30 August 2014

බජට් එකට කවි ගී ලියවුනා මදී...

බටහිර පළාතේ තිබු මහ ඡන්දයට..
වියදං කොරන්නට කතිරය ඉල්ලන්ට..
සීයක් ඉල්ලගෙන ආවේ අප ළගට..
දුන්නා සීය.. ඇති අපෙ හිතවත් කොමට..

මොකට දෙන වාද.. මොකකට දෙන වාද..?
කොල්ලන් මෙන්ම කෙල්ලන් ඇසුවයි නිතර
ඒ මුත් හිත තුටින් දුන් දේ ගැන අපට..
කිසි විට නැතිය හිත තුල තිබුනේ කහට..

දුන්නා නමුත් සීයක් ඒ වෙලාවට..
අයක් වැයක් ගැන නැත උවමනා මට..
ඒ මුත් අය වැයක් දීපල්ලා අපට..
කිව්වයි අහක සිටි පිරිසක් මහ හඩට...

කාලය දිනෙන් දින ගත වී ගියා නිතී...
බජට් කතාවත් ටික ටික ගියා මැකී..
ඒ මුත් හිටිවනම බජටය පිටට දුනී..
සද්ද දැමූ කිසිවෙක් දැන් කතා නැතී...

හෙළ උරුමෙට වෛරය සිත රැඳී ඇතී..
ඒ වෛරෙට ඇති පදමට බැනල හරී..
හොදක් නැතත් නරකම හරි කියා නිතී...
බජට් එකට කව් ගී ලිය වුනා මදී...



23 August 2014

සොදුරු බාලේ - කාපු තාලේ...

කාලෙකින් ඕං මේ පැත්තේ ඇවිල්ලා යන්ට හිතුනා.. අද ඉතිං දන්න කියන බ්ලොග් කාරයෝ.. කාරියෝ කිහිප පොලක් හම්බ උනා නෙව... අපේ රංදිකාගේ පලවෙනි පොත පබිලිස් කොරාපු මෙව්වා එක තිබුනනේ නිදහස් මාවතේ අර මොකක්ද මංදා පුස්තකාල බිල්ඩිමේ... ඔය හුට්ටප්පරේ ගැන රංදිකා උන්දෑ දැන් මට කියලා සෑහෙන දවසක් වෙනවා.. දින හුටස් පටස් වෙලා මං තව පොඩ්ඩෙන් හිතං හිටයේ මේක තියෙන්නේ 28 වැනිදාය කියලා.. ඒත් හදිසියේම ඊයේ හවස් අතේ දන්න කියන කෙනෙක් සිංගබ්බූරුවේ හිටලා කතා කරලා ඇහුවා හෙට අරකට යනවද කියලා.. මල විකාරයයි ඒ වෙලේ තමා හොයලා බැළුවේ දවස ගැන.. බැලින්නං අදනේ.. අරුන්දෑ සිංගබ්බූරුවේ ඉඳන් කතාකොලේ උන්දෑ වෙනුවෙනුත් මං හරහා පොතක් ගන්ට උවමනා වෙලා.. කොහොම හරි ඒ පොත් ගැනිල්ල හින්දා යන්තං දවස තෝරා බේරාගන්ට ඇහැකි උනා...
දවසනං හරිය කියමුකෝ.. ඒත් ඉතිං අද මං ඉවුං පිහුං කැලෑසියට යන දවසක් නෙව... හවස තුන හතර වෙනකල් ඕක තියෙනවා.. ආයේ ඉතිං ඒ කරලා දාඩිය පෙරාගෙන මස් මාළු සුවඳ විහිදෝ විහිදෝ ගියෑකියෑ ඕවට.. ඒත් ඉතිං එහෙමයි කියලා ඇහැකියෑ... මොනවා උනත් දරුවන්ට ලියාපු පොතක් වෙනුවෙන් තියන උස්සවේට මං වගේ එහෙකුටත් ආරාධනා කොලාම නොගිහින් කොහොමද.. මොනවා උනත් අනිත් උන් මොන මොන අවලං කතා කිව්වත් රංදිකා මේ මාවත් පොඩි එහෙකුට දාලා සැලකුව එකම කොච්චර වටිනවද අප්පා.. ඒ හින්දා මං දරුවත් කල්පනා කොලා රංදිකා නැන්දිගේ පොත බලන්න යනවමයි කියලා... :D

කොහොම හරි ඉතිං පංතියේ සෑර් කාරයා එක්ක වෙන අවුලක් හින්දා අද මං ඇර ගත්තා නෙව.. ඒ කරලා මෑන්ටත් හොඳවෑයින් ටිකක් කියලා මං ආවා වේලපහින්ම.. ආන්න ඒ වලියට පිං සිද්ධ වෙන්ට මටත් ඉතිං හවස් අතේ යාගන්ට ඇහැකි උනා පොත මෙව්වා කොරනවා බලන්ට.. මං යද්දිනං ඉතිං වැඩේ පටන් අරගෙන.. කොහොම හරි දුවගෙන දුවගෙන ගෙහුං තැන හොයාගෙන දොර කොඩම හිටිය නංගිලා දෙන්නගෙන් පොතකුත් ඇන්න ඇතුලට පැන ගත්තා කියමුකෝ...  

හයියෝ සංසාරේ... කස්ටිය ඉන්නවා මෙන්න නිදි කිර කිරා... කට්ටියගේ නින්දට ඔය  ඇවිදින් හිටපු පොඩි ළමයි දෙන්නා තුන් දෙනෙක් පොඩි සද්දයක් දාලා බාධා කලාට මොකද කට්ටියම බොහෝම සනීපෙටම වාඩි වෙලා හිටිය පුටු උඩම ෂපාන් එකට දොයිය ගන්න ඔන්න මෙන්න... කට්ටියගේ නින්දට ආධාර පිණිස කවුද මංදා මාමා කෙනෙක් කතන්දරයක් කියා දෙනවා... කතාව අස්සෙම මොකක්ද මංදා වීඩියෝ ගේම් එකක් ගැන මොකක්ද මංදා එකක් පෙන්න පෙන්නා කියවං යද්දි මං කල්පනා කොලේ වැරදි තැනටද ඇවිත් තියෙන්නේ කියලත්... ඇයි බොලේ පොතක් නිකුත් කරනවා කියලා මිස රංදිකා නැන්දි නිකමටවත් කිව්වෑ වීඩියෝ ගේම් එහෙකුත් ඒ එක්කලා නිකුත් කරන කතාවක්.. :D 

හොද වෙලාවට රංදිකා නැන්දා මං පුතාට වගේම ඕනයා පුතාට.. වැප් නිශාන්ත පුතාට..  පසන් ළදරුවට...නිශ් දරුවට... කුශාන් කැකුළට  එහෙමත් එන්ට කියලා තිබුන හින්දා අර කතාව එහෙම යද්දි සුපුරුදු පරිදි කතා මැද්දේ අතුරු කතාවක් දාගෙන යන්තං නින්ද යන එකෙන් ගැලවිලා අපි හිටියා කියමුකෝ... කොහොම හරි ඒ කතා බතා දෙක තුනක් ඉවර උනාට පස්සේ ඔන්න රංදිකා නැන්දි ආවා නෙව ඉස්තූති කතාව කරන්න... නැන්දි ඉස්තූති කොරගෙන කොරගෙන කොරගෙන ගියා හිටු කියලා හතර වටේටම... ඒ කරලා වැඩේ හමාර කරලා බැස්සා ඉස්ටේජ් එකෙනුත් බිමට...

හුහ්... නැන්දි තාම එක පොතයි ලිව්වේ... ඒ ටිකට කොයි තරංනං දේවල් අමතක වෙනවද කියන්නේ එක ගෙදර ඉන්න අර රටක් රාජ්ජයක් වටින මනුස්පයා වෙච්ච වාසනා මාමිව අමතක කලානේ.. අපිත් අතාරිද පින්වතුනි එහෙමත් ලේසියට... එතැන හිටිය අපේ බබාලා සැට් එක එක හඩින් කෑ ගැහුවා වාසනා මාමිට නිසි තැන දියවු කියලා... හුට්ටාරේ හුට්ට පටාරේ... බිම හිටිය රංදිකා නැන්දි දුවපි නේද කඩාගෙන ආයෙම ඉස්ටේජ් එකට... :D
බැලින්නං වෙලා තියෙන්නේ වාසනා මාමිව අමතක වෙලා නෙවෙයිළු.. වාසනා මාමි ගැන ලියලා වෙනම කොලයක්ම ගෙනල්ලා.. කොහොම හරි තිබුන හදිසියට ඒ කොලේ නැන්දිගේ අතින් මිස් වෙලා... තව පොඩ්ඩෙන් හෙන අෂාධාරනේ වෙන්නේ.. යන්තං ඔන්න අපි බබාලගේ උනන්දුව හින්දම වාසනා මාමිට මාස ගානක් කාපු පරිප්පුවලට හරියන්න ඉස්ටූටි පාරක් හම්බ උනා.. ඔය අවු අස්සේ ඉස්ටේජ් එකට නැගගෙන සභාව මෙහෙයවපු අපේ ප්‍රසිද්ධ දේශපාලක තුමෙක් වෙච්ච රනාතුමා දේශපාලන වේදිකා පුරුද්දට රංදිකා නැන්දිට සෑහෙන්න අප්පුඩි එහෙත් ඉල්ලලා දුන්නා අපි ලවා.. ඒවා ගැන කියන්න ගියොත් තව පොතක් අපිට ලියන්න වෙන හින්දා ඔය මදෑ... රනාතුමා කිව්වා වගේම “නැන්දිට සුභ අනාගතයක් වේවා..!“

කොහොම හරි ඔන්න අවසානේ තමා අපි කැමතිම හරිය ආවේ... ආයෙනං නැන්දි අපි වගේ පොඩි පුතාලට එන්න කියන එකක් නැහැ පොත් නිකුත් කරන උස්සව වලට... ආව අයට සංග්‍රහයක් ලැස්ති කොරලා නැන්දි සෑහෙන අලාභයක් වින්ඳා මං හිතන්නේ... හැබැයි ඉතිං අපරාදේ කියන්න බැහැ ඇති වෙන්ට දන්සැල දීලා තිබුනා.. මං පුතයි.. ඕනේ පුතයි.. වැප් පුතයි.. පසන් පුතයි අපේ පුංචි බණ්ඩිවලට අල්ලන තරමට බොහෝම චුට්ට චුට්ට කෑම ජාති කෑවා.. හරියට කුරුල්ලෝ කන්නැහේ.. හැබැයි ඔය ඇවිත් හිටිය අනිත් අයනං කම තිබුන තැනින් හෙල වෙන්නේ නැතිව එක දිගටම කාගෙන කාගෙන ගියා කියලයි ආරංචිය.. ආරංචිය කියන්නේ අපි ඉතිං එතන වැඩිය හිටියේ නැති හින්දා අනිත් අය කිව්ව ඒවා අනුව තමා එහෙම කියන්න උනේ... :D

කොහොම උනත් ආරංචියේ හැටියට නැන්දි එයාගේ ඊ ළග පොත නිකුත් කරන දවසට අද කෑම මේසේ ගාවට වෙලා පාන් ගෙඩි තුන හතරක සැන්ඩ්විච් කාලා.. රෝල්ස් දුසිං දෙක තුනකට වග කියලා... කේක් කිලෝ තුනක් විතර කාලා.. කෙසෙල් ඇවරියක් කට දැවිල්ලට කාපු තුන් හතර දෙනාටනං එන්න කියන එකක් නැහැ... මොකද නැන්දිට පොත් ගහන්නයි දන්සැල් දෙන්නයි දෙකක් කරන්න බැරි හින්දා නැන්දි මීට පස්සේ පොත් විතරක් ගහයි.. දන්සැල් පාළුවන්ට ආරාධනා නොකර... හොද වැඩේ දන්සැල් වන්දනාවේ ගිය උන්ට.. :D

ඉතිං කොහොම හරි ඒ කතන්දරේ අහවර කොරලා අපි බබලා සැට් එක ගියා ජැකලින් නංගිගේ ආප්පේයි ගලයි බලන්න කියලා නිදහස් චතුරස්‍රේ පැත්තට... කොහොම හරි ඒ ගල් බැලිල්ල ගැන කතා මෙතන ලිව්වොත් මගේ සවුක්කියට ඒ හැටි යහපත් නොවන හින්දා අද දවසේ සිංහල ප්‍රස්ථාව පිරුළු අතරට එකතු වූ නවතම පිරුළ වන “XX ආර්කේඩ් ගියා වගෙයි“ කියන පිරුළත් සමඟින් ඔබෙන් සමුගන්නා මා... අහිංසක මාරයා බබා වෙමි.

( XX = අභිමානවත් සිරි,ලාංකීය සිංඩියක පුරෝගාමී හිමිකරුවෙක් වන බ්ලොග් විස්සක තිහක පාරම්පරික උරුමය හිමි සුදුම සුදු බ්ලොග් ලියන තවත් බබෙක් )

පොත ගැන විකාර.. නැහ් මං මේ කිව්වේ විචාරයක් කියෙව්වට පස්සේ බලාපොරොත්තු වන්න... පොත ගන්ට උවමනා අය රංදිකා නැන්දිට කතා කොරන්න...