09 January 2015

අළුත් ආරම්භයක්...

නින්ද ගියා නෙව පුටුව උඩම...

නැගිටලා බලද්දි මෙන්න මහින්ද මහත්තයා අරලිය ගහ මන්දිරයෙන් පිටත්ව ගියාළු... ප්‍රතිඵල දැනට තියෙන තත්වේ අනුවනං තාමත් මෛත්‍රී උන්නැහේ දිනලා කියලා පේන්න නැහැ.. ඒත් අපිට වඩා මොනවා හරි දැනගෙන වෙන්න ඇති නෙව උන්නැහේ පිටත්වෙලා ගියේ...

කොහොම උනත් කමක් නැහැ... නිල වශයෙන් නැතත් දැනට මහින්ද මහත්තයා පරාද වෙලා කියන තැන ඉඳලා කතා කරමු...

බොක්කෙන්ම කියනවනං...

පලවෙනිම දේ තමා කියන්න ඕන.. මේ තරං බොරුවට මිනිස්සු රැවටුන අවස්ථාවක් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කිසිම වෙලාවක තිබුනද කියන්න මම දන්නේ නැහැ... අග ඉඳලා පටන් ගත්තොත්... පැරදිලා කියලා තාමත් හරියටම නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා නැති තත්වයක් උඩත්.. උන්නැහේ නිල නිවසින් පිටත් වීමම ගතෑකි.. මොකද අපේ අයියලා මේ අන්තිම තත්පරේ වෙනකල්ම කිය කිය හිටියේ  පැරදුනත් මහින්ද යන්නේ නැහැය.. ගෝඨාභය ලවා හමුදාවෙන් දාලා හරි බලේ අල්ලගෙන් හිටීවිය වගේ පට්ට පල් කෙබර... ඒත් වචන වලින් නෙවෙයි එතුමා ක්‍රියාවෙන්ම පෙන්නුම් කරලා තියෙනවා එහෙම හරි හෝ වේවා.. වැරදි හෝ වේවා.. ජනතා කැමැත්තට පිටින් අකටයුතුකමක් කරන්න සූදානමක් හෝ තිබී නැති බව.. යූඇන්පී පාක්ෂික බොරු හමුදාව මොනවා කිව්වත්.. එතුමාගේ මේ පිටවීමම අගය කල යුතු කාරණාවක්... තවත් සමහරු කිව්වේ ඉතිරි අවුරුදු දෙක ගැන නීති තර්ක ගෙනල්ලා ඉදියි කියලා.. දැන් එහෙම කතාවකුත් නැහැ... ඒ තමා අගින් ගත්තම හොදම උදාහරණය මහින්ද ගැන මේ මිනිස්සු මොන තරම් බොරුවක්ද කිව්වේ කියලා... තවත් අග ඉදලා එහාට ගියොත්... මැතිවරණය... මැරිලා ඉපදුනේ නැති.. සහ අතීතය හොදින් දන්න කාට උනත් මේ මැතිවරණය දූෂිත අසාධාරණ එකක්ද කියලා කල්පනා කරලා බැලියැකි... අපි මේ රටේ ඡන්ද ඕන තරං දැකලා තියෙනවා.. මට ඡන්ද ගැන මුල්ම මතකය ඉතාමත් හොදින් තියෙන්නේ ජනාධිපති ප්‍රේමදාස බලයට පත් වූ මැතිවරණයේ පටන්... එදා ඉදලා මේ දක්වාම තිබ්බ ජනපතිවරණයකදී මේ තරම් සාධාරණව තිබුණ ජනපතිවරණයක් දැකලා තියේද කියලා කාට හරි කියන්න පුළුවන්ද..?

කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මැකෝ හොද හින්දා හොඳට ගියා කියලා... ඒත් මැකෝ කොච්චර හොද උනත් විධායක ජනපතිවරයා තමන්ගේ බලය අත්තනෝමතිකව භාවිතා කලා නම් සහ ප්‍රචණ්ඩව හැසිරුනේ නම් මැකෝ මොන මගුල කලත් මේක මෙහෙම අවසාන නොවෙන තැනට වැඩ කෙරෙන්න ඕන තරම් ඉඩ තිබුනා.. ඒත් ඒ කිසිම දෙයක් එහෙම උනේ නැහැ.. සාධාරණ මැතිවරණයක්.. සාධාරණ නික්ම යෑමක්...

එතකොට කෝ මෙච්චර වෙලාවක් මහින්දට කරපු චෝදනා.. මැතිවරණය ගැන...

දැනට වසර කිහිපයක සිටම මහින්ද හා සම්බන්ධව කෙරුණු මේ වගේ මඩ ප්‍රචාර දිනෙන් දින වර්ධනය වෙමින් ඇවිත් අවසානයේදී ඒවා නිර්මාණය කල උන් පවා ඒවා බොරු කියා පැවසූවත් එය පිළිනොගන්නා තත්වයට ඒ බොරුව මේ රටේ පැලපදියම් කරන්න ඒවා නිර්මාණය කල අයත්.. ඒවා සමාජය පුරා බෙදා හැරිය අයත් සමත් උනා... මේක තමයි අවසාන ප්‍රතිඵලය...

අඩුපාඩු නැති මිනිස්සු ලෝකේ නැත.. ඒත් ඒ අඩු පාඩු අපි දැකිය යුත්තේ ඒ මනුස්සයගේ තියෙන හොද පැත්ත එක්ක සංසන්දනය කරන ගමන් මෙන්ම.. ඔහුට සාපේක්ෂව අනිත් පසින් සිටින පුද්ගලයින් ගැනද කල්පනා කොටයි... එහෙම බලද්දි මහින්දට උනේ ඔහු සතුරාටත් මිතුරු හස්තය දිගු කිරීමත්.. විරුද්ධවාදියාටත් හිතවත් කම දක්වා ඔවුන්ව දිනා ගන්නට ගත් උත්සහය වතුරේ යෑමයි... දුදනන් හට කුමන ආකාරයෙන් දයාව පෑවද ඔවුන් සුදනන් වන්නේ නැත... ඒ හැර ඔහුගේ බොරු කාරයින් කියා පෑව තරමේ භයානක කමක් තිබුනේ නැහැ කියා සාධාරණව සිතිය හැකියි... 

විශ්වාසය තැබිය නොහැකි අවස්ථාවාදී සුළු ජාතික නයි රෙද්ද අස්සේ දමා ගැනීමත්... විරුද්ධ පාක්ෂිකයින් ගැන උවමනාවට වඩා විශ්වාසය තැබීමත්... තමා ජයග්‍රහණය කරවූ පිරිසට පක්ෂග්‍රාහී නොවී.. සියල්ලටම මැදිහත්ව කටයුතු කරන්නට යාමත් ඔහුගේ විපතේ මූල බීජයයි... ඒ අතරතුර අගේ ඉඳන් කන කන්නවුන්ද බහුල විය... අවසානයේදී ඔහුට එවැනි දුර්ජනයින්ගෙන් නිසි සැලකුම ලැබිණි... 

කෙසේ වෙතත් මේ මැතිවරණ ප්‍රතිඵලය අපට පැහැදිලි පණිවිඩයක් දී ඇත.. ඒ.. තව දුරටත් මේ රටේ පාලනය හිමි වන්නේ මහජාතියේ උවමනාවටත් වඩා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇති අයට බවයි... උතුරින් නැගෙනහිරින් බලය ලබා ගැනිමට සමත් වන අයකුට මිස.. දකුනෙන් බහුතර බලය ලැබෙනා අයකුට පාලනයට ඒම තව දුරටත් මෙරට තුල අවස්තාවක් නැත... දකුණේ ඡන්දයෙන් දිනනා කෙනාට උතුරේ ඡන්දයෙන් ජයගත නොහැකි නම් ඔහු පරාජිතයෙකි.. මේ සිංහලයාගේ විපතේ ඇරඹුමයි.. 2015 වර්ෂය ඉතිහාස ගත වන වර්ෂයක් බවට පත් වේ... අද දිනය සිංහලයාගේ මෑත කාලීන ඉතිහාසයේ අඳුරුම දිනය ලෙසින් සටහන් තබා ගත්තාට වරදක් වන්නේ නැත... වැඩි කාලයක් නොගොසින් බෙදුම්වාදීන්ට මේ රට ගොදුරු වී රටේ සාමය නැතිව ගියහොත්... එදාට අද මේ වෙනස කරන්නට දත කෑ... සියළු දෙනාම වගකිව යුතුය... අද මහින්ද පරදවා සුළුජාතිකයින්ගේ කැමැත්ත මත තීරණය වූ නායකයකු ගෙන එන්නට දායක වූ ඔබ සියළු දෙනාගේ හිස මත ඒ තීරනයේ වගකීම වැටී ඇත... කිසි විටකත් අනාගතයේදී මොන ආකාරයෙන් ඔබලා වෙනස් වූවත්.. අද කල කාරියෙහි වගකීම ඔබගෙන් පහව යන්නේ නැත... මේ කාරණාව සිහියේ තබා ගැනීම වැදගත් බව කියමි. මෙම තිරණයේ විපාක ඔබට පමණක් නොව ඔබගේ දරු මුණුපුරන් පිටත් වැටෙන දවසක් එළඹියහොත් එදාට ඒ ගැන ඔබගේ සිත ඔබටම දෙස් දෙනු ඇත... අන් සියළුම දේට වඩා හෘදසාක්ෂිය බලවත්ය... මාගේ මේ ප්‍රකාශයට උසුළු විසුළු කිරීම හෝ.. එයට විරුද්ධව කරුණු කියා පෑමට ඔබට හැකියාව ඇත.. එයට මා කිසිවක් නොකියමි... තම තමාගේ සිත්වල 2015 ජනවාරි මස නව වැනිදා දවසක උදෑසන මෙහෙම දෙයක් මෙහෙම එකෙක් කිව්වාය කියා මතකයේ තබා ගැනීම පමණක් ප්‍රමාණවත්ය...

එදා මෙදාතුර පහල වූ නායකයින් අතුරින් අපට පහල වූ විශිෂ්ඨම නායකයා අද දින සිය තනතුර හැරදා පියා පිටව ගොස් ඇත... ඔහු යළි බලය වෙනුවෙන් සටන් කරන්නේද නැද්ද යන්න මා නොදනිමි.. නමුත් ඔහු රට වෙනුවෙන් නැවත සටන් කරන්නට පිවිසෙන්නේ නම් මා ඔහුට හැකි ආකාරයකින් සහය වෙමි... එහි කිසිදු සැකයක් නැත... නමුත් තව දුරටත් මෙම රට තුල ජීවත් වන්නට මාගේ අදහසක් නැත... ලැබෙනා පලමු අවස්ථාවෙන්ම මෙයින් පිටත්ව යමි... එනමුදු ලොව කොහේ සිටියත් මහින්ද කෙරෙහි ඇති මාගේ විශ්වාසය හෙට දිනත් එසේම පවතිනු ඇත. මහින්ද මෙන්ම ඔහුගේ නික්ම යාමත් සමඟ අපට අහිමිව යන අනිත් ප්‍රධාන පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂයන්ටත් මාගේ ස්තූතිය ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කර ගනිමි... ඔබලා දෙපල අපගේ රටට පහල වූ යුග පුරුෂයින් දෙදෙනකු බව අදත් හෙටත් මා අවිවාදයෙන්ම පිළිගන්නා අතර.. ඔබලාගේ සටනකට මා මට හැකි ආකාරයකින් සහය ඉදිරියේදීද දක්වන බවත් කියා සිටිමි.

මහින්ද රාජපක්ෂ... නායකයාණෙනි.. 
මා මෙතෙක් කල් ඔබට ආමණ්ත්‍රණය කලේ මහින්ද අයියා.. මහින්ද මහත්තයා යන සරල ආමණ්ත්‍රනයන්ගෙන් බව කිව යුතුය.. ඒ ඔබට අඩුවක් කිරිමට නොව.. ඔබට මාගේ සිතෙහි ඇති සමීපත්වය නිසායි.. ඔබ සහෝදරයකු... හිතවතෙකු හැටියෙන් සලකා කටයුතු කිරීම නිසාම එම ඇමතීම කල අතර.. අද මේ තනතුරෙන් ඉවත්ව යන මොහොතේ ඔබට නිසි ගෞරවය දැක්වම පිණිස ඔබට ගරු නායකයාණෙනි යන ආමන්ත්‍රණය කරමි... 
ගරු නායකයාණෙනි..  පණ ඇති තෙක් මේ පොළවේ හා මෙහි වෙසෙනා මිනිසුන්ගේ දියුණුව පිනිස සටන් කිරීමට ඔබට හැකියාව හා ධෛර්ය්‍ය හිමි වේවා... මෙහි උපන්නත්..මේ මහ පොළවේ බිම් අගලක අයිතිය නැති... ඉන්න හිටින්න ස්ථිර තැනක් නැති... රකින්නට දේපලක් උරුමයක් කිසිත් නැති...කොටින්ම ඡන්ද අයිතියක්වත් නැති බොහෝම සරල දිවි පෙවතක් ගෙවන සරල මනුස්සයෙකුගේ හිතවත්කම හා ලෙන්ගතුකම ඔබ සතුය...  ඔබට එය ලොකු දෙයක් නොවන්නට පුළුවන.. එහෙත් මේ කුඩා මිනිසාට එයට වඩා ඔබට දෙන්නට දෙයක් මේ මොහොතේ නැත... මගේ ආදරය ගෞරවය හා විශ්වාසය සැමදා ඔබ කෙරෙහි වේ.. ඒ මා සතු ලොකුම ධනයයි... ඉඳින් එයින් ඔබට පුදමි... මගේ රට යුධ බියෙන් නිදහස් කරලන්නටත්... සාමය ඇති කරලන්නටත්.. පරිහාණියේ පතුලට වැටී තිබූ රට යම් කිසි ස්ථාවර තත්වයක් දක්වා දියුණු කරන්නටත් ඔබ ගත් උත්සහයට නැවත නැවතත් ස්තූති වන්ත වෙමි... රටේ අනාගත පරපුර වෙනුවෙන් ඔබට ස්තූති වන්ත වෙමි... ඔබට සුභ අනාගතයක් වේවා..!

------------------------------------------

පෞද්ගලික වශයෙන් ගත් කල මට රකින්නට පරපුරක් හෝ කිසිවකු නැත... ජීවත් වූ කාලය තුල අත්වැරදීම්.. ඇතත්.. හැකි සෑම විටම නිවැරදි ජිවිතයක් ගත කරන්නට උත්සහ කල අයෙක්මි.. කිසිවකුට ණය නැති... කිසිවකුට වංචා කර නැති අයෙක් ලෙසින් ජීවත්වන්නට උත්සහ කල තැනැත්තෙක්මි... කිසිම කාරනාවක් නිසා පෞද්ගලික වාසියක් පිණිස කටයුතු කර නැත්තෙමි... දේශපාලන පිළිබඳව කතාවෙන් වූවද මා හට මෙතෙක් වැඩි වශයෙන් ලැබී ඇත්තේ ගැරහුම්.. අවලාද හා නින්දා කිරීම් පමණකි.. ඒ සියල්ල අබිමුවෙහි හැකි උපරිම ශක්තියෙන් මගේ මතය වෙනුවෙන් පෙනී සිටියෙමි.. ඒ හැර සත පහක ලාභයක් පිනිස හෝ මා මාගේ දේශපාලන මතවාද ඉදිරිපත් කර නොමැත... පවතින රජයෙන් හෝ.. පැවති රජයකින් හෝ අබ ඇටයක වාසියක් ලාභයක් ලබා නොමැත.. එසේ ලබන්නට අදහසක්ද නැත. හුදෙක් රට ගැන ඇති ආදරයත්.. සිංහල ජාතිය ගැන ඇති හැගීමත් නිසා කටයුතු කලා පමණකි... ඉදිරියටත් මා හට හැකි පමණින් එම කාර්යයන් හී නිරත වන අතර.. කිසි විටකත් පරාජය හමුවේ සැගවෙන්නේ නැති බව කිව යුතුය... එසේම දූෂිත මැතිවරණයක්... හොර ප්‍රතිඵලයක් ආදී වශයෙන් ජනතා තීන්දුව ප්‍රතික්ෂේප කිරීමක්ද මාගෙන් වන්නේ නැත.. සාධාරන හා සාමෙකාමී රටක පැවති ඉතාමත් සාදාරණ ඡන්දයකින් ලද තීන්දුවක් අනුව රටේ බලය බහුතර කැමැත්ත ඇති අයකුට ලැබී ඇත.. එම බහුතරයේ සංයුතිය ගැන පැනයක් ඇතත්... එය ලැබූ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොවේ... ඡන්දයක් පැරදුන කල සැගවී සිටින්නේ හෝ... එය හොර එකක් යැයි කියමින් ලැබූ පරාජය වසා ගන්නට තැත් කරන්නේ හෝ නැත... පැහැදිලිවම අප පරාජය වි ඇත.. මා විසින් දැරූ මතය පරාජය වී ඇත...


එනමුදු පරාජය තාවකාලික බවත්... තරඟය මෙතැනින් නොනවතින බවති කියා සිටිමි... දැන් ඇත්තේ ඔබගේ වාරයයි... මෙතෙක් කලක් පැවති පාලකයාට සහය දෙමින්.. ඔහුගෙන් වන සියළුම අඩු පාඩු වෙනුවෙන් බැනුම් අසමින් ඔහු ආරක්ෂා කර ගැනිමට අප විසින් කල කාර්යය අදින් අවසන්ව ඇත.. දැන් ඇත්තේ පත්ව ඇති පාලකයා ප්‍රශ්න කිරීමේ කාලයයි... මෙය දේශපාලනික වශයෙන් ඉතාමත් සිත් ගන්නා සුළු කාරණයකි..  ඉඳින් අද පටන් ඒ සිත් ගන්නා සුළු කාර්යයට යොමු වෙමි... අද දින මේ ප්‍රතිඵලය ලබා ගැනීමට ඇප කැප වූ ඔබ සියළු දෙනා ගෙන්ම අද ගත් තීරණය ගැන ප්‍රශ්න කරන්නට මෙතැන් පටන් අවස්ථාව උදා වී තිබේ... එහෙයින් අද මෙය ජයක් ලෙස සලකා උදම් අනන අයට... ඉදිරියේදී ඇති වගකීම ගැනත් ආදරයෙන් සිහි කැඳවමි... 

දැන් අපගේ වාරය හමාර වි ඇත.. මේ ඔබලාගේ වාරයයි... එය හොඳින් ක්‍රිඩා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි... ඔබලා විසින් පත් කර ගත් නායකයා සම්බන්ධ වගකීම ඔබලා සතුය... ඔහුගේ සහ ඔහුගේ කණ්ඩායමේ ඉදිරි තීන්දු තීරන කොයි ආකාරයෙන් රටේ දියුණුවට හෝ පරිහානියට හේතු වේද.. ඒ සෑම තැනකම ඔබගේ වගකීම ඒ දේවල් හා බැඳී තිබේ... එම වගකීම දරන්නට සූදානම් වන්න...  විපක්ෂයේ කාර්ය භාරය අකුරකින්වත් අඩු නැතිව කරන්නට ඔබලාට කරනා උදව්වක් සේම ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්ම උදෙසා මා පොරොන්දු වෙමි...  

මහින්ද වෙනුවෙන් කඩේ ගිය මාරයාට වඩා... නිදහසක් ඇති.. සීමා මායිම් නැති අවස්ථාවක් මා ඉදිරියේ උදා වි ඇත... ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම මා අත හරින්නේ නැත... එසේ නම් ඔබලා ඔබගේ තීන්දුවට හා කැමැත්තට අනුව පත් කරගත් නායකයා නිසි දිශාවට මෙහෙයවීම කරනා අතරම.. ඔහුගේ තීන්දු තීරණ වලට වගකියන්නටත් සූදානම්ව ඇතැයි මා සිතමි... අප විසින් ඔබලාට බාර කරනු ලැබුයේ යුධ ගිනි නැති.. සාමය ඇති.. නොබෙදුනු නිවහල් රටකි.. සාධාරණ මැතිවරණයක් පවත්වන්නට පුළුවන් රටකි.. සංවර්ධනයේ අරුණළු දකිමින් සිටි රටකි.. මෙතැන් සිට ඉදිරියට විනා පසු පසට රට ගෙනයන්නට ඔබලාට අයිතියක් නැත... ඔබලා පැවසූ ඒ මෛත්‍රී යුගය... ඒ යහ පාලනය.. ඒ සංවර්ධනය.. ඒ දියුනුව මේ රටට ලබා දෙන ආකාරය අප බලා සිටිමු... එය වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද පෙන්වීමට ඔබලා සූදානම් විය යුතුය... ජයග්‍රහණය අභියස ප්‍රතිවාදියාට ඔබගේ ප්‍රතිචාර දක්වන තැන සිටන්ම අප ඔබ ප්‍රශ්න කිරීමට සූදානම්ය... අප විසින් වසර ගණනක් මුළුල්ලේ කල ඒ දුෂ්කර ක්‍රියාව අද සිට ඔබ සතුය... 

------------------

රයිටෝ බොක්කෙන් දීම අවසානයි.. දැන් ඉතිං සරලව කෙටියෙන්...

ඔන්න ඉතිං කාලයක් තිස්සේ ඔළුවේ තිබුන බර අවසානයි.. දැන් ඉතිං තියෙන්නේ විපක්ෂයේ වැඩ ටික.. එව්වා ඉතිං තිතට කරලා දෙන්නං... :D
එක අතකින් මේ පරාජය නිසා රටට වන හානිය ගැන සිතීම නිසා සිතට වේදනාවක් ආවත්.. අනිත් පැත්තෙන් පුදුම සැහැල්ලුවක් දැනෙනවා.. දැන් ඉතිං තියෙන්නේ ප්‍රශ්න කර කර ඉදිල්ලක් මිස උත්තර බැඳිල්ලක් නෙවෙයි කියලා මතක් වෙනකොට හිතට පවන් ගහන්නැහේ... :D :D :D

හැබැයි ඉතිං මහින්දගේ යටතේ ප්‍රශ්න කර කර ඉඳිල්ලයි.. විරෝධතා දැක්වීමයි වගේ නෙවෙයි චන්ද්‍රකාලා රනිල්ලා යටතේ ඒවා කිරිල්ල කියලා අත්දැකිම් අනුවම දන්න නිසා.. ආරස්සාවට මුල් තැන කියලා... ආරස්සාව පිණිස.. (ජේආර් පප්පා කිව්ව විදියට තමන්ගේ ආරස්සාව තමන් සතුයි නිසා ) හැකි පළමු අවස්තාවෙන්ම මමනං මේ රටින් යනවා පුතෝ... මට මේ ලෝක බෝලේ කොයි තැනට ගියත් අවුලක් නැහැ.. ආයේ දාලා යන්න බැරි රෙද්දවලුත් නැහැ... බෑග් එකට ඇදුං කෑලි දෙක තුන දාගත්තම මුළු ලෝකෙම මට ගෙදර වගේ තමා.. :D හැබැයි ඉතිං අනිත් අයටනං තම තමන්ගේ ගෙවල් දොරවල්.. දරු මල්ලෝ... රැකි රස්සා ඔය දාහක් දේ තියෙන හින්දා මේ රට පරිස්සං කර ගන්න මටත් වඩා උත්සහ කරන්ට ඕන ඔන්න...

එහෙමනං මං ගියා... :D
(යහපාලන කස්ටිය එයාපෝට් වහන එකක් නැහැ නේද අදම..? :D )

ආ අමතක උනා.. දිනුව නායකතුමා වෙච්චි මෛත්‍රී පාල සිරිසේන මහත්මයටත් මගේ සුභ පැතුම්.. ඔන්න තියෙනවා ලස්සන රටක්... සාමකාමී රටක්.. බිය සැක නැති රටක්.. උතුර දකුණ පත්තු නොවුනු රටක්... දෙයියනේ කියලා යහපාලනේ කරගෙන.. දියුණු පමුණු කරගෙන යන්ට තමා තියෙන්නේ... පොඩිත්තක් අහල පහල ඉන්න උන්දලගෙන් පරිස්සං වෙන්ට... උන්දලා ගැන මං අමුතුවෙන් කියන්ට උවමනා නැහැ නෙව... අද ඉදලා අර දින සීයත් පටන් ගන්නවනේ.. ඔන්න මංනං එයින් පිටපතකුත් හොයාගෙන ලෑස්ති වෙනවා ඔබතුමාට යහපාලනේ කරං යන්න විපස්සයක් හැටියට උදව් උපකාර කොරන්ට.. එහෙමනං දුවමු මහත්තයෝ රේස් එක... ඔබට සුභ අනාගතයක්... :D

70 comments:

  1. දැන් ආයෙත් ජාතිවාදය විකුණගෙන කාපන්. උඹලට ලේ ගැලුවා තාමත් මදිද....?

    ReplyDelete
    Replies
    1. ඒක ඉක්මණටම අහන්න කෙනෙක් එයි ඒත් මාර යගෙන් නෙවී ඉවසං මාතෙ...
      මං කලිනුත් කිව්ව වගේම සිරා කියන්නෙ රෝන්ග් චොයිස් එකක්
      ඒක එහෙම්මම තමයි

      Delete
    2. //ඕව ගැන කියල වැඩක් නෑ
      ඒත් මාරෙ කියපු හැම දෙයක් එක්කම මං බොක්කෙන්ම එකගයි
      මං මරා වාදියෙක් නොවෙන්න පුලුවන්
      ඒත් සිරාට චන්දෙ නොදුන්න එකෙක් විදියට මට පණ ඇතිව කොන්ද කෙලිං තියං කියන්න පුලුවං කට්ටියට ඉක්මණටම හරි මොකද්ද වැරැද්ද මොකද්ද තේරෙයි කියල//
      අපි මහින්දට සපෝට් කරන කොට ඒක මහින්දට කඩේ යාමක්. පිටරටවල ඩොලර් වලට කහින ,බ්ලොග් ලියන උන් මයිත්‍රීට සපෝට් කරන කොට ඒක උන්ගේ බුද්ධිමත් කම.හැමෝටම තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න, ඒ වෙනුවෙන් පෙනී හිටින්න අයිතියක් තියෙනවා. ඔය පිට රට ඉපදිලා වගෙ සුද්දාගෙ පඩි කන ''සමහර'' උන් ඉතින් හිතන්නෙ උන් හරිම ප්‍රගතිශීලී කියලා. ඒ සමහර අයට ලංකාවෙ ඉන්න අමාරුයි,තමන්ගෙ අඩු ලුහුඬුකම් අනිත් අයදැනගනී කියලා. ඉතින් හැමතිස්සෙම අනුන්ගෙ වැරදි හොය හොය හරි අසහනෙන් ඉන්නෙ.තමන්ගෙ බ්ලොග් වලත් මාරයට බැනල , දැන් මෙතනත් ඇවිත් බනිනව ජාතිවාදී කියලා.ඒ අයගෙ බ්ලොග් හැමදාම රනිල්ට හරි, බටහිර ගැත්තන්ට හරි කඩේ යනවා.මම අවධාරණය කරනවා මහින්දට විරුද්ධව එකතු වුන උන්ට ඉක්මනටම තේරෙවි කියලා තමන්ගේ ඊනියා පටිසෝත ගාමී, ප්‍රගතිශීලී භාවිතාව ලිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ කියලා. යාපනයේ අදම ඊලාම් කොඩිය එසවූ බව තමයි ආරංචිය.තම්බි,දෙමලු එක්ක එකතු වෙලා මේ රටට ආදරය කරන අයගෙ බලාපොරොත්තු ඉහිරවා දැමීමට චන්දය පාවිච්චි කරපු උන්ට හොඳක් වෙන්න එපා කියලා මම ඉතාම මයිත්‍රී සහගතව ප්‍රාතනා කරනවා.අපි බලා ඉඳිමු

      Delete
    3. මාතලන් මාරයට කිසි දිනෙක් බැන හෝ පහත් කොට හෝ අපහාස කොට එකඬ්හ්හු ළිපියක් හෝ ලියා නැත. නමුත් ඔහුට යූ ඇන් පීය හා ගේමක් ඇත. ඒ නිසා හේතුවක් නැතුව මෙවන් දෑ ලිවීමට අප විරුද්ධ වන්නෙමු.

      එදත් අදත් හෙටත් මාරයා මාගේ හොඳම සයිබර් මිතුරෙකි. ඒ බව අන් කිසිවකුටත් වඩා මාරයා දන්නවා ඇත.

      අප ජීවත් වන්නේ මේ රටේය. ඒ නිසා මේ වැල් බොරු අම්මා අප්පා ලිව්වත් නැව් බොරු බව කියන්නට මැලි වන්නේ නැත.

      Delete
    4. අපට නම් මේවා ඇත්තය. මේවා ඇත්ත බව පැවසීමට අපි බය නැත!

      පොද්දාගේ යහපාලනේ ගැන අපි ප්‍රශ්න නගන්නෙමු. ඔබලාට උත්තර නැතිවූ විට අපට අපහාස කර බැනවදින්න!

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  2. අපි දැන් බලාගෙන ඉම්මු .

    ReplyDelete
  3. මහින්ද පැරදවූ බටහිර කුමණ්ත්‍රනකරුවන් :-

    1. සුමනදාස හා සාත්තරකරුවන්
    2. නානසාර

    ReplyDelete
    Replies
    1. මේන්න පට්ට රැඩිකල් බුවෙක්. බෝලාගේ බටහිර කුමණ්ත්‍රනකරුවන් නැහැ කියන ඔය කතා වලට සාක්ෂි ළඟදීම ලැබෙයි.

      Delete
    2. අධ්‍යාත්මවෙදී චන්ද්‍රසිරි බන්ඩාර

      රජගෙදර රිලවා නොහොත් විමල් වීරවංශ (ඌගේ කක්කුස්සියත් වහලා)

      ඩලස් අලහප්පෙරුම නම් ජඩ මාද්දියවේදියා..

      මොහාන් සමරනායක නම් මහා බුද්ධිමතා

      දයාන ජයතිලක නම් ළෝකයේ ළොකුම බුද්ධිමතා

      මම ගොන්පිල හෙවත් රුපියල් සීයේ හිඟන්නා..

      අධ්‍යාපනය උලා කෑ බන්දුල ගුණවර්ධන නම් ගොන් වස්සා

      ඇස් බී නම් වනචරයා

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මම මේ ලිපියක් ලියන්න ඇවිත් ජානාධිපතිවරණ ගැන අලුත් පොස්ට් බැලුව.නැත්නම් මම ලියන්නෙත් මේ ටික.

    ඇත්ටම මේ ප්‍රතිපලය නිසා මම ලංකාව ගැන හොඳටම කලකිරුනා. රට යන අත හොඳට පේනවා. මහින්ද පරාජය කරන්න ඕන පාර්ශව වල වුවමනාව හොඳින්ම පේනවා උතුරු නැගෙනහිර ප්‍රතිපල බැලුවම. බලන්න උතුරු නැගෙනහිර යුද්දේ නිමකරලා, සහනාධාර මලු දීලා, අවුරුදු 30 හානි වූ සියලු දේ හදපු එකේ කෙලෙහි ගුණ තමයි මේ පෙන්නේ. අතීතය මතක උතුරු නැගෙනහිර සිටිය 20% වන චන්ද දායකයන්ට මගේ ප්‍රණාමය.

    මහින්දට ඊලාම් වාදී මෙන්ව බෙදුම් වාදී මුස්ලිම් නාඩයේ ඉල්ලීම් වලට එකඟ වුනා නම් ජයග්‍රහණය සිම්පල්. නමුත් ඔහු එතනදී රට වෙනුවෙන් තීරණ ගත් බව මෙවර ජානාධිපතිවරණ ස්ථිර කරයි. මම ඇතුළු බොහෝ දෙනෙක් එතුමා වෙනුවෙන් සිටියේ බෙදුම්වාදී නඩ වල සහයෙන් තොරව කරන මේ චන්දය එතුමාට අවාසි බව අපි කලින් දකින ලද බැවිනි. රට බෙදන උන්ගේ මතයට හිස නොනමා අවධානමක් ගෙන ක්‍රියා කිරීම ගැන එතුමාට ප්‍රණාමය හිමිවිය යුතුය.

    එසේම මාතලන්ගේ අඩවියේ මා විසින් කමෙන්ට් කල පහත දේ නැවත පල කරමි

    මහින්ද ඒකාධිපතියෙක්, කෙසේ හෝ හොඳින් හෝ නරකින් බෙදනවා කී කටකතා බොරු කළේය. කවුරු කෙසේ කීවත් මෙතෙක් සිටි මැතිවරණ දුෂණ අඩුම, ප්‍රජත්‍රන්ත්‍ර වාදය සුරකින ලද.රට බේරාගත්. අන් කිසිවෙක් නොකරන ලද සංවර්දන වැඩ කල නායකයා ඔහුය.

    සුදුස්සාට සුදුසු තැන නොදීම, දුෂිතයන් ට ඉඩදීම වැනි ඇස්පනාපිට පෙනෙන වැරදි හදා නොගැනීමට නිසි දඬුවම ඔහුට ලැබී ඇත. අනෙක් දේ මිත්‍යා විස්වාස පිටුපස යාමටද නිසි දඬුවම ලැබේ ඇත.

    මෙම මැතිවරණයේ මගින් මහින්ද මෙන්ම සිරිසේනද පාඩමක් ඉගන ගත යුතුය. එනම් මහින්දට වැරදුනු දේ නොකර සිටීමයි.

    ReplyDelete
    Replies
    1. මකසි +++++++++++++++
      අපි බලන් ඉමු..හැලිය නටනකොට තවත් රසවත්!

      Delete
  6. හදිස්සි වෙන්ඩෙපා මාරේ අයියා.. අන්තිම කෑල්ල තවත් රසවත් !
    දේශපාලනයෙයි ක්‍රිකට් වලයි අන්තිම වෙනකන් කිසි දෙයක් ෂුවර් කරගෙන්ඩ ඉන්ඩෙපා...

    මෙච්චර ලොකු හෑල්ලක් කියවගෙන යන්ඩ බෑ.. උඩින් පල්ලෙන් කියෙව්වේ.

    ReplyDelete
  7. ලෙයටම බද්ධ වෙච්ච මේ දේශපාලන භාවිතාව මටනම් තේරුම් ගන්න බෑ මාරේ...

    අවිවාදයෙන්ම නිදහසින් පසුව මේ ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ටම නායකයා මහින්ද. ඒකෙ දෙකක් නෑ.. ඒක ඉතිහාසයේ වෙනස් කරන්න බැරි විදිහට ලියවිලා ඉවරයි. ඒත් ඔහුගේ ගමන රටට අහිතකර විදිහට වෙනස් වෙනවනම් අපි ඔහුට සමු දිය යුතුයි කියන මතයේ මම ඉන්නේ.. මහින්ද මෙහෙම යන්න ඕනෑ මිනිහෙක් නෙමේ.. බොහොම ගෞරවන්විතව ජාතියේ පියා හැටියට ඔහුට සමු ගන්න තිබුනා.. ඒත් ඔහු විසින්ම ඒ තැන නැති කරගත්තා...

    චෞර රැජිණ අතුලු හොර නඩයේ බහුතරයක් විශ්වාස කරන්න බැරි වුනත් විශ්වාස කරන්න පුළුවන් කිහිප දෙනෙක් ඉන්න නිසා අපි බලන් ඉඳිමු.

    අවසාන වශයෙන් රටේ නායකයව තෝරා ගැනීමේ බලය සිංහලයගෙ විතරක් බූදලයක් වෙනවට වැඩිය මෙහෙම පොදු වෙන එක හොඳයි. එතකොට ඉදිරියට එන පාලකයෝ හැමෝ ගැනම හිතයි.. චන්ද ගන්න ජාතිවාදය අවුලන්නැතුව.. ඒකම, රටේ එකම වූ ජාතියක් හදයි කියලා මට හිතෙනවා...

    මෙතන රට හැර යන්න හේතුවක් මටනම් පේන්නෑ.. මට හිතුනේ මාරේ ඒක හේතුවක් කරගෙන කියලයි.

    උඹටත්, ඒ මහා නායකයටත් ජයම පතනවා !!

    ReplyDelete
    Replies
    1. සෙන්න ඒ කැද හැලිය දැක්කම තේරෙන්නෙ නැද්ද ඔය කියන රෙද්දවල් එකක් වත් ඒ විදියට වෙන්නෙ නැ කියල

      Delete
  8. මාරේ..උඹ කියන දේවල් සමඟ 100% එකඟයි..අද මේ කල වෙනසට වෙනසට පොර කෑ උන්ම සාප කරනා දවසක් අනිවාර්යෙන්ම එනවා! අන්න එදාට සමහරවිට උඹටයි මටයි හිනාවෙන්න සිද්දවෙයිද අඬන්න සිද්දවෙයිද දන්නේ නෑ..හැබැයි ඔන්න උඹලගේ පාදඩ වෙනස කලා..උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිපලේ එනකොට සමහරුන්ට තේරුණා..තව සමහරු දැන් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ ඉන්නවා..කමක් නෑ ඔහොම යං ඔහොම යං...අපිට දැන් තියෙනවා ප්‍රශ්න කිරීමේ වාරය...පොරොන්දු ඉටුවෙනද බලන වාරය...බලමු බලමු...

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑම කොච්චර මඩක් ගියාද? ඩී එස් එකේ මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යාංශයට ගත්තායි කිව්වා..හමුදා පාලනයක් එනවා කිව්වා...යන්නේ නෑ කිව්වා..මහින්ද මහත්තයා නියම ජෙන්ට්ල්මන් වගේ පිටත් වුණාට පස්සෙත් තාම ගියේ නෑ, මූ බලෙන් ඉන්න හදනවා කිව්වා...කමක් නෑ ඒ ඔක්කොම බොරු බව අද ඔහුම ඔප්පු කලා..කෙලෙහිගුණ කෙසේ වෙතත් ඔලමොට්ටල බව මහ ජාතිය හොඳට පෙන්නුවා..

      Delete
    2. ජෙන්ටල්මෑන් ගිය හැටි දන්නෝ දනිති....

      Delete
    3. ඔව් මාතලන් නේ ඒක වීඩියෝ කලේ

      Delete
    4. MR කකුස්සියට ගියත් සින්හල බොග් අවකාසේ උන්දැලා බඩ බුරු කරලාද ගියේ නැතිනම් බඩ වේලලාද ගියේ කියා සුවර් පිට කීමට දනී.

      මම තුමාට මාතලං ගේ සරුලොක් හෝම්ස් ක්‍රියා ගැන ආඩම්බරය!

      Delete
    5. බ්ලොග් (මන්දද මන්දා) බුද්ධි අංශ තම යුතුකම් වගකීම නිසියාකරව ඉටුකර ඇත!
      සන්තෝෂයි! ආඩම්බරයි! :D :D

      Delete
  9. 1960 දශකයේ අග භාගයේ සිට ලංකාවේ මැතිවරණ ක්‍රියාදාමය අත්විඳ ඇත්තෙමි. මෛත්‍රී ගේ ජයග්‍රහණය මහා අමුතු විප්ලවයක් ලෙස නොසලකමි. ලංකාවේ මිනිස්සු හිතන ආකාරය අවබෝධ කරගැනීම, අතිශයින් දුෂ්කර කටයුත්තකි. ගේම් කියා කිවයුත්තේ, අන්න ඒ දේවල් අවබෝධ කරගැනීමටය. මධ්‍යස්ථව සිතීමේ හැකියාව වැඩි දියුණු කරගත් තරමට, පීඩනය අඩුවේ. මම මධ්‍යස්ථව සිතා පක්ෂ වෙනස් කරමින් ඡන්දය දෙන්නට ඉගෙන ගත්තේ, මට මගේ පළමු රැකියාව ලැබුණු, ජේ.ආර්. පාලන සමයේදීය. එතැන් සිට දුන් ඡන්ද මහින්දටත් දුන්නෙමි. නමුත් මහින්දටත්, අර ජනතා සිත් කියවන ගේම් එක බැරි නිසා, මෛත්‍රීට දුනිමි. මෛත්‍රීටත් බැරිනම්?.............................. ඒක තමා ලංකාවේ මිනිස්සු හිතන විදිහ.

    ReplyDelete
  10. මාරයියා කමෙන්ට් නොකර යන්න හිත දුන්නේ නෑ. මට නම් ඔය මෙත් වඩන අයට එදා සිට කටට ආපු දේ තමා ලංකාවේ මිනිස්සු ආයෙමත් ඉඟුරු දීලා මිරිස් නෙමෙයි නයි මිරිස් ගත්තා කියයිද කියලා........
    මේ අපිට කෝකත් එකයි........

    අරකිව්වත් වගේ ලංකාවේ මිනිස්සුන්ගේ වැඩේ බෙල්ලේ අමාරුවට කොට්ටෙ මාරු කරන එක නෙව......

    ReplyDelete
  11. ඉක්මණටම කට්ටියට ඇත්ත තේරෙයි
    ඒත් මට බය එදාට පරක්කු් වැඩි වෙයි කියල
    ඕව ගැන කියල වැඩක් නෑ
    ඒත් මාරෙ කියපු හැම දෙයක් එක්කම මං බොක්කෙන්ම එකගයි
    මං මරා වාදියෙක් නොවෙන්න පුලුවන්
    ඒත් සිරාට චන්දෙ නොදුන්න එකෙක් විදියට මට පණ ඇතිව කොන්ද කෙලිං තියං කියන්න පුලුවං කට්ටියට ඉක්මණටම හරි මොකද්ද වැරැද්ද මොකද්ද තේරෙයි කියල

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මහේෂ් +++++++++++++++++
      ඔයා එල කොල්ලෙක් නේ!

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  12. තවත් දෙයක් ඇත
    පැත්ත ගියත් ඒක කියන්න ඕ නෑය
    මාරෙ පැත්තකින් කියා ඇති පරිදි සිංහලයාගේ ඇති බෙදීම් නැති කර ගත නොගතහොත් වෙන්නේ කොහේ හෝ නරකාදියක ජීවත් වෙන්නටය....
    නැත්තං තම්බින්ට නියවගෙන ඉන්නටය

    ReplyDelete
  13. මාෙර පුදුමාකාර දුකක් අැති වුණා. ඒ්ත් ඔබ මහා අාත්මාර්ථ කාමිෙයක්

    ReplyDelete
  14. කෙසේ වෙතත් මේ මැතිවරණ ප්‍රතිඵලය අපට පැහැදිලි පණිවිඩයක් දී ඇත.. ඒ.. තව දුරටත් මේ රටේ පාලනය හිමි වන්නේ මහජාතියේ උවමනාවටත් වඩා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇති අයට බවයි... උතුරින් නැගෙනහිරින් බලය ලබා ගැනිමට සමත් වන අයකුට මිස.. දකුනෙන් බහුතර බලය ලැබෙනා අයකුට පාලනයට ඒම තව දුරටත් මෙරට තුල අවස්තාවක් නැත... දකුණේ ඡන්දයෙන් දිනනා කෙනාට උතුරේ ඡන්දයෙන් ජයගත නොහැකි නම් ඔහු පරාජිතයෙකි.. මේ සිංහලයාගේ විපතේ ඇරඹුමයි.. 2015 වර්ෂය ඉතිහාස ගත වන වර්ෂයක් බවට පත් වේ...

    උඹ කියන කථාව සහතික ඇත්ත, සිංහල ජාතිය ගැන මහ දුකක්, ආත්ම අනුකම්පාවක් ඇතිවෙනවා. හැමට සෙවන දෙන මහා වනස්පතියෙක් නැති උනා, අපිට ආත්මාභිමානයක් ඇති කළ තාත්ත කෙනෙක් නැති උනා වගේ දැනෙනවා. මතක් වෙනවා රනිල් ගේ කාලේ රට ෆෙඩරල් කරන්න කරපු දේවල්, නත්තල් වලට කොළඹ සරසපු හැටි ... ලක් අම්මේ අද තමයි අපේ කලකන්නිම දවස ...

    ReplyDelete
    Replies
    1. @ chinthaka.//උඹ කියන කථාව සහතික ඇත්ත, සිංහල ජාතිය ගැන මහ දුකක්, ආත්ම අනුකම්පාවක් ඇතිවෙනවා. හැමට සෙවන දෙන මහා වනස්පතියෙක් නැති උනා, අපිට ආත්මාභිමානයක් ඇති කළ තාත්ත කෙනෙක් නැති උනා වගේ දැනෙනවා. මතක් වෙනවා රනිල් ගේ කාලේ රට ෆෙඩරල් කරන්න කරපු දේවල්, නත්තල් වලට කොළඹ සරසපු හැටි ... ලක් අම්මේ අද තමයි අපේ කලකන්නිම දවස ...//

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  15. මාරයා,

    ලස්සනට ලියල තියෙනවා. ඒත් ඔබ කියන සියල්ලටම 100% ක් එකඟ වන්න නම් අමාරුයි.මොන තරම් අමාරුකම් වලට් මුහුණ දුන්නත් මෙරට දාලා එනවා කියල නම් හිතන්න එපා. නොරට සිටීමේ අමිහිරි අත්දැකීම ලබා ගෙනම ඒක තහවුරු කරගන්න උවමනාවක් නැහැනෙ.
    මහින්දත් තම අඩුපාඩුකම් ගැන ස්වයං විවේචනයක් කර ගන්නවා නම් ඒකට මේ ලැබුනෙ හොඳ අවස්ථාවක්.
    අපි ඉවසිල්ලේ බලා හිඳිමු . හොඳ දෙයක් කරනවා නම් ඒකට පැනලා උදව් කරමු.නරක දෙයක් කරන්න උත්සාහ කරනවා නම් දැඩිසේ විරුද්ධ වෙමු.

    සමරසේකර

    ReplyDelete
  16. අප අපට හැකි පමණින් අපගේ මතය වෙනුවෙන් පෙනී සිටියෙමු, ජනතාව එය පරාජය කොට ඇත. අපද බහුතර මතයට හිස නමමු. පොරොන්දු වූ පරිදි යහ පාලනය උදා වන තෙක් කාලයට ඉඩ දී බලා සිටිමු.

    ReplyDelete
  17. මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

    ReplyDelete
  18. පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැඟිටින්නේ.......

    මහින්ද, සිරිසේන, සහ සැමට මෙය සත්‍යයක් හොඳින් නොහිටිය හොත්.....

    ReplyDelete
  19. //තව දුරටත් මේ රටේ පාලනය හිමි වන්නේ මහජාතියේ උවමනාවටත් වඩා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇති අයට බවයි... උතුරින් නැගෙනහිරින් බලය ලබා ගැනිමට සමත් වන අයකුට මිස.. දකුනෙන් බහුතර බලය ලැබෙනා අයකුට පාලනයට ඒම තව දුරටත් මෙරට තුල අවස්තාවක් නැත... දකුණේ ඡන්දයෙන් දිනනා කෙනාට උතුරේ ඡන්දයෙන් ජයගත නොහැකි නම් ඔහු පරාජිතයෙකි.. මේ සිංහලයාගේ විපතේ ඇරඹුමයි..//

    මේ කතාව 100% නිවැරදි නැත. මයිත්‍රී දිනුවේ දෙමළ මුස්ලිම් බහුතර ඡන්ද වලින් පමණක් නොවේ. දිස්ත්‍රික් මට්ටමින් ජය නොලැබුනාට දකුණේද සෑහෙන පිරිසක් මයිත්‍රී දෙසට හැරී ඇත. එසේ නොවුනි නම් තවමත් දිනන්නේ මහින්දය. ඉතින් සින්හලුන්ටත් මහින්ද එපා වී ඇති බවක් පෙනේ. වග කිව යුත්තෝ ඔහු සහ ඔහු වටා සිටි පිරිසය. එමෙන්ම මයිත්රිටත් දිනුවා කියා ඉදිරිය ලේසි නැත. ඒ, හදවතින් නොව බුද්ධියෙන් ඡන්දය දෙන ලාංකිකයින් පිරිසක්ද ලංකාවේ සිටින බව ඔප්පු වී ඇති බැවිනි..

    ReplyDelete
    Replies
    1. +1 සයුරි.

      මහින්ද කළ වැරදිම කල‍ොත් මෛත්‍රිටත් අබ සරණය.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  20. මාරයාත් මෝඩ ආතල් කතාවක් ලියලා නෙ. සිංහල ලේත් උණු වෙලා. මහින්ද බලේ ඉන්න කාලේ ඇඟේ දිව්වෙ සිංහල ලේ ද? ඒ වගේ සිංහල ජාතිය මුලා කරලා, පාවා දීල, විනාශ කරල ගිය ගවනර් කෙනෙක් ගැන දුක්වීම තුල සැබෑ ජාතිය පැහැදිලි ව පේනවා. මාරයා වගෙ ඇස් කන් නොපෙනෙන නොඇසෙන බහුතරයට මහින්ද හොඳ වීම අරුමයක් නොවෙයි. රට යන්න. පුළුවන් නම් හැත්ත බුරුත්තම එක්ක ගෙන යන්න. හැකිනම් රාජපක්ෂ කියන නම තියෙන හැම එකා ම එහාට එක්කගෙන යන්න. ඔය කාගෙත් සිංහලකම රෙද්ද පල්ලෙන් බේරෙනවා.

    පහු ගිය වසර 2600 තුලම, හිඟමනේ ඇවිල්ල සිංහල වෙස් ගත් හින්දු ශුද්‍රයන්ගෙන් රට බේරා ගත්තෙ පරයන්ගෙ පිහිටෙන්. එසේ නොවෙන්නට අද සිංහල කියලා නමටවත් ජාතියක් නැහැ. සිංහල කියාගෙන ඉංග්‍රීසි ගවනර්ලා එක්ක වැජඹෙන නඩේ තමයි සිංහල උන්ගෙ පරම හතුරන්. උන්ට කෙළවුනා. මෛත්‍රී කියන්නෙ බොහොම සුළු වෙනසක් කල හැකි චරිතයක්. බොරුවට සිංහල ජාතිය ගැන කිඹුල් කඳුලු හෙලන උන්දලා රට යන කොට කොච්චර හොඳ ද? මම නම් වසර 24කට පසු ආපහු එන්න ලෑස්ති වෙනවා. අපි නොදන්න රාජපක්ෂලා!!!

    ReplyDelete
    Replies
    1. මාරේ විජේදාස රාජපක්ෂ මහත්තයවත් එක්කන් පලයන් ඔය සෙට් එකත් එක්කම.

      Delete
  21. මාරේ ලොක්ක අපිව බුකියේ බ්ලොක් කරල නිසා තමයි මෙහෙ ආවේ බලල යන්ට . හොඳයි එහෙනම් යන රටක හොඳින් හිටහන් කියල තමයි කියන්න තියෙන්නේ . ලොක්කා ශේප් එකේ ගිය එකට මාත් ආචාරයක් දැම්මා මුලින් , එත් වුනේ මොකක්ද කියලා ඇත්ත හෙලිවෙනකොට ජෙන්ටා කම රෙද්ද පල්ලෙන් බේරෙනව හිටන් !

    ReplyDelete
  22. මහින්දගේ පරාජයට හේතුව මහින්දමයි.බලය ඉදිරියේ හැසිරුනේ උන්මන්තකයෙක් විදියට.මහින්ද මේ වතාවේ පැරදුනේ දෙමළ ජන්ද වලින් නම් 2005 දිනන්න හේතු වුනෙත් දෙමළ ජන්ද මැතිවරණය වර්ජනය කිරීම නොවේද?

    ReplyDelete
  23. MR ගේ පරාජය උදෙසා පොද්දාගේ සයිඩ් එකෙන් ඩොලර් අරං කුලියට සින්හල බොග් සහ කටකතා ලියූ උන්දැලා තව මාසයක් පමන ගියාම පොද්දාට විරුද්දව කටකතා ලිවීම අරඹන බව ස ර ස තුමාට විස්වාසය.

    ඒ කුමන හේතුවකටද යත්, පොද්දාගේ ආන්ඩුව බිඳ දමා නවත MR ගේ ආන්ඩුවක් පත් කර ගත්තොත් පොද්දාට බැක් කල කස්ටිය නැවත කටකතා බලකාය සොයාගෙනවිත් MR පරාද කිරීමට අලුත් කොන්තරාත්තුවක් දෙන බැවිනි...

    රට වගේද මල්ලි සල්ලි???

    ReplyDelete
    Replies
    1. සරස ++++++++++
      ආයෙත් අහලා බල්ලෝ මරලා හරි සල්ලි!! :D :D

      Delete
    2. තනි තරුව: ෂ්ශ්ශ්....
      සින්හල බොග් අවකාසෙ සහ මූනු පොතේ පොද්දට කඩේ ගිහින් කටකතා ලිව්වේ බල්ලො තමා.... උන්ව මරල කොහොමද?

      බල්ලන්ට කේන්ති යාවි!

      Delete
    3. ස්ස්ස්ස්....
      එහෙමද? සමාවෙන්න ඕනි ඈ..
      මම බල්ලෝ මරනවට නම් විරුද්ධයි හැබැයි කකුල් 4ක් තියෙන්න ඕන ඔන්න :D

      Delete
  24. My3 පාලනය සඳහා සින්හල බොග් අවකාසේ කඩු පයිට් කල මාතලං ගේ අසාදු ලේකනයේ කලා ක්ශේශ්ත්‍රයේ ඉහලින් ම සිටි සෝමරත්න බාලසූරියට රූපවාහිනි සබාපතිකම ලැබිලාය. අපට දුක රොප්පවාහිනිය ගැන නොවේ.. මාතලං ගැනය!

    ප.ලි: සෝමරත්න මාමේ... බර් සෝප් එකක් එවන්න... මාතලං ගොය්යා ප්‍රසිද්ද නාන ලිඳේ නානවෝ

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා.ටිකක් ඉවසා බලා ඉන්න. මාතලන් මහතාට ඉදිරියේදී වැදගත් රාජකාරියක් පවරේවි.මේ මලඉලව් සිංහල භාෂාවේ ජාතික වාදය කියලා එකක් තියෙනවානෙ. ඒක කපලම දාන එක තමයි එතුමාගේ නව රාජකාරී තනතුර වෙන්නෙ.එකේ මුලික අඩිතාලම දැනටම එතුමා දැනටම දාල තිබුනත් ඒක නිලවශයෙන් කරන්න ඕනැනේ. ඒකට ජාතික ඒකාබද්ධතා අමාත්යංශය සුමන්දිර්න් මහතාට දෙනකල් කල් ඉවසන්න එපැයි. අනෙක පාර්ලිමේන්තුව අප්‍රේල් මස විසුරුවන්න එපැයි . ඉදිරියට එතකොට නව මැතිවරණයක් පවත් වන්න හරි ලාම්පු කල ගෙඩි සෙල්ලම හරි කරන්න තියෙනවානෙ.

      Delete
    2. එකදාස් නවසිය විසිතුනේ ගංවතුරටත් කලින් කවුදෝ හාදයෙක් ආවනේ ඔය ජාතිකවාදය නැති කරන්න....
      ඌට බැරි උන එකේ මාතලං ගොය්යියටාවත්, තුන්මන්සල නාලකටවත් එතුමන්ලාගේ සහචරයන්ටවත් පුලුවන් වේවිද එච්චර දෙයක් කරන්න?

      Delete
  25. මල්ලි ඔයාගේ අදහස පිළිබද ලියනලද මගේ පිළිතුර ඉතා දීර්ගවිය අවසනයෙදී මට බ්ලොග් අඩවියක් ඇරබීමට සිදුවිය
    මෙය මාවිසින් ලියනලද ප්‍රථම බ්ලොග් අඩවියයි! මෙයට මරය ට ප්‍රණාමය පලකරමි
    http://lankasithuwili.blogspot.com/2015/01/blog-post.html

    Thilina

    ReplyDelete
  26. සුභ ගමන් මාරයා!
    මාරයා මුලින් කිව්ව විදියට මෛත්‍රී ආවොත් ඉන්න හිටින්න බැරි වෙන්න ගුටිකන්න වෙනව කියපු කතාව නං මේ වෙද්දි බොරුවෙලා තියනව. කොහොම උනත් රටයන්න ලැබීම ගැන සතුටුයි.

    ReplyDelete
  27. මහින්ද ආයෙමත් එනවා හෝ එන්න සූදානම් වෙනවා යනු මේ රටේ ජාතිවාදය ඇවිස්සවීමකි. එය කරනුයේද මහින්ද මහතාමය. මා ඔහුට ඡන්දය නොදීමට එක හේතුවක් එය. අනෙක් කාරණය වංචා සහ දූෂණයි. නමුත් ඔහුට ඡන්දය නොදී සිටීමට බලපෑ කරුණු රාශියක් ඇත.
    ඔබට සුභ වසරක්, සුභ ගමන්..!

    ReplyDelete
  28. මාරයා ...................

    උඹ මුලින් ම කියපු දේ නම් වැරදියි කියලා දැන් උඹත් දන්නවා නොවැ... හමුදාපති පොලිස්පති ගෙනැල්ලා කරපු හරිය දැන් දන්නවා නොවැ.... පොලිස්පති මැකෝ කෙලින් හිටි හන්දා වැඩේ ගැස්සුනා කියලා අහගත්තා නේද?????/

    ඒත් ඔබ අන්තිමට කියපු දේවල් නම් පිළිගන්නවා..... දැන් නිදහස් රටක් තියෙනවා.... මෙෙත්‍රී ජනාධිපතිතුමාට කරගෙන යන්න තමයි තියෙන්නේ.... හැබැයි ඔබ හිතන තරම් හිටපු රජතුමා බබෙක් නෙමෙයි කියලා ඔබත් දන්නවා මමත් දන්නවා.........

    ReplyDelete
  29. මාරයා, කොහේ ගියත් බ්ලොග් එකට එන එක නවත්තන්න එපා. ඩොලර් කාක්කන්ට ඒව කන්න දීලා සුපුරුදු විදියට ඔයාගෙ ජීවිත තොරතුරු, හිතෙන දේවල් අපිට ලියන්න. ඔයාගෙ බ්ලොග් එක කියවලා, ඔබේ අවංක සහ සත්‍යවාදී බව තෙරුම් ගත් ඔබ නොහිතන තරම් හිතවතුන් පිරිසක් ඔබට ඉන්නවා.

    මේ රටේ ලක්ශ 58 ක ජනතාවට( සක්කිලි බ්ලොග් එකකට අනුව ,ඒ ලක්ශ 58 ලේ මාපිල්ලු.අනිත් අය සාමකාමී පරෙවියෝ.හැබැයි කන්නෙ ඩොලර්}හඬක් නැති වෙලා ඉන්නෙ.ඒ කවුරුවත් අද මේ අමුතු මෛත්‍රියෙන් ගිනි කන වැටිලා නැහැ.

    අපි අපේ එදිනෙදා වැඩ කරගෙන යමු.මාරයාගෙ බ්ලොග් එකත් ඒකට අපිට අවශ්‍යයි.

    ReplyDelete
  30. මග අරුණ පෝස්ට් එකක්.
    ජන්ද ප්‍රථිපල එන්නත් කලින් ලොක්කා මාරු වෙච්ච එක ගැන නම් මට මළ පැන්නා.
    ඒත් එහෙම නොකළානම් ගැටුම් වැඩි වෙන්නත් ඉඩ තිබුනා කියල දැන් හිතෙනවා.
    ඒ වගේම හමුදාව පොලිසිය යොදලා රටේ බලය බලෙන් ගන්න හැදුවා කියල මාතලන් ඇතුළු කොටස මඩ ගහමින් ඉටු කරන ඔවුන්ගේ රාජකාරිය තවත් එක මඩක් පමණක් බව මගේ විශ්වාසයයි.

    මේ වනවිට ජන්ද ප්‍රථිපල සෑහෙන්න ලැබිල තියෙනවා කියන එකත් දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ.
    මිනි මැරීම, ගිනි තැබීම් ඇතුළු දේපොළ විනාශකිරීම්...
    ඒ වගේම එක එක ව්‍යාපෘති වල සෘජු හා වක්‍රව සේවය කල මහින්දට පමණක් නොව මෛත්‍රී ටද ජන්දය දුන් මිනිසුන් දහස් ගණනකට මේ වෙද්දී රස්සා නැතිවෙලා.

    උඹල අපි යම් මට්ටමකින් හරි හඬක් නැගුවේ සල්ලි වලට නෙමෙයි. රට ගැන හිතලා.
    ඒ වගේම දැන් මහින්ද මහත්තයට ජන්දේ දීපු පිරිසටයි, දැන් විපක්ෂය විදිහට ඉන්න කොටසටයි හඬක් නැහැ.
    හරිහැටි ටීවී චැනල් එකක්, පත්තරයක්වත් නැහැ.
    ඒ නිසා උඹල අපි වගේ මිනිස්සුන්ගේ හඬත් වටිනවා.
    උඹ මේවා ගැන හිතල බ්ලොග් එක වහන්න එපා.
    දිගටම ලියපං...

    ReplyDelete
    Replies
    1. දැන් වෙනස ඉල්ලුව කට්ටියම දුක් වෙනවනේ..යහපාලනේ තරම ඔය අගේට ආරංචිවෙන්නේ..රස්සාවල් නැතිකරලා මිනී මැරුම් පහරදීම් ගිනිතැබීම් කරලා ඇත්තේ වියදම අඩුකරන්ට වෙන්ටෑ! :D

      Delete
  31. මට පේන්නෙ ලියන මාරයාට වඩා නොලියන මාරයා ප්‍රභලයි වගේ. ;-) පොස්ට් එකක් දාල මාරායා ගිහින්. ඒත් කමෙන්ට්ස් එනවානේ යහපාලනේ ටත් වඩා වේගෙකින්.

    මෙන්න මගෙන් යහපාලනේට ආසිරි මල් මිටක්!

    නරින් ඇවිත් හූ කියනා මහ රෑට
    හොරුන් අටුව බින්දයි කියමුද කාට?
    හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
    දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

    ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
    කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
    ''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
    යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

    ගයාත්‍රි

    ReplyDelete
  32. යහ පාලන බබා තාමත් නිදි යහනේ
    ජහ මනයා සොබාවික ෆැන්ටසි හීනේ
    සහ පිරිවර සමග ලණු සුප් හැදු නෝනේ,
    වහ වීලා වගෙයි බිව් හට ඒ පානේ.

    මහ අවුලක් වගේ මට පෙනෙනා මේක
    පහදා අහගන්න කෙනෙකුත් නැති සේක.
    වහ වූ ශ්‍රී.ල.නි. ප යලි රහ වූ සේක
    මහ ලේකම් තුමා අපගෙම වූ සේක

    මීයෙන් කැඩූ, අත ලෝනත් මදිය කියයි
    ඊයෙන් ගෙනා හොරු ටික අද සුපිරිසුදුයි
    රීයෙන් ගලේ, යහ පාලන ටිකිරි ළමයි
    සීයෙන් කොරන එක ඇහුවත් අපට බනියි

    ReplyDelete
  33. චන්ද්‍රිකා-රනිල්-මෛත‍්‍රී-හෙළ උරුමය ආදී බල කේනද්‍ර කිහිපයක් මත ක‍්‍රියාත්මක වීම නිසා නව ආණ්ඩුවේ මධු සමය ඉතා ඉක්මනින් අවසන් වීමට නියමිත යයි ජ්‍යෙෂ්ට කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

    ‘මේ ආණ්ඩුවට මධ්‍ය ලක්‍ෂයක් නෑ. හැබැයි ලක්‍ෂ තුනක් වටා කැරකෙනවා. හෙලඋරුමය, රනිල්, මෛත‍්‍රී-චන්ද්‍රිකා තමයි ඒ. මේ එකිනෙකාගේ අපේක්‍ෂාවන් වෙනස් නිසා වැඩි දුරක් යන්න බෑ.

    ඔය කියන ජාතික ආණ්ඩුව ගැනත් ලොකු අපේක්‍ෂාවක් ඇති කරගන්න බෑ. මේ ආණ්ඩුවේ මධු සමය ඉක්මනින් අවසන් වීමට නියමිතයි. ප්‍රශ්ණය හිතනවාට වඩා බරපතලයි.
    දින සියයේ වැඩපිලිවෙල හොඳයි චුයිංගම් එකක් වගේ හප හපා ඉන්න’ යයිද ඒ මහතා සඳහන් කරයි.

    ReplyDelete
  34. amila chathurangaJanuary 24, 2015 at 10:05 PM

    ටෙලිකොන් හි සභාපති ලෙස කුමාරසිංහයානෝ පත් කිරීම ගැන මගේ මත රාජයා...

    සුදුසුකම් කිරා බලන්නේ නම්....
    ගෝඨාභයට ආරක්ෂක ලේකම් වීමටත්...
    නාමල්ට මන්ත්‍රී වරයෙක් වීමටත්...
    ෂශීන්ද්‍රට මහ ඇමති වීමටත්....
    බැසිල්ට ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප සංවිධායක වීමටත්...
    චමල් රාජපක්ෂ ට කථානායක වීමටත්...
    ෂමීන්ද්‍ර රාජපක්ෂට ආයතන කිහිපයක අධ්‍යක්ෂවරයෙක් වීමටත්...

    බොහෝ සුදුසුකම් තිබුනි... රාජපක්ෂ සමයේ ටෙලිකොන් හි අධ්‍යක්ෂවරයෙක් වූ ෂමීන්ද්‍ර රාජපක්ෂ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් පවා තිබූ අයෙකි.. රාජපක්ෂ නාමයේ අනුහසින් ආයතන වලට පහත් වූ කිහිපදෙනෙක්ට හැර අති බහුතරයකට ඒ තනතුරු වලට අදාල මූලික සුදුසුකම් තිබුනි..

    යහපාලනය යනු ඇලෙව්ව විට එය සුදුසු වෙන හලාල් ලේබල් එක වැනි යමක් නොවේ. මොන සිරිසේන කලත් වැරැද්ද වැරැද්දමය. ටෙලිකොන් ආයතනයේ සියලුම විධායක සහ ඉහල ශ්‍රේණිවල නිලධාරිහු ශ්‍රී ලාංකිකයෝය. සභාපති තුමා යමක් කතාකරන්නට හෝ සේවක අදහස් ගන්නට මීටිමක් තබන අවස්ථාවක් සලකා බලන්න. යම් අත්වැරැද්දකින් සභාපති තුමා වැරදි කාරණාවක් ගෙන හැර දැක්වුවත් ජනාධිපති මලනුවන්ට එරෙහි වීමට කවුරු නම් සමර්ථ වෙත්ද?

    ටෙලිකොන් යනු ජාත්‍යන්තරය හා ගැටෙන නවීන ලෝකයේ නවීනත්වය හා සබැදි ආයතන පද්ධතියකි. එවැනි ආයතනයක මහ තැනට ලී සංස්ථාවක. හාල් මෝල් පද්ධතියක දේශීය හාල් කැල්ලක් පත් කිරීම සාධාරනීකරනය කරන්නට එකවුන්ටන්සි අකුුරු ගානක සුදුසුකම් හෝ උපාධි වලට හැකිද?

    ReplyDelete
  35. අයියණ්ඩි ලියන්නෙම නැතෙයි? අපි බ්ලොග් අටවගත්තෙ මේ බ්ලොග් කියවලා ආපු මෙව්ව එකට.. ආයෙ ලියමු නේද? (සෙනෙහෙබර ඉල්ලීමකි )

    ReplyDelete