08 November 2014

මකර ලග්නයට 2014 නොවැම්බර් සෙනසුරු මාරුව බලපාන හැටි...


කලින් පෝස්ටුවේ මුල්ම ඉල්ලීම හැටියටත්.. වැඩි ඉල්ලීම් ගණනක් තිබුන බව පෙනුන හින්දත්.. ඔන්න මේ පාර මකර ගැන ලියන්න කල්පනා කලා... ඒ වගේම කන්‍යාවටත් සිංහයටත් තිබුන ඉල්ලීම් ගැනත් හිතලා ඒ දෙකටත් ඊ ළගට අවස්ථාව දෙන්ට කියලා හිතුවා.. බ්ලොගයේ කමෙන්ට් හැටියට නොවුන.. ඒත් වෙනමම කෙරුණ පෞද්ගලික ඉල්ලීම් රාශියක් වෘෂභයට හා වෘශ්චිකයට තිබුනා උනත් මං මෙතන පොරොන්දු වෙන දේවල් මෙතන ඉෂ්ඨ කරන එක නෙව යුතුකම.. ඒ හින්දා ඒ ඉල්ලීම් වලට ඉඩ දෙන්ට කලින් මෙතන වෙච්ච පොරොන්දු ඉෂ්ඨ කරලාම ඉමු... (මං දන්නව මේ කෙලියෙන් මට කීප දෙනෙක්ගෙන් හොදට අහ ගන්ට වෙනවා කියලා :D )

ආ ඒ වගේම ඉතිං ආයෙමත් මං අර මුලින් ලිපියේ මුලින්ම කිව්ව කාරණාව නැවත නැවත මතක් කරන්ට උවමනා වෙන එකක් නැහැ... කවුරු හරි ජෝතිසේ විශ්වාස නොකරනවනං.. ඒ ගැන උනන්දුවක් නැත්තං කරුණාකරලා තමන්ගේ වත්තේ හතර මායිම කොටාගෙන පාඩුවේ ඉන්ටලා... නිකං මේවා කියවලා තමන් උනන්දුවක් නැහැයි කියලා පුන පුනා කියන දේ ගැනම හාර අවුස්ස අවුස්ස තම තමන්ගේ වටිනා කාලය නාස්ති කරගන්ට නොයා.. මොකද මං යම්තාක් දුරකට ඉගෙන ගත්ත දේ.. මං යම් තරමකින් දන්න දේ.. මට කැමති තැනක ඒකට කැමති අය එක්ක බෙදා හදා ගැනිල්ලට කාටවත් ප්‍රශ්නයක් තියෙන්ට හැටියක් නැහැනේ... ඔය ඉවුම් පිහුම් වැඩ ගැන කවුරු හරි මොනවා හරි අහපු වෙලාවට දන්න තරමින් කියා දෙනවා වගේම තමා මේ වැඩත්.. ඒකට මේ කවුරුවත් ලේ කෝපකරගෙන නලියන්ට උවමනාවක් නැහැ නෙව.. අනික එයාලම කියන විදියට එයාලා මේ ගැන උනන්දුවක් නැහැයි කියනවනේ.. ඉතිං ඇයි මේ අමුතු කැක්කුමක්... අර කියමනක් තියේ නෙව... “ලිඳ මගේනං.. මං ලිඳේනං.. කාටවත් ඇයි වේදනා“ කියලා :D මේක මං විනෝදයට කරන කියන දේ.. ඒක ගැන ඔය හැටි උනන්දුවක් නැති උදවිය නහින්ට උවමනාවක් නැහැ...

හරි බහිමු කාරණාවට...

මකර ලග්නය.. ඔන්න ඔය උඩින් දාලා තියෙන දළ සටහනේ හැටියට තමා අද දවස වෙද්දි මකර ලග්න හිමි උදවියගේ ග්‍රහයෝ ගමන් කරන්නේ.. ඒ අනුව සෙනසුරු මේ වෙද්දි ඉන්නේ කේන්දරයේ එකොලොස් වැන්නේ.. ඔය එකොලොස් වැන්නට අපි කියනවා අයස්ථානය කියලා... ඒ කියන්නේ කෙනෙකුට ලැබෙන්න තියෙන දේවල් ගැන කියවෙන ප්‍රධාන ස්ථානය... ඒ වගේම මරණය ගැන වගේම විවාහය ගැනත් පොඩි පොඩි සම්බන්ධකං ඔතනට තියෙනවා...

මං කලිනුත් කිව්වනේ මීන ලග්නය ගැන කියන වෙලේ හෙනහුරාට හොඳ තැන් කිහිපයක් කේන්දරයේ තියෙනවාය කියලා... ඒ අතරින් කේන්දරයේ නව වැන්න ප්‍රධානයි... නවය ඇරුනු කොට ඔය ගමන් කරමින් යන හෙනහුරාට තවත් හොද තැන් තමා එකොළහ.. තුන.. හය වගේ ස්ථාන.. පස් වැන්නේ සමහරුන්ට හොඳයි සමහරුන්ට ටිකක් නරකයි... 

ඉතිං මේ මකර ලග්න කාරයින්ටත් මේ හෙනහුරා එකොලොස් වැන්නට යාම එක පැත්තකින් බොහෝම හොඳ කාරණාවක්... මොකද මේ හෙනහුරාම තමා මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා... ලග්නාධිපති ග්‍රහයා එකොළහට යනවා කියන්නේ ඒක එක්තරා අන්දමක ධන යෝගයක්... ධන යෝගයක් කිව්ව ගමන් හා දැන් ඉතිං ගන්න තමා තියෙන්නේ රටේ තියෙන තරං සුවිප් කියලා මේ ලේසි සල්ලි ගැන හිතන්න යන්න එපා.. එව්වට බලපාන්නේ හෙනහුරාටත් වඩා රාහු... හෙනහුරාගෙන් ඔය සුවීප් අද්දනවා වගේ ලාබ බාල දේවල් හම්බ වෙනවා අඩුයි... එව්වට ටිකක් හරි බරක් තියෙන්නේ රාහු වගේ පිස්සෙක් ඔය තැනකට ගිහින් පිස්සු කෙලින වෙලාවල්වලට.. ඒත් ඉතිං ග්‍රහයෙක් තැනකට ගියා කියලා නිකංම ස්වීප් කඩං පාත් වෙන්නනේ නැහැ කාටවත්.. අපේ උන්දලා ග්‍රහයා හොදයි හරි.. ධන යෝගයක් හරි කිව්ව ගමන් හිතන්නෙම අස්සයෝ අල්ලන්නයි.. ස්වීප් ගන්නයි... බූරු කෙලින්නයි වගේ පිනා චාන්ස් වද්ද ගන්නමනේ... ඕන මී හරකෙකුට තේරෙන්න එපෑ දෙයියනේ දවසකට මේ ලංකාව ඇතුලේ කොයි තරංනං ගාණක් සුවිප් විකුණනවද කියලා.. ඒ අතරින් එකම විදියට ග්‍රහයෙක් එක තැනක ඉන්න මිනිස්සු කී දෙනෙක්නං ඔය ස්වීප් ගන්නවද.. එහෙම බැළුවම ඒ හැමෝටම ස්වීප් ඇදෙනවනං බැරියෑ... එහෙමනං ඉතිං ලොතරැයි මණ්ඩලේ විකුණන සුවිප් වලින් හතරෙන් එකක්වත් දිනුං තියෙන ඒවා වෙන්ට ඕන.. ඒ වගේම ඉතිං ඔය විස්සේ කෑලි වගේ ඒවා ඇදුනත් ඇති වැඩක් තියේයෑ.. ස්වීප් ඇදෙනවා වගේ දේවල් වෙන්නනං ඉතිං පෙර කරන ලද පිංකං තියෙන්න ඕන... ඒ කිව්වේ තමන් සන්තක දේවලුත් එක එක අයට හිතාගන්න බැරි අන්දමේ වෙලාවල්වල හිටු කියලා දන් දීලා තියෙන ඈයින්ට තමා ඔහොම හිටි හැටියේ හිතාගන්න බැරි අන්දමේ ධනස්කන්ධයන් කඩං පාත් වෙන්නේ... එහෙම නැතිව මේ හන්දියේදී හිඟන්නෙකුට රුපියල් පහක් දීලා.. ඊ ළග හන්දියේදී විස්සක් දීලා ගන්න ලොතරැයියට ලක්ෂ ගණන් වැටෙනවනං බැරියෑ.. (අපේ අය එහෙම දේවල් නෙව කරන්නේ :D )

හරි එතකොට අපි මේ වැල් වටාරං නවත්තලා සීන් එකට ඇන්ටොර් උනොත්... මේ වෙද්දි සෙනසුරු එකොලොස් වැන්නට ගිහින් තියෙද්දි.. මේ අවුරුද්දේ මැද භාගයේ හිටලාම කේ්න්දරයේ හත්වැන්නේ ගමන් කරන ගුරු ලබන වර්ෂයේ ජූලි මැද වෙනකල්ම හත්වැන්නේ ගමන් ගන්න නියමිතයි. එතකොට ගුරු වගේම මේ අවුරුද්ද මැද ඉඳං කේන්දරයේ නව වැන්නට ආව රාහු දෙදහස් දාසයේ ජනවාරි වෙනකල්ම නව වැන්නේත් ගමන් කරනවා.. රාහු නවයේ ඉන්න කාලයම කේතු තුන් වැන්නේත් ගමන් කරනවා...

එතකොට ඔය කියන පිහිටීම් ප්‍රධාන කොට සලකලා.. කතා කලොත්...
මේ සෙනසුරු මාරුව මුල් අවස්ථාවේ මාසයක් විතර ගියාට පස්සේ මකර ලග්න හිමියන්ට බොහෝම හොදින් වැඩ කරනවා.. මාසයක් විතර යනකල් කිව්වේ මේ වෙද්දි කුජ ගමන් කරන්නේ කේන්දරයේ දොලොස් වැන්නේ වීම නිසයි.. දැන් ඔය හෙනහුරා ඇවිත් වැටුන එකොලොස් වැන්න කුජට අයිති තැන නෙව.. කුජයි හෙනහුරයි කියන්නේ ඒ හැටි ගැලපෙන දෙන්නෙක් නෙවෙයි.. ඔය ආදී කරුණු කිහිපයක් හින්දා එකොලහ අධිපති කුජ දොලොස්වැන්න වෙච්ච වැයස්ථානයේ ගමන් කරන කාලය ටිකක් වියදං කරදර වැඩි... අහක යන වලි කරේ දාගන්න නිකං නම නාස්ති වෙන කාලයක්.. හැබැයි ඒ ගැන වැඩිය හිතන්න දෙයක් නැහැ ඒ කාලය තියෙන්නේ මේ නොවැම්බරය අවසාන වෙනකල් විතරයි.. ඔන්න නොවැම්බරය අහවර වෙලා දෙසැම්බර් පටන් ගැනීමේ හිටං ලබන වරුසයේ ජූලි මැද වෙනකල් හරියටම කිව්වොත් මකර ලග්න හිමියන්ට ධන යෝග වගේම මංගල යෝගත් තියෙනවා... විසේසයෙන්ම පහුගිය ජූනි විස්සේ විතර ඉඳලා ලබන අවුරුද්දේ ජූලි දහතුන විතර වෙනකල් මකර ලග්න හිමි අයගේ කේන්දර වල ගුරු හතේ ගමන් කිරීම විවහා මංගල කටයුතු අතින්නං නොම්මර එකයි... බොහෝමයක් විවාහයන් පරක්කු උන උදවියටත්.. මගුල් හරියන්න ඇහැකි කාලයක් ඕක... හැබැයි ගුරුට දොලොස් වැන්නත් අයිති හින්දා ටිකක් අතින් පයින් වියදං යන මගුල් තමා සැට් වෙන්නේ... ඒ කිව්වේ මේ විවහා සහකරුගෙන් සහකාරියගෙන් දායාද දේපල හම්බ නොවෙන සීන් එකක් නෙවෙයි.. ටිකක් වියපැහැදං අධික මගුල් තමා ගන්ට වෙන්නේ.. විවහා මංගල උත්සවවලට විතරක් නෙවෙයි මේ අයට මොන විදියට මගුල් කන්න ගියත් ටිකක් වැඩි මිල මුදලක් හිතනවට වඩා වියදං වෙන්ට ඇහැකි. හැබැයි ඉතිං ඔය ටිකක් ගියාට මොන එකක්ද මගුල කෙරෙනවනං නේද..? ඉතිං එහෙම මංගල යෝග යෙදෙන කාලය අහවර උනාම.. ඒ කිව්වේ ජූලි දහතුන පැන්නයින් පස්සේ අවුරුද්ද විවාහය නිසාම ලැබිය යුතු දේපල දායාද එහෙමත් අඩු නැතිවම ලැබේවි.. ඒ හින්දා  ලාබ පාඩු බලන්න දෙයක් නැහැ යෙදෙන හොද කාරණාවක් වෙයිනං වැඩිය කල් නොදා කරගන්න දෙයක් මේ කාලේ කරගන්නයි තියෙන්නේ...

එතකොට ගුරු හතේ ඉන්න මේ කාලේ මකර ලග්න උදවියට වැඩිහිටියන්ගේ උදව් උපකාරත් යහමින් තියේවි.. විශේෂයෙන්ම පහුගිය කාලේ අම්මගෙන් අප්පගෙන්.. අහල පහල උන්ගෙන්.. පවුලේ නෑයෝ කියන වේයන්ගෙන් අවලං කතා අහ අහ නිකං දෙකේ කොලේට වැටිලා හිටිය උදවියටත් ඔන්න වෙනදට වඩා ගරු නම්බු ඇතිව සලකන්න ඒ අය උත්සුක වෙයි... එහෙම ගත්තාම කාලේ නරකක් නැහැ කියලා තේරෙනවනේ... 

එතකොට මේ සෙනසුරු එකොලොස් වැන්නේ හිටින වසර තුනක විතර කාලය තුලම පොදුවේ ගත්තම ආදායම් පක්ෂය ඉහළ යාම.. විශේෂයෙන්ම පැරනි වාහන.. පැරණි ගේ දොර ආදිය හිමි විමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා... හිත අමනාප කරගන්ට එපා ඇන්ටික් බඩු හම්බවෙන එකද මේ මහ ලොකු ධන යෝගේ කියලා.. මොන මගුලක්වත් නැතිවට වඩා හම්බවෙන මගුල මදෑ.. අනික ඔය හෙනහුරාගෙන් අළුත් දේවල් හම්බ උනාට ඒවා යාදෙනවා අඩුයි.. හැබැයි හම්බු වෙන පැරණි දේවල් ඔය සුළු නඩත්තුවක් කරලා ගත්තම කාලයක් කිසි කරදරයක් නැතිව පාවිච්චි කරන්ට පුළුවන් දේවල් බවට පත් වෙනවා.. ඒ හින්දා මේ කාලය තුලදී පැරනි දේවල් මිලදී ගැනීම අළුත් දේවල් මිලට ගන්නවට වඩා යා දෙනවා.. විශේෂයෙන්ම පැරණී නිවාස ආදියෙහි දැනටත් වාසය කරන අයට මේ කාලය වඩාත් හොදින් ගුණ දෙනවා කියලා කියන්නත් පුළුවන්. හෙනහුරාගේ වැඩි සැලකිලි ඉතිං හෙනහුරාටම හරියන්න ජීවත් වෙන උන්දලට නෙව... වැඩි සෝබන ඇති ඈයින්ට හෙනහුරාගේ හැන්ද ටිකක් අඩුවෙන් බෙදන්නේ...

එතැනින් ගියාම රැකි රක්ෂා ආදියෙත් කලින්ට වඩා ස්ථාවර ගතියක් ඇති වෙනවා.. පහුගිය කාල සිමාවේ පිස්සු හැදිලා වගේ දිවුව අයට නැවතිලා හුස්මක් අරං වැඩ කරං යන්න පුළුවන් තරමේ ඉස්පාසුවක් හම්බ වෙන්න පුළුවන්.. ඒ වගේම වෙහෙස මහන්සිය අධික තත්වය තරමක් අඩු වෙයි.. විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර.. කෘෂිකර්මය හා මහ පොළවට සම්බන්ධ කටයුතු.. තාක්ෂණික පැත්තට වගේම ලෝහ වර්ග වලට සම්බන්ධ රැකියා.. කර්මාන්ත..ව්‍යාපාර කරන අයට මේ කාලය අනිත් අයටත් වඩා දියුණුවට හේතුවෙන කාලයක්... 

තවත් අපි කල්පනා කරලා බලනකොට කේතු තුන් වැන්නේ හිටින ඉදිරි වර්ෂයක පමණ කාලයත්..පොඩ්ඩක් විතර සහෝදරාදින්ගෙන් තමන්ට කරදර ඇති උනා උනත්.. ඒ ඒ අයටත් ටිකක් වෙනදට වඩා කරදර ඇති උනා උනත්.. තමන්ගේ ඉගෙනීමේ වැඩට... සරීර සනීපයට යහපත් වෙනවා... හිතේ සතුට දැනෙන... කරන කියන දේවල්වල වෙනදට වඩා සාර්ථකත්වයක් දකින්න ලැබෙන... සල්ලිය බාගේ පැත්තෙනුත් වෙනදට වඩා සාර්ථක ලැබීම් පෙන්නුම් කරන කාලයක්... රාහු නවයේ හිටිල්ලත් ඉස්සරහට වර්ෂයක් විතර තියෙන හින්දා... ඒ කාලය ඇතුලත විදේශ ගමන් එහෙම බලාපොරොත්තු වෙන අයට යහපත් පල ලැබෙයි.. ඒ වගේම දැනට විදේශගත වෙලා ඉන්න උදවියටත් ඉදිරි කාලය හොඳයි... ආර්ථික අරමුණු ඉෂ්ඨ සිද්ධ කරගන්න වගේම කාලයක් තිස්සේ හිතාගෙන හිටිය අරමුණු සාර්ථක කරගන්නත් මේ කාලය යොදා ගතෑකි. පොඩ්ඩක් විතර දුර ගමන් බිමන් යෙදෙන්න පුළුවන්.. ඒ වගේම එක තැනක වැඩි කාලයක් ඉදිල්ල අමාරු වෙන්නත් පුළුවන්... පවුලේ ඥාතීන්ගෙන් ටිකක් විතර ඈතට යන්නත් කරුණු ඔය අතරේ යෙදෙන්න පුළුවන්.. හැබැයි ඒ එකක්වත් තමන්ගේ නරකට සිද්ධ වෙන ද්වල් නෙවෙයි... සාමාන්‍යයෙන් ඉති මිනිහෙකුට ඔළුව උස්සන්නනං තමන්ගේ ගෙදරින්.. නෑයින්ගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නම එපෑ.. :D

හරි එහෙමනං අපි පොදුවේ මේ ඔක්කෝගෙම හොඳ පැත්ත ගත්තොත්... මකර ලග්නහිමි අයට මේ මාසේ අවසානේ ඉඳලා දෙදහස් දාසයේ ජූලි මැද විතර වෙනකල් කාලය හොඳින් ආදායම් මාර්ග සැලසෙන.. මංගල යෝග උදාවන.. ගෘහ ජීවිතය සාර්ථක වෙන... හවුල් වැඩට යහපත්... ව්‍යාපාර ආරම්භයට ඉතාමත් සුදුසු.. අළුත් රැකියා හිමිවන.. සෑම අතින්ම යහපත් කාලයක්.. එතැනින් පස්සෙත් දෙදහස් දාසයේ ජනවාරි අවසාන වන තෙක්ම වගේ ලැබීම්වලට යහපත්.. කරන කියන දේවල් හොඳට හරියන.. රැකියා දියුණු වෙන.. අළුත් යහපත් රැකියා හිමිවන... ඉගෙනීමටත් යහපත් කාලයක්... එයින් පසුව දෙදහස් හා හතේ සැප්තැම්බර් අවසානය විතර වෙනකල් මුල් කාලය තරම්ම නැතත් සාමාන්‍යයෙන් දියුණුවට හේතුවන.. කාලයක්... ආ විසේසයෙන්ම දේශපාලනය කරන මකර ලග්න හිමියන්ට කාලය හොඳයි.. ඒ අය අල්ලන අඩවු සෑහෙන්න සාර්ථක වෙනවා. අර කියන පොදු අපේක්ෂකයා විසේස අපලයක් නැති මකර ලග්න කාරයෙක්නං ඉතිං සෑහෙන්න බලාපොරොත්තුවක් තියා ගතෑකි.. :D (දැන් ඉතිං හොයපල්ලකෝ එහෙම එකෙක් :D :D :D )

මේ ඔක්කෝම හොද අතරේ නරක පැත්ත ගැනත් කතා කරන්න එපෑ.. නිකං බොරුවට ඔක්කෝම හොඳයි හොඳයි කියන්න බැහැනේ... නරක ගැන කිව්වොත් මේ නොවැම්බරය ටිකක් හොඳ මදි.. ඒ වගේම ඉදිරි වසර තුනක කාලය තුල විටින් විට කල කෝලාහල.. රණ්ඩු සරුවල් වලටත් තරමක් හේතුවන දේවල් විය හැකියි... විශේෂයෙන්ම නෑයින්ගෙන් ගරු නම්බු සැලකිලි ඇතත් ටිකක්  විතර එයාලගෙන් ඈත් වෙන්න වෙන.. කාලයක්.. කතා කරන දේවල් හින්දා කීප දෙනෙක්ම තමන් එක්ක හතුරු වෙන කාලයක්.. හැබැයි ඒ අය තරහා උනත් ඒ තරහා දැන්ම පෙන්නන එකක් නැහැ. දෙදහස් දාහත අවසන් උනාට පස්සේ තමා ඒ අය තොයිලේ පටන් ගන්නේ.. ඒ හින්දා කතා බහ කරද්දි සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕන.. ඒ වගේම තමන් යටතේ ඉන්න අයට කරුනාවෙන් සලකන්න ඕන.. නැත්තං පස්සේ හම්බ වෙනවා හොද පෝරියල් එකක්... ඒ වගේම දහ වැන්න හෙනහුරාටයි රාහුටයි මැදි වෙලා තියෙන දෙදහස් දාහයේ ජනවාරි අවසානය වෙනකල් කාලය තුල පිය පාර්ශවය එක්ක ටිකක් ගැටීම් ඇති වෙන්ට වගේම පියාට තරමක් කරදර කාලයක් වෙන්ටත් පුළුවන්.. ඒ වගේම රැකියාව සම්බන්ධවත් වරින් වර පොඩි පොඩි හැල හැප්පිලි වගේ දේවලුත් බලාපොරොත්තු වෙන්ට ඕන... පොඩ්ඩක් විතර රස්සාවේ වගකීම් වැඩි වීම නිසා ටිකක් හිතේ බර ගතිය වැඩි වෙන්නත් පුළුවන්... දරුවන් සම්බන්ධවත් තරමක් ආවේගශීලීව කටයුතු කරන්නට විය හැකි කාලයක් වගේම දරුවන් සම්බන්ධව තරමක් විතර හිතේ නොරිස්සුමින් ඉන්ට වෙන කාලයක්... දෙදහස් දාසයේ ජනවාරි වලින් පස්සේ තරමක් දුරට අසනීප කරදර මතු වෙන්ටත්.. වියදංවල වැඩිවීමක් වෙන්ටත් පුළුවන්... ඒ තමා අපේක්ෂා කල හැකි නරක පැති...

ඔය තමා මකර ලග්න හිමියන්ගේ ඉදිරි කාලය ගැන සැකෙවින් විස්තරේ.. හැබැයි උත්පත්ති කේන්දරයේ සඳු 4/10/11/12 වගේ තියෙන අයට ඔය කියපු තරම්ම හොඳක් නොවෙන්න පුළුවන්... ඒ ගැනත් සිහි කල්පනාවෙන් ඉන්ට... විශේෂයෙන්ම උත්පත්ති කේන්දරයේ සදු 11 හේ හිටිය අයට ඔය හොඳ වලින් බොහෝම ස්වල්පයයි ලැබෙන්ට පුළුවන්... ඒක නොකියා හිටියොත් ඉතිං අන්තිමට මට බනී මූ හොදයි හොදයි කිව්වා ඒත් වෙච්ච හොඳක් නැහැ කියලා.. එව්වට මව අල්ල ගන්ට එපා ඈ...

ආ ඒ වගේම ඒ වගේ අපල තියෙන අයට මේ කාලයේ නුග බෝධියකට පූජා තැබිල්ල... බලු කපුටු දාන දීම.. රෝහල් සිර ගෙවල් වැනි තැන්වලට දාන මාන දීම.. රෝහල් පිරිසිදු කරන වැඩට සම්බන්ධ වීම වගේ දේවල් බොහෝම ගුණ දෙනවා. ඒ ඇරුනම ශ්‍රමදාන.. සමාජ සේවා වැඩ ආදියට බරව වැඩ කිරීම හරහා අපල නැති අයට උනත් ලැබෙන හොඳ වැඩි වැඩි යෙන් ලැබෙනවා...

හා දැන් ඉතිං ඔය මදෑ නේද... පරිස්සමට කියවලා බලලා සිහි කල්පනාවෙන් වැඩ කරන්ටලා...

61 comments:

  1. දැං ඉතිං හොඳ මකරෙක් හොයාගන්න ඕන බැඳගන්න. :

    ReplyDelete
    Replies
    1. යකෝ දැං මගුලක් තියා ඉලව් ගෙයක්වත් (පාටියක්වත්) ගන්න පුලුවංද වියදං නැතුව.

      Delete
    2. උඹට ප්‍රසා තව එකක් බැද ගන්නනං ඉතිං ලබන ආත්මේ වෙනකල් ඉන්ට වෙයි...
      ඇයි බං හදපානේ මද අදුරේ ගියම මොන වියදංද..?

      ඉලව් ගෙවල් කියන්නේ නදී මල ගෙවල්වලට... මං හිතන්නේ නදිලගේ පැත්තේ ඒ වචනේ භාවිතා වෙන්නේ නැතිව ඇති..

      විදානේ හොර ඡන්ද දානවා වගේ දැක්කා.. :D

      Delete
  2. //ඔන්න නොවැම්බරය අහවර වෙලා දෙසැම්බර් පටන් ගැනීමේ හිටං ලබන වරුසයේ ජූලි මැද වෙනකල් හරියටම කිව්වොත් මකර ලග්න හිමියන්ට ධන යෝග වගේම මංගල යෝගත් තියෙනවා...

    meka thamai danaganna one wela thibbe :) godak sthuti paladili kirim walata

    ReplyDelete
    Replies
    1. නදියා ගොඩ යයි වගේ.. :D
      අපිටත් ඉතිං කේක් තැපෑලෙන්වත් ඕන...

      Delete
  3. Replies
    1. කමෙන්ට් කරල තීන විදිහෙම්ම ඒක පේනව.

      Delete
    2. ඔච්චර කියන්න ඕන නෑ. අපි දන්නව උඹ ඒ ජාතියෙ තමයි කියල. :D

      Delete
    3. අඩෝ ඉන්දික කැත කතා කියන්න එපා.......විදානේ නම්වූ මම වෘශභයෙක් නෙවේ මීවෘශභයෙකි :D
      මීට සී.ජේ.විදානේ

      Delete
    4. එහෙනං මුගේ ඇඟේද අර ඉන්දියන් ප්ලේන් එක හැපෙන්න ගිහින් තියෙන්නෙ? සෙන්සුරු මාරුවෙලා යන්තන් බේරිලා!

      Delete
    5. "ඉන්දික උපශාන්තNovember 8, 2014 at 1:16 PM
      කමෙන්ට් කරල තීන විදිහෙම්ම ඒක පේනව."
      :D

      චන්ද රාජකාරි වලට ගියාම පෙට්ටි ඇරියම ගොඩක් වෙලාවට එකට තියල නවපු චන්ද කොළ හම්බ වෙනවා. මෙත් ඒ වගේ වැඩක් නේද ?

      Delete
    6. විදානේගේ කේන්දරේනං නොබලම මං කියන්නං.. සෑහෙන්න දියුණු වෙන්ට ඇහැකි කෙනෙක්.. ඔව් ඔව්.. හැබැයි වැරදිලාවත් වෙන රටකටනං යන්න එපා.. දියුණුව තියෙන්නේ මෙහෙම තමා :D

      Delete
    7. ම.සො.පි

      හෙහ් හෙහ්...ඔව්ව ඉතින් දන්නෙ අපේ රාජ් තමා :)

      Delete
    8. බාරයක් ඔප්පුකරලා විදානේ

      Delete
  4. මුල්ම පෝස්ට් එකේදී උඹට බැන්නට පාඩුවක් උනේ නැහැ.
    පස්සේ යන්න තිබ්බ කෝච්චියක්නේ අද කළින්ම ඇවිත් තියෙන්නේ.
    එළ...
    වැඩිදුර පැහැදිළි කරගැනීම් පසුවට.

    ReplyDelete
    Replies
    1. //වැඩිදුර පැහැදිළි කරගැනීම් පසුවට//

      හැබැයි පුතෝ ඒවටනං ගෙවන්න වෙයි.
      -මාරයා-

      Delete
    2. ඔව් ඔව්...මේක නිකන් ඇතුල්වීම නොමිලේ, පිටවීම 50යි ජාතියෙ ෂෝ එකක්.

      Delete
    3. මේ ග්‍රහ මාරුවීම් තමන්ගේ ලග්නයට නොව කේන්දරයට බලපාන අන්දම දැන ගැනීමට මට දුරකතන ඇමතුමකදී අපොයිමන්ට් එකක් දමා බුලත් අතක් මත මොනර කොළ කිහිපයක් තබා ගෙන පැමිනෙන්න. මොනර කොළ වැඩිවන තරමට විස්තර වැඩිවන බව කරුණාවෙන් සලකන්න.
      -මාරයා-

      Delete
    4. @මහා කළු සිංහලයාNovember 8, 2014 at 3:53 PM
      Free market
      Supply and demand
      Most importantly :
      7 Ways to Beat Money Envy
      All the best :)

      Delete
    5. @මහසොහොන් පිල්ලිය
      Free service and premium service is best for all field. we haven't any problem. maraya is expert.

      Delete
    6. මෙව්වට මුකුත් කියලත් බැහැ නොකියත් බැහැ.. :D

      මොනවා උනත් ප්‍රසාටයි ඉන්දිකටයි කමිෂන් එකක් දෙන්න වෙනවා මෙහෙම ගියොත්.. :D

      Delete
  5. මකරත් ලග්නයක්ද අප්පා???????? මෙහෙනම් උත්සව කාලෙට පාර පුරාම මකරෝ නටනවා

    ReplyDelete
    Replies
    1. දවල්ද මකරො නටන්නෙ ?

      Delete
    2. ඔහේ නටන්නේ මකරුනේ.. මෙහෙනං වෘෂභයොත් නටනවා වැඩි හරියක්.. :D අනික උත්සව ඕනත් නැහැ.. පාරවල්වල විතරක්මත් නෙවෙයි.. උත්තරීතර කියන පොට් එකේ පවා.. :D

      Delete
    3. චීන අලුත් අවුරුද්දට Lion Dance තියෙනවා. ඒක හරිම ලස්සන නැටුමක්...පේන මානෙක තිබුනොත් වීඩියෝ කෑල්ලක් අමුණන්නං මූණු පොතේ...ගිය වතාවෙ නම් අපේ ඔපීසිය පහළ නැටුවා...

      Delete
  6. හෙහ් හෙහ්.. මටත් මගුලක් හරියයි වගේ.. :p

    ReplyDelete
    Replies
    1. වැඩි දවසක් නැහැ ඉක්මනට ගෙදරට කියන්න මේ ටිකේ ස්වයං වරය තියන්න ලෑස්තියි කියලා.. :D

      Delete
  7. මගේ ලග්නය ගැන ඉඟියක් තියෙනවා...ඒ ගැන ලියවුන දවසට එන්නම් කියවන්ට...

    ReplyDelete
    Replies
    1. ඔහොම යද්දි සැට් වෙන්නේ නැතෑ..

      Delete
    2. බොලා ඊලගට ලියනවා කියන දෙකෙන් එකක්...අපේ මහින්ද මාමත් මගේ ලග්නයේ....

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ටැන්කූ ටැන්කූ මාරේ .සෙනසුරු මාරුවේ මකර ලග්නය ගැන මම බලපු හොදම විස්තරේ... මගේ සදු 12 හේ....ඒ කියන්නේ අතට ගත්තට කන්න පින නෑ.වගේ සීන් එකක් වත්ද?....

    ReplyDelete
    Replies
    1. එතනනං පොඩි අවුලක් තියෙනවා පුතෝ... හැබැයි ඔහොම උනාම ජන්ම ඒරාශ්ඨකයයි.. ලග්න ඒරාශ්ඨකයයි දෙකම එකතු වෙලා වර්ෂ දහයක් විතර අපලේ අල්ලලා ඉන්න හින්දා මං කලින් ලිපියකත් කිව්වා වගේ කාලය දික් වෙද්දි සැර බහින න්‍යායට අනුව ලොකු දේවක් නොකර පොඩි පොඩි දේවල් කාලයක් තිස්සේ කරන තත්වෙට යනවා.. ඒ හින්දා ඒ ගැන හිතලා හිත හදා ගතෑකි...

      බණක් භාවනාවක්.. පිනක් දහමක් කරං සිහි කල්පනාව ඇතිව වැඩ කරන්නයි තියෙන්නේ වතුරින් ටිකක් ඈත් වෙලා.. තිරිසන් සතුන් එක්ක ගනුදෙනු ටිකක් පරිස්සමට කරං ඉන්ට... වයසක උදවියට හොදින් කතා කරලා සලකන්න... දූගී මගී යාචකයින්ට පුළුවන් උපකාරයක් කරන්නට... ප්‍රතිපත්ති ගරුකව යහපත් විදියට ජීවත් වෙන්ට අපලයක් තියෙනවද කියලවත් දැනෙන එකක් නැහැ.

      Delete
    2. මම අහල තියෙනවා රටින් බැහැර උනාමත් අපල උපද්‍රව අඩු වෙනවා කියල.එහෙම හිතලවත් හිත හදාගන්නව ඉතින්.ඒත් අවුරුදු 10ක්.මට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.උඹටත් බොහෝම පින් මාරේ මේ උපදෙස්වලට.

      Delete
  10. //මකර ලග්න හිමියන්ට ධන යෝග වගේම මංගල යෝගත් තියෙනවා.//

    මම නම් අර නරක ඒවා දැක්කෙම නෑ. මේ ටික විතරමයි දැක්කේ...:P

    ReplyDelete
    Replies
    1. :D ඕක තිබුනොත් මදෑ ඉතිං :D :D :D

      Delete
  11. සුවිප් කථාවනම් මරේ මරු!

    කිසිම ලග්නෙකට හරි හමන් හොඳක් කියන්නෙ නැති ගුරුන්නාන්සෙ කෙනෙක්

    අර පී ඩබ්ලිව් ඒ පෝල් ඒ කාලෙ රේඩියෝ එකෙන් ඔයිට හොඳට බෙහෙත් දුන්න
    "තක්කාලි, ඉස්සෝ, අන්නාසි, අච්චාරු අගුණයි
    පතෝල, වැටකොලු, සාරණ, කැකිරි ගුණයි"

    ReplyDelete
    Replies
    1. තිස්ස....මතකයක් ඇවිස්සුවා. හැබැයි මේ පී.ඩබ්.ඒ.පෝල් නෙමේ. ඔය වචන ටික එක තාලයකට, මොන වෙදගෙදරද කියලා ගියේ ඕක.

      " රෝග ලක්ෂන අනුව ඔබේ දරුවාට වැලඳී ඇත්තේ අපස්මාර රෝගයයි. වැඩිපුර ප්‍රතිකාර අවශ්‍ය බව හැඟේ. දිනයක් යොදාගෙන පැමින හමුවන්න"....ඔන්න ඔය වගේ එව්වා තමයි කිව්වේ.

      Delete
    2. කිසිම ලග්නෙකට සම්පූර්ණ හොඳවත්.. සම්පූර්ණ නරකක්වත් කියන්නේ කොහොමද ආයිබංඩ... මේ ලොකේ මොන මනුස්සයටද තනිකර හොදම කාලවත්.. තනිකර නරකම කාලවත් තිබුනේ.. දුක සැප නිති පෙරලේ රිය සක ලෙස ලෝකේ... ග්‍රහයෝ එකෙක් ඉන්නවනං ඕක කියන්ට තිබුනා දැන් නරකයි අහවල් කාලේ හොදයි කියලා.. ඒත් ග්‍රහයෝ බර ගානක් ඉද්දි එකෙක් හොදක් කරද්දි අනිකා නරකක් කරනවා.. අපිට කරන්න වෙලා තියෙන්නේ ඒ ඒ වෙලාවට හොද කරන්නේ මොකාද.. ඒකාගෙන් ලැබෙන හොද මොකක්ද.. නරක කරන්නේ මොකාද.. ඌ කරවන නරක මොකක්ද කියලා කියා දීලා හොඳ ටික වැඩි කරගන්න ගමන් නරක ටික අඩු කරගන්න මාර්ග පෙන්නන එක... ඉතිං කොහොමද ඉස්සෝ තක්කාලි කැකිරි පිපිඤ්ඥා තාලේ උත්තර දෙන්නේ..? :D

      Delete
    3. "තිරිසන් සතුන් එක්ක ගනුදෙනු ටිකක් පරිස්සමට කරං ඉන්ට
      වයසක උදවියට හොදින් කතා කරලා සලකන්න"

      තමනුත් පිළිපදිනව වගේ :-)

      Delete
    4. අරූ - අරූ දිනපාල ද සිල්වා නේද????

      Delete
    5. තිස්ස .....ෂා හරියටම හරි. වෛද්‍ය දිනපාල ද සිල්වා.

      Delete
  12. ලග්න පිලිවෙලට දාහංකො එහෙං මෙහෙං දාන්නෙ

    ReplyDelete
    Replies
    1. යකෝ මමත් දැන් අහස වගේ වේගන යනවා.. පිළිවෙලට දැම්මත් බයිනවා.. පිලිවෙල වෙනස් කලත් බයිනවා.. හනේ මංදා :D

      Delete
  13. ධනු ලග්නේ ගැන කියන්නකෝ මාර මහත්තයෝ....මට සැහෙන්න අපලයි...ඒක ගැන දැනගන්නම ඕන මට...

    ReplyDelete
  14. බොහොම තැන්කූ මාරයියේ මේ විස්තර කිව්වට.

    ReplyDelete
  15. මගේ ලග්නේ මොකක්ද කියන්නේ නෑනේ අප්පා අම්මා.
    පොරොන්දම් ගලපන්න යයි කියලා බයේවත් වෙන්න ඇති නේද මාරයා අයියේ.....?

    ReplyDelete
  16. සිංහයි, කටකයිත් ඉක්මනටම ලියන්නෝ

    ReplyDelete
  17. අඩේ ඒ කියන්නෙ අලුත් වාහනයක් ගන්න එපා කියලද මල්ලි? ෂකේ...

    ReplyDelete
  18. මාරයෝ...

    පුළුවන් වෙයිද මට මගේ ලග්නේ හොයා ගන්න...

    මගේ හරි ලග්නේ මොකක්ද කියල තාම මම දන්නේ නැහැ..

    අපේ වැඩිහිටි සැට් එක කියන්නේ කුම්බ කියල...එත් වෙබ් එකේ එක එක සයිට් වල විස්තර ටික එන්ටර් කරපුවම එන්නේ වෙන එකක්...

    මේක හොයාගන්න මොකක්ද මම කරන්න ඕන...?

    ReplyDelete
  19. ලග්නේ මොනවා උනත්
    බ්‍රෑන්ඩ් එක ගල්
    -ස්තුතියි-

    ReplyDelete
  20. මාර අයියේ මගේ සදු ඉන්නේ 01 ශනි 11 කු‍ජ 12 මොනවා වෙයි ද ?

    ReplyDelete