක ලියපන්.

      අපේ දුවගේ මීන කතාව ගෑණි දැක්කා. හරියටම හරිලු. ඇයි බන් මේ ගෑණු ඕවා පටස් ගාලා ඔලුවට ගන්නේ. කවදාවත් නැතුව මෙන්න දැන් අම්මට කතා කරලා ඔය වේලපත්කඩ එවන්නලු. උඹත් දාන ලෙඩ. යකෝ මායි මෙච්චර කල් කට්ට කාගෙන ගේම ගෙනිච්චේ. මරු සීන් එක බන්. මමත් නිකන් ආතල් වෙලා පහුගිය එකයි මේකයි කියවලා. තෝ නම මාරයෙක්ම තමයි.

      Delete
    4. ඔං අපිත් ගොඩ උනා තිස්ස මහත්තයාගේ තිරික්කලේට :P

      Delete
    5. මසොපි, මරාත් ක්න්‍යා ලු මචෝ :-)

      Delete
    6. එහෙමයි ... . මරා විතරක් නෙමෙයි , ජේ.ආර් , මැතිනි , දහනායක , සර් ජෝන් කොතලාවලත් කන්‍යා තමා. මොකෝ කියන්නේ උන්නැහේලා ටිකත් ගම්මුද තිරික්කලේට ? :)

      Delete
    7. අඩේ සිරා??? දැනං හිටියේ නෑ ඇත්තටම!
      ගහගමු පින්තූර ටික වටේ
      [පොඩි රිසර්ච් එකකට වගේ උන්නැහෙලගෙ කේන්දර ටික සොයාගන්න පුලුවන්නම් මරු ඈ!]

      Delete
    8. කන්නවට මේ වෙද්දි මනාප හතරක් තියේ... අපි බලමු...

      Delete
  4. වැඩි චන්දෙටනම් ඊළඟ එක ලියන්නේ, මම වෘශ්චික..!!

    ReplyDelete
  5. අපි සිංහ වංශයේ ඔබ ?

    ReplyDelete
    Replies
    1. දැනට...

      මකර 2
      කටක 1
      කන්‍යා 1
      වෘශ්චික 1
      සිංහ 1

      බලමු තව ටිකක්... :D

      Delete
    2. ඔන්නොහේ මකරා ගැනම ලියන්ට මාරයියෙ.... මාත් මකරනෙ... ;)

      Delete
    3. සිංහ වලට එක මනාපයයි
      කටක වලට එකයි :-)

      Delete
    4. ඇයි අපිත් සිංහ වංශයේ ...

      Delete
    5. සිංහයට මනාප තුනයි මේ වෙද්දි

      Delete
    6. ඇයි මම? මමත් සිංහ වංශයේම තමයි...... එතකොට මනාප හතරයි. මගෙ සහෝදරයත් සිංහ නිසා මනාපම පහක් තියෙනවා මාර මලයෝ...

      අනේ මලයො ඔය ලියනකොට සෙනසුරු දසාව ඇත්තන්ට මොකෑ වෙන්නෙ කියලත් දාන්ට මොකද මේ දවස්වල හතේ හත වැදෙනව කියල නොවැ කියන්නෙ.....

      Delete
  6. ආ..මං ගොඩ. එන්න එපා තොපි එකෙක්වත් වලියට එහෙම හරිය. එහෙම ආවොත් මං යනවා හොස්පිටල්.

    ReplyDelete
    Replies
    1. සද්දේ වහලා හිටහං එහෙනං ඈ.. :D නැත්තං අපි නිකං හරි වලි ඇදලා ගන්නවා... :D :D :D

      Delete
  7. අපේ ගෙදරත් මීන ලග්න කාරියක් ඉන්නවනෙ, බලමු.

    ඇත්තටම මේක කියෝන ධනු කාරයො නැද්ද. නැත්තං උං දැනටම බය වෙලාද?

    ReplyDelete
    Replies
    1. ආසාවට වෙන එකෙක් නැහැනේ.. :D

      Delete
  8. සිංහ වලට එක මනාපයයි
    කටක වලට එකයි :-)

    ReplyDelete
    Replies
    1. මේක හොර චන්දයක්.. කලිනුත් මේක දාලා තියෙනවා මං දැක්කා.. :D

      Delete
  9. "නක්ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්ස නක්ඛන්තං
    කිං කරිස්සන්තී තාරකා"


    "මෝඩයා ජො‍යාතිශය පසුපස ගොස් නැකත් බලමින් ඔහුගේ කටයුතු පමා කරගනී.
    යමක් කිරීමට සුදුසු වෙලාව එයට සුදුසු නැකතයි.
    මේ තාරකා වලට ඔබට බලපෑමක් කලහැක්කේ කෙසේද?"

    බුදුන් වහන්සේ

    ReplyDelete
    Replies
    1. මෙන්න නුවනක්කාරයෙක් ඇවිල්ල :P

      Delete
    2. හා හා කලබල වෙන්න එපා.. මේ මහත්තුරු බුදු හාමුදුරුවෝ කිව්ව විදියටම ජීවිත හදාගත්ත දවසට මාත් මේක අතෑරලා දාන්නං.. මමනං දැනටත් ඔය අඩියක් පුඩියක් එහෙම ගහන... හරියට සිල් පද පහවත් රැකගන්න බැරි එකෙක් නෙව.. ඒවා හදාගෙන අවසානෙට බැරියෑ මේක හදාගන්න... :D

      Delete
    3. “අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං
      උග්ගන්නාථ භික්ඛවේ නක්ඛත්තං" කියලා එක තැනක මාරු උනා දැන් කියනවා "මේ මහත්තුරු බුදු හාමුදුරුවෝ කිව්ව විදියටම ජීවිත හදාගත්ත දවසට මාත් මේක අතෑරලා දාන්නං" කියලා දැන් මාරු වෙනවා ප්‍රශ්නේ තියෙන්න මාරයා අවස්ථා දෙකේදී මාරුවීමට කියපු දේ පරස්පර විරෝදී වීම.

      Delete
    4. බස් එකේ යන්නේ ඇයි ?
      1. වහින්න වගේ ඒකයි
      2. කකුලේ තුවාලයක් .. ඇවිදින්න බැහැ
      3. කොන්දොස්තර අඳුරන කෙනෙක්. නිකන් යන්න පුළුවන්
      4. වාහනේ කැඩිලා ගරාජ් එකේ
      5 ?

      එක මුලික ප්‍රශ්නයකට නිවැරදි පිළිතුරු එකකට වඩා ඇති අවස්ථා ඕන තරං ඇත. ඇතැම් විට උත්තර කීපයක් ම එක විට හරි වේ. ජෝතිෂ්‍යය බොරු කිරීමට තතනන්නන්ගේ තර්ක බුද්ධිය සහ මොලයේ ප්‍රමාණය ගැන සාධාරණ සැකයක් පහල වීම වැළැක්විය නොහැක.

      Delete
    5. උත්තර කිහිපයක් තිබුනත් ඒවා පරස්පර වෙන්න බැහැ නොවැ. එක සැරයක් "කොන්දොස්තර අඳුරන කෙනෙක්. නිකන් යන්න පුළුවන්" කියලා පස්සේ දවසක කියනවා "කොන්දොස්තර අඳුරන කෙනෙක් නොවන නිසා හොරෙන් යනවා අහුවුනත් නෝන්ඩියක් නැහැ . ඒක නිසා නිකන් යන්න බලනවා කියලා" මාරයා අවස්ථා දෙකේදී දුන්නේ ඔහොම පිළිතුරු දෙකක් කියලා තේරුම් ගන්න තර්ක බුද්ධිය සහ මොලයේ ප්‍රමාණය අඩු උන් ජෝතිෂ්‍යය පස්සේ යන එක ගැනනම් පුදුම විය යුතු නැත.

      Delete
    6. \\හා හා කලබල වෙන්න එපා.. මේ මහත්තුරු බුදු හාමුදුරුවෝ කිව්ව විදියටම ජීවිත හදාගත්ත දවසට මාත් මේක අතෑරලා දාන්නං.. මමනං දැනටත් ඔය අඩියක් පුඩියක් එහෙම ගහන... හරියට සිල් පද පහවත් රැකගන්න බැරි එකෙක් නෙව.. ඒවා හදාගෙන අවසානෙට බැරියෑ මේක හදාගන්න... :ඪ්\\

      නයි කයිද රෝස් පාං කිව්වලු. ඒ කියන්නේ මාරයත් පිලිගන්නව මේක මේක වැරදියි කියලා. ඒකනෙ ඒ වැරද්දත් හදා ගන්නම් කියන්නේ.

      ඔන්න පිල්ලියේ, තරහ ගන්න ඔට්ටු නැහැ හොදේ. අපිනම් ඉතින් මොලේ අඩු මෝඩයොනෙ. ඔහේලා වගේ නුවණක්කාරයෝ නොවෙයිනෙ.

      Delete
    7. ලොකු උන්නැහේ මං මේ ගැන වාද කර කර මගේ කාලේ කන්න කැමති නැහැ. ඒත් ඉතිං ඔබතුමාට මොකක් හරි උවමනාවක් තියෙන හැඩයි මොනවා හරි දෙයක් අල්ලං මේ ගැන දිගට ඇදගෙන යන්න. ඒත් කණගාටුයි මට උවමනාවක් නැහැ. මේක මත්තේ වාද කර කර ඉන්න...
      ඇල්බන් උන්නැහේ මේ හැටි මහන්සි වෙවී මේ ගැන වද වෙන හින්දා මේ වතාවට විතරක් කාරණා ටිකක් කියන්නං... නැත්තං හරි නැහැනේ මහන්සි වෙලා බයිට් නාස්ති කරං මේක කියවනවට සහ කමෙන්ට් කරනවට සැලකීමක් නොකිරර ඉදිල්ල...

      බුදු හාමුදුරුවෝ කිව්ව දේවල් වලට අනුව අපි මොනවද හරි දේවල් කියලා කරන්නේ..? ජෝතිෂය නෙවෙයි අපි ඔහේලා කරන කියන බොහෝමයක් දේවල් බුදු දහමට පටහැනියි.. එතැනදි ජෝතිෂය කියන්නේ බුදු හාමුදුරුවෝ පෙන්නපු වැරදි අතරින් පුංචිම පුංචි දෙයක්.. හැබැයි ඒ කිව්වෙත් මිනිස්සු නිවනට යන ගමන පරක්කු කර ගන්න දේවල් අතරින් එකක් වීම නිසා... මොකද ජෝතිෂය තියෙන්නේ සසර ගමන කෙටි කරන මාර්ගයට නෙවෙයි.. සසරෙම ඇලිලා ඉන්න විදිහේ ලෞකික සුඛ විහරණයට පාරවල් පාද ගන්න පැත්තට බරවෙලා.. අපි නැකැත් බලන්නේ.. කේන්දර හදන්නේ ඔය කෝකත් කරන්නේ මොකක් හරි කරන කියන වැඩ වලදි වාසියක්.. එහෙම නැත්තං පොඩි තල්ලුවක් ගන්න බලං... ඒ කිව්වේ මනුෂ්ය ජීවිතය ලෞකික වශයෙන් දියුණු කරගන්න පොඩි තල්ලවක් ගන්න.. අපි නිවන් දකින්න නැකත් බල බල ඉන්නේ නැහැනේ.. එහෙම නැත්තං ආසාවල් දුරු කරගන්න හැටි හොයන්න කේන්දර බලන්නේ නැහැනේ.. හැම වෙලාවෙම උත්සහ කරන්නේ තමන්ට වාසියක් වෙනවද.. ඒක වැඩි කරගන්නේ කොහොමද කියලා දැන ගන්නත්.. තමන්ට අවාසියක් කරදරයක් වෙනවද.. ඒක අඩු කරගන්නේ කොහොමද කියලා හොයන්න මේක පාවිච්චි කරන එකනේ...

      ඇත්ත... එහෙම දේකින් නිවනට කිසිම උදව්වක් උපකාරයක් ලැබෙන්නේ නැහැ.. මේ ජෝතිෂය විතරක් නෙවෙයි අපි කරන කියන දේවල් වලින් මොනවද නිවනට උදව් වෙන දේවල් තියෙන්නේ.. වැඩිය ඕන නැහැ ලෝකේ වැඩිම අවධානයක් තියෙන ග්රනහ ලෝක ගානේ.. මේ විශ්වය පුරා ඇති දේවල් හොයන එකෙන් නිවනට ඇති දේකුත් නැහැ.. ඒකයි වංගියක් සැරියුත් හාමුදුරුවන්ටත් අවවාද කලේ විශ්වයේ කෙලවර හොයං යන්න ගිහින් අතරමං වෙච්ච වෙලාවේ... එහෙමනං දැන් මේ ඇල්බන් මහත්මයා යනවද නාසා එකට කියන්න ඔව්වා බොරු වැඩ බුදු හාමුදුරුවෝ ඕවා කරන්න කියලා නැහැ කියාගෙන... මං හිතන්නේ නැහැ කවදාවත් එහෙම කරයි කියලා... එහෙම නැත්තං විද්යාකවේ දියුණව හරහා මිනිසාට ලැබෙන හොඳ පැත්තට අමතරව නරක පැති සෑහෙන්න තියෙනවා කියලා විද්යාඑ පරීක්ෂණ නවත්වන්න.. තාක්ෂණික දියුණුව එපා කියන කතාවලට...

      එහෙම නැත්තං කතෝලික මුස්ලිම් ආගමිකයින්ට බණ කියන්න යනවද හා හා ඔය ආගං අදහන්න එපා බුදු හාමුදුරුවෝ කිව්ව දේවල්වලට ඕවා පටහැනියි කියාගෙන.. නැහැනේ.. :D

      Delete
    8. බුදු දහම අල්ලං ජෝතිෂයට නැඹුරු අයව ඒකෙන් අහක් කරන එක තමන්ට පැවරිච්ච මහා වගකීමක් වගේ දුවං එන්නේ මොන හේතුවක් හින්දද කියලයි මට තේරෙන්නේ නැත්තේ මෙයිට එහා ගිය දාහක් ජාති තියෙද්දි...

      මං පිළිගන්නවා බුදු දහමේ නිවනට යන පැත්ත සලකා බැළුවම ජෝතිෂය ඉවත දැමිය යුතු අංගයක් කියලා... හැබැයි බුදු හාමුදුරුවෝ භික්ෂූන්ටත් නක්ෂත්රාය ගැන යම් අවබෝධයක් තිබිය යුතුයි කියලා කිව්වේ නිවන් යනකල් ජීවත් වෙන ටිකට නක්ෂත්රෙනයන් ඇති උවමනාව සලකලා.. අඩුම තරමේ තමන් ජීවත් වෙන කාලය මොකක්ද කියලවත් අවබෝධයක් තිබිය යුතු නිසා... නිවන් ගියාට පස්සෙනං කාල වකවානු දින අරක මේක මොන එහෙකටද.. ඒත් ශික්ෂුවක් පවා සාමාන්යන ජීවිතයේදී දැනගෙන සිටිය යුතු කාරණා අතරට මේක ඇතුල් කලේ නිවන් යන්න කලින් මිනිස්සු ජීවත් විය යුතු නිසා සහ ජීවිතය සාර්තක කරගන්න මේකෙන් යම් පිටුවහලක් උවමනා නිසා..

      උදාහරනයක් හැටියට කිව්වොත් මිනිස්සු නීතිය පරතෙරට දැනං ඉන්න උවමනා නැහැ තමා.. ඒත් එහෙමයි කියලා නීතිය ගැන අවබෝධයක් කොහෙත්ම නැතිව සමාජයේ ජීවත් වෙන්නත් බැරිවා වගේ... සාමාන්යම පරිසරයේදී ජීවත් වීමේදී තමන් ජීවත්වන වටපිටාව ගැන.. කාල වකවානුව ගැන.. දේශගුණය ගැන.. කාල ගුණය ගැන යම් අවබෝධයක් මිනිස්සුන්ට තිබිය යුතුයි.. එහෙම නැත්නම් ඒ මනුස්සයට ජීවත් වීමේදී පැන නගින ගැටළු වැඩියි.. උදාහරණයක් හැටියට සෘතු වෙනස් වීම් ගැන මනුස්සයෙක් නොදැන ඔහේ ජීවත් උනොත් ශීත කාලය මේකය.. උෂ්ණ කාලය මේකය කියලා දැනුමක් නැති වීම හින්දම ඒ මනුස්සයගේ ජීවිතේ විනාස වෙන්න තියෙන ඉඩ වැඩියි.. ජීවිතේ නැති නොවුනාම උනත් අඩුම ගානේ ඒ ඒ කාලවල ජීවිතය රැක ගැනීමට විඳින්න වෙන ගැහැට වැඩි වෙන්න පුළුවන්.. නමුත් කල් ඇතිව ශිතය එන කාලය උෂ්ණය එන කාලය දැනං ඉන්න මනුස්සයා ඒවට ඕන ඕන හැටියට ලෑස්ති වෙනවා.. තමන් අවට පරිසරය සකස් කර ගන්නවා.. ඒ හරහා මනුෂ්යනයා ඒ දේවල්වලට තරමක් වාසියක් ඇතිව මුහුණ දෙනවා.. නිකංම නිකං හිස් අතින් යුද්ධ කරන්න ගිය මනුස්සයට වඩා අතක පොල්ලක් තියං යන එකාට තියෙන වාසිය වගේ.. මෙහෙම දීර්ඝව කරුණු දක්වන්න ඇත්තටම උවමනාවක් නැහැ.. ඒත් කියන ටික අපැහැදිලි වෙයි කියලා හිතුන නිසයි මේ තරමේ සරල උදාහරණ පෙන්නුවේ... මං හිතනවා තේරුම් ගන්න තරං හැකියාවක් ඇති කියලා... ( දෙයක් තේරුම් ගැනීමේ උවමනාවක් නොවී වෙන මොකක් හරි ඇරියස් එකක් කවර් කිරිල්ලක්නං ඉතිං මේවා කිව්වා කියලා ඇති වැඩක් නැහැ :D )

      Delete
    9. සරලව කියනවනං ජෝතිෂය විතරක් නෙවෙයි මේ ලෝකේ අපි කරන හුගක් දේවල් තේරුමක් ඇති වැඩ නෙවෙයි.. ඒත් ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ දේවල් වල කුමක් හෝ දෙයක් නැහැයි කියලා... අපි තේ එකක් කෝපි එකක් හීතල වෙලාවක බීමෙත් එහෙම නැති සාමාන්ය රස්නය ඇති වේලාවක බීමේත් කියන අවස්ථා දෙකේ ඇති වෙනස තේරෙනවනං මං හිතනවා මේක තේරුම් ගතෑකි... නමුත් අපි හීතලටත් තේ බොනවා.. මේ ගිනි කාස්ටකෙත් තේ බොනවා... එහෙම කර කර වෙන මොකක් හරි එහෙක වැරදි හොයනවා.. ඕක තමා හැටි.. :D නච්ච ගීත වාදිත විසුක දස්සන වලින් දියුණුවට පාරක් නැති බව දැන දැනත් අපි ෆිල්ම් බලනවා... සිංදු අහනවා.. පාටි දානවා.. කනවා බොනවා විනෝද වෙනවා... සමහර විට ඇල්බන් උන්නැහේ “කුමටද කා බී නිති සැරසෙන්නේ කොතැනද මේ කය අරගෙන යන්නේ “ කියලා කල්පනා කරලා එහෙම මොනවත්ම නොකර ප්රසතිපත්ති ගරුකව ජීවත් වෙන කෙනෙක් වෙන්න ඇහැකි.. එහෙම කෙනෙක්නං මේ කියන දේවල් ගණන් ගන්න එපා අල්ලලා දාන්න... ඒත් ඉතිං මංනං කාලයක් මහණ වෙලා හිටියා උනත් තාමත් නිවන් යන්න හිත හදාගන්න බැරි උන.. ඒ ගැන උනන්දුවක් තිබ්බා උනත් තවමත් මේ සසරට ඇලිලා ඉන්න සාමාන්ය මනුස්ස පරාණයක්.. ඉතිං මංනං කනවා බොනවා.. විනෝද වෙනවා... කාලගුණය ගැන දේගුණය ගැන උනන්දු වෙනවා... රටේ ලොකේ ප්රඉවෘත්ති ගැන හොයා බලනවා... ඒ හරහා ඉස්සරහට මට ජීවත් වෙද්දි මුහුණ දෙන්න වෙන සමාජ ආර්ථික ගැටළු ගැන යම් අවබෝධයක් ඇතිව ඒ සඳහා පෙර සූදානමක් ඇතිව කටයුතු කරනවා.. ඒ අතරේම මං දන්න සාස්තරයට අනුවත් පිරික්සා බලලා පරිස්සං විය යුතු දෙයින් පරිස්සං වෙලා... යම් වැදගත් දෙයක් උපරිම පලදායීත්වයෙන් ගොඩ දාගන්නනං ඒ ඒ දේවල් කල යුතු වේලාවල්.. කාල වකවානු ගැන පොඩ්ඩක් දැන කියාගෙන ඒ අනුව වැඩ කරලා ගොඩ යන්න බලනවා... මේ වෙනකල් ඉතිං මගේ පෙර සූදානම මට නරකක් කරලා නැහැ... එහෙම නැතිව කන්න වෙලාවක්.. නිදියන්න වෙලාවක් ආදී වශයෙන් ජීවිතයේ හැම එහෙකටම මේ සාත්තරේ යොදාගෙන ජීවිතය වදයක් කරගෙන නැහැ... යම් අසීරු තත්වයන් වලදී යම් වාසියක් ඇතිව කටයුතු කිරීමට භාවිතා කරගන්නවා... ඕක තමා මගේ ජෝතිෂ භාවිතාව.. හැබැයි ඒකෙන් මං මහා පාපයක් කරගන්නවා කියලා මං හිතන්නේ නැහැ.. මොකද එයිට වඩා වැරදි මගේ ජීවිතේ තියෙනවා.. අඩුම ගානේ මස් මාංස බැරිනං මේ හාල් මැස්සන් කන එකවත් නවත්තලා දාන්න පුළුවන්නං.. ඉඳහිට හෝ බොන මත් පැන් ටික නවත්තලාම දානවනං මං හිතන්නේ මම ජෝතිසය ගැන හැදැරීමට වඩා යමක් කලා වෙයි... ඒත් ඉතිං මං තාමත් එහෙමට දියුණු වෙලා නැහැ.. ඇල්බන් උන්නැහේනං දැන් එහෙම වැරදි නැති කෙනෙක් වෙන්න ඇති... දුක තමා ඇල්බන්.. මම තාම ඒ තරමට ඇවිල්ලා නැහැ :D

      Delete
    10. තව දුරටත් කියනවනං ඇල්බන් උන්නැහේ තමුන් ජෝතිෂයත් එක්ක තියෙන ආරවුල මොකක්ද කියලා මං දන්නේ නැහැ... සමහරුන්ටනං ඔහොම දුටු තැන එලවා එලවා ජෝතිෂයට පහර දෙන උවමනාව එන්නේ තමන්ගේ කේන්දරේට කවුරු හරි වැරදි කිව්වම.. තවත් අයට ඉතිං ඔය මොනවා හරි දේකට විරුද්ධ මත ප්රිකාශ කර කර සිටීම පොඩි ආතල් එකක් වීම නිසා... හැබැයි එහෙම අය මෙහෙම කවුරුවත් උත්තර දිදී කාලය නාස්ති කරන්න සෙට් නොවන දේකට විරුද්ධව මත ප්රිකාශ කරනවා මිසක් වැරදිලාවත් එය ආගම් විවේචනයට එහෙම ලේසියකට බහින්නේ නැහැ.. බැස්සත් ඉතිං කාටවත් කරදරයක් නැති අහිංසක ආගමකට මිස වැරදිලාවත් මුස්ලිම් හෝ කතෝලික ආගම් වැනි දේට අත තියන්නේ නැහැ... මොකද අනිත් අතට පෙරලගෙන වදිනවා කියලා දන්න හින්දා... ඇල්බන් උන්නැහේ උනත් මං හිතන්නේ බුදු හාමුදුරුවෝ එපා කිව්වය කියලා මේ ජෝතිසය මත්තේම නහින්නේ මේකෙත් අනිත් අතට තමන්ට විරුද්ධව එළව එළවා පහර දෙන කවුරුවත් එන්නේ නැති බව දන්න නිසා වෙන්ට ඕන.. නැතිව මං දැකලා නැහැ කොහේවත් මේ වෙනකල් බුදු දහමට විරුද්ධය කියලා ඇල්බන් උන්නැහේ මුස්ලිම් හෝ කතෝලික ආගම් ගැන ප්රැශ්න කරමින් කාලය ගත කරනවා...
      සත්ව ඝාතනය... මත්පැන් හා මත්ද්ර ව්ය් භාවිතය ගැන විරෝධතා දක්වන්න එහෙමත් මේ ඇල්බන් උන්නැහේ මේ තරමට මහන්සි වෙලා තියෙනවද..? එහෙම නැත්තං ඒව්වා බුදු හමුදුරුවෝ නරක දේවල්ය කියලා නැහැය හෝ.. ඒවා බරපතල දේවල් නොවේ කියලා හිතනවද.. නැත්තං වෙන මොනවා හරි හේතුවක් තියෙනවද..?

      හැබැයි මොනවා උනත් මං ගරු කරනවා තමන්ගේ පොටෝවක් දාගෙන පොඩි අනන්යතතාවයක් තියං මෙහෙම කතා කල එකට.. සමහරු වගේ තමන්ගේ බ්ලොග්වලට අවධානය ගන්න අනිත් අයට පහර ගගහා මොකක් හරි වලියක් අවුස්සං හිට් වැඩි කරගන්න තත්වයට නොවැටී...
      (එහෙම පුද්ගලයෙක් මේකේ කැරකෙනවා වගේම මෙයිට කලින් තැන් දෙක තුනකදී මාව පටලවාගන්න බොහෝම උත්සහ කල නිසා මං ඒ උන්දගේ වග දන්නවා.. සොරි උන්දට මගේ අවධානය දෙන්නේ නැහැ සහ උන්නැහේගේ අරමුනට යන්න මාව පටලවාගන්න හිතනවනං ඒක වෙන්නෙත් නැහැ :D )

      මහසෝන් පිල්ලිය හෝ අනිකුත් උදවියත් මේ සම්බන්ධව උත්තර බැඳ බැඳ කාලය නාස්ති නොකරාවි යයි මං හිතනවා... කාට හරි මේක උවමනා නැත්තං ඔය ඕන දෙයක් කියං හිටපුවාවේ... ඒ ගැන මං අමනාප වෙන්නේ නැහැ වගේම ඔය ඇත්තොත් ඒ අයට තමන්ගේ කතාව කරගෙන යන්න දීලා නිකං ඉන්න...

      බොහෝම ස්තූතියි ඔය ගැන කතාව ඔපමණයි... මට වැඩ තියෙනවා කරන්න.. :D

      Delete
    11. මාරයා සම්පුර්ණයෙන්ම මා ගැන වැරදි අවබෝදයකින් සිටින බව පේනවා. මට බ්ලොග් එකට හිට්ස් වැඩිකර ගන්න අවශ්‍ය නම් කලයුතු දෙය වන්නේ හොඳ ලිපි වැඩිපුර ලිවීම. අඩුවෙන් ලිපි ලියන මට හිට්ස් පෙරේත කමක් නැත. මම ලියන ලද සියලු ලිපි ලාංකිකයන්ට කාලීනව වැදගත් දේ මිස හිස් ලිපි ලියා නොමැත.

      මම මෙතන කලේ වාදයට අල්ලා ගැනීමක් නොවේ. මෙයට පෙර //කිං කරිස්සන්තී තාරකා?// ලෙස කමෙන්ට් කලේ බුදුදහම ගැන සහ ජොතිශය ගැන උගත් ඔබගෙන් ඒ ගැන අදහස විමසීමයි. ඔබ පැහැදිලි කිරීමක් නොකර //“අනුජානාමි භික්ඛවෙ නක්ඛත්තං
      උග්ගන්නාථ භික්ඛවේ නක්ඛත්තං"// දුන් මෙම පිළිතුර අමාරුවෙන් තේරුම් ගෙන බුදුන් එය අධ්‍යනය කල යුතු බව කොතැනක හෝ කියා ඇතිබව තේරුම් ගතිමි. එම පිළිතුර ප්‍රමාණවත් නොවුනත් මම අදහසක් ගතිමි.

      ඇල්බන් එම ප්‍රශ්නය යොමුකළ විට ඔබ දුන් පිළිතුර අනුව ගම්‍ය වන්නේ ජොතිශය වැරදි දෙයක් බව වේ. එය ඔබ මට දුන් ජොතිශය බුදුන් අනුමත කලබව සදහන් ප්‍රකාශය සමග පරස්පර බැවින් මම නැවත ඇසුවා මිස වාදයක් නොවේ. මම මෙතන ප්‍රශ්න යොමු කරන්නේ ජොතිශය හරි හෝ වැරදි රාමුවක සිට නොව ඔබ දුන් පිළිතුරු මත සිට වේ.

      කොහොම වුනත් ඔබ දුන් මෙම දීර්ග පිළිතුරෙන් මට අවශ්‍ය නියම පිළිතුර ලැබිණි. මට මුලින්ම අවශ්‍ය වුයේ මෙම පිළිතුර මිස වෙන දෙයක් නොවේ.

      Delete
    12. අම්මෝ මාරයෝ මම දැකපු දිගම කමෙන්ට් එකද කොහෙද? මම ඔබෙන් ඉතා ගවුරවයෙන් ඉල්ලා සිටිනවා ඔබගේ කමෙන්ටුව පොස්ට් එකක් ලෙස මොඩිෆයි කර මෙම බ්ලොගයේම පලකරන ලෙස. ඉතා වටිනා අදහස් බොහෝ තියෙනවා මෙහි.

      මගේ ගැන කියනවනම්, මම දන්න කියන කාලෙ ඉදන් වෙලාවල් බල බල කිසි දෙයක් කලේ නැහැ. අඩුම ගානේ ගෙදර හදන එකටවත් වෙලාවක් බැලුවෙ නැහැ.

      (පෝරුවට නැගපු එකට නම් වෙලාවක් බලලා තිබ්බ අම්මල. ඒත් ලොකු ට්‍රෆික්ට් එකකට අහුවෙලා ඒකත් පහු උනා)

      ඔබ කියනවා හරි. ඒක මගේ පිලිගැනීමනේ. ඒ අනුව මම ජීවත් වෙනව. අනිත් අයට ඕනෙ හැටියට ඒ අය ජීවත් වෙනව. ඒකෙන් මට අවුලක් නැහැ. ජොතිශය මට අදාල නැති නිසා මම ඒ සම්බන්ද දේවල් බලන්නෙවත්, අහන්නෙවත්, කියවන්නේවත් නැහැ.

      ඔබගෙ පෝස්ට් එක කියවන්න මම දුවගෙන ආවේ, මෙහි වැටෙන එක අකුරක්වත් කියවන්නෙ නැතිව ඉන්නේ නැති නිසා.

      මට ඇරියස් කවර් කරන්න නම් එකක් නැහැ. නමුත් අපේ රට කරවන මෝඩ හැත්ත හැම තීරණයක්ම ගන්නේ කිසිම උගත් කමක් නැති ජොතිශ රාළ කෙනෙක් කියන හැටියටනේ. හොදම උදාහරණය ජනාධිපතිවරණයට දින නියම කරන්නේ ඒ වගේ එකෙක්. ඒකනම් පුතෝ මගේ ජීවිතයට කෙලින්ම බලපානවා. මොකෝ ඔයවගේ විශේශ දවසක් එනකොට තව කොච්චර දේවල් තියෙනවද බලන්න. සතියෙ දවසක් උනොත් නිවාඩු දෙන්න වෙනවා. ඒක ආර්තිකයට කෙලින්ම බලපානවා. (සිකුරාද දවසක් උනොත් බැංකු කටයුතු අවුල් වෙනවා. ඉරිද හවසට අපිට සෑහෙන කට්ටක් කන්න වෙනවා බැංකුව ගොඩ දාන්න.)

      ඔන්න ඔයවගෙ කරුණු නිසා නම් ජොතිශය පෙන්නන්න බැරි වෙලාවල් එනව.

      කෙසේ වුවත් දීර්ග පැහැදිලි කිරීමටනම් බොහෝම ස්තූතියි. නැවත වරක් මේ කමෙන්ටුව පෝස්ට් එකක් හැටියට දාන එක ගැන සලකල බලන්න.

      Delete
  10. මාරේ මකර පලාපලේ දෙන්ඩෝ

    ReplyDelete
    Replies
    1. මකරෙටත් මනාප හතරක් තියේ...

      Delete
  11. මට නං බුදු ෂුවර් මාරේ අයියා කන්‍යා ලග්නෙට රටේ තියෙන හැම හොඳක එකතු කරලා මාගලක් සයිස් ලොකු ලිපියක් ලියනවයි කියලා...

    ඔන්න ධනු ලග්නේ ලිව්වොත් කියන්ඩ ඈ... :)

    ReplyDelete
    Replies
    1. දැන් මේක ධනුවට මනාප එකයි කියලද දාන්න ඕන.. නැත්තං කන්‍යාවට එකයි කියලද..?

      Delete
  12. මේ වෙද්දි මට ගනන් ගැනුන හැටියට තත්වේ මෙහෙමයි...

    වෘෂභ-1
    මිථූන-0
    කටක-2
    සිංහ-3
    කන්‍යා-4
    තුලා-0
    වෘශ්චික-1
    ධනු-1
    මකර-4
    කුම්භ-0

    ඒ අනුව දැන් ඉස්සරහින් ඉන්නේ කන්‍යාවෝ සහ මකරු.. ඒත් දෙකම සමාන හින්දා කෝකට ඉස්සෙල්ලා සලකන්නද කියලා තමා හිතාගන්ට අමාරු...

    ReplyDelete
    Replies
    1. palaweniyatama illala thiyenne makara hindaa makarata thamai mulin salakanna oone neda??

      Delete
  13. අන්න එල ... හැමදාම සැහෙන වෙලා බලන් ඉන්න ඕනේ ලග්න පලා පල කියනකම්.. පිළිවෙල පැනපු එකට ප්‍රණාමය ..

    ReplyDelete
  14. mulinma makaraa illala thiyana hindaa makara mulin kanyaa passe thamai liyanna wenne... :D
    ding ding :D
    hari neda maraya ayye(dannam maama wenna athi)

    ReplyDelete
  15. මගෙ මනාපයයි මලයගෙ මනාපයයි දෙකම එකතු උනාම පහයි... ඔන්න සිංහයෝ තමයි ඉස්සරහිං ඉන්නෙ.....

    ReplyDelete
  16. අපලේ ගෙවුනට පස්සේ දාලා වැඩක් නෑ.. හැක්

    ReplyDelete
  17. පොඩි මෙන්ඩියා මින ඒ වුනාට පොඩි වුන්ට පලාපල බලපාන්නෙ නෑ නේද?

    ReplyDelete
  18. ඇනෝ කොමෙන්ට් ඔට්ටු නැද්ද ?

    ReplyDelete
  19. මාරයෝ .
    මමත් වුශ්චික
    සමරසේකර

    ReplyDelete
  20. මකරුන්ගෙ දොල දීලම කන්යාවියන් ගැන බලමු නේහ් .....

    ReplyDelete
  21. හම්මේ යන්තම් ගොඩ ගිහින්..මම හිතන් හිටියේ මීන පට්ට චාටර් ලග්නයක් සදා ලෙඩින් කියලා :3

    ReplyDelete