28 November 2014

ජනපතිතුමනි මේ කරගැට ඔබට නොපෙනේද..?



අහම්බෙන් වගේ දකින්න උන වීඩියෝවක්... දැකලා අහක බලං ඉන්න එක හොඳ වැඩක් නොවන හින්දා මේ මැතිවරණ කටේ මහින්ද අයියට හෝ මෛත්‍රී මහත්තයට පාඩුවක් වෙන විදියේ මොනවත් නොලියා ඉන්න හිතං හිටියා උනත්... මේක නොලියා ඉන්න එක මට හිතට හරි මදි කාරණාවක්...

අවංකවම මෙන්න මේ තත්වයනං හොඳ දෙයක් නෙවෙයි.. මහින්ද අයියා වහාම අවධානය යොමු කල යුතු දෙයක් මේක... මොකද මේ මිනිස්සුන්ගේ හයිය තමා මහින්ද අයියට තියෙන ලොකුම ධනය... මේ මිනිස්සුන්ව ඇස් දෙක වගේ බලා ගැනීම මහින්ද අයියගේ යුතුකමක්...

මහින්ද අයියට කලින් හිටිය චන්ද්‍රිකාලා රනිල්ලා හින්දා මේ මිනිස්සුන්ගේ අයියලා තාත්තලා බාප්පලා මහප්පලා වහ බිබී මැරුනා.. සමහරුන්ට වහ කුප්පියක් සල්ලි දීලා ගන්නවත් වත්කමක් නැතිව ගිය හින්දා කනේරු ඇටයි සීනියි කකා මැරුනා.. යන්තං ඒ වහ කාලා ගොවීන් මැරුන යුගය නිමා උනේ මහින්ද අයියගේ ආණ්ඩුව යටතේ... ඒ විතරක් නෙවෙයි..

මේ මිනිස්සු අත්වල කරගැට දානකලං කුඹුරු කොටද්දී.. බිම පෙරලද්දි.. රෑට නිදි නැතිව සතා සරුපයාගෙන් වෙන අනතුරු මැද්දේ ගස් උඩ ගල් උඩ නැගගෙන නැහීගෙන වගාවන් ආරක්ෂා කරගෙන ඉද්දී... අලියා ගහලා මැරෙද්දී.. කොටියා ගහලා මැරෙද්දී... මේ මිනිස්සුන්ගේ ළමයි තමා යුද්දේට ගිහින් මැරුනේ.. එහෙම නැතිව මේ කොළඹ ඉන්න මිනිස්සුන්ගේ ළමයි නෙවෙයි...  

එදා උතුරේ කඳවුරු එකින් එක බිමට බිමට පාත් වෙද්දි අලිමංකඩ.. පුනරින් වගේ කදවුරු වලදී සෙබළු තුන් හාර දහ එක ගොඩේ වතුර ටිකවත් නැතිව  පිපාසෙන් වැටිලා ඉද්දි කොටින්ගේ මන්නා පාරවල් කාලා මලේ මේ මිනිස්සුන්ගේ දරුවෝ...  මේ මිනිස්සු එදා නොසෑහෙන දුකක් වින්දා.. ළමයි නැති උනා.. වහ කාලා මලා.. දැන් ආයෙම එහෙම කාලයක් උදා වෙන්න දෙන එක යුතු නැහැ... වහාම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න... රජයේ පැත්තෙන් හෝ.. නිලධාරීන්ගේ පැත්තෙන් මොන යම්ම හෝ අකටයුතුකමක් වෙනවනං වහාම ඒ දේවල් හරි ගස්සලා මේ මිනිස්සුන්ගේ අත්වල තියෙන කරගැට වලට සාධාරණයක් කරන්න... මේ මිනිස්සු ඒ සැලකීම ලබන්න සුදුසුකං ඇති මිනිස්සු... ඒ අයට යුතුකම් ඉෂ්ඨ කරන්න පරක්කු වෙන්න එපා... එහෙම නොවුනොත් මේ මිනිස්සු හෙට මහින්ද අයියා වෙනුවට රනිල් චන්ද්‍රිකාලට මේ කර ගැට පාලනය කරන්න බලය දෙන්න බැරි නැහැ.. එහෙම උනොත් වැඩි දවසක් නොගිහින් ආයෙම මේ මිනිස්සු කනෙරු කන... වහ බොන... යුගයක් එයි... ඒ තත්වෙට මේ මිනිස්සුන්ට වැටෙන්න දෙන්න එපා.. මොවුන්ව රැක ගන්න... ඡන්ද කටේ තියං ප්‍රශ්න අදිනවා කියලා නොහිතා ඔවුන්ව මේ විපතෙන් ගලවා ගැනීම ඔබට බාර වූ රාජකාරියක්... ඒ රාජකාරිය දේව කාරියට වඩා ලොකු එකක් බව අමතක නොකරන්න...

20 comments:

  1. මොකද්ද බං මේ කරගැට සින් එක? යූ ටියුබ් තහනං නිසා බලන්න බෑ!

    ReplyDelete
    Replies
    1. යන්තම් තහනම නම් ඉවත් කරලා. ඒත් ස්පීකර් නෑ!!

      Delete
    2. මේක ටිකක් පරණ වීඩියෝ එකක් ගොවි උද්ෆෂා්ෂණයකදි එක ගොවියෙකු හැගුම්බර විදියට කරන කතාවක්.. අවුල තියෙන්නේ අරු මූ ඕකා කියල කරන ආමන්ත්‍රණය තමා. නැත්නං අනුර කුමාරගේ මල්ලි වගේ..

      Delete
  2. 2005 ඉඳන්ම මහින්ද අයියා හිටියාය.නමුත් මඩ සෝදා ගත් කල රජකමට සුදුසුයි කියා කිව්ව ගොවින් වෙත සිදුවූ සෙතක් ගැන නම් දන්නේ නැත.මේ ගොවි රජවරුන්ට යුතුකම් ඉෂ්ඨ කරන්න මහින්ද අයියාට ජන්දේ අස්සේ හරි මතක් වේනම් හොඳය.කොහොම වෙතත් පහුගිය කාලයේ රණවිරුවෝ කරට ගත්තා වගේ මෙවර මේ ගොවි විරුවෝ මහින්ද අයියා අනිවාර්යෙන් කරට ගත යුතුය.නැතිනම් බයියාට සොරි මහින්ද අයියාට බඩේ බත් නැති වෙනවා ෂුවර් ෂොට්ය.

    ReplyDelete
  3. අත් දෙකේ කරගැට නං පෙනෙන එකක් නෑ,හැබැයි වෙන තැනක තිබ්බ නං ටොප් එකට පෙනේවි.

    ReplyDelete
    Replies
    1. ඕවා මොනවද බං,, මාත් කියන්න ගියේ මුන්ගේ කරගැට තියෙන තැන උන්ට ගානක්වත් නෑ. මොකෝ ඒ තරමට ඇරලා..

      මාරේ මේ තියෙන්නේ රනිල්ගෙවත්, චන්ද්‍රිකාගෙවත් ආන්ඩුවක් නෙමෙයි. උඹගේ ආන්ඩුවක්. උඹයි කොළඹ ඉන්න එකෙකුගෙයි වෙනසක් නෑ. ඒකයි උඹ මේ වගේ නිව්ස් එකකින් හෙල්ලෙන්නේ. මහින්දගෙනුත් පෝර ඇර ලැබුන ලබ්බක් නෑ මේ මිනිස්සුන්ට. එකම එක සැරයක් සහල් රට ඇරියා එච්චරයි. මේ මිනිස්සු හැමදාම හැම එකාටම රැවටෙනවා. අදත් ගොවියො වහ බීලා මැරෙණවා. ඒත් එ මිනිස්සුන්ට මරණ සහතිකේවත් දෙන්නේ නෑ. සිය දිවි නසා ගැනීමක් කියලා.. ආන් ඒ වැඩවලට නම් මහින්ද අයියා නියම දස්සයා..

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

      Delete
  4. මාරේ අයියා මේ ටිකේ බැහැලා වැඩ.. තානාපති කමක්වත් ගන්ඩ හිතාගෙනද මන්දා..

    ReplyDelete
  5. අවශ්‍යතා නිසි අයුරින් පෙළ ගස්සා ගෙන, ඒ ප්‍රශ්නවලට උත්තර සෙවීම පැත්තක දාලා. චොකා බයිලා නටන්න ගිය එකෙන් තමයි අද මේ පාලනයේ හතර කොණම ගිනි අරන් තියෙන්නේ.

    ReplyDelete
  6. මම දේශපාලන ලිපි වලට පැටෙලෙන්නෙම නෑ..ඒත් පුරේ කොල්ලෙක් වෙච්ව මම යුද්ධය නිසා ගොඩක් දුක් වින්දා අද මට මහින්ද මහත්තයා මුන ගැහැනුත් තාත්තාට වදිනවා කියලා හිතාගෙන කකුල් දෙක වදිනවා ඒ පොඩි මෙන්ඩියා යුද්දේ බෝම්බ ත්‍රස්තවාදය අදුරන්නේ නැති නිසා.

    ReplyDelete
  7. මේ මිනිසා කියන දේ කුමක් වුවත්, ඒ ගැන සොයා බලන්න වටිනවා.

    ReplyDelete
  8. මල්ලි......උයාගෙන කන කෑමක් ගැන ලියහන් මල්ලි......
    බිය නොවන්න.....මෙවරත් උයාගෙ මාමි එයි........
    සම හරක්.......දුන්නොත්......

    ReplyDelete
  9. කාට කියන්නද මෙව්වා

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඔන්නොහේ මෛත්‍රීට දෙන්න අනේ!
    පොළොන්නරුවේ කට්ටියගේ වී ටිකට වගේ හොඳ අනාගතයක් තියේවී එතකොට ඔයාලටත්..:D

    ReplyDelete