21 November 2014

ඔහු බාරයි ඔබට පුතේ..! ඇමති තුමනි සුභ ගමන්..!


එළස් වැඩේ යන්තං අවසානෙදි කෙරුණා ඕං... දවස් ගාණක ඉදන් වෙයං වෙයං කියලා හිත හිත හිටිය වැඩකින් සෑහෙන හරියක් හිතුව ගානටම නැතත් යම් තරමකින් කෙරුණා කිව්වොත් හරි...

ඔහෙලට කියන්න මෙච්චර කාලයක් මට මතක ඇති කාලෙක මේ තරං අපූරු මැතිවරණ අවස්තාවකට මං මුහුණ දීලා නැතිවා... මතක තියෙන කාලෙක ඉඳලම මැතිවරණයක් කියන්නේ ඇගේ මයිල් ඉස්මයිල් වෙන කාලයක් නෙව.. පොඩි කාලෙනං ඉතිං පරදිනවා පරදිනවා අහවරයක් නැහැ... මේ පාරවත් පාර හැදෙයි.. තාර වැටෙයි.. ලයිට් ලැබෙයි.. බස් එකක් වැටෙයි කියලා හිත හිත හිටලා සංසාරෙම එපා වෙලා.. හැම ඡන්දෙටම පහුවෙනිදා ජනෙල් වීදුරු අස්සට කාඩ් බෝඩ් කෑලි ඔබලා බුදියගත්ත ඒ කාලේ යන්තං නිමා කරලා බස්නාහිර පළාත දිනිල්ලෙන් පටන් අරං අගමැති ජනපති දක්වාම චන්දිරිකා ආවට පස්සේ ඔන්න යන්තං ඡන්ද භීතිකාව ටිකක් අඩු උනා. ඒත් ඉතිං එයින් පස්සේ ආව හැම ඡන්දෙ දිමත් හිතේ දෙගිඩියාවෙන්ම තමා හිටියේ.. මොකද පාර්ලිමේන්තුවේ බලය අල්ලං හිටියේ යන්තං කෙස් ගහෙන් හින්දා.. ඒත් කොහොම හරි  බෙල්ල බේරගෙන ආවා.. අවසානෙදි ඔන්න එක පාරක් කෙල උනා.. ආවා රනිල්... ඒත් ගෙදර වීදුරු ටික බේරුනා මොකද ජනාදිපති පුටුවේ චන්දිරිකා ඒ වෙද්දිත් හිටිය හින්දා.. ඒත් බෝක්කු හන්දියේ සරත් අයියා ඇතුළු පිරිස එදා හවහත් කට්ටිය දාගෙන කැබ් එහෙකන් යන ගමන් ගෙදර වත්තේ මල් අතු එහෙම කඩං ගිහින් තියෙන්නේ අහන්නෙවත් නැතිව.. නිකං දෙන්නං තොපිට සෛලෙන්... එදා චන්දිරිකා නොහිටියනං තමා අපිට වැඩේ බලන්න වෙන්නේ...

ඔහොම හිටලා යන්තං ඔන්න මහින්ද විපක්ෂ නායක..තැන හිටලා එක පාරටම අගමැති තැනට පැන්නා... හැබැයි ඒ වෙද්දිත් ගංවල සිරිලංකාකාරයෝ වෙච්ච අපේ හිත්වල හිටිය නායකයා මහින්ද නෙවෙයි.. අනුර සහ කදිරගාමර්... එයිටත් පස්සේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන එහෙම තමා... මහින්ද ගැන ඒ හැටිම අදහසක් අපේ හිත්වල තිබුනේ නැති ගණන්... කොහොම උනත් මංගලගෙයි ජවිපේ හයියෙනුයි මහින්ද බලේ ඇල්ලුවා.. අගමැති උනා.. ජනාධිපති අපේක්ෂකයා උනා... යන්තං මංගලගේ සහ ජවිපේ හයිය තමයි ඒ වෙලේ මහින්දට තිබුනේ... අපි හිටියෙත් ඒ දවස්වල ජවිපේ උණ හැදිගෙන එන සමයේ... ඒ හින්දා තමා මහින්දට එකතු උනේ ජවිපේ මහින්ද එක්ක හින්දා.. අනිත් පැත්තෙන් අනුර ඉද්දි විජිත හේරත්ලව ගම්පහින් මනාප ලයිස්තුවේ උඩට ගියෙත් අපි හින්දා.... කොහොම උනත් පළවෙනි ජනාධිපතිවරණ හටනෙදි මහින්දව කරේ තියං ගිහින් දිනෙවුවේ මංගලයි සිරිපතියි.. මහින්දානන්ද අළුත්ගමගේයි වගේ කටවල් ටිකක් එක්ක ජවිපේ... ඒ වෙද්දිත් චන්දිරිකා මහින්ද එක්ක තියෙන ආරෝවට රනිල් එක්ක ආලවන්ත කං පපා හිටියේ.. ඒ ආලවන්ත කම හින්දම සිරිසේන උන්නැහෙත් මහින්දට කිසිම සපෝට් එකක් නොදී චන්දිරිකා කියන කියන පදේට නට නට හිටියා.. මං හිතන්නේ සිරිසේන ඇමතිතුමාගෙන් සිද්ධ වෙච්ච ලොකුම වරද ඔන්න ඕක තමා... පක්ෂයේ මහ ලේකම් වෙලත් පක්ෂයේ අපේක්ෂකයට සපෝට් නොකර කර ඇරිල්ලේ පාපකර්මය උන්නැහේට අවසානය දක්වාම විපාක දුන්නා කියලයි මං හිතන්නේ.. සාමාන්‍යයෙන් මහින්ද ලොක්කා තමන්ව මරන්න කුමණ්ත්‍රණය කලා කියලා කියන හතුරා එක්ක උනත් ෂේප් එකේ ඉන්න මනුස්සයා.. කපටිකමට හරි එව්වා එහෙමයි.. බේරෙන්නම බැරි එකෙක්නං විතරයි ටිකක් ආණ්ඩු මට්ටු කරන්නේ.. එහෙම නැත්තං ආලවකයා එක්ක උනත් කරට අත ගනී.. හවහට හවහට එකතු වෙලා කෝපි බොයි... උපන් දිනේට උදේම සුභ පතයි.. එයාගේ වැඩ එහෙමයි... යූ ඇන්පී සිරිලංකා කියලා වෙනසක් නැතිව ඔය කෝකත් කරේ දාගනියි...අර පාක්ෂිකයෝ මේ පාක්ෂිකයෝ කියලා නැතිව ඔය ඕන කෙනෙක් කිව්වොත් පුළුවන් දෙයක් කරලා දෙයි... (ඔය ගතියම තමා ඕනවට වඩා ගිහිල්ලා සමහරඅන්තවාදීන්ට ඕනවට වඩා ලීලේ පාලා වැඩේ ඔඩුදුවා ගන්න හේතු උනෙත්) හැබැයි මොන හේතුවක් හින්දා හරි මංගලවයි සිරිපතියි දෙන්නා එතැනින් විසි උනා.. සිරිසේන හීලෑ උනා.. ඒත් සිරිසේනට කවදාවත්ම අගමැති තනතුරු හම්බ උනේ නැහැ.. සමහර විට මහින්ද අයියට මේ අපිට වඩා සතා හදුනගැනීමේ හැකියාව තිබුනා වෙන්ට ඕන... දේශපාලනික වශයෙන් අපිට සිරිසේන ඇමතිතුමාගෙන් කිසිම වරදක් නැති උනත් පක්ෂ නායකයා හැටියට මහින්ද අයියා සහ උන්නැහේ අතර තිබුන ගැටළු ගැන අපි දන්නේ නැහැ නෙව.. කොහොමින් කොහොම හරි ඔයින් පස්සේ හෙලඋරුමයේ සහ ජවිපේ උවමනාව මතම මහින්ද අයියට යුද්ධ නොකර බැරි තැනට කටයුතු සැලසුනා... එතැනින් හෙල උරුමේ තමන්ගේ අනුදැනුම සහ බල කිරීම මත ආරම්භ උන යුද්ධය අවසානය දක්වාම මහින්දව තනි නොකර හිටියා උනත් අවස්ථාවාදී ගේමක් ගහපු ජවිපේ තමන්ගේ පක්ෂයත් විනාශ කරගෙන.. යුද්ධයටත් බාධා කරගෙන අහක් උනා.. විමල් විතරක් උදව් කලා... කොහොම හරි යුද්ධය නිමා උනා.. දිනන්න බැරි යුද්ධයක් පටලවලා දීලා මහින්ද නැති කරලා බලය අල්ලන්න බලං හිටිය ජවිපේ හාන්සි වෙලා ගියා වගේම ඒ වෙනකල් යුද්ධය අවසන් කරන්න නොහිතා කොටි හුරතල් කල යූඇන්පියට ඇසිඩ් ගැහුවා වගේ උනා... තමන්ගේ කාලෙදි දහස් ගනනින් හමුදා ජීවිත සමඟ කඳවුරු බිමට පාත් වෙච්ච... ආර්ථික මර්මස්ථාන වලට කෙලවගත්ත චන්දිරිකාත් වෙඩි කෑව හැපින්නක් වගේ වෛර බැඳගෙන තමා ඒ යුද්ධය හමාර උනේ.. යුද්ධය හමාර වෙද්දි මුල් කාලේ ටිකක් සැකෙන් සැකෙන් වගේ  බලං හිටිය අපිත් මහින්ද අයියා දිහා කෙලින් බලන්න ගත්තා...


යුද්ධය නිමා වීමෙන් පස්සේ පළමු ජනපතිවරණය ආවා.. ආපි හිතුවා දැන්නං මොන වෙසක්ද... නිදං හිටියත් සීයට අසූවකින් අනූවකින් දිනනවා කියලා... ඒත් අපි හිතුව විදිය වැරදුනා... යුද්ධයේදී මහින්දට තිබුන හොදම ආයුධයක් වෙන ෆොන්සේකව විපක්ෂයේ උන්දලා ඉස්සුවා.. ඒ මනුස්සයව රවට්ටලා  විනාශ වෙමින් තිබුන යූඇන්පියයි.. කුණු බක්කියට විසි උන ඉතුරු උන ජේවීපි බාගෙයි විසින් සටනට දැම්මා.. ඔන්න අර අපේ කූල් එක ඉවර උනා.. දැන් ආයෙමත් තරගයක් තියෙනවා.. එක පැත්තක මහින්ද අයියා... දිනුවොත් කිසි කරදයක් නැතිව මේ ඉන්න විදියට අපේ මහන්සියෙන් හම්බ කරං කාලා බයක් හැකක් නැතිව පාරේ බැහැලා ගියෑකි.. අනිත් පැත්තේ නූල් ගොඩකට පැටළුන ෆොන්සේකා.. තමාටම කියලා කිසිම දේශපාලන බලවේගයක් නැති.. තමන්ට තමන් විතරක් උන ඒ මනුස්සයා මේ නරි ගොඩක් මැදට වෙලා ඔහේ දැගළුවා.. උන්දැව අන්දලා තිබුන තරමටම ඇදගත්ත හින්දා කියන කියන අතට නටලා අන්තිමේදී පරාද උනා... ඒත් නිදාගෙන ඉදන් දිනන්න තිබුන මැතිවරණය එහෙම නොවී පොඩි තරගයක් තියෙන තැනකට ආවා.. අපිට උනත් කටවල් ඇරලා කතා කරන්න උන කාලයක් ඒ...

එයින් පස්සේ ඉතිං හිමිං හිමිං කාලය ගෙවුනා.. පොඩි පොඩි මැතිවරණ ආවා ගියා.. ඒ ඒ හැම කාලෙදිම ලොකුවටම නැතත් යම් කිසි සටනක් තිබුනා.. ඒ වයින් ආන්ඩුව ටික ටික ජය ගත්තා.. හැබැයි දවසින් දවස බලය අඩු උනා මිස වැඩි උනේ නැහැ.. ඒක එහෙම වෙනවා කියලා අපි කොහොමත් දැනං හිටියා... එහෙම නොවී බලයේ ඉන්න පක්ෂයක් කවදාවත් දවසින් දවස ජනප්‍රිය වෙන්න බැහැනේ ලේසියකට... ඒ හැම මැතිවරණයකම අපිටත් ඉතිං අපේ මට්ටමෙන් කරන්න මොනවාම හරි දෙයක් තිබුනා.. මොකද එක පැත්තක මහින්ද අයියා ඇතුළු කවදාවත් භීෂනයක් ඇති කලේ නැති.. සාමකාමී ඉතිහාසයක් තියෙන සිරිලංකා නිදහස් පක්ෂේ...(චන්ද්‍රිකා වයඹ චන්දෙදි අපේ තිබුන ඒ සාමකාමී ගතියට තාර ටිකක් ගෑවා හැබැයි.) අනිත් පැත්තෙන් දිනුව ගමන් බලකාමයෙන් මත් වෙන සැට් එකක් ඉන්න යූඇන්පීය සහ ඒකටම හරියන ඉතිහාසයක් ඇති නායකයින්...  බලේ ගියොත් අපිට අද ඉන්නවා වගේ ඉන්න වෙන්නෙත් නැති... පාක්ෂිකයින් බලවත් වන විරුද්ධ පාක්ෂිකයින් බලු වන කාලයක් ආයෙමත්... ඔය වගේ තත්වයන් එක්ක තමා අපි මේ දක්වා කාලය ගෙවාගෙන ආවේ....

අන්තිමේදී ඔන්න මේ පාරත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් උනා... කවුද නොදන්නේ ගිය පාර තරං මේ පාර ලේසි නොවන බව... එහෙම ලේසි වෙනවනං ඉතිං හදේ තමා... හරිහමන් නායකයෙක් හිටියොත් විපක්ෂයට සෑහෙන සටනක් දෙන්න පුළුවන් තත්වයක් නිර්මාණය වෙලා තිබුනා...(වැඩිමනත්ම නාගරික ප්‍රදේශවල) රනිල් ජනාධිපතිවරණයට ඉල්ලන්න ආසයි බයයි තත්වයෙන් උන්නේ... මොකද පැරදුනොත් පක්ෂනායකකම විතරක් නෙවෙයි හැම දෙයක්ම නැතිව යනවා..  ඉතිං තාමත් දිනිල්ල අවදානමේ තියෙන තත්වයක් යටතේ දෑන් මේ පාරත් ෆොන්සේකා මහත්තයගේ ජාතියේ එළුවෙක් හෙව්වා දංගෙඩියට යවන්න... චන්ද්‍රිකාත් ඒකට ආස උනාට සිරිලංකාකාරයින්ගේ චන්ද ලස්සයක්වත් හොලවන්න උන්දැට බැරි බව දන්න හින්දා එයාට ටිකට් එක ගන්නත් බැරි උනා.. කරූ හෝ සජිත් වැනි තවත් යූ ඇන් පී කාරයෙක්ව සටනට දාන්න රනිල් ඉඩ දෙන්නෙත් නැහැ.. මොකද ඒත් ප්‍රතිඵලය පක්ෂ නායකත්වටයට කෙලවීම නිසා.. අපේක්ෂකත්වයට එහෙම කෙනෙක් දැම්මත් රනිල්ම මැදිහත් වෙලා ඒකාව පරද්දනවා.. ඇත්තටම මේ පාර ජනාධිපතිවරණය ගැන මගේ තිබුනේ ඒ බලාපොරොත්තුවම තම මුල් දවස්වල... කරූ ආවනං රනිල්ම මැතිවරණ වියාපාරේ නන්නත්තාර කරලා දානවා.. ඒ වගේ වැඩ වලට රනිල් දක්ෂයි.. මීටිං දෙකකට ගිහින් කට ඇරියනං චන්ද ලක්ෂ දෙක තුන නැති කරන්නේ... රනිල් ඉල්ලුවනං සජිත් ගොයියත් ඒ ගේමම රනිල්ට දෙනවා.. මං ඉතිං ඔය සුභවාදී තත්වය ගැන හිත හිත හිටියා... ඒත් ඉතිං අතපය අකුලං ඉන්න තරං විදියක් නැහැ විපක්ෂය සියළුම වාසි ගත්තොත් 55ට 45 හේ තරගයක් මෙතනත් තියෙන හින්දා ඒ අස්සේ චම්පිකත් එළියට බැහැපි... තත්වය හොදම නැහැ... විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට ඇරුනු කොට අනිකුත් අයට පමණක් වාසි දායක වෙන විදියට කරුණු කාරණා රටේ වෙමින් පැවතුන කාලයක මහින්ද අයියා එක්කත් සැරෙන් සැරේට මල පැනලා හිටියා කිව්වොත් ඒක හරි.... රනිල් නැතිව අනිත් පැත්තේ විශ්වාස කල හැකි සුළු ජාතීන්ට කඩේ නොයන හරි හමන් නායකයෙක් හිටියනං මහින්ද අයියට සෑහෙන හානියක් වෙනවා උනත් කාගේ හොද වෙලාවටද මංදා එහෙම කෙනෙක් හිටියේ නැහැ.. හැමදාම පේන්න තිබුනේ සිංහලයට වඩා අනිත් පැත්තට අදින රනිල්ගේ දර්ශනයම තමා... සිංහලයින්ට වෙන අකටයුතුකං නවත්තන්න කියලා මහින්ද අයියට විරුද්ධව රනිල්ට සපෝට් කරනවා කියන්නේ අර මොකක්ද අතින් අල්ලලා පශ්චාත් භාගයෙන් තියා ගන්නවා වගේ වැඩක්නේ... ඒ හින්දා මහින්ද අයියට කරදරයක් තිබුනෙත් නැහැ.. ඒ වගේම මහින්ද අයියා වෙනුවෙන් මැරීගෙන හරි කතා කරනවාට වඩා විකල්පයක් තිබුනෙත් නැහැ... මොකද තාමත් එක පැත්තකින් බෞද්ධයාට සිංහලයාට අකටයුතුකං කෙරුනා උනත් අනිත් පැති වලින් රටට වැඩක් කෙරෙන බව පැහැදිලිව පේන්නේ මහින්ද අයියගෙන් හින්දා... අනිත් පැත්තේ ඉන්න භයානක චරිත ඒ විදියටම ඉන්නකල් අපිට යුතුකමක් තිබුනා මහින්ද අයියව කොන්දේසි විරහිතව රකින්න.. කතා කරන්න... ඒත් චම්පික එළියට යාමත් එක්ක මහින්ද අයියට තුනෙන් එකක තරගයක් දිය හැකි නායකත්වයක් මතු උනා.. ඒ කියන්නේ ජනාධිපතිවරණයකදී චම්පික වෙනම ඉල්ලුවොත්.. මහින්ද අයියට තුනෙන් එකයි.. විපක්ෂයට තුනෙන් එකයි සහ චම්පිකට තුනෙන් එකයි වගේ තත්වයක්.. මේක ලොකු අවුල් ජාලයක්... මට මහින්ද වගේම චම්පිකවත් වටිනවා... මහින්ද වත්මන් නායකත්වය... චම්පික කියන්නේ මගේ පැත්තෙන් ගත්තම රටේ අනාගත නායකත්වය... මගේ බලාපොරොත්තුව තිබුනේ මේ පාරින් පස්සේ ලබන පාර චම්පික වමේ බලවේග සියල්ල එකතු කරගෙන සටනට එයි කියන එකයි.. ඒත් චම්පික එළියට බැස්සා ටිකක් වේලපහම... ඒකටත් මොනවත් කියන්න බැහැ ඒ බැහිල්ලටත් සාධාරණ හේතු තියෙනවා... ඒක පහසුවෙන්ම නවත්තගන්න මහින්ද අයියට පුළුවන් කම තිබුනා සහ තාමත් තියෙනවා. ඔන්න ඉතිං ඇත්තම කිව්වොත් අවිනිශ්චිත තත්වයක් ඇති උනා... මේ චන්ද තුනට කැඩිල්ලෙන් කවුරු දිනයිද.. කවුරු පරදීද... මොන දේ උනත් චම්පිකට ජනාදිපති වෙන්න තරං ඡන්ද මේ පාර ගන්න හිතන්නවත් බැහැ... ඒත් මහින්ද අයියට තියෙන ඡන්ද ටික කඩන්න පුළුවන්.. යූ ඇන්පීයේ සිංහල බෞද්ධ ඡන්ද ටිකත් කඩන්න පුළුවන් උනාට මහින්දටත් චම්පිකටත් නැති සුළු ජාතික බලය යූ ඇන්පීයට තියෙනවා... හකීම්ලත් වෙලාව බලලා ජැක් එක ගහයි.. එහෙම උනොත් මහින්ද/රනිල්/චම්පික කියන පාර්ශව තුන සටනට බැස්සොත් පැහැදිලිව රනිල්ට වාසියක් පේන්න තිබුන වෙලාවක් මේ ගත උනේ...

ඒත් අන්තිමේදී ඔන්න යන්තං දෙයියෝ අපේ මූණ බැළුවා...

අද උන දේ කියන්න ඕන නැහැනේ.. සිරිසේන ඇමතිතුමා බැස්සා එළියට.. හැබැයි නිකංම නෙවෙයි.. යූඇන්පීය බෙල්ල ගාවටම හිරකරවලා.. උදේ ඉදන් ඇදලා ඇදලා අවසානෙදි එළියට බැස්සොත් පොදු අපේක්ෂකයා කරන්නං කියලා කැරට් පෙන්නුවට එළියට නොබැහැ හිටලා අවසානෙදි හරි හරි ඔන්න පොදු අපේක්ෂක හැටියට යූ ඇන්පීයේ කැමැත්ත දුන්නා කියන ප්‍රකාශය නිල වශයෙන් දෙනකල්ම අල්ලගෙන හිටියා.. ඉතිං දැන් පැහැදිලිවම අපිට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙක් ඉන්නවා... ඒ තමයි හිටපු සෞඛ්‍ය ඇමති.. හිටපු සිරිලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්.. ගරු මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා... මම අර මුලින් කිව්වා වගේ මහින්ද අයියට මුලින් උදව් නොකල එක ඇරෙන්න සිරිලංකා කාරයෙක් හැටියට මට කිසිම වරදක් නැති හාදයෙක්.. පහුගිය කාලේ ඉතිං ඔය යූ ඇන්පී ජේවීපි අයනං මිනිහා නූගතාය.. ග්‍රාම සේවකය... වී මුදලාලිය.. පුතා මැරයාය කියලා කිව්වට ඔය කිසිම දෙයක් මංනං චෝදනා හැටියට ඉදිරිපත් කරන්න යන්නේ නැහැ.. ඒවා කියපු අයම දැන් ඒවා ඇත්තද නැත්තද කියලා හොයා බලාගෙන කටයුතු කරන එකයි.. එව්වා අපිට අයිති රාජකාරි නෙවෙයි...

ඒ ඔක්කෝටමත් වඩා තවත් වටින්නේ එදා මහින්ද අයියගේ ලග හිටිය චම්පික ගම්මන්පිල.. රතන හාමුදුරුවෝ වගේ බලවේග ටිකත් අද මෛත්‍රීපාල සිරිසේන අපේ සිරිලංකා පක්ෂ මංතිරිතුමා අසල ඉන්නවා.. කවදාවත් ෆොන්සේකා වගේ තනි චරිතයක් බවට උන්නැහේ පත් වෙන්නේ නැහැ... රනිල්ටවත් ජේවීපියටවත් උන්නැහේව රූකඩයක් කරගන්න ලේසි නැහැ. ඒ වගේම අද හෙට දිහාවේ තව සිරිලංකා පක්ෂ කට්ටියත් යයි සිරිසේන මංතිරිතුමා වටේ හිට ගන්න.. ඒ කියන්නේ සිරිසේන මංතිරිතුමා තනි වෙලා නැහැ... තමන්ටම කියලා බල වේගයක් තියෙනවා.. ඒ වගේම විමල් එක්ක ඒ හැටි සම්බන්ධයක් පිටින් නොපෙන්නුවත් විමල් එක්ක යම් යම් ගනුදෙනු තියාගෙන හිටිය නන්දන ගුණතිලක උන්නැහෙත් කල් ඇතිවම ඒ පැත්තට ගිහින් ඉඩ අල්ලං හිටියේ.. එහෙම ගත්තම සිරිසේන උන්නැහේ වටේ බය නැතිව අපේ කියන්න ඇහැකි සෑහෙන සෙට් එකක් ඉන්නවා... එදා මහින්ද අයියා වගේ හිටිය තරමටම නැතත් හෙල උරුමය.. ජවිපෙන් ඉවත් වූ බලවේග.. සිරිලංකා නිදහස් පක්ෂයේ යම් තරමක පිරිසක්... වගේම මෙතුවක් කාලයක් හරිහමන් සිංහල නායකයෙක් නැති කමින් අන්ත දුක් වින්ද... අන් අයගේ උසුළු විසුළු මැද හරි තාමත් අලියට ඡන්දේ දෙන යූ ඇන්පී කාරයෝ බර ගානකටත් තමන්ට බාර ගන්න පුළුවන් ජාතියේ සරම කමිසේ අදින... නායකයෙක් හම්බ උනා... මේ ඔක්කෝම ගත්තම වැඩි කාලයක් නොගිහින් සාකච්ඡා කරලා විපක්ෂයේ බල වේග වල එකමුතුවක් හදා ගන්න එතුමට අමාරු වෙන එකක් නැහැ.. විශේෂයෙන්ම මැතිවරණයක් පැරදුනාම රටේ තියෙන තරං විකාර දොඩවන තිස්ස අත්තනායකලා වගේ පණ නැති ලේකම් වරුන්ට නැති... කටින් මිසක් ක්‍රියාවෙන් වැඩ පෙන්වීම කාලයකට කලින් ඉදලා නවත්තලා දැම්ම ටිල්වින්ලා වගේ ලේකම්වරුන්ට නැති මනා සංවිධාන ශක්තියක් සිරිසේන ඇමතිතුමාට තියෙනවා.. රටේ ප්‍රදාන පක්ෂයක ලේකම් හැටියට.. එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරන පක්ෂ සමූහයක් එක්ක එකට කටයුතු කරලා අත්දැකීම් තියෙන.. විශේෂයෙන්ම තිස්සලා වගේ ආවට ගියාට කතා කියලා මිනිස්සුන්ට විහිළුවක් නොවුන කෙනෙක් හැටියට එතුමට පුළුවන් අද විපක්ෂය වසාගෙන ඇති භීෂණය වපුරවන්න බලං ඉන්න බලවේග යම් දුරකට යටපත් කරවලා.. සිංහල මිනිස්සුන්ට විශ්වාස තැබිය හැකි විපක්ෂයක් ගොඩ නංවන්න.. බොහෝ දුරට මේ ජනාධිපතිවරණයෙන් එතුමා පරදීවි... මොකද රනිල් කිසිසේත්ම තමන්ගෙන් තොර කෙනෙක් ඔය පුටුවට යවන්න කැමති නැති හින්දා.. ඒ වෙනුවෙන් රනිල්ගේ වැඩ පිලිවෙල ඉස්සරහට අපිට බලා ගතෑකි.. ඒත් ඒ පැරදුනා උනත් එයින් පස්සේ එන මහ මැතිවරණයට සූදානම් වීමේදී සිරිසේන ඇමතිතුමාට පුළුවන්කම තියෙනවා පනහට පනහේ සටනක් දෙන්න ටීම් එකක් හදාගන්න... ෆොන්සේකට නැති.. හයියක් එතුමා වටේ තිබීම නිසා ඒ දේ කරන්න ඉක්මනට හැකියාව ලැබෙයි.. එහෙම උනොත් බොහෝ දුරට ලබන මහ මැතිවරණය වෙද්දි විපක්ෂයේ වැඩි බලය අල්ලන්නත්.. ඇතැම් විට ආණ්ඩුව අල්ලන්නත් එතුමාට හැකියාව ලැබේවි... එහෙම උනොත් සිරිලංකා නිදහස් පාක්ෂිකයින් හැටියට අර කාලයක් තිස්සේ බයෙන් හිටිය විපක්ෂය දිනුවොත් සිද්ධ වෙන  අලකලංචි වලින් තොර අනාගතයක් බලාපොරොත්තු උනෑකි...එතුමා මේ පාර රනිල්ගේ කකුලෙන් ඇදිලි මැද්දේ උනත් දිනාගත්තොත් ඒත් තත්වය හොදටම හොදයි.. මොකද දැනට ආණ්ඩුවේ ඉන්නේ එතුමා එක්ක එකට දීර්ග කාලයක් කටයුතු කරපු අය කිසිම කරදරයක් නැතිව ඒ අයගේ සහයත් අරං ලබන පාරත් සිරිලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් වෙයි...
 එහෙම ගත්තම ඇත්තටම මේ ජනාදිපතිවරණ වෙලෙත් මට දැනටනං සිරිසේන මංතිරිතුමාට විරුද්ධ වීමට තරමේ හේතුවක් නැහැ. දෙපැත්තේ ඉන්න දෙන්නම මට හොඳ නායකයින්.. මහින්ද අයියා දිනුවත්.. සිරිසේන මංතිරිතුමා දිනුවත් මට එකයි.. ඔන්න උන්නැහේ තනියම ඒ පැත්තට පැන්නනං ඇති වැඩක් නැහැ.. ඒත් අපේම බලයක් ඇතිව ඒ මැද ආරක්ෂා වෙලා ඉන්න තාක් කල් එතුමාත් අපේ මිනිහෙක් එච්චරයි.. ඒ හින්දා මෙතැන හිටනං ඔය විහිළුවක් තහළුවක් කරං ඉන්නවා මිසක ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද අයියටවත්.. සිරිසේන මංතිරිතුමාටවත් විරුද්ධව කතා කරන්න උවමනාවක් මට නැහැ...  කවුරු කොහොම දිනුවත් සිරිලංකාකාරයෝ විපතට පත් වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙන නිසා මේ පාර ඔන්න ඉතිහාසයේ පලමු වතාවට මට පුළුවන්කම තියෙනවා ඡන්දයකදී මැදිහත්ව හිටින්න... ඉතිං මෙතැන ඉඳලා වැඩ ටික තියෙන්නේ ඒ ඒ අය අතේ තමයි... මහින්ද අයියා වෙනුවෙන් තව දුරටත් බැහැලා වැඩ කරන අය එහෙමත්... සිරිසේන ඇමතිතුමාව තමන්ගේ නායකයා හැටියට බාරගෙන එතුමාව දිනවන්න කටයුතු කරන යූඇන්පී.. ජේවීපි අපේම යාළුවෝ ටිකටත් ඒ ඒ කටයුතු කරගන්න කියලා මේ පාර මං පොප්කෝන් කනවා ඕං... සිරිසේන මංතිරිතුමා පැරදුනා උනත් එතුමා කෙරෙහි ලොකු අනාගත විශ්වාසයක් ඇතිව පොප් කෝන් අහුරක් හප හප කූල් පිට මැතිවරණය දෙස බලා ඉන්න එක තමා මෙදා රාජකාරිය... ඒ ඇවිල්ලා මෙතුවක් කාලයකට මට මැතිවරණයකදී ලැබුන ලොකුම සංතෝෂය වෙයි... එහෙමනං දෙපැත්තටම සටන් වදින්න අවසරයි...අපි මේ පාර පොප්කෝන් කල්ලිය...

මහින්ද අයියටත් තමන්ට වැරදුන තැන් ටික දන්වත් හදුනාගෙන කැමතිනං ඒවා නිවැරදි කරගෙන තමන්ගෙන් කැඩී ගිය තමාගේ සැබෑ හිතවතුන් නැවතත් ලංකරවාගෙන මේ රට තව ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබේවා..!

චම්පික ගම්මන්පිල වගේම රතන සෝභිත හිමිවරුන්ගේ ආරක්ෂාව මැද හිතවත් සිරිලංකා දේශපාලඥයින්ගෙත් සහය ඇතිව එතුමාට වල් වැදී ඇති විපක්ෂය හෙලි පෙහෙලි කිරීමටත්... අවජාතික ගමනක යෙදෙන විපක්ෂ නායකයින් එයින් ගලවා ගෙන ඔවුන්ටත් රටට ජාතියට ආදරය කිරීමට පුරුදු පුහුණු කිරීමටත් හැකියාව ලැබේවා..!  

ඔබ දිනුවත් පැරදුනත් නැවතත් සිරිලංකා පාක්ෂිකයින් සමඟ එක්වි සුහදව කටයුතු කරගෙන යෑමට හැකියාව ලැබේවා..!

ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සිට සිරිසේන මැතිතුමා සමඟ යන්නට පොරොන්දු වී සිටින සියළුම මංත්‍රීවරුනි.. ඔහු මේ මොහොතේ තනි නොකොට පොරොන්දු වූ පරිදි ඔහු සමඟ යනු මැනවි. ඔබලා නොමැති වුවහොත් ඔහු දුර්වලයෙක් වීමටත්.. විපක්ෂයේ බලයන්ට යට වී විනාශ වී යාමවත් වැලැක්විය නොහැක.  එහෙයින් ඔහු ශක්තිමත් කිරීම ඔබගේ වගකීමකි.


රටට හිතැති ආණ්ඩුවක්.. රටට හිතැති විපක්ෂයක් හිමි වීමේ භාග්‍යය මේ හරහා හෝ අප සැමටම උදා වේවා..!

මෙතෙක් කලක් හරිහමන් නායකයින් නොමැතිව සොහොන් බිම්වල සටන් කල යූඇන්පී.. ජේවීපි සහෝදරවරුනි... ඔබලාගේ ඒ අරමුණක් පාරක් නැති ගමන අදින් නිමා කොට මේ ලැබී ඇති උතුම් නායකත්වය අප වෙනුවෙනුත් රට වෙනුවෙනුත් ආරක්ෂා කරමින් එතුමාව දිනවීමට ඔබලාගේ සියළු සහය දෙනු මැනවි. ෆොන්සේකා උන්නැහේට කලා වගේ කකුල් මාට්ටු නොදා අවංකව කැපවී මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම ඔබ සතු වගකීමකි.



ඔහු බාරයි ඔබට පුතේ..!

31 comments:

  1. මෙදාපාර සම බලයි නේද ?

    ReplyDelete
  2. මෙදා පොටේ මාර ඡන්දය දෙන්නගෙන් කාටද ?

    ReplyDelete
  3. අයියෙ උඹ ලබන්නෙ තාවකාලික සතුටක් මාධ්‍යහමුව හරියට බැලුවනං උඹට ඔහොම කියන්න බෑ...

    ReplyDelete
  4. මොනවා වුණත් සිරිසේන උන්නැහේට හොඳට රඟ පාන්න පුළුවන් කියලා මට අද තේරුනා.

    ReplyDelete
    Replies
    1. එතකොට මහ රජා ළමයි වඩාගෙන, පෝයට බණ අහන හැටි රටටම පෙන්නගෙන කරන්නෙ රගපෑම් නෙමෙයි වෙන්න ඇති..

      Delete
  5. පොප් කෝන් කන සෙට් එකට අපිත් එනවා ඈ

    ReplyDelete
  6. My3 නොව ඔහු සමග විපක්ශයට ආ ජවය නිවැරදිව කලමණාකරනය කර ගත යුතුයි පොදු සතුරා පරජය කිරීමටනම්..

    ReplyDelete
  7. "ජන්තු සෙන්නේ කලාතුරෙකිනි, එද මරු සිනාවෙකි!!"
    -- මනුතාපය --

    ReplyDelete
  8. අනේ අයියෙ, මේ ඩිංගට කොටපු අකුරු ගොඩ දැක්කම මට දුක් වෙනවද සතුටු වෙනවද කියල හිතාගන්න බැරි උනා ඇත්තටම. :)

    ඕං මේ ලිපියෙ මුල ටික කියවද්දි තමයි මට මෙච්චර කාලෙකට හරියකට නොතේරුනු දේ හොඳටම තේරුනේ, මාරයයියගෙ දේශපාලන දර්ශනය පහළ උනු තැන. :)

    චන්ද්‍රිකා නෝනා අනුරට දේද මහින්දට දේද කියල බල බල හිටපු කාලෙ අපි ඒලෙවල් කරනව. ඒ දවස්වල පක්‍ෂ භේදයක් නැතුවම ඡන්දෙත් නැති අපි යාළුවො හැමෝගෙම බලාපොරොත්තුව උනේ මහින්ද. මොකද ඒ වෙනකොට ඇය අති දක්‍ෂ අයුරින් මුළු රටටම බණ්ඩාරනායක පවුලම එපාකරල තිබුනෙ. අනෙක එතකොට මහින්ද හිටපු තත්ත්වෙ හැටියට අනුර කවුද. එතකොට උන්නැහෙගෙ පවුල් ගහ පැලවෙල තිබුනෙත් නෑ. ආණ්ඩුවෙ හිටපු ජනතාහිතවාදී නොම්මර එකේ ඇමති මහින්ද. දැන් තත්ත්වෙ ගැනනම් මම හිතන්නෙ මාරයයියා ඇරෙන්න අනිත් හැමෝම දන්නව නොවැ. මට තාමත් මතකයි මහින්ද අගමැති හැටියට දිව්රුම් දෙන්න ඇවිත් හිටපු වෙලාවෙ ටීවී එකේ සජීවී විකාශෙ, හැමදාම පරක්කු වෙන මැඩම් එනකන් ඉස්සරහ පුටුවෙ වාඩි වෙල කැරකි කැරකි හිටපු හැටි හැමෝම එක්ක හිනා වෙවී. ඒ වෙලාවෙ ඇත්තටම මමත් හුඟක් සතුටු උනා.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මෙයාව දැක්කෙ.... ශිශිරතාරක නින්ද ඉවරද....

      හි හි

      Delete
  9. මම නම් ඉතින් කවදත් පොප් කෝන් කල්ලියේ තමා. මට මතකයි මම 2005 මැතිවරණෙ කාලේ විමල් එහෙම රනිල්ගේ කට කැඩිච්ච කතා ටිකකට උපහාසෙට කියපුව (අර පස්දුන් කෝරලේ එහෙම) ඉස්කෝලේ රචනාවකට දාගත්තා.. මේ පාරත් ඉතින් එහෙමම තමා.
    මේ ඒක නෙවෙයි- අපි දෙන්න පොප් කෝන් බිස්නස් එකක් පටන් ගමුද හැබෑට?

    ReplyDelete
  10. උඹ ඉතින් උපන් ගෙයි ලේ නිල් පාට සිරි ලංකා කාරයනේ. හැබයි මට හිතෙන්නෙ නම් උඹ මාධ්‍ය සාකඡ්චාව නම් බලලා නෑ වගේ. උඹගෙයි, මහින්ද මහත්තයා ප්‍රගතිශීලීයි කියලා කියනා නාකි වම්මු තුන් දෙනාගෙයි කිසි වෙන්සක් නෑ. හැබයි උඹ නොදන්න එකම දේ තමා මහින්ද මහත්තයා නැෂනල් එකට උඩින් දාගෙන ඉන්න සාටකේ පට්ට ලිබරල් කියන දේ. ඒක රනිල් එකටත් එහා ලිබරල්. ඒකයි මමත් මහින්දට කැමති.

    ReplyDelete
  11. කොහොම වුනත් එහෙමකට විරෝධයක් නැතිව එකඟ වෙන්න පුළුවන් කාරණා ටිකක් තමයි මේ ලියවිලා තියෙන්නෙ.ඒ වගේම මහින්ද අයියට වැරදුන තැන් ගැන ත් ලියවුනානම් ඒ කෑල්ල තවත් රසවත් වේවි.

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම වඩා රහ වෙනවා ඔබේ "ප්‍රහාරයට" යලිත් පණ දෙනවානම්. අපරාදේ..

      Delete
  12. දිගට ටයිප් කරපුව ටික අතුරුදහන් වුනානෙ පබ්ලිෂ් බටන් එක ඔබපු ගමන්.... ආයෙ ටයිප් කරන්න බෑ....

    මේ පාරවත් මහින්දට පාඩමක් ඉගෙනගන්න ලැබෙයි කියල බලන් හිටියට අනිත් පැත්තෙන් විසිල් විතරයි බල්ටි නැති තත්ත්වයක් තමා දැනට ලැබුන තොරතුරු එක්ක තියෙන්නෙ... හෙට අනිද්ද වෙනකොට ඔය පනිනව කියන අය පැන්නෙ නැත්තන් ලැබුන තොරුතුරු ඇත්ත කියලත්, පනිනව කිය කිය හිටපු උන් මෛත්‍රීට කොකා පෙන්නල කියලත් තමා හිතන්න වෙන්නෙ... ප්ලෑන සුපුරුදු විදිහට මාමිගෙ ලු... අපි දන්නෙ නෑ ඉතිං ඔව්වා, ඔය බැහැල දේශපාලනය කරන අය තරම්....

    ReplyDelete
  13. අන්තිමේ කොහොම කොහොම හරි එහෙනම් ශ්‍රීලංකා කාරයෝ දෙන්නෙක්ම තරඟෙට ආවා.. මම නම් මෛත්‍රී ඇමති තුමාට කොහොමත් කැමතියි.. ගොවියෙක් වෙච්ච ඒ මනුස්සයට සෞඛ්‍ය ඇමති කමක් දීලත් ඔය යස අගේට කරන් ගිය එකේ මේකත් ඇදගෙන යන්න බැරි වෙන එකක් නෑනේ.. අපි බලමුකෝ ඉස්සරහට..

    ReplyDelete
  14. හයියෝ මන්දා...............

    ReplyDelete
  15. දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. නිකමට හිතන්නකො ඔය කියන එව්වේඅ ඒ විදියටම කලා කිය්ලා. ඒ කිව්වෙ මෛත්‍රීපාල දිනනවා. ඊළඟට දින සීයෙන් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා. ඊළඟට රනිල්ට අගමැතිකම දෙනවා, ඊයෙ කිව්ව විදියට. ඉතින් විධායකේ අහෝසි කලාට පස්සෙ මෛත්‍රීට බලයක් නැහැ. රනිල්ට ඕනි විදියට රට යයි. යූ එන් පී ඇමති සෙට් එකක් ඉඳී, සමහර විට භීෂණය 88-89 වගේම වෙයිද කියල කවුද දන්නේ.

    ReplyDelete
  16. අන්තිමට කොහොම කොහොමහරි විපක්ෂයටත් සිරි ලංකා එකේම පිහිට පතන්න වුනා එහෙනම්... තනි මිනිහෙක්ට එරෙහිව පොදු විපක්ෂයක්!!!! ෂාහ් මරු සටනක්....අවුරැදු දොළහක් රට කරපු ලොක්කිත් පහුගිය ටිකේම මේ පැත්තෙ කරක් ගැහුවේ මෛත්‍රීපාල උන්නැහෙත් එක්ක ඔය කපුකම කතා කොරන්න තමයි එහෙනම්. ඒකෙන් මේකෙන් මහින්ද උන්නැහෙත් එක්ක ලොක්කිට තිබ්බ කෝන්තරෙත් පිරිමහගත්ත එහෙනම්..

    ඌරගේ මාලු ඌරගේ පිටේම තියලා කපනවා කියන්නෙ මේවට තමයි.. හැබැයි ඉතින් ජෙනරාල් උත්තමයව දේශපාලන මඩගොහොරුවට ඇදලා අරං, බැරිවුනු තැන මිනිහව අතෑරලා දැපු විදිහ නම් කැතයි ඕං.. ඒ ටික මෛත්‍රීපාල උන්නැහේටත් මේ ගොයියො ටික කොරයි ද කියන එකයි මට තියෙන හැකේ..

    කොහොමින් කොහොමින් මෛත්‍රීපාල උන්නැහේ දිනුව කියමුකෝ... ඊට පස්සෙ ඔය විවිධ මතිමතාන්තර, විවිධ අදහස් තියෙන විපක්ෂෙ උදවියව මුන්නැහේ කොහොම කළමනාකරණය කොරයි ද කියන එක තමයි හැක... මහින්ද බයියා නම් ඒ කාරියට හරි හපනා නොවැ.. නැත්තං මේසා කලක් විපක්ෂෙ එවුනුත් එක්කහු කොරං ආණ්ඩුවක් කොර ගෙන යයි ද?.... නොදන්න යක්කුන්ට වැඩිය දන්න යකා හොදයි කියලත් වේලාවකට හිතෙනවා... මොකද මේ තියෙන ස්ථාවරත්වෙටත් කෙළ වුනොත් කබලෙන් ලිපට තමයි. පහුගිය අතීතෙ ජනතාවට අමතක නැති වෙන්න විදිහක් නෑනෙ..

    දේශපාලන අස්ථාවරභාවයත් එක්ක තායිලන්තෙ පහුගිය කාලෙ වෙච්ච දේවල් මෙහේ නොවේවා කියලා තමයි පතන්න තියෙන්නෙ.. එහෙම වුනොත් දෙයියන්ගෙම පිහිටයි....

    කොයික වෙතත් තීන්දුව ජනතාවට බාරයි....

    ReplyDelete
  17. හැමෝම එකතුවෙලා මහින්දට කෙළවන්න ගිහින් අන්තිමේදී රටටම කෙළවෙයිද කියන බය තමයි මට තියෙන්නේ...

    ReplyDelete
  18. පවුල් ගහ නිසා කලකිරුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජනයා ට පේනවා මෛත්‍රීපාල උන්නැහේ හොඳයි කියලා නමුත් උන්නැහේ කියපු මුල් කතාවෙන්ම කියනවා රනිල් අගමැති කරනවා සහ විධායක ක්‍රමය අහෝසි කරනවා කියලා ඔය කියන විදියට ප්‍රයෝගිකව කරන්න පුළුවන් වුනොත් අන්තිමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජනයා බලය දුන්න මෛත්‍රීපාල උන්නැහේ ගේ බලය නැති වෙලා එක ඔවුන් අකමැති රනිල්ට යනවා. ඉතින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජනයා එක නිසා මහින්දටම චන්දෙ දෙනවා මහින්ද එපා ම වෙච්ච උන් චන්දෙ නොදා ඉන්නවා. අන්තිමට 1% ක ප්‍රතිශතයකින් හරි මහින්ද දිනනවා. මෛත්‍රීපාල උන්නැහේ අනාථ වෙනවා. මේ ටික ඉවසන් හිටියා නම් උන්නැහේ මහින්දගෙන් පස්සේ අනිවාර්යෙන් ජනාදිපති වෙනවා. මේ පරාජය සමග උන්නැහේට ජීවිත කාලෙටම ජනාදිපති කමක් ගන්න බැරි වෙන තරමට කුජීත වෙනවා.

    ReplyDelete
    Replies
    1. කළුවා වෙන දේ ලෙසටම කියා ඇත. ...
      මටත් පොප් කෝන් බෑග් එකක් මාරේ

      Delete
  19. මේ ලිපිය අවංක ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙකුගේ සිතුවිල්ලක්. ඒ අයගේ සිතුවිල්ල ඕක තමයි. මම අව්ංක ශ්‍රීලංකා කාරයෙක්ගේ කියලා කිව්වාම මේ මෑතකදි බිහිවුන නිල් බලකා කාරයින්ගේ සාමාජිකයෝ නොවේ. පක්ෂය සහ පක්ෂ ඉතිහාසය මෙන්ම එහි සිදුවූ ක්‍රියාකාරකම් පිලිබඳ දැණුවත් අයෙක් යන්නයි අදහස් කලේ. මම ඊයේ මා දන්නා උගත්, බුද්ධිමත් වැඩිහිටි ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් කිහිප දෙනෙකුට කතාකරා. ඒ සමහරක් ලංකාවේ. සමහරක් විදේශයන්හී. ඔවුන් බොහෝ දුරට ඉන්නේ මෛත්‍රී වටා එක් විය යුතුයි කියන තැන.

    ඒ වගේම සැබෑවටම ජවිපෙ වෙනුවෙන් මෑතකදි ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුන මැදිවියේ උදවියත් ඉන්නේ පොදු අපේක්ෂයාට සහයෝගය දිය යුතුයි කියන මතය. මෛත්‍රී ගැන ඒ මා කතාකරපු ජවිපේ උදවියට අවුලක් නැහැ. ටීවී එකේ පොලිටිකල් වාද බයිලා බලල, කම්පියුටර් එකෙන් අදහස් දෙන ජවිපෙ යැයි කියාගන්නා උදවිය ගොඩක් තාම හඳහන් බලනවා.

    අපේ තාත්තලා ඇතුළු පැරණි වමේ උදවිය පස් හය දෙනෙකුට කතා කරා. ඒ අය මෛත්‍රී ආගමනය හොඳයි කියනවා.

    දන්නා හඳුනන යුඇන්පී බොහෝ දෙනෙකුට කතා කලා. ඔවුන් බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව මෙය නොවු බවත්...ඒත් මේ රජය පරාජය කලයුතු බවත් කියනවා.

    මගේ බිරිඳගේ පවුලේ උදවිය කිහිප දෙනෙකුට කතා කරා. ඒ අය කියන්නේ....පිස්සුද මහින්දව හොල්ලන්න බැහැ කියලා. උන් එකෙක්වත් ආණ්ඩුවෙන් වාසි ගත්ත උදවිය නෙමේ. හැබැයි නගරය ආත්මය කරගත්, දේශපාලනය ගැන කිසිම නැඹුරුවක් නැති, ලබෙන ආදායම හොඳටම ප්‍රමානවත් සෙට් එකක්.

    මම ඊයේ දවස ඇතුලත දුර කතනයෙන් දෙස් විදෙස් හී පදිංචි ලාංකිකයන් 54 දෙනෙකුට කතා කලා. ඒ මට දේශපාලන පිස්සුව තදින් තියෙන නිසා. බිල ආපුවාම ඒක මෛත්‍රිපාලටද, මහින්දටද යවන්නේ කියලා දුව අහනවා.

    තව සති දෙක තුනකින් මේ සෙට් එකටම කෝල් කරලා බලන්න ඕන. තත්වය වෙනස් වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  20. සිතේ දුකට ලියවුන ලිපියෙ විස්තර ගොඩක් අඩුයි මල්ලි........
    කෝම උනත් ....මේක ලියල ඊයෙ බොට නින්ද ගිය එක ගැන සතුටුයි......
    අපිට කතා කොරන්න තව සති දෙකක් තියෙනව ......
    සම හරක් නක් සාස්තර කාරයො විතරක් නෙමේ......හැමෝම බොරු......ලොක්කත් කියල..... අද... හෙක්...හෙක්...
    තලා ද.......අම්මිය........ :) :)

    ReplyDelete
  21. ආණ්ඩුපක්ෂේ ගැන ලියවෙන දේවල් මං කියවන්නේ හරි අකමැත්තෙන් ඒත් ඔයාගේ අත්දැකීම් එක්ක ලියවිලා තියෙන විස්තර කියවන්න අස හිතුණා ස්තුතී අයියේ.

    ReplyDelete
  22. හ්ම්ම්.... මහින්දට ගිය චන්ද වලදී කඩේ ගිය එකෙක් හැටියට මගේ අදහසත් දැන් රජකම ඇති කියන එකයි...

    ReplyDelete
  23. "එක පැත්තක මහින්ද අයියා... දිනුවොත් කිසි කරදයක් නැතිව මේ ඉන්න විදියට අපේ මහන්සියෙන් හම්බ කරං කාලා බයක් හැකක් නැතිව පාරේ බැහැලා ගියෑකි."

    හික් හික්............................

    ReplyDelete