11 December 2014

ජවිපේ හයිය මෛත්‍රී මහත්තයට...

වැඩි වැල් වටාරං නැතිව මං මේ ගණන් හදා බලන්ට යන්නේ මේ පාර ජවිපේ හරහා මෛත්‍රී මහත්තයට කොයි තරං තල්ලුවක් ගතෑකිද කියලා හොයලා බලන්ට...

ඔව් ඔව් මේ වතාවේ ඉතිං ජවිපේ මෛත්‍රී මහත්තයට සපෝට් නැහැ තමා.. එහෙමනේ එයාලා කියන්නේ... අර විමල් ගොයියා අනුරට නක්කලේ දානවා වගේ “අන්න සතා මෙන්න පොල්ල අපිනං සිල්“ තියරිය තමා.. ඒත් ඉතිං නොකියා කියන්නේ අපි මෛත්‍රීටම තමයි කියලා මිසක් වෙන මොකක්දෑ... :D

ඒත් දැන් ලොකු තැන්වලින් කිව්වටවත් ගංවල උන් පෝස්ටර් ගහන්න ගස් ගල් ගානේ බඩ ගාවන්න අමාරු හින්දයි.. පෝස්ටර් බලකායේ හිටිය දක්ෂ බඩු ටික කුරුට්ටෝ එක්ක ගිය හින්දයි.. මේකට කෙලින්ම බැස්සොත් තියෙන ජවිපේ ඡන්ද ටිකත් ඊ ළග වතාවේ හෝදලා යන එක ඉර හද වගේ ෂුවර් හින්දයි... එයින් පස්සේ සුපුරුදු විදියට පහුගිය වතාවල් වල උනා සේම තමන් සපෝට් කල එකා තමන්ට ඇරලා දැම්මම ඇවිත් කියන්න කතාවක් හදා ගන්න තියෙන අමාරුව හින්දයි වගේ ඉතාම සාධාරණ හා මානුෂිය හේතු මත ජවිපේ මේ ගත්ත තීරණය නිවැරදිම එකක් කියලයි මං හිතන්නේ...

වෙනම ඉල්ලිල්ල එයිට එහා ගස් යන වැඩක්... බොහෝම ආමාරුවෙන් බුකියේ ජනාධිපති වෙලා හරි ඌවේ ඡන්දේ වෙනකල් අල්ලං හිටිය අළුත්ම නඩේ ගුරා වෙච්ච අනුර කුමාර කරුණානායක සහෝදරයගේ සායම යන හින්දා ඒක කරන්න බැහැ මොන විදියකින්වත්... එව්වාත් අපි තේරුම් ගත යුතු දේවල්... ඒවට දොස් කියලා වැඩක් නැහැ.. 

ඉතිං අපි වඩාත් ප්‍රායෝගික වෙලා මේ වෙලාවේ කරන්න ඕන ඒ කොරන්න බැරි දේවල් පැත්තක තියලා දැන් මේ කරන්න යන වැඩේ.. ඒ කිව්වේ මේ වට වන්දනාවෙන් මෛත්‍රී මහත්තයට සපෝට් කරන්න ගත්ත තීරණය සාර්ථක කරගන්න හැටියක් ගැන කල්පනා කොරන එක තමා...

අපි කවුරුත් දන්නවනේ ඉතිං කෙනෙකුට දෙයක් දෙන්නනං තමන් ගාව පළමුවෙන්ම දෙන්න දෙයක් තිබිය යුතුයි කියන සරල කාරණාව... තමන්ට නැති දෙයක් කොහෙන් දෙන්නද...?

හරි එහෙමනං වංගු ගහලා හරි මෛත්‍රී මහත්තයට දෙන්න කොච්චර හයියක් ජවිපෙට මේ මොහොතේ තියෙනවද..? ඒ කිව්වේ ඡන්ද පදනමක්... ( කතා වලින් දෙන හයියක් තියෙනවා උනත් කෙලින්ම සප් එකක් දෙන්නේ නැති තැනක ඉද්දි ඒක ඒ තරමටම ප්‍රායෝගික නැහැ... මිනිස්සු උනත් කාටවත් සපෝට් කරන්නේ නැහැ කියලා කියන ගමන් එක්කෙනෙකුට විතරක් ගහන අය කියන දේ ඒ හැටි කණකට ගන්නේ නැහැ.. ඒකත් හරියට අර අයිටීඇන් එකේ තුලාවට උනා වගේ වැඩක්.. එක පැත්තක එකෙක් දාගෙන නිවේදකයයි ඒකයි පාලු ගෙයි වළං බිඳිනවා වගේ මැන්ටල් වැඩක් )

හරි අපි දැන් හොයමු මේ පාර මෛත්‍රී මහත්තයට ජවිපෙන් කොච්චර ඡන්ද ලැබෙයිද කියලා... ඒකට ඉතිං අපි පරණ මැතිවරණ වාර්ථා දෙක තුනක් අහුලං එමු ඒවා තියෙන තැනින්ම.. ඒ කිව්වේ මෙතැනින්...


ඕකෙන් තොරතුරු ගත්තාම ලේසියි ඉතිං කාට උනත් බලා ගතෑකි තැන නෙව...

හරි අපි යමු මුලින්ම ජවිපේ තනියම ඉල්ලපු වෙලාවක් හොයාගෙන... ඇත්තටම කිව්වොත් එහෙම පැහැදිලි එකක් හොයා ගන්න අමාරුයි... 

2010 ජනාධිපතිවරණය... ෆොන්සේකා දිනවන්න යූඇන්පීය ඇතුළු පක්ෂ රාශියක් එක්ක එකට එකතු වෙලා කැප උනා.. වෙනම ඉල්ලුවේ නැහැ.. ෆොන්සේකා මහත්තයා ගත්ත 4173185 ක් (හතලිස් එක් ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය අසූ පහක් )  උන ඡන්ද ප්‍රමාණය ඇතුලේ ජවිපේ ඡන්ද ටික හැංගිලා ගියා... ඒ සමස්ථ ජවිපේ බලයමයි කියලා කියන්න අමාරු උනත් සැලකිය යුතු තරමක ජවිපේ ඡන්ද එතනදී ප්‍රකාශ උනා කියලා අපිට හිතන්න පුළුවන්...

2010 මහ මැතිවරණය... එතනදීත් ෆොන්සේකා මහත්තයා එක්ක එකට එකතු වෙලා ඡන්දය ඉල්ලුවා මුළු රටින්ම දෙගොල්ලම එකතු වෙලා ඡන්ද 441251 ක් (හාර ලක්ෂ හතලිස් එක් දහස් දෙසිය පනස් එකක්) ගත්තා. එතනදිත් ජවිපේ ඡන්ද ෆොන්සේකා මහත්තයගේ ඡන්ද එක්ක කලවං උනා.. පැහැදිලි අදහසක් ගන්න අමාරුයි...

ප්‍රාදේශීය සභා ඡන්ද වලින් මේක හොයන්න ගියොත් ලේසි නැහැ...(කාට හරි පුළුවන්නං ඒකත් හොයලා එකතු කරලා බලලා කියන්න ඒක ලොකු උදව්වක්)

අපිට ගන්න පුළුවන් පැහැදිලිම අදහසක් ගන්න ඉතිරි වෙලා තියෙන්නේ පසුගිය පළාත් සභා ඡන්ද වලින් විතරයි.. ඒ අනුව අපිට මෙන්න මෙතනින් ගන්න සංඛ්‍යා ටික මෙහෙම දක්වන්න පුළුවන්...

(2014) ඌව පළාත - 36580         
(2014) බස්නාහිර පළාත - 156208
(2014) දකුණු පළාත - 109032
(2013)මධ්‍යම පළාත - 13887
(2013)උතුරු පළාත - 288
(2013)වයඹ පළාත - 19624
(2012)නැගෙනහිර පළාත - 3154
(2012)උතුරු මැද පළාත - 16066
(2012)සබරගමුව පළාත - 12164

සියල්ලගේම එකතුව 367003 යි.
(ගණන් හිලවු වල වැරැද්දක් ඇතොත් පෙන්වන්න මම එක පාරින් මේ ටික ලියාගෙන යන්නේ වැඩිය බල බල ඉදිල්ලක් නැහැ...)

හරි ඒ කියන්නේ ඔය ගාන තමයි අද වෙද්දි ජවිපෙට තියෙන උපරිම ඡන්ද හැකියාව කියලා අපිට හිතන්න පුළුවන්... මොකද මට මතක හැටියට ජවිපෙට සිද්ධ උන දරුණුම බිඳ වැටිම් දෙකම උනේ ඔය 2012 පළාත් සභා මැතිවරනයට කලින්... (විමල් වීරවංශගේ කඩාගෙන යාම -2008/ පෙරටුගාමීන්ගේ කඩාගෙන යෑම - 2011) එහෙම ගත්තම ඔයින් පස්සේ ඔය ඡන්ද පදනමේ ලොකු වෙනසක් වෙන්න තරං කාලයක් ආවේ නැහැ.. ඒකට හොදම උදාහරණය හැටියට අපට ගතෑකි නව නායක අනුර කුමාරගේ පත්විමෙන් පසුව අන්තර් ජාලය ඔස්සේ වගේ ඔහු සෑහෙන්න ජනප්‍රිය උනත් එයට සාපේක්ෂව බිම් මට්ටමේදී වැඩි උන ඡන්දයක් නැහැ කියලා ඌවේදී ඔප්පු වීම වැනි කාරනා හරහා.. අනුරට ලැබුන වැඩි දිස්නය ආවේ රනිල් සමග කලකිරීමේන් හා දිගින් දිගටම පරාජිත යූඇන්පීය තුල සිටිමින් යූඇන්පීය වෙනුවෙන් කතා කිරීමට ලැජ්ජා සිතුනු බුකීවාසී බහුතර යූඇන්පී පාක්ෂිකයින් වෙතින්.. ඒ අය එවෙලේ ගැලවීමට අනුරගේ කරේ එල්ලුනාට සැබෑ ජේවිපී කාරයින් නොවන බව පැහැදිලියි.. (මේ වෙද්දි ඒඅය අතුරින් සමහරක් බැහැලම නැවත තමන් හිටිය තැන වැඩ කරනවා බලාගන්නත් අපට පුළුවන්.. ) ඒ අනුව ගත්තම අපට ඔය “තුන් ලක්ෂ හැට හත්දහස් තුන“ ජවිපේ වත්මන් උපරිම හැකියාව හැටියට සලකන්න පුළුවන්...

එතකොට ජවිපෙ හරහා මෛත්‍රී මහත්තයට ඔය තුන් ලක්ෂ හැටහත් දාස් තුනෙන් කොච්චර ඡන්ද ලබා දෙන්න පුළුවන් වෙයිද...? සම්පූර්න ගානම...?

මම නම් හිතන්නේ නැහැ.. මොකද පසුගිය ජනාධිපතිවරණයේදී උනත් ෆොන්සේකා මහත්තයට සම්පූර්ණ ජවිපේ ඡන්ද කුට්ටියම ආවා කියලා හිතන්න අමාරුයි.. අපි එහෙම ආවා කියලා හිතුවත් උපරිමය තමා ඔය ගාන... ඔයිට වැඩි බලයක් ජවිපෙට කිසිම කෙනෙක් වෙනුවෙන් දෙන්න හැකියාවක් නැහැ... එතකොට ඕකෙන් යම් යම් හේතු නිසා යම් ප්‍රමාණයක් අඩු වෙන්න හැකියාවනං තියෙනවා...

මොනවද හේතු... ගිය වර ෆොන්සේකා මහතා ඉල්ලුවේ කෙලින්ම ඔහුටම ජනාධිපති වෙන්න වීම හරහා ජවිපේ ගනුදෙනු තිබුනේ ඔහු සමගයි.. නමුත් අද බලය ඉල්ලන්නේ මෛත්‍රී මහත්තයා.. බලය ලැබුනට පස්සේ ඒ බලය ව්‍යවස්ථානූකූල ක්‍රමයක් හරහා යොමු කරනවා කියන්නේ රනිල් උන්නැහේට... පොඩි අවුල් සහගත තත්වයක් එතන තියෙනවා.. ජවිපේ සාමාජිකයින් ෆොන්සේකාට කොහොම වෙතත් රනිල්ට කැමතියි කියලා මං හිතන්නේ නැහැ.. අනුර කුමාර කොච්චර කිව්වා උනත් මිනිස්සුන්ට තම තමන්ගේ පුද්ගලික හැගීම්.. මතවාදයන් නැති වෙන්නේ නැහැනේ... 2005 දී මහින්දට උදව් කරන්න ජවිපේ ඉදිරිපත් වීමට වඩා සෑහෙන වෙනසක් මේ තැනදී තියෙනවා... මහින්ද කියන්නේ අතීතයේදී ජවිපේ යම් ආකාරයක මිතුරෙක් විනා සතුරෙක් නෙවෙයි... මහින්ද නිසා දකුණේ භීෂණ කාලයේ දිවි ගලවගත්ත අය හිටියා වගේම ඒ ගැන සෑහෙන පිරිසක් දැනුවත්ව හිටියා... ඒ හින්දා මහින්ද වෙනුවෙන් පෝස්ටර් අලවන්න.. වැඩ කරන්න.. ඡන්දේ දෙන්න ජවිපේ පහලම සාමාජිකයාට උනත් බැරි අමාරුකමක් තිබුනේ නැහැ... පක්ෂ නායකත්වය තීරණය කලානං මහින්දට සහය දෙන්න ගැටීමකින් තොරව ඒ දේ කරන්න පුළුවන් වාතාවරණයක් පහල මට්ටමේ තිබුනා.. 

ඒත් ෆොන්සේකා ගාවට එද්දි ඒ තත්වය තරමක් වෙනස්.. එකක් ෆොන්සේකා එක්ක එක පැත්තකින් රනිල් ඇතුළු යූඇන්පීය හිටගෙන ඉන්නවා... අනිත් පැත්තෙන් ෆොන්සේකාගේ උනත් හමුදා ජීවිතය තුල අතීතයේ ජවිපේ සමඟ ගනුදෙනුව යහපත් එකක් නෙවෙයි... මෙතනින් ෆොන්සේකාගේ අවුලටත් වඩා රනිල් එක්ක එකට වැඩ කරනවා කියන එක ජවිපේ සාමාජිකයාට තරමක් අසීරු කාරණාවක්... මහින්දගේ මොන අවුල තිබුනා උනත් රනිල් සමඟ අවුල එයිට වඩා දරුණු තුවාලයක්.. වත්මන් ජවිපේ නායකයින් විසින් ඒක වහන්න හැදුවට තුවාලේ තිබුන එකාට ඒ වේදනාව මතකයිනේ... විශේෂයෙන්ම භීෂණ සමය තුලදී එවකට පැවති යූඇන්පී රජය විසින් පවත්වාගෙන ගිය බටලන්ද.. කොළඹ නීතී විද්‍යාලය වැනි වධකාගාර එක්ක සෘජුවම නම ගෑවී තිබුන රනිල්ගේ වගතුග එක්ක මේක ලේසි දීගයක් නෙවෙයි... පොඩි හරි වාසියක් තිබුනනං තිබුනේ බලය දෙන්න යන්නේ ෆොන්සේකාට මිසක් රනිල්ට නොවීම... ඒ නිසා 2005 හේදී මහින්දට වගේ ජවිපේ උපරිම බලය ෆොන්සේකාට ලැබුනා කියලා අපිට හිතන්න අමාරුයි... නමුත් සැලකිය යුතු හයියක් ලැබුනා කියලා අපිට හිතන්න පුළුවන්... අඩුම ගානේ ඔය තුන් ලක්ෂ හැට හත් දාහෙන් ලක්ෂ දෙක හමාරක් තුනක් වගේවත් ලැබුනා කියලා හිතුවැකි.. අපි ඒක උපරිම වාසි තියලා ඕනනං ලක්ෂ තුනක් කියලා ගමු... කවුරු හරි කියනවනං විශ්වාසයෙන් හා සාධක ඇතිව ඒක එයිටත් වැඩියි කියලා අපි එතැනට එමු... ඒකේ අවුලක් නැහැ..

නමුත් අද වෙද්දි තත්වය එයිට වඩා සෑහෙන්න වෙනස්... 2005 දී මහින්ද අවුලක් උනේම නැහැ...
2010 දී ෆොන්සේකා මුලට හිටිය හින්දා යම් තරමකින් හවුලකට යන්න පුළුවන් උනා...

නමුත් මේ පාර තියෙන්නේ කැඳ හවුලක් වීම නිසාත්.. අනිවාර්යයෙන්ම මේ විපක්ෂ එකමුතුවේ අරමුණ කෙටි කාලයක් තුලදී බලය හුවමාරුවකින් රනිල්ට රටේ බලය පවරන එක කියලා අපේක්ෂයම කියන හින්දාත් මං හිතන්නේ නැහැ අනුර කුමාර උන්නැහේ බිම හැපිලා කිව්වත් ඔය තියෙන තුන් ලක්ෂ හැට හත් දාහෙන් බාගයක්වත් මෛත්‍රී උන්නැහේට දෙයි කියලා... ඒත් මං හිතන දේම වැදගත් නොවන හින්දත්... මේ වෙලාවේ විපස්සයේ අයගේ හිත් කඩන එක හරි නැති නිසාත්.. ගනු දෙනු වඩාත් විශ්වාසදායක විය යුතු නිසාත් වැඩිම වාසියක් තියලා අපිට ඕනනං කියන්න පුළුවන් ඔතනින් ලක්ෂ දෙකක් විතරනං වැටෙයි කියලා...  කාට හරි ඒ ගානත් වැරදියි ලක්ෂ තුනක්වත් වැටෙනවා වගේ කියලා හිතෙනවනං අපි ඒ ගාන උනත් පිළිගන්නම්.. ඒකේ අවුලකුත් නැහැ... (හැබැයි ඉතිං ඒ අස්සෙම ජවිපෙන් කලින්ම කඩාගෙන ගිය පෙරටුගාමීන්ගෙන් මේ පාර දුමින්ද නාගමුවද කොහේද කියලා කෙනෙකුත් ඡන්දෙට දාලා තියෙන හින්දා සමහරක් විට තමන්ගේය කියලා හරි හමන් අපේක්ෂකයෙක් නැති වේදනාවට මොකා උනත් අපේ එකෙක් කියලා මෑන්ටත් ජවිපේ අය ඡන්දේ දුන්නොත් වැඩේ මෙයිටත් වඩා අවුලක් වෙනවා... දිනන්නම නෙවෙයිනේ විජේවීරත් ජනාධිපතිවරණයට ඉල්ලුවේ.. විජේවීර දිනයි කියලා හිතලත් නෙවෙයිනේ එදා ජවිපේ සාමාජිකයා විජේවීරට දුන්නේ... එහෙම තත්වයක් මත ජවිපේ සාමාජිකයා මොන අන්දමට තීරණයක් ගනීද කියලා කාටද කියන්න පුළුවන්..)

ඉතිං අවසානයේදී අපට මොන විදියට ගැට ගැහුවත් පේන දේ තමා ජවිපෙට මේ වෙලාවේ වළදේ අඩියම හූරලා ගත්තත් තුන් ලක්ෂ හැට හත්දාස් තුනට වඩා වැඩි සහයක් මෛත්‍රීට දෙන්න බැහැ කියන එක... වළඳ හීරිල්ල කරන්න බැරි බව අපි දන්න නිසා  (ඉහත කියා ඇති පරිදි) ලක්ෂ තුනකට වඩානං මොන විදියකින්වත් හයියක් දෙන්න බැහැ කියන එක පිළිගත යුතුයි... ඒ තමා මෛත්‍රී මහත්තයට ජවිපෙන් ලැබෙන උපරිම හයිය... උපරිම ලක්ෂ තුනයි...
මගේ ගානනං ලක්ෂ එක හමාරත් දෙකත් අතර.. ඒත් අපි ඒක අමතක කරමු.. වැඩි වාසිය මෛත්‍රී මහත්තයට දෙමු.. ලක්ෂ තුනයි... අවසානයි...

---------------------------------
මෙතනදී අවසාන වශයෙන් තව කාරනාවක් මතු කරන්න ඕන... ඒ තමා 2010 ජනාධිපතිවරණ ප්‍රතිඵලය...

මහින්ද - 6015934
ෆොන්සේකා - 4173185

(දෙදෙනා අතර පරතරය 1842749 ක්.. ඒ කියන්නේ දහ අට ලක්ෂ හතලිස් දෙදහස් හත්සිය හතලිස් නවයක්... දළ වශයෙන් ගත්තොත් ලක්ෂ දහ අට හමාරක්...)

හැබැයි ඔය ප්‍රතිඵලය එන වෙලාවේ ජවිපේ ඡන්ද ටික තිබුනේ ෆොන්සේකාගේ ගාන ඇතුලේ... ඒ කියන්නේ ජවිපේ මේ පාර උදව් කලා කියලා විපක්ෂයේ පොදු අපේක්ෂකයට වැඩිවෙන අමුතු ඡන්දයක් නැහැ.. එකම දේ ජවිපේ සහය හරියට නොලැබිම නිසා ඔය ලැබුන ඡන්ද වලිනුත් යම් කොටසක් අඩු වීම පමණයි. අපි හිතුවොත් ගිය පාර ලක්ෂ තුනක් ෆොන්සේකා මහත්තයට ලැබුනත් මේ පාර ලක්ෂ දෙකයි හම්බ වෙන්නේ කියලා.. අනිත් සාධක ඒ ආකාරයටම තියෙනවා කියලා හිතුවොත් ෆොන්සේකටත් වඩා ලක්ෂයක් අඩුවෙන් තමා මෛත්‍රී මහත්තයට හම්බ වෙන්නේ... මහින්ද සමග තියෙන ඡන්ද පරතරය තවත් වැඩි වෙනවා.. ඒ කියන්නේ ලක්ෂ දහ නවය විස්ස අතර ප්‍රමාණයක් දක්වා ඒ වැඩි ඡන්ද ගාන යන්න පුළුවන් කම තියෙනවා...

ඒ නිසා මෛත්‍රී මහත්තයා මේ සම්බන්ධව කල්පනා කරලා බැලිය යුතුයි සහ උපරිම ජවිපේ බලය ලබා ගැනීමටවත් උත්සහ කල යුතුයි.. එහෙම නොවුනොත් ගිය පාර ෆොන්සේකා මහත්තයටත් වඩා අමාරුවක මෛත්‍රී මහත්තයට වැටෙන්න වෙනවා...

අපි අනිත් දේවල් ගැනත් ඉස්සරහට වෙලාවක් තිබුනොත් කතා කරමු.. ඒ කිව්වේ හෙළ උරුම සහය නිසා ෆොන්සේකාට වඩා බලයක් මෛත්‍රී මහත්තයට ලැබෙන්නේ කොහොමද... සුළු ජාතික ඡන්ද නිසා මෛත්‍රී මහත්තයට කොච්චර හයියක් ලැබේවීද... පැන්න අය හරහා මෛත්‍රී මහත්තයගේ දෑත් ශක්තිමත් වීම කොහොම වෙයිද... කලින් නොවැටුන හා මෙවර අළුත් ඡන්දවල හැසිරීම... වගේ කියන කාරණා... 

38 comments:

  1. 2010 - A Fantasy World
    2005 - A Gambit
    2015 - Hope that MR will win by 52%

    ReplyDelete
  2. බලන්න දෙයක් නෑ...හෙල උරුමෙට ජන්ද ලක්ශයයි උපරිම....ඒක තමයි එගෝලලන්ගේ ගාන..ඔය ලගදි ආපු සුකීරි ලමයිනුත් එක්ක වැඩිම උනොත් තව 50000...උපරිම ඕනේ නම් ලක්ශ දෙකයි..
    මෛත්‍රිත් ඔය කීයක් හරි කඩා ගනී..ඒත් සමස්ථ ප්‍රතිපලයට ගේන දායකත්වය එච්චර නෑ...

    .ඒත් චන්දෙ මෛත්‍රි මහත්තයට දිනන්නනම් රනිල් එක්ක එගෙන්ස්ට් එකට හිටපු ඇගේ කොල පොරවල චන්ද පෝලට අද්දන්න ඔනේ වගේම...මහින්ද ලොක්කට සපෝර්ට් කරපු පාවෙන චන්ද හා නාගරික මධUඅම පංතිය මෛත්‍රීට වැටෙන්නේ ඔනේ නැත්තං අඩු ගානේ නිශ්ක්‍රිය වෙන්න ඕනේ,

    ReplyDelete
  3. සුබ අනාගතයක් !

    ReplyDelete
  4. හප්පේ ඕවා දාන්න එපාබන්
    ජ.වි.පෙ මල්ලිලාට දැන් තරහත් යනවා.(ඉස්සරනෙ ඒ ඉවසීම තිබ්බෙ )
    ඊයෙ අපේ ගම් පලාතෙ මල්ලි කෙනෙක්ම ඒ තත්වෙට වැටුනා.
    බුකියෙ කියාගන්න කිසිම දෙයක් නැති වුනාම , මගේ බුද්ධි තත්වය, මට මොන්ගල්ද ? මගේ මොළේ වැඩී ඇති ප්‍රමාණය වගේ දේවල් පවා බලන තත්වෙට පත්වුනා.
    හෙහ් හෙහ් හෙහ්.. තාමත් ඌ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නම් ඉන්නවා.

    ReplyDelete
  5. අනේ අයියා.... අපිට එතකොට සියඹලා ඇත්තේම නැද්ද?
    උඹේ ගනන අනුව මහින්ද අයියට කීයද මෛත්‍රීට කීයද කියල දාපං අවංකව

    ReplyDelete
    Replies
    1. ඔය මල්ලේ තියෙන සියඹලා ටිකෙන් ටික අඩු වෙනවා බං...
      තව කාලයක් යද්දී මල්ලවත් ඉතුරු වෙයිද දන්නේ නැහැ...

      Delete
    2. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මල්ල නැතිවුනාට පස්සේ සාක්කුවේ තිබුණු සියඹලා ටිකත් මග හැලිලා මහින්ද අන්කල් ඒ ටිකත් ඇහිඳ ගනීවි.

      Delete
  6. මහින්ද මහතා දිනනවා... ඒක ෂුවර්... නමුත් මහින්දගේ ජන්ද 60 ලක්ෂෙ තවත් අඩු වෙනවා...
    පුළුවන්නම් ඒ ගැනත් අදහස කියපන්...

    ReplyDelete
  7. මහින්ද මහත්තය සීයේට පනස් එකකින් දිනා ගත්තා කියලා කියයි.

    ReplyDelete
  8. මේවට තමා වෛරී දේසපාලනය කියන්නේ
    ජේ වී පී එකම තමා මෙයාගෙ බයිට් එක
    මාත් කියනවා ආයෙ ආයේම මෙහෙම කියනවනං
    ජේ වී පී එක මේ වෙලාවෙ දේසපාලන පක්සයක් හැටියට ඉන්න පුලුවන් හොඳම ස්ථාවරයේ ඉන්නවා

    රටෙන් සෑහෙන පංගුවක් වෙන්න පාක්ෂිකයෝ ඉන්න යූ ඇන් පී නායකත්වයට තමන්ගෙ පාක්ෂිකයෙක් දාලා චන්දයක් දිනන්න හිතේ හයියක් නැත්නම්, මේක පේනවට වඩා බරපතල තත්වයක්.
    මොකද බළලුන් ලවා කොස්සැට බාවලා නම් මේ නායකත්වයට එන්න හදන්නේ, ඒ කරන්නේ රටෙන් බහුතර කැමැත්තක් තමන්ට චන්දයකින් ඍජුව ප්‍රකාස වෙලා නැති වෙලාවක, පක්ෂ නායකත්වයට බලය ලබාගන්න කියන කාරණය විතරක් දරාගෙන. ඉතින් හෙමින් හෙමින් හරි ජේ වී පී එක රටේ ඒ තැන - රටක විපක්ෂයට හිමි තැන - ගන්න වෙනව.

    ඔය ඉලක්කම් සෙල්ලම නෙමේ කල්පනා කරන්න ඕනෙ: අයිවන්ලා ගේ කරපිටින් බලයට ඇවිත් අයි-වන් වෙන්නම පාඩමක් උගත්ත චබකු නෝනත්, තමන්ගෙ ජනතා නායකයින් වැඩිම ගානක් නැතිකරගත්තු යූ එන් පී නායකත්වයත් තාමත් ස්වදේසිකයන්ට විරුද්ධ ස්ථාවරයක ඉන්න බලවේග එක්ක පෙලට හිටගන්නෙ මොකද කියන එකයි. පටිරෝල්ගාමී උන්නැහේ හැමදාම ඉතින් මගුල් ලකුණු හිතේ තියන් ඉන්න හින්ද උන්නැහේ ගැන වෙහෙස වෙන්න වුවමනා නෑ.

    ReplyDelete
  9. උයා ගොඩක් පොඩි වෙලා මල්ලි......
    කොහෙන්ද මන් ද........
    අර ජනෙල් වලට ගල් ගස්සපු ......සරත් අයියගෙ අම්මට......
    මේ දරුවට බිය ඇති කෙරුවට.......

    ReplyDelete
  10. ජනතා විමුක්ති පෙරමුණේ තියෙන ඡන්ද ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නේ. උන්ගේ කටවල් ටික. ඒ අම්මලට නම් පින් අයිති වෙන්න ඕන. කට ඇති පුත්තු හැදුවට. ඔය කියන ගනන් ඔක්කෝම අහෝසි වෙනවා. ජෙප්පො සංධාන ගත් උනාම. උන් මනාපවල ඉදිටියටම එන්නේ ඒකයි. අමතක කරන්න එපා 35 ක්ද කොහෙද අරගෙන දුක හිතිලා, එකකුත් පූජා කලා උන්. රජ ගෙදර රිලවගෙ තත්වෙ උනත් එච්චරයි තනියෙන් ඉල්ලුවොත්. ඒවා ඔප්පු වෙලා ඉවරයි. කොහොම හරි ලාල්කාන්ත කියපු කතාව හරියට හරි. දෙසරයක්ම නාලා, තව සැරයක් නාන්න ඕන නෑ. උන්ගේ මේ ස්ථාවරයට මමත් මනාපයි. ජෙප්පො කව්ද කියලා සංධානෙට අමතක උනාට අපට නම් අමතක නෑ.

    ReplyDelete
  11. ජවිපෙ ගත්තු තීරණය සහ ඊට බලපාපු හේතු කාරණා ගැන මාර අයිය කියපු දේට මාත් සහසුද්දෙන්ම එකගයි.
    මොකද පෙරටුගාමීන් කැඩිලා යන්න ප්‍රධාන හේතුවක් වුනෙත් ඔවුන් කියන විදිහට ජවිපෙ සභාගවාදයට යටවීම. ඔය ගැන පැහැදිලිව කියලා තියෙනවා පෙරටුගාමීන් ලියපු “ජවිපෙ ගමන් මග“ කියන ස්වයං විවේචනාත්මක පොතේ.

    හැබැයි මේ පාර ඡන්දයේ ප්‍රතිඵල ගැන නිශ්චිත අදහසක් මට නම් තවම නම් නෑ. මෛත්‍රීපාල එනකම්ම බඹරෙ කැරකුණේ මහින්දගෙ පැත්තට වුනත් මෛත්‍රී ආවත් එක්ක ටිකක් බඹරෙ බ්‍රේක් වුන පාටක් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා ඡන්ද ඔය කියන තරම් හොල්ලන්න බැරි වෙයි-එතන තියෙන බහුනායක අච්චාරු ගතිය නිසා. කොහොම වුනත් පහුගිය කාලෙ නැග්මක් ලෙස තිබුණු මහින්ද මහත්තයගෙ ප්‍රතිරූපය පහුගිය මැතිවරණ වලින්ම පෙනුනනෙ පොඩි බැස්මකට යන්නෙ කියලා. හැබැයි ඒ බැස්ම ජනවිඥානෙ හොල්ලන්න තරමේ බැස්මක් නම් නෙමෙයි මට පේන්නෙ?

    නාගරික ඡන්ද පදනම හැම පාරම වගේ මෙවරත් විපක්ෂයට ඒවි. පාවෙන ඡන්ද විශේෂයෙන් උගත් ඡන්දත් බොහොමයක් විපක්ෂයට වැටේවි. ඒත් එක එක කෙනා කියනා කතා බැලුවහම වෙලාවකට මහින්ද දිනනවා කියලත් හිතෙනවා. වෙලාවකට මෛත්‍රී දිනනව කියලත් හිතෙනවා.

    සමහරුන්ට නම් මහින්ද එපාමය. සමහරුන්ට අනුව නම් “මහින්ද 100%ක් හොඳ නැති වුනත් රට කරපු පාලකයොන්ට වඩා ඔහු සාපේක්ෂව හොඳය- රටට වැඩක් කර තියෙනවාය- ඒනිසා අපි ඔහුට ඡන්දය දෙනවාය“ යන අදහසේ සිටියි. සමහරුන්ට අනුව “මෛත්‍රී දිනුවත් එකය-මහින්ද දිනුවත් එකය. අර දූෂණේ නැති කරන්නම්- මේ දුෂණේ නැති කරන්නම්“ යැයි හදවත චූන් වෙන කතා කිව්වට බලය ලැබුණු පසු ඒවා මතක ටික කලය. ඔවුන්ට අනුව විපක්ෂයේ ඉන්නෙත් “සිල් රෙද්දට මුවා වූ හොරුය....“

    සමහරුන්ට අනුව “මෛත්‍රී හොඳය-නමුත් ඔහු වටා සිටින පිරිස මනෝගනේෂන්ලා-චන්ද්‍රිකාලා සහ විකල්ප අදහස් ඇති සිවිල් සංවිධාන අවුල්ය. තවත් සමහරුන්ට අනුව “හමුදා කුමන්ත්‍රණයකින් බලය ගත් ලිබියාවේ ගඩාෆිත් කලක් ජනප්‍රිය පාලකයෙක් ලෙස සිටියාලුය.ඒත් පාලන කාලය වැඩි වෙන්න- වැඩි වෙන්න ඔහුගේ ජනප්‍රියත්වය අඩු වී -රටේ එක කොටසකට ඔහුව එපා වීම කෙළවර වූයේ මුළු රටම කබලෙන් ලිපට ඇදවැටිලාලුය. ඔවුන්ට තියෙන්නේ මේ තියෙන ස්ථාවරත්වයත් නැති වේදෝයි කුකුසකි.

    මේ සියල්ල අවසන කුමකින් කුමක් වේවි ද? නිදි නොමරා පසුදින ප්‍රතිඵල අහන ඡන්දයකි මට මෙය.

    ReplyDelete
    Replies
    1. නිදි මරන්න එපා බං.පළමුවැනි ප්‍රතිඵලය කියනකොට උදේ තුන හතර වෙනව.කාර්යක්ෂ්මකමේ අරුමෙ තමා ඒ.කොහොමටත් උණුසුම් ඡන්දෙයක්.

      Delete
  12. මාරයා +++++++++++++
    ඔය හවුල් කැඳේ අර පරණ කාලේ ආඬි හත්දෙනාගේ හැලිය වගේ තමයි.
    මිනිස්සු සහෝදර සමාගමේ 4කට විරුද්ධව 12ක් ගේන්න හදනවා නම් අර රජ කාලේ වෙච්චි "ඉඟුරු දීල මිරිස් ගත්තු " කතාව තමයි රීමේක් වෙන්න ඉඩ තියෙන්නේ..එහෙමත් නැත්නම් කැහි ගෑණි දීල හිටු ගෑණි ගත්තා වගේ කියලාත් හිතේවි එදාට..

    ReplyDelete
  13. පක්ෂයක් නැති කෙනෙක් විදියට මටත් මේ විග්‍රහයට එකඟ වෙන්න වෙනව.ආපු අයගෙන් මෛත්‍රීපාලටයි දුමින්දටයි ඇර වෙන කාටවත් ඡන්ද පදනමක් නෑ.ජේවීපී ඡන්ද ඔක්කොම ලක්ෂ තුන හමාරක් ඇති.හෙළ උරුමයට වැඩිම වුනොත් ලක්ෂයක් ඇති.
    මේ පාරත් තියෙන්නෙ ශ්‍රී ලංකා යූඇන්පී තරඟයක් තමයි.මෛත්‍රීපාලගෙ ඡන්ද වලින් 99% ක්ම යූඇන්පී ඡන්ද
    මහින්දට අඩුවෙන්නෙ හෙළ උරුමෙ ඡන්ද ටික විතරයි.මහින්ද දිනනවා.ඒත් පරතරය ලක්ෂ දෙක තුනකට වඩා වෙන්නෙ නෑ.2005 ඡන්ද ප්‍රතිපලයට සමාන වෙයි

    ReplyDelete
    Replies
    1. //නිදි මරන්න එපා බං.පළමුවැනි ප්‍රතිඵලය කියනකොට උදේ තුන හතර වෙනව.කාර්යක්ෂ්මකමේ අරුමෙ තමා ඒ.කොහොමටත් උණුසුම් ඡන්දෙයක්.//

      අනිවාර්යෙන්ම... 2010 ට වැඩිය උණුසුමක් මේ පාර තියෙනවා. හැබැයි මට පේන්නෙ 2010යි 2014යි ගත්තම එකම කාසියෙ දෙපැත්ත වගේ සිද්ධියක් වෙලා තියෙන්නෙ. 2010 දි වුනේ, රටම ප්‍රීතිඝෝෂා කරපු යුදජයග්‍රහණය නමැති කප් එකේ සමකොටස්කරුවන් වෙච්ච මහින්දවයි ෆොන්සේකවයි දෙපැත්තට බෙදුනම පොදුවේ මිනිස්සුන්ට හිතා ගන්න බැරි වුනා කාට ද ඡන්දෙ දෙන්නෙ කියලා.

      මෙවර ඒ තත්වය පොදුවෙ හැමෝටම නැතත් ශ්‍රී ලංකාකාරයන්ට තියෙනවා. තමන් ගරු කරපු නායකයො දෙන්නෙක් දෙපැත්තට වුනාම තමන් ගන්න ඕන පැත්ත මොකද්ද කියලා. හැබැයි එතනදිත් මට පේන හැටියට මහින්දට ශ්‍රී ලංකා ඡන්ද පැත්තෙන් අවාසිදායක තත්වයක් නෑ. මොකද මෛත්‍රීපාල වටා ඉන්න පිරිස වෙනුවෙන් ශ්‍රී ලංකාකාරයො කොහොමටත් අත උස්සයි කියලා හිතන්න බෑ - කලකිරුණු කෙනෙක් ඇරෙන්න. පක්ෂපාට බදාගත්ත නැති මිනිස්සු ඇරෙන්න අනෙක් ඔක්කොම මුල්තැන දෙන්නෙ පක්ෂෙට මිසක් පුද්ගලයන්ට නෙමෙයි. පහුගිය කාලෙ යූ ඇන් පියෙන් 17ක් ඇවිත් මහින්දගෙ ඔඩොක්කුවෙ වාඩි ගන්න කොට ඔවුන් බලයට පත්කරන්න ඡන්දෙ දීපු මිනිස්සුත් ඒ එක්කම මහින්ගෙ පැත්තට ආවෙ නෑනෙ. පිල්මාරුවට පලුයන්න බැන්න මිසක්.

      කවුරු කොහොම කිව්වත් ඔය කාගෙත් කාගෙත් අතිපාරිශුද්ධ-රමණීය-කමනීය වචනහරඹ මිනිස්සුන්ව ගොනාට අන්දන අලෙවි උපක්‍රම මිසක් ඊට වැඩි දෙයක් නෑ. එක එක කාලෙට එක එක සටන්පාඨ-මාතෘකා කරළියට ගෙනල්ලා, මිනිස්සුන්ව ඉත්තො විදිහට උන් පාවිච්චි කරනවා. වෙලාවකට හිතෙනවා ඔය එහෙන් මෙහෙට- මෙහෙන් එහෙට පනින උන්ගෙ දිවවල් නැවෙන විදිහ ගැන බලන්න කායව්‍යවච්ඡේද පරීක්ෂණයකට ලක්කරන්න. නිදසුනක් අපේ රාජිත මහත්තයා. ආණඩුවට එන්න කලින් යූ ඇන්පී එකේ ඉන්න කොට මිනීමරු මහින්ද චින්තනය කියලා බැනර් උස්සගෙන කුමාර් රූපසිංහල උන්දැලගෙ යුධවිරෝධී පෙළපාලිවල ගියේ. ඊට ටික දොහකින් මහින්දගෙ ඔඩොක්කුවට ආවම රනිල්ට පලුයන්න බනිනවා. දැන් ආයිත් රනිල්ගෙ ඔඩොක්කුවෙ ඉඳන් මහින්දට බැටේ දෙනවා. ආණ්ඩුවත් උන්ගෙ අහුමුළු ඇද ඇද උන්ට ගහනවා.

      කොහොම බැලුවත් තීරණාත්මක සාධකේ පාවෙන ඡන්ද සහ අලුත් ඡන්ද.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++
      මෛත්‍රීපාලටවත් චන්ද්‍රිකාටවත් ශ්‍රී ලංකා චන්ද කඩන්න බෑ ඒක ස්ථිරයි.

      Delete
  14. මම දකින විදියට මෛත්‍රීට 50% කුත් මහින්දට 49කුත් ලැබෙයි

    ReplyDelete
    Replies
    1. ඒකෙ අනික් පැත්ත .මහින්ද 50% යි.හැබැයි මේ චන්දෙන් පස්සෙ ආණ්ඩුව දුර්වල වෙයි.නියම ශ්‍රීලංකා කාරයො වෙනුවට එතනෝල් කාරයො ආවෙ 2010 න් පස්සෙ.ඒ ගමන 2014 න් පස්සෙ වෙනස් වුනොත් හොඳයි.එහෙම නොවෙන ගතියක් ආවොත් මිනිස්සු කලකිරෙන්න පුළුවන්.
      එතනෝල් කාරයන් ට රට බාරදෙන්න ඕන නම් කෙළින්ම යූඇන්පියට දෙනවනෙ
      ජනතාවට යහපාලනයක් ඕන නෑ.ජනතාවට ඕන සංවර්ධනය.ඔය කියන 17 ,18 ව්‍යවස්තා ගැන ඒ අය දන්නෙත් නෑ.විපක්ෂයෙ අයත් ඕව කියල කාලෙ කනව.

      Delete
  15. දැං එතකොට මහින්ද 2009 ගත්තු ගාන වෙනස්වෙන්නෙම නැද්ද?

    ReplyDelete
  16. මේ පාර වෙන්නෙ මේකයි.මෛත්‍රී පනින කොට තිබුන කම්පනය දැන් මහින්ද ජය අරන්. දැන් යථා තත්වයට පත් වෙලා.කොහොමත් පනින ඒවගෙන් වෙන්නෙ මොරාල් අප් වෙන එක විතරයි.ඒ අය එක්ක කවුරුත් යන්නෙ නෑ.
    ලේ කොළ පාට ලේ නිල් පාට අය අඩුයි.පාවෙන ඡන්ද වැඩියි.2005 දි පාවෙන ඡන්ද වැඩිපුර ගියෙ රනිල් ට.2010 දි මහින්දට
    මේ පාර2010 තරම්ම නැතත් පාවෙන චන්ද එන්නෙ මහින්දට
    මහින්ද දිනනව.ඒත් සුළු ගානකින්
    හෙල උරුමෙට චන්ද නෑ.චම්පිකට ගම්මන්පිළට වුනත් තියෙන්නෙ පුද්ගලික ජනප්‍රියත්වයක්.පිරිසිදු චරිත ලෙස.ප්‍රසිද්ධ හාමුදුරුවරු ඉල්ලපු 2004 දි යූඇන්පී චන්දත් කඩාගෙන පාර්ලිමේන්තු ආවට දවසින් දවස පිරිහුනා.
    ජේවීපී චන්ද ඔක්කොම එන්නෙත් නෑ.
    කෘතවේදී චන්ද වැඩි ප්‍රමාණයක් මහින්දට ලැබෙනව.

    ReplyDelete
  17. //හැබැයි ඔය ප්‍රතිඵලය එන වෙලාවේ ජවිපේ ඡන්ද ටික තිබුනේ ෆොන්සේකාගේ ගාන ඇතුලේ... ඒ කියන්නේ ජවිපේ මේ පාර උදව් කලා කියලා විපක්ෂයේ පොදු අපේක්ෂකයට වැඩිවෙන අමුතු ඡන්දයක් නැහැ.. එකම දේ ජවිපේ සහය හරියට නොලැබිම නිසා ඔය ලැබුන ඡන්ද වලිනුත් යම් කොටසක් අඩු වීම පමණයි. //

    මේ කතාව තමයි මාරයා අැත්තම කතාව... ඒත් අැයි ජවිපේ මේ පාර මෙෙත්‍රීට සහය දෙන්නැත්තේ.. අපි නං හිතන්නේ බලය යන්නේ රනිල්ට නිසා තමයි ඒ... කලින් පාර ජනාධිපතිකම අයින් කරනවා කිව්වේ නැහැ.. රනිල්ට විධායක බලයක් යනවා කිව්වේ නැහැ.. ඒ නිසා ජවිපේ ඔය කියන තරම් උදව් කරා.. ඒත් මේ පාර වෙනස් නිසා සිල් ගන්න සිද්ධියට අැවිත් වගේ නේද???

    ReplyDelete
  18. මාරයාගේ විශ්ලේෂණයේදී කිප දෙයක්ම අමතව වෙලා වගේ. දෙමල ඡන්ද, මුස්ලිම් ඡන්ද, පාවෙන ඡන්ද, වතුකරයේ ඡන්ද කෝ. ගිය පාර දෙපැත්තට ඡන්ද ලැබුනේ මේ විදිහට ඒකෙන් කැඩිලා ආව අයගේ පුද්ගලික ඡන්ද පදනම මෙච්චරයි ඒ නිසා මේ පැත්තට මේ ගැන වැඩි වෙයි කියන්න තරම් මෝඩ ද කුහකද කියලා මට හිතා ගන්න බැහැ.

    මේ වතාවේ ඡන්දය ප්‍රකාශ කරන්න ඉන්න අළුත් අය ගැන මොකද හිතන්නේ. අනිත් එක ගිය පාර මහින්දට නොදුන් සරත් ෆොන්සේකා නිසා පොදු විපක්ශයටත් නොදුන් ඡන්ද විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒවා අමතක වුනාද.

    මේ හැම ඡන්දයක් ම මේ සැරේ බෙදෙන්නේ වෙනස් විදිහට. සරත් ෆොන්සේකා ඉල්ලනකොට වගේ වෙන්නේ නැහැ. ගියසැරේ මහින්දය වැටුන හැම ශ්‍රී ලංකා ඡන්දයක්ම මේ සැරේ වැටෙන්නේ නැහැ. ඒ වගේම ඡන්දේ කිට්ටු වෙලා ජීවන්, බන්දුල වගෙ අය මෛත්‍රි පැත්තට ආවොත් කව්ද දන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. මාරයට අමතකවෙලා නෑ.2001,2005,2010 යූඇන්පී චන්ද ගොඩ ඇතුලෙ ඔය දෙමළ මුස්ලිම් වතු දෙමළ චන්ද
      එජාපය රටේ විශාලම පක්ෂය කියන්න සුළු ජාතික චන්ද පදනම නිසා.
      සුළු ජාතික චන්ද වෙනම එන්නෙ නෑ.
      ඕක සමහරු වරද්දගන්න තැනක්.
      ලේ කොළ පාට අය ,ලේ නිල් පාට අය දේශපාලන වශයෙන් සක්‍රියයි.ඒ ආය් චන්දෙ නොදී ඉන්නෙ නෑ.එජාප හැමෝම 2010 දි ෆොන්සේකට දුන්න.
      පුද්ගල ආගමනයන් නම් ලොකු බලපෑමක් නෑ.චන්දෙ කට උඩ තියාගෙන අනුර බන්ඩාරනායක එක්ක ශ්‍රීලනිප මන්ත්‍රීවරු යූඇන්පියට ගියාට 1994 යූඇන්පිය පැරදුනා

      Delete
    2. මට හිතෙනව සිංහල බෞද්ධ ජනතාව යූඇන්පියට චන්දෙ දෙනව අඩුයි.ප්‍රතිශතයක් වශයෙන්
      යූඇන්පියෙ චන්ද වලින් බහුතරය දෙමළ ,වතු දෙමළ හා මුස්ලිම් චන්ද.
      මැතිවරන සිතියමක් අරන් යූඇන්පිය දිනපු ආසන හා දිස්ත්‍රික්ක බලන්න
      යූඇන්පිය සුළුජාතික පෙරමුණක් ලෙස හදුන්වන්න පුළුවන්

      Delete
  19. මාර මාමේ,
    මං පුංචි උනාට මටත් දේශපාලනේ ටිකක් තේරෙනවා. අපේ තාත්ත කියන විදියට ජවිපෙ මාමල වටවන්දනාවෙන් හරි නිදහස් පක්ෂේ මාමෙක්ට සහයෝගේ දෙන එක ඇතුලෙදි හැමදාම ජවිපෙ මාමලට චන්දෙ දෙන කට්ටියට අමතරව තවත් කට්ටියකගේ සහයෝගේ හම්බෙනවා. ඒ මේ වෙද්දී ජනාධිපති මාම හිටිය ඇති කියල හිතන, සාමාන්‍යයෙන් නිදහස් පාක්ෂික(දැනට සන්ධානෙට චන්දෙ දෙන සහ කලකිරීම හින්ද දෙන එක අත් ඇරපු), ජවිපෙ මාමලාගේ සංවීධානාත්මක, වංචා නැති ක්‍රමේට කැමති ඒත් එයාල කෙලින්ම බලේට එනවට බය, නිදහස් පක්ෂේ කෙනෙක් මුලික වෙලා එනවා නං කැමති කට්ටිය. එහෙම අය ගොඩක් ඉන්නවලු මාමේ.
    මාර මාමේ, ඔයා අනුර කුමාර දිසානායක මාමට කරුණානායක කියල නමක් දාලා තියෙන්නේ ඇයි කියල මට තේරෙන්නේ නෑ.ලොකු අයට විතරක් තේරෙන එකක්ද?

    ReplyDelete
  20. මාමට මතක ඇතිනේ ජනාධිපති මාමට ජවිපෙ මාමල කෙලින්ම බැහැල සහයෝගේ දුන්නු සැරේ නිදහස් පක්ෂෙට චන්දෙ දෙන මාමල ජවිපෙට තියෙන කැමැත්ත එලියට දාපු හැටි. එයාල ජවිපෙ මාමලාගේ වැඩපිළිවෙලට කැමැතියි, එත් කෙලින්ම බලේට පත් වෙනවට කැමැති නෑ කියලයි අපේ තාත්ත නං කියන්නේ.

    ReplyDelete
  21. ජවිපෙට මෛත්‍රී දිනවන්න කියලා විශේධ කැක්කුමක් නැහැ. නමුත් මහින්ද මරාජය කිරීමේ අත්‍යාවංශතාවයක් තියනවා. එය ජවිපෙට නොවේ. රටටයි අවශ්‍ය. හේතු දක්වන්න දැන් බෑ.
    මහින්දට ඡන්දය දෙන්න එපා කියපුවාම විකල්පය වෙන්නේ මෛත්‍රී. නමුත්, මෛත්‍රීට ඡන්දය දෙන්න ම කියා තල්ලු කිරීමට තරම් විශ්වාසයක් ඉතිහාසය (චන්ද්‍රිකා, මහින්ද) ගොඩනගා නෑ. ජවිපේ තනියම ඉල්ලලා එන්න බෑ. බොරුවට ඉල්ලලා මහින්ද පාලනය වෙනස් කරන්න තියන අවස්තාව නැති කරන්න අවශ්‍යත් නෑ. නමුත්, මෛත්‍රී දිනුවත්, ඉදිරි දේශපාලන කටයුතු කිරීමට සුදුසු මතවාදී අරගලයක්කිරීමට ජනතාව ලංකර ගත යුතුයි. එය දැනට කරනවා. මෛත්‍රී විධායකය සම්පූර්ණයෙන් හෝසි කරයි කියලා සිතනවාද? එය විහිලුවකි.
    ස්වාධීන සමීක්ෂණයක් අනුව,
    සිංහල බෞද්ධ ඡන්ද 60% ක් සහ අනෙක් ජාතිකත්ව, ආගම් මත පදනම්ව 10-15 අතර ඡන්ද ප්‍රමාණයක් මහින්දට හිමිය. ඉතිරිය මෛත්‍රිවෙත ලැබේ. මේ අනුව මෛත්‍රී දිනන්න ඉඩ ප්‍රස්ථාව වැඩිය.
    ** ඔබ එකක් දැනගන්න. ජණාධිපිවරණයේදී මිනිසුන් එකතුවෙනුයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙක් වටාය. ජවිපෙ ඡන්ද ද එසේ දෝලනය වේ.

    ReplyDelete
    Replies
    1. තව කාරනයක් කිව යුතුයි. විරුද්ධවාදියාගේ හැසිරීම, වැඩ, චර්යාව, අපේක්ෂාව, වියරුබව, සොරකම, වංචාව, බොරුව ජනතාවට පැහැදිලි කර දිය හැකි එකම පක්ෂය ජවිපෙයි. ඒ අනුව, ජවිපේ හරහා ලැබෙන ඡන්ද ප්‍රමාණයට වඩා විරුද්ධවාදියාට වැටෙන ඡන්ද නැවැත්වීමේ හැකියාව ජවිපෙට ඇත. එය අන් කවර පක්ෂයකවත් නැත. එනම් ජවිපෙයනු තීරණාත්මක ඡන්ද ලක්ෂ 10 කට වඩා හසුරුවන පක්ෂයකි. අද කරනුයේ මෛත්‍රීට සහාය නොදීම පමණී. එබැවින් මට සිතෙනා පරිදි මෙයද ලක්ෂ 7 කට වඩා බලබෑවක් මහින්දට එල්ල කරයි. (2010 ඡන්දය මීට වඩා සාපේක්ෂ කරුණා ගණනාවක් ඇත. එය ලියන්න කම්මැලියි)

      Delete
  22. මාරයාට අමතක වෙලා තියෙන අනිත් කාරනේ තමයි මාතලන් එක තැනක කිව්වා වගේ ජෙප්පොන්ගේ ඩිරෙක්ට් ඡන්ද ගොඩ ලක්ෂ දෙක තුනක් වුනාට ජෙප්පොන්ගේ කට නිසා වැනෙන ඡන්ද වලින් තව ලක්ෂ 4-5 ගන්න පුළුවන් කියන එක. ඒ නිසා තමයි එක වතාවක් සන්ධාන ගත වෙලා ඉල්ලනකොට හැම දිස්ත්‍රික්කයකින්ම මනාප වලින් 1,2,3 අතර හිටියේ....

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. මාරයා,
    මොකද සෙනසුරු මාරුවේ ඉතුරු කොටස් ටික නොලියන්නෙ?

    ReplyDelete
  25. ජවිපෙ වැට උඩ වගේ ඉන්නේ ..

    ReplyDelete
  26. මහින්ද ෂුවර් එකට දිනනවා. 51.8% . - ගයත්‍රි-

    ReplyDelete