28 June 2014

එන්න තිරිසනා හුරතල් කරන්න...

බුදු දහම පිළිගන්න මනුස්සයෙක් උනාට මං ඒක සීයට සීයක් අනුගමනය කරන්නේ නැහැ. හේතුව බුදු දහමේ ඇති වරදක් නෙවෙයි.. මගේ දුර්වලකම.. මට මගේ හිත පාලනය කරගන්න බැරි කම...  ඉතිං මං කරන කියන දේවල්වලට කොහේවත් ඉන්න බුදු දහමවත්.. බුදු හාමුදුරුවොවත් පලි නැහැ...

ඒ වගේම කාලයක් කටින් කට ඇවිත්.. පස්සේ කාලේ එක එක්කෙනාට ඕන විදියට කෑලි එකතු කොරාපු.. කෑලි අඩු කොරපු ලිඛිත බණපොත්වල තියෙන දේවල් සීයට සීයක් නිවැරදි යැයි කියාවත්.. වැරදියැයි කියාවත් මට කියන්න හැකියාවක් ඇත්තෙත් නැහැ... නමුත් බුදු දහමේ සදහන් දේවල් වලින් සාධාරණව ජීවත්වන කාටවත් කරදරයක් හිංසාවක් පීඩාවක් වෙන තැන්නං මට හම්බ වෙලා නැහැ.  අනික මං ඔය බුදු දහමේ තියෙන මූලික සරල දේවල් ටිකවත් හරියට කරගන්න බැරිව බොරුවට තර්ක කර කර ඉන්න අභිධර්මය පෙරල පෙරල ඉන්නෙත් නැහැ..

හැබැයි මටනං බුදු දහමින් ටිකක් කරදරයි.. හේතුව මං මස් කන්න කැමතියි... විශේෂයෙන්ම ඌරු මස්.. හරක් මස්... වගේ දේවල්... ඒත් බුදු දහමට අනුව ප්‍රාණඝාතය අකුසලයක්... ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් හම්බ වෙනකල් හිටියොත් ඉතිං ජීවිතේට දෙතුන් වතාවකට වඩා මසක් මාංශයක් කන්ට වෙන්නේ නැහැ... ඉතිං මං දැන දැන වැරද්දක් කරනවා... සල්ලි දීලා මස් ගෙනත් උයං කනවා... ඒ අය සත්තු මරන්නේ මං වගේ අය සල්ලි දීලා ගන්න හින්දනේ.. ඒ කියන්නේ මේ මස් කන එකෙන් මටත් අර ප්‍රාණඝාත අකුසලයට සම්මාදමක් තියෙනවා... ඕක හරි හිරිකිත වැඩක් තමා.. ඒත් ඉතිං ඇත්ත ඕකයි... මං වක්‍රාකාරයෙන් ප්‍රාණඝාත අකුසලය කරන්නෙක්... ඉතිං වරද මගේ.. මං වගේම ජීවිතේට ආස කරන තවත් සතෙකුගේ ජීවිතේ මගේ ආසාවක් වෙනුවෙන් මං නැති කරනවා... බුදු දහමින් ඉතිං මට කරදරයි තමා... ඒත් මට ඒ වරදෙන් ගැලවෙන්න හෝ.. මට මං ගැනම උපදින ලජ්ජාවෙන් ගැලවෙන්න හෝ බුදු දහම වැරදිය... අරකය මේකය කියලා තර්ක කර කර ඉන්න උවමනා නැහැ. වරද මගේ... ඒකට විපාකයත් මටම ලැබේවි... මොනවා කරන්නද.. මගේ ආසාව හින්දා මං වගේම තව ජීවියෙක්ගේ පණ මං උදුර ගන්නවා... සත්තු ඉන්නේ ආහාර පිණිසය... එහෙමත් නැත්තං ප්‍රෝටීන් පිණිස මස් කෑ යුතුමය වගේ තර්ක ඉස්සරහට දාලා මට මගේ හිතේ ඇතිවෙන ලැජ්ජාව මකා ගන්න අමාරුයි.. ඉතිං සාධාරණව පිළිගන්නවා මගේ වරද.. මගේ වරදට දඩුවමත් මට ලැබෙයි...

බුදු දහමින් මට කරදර වෙන තව තැන් තිබුනා... ඔය තුන් වැනි සිල්පදේට කෙල උන අවස්ථා බොහෝමයි... වරද කියා දැන දැනම මං ඒකත් කැඩුවා... ඉතිං මට ඇත්තටම බුදු දහමින් කරදරයි... 

ඒ හින්දා මාත් කැමතියි.. බුදු දහම බොරුය... ඒකේ ඇති දෙයක් නැතිය වගේ දේවල් කියලා හිත හදාගන්න.. ඒත් ඉතිං මං හිත හදා ගද්දි.. මං හින්දා ජීවත් වෙන අයිතිය නැති උන සත්තු... මං හින්දා හිතේ අමාරුකං ඇති කරගත්ත ගැහැණු මතක් වෙද්දි මට එහෙම ලේසියෙන් බොරු කියලා හිත හදාගන්න අමාරුයි... ඇත්තටම බුදු දහම පැත්තකින් තිබ්බත් මං වැරදි කාරයෙක්... මට ලැජ්ජා හිතෙනවා.. මට බය හිතෙනවා... ඒත් ඒවට පලි මංම මිසක් බුදු දහමවත් බුදු හාමුදුරුවොවත් නෙවෙයි... මොකද මේ තමා ලෝකේ සාධාරණත්වය පිළිබඳ නීතිය... හැම කෙනාටම සමාන අයිතිවාසිකම් තියෙනවා කියන එක.. ඒක මනුස්සයෙක් උනත්.. සතෙක් උනත් පොදු දෙයක්.. අපි කරන්නේ අපේ හයිකාරකං..බල පුළුවන්කාරකං පෙන්නලා අන් අයකුගේ අයිතිය උදුරා ගැනීමක්... බුදු දහමේ කියවෙන්නේ ඒ අයිතිය ගැන පැහැදිලි කිරීමක්.. ඒ අයිතියට එරෙහිව ගියොත් ඒවායේ පල විපාක අපටත් හිමිවන ආකාරය ගැන පැහැදිලි කිරීමක්... ඒ වගේ වැරදි අපි අතින් නොවෙන්න අපි හැසිරිය යුතු ආකාරය ගැන පැහැදිලි කිරීමක්...

ඒත් ඇත්තටම ඒ මාර්ගය දුෂ්කරයි... ඒ මාර්ගය අනුගමනය කරන්නනං ඔහු දක්ෂයෙක් විය යුතුයි.. ඔහු උසස් පුද්ගලයෙකු විය යුතුයි... ඔහු ශක්තිමත්.. දුර්වල නොවූ සිතක් ඇත්තෙකු විය යුතුයි... අවාසනාවට මං බොහෝම දුර්වල මනුස්සයෙක්... ඉතිං මට බුදු දහමට අනුව සීයට සීයක් ජීවිතේ හදාගන්න තාමත් බැරි උනා.. එහෙම හදාගන්නවා කියලා හිතුවට ඒක ලේසි වැඩකුත් නෙවෙයි... ඒත් පුංචියට හරි මං උත්සහ කරනවා.. ඒත් අනිත් පැත්තෙන් මං අසාර්ථක වෙන තැන් වැඩියි.. හැබැයි ඒ අසාර්ථක වෙන්නේ මං මිස බුදු දහම නොවෙයි කියලා මං දන්නවා.. මට තියෙන එකම සැනසීම මම මගේ වැරදි වෙන කාගෙවත් කරේ ගහලා මගේ හිත හදාගන්න තැනට පත් වෙලා නැහැ කියලා හිතන එක විතරයි...

ඉතිං මට බුදු දහම අදහන එක නවත්තලා සර්වාගමිකයෙක් හෝ.. නිරාගමිකයෙක් වෙන්නවත් උවමනාවක් ඇත්තේ නැහැ... මම සීයට සීයක් සාර්ථක නොවුනත්... ලොකේ තියෙන බොහෝමත්ම සාධාරණ.. අන් අයට හානි කරන්න කතා නොකරන අවිහිංසක දහමක් මගේ ඇස් ඉදිරියේ තියෙද්දි.. ඒකෙන් වැඩක් මිස අවැඩක් සිද්ධ වෙන්නේ නැති කොට.. ඒක අතෑරලා දාන්න උවමනාවක් මට ඇත්තේ නැහැ...

නැත්තං මටත් පුළුවන් බුදු දහමත් බොරුවක්ය කියලා හිතලා මගේ හිත හදා ගන්න.. ඒ විතරක් නෙවෙයි.. කර්මය හා කර්මපලය ගැන මගේ ඇති විශ්වාසය නැති උන දවසට මට පුළුවන් මගේ ආත්මාර්ථය වෙනුවෙන් තව කෙනෙක්ව දෙපාරක් හිතන්නේ නැතිව මරා දාන්න... තව කෙනෙක් සතු දේවල් උදුරගන්න... අනුන්ගේ ගෑණු බලහත්කාරයෙන් දූෂණය කරන්න... මට උවමනායි කියලා හිතුන ඕන දෙයක් කරන්න... මොකද මං මං බය වෙන කාරණා දෙකයි තියෙන්නේ ඔය දේවල් නොකර ඉන්න... එකක් තමා නීතිය... හැබැයි නීතියට අහු නොවෙන්න ඔය දේවල් කරන්න මට හැකියාව තියෙනවා... ඒත් මං කර්මය හා කර්ම පලය විශ්වාස කරන හින්දා ඔය දේවල් කරන්න බයයි... ඇත්තම කිව්වොත් මාව ඔය දේවල් නොකර පාලනය කරන්නේ නීතිය නෙවෙයි... කර්මය හා එහි පලය ගැන කියා දුන්න බුදු දහම පමණයි... 

ඉතිං කවුරු හරි කැමතිද මං මේ දහම අදහන එක නවත්තලා දානවට... එහෙම කරලා අද මට විරුද්ධව වචනයක් හරි කියන ඔබව සොයාගෙන ඇවිත් කාටවත් අහු නොවෙන්න ඔබේ බෙල්ලට තියුණු  පිහියක් තියලා එක පාරින් කපා දාලා යනවට...? ඔබව මරාදාලා ඔබේ බිරිඳව දූෂණය කරනවට..? ඔබේ දියණියව මගේ ගොදුරක් කරගන්නවට...? ඔබව මරාදානවා දකින ඔබේ පුතාවත් මගේ පිහි පහරට ලක්වනවාට..? කැමතිනං කියන්න... 
එහෙම කැමතිනං බුදු දහම අදහන එක වරදක්ය කියලා මට අවබෝධ කරලා දෙන්න.. මාත් නිරාගමිකයෙක් වෙන්නං... මගේ මේ බැඳ දමා තියෙන තිරිසනාව මං මුදාහරින්නං... ලෝකය වඩාත් යහපත් තැනක් වෙයි...

------------------------------
මගේ තිරිසනාගේ හැටි කොහොමද කියලා ඔබලාට හරියටම අවබෝධයක් නැතිනම්... ආගම ධර්මය විශ්වාස නොකරන දේශපාලන කල්ලි විසින් මේ රටේ දෙවතාවක් කරන ලද මිනීමරු ම්ලේච්ඡ දුෂ්ඨ  ක්‍රියාවන් සිහියට නගාගන්න... ඔවුන්ටත් ආගමක් තිබුනේ නැත... ඔවුන් කර්මයක් ගැන නොව විප්ලවය ගැන පමණක් විශ්වාස කලහ... එසේ විශ්වාස කොට අමු අමුවේ අහිංසක මිනිසුන් ඝාතනය කලහ.. ඒ මිනීමරුවන් අතින් ඝාතනය වන්නට යෙදුනු බොහෝ අය එසේ මරණයට පත්වීම සදහා කරන ලද වැරදි වූයේ විප්ලවය කියා තිරිසන් වැඩ කල අධමයින්ව විශ්වාස නොකිරීම විය... ඔවුන්ට වෙනත් දේශපාලන මතවාද තීබීම විය.... ඇතැම් තැනකදී තම දරුවන්ට කන්නට දෙන්න උවමනා නිසා තුණ්ඩුවකට බියේ වූවද නොකර බැරිකමට තම කඩ ලෑල්ල විවෘත කිරීම පමණක් විය... මිනිමරුවන්ට විරුද්ධව සිය කට ඇරීම විය... රැකියාවට යාම විය... එවැනි දේ වරදවල් හැටියට සලකා එකී තරිසනුන් විසින් දහස් ගණන් මේ රටේ අහිංසක දෙමාපියන්.. දූ දරුවන්.. ඝාතනය කලහ... දහස් ගණනකට අම්මා තාත්තා නැති කලහ.. අම්මලා තාත්තලාට සිය දරුවන් අහිමි කලහ... ගැහැනුන්ට සිය ස්වාමියන් අහිමි කලහ... සුන්දර කලා කරුවන් මැරූහ.. ආගමික නායකයින් ඝාතනය කලහ... රටම ලේ විලක් කලහ... මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් තැනූ ගේ දොර වතුපිටි.. ව්‍යාපාර ගිනි තැබූහ.. පොදු දේපල ගිනි තැබූහ... සුන්දර රටක් අමු සොහොනක් බවට පත් කලහ...

කර්මය විශ්වාස නොකලද.. අවසානයේ එකී මිනිමරුවන්ටද කුමන හෝ හේතුවකින් තමුන් කල කී දේට ප්‍රතිඵල හිමි විය... සමහරුන් ටයර් මත පණ පිටින් දැවිණි.. සමහරුන්ගේ සිරුරුවල පණ තිබියදීම බලු කපුටන් විසින් කෑලි කඩාගෙන කන ලදි... දෑස් සිදුරු කරන ලදි.. නියපොතු උගුල්ලන ලදි... ඇට තලන ලදි... අත පය කපන ලදි... කන් සිදුරු කරන ලදි.... පණ පිටින්ම දෙතිස් වදයට ලක්වන ලදි.. අවසන බොහෝ තිරිසනුන් සිය තිරිසන් ක්‍රියාවලට සරිලන පරිදිම බල්ලන් බළලුන් සේ මිය යන ලදි... කිහිප දෙනෙකු ඉතිරි වූවත් ඔවුන්ගෙන්ද වැඩි හරියක් ආබාදිත තත්වයන්ට පත්වී අදටත් දුක් විදිති... ඔවුන්ගෙන් සමහරක් අද වන විට තමන් කල කී දෑ ගැන පසු තැවිලි වූවද.. තිරිසනා බැද දමන්නට කටයුතු කලද...ඇතමෙක් තව දුරටත් තමන්ගේ තිරිසනා හුරතල් කරමින් සිටිති... ඒ ඉදිරියේදීත් තමන් කල කී දේ නැවත දකින්නට ඇති ආශාව නිසාය.. තමන්ට කන්නට වූ පරිප්පුව අනුන්ටත් කන්නට අවස්ථාව දී බලන්නට ඇති ආශාව නිසාය... කොටින්ම ඔවුන් තවමත් තිරිසනුන් නිසාය...

ඒ කර්මයක් ඵලයක් නොහදුනන.. නොඅදහන තිරිසනුන්ගේ ක්‍රියාකලාපයයි... එය දැකීමට අවශ්‍යනම් එන්න.. මගේ තිරිසනාත් අවදි කරන්න.. මා මෙන්ම තිරිසනා මෙල්ල කරන්නට උත්සහ දරනා ලක්ෂ ගණනක මිනිසුන්ගේ තිරිසනා අවදි කරවන්න... ඔබට සුන්දර අත්දැකීමක් විද ගත හැක...

එන්න සාධාරණ අවිහිංසක දහමක් විවේචනය කරන්න එන්න... අන්‍යයන්ට හිංසා කරන ආගම් දහම් ගැන කිසිවිටක කිසිවක් නොකියන්න.. එන්න බුදු දහමම විවේචනය කරන්න... බුදු දහමින් මා ගලවන්න.. මා මෙන්ම දහස් ගණනක් මිනිසුන් ගලවන්න එන්න... අපි නැවතත් තිරිසනුන් හුරතල් කරමු.. එන්න....

06 June 2014

අපේ මහත්මා මෙව්වා එක... සහ...

වැඩ බල්ලට ගියාවේ... සිහි කල්පනාවට ආව වෙලේ ලියා දාමු...

යුගයේ දැවෙන ප්‍රශ්න අංක 1...

සචිත්‍රගේ මෙව්වා එක...

-----------------

කට්ටියටම මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද..? සචිත්‍ර සේනානායකගේ මහත්මා මෙව්වා එක...
හරි හරි මං දන්නවා රටේ ඉන්න එකාලට තව ප්‍රශ්න ඕන තරං ඇති.. මං මේ කියන්නේ බුකියේ සහ බ්ලොග් ලියන කියවන හිංගල එකාලගේ.. (නැතිව සුද්දන්ට දෙමළුන්ට නෙවෙයි) තියෙන ලොකුම මෙව්වා එක තමා ඔය කියාපු මහත්මා මෙව්වා එක...


කට්ටිය ඕක උඩ යට මාරු කොරං පලු ගහනවා... ඒත් කියන්න සතුටුයි මේ මට පෙනුනා වගේ එහෙකුටව් ඕකේ නියම මෙව්වා එක පෙනුනේ නැහැ.. (පේන්නෙත් නැහැ බොලවු.. මොකද මං විතරනේ මේකේ ඉන්න පොර.. :P)

හරි ඇත්තටම එදා මොකද උනේ...

ඔන්න සුද්දොත් එක්කලා අපේ උන් ආ හෝව් හෝව්.. සමහරු සුද්දෝ සුද්දෝ කියන්න එපාය කියලත් කියලා තියෙනවා මං මාතලංගේ පෝස්ටුවේ දැක්කා... කරුමෙට ඉතිං මේ දවස්වල මේ ඩයලොග් මාමලා මට සමහර (සමහරක්ගේ නෙවෙයි ඈ... ) පෝස්ට් වලට යන්න දෙන්නෙත් නැහැ... කොමෙන්ට් කොටන්න දෙන්නෙත් නැහැ.. ඉතිං ප්‍රොක්සි දෙයියෙක්ගේ උදව්වෙන් ගියාට කොමෙන්ට් කොටන්නත් බැහැ.. ඒ හින්දා මාතලංගේ ගෙදර මරා ගැනිල්ලට වතුර (වතුර කිව්වට ඉතිං අපි ගැහුවොත් පැස්ටෝල් තමා ඕං.. ගිනිවලට වතුර දාලා ඔව්වා නිවලා කාට හරි යයිද ආයිබෝං.. :D )

ඉතිං මං මේ කියන්න ගියේ සුද්දෝ නෙවෙයි එංගලන්ත වාසී කිරිකොට් කණ්ඩායමත් එක්කලා.. (එකේ සුද්දෝ බැරිනං වැද්දෝ හිටියාවේ මයෙ මොකෑ..) අපේ එකාලා මැච් හතරක් ගහලා එයින් දෙක බැගින් දෙපැත්තම දිනලා කරට කර හිටිය වෙලාවේ ඔන්න අන්තිම ලාස්ට් ෆයිනල් මැච් එකත් පටන් ගත්තා.. මුලින්ම බොලෙට නෙලන්න ගත්තේ අර කිව්ව එ.වා.කි.ක. (එංගලන්ත වාසී කිරිකොට් කණ්ඩායම) තමා.. කොහොම හරි ඔන්න ඒකාලා ගහලා ගහලා හති වැටිලා ඉන්න වෙලාවේ තමා ඔය කියන සීන් කෝන් එක වෙලා තිබුනේ... අර එ.වා.කි.ක.මේ එකෙක් වෙච්ච බට්ලර නැමැති එංගලන්ත වාසියා.. (මොන හු**ක්ද ඕයි.. මූට සුද්දා කියන්න තිබුනනං මෙච්චර අමාරු නැහැනේ.. කෝ ඉතිං අපේ *ත්තලා එක්ක සුද්දට සුද්දා කියන්නත් නැති උනානේ.. :D ) විසින් පන්දු යවන්නා පන්දුව යවන්නත් කලියෙන් තමුන්ගේ සීමා ඉර ඉක්මවලා අයථා වාසියක් අරගත්තාය සහ ඒක දුටු අපේ පන්දු යවන්නා උන සචිත්‍ර කොලුවා දෙවතාවක්ම ඌට අවවාද කොරලා.. අදාල තරගේ විනිසොරු කං කල සුද්... නැහැ මං මේ කිව්වේ එංගලන්ත වාසී හෝ වෙන කොහේ හෝ වාසී.. එංගලන්තයට වාසී එකාලටත් කියා හිටලා ඒත් අර බටලර තැන කියන දේ නාහා තවත් පාරක් තමුන්ගේ සුපුරුදු කෙරුවාවට ගියාම අපේ එකා.. ඒ කිව්වේ මේ සචිත්‍රයා.. හුටා අපේ එකා නෙවෙයි ඈ.. ඒක වැරදීමක්.. නැත්තං මං ගෝත්‍රවාදියා වෙයි.. අපේ එකා කියලා සචිත්‍රයට කිව්වාය කියලා... (බැහැ ඕයි තවත්නං මේ සිංහල අන්තර්ජාල පාවිච්චි කරන උන් එක්ක ජීවත් වෙන්න..) ඉතිං මේ සචිත්‍ර තෙමේ දෙවතාවක් අවවාද අනුසාසනා කොරලා බැරිම තැන තුන් වැනි වතාවේ කෙලලා ඇරියා නෙව තාප්පෙට.. ඒ කිව්වේ විකට්ටුවට.. 

හරි දැන් තමා බබා හම්බ වෙන වෙලාව...

කිරිකට් පොතේ හැටියට නීත්‍යානූකූලව දැන් මේ දැවී යාම අංගසම්පූර්ණයි... ක්‍රීඩකයා ඉස්සරහට පැනලා තියෙනවා.. පන්දු යවන්නා පන්දු යැවීම නවතා දමා (ඉස්සරනං ඔය නීතිය ඇතුලේ තිබුනා පන්දු යවන්නා සිය පන්දු යැවීමේ ඉරියව්වට පැමිණියට පසු.. ඒ කිව්වේ අත කැරකවීම ආරම්භ කලාට පසු එය නවතා දමා කඩුල්ල බිද දැම්මට වැඩක් නැතිය කියලා මොකක් හරි මගුලක්.. දැන්නං ඒකත් නැද්ද කොහේ..හා හා ඒක යකාට ගියාවේ... ) කඩුල්ල පන්දුව ආධාරයෙන් බිද දමා තියෙනවා.. විනිසොරෙක් එතැන හිටං ඉන්නවා.. උගෙන් එම අවස්ථාව දැවී යාමක් ලෙසට නම් කරන විදියට ඉල්ලීමක් කරලා තියෙනවා...

ඔන්න පින්වතුනි පොයින්ට් එක.. දැන් ඔක්කෝමත් හරිනං.. කොටින්ම විනිසොරාගේ ඇසුත් පේනවනං.. සිද්ධියත් ඌ දැක්කනං.. දැන් පොරට කරන්න තියෙන්නේ එකම එක දෙයයි... ඒ තමා එක්කෝ ඒක දැවී යාමක් කියලා නම් කරමින් ඇගිල්ල ඔසවන එක.. නැත්තං ඔළුව දෙපැත්තට වනලා නිකං ඔටුවෙක් වගේ මූණ හදාගෙන දැවී යාමක් නෙවෙයි කියන එක...

ඒත් පින්වතුනි ඔහේලා ඒ අසිරිමත් අවස්ථාව මේ වෙනකොට යූ ටියුබ දර්ශන මලින් කිහිප වතාවක් දැකලා ඇති කියලා මං හිතන හින්දා මේ කියන්නේ.. දැක්කා නේද අපතයා.. සොරි සොරි.. සද්ගුණවත් සරුව සාධාරණ විනිසොරු මහත්තයා කොරාපු දේ... ඒකා ගියා අපේ නායක.. හුටා අයෙමත් අපේ අපේ ගෑවෙනවා.. (කොටින්ම අපේ කියලා එකක් නැහැ හරිද.. රට සිරිලං කාව.. කණ්ඩායම සිරි ලංකාවේ.. මං සිරි ලංකාවේ.. ඒ උනාට මට මගේ රටේ මගේ කණ්ඩායමට අපේ කියන්ට අයිතියක් නැහැ.. මොකද එහෙම කියන උන් ගෝත්‍රවාදීයි.. එහෙම නැති උන් ලෝක වාසී විශිෂ්ඨ බුද්ධිමත් සරුවසාධාරණ  උන්දලා...) ඉතිං මං මේ කිව්වේ සිරිලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කාරයගෙන් ඒක දැවී යාමක්ද නැද්ද කියලා විමසන්ට දුවනවා කරන්ට තියෙන වැඩේ පැත්තක දාලා... 

යකුනේ.. (ඒ ආමණ්ත්‍රණය අපේ හෙළ බුවාලටයි ඈ..) අවුට්නං අවුට්.. නැත්තං නැහැ.. මොන එහෙකටද ඇන්ජලෝ මැතිව්ස් හොයන්න දුවන්නේ.. මොකද ප්‍රධාන විසිසොරු දෙන්නට අමතරව වැඩ බලන විනිසොරු කමක් ඇන්ජලෝට දීලා තිබුනද..?

අන්න එතැනින් තමා පින්වතුනි මේ අවුල හැදෙන්නේ...

දැන් ඔන්න ඔහෙලම හිතලා බලන්ට...

1- මුලින් අවවාද කරනවා...

2- දෙවැනුව කඩුල්ල බිඳ දමා ඉල්ලීමක් කරනවා...

3- තුන් වැනුව විනිසොරා විසින් එය දැවී යාමක් කියලා තීරණය කරනවා...

4- සිව්වැනුව බට්ලර තැනට ටිකක් ඔළුව ගස ගස යන්න ඇරලා ඇන්ජලෝ මැතිව්ස් විසින් ආපහු කතා කරලා ඔන්න ඔහේ හිටපිය කියලා කියනවා...

5- අවසාන වශයෙන් හැමෝම සංතෝස වෙනවා...සිරිලංකා පිලට හැමෝම හොඳ කියනවා.. බට්ලර තැන දෙකේ කොලේට වැටෙනවා...
(ආයේ පාරක් ඒ වරදම කලොත් මහත්මාගේ අම්මටය කියලා... කෙලෝලාම දානවා.. :D )

ඔන්න ඔහොමනේ වැඩ සිද්ධ වෙන්ට තිබුනේ...

ඒත් අර පාහර... නැහැ මං කිව්වේ අර නීතිය නොදත් සද්ගුණවත් විනිසොරා මේ අවස්ථාවේ අවස්ථා සම්බන්ධය බිද දැම්මනේ.. මෑන් ගියා අරක දැවී යාමක්ද මොකක්ද කියලා වැඩි විස්තර හොයන්න ඇන්ජලෝ මැතිව්ස් හොයන්න.. ඉතිං එහෙම ගියාම මැතිව්ස් නැහැ ඒක අවුට් නැහැ කියන්නයෑ.. ඒක අව්ට් තමා.. ඉතිං ඇන්ජලෝ මැතිව්ස්ට මුලින්ම වෙන්නේ ඒක අවුට් එකක් කියලා ප්‍රකාශ කරන්න... අන්න දැක්කද මිත්තර වරුනි සිද්ධ වෙච්ච දේ බල්ලගේ වැඩේ බූරුවගෙන් මොකට අහනවද..? 

විනිසොරා කෙලින්ම නීති පොත දන්නවනං.. වැඩේ බඩු බනිස් වෙලා තියේනං.. ආයේ වන වන නොයිද කෙලින්ම දෙන්න තිබුනේ අවුට් එක.. එහෙම කාරණා කාරණා සිද්ධ උනානං ඊ ළග පියවර හැටියට ඇන්ජලෝ මැතිව්ස් බට්ලරට කතා කරනවා දෙකක් නැතිවම ආයේ වරෙං කියලා... ඒත් අවස්ථා සම්බන්ධය බිඳ දාපු විනිසොරා විසින් ඒ ලස්සන අවස්ථාව අපට අහිමි කලා.. මොකද උං දන්නවා වැඩේ සිද්ධ වෙන්නේ ඒ විදියට කියලා.. එහෙම උනොත් සිරි ලංකා කණ්ඩායමටත්.. සිරි ලංකා නායකයටත් හොඳ පිලිගැනීමක් ලැබෙනවා සහ බට්ලර තැන පීචං වෙලා යනවා... ඉතිං අර විනිසොරා හිතා මතාම කොලේ ඒ දේවල් ඒ විදියට වෙන්න නොදී සිරිලංකා පිලට එන්න තිබුන ප්‍රශංසාව හිතා මතාම අහිමි කොරවපු එකයි...

දැන් ඉතිං කොරන්න දෙයක් නැහැ.. විනිසොරා අපිට එන්න තියෙන ප්‍රශංසාවත්.. එංගලන්තේට කඩුල්ලකුත් යන දෙකම අහිමි කලා..

හැබැයි ඌ එක හොඳකුත් කලා... කාලෙකින් එංගලන්ත වාසී ආතල් එකක් ගන්න බැරිව මෙහෙට වෙලා බකං නිලාගෙන හිටිය කීප දෙනෙකුට එංගලන්ත රාජ්‍යයටත්.. එහි නායිකාව වන අති උත්තම ගරු කටයුතු එළසබෙත් රැජිනටත්  තමුන්ගේ ඇති පාක්ෂිකත්වය එළී දරවු කරගන්න අවස්ථාව උදා කරලා දුන්නා...

ඔව් ඒ අස්සේ කලු සුද්දන්ට මොනවා හරි කියලා අපිටත් ආතල් එකක් ගන්න අවස්ථාව උදා කරලා දුන්නා තමා... ඒ පැත්තෙන් ගත්තහම.. විනිසොරුතුමාට තැන්කූ නොකියත් බැහැ...

හැබැයි අනිත් පැත්තෙන් ගත්තාම නීති දන්නේ නැති විනිසොරාලා එක්ක මොන මහත්තුරුන්ගේ මෙව්වද කියලත් නොකියාම බැහැ... ඒ හින්දා ඔක්කෝටම කලියෙන් එංගලන්තයේ විනිසොරාලට තව ටිකක් ඉගෙන ගෙන එන්න කියලා නොකියත් බැහැ... නැත්තං ඉස්සරහට අපේ මහත්මා මෙව්වා එක රැක ගන්න බැරිව ගිහින් අපි ලොකු අමාරුවක වැටෙනවා.. 

“එංගලන්තෙටත් මහත්මා මෙව්වා එක උගස් තියලා මැච් දිනා ගන්න බැරිව යනවා...“

හරි නැහැනේ නේද..?