18 November 2014

සෙනසුරු මාරුව සිංහයින්ට කොහොමදෑ...



හරි එහෙමනං ඔන්න අද තවත් ලග්නයකට පහුගිය දෙවැනිදා වෙච්ච හෙනහුරු මාරුවෙන් පස්සේ කොහොමද කියලා කියන්නයි යන්නේ... කට්ටිය කරුනාකරලා මෙයිට කලියෙන් ලිව්ව මේ සම්බන්ධ සටහන් ටිකත් කියවලා ආවනං මට ලේසියි.. මොකද පලවෙනියෙම්ම විස්තර කරපු මේෂ ලග්නයට අදාල ලිපියේ මං තරමක් මේ හැම එකටම පොදු වශයෙන් දැනගෙන ඉන්න ඕන කාරණා එහෙම විස්තර කරලා තියෙනවා.. අතර මැද ඒවායෙදිත් ඒ වගේ සුළු සුළු වැදගත් කරුණු කියවිලා තියෙන හින්දා ඒ ටික කියවලා හිටිය කෙනෙකුට මේ ලියන දේවල් තේරුං ගැනීමේදී යම් කිසි පහසුවක් වෙයි.. තමන්ගේ ලග්නයම නොවුනට කමක් නැහැ ඒවත් කියවලා බලලා තමුන්ගේ නෑදෑ හිතවත් අවට හිටින ඒ ඒ ලග්න හිමි අයගේ ජීවිත තත්වයන් එක්ක සසඳලා බලන්නවත් බැරියෑ මේ කියන ඒවයින් කොච්චරක් ඒ අයගේ ජිවිතවලට හරියනවද කියලවත්...

හොඳයි ඔන්න එහෙමනං රවිට අයිතිය තියෙන සිංහ ලග්න කාරයින්ට මේ මාරුවෙන් පස්සේ කොහොමද කියන හැටි...ඔය උඩින්ම දාලා තයෙන්නේ අද දවස වෙද්දි සිංහ ලග්න හිමියන්ගේ කේ්න්දර වල ග්‍රහයින් ගමන් ගන්නා හැටි... එයිට කලියෙන් බලලා ඉන්ට මේ පහත තියෙන සටහන...


සිංහ ලග්නයෙන් උපන් තම තමුන්ලාගේ උත්පත්ති කේන්දරයේ.. (ඒ කිව්වේ අර ගෙදර තියෙන හදහන් පොතේ හරි පුස්කොලේ හරි තමා) මෙන්න මේ පේන විදියට “ච“ යන්න.. එහෙමත් නැත්තං සඳු පිහිටලා තියෙන අයට (සඳු 3/4/5/9) මම මේ කියන්න යන දේවල් ඒ හැටියෙන්ම බලපාන්නේ නැහැ.. ඒ අය ගැන මං අවසානෙදි කතා කරන්නං.. මේ කියන්නේ මෙහෙම පිහිටලා නැති අය ගැන...

මේ ග්‍රහ මාරුව සිංහ ලග්නය තියෙන අයට නරකක් නැතත් ඒ හැටිම හොඳකුත් නැති එකක්.. ඇයි එහෙම වෙන්නේ... සිංහ ලග්න කාරයාගේ ලග්න ඒරාශ්ඨය නිමා උනේ 2012 අගෝස්තුවල වගේ තමයි.. ඒ කිව්වේ හෙනහුරා 12/1/2 කියන කොටුවල ගමන් කරපු කාලේ.. ආන්න ඒ ඒරාශ්ඨක අපල කාලේ නිමා වෙලා 2012 අගෝස්තු හිටං මේ පහුගිය නොවැම්බර් දෙක තුන විතර වෙනකල් හෙනහුරා ගමන් කලේ මේ අයගේ කේන්දරයේ තුන් වැන්නේ.. සිංහ ලග්න හිමියන්ගේ කේන්දරේ තුන් වැන්න කියන්නේ තුලා රාශිය.. හෙනහුරාට උච්ච රාශිය.. එහෙමත් නැත්තං හෙනහුරාට හොදම තැන... එතකොට පහුගිය අවුරුදු දෙකක් දෙකහමාරක් තිස්සේ වගේ හෙනහුරා හිටියේ තුන් වැන්නේ උච්ච බල සහිතව.. ඒ විතරක් නෙවෙයි මං අර මුල් ලිපිවල කිව්වා වගේ තුන් වැන්න කියන්නෙත් හෙනහුරාට හොඳම තැනක්... ඔය කාරනා ඔක්කෝම ගත්තම උත්පත්ති කේන්දරයේ කියන්න තරං වෙන අවුලක් නොතිබුනානං... ඔය ගත වෙච්ච කාලය සිංහ ලග්න හිමියන්ට බොහෝම යහපත් කාලයක් වෙලා තිබුනා... සහෝදරාදීන්ගේ දියුණුවට වැඩ සැලසෙන.. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකි.. ප්‍රමාද වෙවී තිබුන මංගල කාරණා එහෙම ඉස්ඨ සිද්ධ කෙරෙන.. අළුත් අළුත් අත්දැකීම් හම්බු වෙන.. තරමක් ක්‍රියාශීලී.. සිංහ ලග්න හිමියන්ගේ උපතින්ම එන නිදිමත ගතිය ටිකක් අඩුවෙන :D ... කම්මැලිකං ගසා බසා දාලා ටිකක් වැඩ කරන්න හිතෙන.. නොහිතුනත් එහෙම බලෙන් හරි කරන්න වෙන කාලයක්... කොටින්ම කිව්වොත් හෙනහුරාගෙන් කරදරයක් නැති කාලයක් තමා ගෙවුනේ... හැබැයි ඔය කාලේ රාහුත් හෙනහුරා එක්ක හිටිය හින්දා ටිකක් විතර පිස්සු වැඩත් කෙරුනා වෙන්න ඕන... භයානක තීන්දු තීරණ ගැනීම... වෙන කාලෙකනං කීයටවත් කරන්න හිතෙන්නේ නැති භයානක වැඩ උනත් කරන්න හිතීම.. අවදානං සහගත දේවල් කරන්න බය නැතිව යාම වගේ දෙවලුත් ටිකක් තියෙනවා.. ඒ ඇරුනම පහුගිය මාස හතර පහක පුරාවට රාහු දෙවැන්නේ හිටිය හින්දා මේ ටිකේ තරමක් වියදං වැඩි වීමත්.. ආදයම්වල අඩුවක් වීමත් වගේ දේවලුත් නැතිවම නෙවෙයි. ඒත් සමස්ථයක් හැටියට ගත්තම යමක් කෙරුන.. යමක් ජිවිතයට එකතු උන කාලයක්...

එතකොට එහෙම හිටිය තැනින් තමා මේ හෙනහුරා මාරුවෙලා ඇවිත් තියෙන්නේ.. ඉතිං කොහොමද හොඳයි කියලා කියන්නේ නේදෑ..?

එතකොට දැන් ඉන්නවා ඔන්න හතර වැන්නේ... හතර කියන්නේ ගේ දොර.. යාන වාහන.. අම්මා.. තමුන්ගේ පපුව ආශ්‍රිත ප්‍රදේශ වගේ බොහෝමයක් දේවල්වලට සම්බන්ධ තැන... එතැනට හෙනහුරා ආවම කොහොමද... අනික තමා කලින් හිටිය උච්ච රාශීය වෙච්ච තුලාව වගේ නෙවෙයි හතරවැන්න කියන්නේ වෘශ්චික රාශිය.. හෙනහුරාට ඒ හැටි හොඳ තැනක් නෙවෙයි.. හෙනහුරාට සතුරු රාශියක්.. අයිතිකාරයා ග්‍රහ ලොව කචල් කාරයා..කුජ...හෙනහුරා ඇවිල්ලා නූල් සූත්තරකාර අළුගුත්තේරු වයසක ලොක්කා... චණ්ඩියා ඉතිං අතින් පයින් ගේම මිස සූත්තර වැඩ නැහැනේ... වයසක ලොක්කට ඉතිං යටිකූට්ටු වැඩ මිසක් මූණට මූණ ෆයිට් බැහැ... දෙන්නට දෙන්නා රුස්සන්නේ නැති උනාට දෙන්නටම ගහගන්න පුළුවන් එකම ක්‍රමයක් නැහැ.. ඉතිං හීතල වලියක් තියෙන තමාට බලයක් නැති.. තැනකටයි මේ ගියේ.. කොටින්ම කිව්වොත් සීසර්ගේ ගෙදරට සාත්තර ගුරුන්නාන්සේ ගියා වගේ.. මර්වින්ගේ ගෙදරට ජේ ආර් ගියා වගේ... හා හා ඒවා ඕනෑ නැහැ.. අරූ කචල් කාරයා මූ නූල් සූත්තරකාරයා... දෙන්නට දෙන්නා හැප්පෙන එක තමා වැඩේ... එතකොට ඉතිං අර කියන්නේ අලි මොනවද කරනවා අපි තැලෙනවා වගේ සීන් එකක් තමා ඇති වෙන්නේ...

එතකොට මේ එක්කලාම අපි බලන්න එපෑ ගුරු කොහේදෑ කියලා.. අනේ මෙන්න උන්දැත් ඉන්නවා කේන්දරේ දොලොස් වැන්නේ... වැයස්තානයේ... උන්නැහේගේ උච්ච රාශිය උනත් ඉතිං අතේ තියෙන දේ වියදං කරලා ඉවරයක් නැහැ... එතකොට රාහු ඉන්නවා දෙවැන්නේ.. ධනස්ථානය... ඉතිරි කරං හිටිය ඒවටත් බබා හම්බු වෙන වැඩක්.. කේතු අටේ... පරණ ලෙඩ දුක් හිටං ටික ටික මතු වෙන්ට ඇහැකි... ඔන්න සම්පූර්ණ චිත්තරේ කෙටියෙන් කිව්වොත්...

කොටින්ම කිව්වොත් නරක පැත්ත හැටියට ගත්තොත් මේ කාල සීමාව සිංහ ලග්න කාරයින්ගේ මව් පාර්ශවයට තරමක් කරදර ඇතිකරවන කාලයක්... මව් හෝ මව් පාර්ශවයේ තමාට සමීප ඥාතීන්ට කරදර ඇති වීම... තමාටත් පපුවේ මහන්සි ගතිය.. මව් ජීවතුන් අතර ඉන්නවනං උන්දැටත් පපුවේ මහන්සි ගති.. වාත අමාරු ආදිය... ඇති කොරවන්ට ඇහැකි කාලයක්.. ඒ වගේම පදිංචි තැනින් ටිකක් වෙනස් වීම් සිද්ධ වෙන කාලයක්.. රැකියා ස්ථාන මාරු වෙන්ටත්.. ඉන්න හිටින තැන වෙනස් වෙන්ටත්.. උත්සහ කරනවනං විදේසගත වෙන්නත් සිද්ධ වෙන කාලයක්... ඒ වගේම පදිංචි තැන සුව පහසුව තරමක් අඩුවෙන.. වැඩ වැඩිවෙන.. ආකාරයේ දේවලුත් සිද්ධ වෙන්ට ඇහැකි.. ඒ විතරක් නෙවෙයි ඉන්න තැන අළුතින් තීන්ත ටිකක් ගාන්න හරි කැඩුනු උළු කැට මාරු කිරිල්ලක් හරි වගේ සුළුම දේක ඉඳලා ටිකක් බරපතල වියහං යන අන්දමේ නඩත්තු කටයුතුත් යෙදෙන්න ඇහැකි... රථ වාහන පාවිච්චි කරන කෙනෙකුටනං ඒවයෙත් ලෙඩ දෙන්න ගන්නවා.. විසේසයෙන්ම වාහනවල ලෝහමය කොටස් ගෙවී යාම නිසා ඒවා නැවත දමන්න වෙනත් කාල වලට වඩා වැඩි මුදලක් යොදවන්නත් වෙයි... ගෙදර දොරේ තියෙන විදුලි උපකරණ.. ඔය ඉලෙක්ට්‍රොනික් ගැජමැටික්ස් උනත් බොහෝම ඉක්මනට කැඩෙන්න පුළුවනි.. ඒ හින්දා ඒ දේවල් නඩත්තු කරන්න නැත්තං අළුතින් ගන්නත් මුදලක් විය පැහැදං කරන්න වෙයි... ඔන්න ඔය වගේ තත්වයක් තමා තියෙන්නේ....

හැබැයි ඔය අතරෙම මෙන්න මෙහෙම දේවළුත් තියෙනවා.. ඒ කිව්වේ දැන් ඔය ගුරු ඉන්නවනේ දොලොස් වැන්න වෙච්ච වැයස්ථානයේ.. ඉන්නෙත් උච්ච වෙලා.. ඔන්න ඔහොම ඉන්න වෙලාවට ටිකක් හිතලා මතලා කල්පනා කරලා තමන් අතේ තියෙන මුදල් යම් කිසි වියාපාරයකට වගේ දේකට.. එහෙමත් නැත්තං උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් හරි යෙදෙවුවට පාඩු නැහැ.. මේ කාලේ ආයෝජනය කරන මුදල් තව අවුරුදු දෙකක් ඇතුලත අනිවාර්යයෙන්  පැටවු ගහනවා.. ඒ හින්දා 2015 අවුරුද්දේ ජූලි විතර වෙනකල් කාලය මුදල් ආයෝජන කටයුතු වලට හොදයි.. හැබැයි මතක තියා ගන්න ප්‍රතිඵල එන්නේ අවුරුද්දකට පස්සේ... ඒ හින්දා තමන් යොදවන මුදල මොන වගේ දේකටද යොදවන්නේ කියලා හිතලා මතලයි යොදවන්න ඕන.. හෙට අනිද්දම ආයෙම ගන්න බලං අතේ තියෙන හැම සතේම දාන්න යන්න එපා.. තමාට හදිසියක් නැති මුදලක් තියේනං ඒක තමා යොදා ගන්න ඕන.. නැත්තං අතේ තියෙන දේ පොලියට දීලා පිටින් පොලියට ආයෙම ගන්න වෙයි... (ඔය චීනෙන් අරං පලස්තීනෙට දුන්නා වගේ.. :D)

උදාහරනයක් කිව්වොත් අතේ සල්ලි තියෙනවා.. කවුරු හරි කතා කරනවා වගාවක් කරන්න.. හරි අවුලක් නැහැ.. හැබැයි වගා කරන දේ මොකක්ද කියලා කල්පනා කරන්න ඕන අපි හිතමු මඤ්ඥොක්කා කියලා.. වගාව දාන්නේ ලබන මාර්තු අග අප්‍රියල් මුල වගේ කියලා හිතමු.. ඕකේ අල බහින්නේ නැහැනේ ජූලි වලට කලින්.. අනිවාර්යයෙන්ම ඒක වැටෙන්නේ අවුරුද්ද අගට... ඒ කියන්නේ කෙලවීමක් තමා.. මොකද ජූලිවල ඉදලා 2016 අගෝස්තු විතර වෙනකල් කාලය අතර ලැබීම අඩුයි.. එහෙමනං අතේ සල්ලි තිබුන පලියටවත් කවුරුවත් වගා කරන්න කතා කල පලියටවත් මඤ්ඥොක්කා වගේ දෙයක් දාන එක සාර්ථක වෙන්නේ නැහැ... මොකාක් නමුත් මගුලක් වෙලා වගාව විනාශ වෙන්න හරි.. නැත්තං අල ගැලවෙන කාලෙට මඤ්ඥොක්කා දෙකයි පනහට යන්න හරි පුළුවන්.. ඒ හින්දා කල්පනා කරන්න ඕන තරමක් කල් අල්ලලා ආදායං ලැබෙන දෙයක් ගැන.. අපි හිතමු අන්නාසි කියලා.. ඒ හැටි අවුලක් නැහැ.. මොකද පලවෙනි මුරේ දෙවැනි මුරේ අතෑරියම අර කිව්ව හොද කාලෙට තමා තුන්වැනි හතරවැනි මුර වැටෙන්නේ.. මුල් මුර වලින් ඔය ගිය ගාන යන්තමින් පියව ගත්තම මදෑ.. ලාබ එයි තුන් වැනි මුරෙන් පස්සේ... මං මේ ටික ලිව්වේ ජෝතිෂය කියන එකෙන් වැඩ ගන්නත් යම් කිසි හිතිමේ ශක්තියක් ඕන කියන එක පැහැදිලි කරන්න.. හඳහනේ තියෙන දේ ප්‍රායෝගිකව භාවිතා කරලා හොදම ප්‍රතිඵල අත්කරගන්නේ කොහොමද කියලා සිහි නුවණින් කටයුතු කරනවනං හඳහන් බැලිල්ල හොඳ වැඩක්.. එහෙම නැතිව “ආ හදහනේ හොදයි කිව්වා“ කියලා අතේ තියෙන සල්ලි ටික අරං ගිහින් බූරු කෙලින එක හරියන කෙලියක් නෙවෙයි... හඳහනෙන් සුදුසු කාලය නුසුදුසු කාලය කිව්වම නුසුදුසු කාලයේ අවධානම් වැඩ නොකර ආරක්ෂිතව.. තියෙන දේ රැකගෙන... පරිස්සමට කටයුතු කිරීමත්... ඒ ඒ කාලයට කලාට කමක් නැති වැඩ දැන හැදුනගෙන ඒවා සාර්ථක කර ගැනීමත් කල යුතුයි...  අපි මේ ඇලවල් උතුරන මහ වැස්සේ වී ඉහින්න යන්නේ නැහැනේ.. අන්න එහෙම... මහ වැස්සට කරන්න ඕන ගේ ඇතුලට වෙලා කරන්න පුළුවන් වී කෙටිලි.. වගා උපකරණ අළුත් වැඩියා කිරිලි වගේ වෙලාවට සුදුසු කල හැකි දේ... පෑව්වම පුළුවන් වී ටික ඉහ ගන්න... එහෙම සුදුසු කාලය සුදුසු පරිද්දෙන් යොදා ගැනිල්ල තමා ජෝතිෂයෙන් වැඩ ගන්නවා කියලා කියන්නේ... එහෙම නැතිව කාලේ නරකයි කියලා පැත්ත වැටිලා බුදියැවිල්ලවත්.. කාලේ හොදයි කියලා කටට වැටෙයි කියලා උඩ බලන් ඉදිල්ලවත් නෙවෙයි. ඔය ටික තේරුං ගන්න බැරි මිනිස්සු තමා මේක දෙකයි පණහට දාන්නේ.. කේන්දර බලන.. බලවන කොයි කෙනා උනත්...

හරි ඒ වගේම තමා... තවත් අපූරු මාරුවක් තියෙනවා ඉස්සරහට.. ඒ තමා රාහු දැනට ඉන්න දෙවැන්නෙන් ලග්නයට (රාහු ඇවිල්ලා යන්නේ රිවස් එකට) ඒම.. මේක සිද්ධ වෙනවා 2016 ජනවාරි අග.. ඒ වෙද්දි ගුරුත් ලග්නයට ඇවිල්ලා... මේක බොහෝම අපූරු කාලයක්... විශේෂයෙන්ම විදෙස්ගත වෙන්න ඉන්න අයට..කිසිම කරදරයක් බාධකයක් නැතිව තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්කම හම්බු වෙනවා.. ඒ වගේම ඔය රාහුගේ කේතුගේ විශේෂ ගතියක් තියෙනවා.. ඒ තමා යම් කිසි රාශියකට මාරුවෙන්න තුන් මාසයක් විතර කලියෙන් ඉදලා අර මාරුවීමට නියමිත රාශියේ පලයි.. දැනට ඉන්න රාශියේ පලයි දෙකම දෙන්න පටන් ගැනිල්ල.. ඒ අනුව 2015 ඔක්තෝබර් අග ඉදලම මේ රට යන වැඩට.. පදිංචියේ හෝ රැකියාවේ හෝ මාරුවක් අපේක්ෂා කරන අයට ඒ අදහස් සාර්ථක කරගන්න ඇහැකි වෙන්න ගන්නවා...2015 ඔක්තෝබර් අග ඉඳන්  2016 අගෝස්තු මැදක් වෙනකල් මේ තත්වය හොදින් තියෙනවා...2016 අගෝස්තු මැදින් පස්සේ අන්න මේ කාලේ ආයෝජනය කල දේවල්වල ප්‍රතිඵල එන්න පටන් ගන්නවා... ඒ හින්දා ඔය කියන කාලය බලාගෙන ප්‍රතිඵල ලබාගත හැකි දේවල්වලට අත ගහන එක.. විභාග වලට සූදානම් වන එක... සෑහෙන්න හොද දෙයක්.. ඒ වගේම දැනට තියෙන කාලය තුල පැරණි නිවාස ආදිය මිලට ගැනීම වගේ දේවලටත් කාලය හොදයි.. ඒ වගේම පැරණි වාහන මිලට ගැනීමත් මේ ඉදිරි මාස අට නවය තුල හොදයි... ඒ හැම එකකින්ම තමන්ට වාසියක් මිස අවාසියක් වෙන එකක් නැහැ....

හරි මං දැන් කියන්න යන්නේ අර සදු උපතේදී විශේෂ තැන් කිහිපයක හිටිය අයට තත්වේ මොකද කියලා.. අන්න ඒ අය පොඩ්ඩක් සාමාන්‍ය සිංහ ලග්න කාරයට වඩා පරිස්සමෙන් වැඩ කරන්න ඕන.. මොකද ඔහේලට තාමත් ඒරාශ්ඨක අපල තත්වයක් තියෙනවා... ඒ හින්දා තරමක් ඔය ඉහතින් කියාපු හොද ඒ තරමටම පල නොදෙන්නත්.. නරක ටිකනං තදින් බලපාන්නත් ඇහැකි.. ඒ හින්දා තව දුරටත් පිනට දහමට යොමු වෙලා.. ප්‍රතිපත්ති ගරුකව යහපත් ජිවිතයක් ගත කරන ගමන් හදිසි වැඩ කරන්න නොයා.. කරන හැම දේම ටිකක් වෙලාව අරං.. හිමිහිට සිහි කල්පනාවෙන් කරං යන එක හොදයි.. ඒ වගේම පපුවේ අමාරු අනං මනං තියේනං ටිකක් කල්පනාවෙන් ඉන්න ඕන.. කැපුං කෙටුං කරන්න වෙන අන්දමේ ප්‍රතිකාරවලටත් යොමු වෙන්න යම් හැකියාවක් ඇති නිසා... ඒ වගේම සමේ රෝග.. පාදවල රෝග වගේම.. විකාර හීන පේන.. නින්දෙන් බය වෙන වගේ දේවළුත්.. මිය පරලව ගිය ඥාතීන් එහෙමත් හිනෙන් පේන්න ගන්න කාලයක් වෙන්න ඇහැකි. පොඩ්ඩක් අනිත් අයට වඩා “හිමිහිට..පිළිවෙලට“ වැඩ කරං යනවනං ඒ හැටි අවුලක් වෙන්නේ නැහැ.. “හදිසියට සහ ඕනෑවට එපාවට“ වැඩ කරන අයටනං ඉතිං අබ සරණයි.. :D 

එහෙම අපල තත්වයන් තියෙන අය පින් දහම්.. බණ භාවනා ආදිය කරමින් යහපත් බබලා වගේ ඉන්න උත්සහ කරන්න.. වැඩිය අළුත් ඇදුම් ආයිත්තං මිලට ගන්න..පරිහරණය කරන්න නොයා.. ඔය තියෙන දෙයක් ඇදලා.. වැඩි කල එළියක් පෙන්නන්න නොයා සරල ජිවිත ගත කරන්න... වැඩි විනෝදයත් කලබල සහිත තැනුත් මග ඇරලා හිටින්න... එච්චරයි...

හරි එහෙමනං ඔන්න ඒකත් අහවරයි.. දොළහෙන් පහක් අහවරයි.. තව දෙකක් තුනක් විතරනං ලියා ගන්ට ඇහැකි වෙයි.. ඊ ළගට වෘෂභයත් එයින් පසුව වෘශ්චිකයත් ලියන්ට හිතං ඉන්නවා.. හැබැයි එයින් එහාටනං ඒ හැටි උවමනාවක් වැඩි දෙනෙකුට තිබුන පාටක් පේන්ටත් නැති හින්දත්.. මටත් වැඩ වැඩි වීම සහ කම්මැලි වීම නිසාත්.. ඔය දෙක ලිව්වට පස්සේ හිතුනොත් මේක අල්ලලා දානවා.. :D 
12න් 7ක් ලියාගන්නවා කියන්නෙත් සෑහෙන කෙලියක්නේ නේද..?

24 comments:

  1. එහෙම පුලුවන්ද
    කලේ ගැනත් ලියහන්

    අපි හරි වසයි හරිය

    ReplyDelete
  2. වෘශ්චික ලියහං ඊගාවට

    ReplyDelete
  3. සිංහ මුණු දාගෙන් බ්ලොග් ලිව්වට ඒ අය සිංහයොද බං.. හැක්..

    ReplyDelete
    Replies
    1. නෑ උං දඩයක්කාරයො.

      අඩෝ ලැක්චර්, මතක තියාගන්, සිංහයගෙ දැක්ක ගමන් ඌ හිනා වෙනව කියල ඇවටෙන්න එපා...

      Delete
    2. වුසබ මූනක් දාගෙන බොග් ලියන්න බැයිද?

      Delete
  4. අනේ ධනු ලියන්නකෝ ඊගාවට. ප්ලීඊ.......ස්!

    ReplyDelete
  5. සිංහ ලෝකයේ.............යෙලා යෙලා

    නදී ගංගා තරණයේ..
    සැරිසරා සැඩ මාරුතේ..
    ඉන්ද්‍රකීලයක් සේ..
    නොසැලී මා යන මාවතේ..
    සිංහ ලෝකයේ..
    සිංහ ලෝකයේ..
    සුළං රැල්ලේ දැවටිලා..
    මන්ද මාරුතයේ..
    සොයා යන්නෙමි..
    ගලා එන මන්දාකිණි..
    හඹා යමි හමු වෙන තුරා..
    ජීවිතේ උතුම් පැතුමන් හා..
    නිරතුරුව අභිමානයෙන්..
    මංමුලා නොවේ කිසිදා..
    ජවය මා සතු වේ..
    දිරිය ගන්නෙමි..
    ගලා යන දහසක් නදී..
    බලා සිටී මා එන තුරා..
    නිරතුරුව අභිමානයෙන්..
    නදී ගංගා තරණයේ..
    සැරිසරා සැඩ මාරුතේ..
    ඉන්ද්‍රකීලයක් සේ..
    නොසැලී මා යන මාවතේ..
    සිංහ ලෝකයේ..
    සිංහ ලෝකයේ....

    ගායනය - චිත්‍රාල් සෝමපාල

    Nadee Ganga Tharanaye

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි :)

    අපොයි කටකත් ලියන්න. අපි මුලින්ම ඡන්දෙ දැම්ම ඒකටත්.

    ReplyDelete
  7. කෝ කටක ...? හරිම අසාධාරණයයි කොහෙන් පැනපු සිංහයෙක් ද මේ ?

    ReplyDelete
  8. අපි නම් විශ්වාස කරන්නේ නෑ කිව්වට හැමෙම බලන් ඉන්නේ තමන්ගේ ලග්නේ එනකන්

    ReplyDelete
  9. බොහොම ස්තුතියි මාරේ. මේවා නිකං බලන් ඉඳලා කිව්වා වගේ. ඒ කියන්නේ පහුගිය දවස් ටිකේ සහ මම ඉදිරියට කරන්න සැලසුම් කරන් ඉන්න දේවල් සමග බොහෝ සෙයින් ගැලපෙනවා.

    ReplyDelete
  10. තාම අපේ එවුවා නෑ.. හා හා ඊලග එක..

    ReplyDelete
  11. මාරෙ, තුං මලා!

    ReplyDelete
  12. මගේ ලග්නෙ වුනත් තැනින් තැන ක්ෂනික කියෙව්වා.. මේ ටිකේ වෙච්ච දේවල් හැටියට බොහෝ දේවල් හරි වගේ..

    වාහනේ බෙල්ට් ගිහින් කෙලවෙලා අතේ සතේ කෙලවුනා

    //සිංහ ලග්න හිමියන්ගේ උපතින්ම එන නිදිමත ගතිය ටිකක් අඩුවෙන :D ... කම්මැලිකං ගසා බසා දාලා ටිකක් වැඩ කරන්න හිතෙන.. නොහිතුනත් එහෙම බලෙන් හරි කරන්න වෙන කාලයක්..// මේ කියනව වගේ වෙනදට වැඩිය කික් එකේ වැඩ කලා හැබැයි..

    කිව්වත් වගේ තීන්ත ගාන්න වුණා අද - ගෙදර වැඩ කරපු බාසා පොල්ල තියල ගිය නිසා..
    ඉන්න තැන සැප නැහැ - අපේ ගෙදර වැඩ නිසා, මේ ටිකේ පවුලගේ ගෙදර ඉන්න නිසා.

    කියවපු අනිත් ඒවත් හරි ගියොත්, සෑමා නැහැ කියලා හිතා ගනින් මාරේ..

    ReplyDelete
  13. මේ අපල දුරු වෙන්න බණ භාවනා කරන්නලු නේද?

    ReplyDelete
  14. මෂං මාරේ වෙලාව තිබුනොත් ඇදේට යන එකා ගැනත් ලියන්ටෝ..... ;)

    ReplyDelete
  15. ඊගාවට ගෝනුස්ස නේද?

    ReplyDelete
  16. ඊලගට මිථුන ලග්නය පලකරන්න.

    ReplyDelete