19 April 2015

සයිබොර් සිහින අවුරුදු සීන් එක 2015...

ආයේ ඉතිං ඉස්සර වගේ සුකුරුත්තං දාලා ලිවිල්ලක් කොර කොර ඉන්ට හැටියක් නැති හින්දා ඔන්න ඔහේ අමුවටම දඩි බිඩි ගාලා කෙටියෙන්ම ඔබලා අරින්නං...

කෙටියෙන් කිව්වොත් ඉතිං මෙදා පාරත් හදිසියේ නමුත් ගියා සයිබර් වාසීන්ගේ අවුරුදු උස්සවේ බලන්ට කියලා වැල්ලවත්ත කුරේ පිස්ටැනියට...

පොඩිත්තක් විතර වෙනදට වඩා කස්ටිය අඩුවක් දැක්කා උනත් වෙනදා නොදැකපු අළුත් මූණත්තහඩුත් සෑහෙන්න තිබුන හින්දා ලොකු අඩුවක් උනේ නැහැ.. අනික ඉතිං මෙදා පාර ගෑල්ලමයි හෙම ටිකක් වෙන්ට හිටියා නෙව.. එතකොට ඉතිං මොන අඩුවක්ද මං අහන්නේ.. ගිය අය දන්නවා නෙව ඒ ගැන... 
 මං හිතාන ගියේ අටට පටන් ගන්නවා ඇති කියලා උනත් එතැනට ගියාමයි දැන ගත්තේ වැඩේ ඉට්ටාට්කොරන්නේ නවයටය කියලා.. නවයත් පහුඋනාට පස්සේ ඉතිං පටන් ගත්තා.. අවුලක් නැහැ.. ඒක ඉතිං සිරිලාංකික අබිමානේ නෙව... කොහොම හරි වෙනදා වගේම එකා දෙන්නා පස්සෙන් පහු එන්ට තියා ගත්තා... අර පොටෝවක දාලා ඉන්න ඇගපතේ මස් දාලා ආව ෂර්ට් නැතිව කඹ අඳින මල්ලිත් මං හිතන්නේ සංවිධායක බුවෙක්.. ඌ ආවේ දවල් දොලහට විතර... ඉතිං කොහොමද වෙලාවට අවුරුදු උත්සවයක් පටන් ගන්නේ... ඒකා වගේ උන් සංවිධායක මණ්ඩලේ ඉද්දි අනිත් උන් මේවා ඇදං යන එකම මදෑ මං අහන්නේ... උගෙන් මං පමාවට කාරණාව ඇහුවම ඔය ගෝරිල්ලා ගත් කටටම කිව්වේ “අපිටත් ඉතිං දවල් වෙනකල් නින්ද යනවනේ අයියේ“ කියලා... ආයේ ඉතිං එයින් එහාට මොන කතාද..? ඒත් ඉතිං දන්න කියන විදියට ඔය යෝධයගේ වෙන්න බාරියාවගෙන් ටික දවසකට මිදිලා කොලුවා නිදහසේ ඉන්න දවස් ටිකක් හින්දා කනක් ඇහැලි ෆොන් එකේ කරදරෙන් මිදිලා ඉන්න දවස් කීපය හරි ඕකා නිදා ගත්ත එකත් එකාතකින් ලොකු දෙයක්නේ කියලා මං හිත හදාගත්තා... :D
 වෙනදට වඩා ටිකක් විතර ඉස්පීඩ් එකේ තරග ටික ගියා... ඒක ලොකු දෙයක්.. නැත්තං අනවස්ස වැඩටයි කතා බහටයි ගිහින් ඇදලා ඇදලා වැල් කරලා අවසානෙදි රෑ හත අට වෙනකල් තරග තිබ්බම බොහෝම කරදරයි.. පිට්ටනියේ පහට පුට්බෝල් මැච් එකක් තියන හින්දා මොන මගුල උනත් පහට ඉවර කරන්න තිබුන හින්දා හරි ඔහොම ඇදලා දාපු එක හොදයි...
වෙනදා වගේම ඉතිං මුං මාව බඩගින්නේ තිබ්බ වෙලාව වැඩියි... :D කෑ කොස්සන් ගැහුවට පස්සේ යන්තං කන්න ලැබුනා.. අවුලක් නැහැ...

මේ පාර ඉතිං කියන්න තරං ලොකු වරදක් නැහැ... කස්ටිය අඩු වීම මේ පාර අවුරුදු උස්සව වල සාමාන්‍ය ගතියක් වගේම අවුරුදු උස්සව අඩුවීමත් සාමාන්‍ය දෙයක් නිසා මේකට විතරක් වෙනදා තරම්ම කට්ටිය නැති එක ඒ හැටි කාරණාවක් නෙවෙයි... ඒවා ඉතිං දේසේ හැටියට බාසේ කාරණා... ඒත් මං හිතන්නේ එකසිය පණාට වඩා ඉන්න ඕන.. හරියට ගැන ගන්න උනේ නැත්තේ බාගෙට බාගයක් හිටියේ වේදිකාවෙන් පසුපස වීම නිසයි... වේදිකාවෙන් පසුපස කිව්වේ කට්ටිය පසුපස ඉදලා හෝ ගාලා වැඩ කියන එකනං නෙවෙයි.. මොනවද ඉතිං පිටිපස්සට වෙලා බෙහෙත් වතුර බිව්වා.. මේ දවස්වල සෑහෙන්න සනීප නැති උන්දලා හිටියේ.. හැබැයි ඉතිං බෙහෙත් බීපූ ලෙඩ්ඩුන්ගෙන් ගිය පාර වගේ අවුලක් මේ පාර උනේ නැහැ... ඒකත් ඉතිං කියන්න එපෑ...
 වෙනදට නැගලා යන ජනගායනා/අවුරුදු කුමාරයා කුමාරි තෝරණ තරඟනං මේ පාර බොහෝම ඇල් මැරුනු ගතියකින් ගියේ.. හේතුව ඕනයා විනිස්චය මණ්ඩලේ නැති වීම කියලා බය නැතිව කියන්ට පුළුවන්.. කොහේද ඌව කුණු අහුලන්ට දාලා නෙව තිබුනේ... කොහොමින් හරි දඩි බිඩියේ තෑගිත් දීලා පහ මාර විතර වෙද්දි වැඩේ සෙත්තපෝච්චි කරන්න කට්ටියට හැකි වීම බොහෝම හොඳයි... මොකද සියඹලාණ්ඩුව වගේ ඈත දුර පළාත්වලිනුත් ආව බ්ලොග් සාමාජිකයින් හිටිය හින්දා ඒ ඒ අයටත් ආපහු තමන්ගේ ගම් රටවල්වලට දිරාමාර් වෙන්න පොඩ්ඩක් හරි පහසු වෙන හින්දා... ඒ වගේ දුරක් ගෙවාගෙන කැපවීමෙන් මේකට ආව අයටත් අපි කවුරුත් ඉස්තූති වන්ත වෙන්ට ඕන... ඒ වගේම අළුත් මූණු අතරේ හිටිය බොහෝමයක් දෙනා වෙනදට වඩා ඇවිල්ලා කතා බස් කරන.. වැඩිය මුළු ගැන්නිලා නොහිට හැම දේටම වගේ සහභාගී වෙන අය වීමත් විසේසයෙන් සදහන් කල යුතුයි... 


ඒ වගේම අද දවල් දොලහා වෙනකල් බුදියන මල්ලි ඇතුළුව මේක මේ අපෙන් බැනුං අහගෙන සංවිධානය කොරන උන්නැහේලා හැමෝටම වගේ ඉස්තූතියි කියන ගමන් මෙදා වංගියේ අවුරුදු උස්සවේ ගැන මගෙන් ලියවෙන වචන  ටික හමාර කොරනවා ඕං.. වැඩි දුර පොටෝ කෑලි හිමිහිට බුකියේ එල්ලඤ්ඤං.. ඒ එල්ලලා කොරලා අහවර වෙලා ඕනනං මෙතැනට ලින්කුවකුත් දාඥ්ඥං...


ආ ලබන ඉරිදද කොහේද අපේ ඔබා අයියාට පිං පිණිස අන්තිම පේළියේ අපේ ඕනයා ඇතුළු පිනට ලැදි උදවිය විසින් පවත්තනු ලබන ලේ දන්දීමේ පින්කමත් තියෙනවා... ඌ මේක දැක්කොත් ඒ සම්බන්ධ වැඩි විස්තර ඔහෙලට දැන ගන්න හැටියක් කියාවි.. මාත් ඒ හැටි විස්තරයක් දන්නේ නැහැ... ඉරිදට ඇහැකි උනොත් තැන කොහේදෑ කියලා හොයා බලලා... දුවලා ගෙහුන් ලේ ඩිංගිත්තක් දීලා ඔබා අයියට පින් පමුනෝලා එනවා මිසක්...

එහෙමනං අපි දැනට නැවතුනා...




මෙන්න ෆේස් බුක් ලින්කුව

සයිබොර් අවුරුද්ද

52 comments:

  1. ඕක හැමදැම මිස් වෙන එකනේ මට. පොටෝ ටිකවත් බලන්න නැති එකයි දුක.
    ලේ දන්දීමටවත් එන්න බැරි හැටි.

    ReplyDelete
    Replies
    1. කල්ප කාලාන්තරයකින් මුලින්ම කමෙන්ට් එකක් දැම්ම.

      Delete
    2. මම නම් හැ පැටිස් එක්ක තලායි

      Delete
    3. මාරයියා
      බුකිය තියා ගන්න.

      ශානු අක්කි
      තරහා වුනේ මොකෑ කියලා පස්සේ වෙලාවක කියන්නකො එහෙනම්.

      Delete
  2. නෙද්දකින් විතරක්. පොටෝ කීයද යකෝ මෙතන තියෙන්නේ? දාපිය ඔක්කොම ගත්ත එව්වා.

    මේ, මඩ පොටෝ එව්වා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔක්කෝම වගේ බුකියේ දාලා තියෙනවා...
      මඩ..??? ෂික්.. අපි ළග ඒ වගේ වැඩ නැහැ.. ඕනනං ඔය දන්න කියන කෙනෙක්ගෙන් අහලා බලන්න...

      Delete
  3. තව පොටෝ ටිකක් දාපංකෝ බං අයියේ...

    ReplyDelete
    Replies
    1. බුකියේ ලින්ක් එකෙන් පලයං බං බඩු තියේ...

      Delete
  4. හම්මේ ඉතිම් නේ....
    ඒක නෙවී මාරෙ අය්ය මේ පාර අලියට ඇහැ තියන තරගෙ ටිකක් මොඩර්න් කරල වගේ නේහ්...
    නෑ ඉතිං අලියගෙ පස්චාත් බාගෙ නොව ලොකුවටම තිබ්බෙ හිහි

    ඒ මදිවය බේබි සිටර් තරගෙකුත් තිබ්ල වගේ හිහි (ඩොට් දෙකයි පී එකයි )

    ReplyDelete
    Replies
    1. අලියා ඇන්ද එකා මොකා උනත් හොද හැකියාවක් තියෙන අලි පස්සක් තියෙන එකෙක් වෙන්ට ඕන.. ඒ තරං අපූරුයි ඒකා... තමුන්ගේ සහෝදරයාව ඇන්දැහේ ඇදලා තිවුනා... :D

      Delete
  5. දවල් දොලහා වෙනකල් බුදියන මල්ලි ඇතුළුව මේක මේ අපෙන් බැනුං අහගෙන සංවිධානය කොරන උන්නැහේලා හැමෝටම වගේ ඉස්තූතියි..!!!

    ඒ වගේම වේලෙන්නත් කලින් මේක දාපු මාරයටත් ස්තූතියි!

    ReplyDelete
  6. උදේම ගොඩ උනේ උඹේ විචාරේ බලාගෙන... බෙහෙත් තිබුනා නම් ඉතින් ඒ ඇර වෙන මක්කයි බං ඕනා..

    උඹ කිව්වා වගේ අවුරුදු උත්සව වල අඩු බවකුත්, ඒවයේ ඇල් මැරුණ බවකුත් තිබුනා.. මම හිතන්නේ මිනිස්සු ඊට වඩා තරඟ දැකලා එපා වෙලා නිසාද කොහෙද...

    ReplyDelete
    Replies
    1. මේ පාර ඔය ඇල්මැරුන සීන් එක හැමතැනම ඔහොමයි... ගිය අවුරුද්දේ මේ අහල පහල තිබුන අවුරුදු උත්සව හතරෙන් මේ පාර තිබුනෙත් එකයි.. ඒකත් මලා වගේ ඔහේ තියෙන්නං වාලේ තිබුනා...

      බෙහෙත්නං ඉතිං ඕසෙට... ලෙඩ්ඩු එයිට එහා... :D

      Delete
  7. මාත් ගිහින් කස්ටියට හායි බායි කියලා ආවා. මේ පාරත් මාරයියට හායි කියන්ට උනේ නෑල්ලු. :(

    සංවිධායක මඩුල්ලට පින් ඈ!

    ReplyDelete
    Replies
    1. මං ඒ උනාට බොලා අර සංගීත තොප්පි තරගයේ බොලේ වගේ පෙරලි පෙරලි නටන ඒවා ටික පොටෝ අල්ලලා අන්න දාලා ඇති බුකියේ...

      Delete
    2. තැන්කූ හලේ.... ගියපාර දැක්කෙ ඇනෝලා වරෙව් කිය කියා කොට්ට පොර ගහන්ඩ මාරයියා උඩ නැගගෙන ඉන්නකොට. මේ පාර දැක්කෙ කැමරාවකට යටවෙලා සංගීත තොප්පි මැද්දෙ එහෙ මෙහෙ දුවනකොට. බලමු ලබන පාරවත් අල්ලගන්න.

      Delete
  8. ෆොටෝ ලස්සනයි.... කවදා හරි අපිත් ඒනවා අවුරුදු උත්සවයක් හොල්ලලා යන්න හරිද?????

    ReplyDelete
    Replies
    1. මේක හොල්ලන්නනං එහෙමට ලේසි නැහැ... ඒ තරං පතරංග සයිස් උන්දලා ඉන්නේ... :D

      Delete
  9. මාරයාගේ හෝරාව ගිය අවුරුද්දේ ඉඳල කියවනව උනත් කොමෙන්ටෙකක් දාන්නේ අදය.. ඊයේ මාරයාව මූණට මූණ හම්බුනත් වචනයක් දෙකක් කතා කරන්න බැරි උනේ උදේ වරුවම මාරයා කැමරාවත් එක්ක ෆුල් බිසී උන නිසාත් හවස් වරුව අපිට වෙන වැඩකට බිසී වෙන්න උනු නිසාත්ය.. මේ ගැන යම් පෝස්ටුවක් ලියන්න හිතා උන්නත් මගේ ටාගට් ගෲප් එක මගේ බ්ලොග් අටමගල කියවන්නේ නැති නිසා මට හිතුන දේ සටහන් කිරීමට මෙතන හොඳයැයි සිතුනි.

    සයිබර් සිහිනය මටනම් සිහිනයක් දැක්කා හා සමානවට වඩා ඇඟට දැණුනේ නැත. අවුරුදු උළෙල පටන් ගත් අවස්ථාවේ සිට නිවේදක කථිකයින් දෙදෙනා ඇමතුවේ මුළු ප්‍රේක්ශක සමූහයටම නොව පහුගිය බක්මහ උළෙලවලදී ඔවුන් අඳුනාගෙන සිටි කිහිපදෙනාට පමණි. හිටපු ගමන් නින්දෙන් අවදිවී මෙන් අළුත් මුහුණු අඳුනා ගතයුතුයැයි කියූවද ඒ සඳහා අවස්ථාවක් නොවීය. තරඟ පටං ගත්තේ උළෙලේ උද්වේගකරම අංගයක් විය යුතු වූ හා හොඳින් වෝමප් වී සිටින වෙලාවක තැබිය යුතු වූ කාන්තා හා පිරිමි කෙටි දුර දාවනයෙනි. එතැන් සිට එන්න එන්නම ක්‍රීඩාවල හා උත්සවයේ ජවය අඩු උනා මිස වැඩි උනේ නැත. ආපු ආපු උන් තම තමන් දන්න අඳුනන උන් එක්ක කණ්ඩායම් වශයෙන් ගොනුවී සිටියා මිස ඒ කණ්ඩායම් අතර සුහදතාවයක් දක්නට නොලැබිනි. මා බලහත්කාරයෙන් මෙන් ගොස් තනිවී සිටි කිහිප දෙනෙකු හා කතා කොට ප්ලග් වීමට උත්සාහ කරත් උනුත් එතරම් ඇඟෑලුම් කමක් නොදැක්වූ නිසා ම සමඟ සිටි තුන් හතර දෙනා සමග අයිනකට වී පිට්ටනිය දෙස බලා සිටීමට සිදුවිය. කිසිවෙකු ආගන්තුකයින් වූ අප සමඟ කතාවට ආවේවත් තරඟයකට ආරාධනා කලේවත් නැත. එය මාගේ පෞරුශයේ ගැටලුවක්වත් අලුත් උන්ට අමුතුවෙන් බුලත් දිය යුතු යැයි මා අදහස් කරන්නේවත් නැති මුත් බලෙන් හෝ 'ප්ලග්' වීමට හැකි වාතාවරණයක් ඇති කිරීමට සංවිදායකයෝ කටයුතු නොකලහ. එය සිතාමතා නොකලේ වුව වුවද එවැන්නක් නොවීමට වග බලාගත යුතුව තිබුණි. තව එකක්.. එහි සිටි හැමෝම තමා 'බ්ලොග් කරුවෙක්' කීමට වඩා තමා 'එක්ස්-බ්ලොග් කරුවෙක්' කීමට වැඩි කැමැත්තක් දැක්වූ බව පෙණුනි. ඒ සමහරවිට ජේශ්ඨත්වය පෙන්වීමේ වෑයමක් ලෙස පෙනීමට තරමට මටනම් අපුල විය. හවස් වෙනවිට තත්ත්වය වෙනස් වූවාදැයි නොදන්නේ අර බාගෙට තැම්බුණු බත් එක අතට ගත් පසු වෙනත් වැදගත් කටයුත්තකට පොඩ්ඩක් එහෙ මෙහෙ වී හවස් වරුව මිස් වීම නිසයි.
    සමහරවිට මෙය ඊලඟ අවුරුද්දේ වෙනස් වීමට ඉඩ ඇති නිසා හැකියාවක් තිබුණොත් ලබන අවුරුද්දේද පැමිණීමට අදහස් කරගෙන සිටිමි. අවසානයේ කීමට ඇත්තේ ආ උන් ආ එක හොඳය. නොආ උන් නෑවිත් සිටි එකද හොඳය. මංද ඒ දෙකේ එතරම් වෙනසක් නොදුටු හෙයිනි.

    ReplyDelete
    Replies
    1. අපිත් පස්ට් ටයිම් ඔම තමයි දෙවනි සැරේ ඒම නොවේවි මේ සැරේ දැකගත්තු අය එක්ක පොඩ්ඩක් කතා බහ කරලා ලබන සැරේ ඇවිත් බලන්න මෙක මගේ අත්දැකීම්

      Delete
    2. අපිට නම් එන්න බැරි වුණා, ඔබේ කමෙන්ට් එක දැක්කම හිතුණා ගිය අවුරුද්දේ එක වගේ නැහැ කියලා,,

      //ආපු ආපු උන් තම තමන් දන්න අඳුනන උන් එක්ක කණ්ඩායම් වශයෙන් ගොනුවී සිටියා මිස ඒ කණ්ඩායම් අතර සුහදතාවයක් දක්නට නොලැබිනි. මා බලහත්කාරයෙන් මෙන් ගොස් තනිවී සිටි කිහිප දෙනෙකු හා කතා කොට ප්ලග් වීමට උත්සාහ කරත් උනුත් එතරම් ඇඟෑලුම් කමක් නොදැක්වූ නිසා ම සමඟ සිටි තුන් හතර දෙනා සමග අයිනකට වී පිට්ටනිය දෙස බලා සිටීමට සිදුවිය. කිසිවෙකු ආගන්තුකයින් වූ අප සමඟ කතාවට ආවේවත් තරඟයකට ආරාධනා කලේවත් නැත.///

      මේක හරිම නරක දෙයක්,,, අවුරුදු උත්සව වගේ සුහද හමුවීම් තැබීමේ පරමාර්ථය මොකක්ද මේ දේවල් මෙහෙම නම්

      Delete
    3. ගනන් ගන්න එපා කමියෝ මාත් ගියසැරේ ඇවිත් නැට්ට පුකේ ගහං වරුවක් හිටියා.. ககரමේ සැරේත් එන්න තමයි හිටියේ බට් අවුරුද්දට ගමේ ගිය නිසා බැරි උනේ...
      ලබන වතාවේදිවත් හම්බවෙමු...

      ජ ය

      Delete
    4. මේක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් මචෝ... උඹ කියලා තියෙන දේවල් ගැන මම කිව්වේ මේ වතාවේ නෙවෙයි.. මෙයිට කලින් වතාවත් වලත් මං මේකේ තියෙන අඩුපාඩු ගැන සෑහෙන්න කියලා තියෙනවා... ඒ ඒ තැන්වලදී ඒ කියපු කාරණා සම්බන්ධයෙන් ඒ අවස්ථාවලදී සංවිධානය කරපු අයගෙන් සෑහෙන දෙනෙක් එකඟ උනා වගේම සමහරු පලු යන්න මට බැනලත් තිබුනා :D

      ඒත් ඉතිං ඇත්තටම පේන්න තියෙන දේ ලියන්න එපෑ... මේ පාර ඉතිං හැමදාම කියලා කියලා ඇතිවෙලාම තියෙන දේවල් ගැන මං වැඩිය තකන්න ගියේ නැහැ.. ඒකයි මට මේක ඒ හැටි අවුලක් නැහැ කියලා කියන්න හිතුනේ... අනික ඉතිං කොච්චර අනං මනං කිව්වත් මං කවදාවත් ඔය සංවිධායක මණ්ඩලේට පැනලත් නැහැ.. සත පහක උදව්වක් කරලත් නැහැ.. එහෙම තියාගෙන උන්ගේ මහන්සියට පලු යන්න බනින එකෙත් සීමාවක් තියාගන්න ඒන හින්දා ඔය හැමදාම කියන කාරණා ටික අල්ලලා දැම්මා.. එහෙම නැතිව අඩුපාඩු නොදැක්කම නෙවෙයි.. විශේෂයෙන් කල්‍යාණ මිත්තරයා කියන ඔය නිවේදක සීන් එක මං ගිය වතාවෙත් තදින්ම විවේචනය කලා.. ඒත් මේ පාරත් ඒ අංශය කිසිම විදියකින් හැදිලා තිබුනේ නැහැ... අන්තිම දුර්වලයි... විශේෂයෙන්ම අර කිව්වා වගේ දෙන්නට දෙන්නා කතා කරගෙන ඇදං යන සුලභ එෆ් එම් නාලිකා නිවේදනයන්ගේ නිවේදනයකට වඩා කිසිම වෙනසක් නැහැ... සමහර විට ඔය ළමයි දෙන්නට වෙන හරි හමන් අවුරුදු උත්සවයක නිවේදන කටයුතු කරන්න හම්බ වෙලා නැතිවා හරි.. හම්බ වෙලා තියෙන ඒවත් ඔය මට්ටමේම ඒවා වෙන්නත් ඇති... ගමේ ගොඩේ අවුරුදු උත්සව වල කරක් ගහලා අර හෝන් වලින් දෙදෙරන්න කතා කරමින් මුළු පිට්ටනියක් නෙවෙයි ගමේ අහල පහල ගෙවල්වල ඉන්න උන්දලා පවා එකට එකතු කරලා ඈදගෙන නිවේදන කටයුතු කරන්න සමත් ගම්වල හිටිය මයික් කටා විරුදාවලිය ලබාපු නිවේදකයින්ගේ ඇසුරක් යහමින් තිබුනනං සමහර විට අවස්ථාව මොකක්ද විය යුත්තේ මොකක්ද කියන දේ ගැන මෙයිට වඩා අවබෝධයක් ඇතිව වැඩේ කරන්න පුළුවන් වෙයි කියන එකයි මගෙත් අදහස... හිතවතුන් ඇමතීම පැත්තකින් තියලා සහ වචන කැටයම් අල්ලලා දාලා සජීවීව විශාල පිරිසක් ආමණ්ත්‍රණය කිරීම කියන වෙනසට ලබන පාරවත් හුරුවෙන්න බැරි උනොත් මේ වැඩේ හැමදාම ඔහොමම වෙයි... මං නොකියා කට පරිස්සං කරගන්න කියලා හිතං හිටිය කාරණාව ගැනත් ඔන්න කිව්වා...

      ඊ ළගට පිරිස හඳුනා ගැනීම ගැනත් මම ගිය පාර විශේෂයෙන්ම කිව්වා... මේ පාරත් ඒක ප්‍රමාද උනා... ඒත් හැමදාම බැන බැන ඉදලා විතරක් හරියන්නේ නැති හින්දා නිකං පැනලා දෙනවා වගේ බලාගෙන ඉන්න කෙනෙකුට පෙනුනා උනත් කමක් නැහැ කියලා හිතලා අන්තිමේදී මමම පොඩ්ඩක් මැදිහත් වෙලා මයික් එක ඉල්ලගෙන එතන හිටිය හැමදෙනාම අතට හොයලා බලලා මයික් එක දීලා අඩුම ගානේ ආවේ කොහෙන්ද මොකක්ද ලියන බ්ලොග් එක කියන ටිකවත් කියෙව්වා.. මං දන්නව ඒකත් මදි කියලා... ඒත් මං සංවිධායකයෙක්වත් මට ඕන හැටියට ඕකේ වැඩසටහන් වෙනස් කරන්න ගිහින් නැති ප්‍රශ්න හදන්නවත් ඕන නැති හින්දා කල හැකි දේ විතරක් කලා.. හැබැයි මට මේ පාර හිතුන දෙයක් තමයි.. මේකට එන අයත් පොඩ්ඩක් විශේෂයෙන්ම තමන්ට තමන්ව හදුන්වා දෙන්න අවස්ථාවක් ලැබුනම ඒක පිළිවෙලට ලස්සනට කියලා දාන්න ඕන කරන වචන ටික පොඩ්ඩක් ඔළුවේ තියං එනවනං මේක තවත් හොද වෙන්න තිබුනා... ලබන පාරවත් එන අයට කියමු පොඩ්ඩක් අවස්ථාව ලැබුනම කර අරින්නේ නැතිව ලස්සනට තමන්ව හදුන්වා දෙන්න ලෑස්ති වෙන්න කියලා... එතකොට කල්‍යාණ මිත්‍රලව අපිට අදුරගන්න බැරි උනේ ඒ වෙද්දි නැටුං තෙල් සාත්තුවට ගිහින් හිටිය හින්දා මිස වෙන දෙයක් හින්දනං නෙවෙයි.. මොකද වේදිකාව ඉදිරිපස ඇහට පේන්න හිටිය හැම කෙනාටම වගේ කොහොම හරි හොයා බලලා අවස්ථාව දුන්නා මේ වැඩේට... නැටුං තෙල් ගෘප් එක හිටිය වේදිකාව පිටිපස්සටනං අපි කවුරුවත් ගියේ නැහැ.. ඒකයි කල්‍යාණමිත්‍ර අපිට හදුන ගන්න බැරි උනේ..

      ඔය කණ්ඩායම් ගොනුවීමනං හැමදාම තිබුන දෙයක්.. ඒකට ඉතිං මොනවා කරන්නද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ.. ඒ ඒ අතුවල වහන්නේ ඒ ඒ අදහස් ඇති කුරුල්ලෝ කිව්වැහේ දන්න කියන අදුරන එකට වැටෙන්න පුළුවන් අය එකට වැටෙනවා.. ඒක තමා හැටි... මම උනත් ටිකක් ඉන්නේ නිතරම ඒ දවස්වල ඉදලා අපිත් එක්ක හිටිය සෙට් එකත් එක්ක තමයි... ඒත් හැකි හැම වෙලාවෙම මූණට හම්බ වෙන කෙනා එක්ක කතා කරලා අදුරගන්න උත්සහ කරන එක පුළුවන් හැම වෙලාවෙම කලා.. ඒක ඉතිං හැමෝටම එහෙම කරන්න කියලා කියන්නත් බැහැ.. කිව්වට වෙන්නෙත් නැහැ... හැබැයි ඉතිං කතා බහ කරලා අදුරගන්න ගියාම සමහර වෙලාවට ඇත්තටම මම දන්නේ නැති.. කවදාවත් කියවලා නැති බ්ලොක් එහෙක කෙනෙක් සෙට් උනාම මම වගේම බ්ලොග් එකේ අයිතාකාරයත් අපහසුතාවයට පත් වෙනවා... මොකද ඇතැම් අය හිතන්නේ අපි ලියන දේ හැමෝම දන්නවා කියලා.. එහෙම කෙනෙක් අහු වෙලා “අනේ මම දන්නේනං නැහැ“ කියලා ඇත්තම කිවුවම මුණ නරක් වෙනවා මං දැකලා තියෙනවා.. එතකොට ඉතිං මටත් අප්සෙට්.. මොනවා කරන්නද... මේ පාරත් මම දෙන්නෙකුටම කිව්වා “මල්ලි මම දන්නෙනං නැහැ ඒත් ආයේ අහු උනාම කියවලා බලන්නං“ කියලා... වෙන මොනවා කියන්නද බං... අපිත් අසරණයි...

      Delete
    5. ඔය එක්ස් බ්ලොග් කතාවනං මං හිතන්නේ ඒ හැටි ගණන් ගත යුත්තක් නෙවෙයි... ඒක ජේෂ්ඨත්වය පෙන්නීමක් නෙවෙයි.. ඇත්තටම සීන් එක තමා කල්‍යාණ මිත්‍ර මේ අවුරුදු උත්සවේට කොහොම හරි හැමදාම එන සෙට් එකක් ඉන්නවා.. මේ අපිත් ඇතුළුව.. හැබැයි ඒ එන අය අතරින් බහුතරේ අද ලියන්නේ නැහැ... ඒත් උන් මේක වරද්දන්නේ නැහැ.. එක්ස් කතාව කියන්නේ ලොකුකමකට නෙවෙයි.. ලගදි ලියපු දෙයක් ගැන ඇහුවොත් කියන්න දෙයක් නැතිව ඇප කැන්සල් වෙන හින්දා.. :D අර දුමියට පින් සිද්ධ වෙන්න මමත් දැන් මේ මාස ගානකට පස්සේ පෝස්ට් දෙක තුනක් ලිව්වේ.. නැත්තං මටත් කට පුරෝලා කියන්න වෙන්නේ ඔය එක්ස් කතාව තමා... ඒත් ඉතිං ඒකෙන් කියවෙන්නේ නැහැ මගේ මහ ලොකු මගුලක් ගැන... කලින් නෙට් එන්න දැනගත්ත උන් කලින් ලිව්වා.. දැන් එන උන් දැන් ලියනවා.. ඉස්සරහට එන උන් ඉස්සරහට ලියයි.. ඔය මොකාත් එකයි.. අච්චර කාලයක් හිටියා මෙච්චර කාලයක් හිටියා.. අච්චර ලිව්වා කියන එකේ ඇති පරිවහල්ලක් නැහැ... ලියන වෙලාවේ අනිත් උන්ට කියවන්න දෙයක් ලියනවනං එච්චරයි...

      බත් එක නේද...? ඔව්වා ඔහොම තමාබං.. ඕකේ නෙවෙයි මම ගිය බොහෝමයක් තැන්වල ඔය බත් අමු විල්ල.. එහෙමත් නැත්තං පාන්දර උයලා නිසා බත් පිළුණු වේගන ඒම කියන පොදු ප්‍රශ්න දෙකට මුහුණ දීලා තියෙනවා... ඒකට සංවිධායකයින්ට කොරන්න ඇහැකි දෙයක් නැහැ. මොකද මේ පාර ගන්න එකාගෙන් නෙවෙයි ලබන පාර ගන්න වෙන්නේ...

      අවසානයේ සමස්ථයක් හැටියට කිව්වොත් ඔය කිව්ව අඩුපාඩු මම හැමදාම දැක්කා.. දැක්කා වගේම කිව්වා... සමහරක් දේවල් ටිකක් සතුටු වෙන්න පුළුවන් තරමට වෙනස් උනා... ඇතැම් දේවල් තාමත් එහෙමමයි... එක්කෝ උඹල අපි හැමදාම බැන බැන ඉන්නේ නැතිව සංවිධානෙට බැහැලා මේක කරන්න ඕන... ඒක කරන්න අපි මලාට එන්නේ නැති හින්දා ඔන්න ඔහේ ගිහින් වැනිලා එන්න ඕන.. කල්‍යාණ මිත්‍රට ඇති උන හුදකලා වීමේ ගැටළුව ගැන හැමදාම කවුරු හරි කතා කරනවා... හැබැයි ඊළග පාර ආවම ඒ පලවෙනි පාර අවුල උන්ට හිටින්නේ නැහැ... ඒක සාමාන්‍ය දෙයක්... ලබන පාර කල්‍යාණ මිත්‍ර ආවත් වෙන්නේ තව කවුරු හරි අළුත් කෙනෙක් කියනවා “අර කල්‍යාණ මිත්‍රලා අරුං මුං ටික එකට සෙට් බැහැලා හිටියා අපිව ගණන් ගත්තේ නැහැ“ කියලා.. එච්චරයි... ඌත් ඊළග පාර බැනුං අහනවා.. :D

      ඔය දේවල් අල්ලලා දාලා ලබන පාර වරෙං... දෙපාර තුන්පාර එද්දි තමා වැඩේ සෙට් වෙන්නේ...

      මොනවා උනත් උඹ මට කෙලින්ම කතා කලානං අහවරයි.. එහෙම උනානං මටවත් අඩුම ගානේ උඹව අදුරගන්න අවස්ථාවක් ලැබෙනවා නෙව...

      Delete
    6. ඊළගට ඔමාට විශේෂයෙන් කියන්න ඕන... මේ කමෙන්ට් බලලා වේලපහින්ම මේක මාන මගුලක්ද කියලා නොහිතා වෙලාවක ඇවිදිංම බලලා බනිමු... :D නැතුව කිසි ගතියක් නැහැ...

      Delete
    7. ඔය අවුරුදු උත්සවයට සෙනග අඩු පබ්ලිසිටියෙ අඩුවක්ද කියල මට හිතුන! කොහොම උනත් මේ වගේ සීමිත පිරිසක් එන උත්සවයක් කුරේ පාක් එක වගේ විසාල තැනක නොතිය, වඩා කුඩා තැනක් ගත්තනම් මීට වඩා හොඳ වෙයි. එක පාරක් හෙන්‍රිපේද්‍රිස් එකේ තිබ්බ නේද? ඒක අමාරුනම් පොඩි ඉස්කෝලෙක පිට්ටනි කෑල්ලක් ගන්න බැරිවෙන එකක් නෑ!

      Delete
    8. ඔව් ඉන්දික....මමත් සිතුවා........
      අනිත් දෙය ටික කලක සිට සංවිධානය කල යුතුයි.....

      Delete
    9. ඔය වගේ හැඟීමක් මටත් දැණුනා පළවෙනි ගෙට් එකේ. ඒක ස්වාභාවිකයි. ඒත් දෙවෙනි එකේදි ඒක කොහේගියාද මන්දා. ඔය සෙට් සෙට් හැදෙන එක නම් කොහෙත් වෙනවා නේ. හැමෝම එක වගේ කරන්නෙයි කියලා බැච් එකක් හදන කැම්පස් වල පවා සෙට් හැදෙන එකේ ඕක මොකක්ද....

      Delete
    10. මචං මාරයා.. උඹේ ඩයල් එකයි උඹ ලියන ඒවයි දැකල තියෙන නිසා මං කලින්ම තීරණය කරල තිබ්බ උඹත් එක්ක යමක් කමක් තේරුම් බේරුම් කර ගන්න පුළුවන් එකෙක් කියල. ඒ බව උඹ අද මේ දීර්ඝ කොමෙන්ට් විස්තරෙන් මොනවට පැහැදිලි කලා.. මුලින්ම ස්තූතියි ඒකට.
      එකක් කියන්න ඕනි ඔය වගේ කටු බටු කාල තෙම්පරාදු වෙලා ඉන්න නිසා මම කොයිවෙලාවකවත් එතනදි හුදෙකලා උනේ නෑ.. මටත් ටීම් එකක්ම හිටියා ආපු වෙලේ ඉඳන්ම.. එහෙම නැත්නම් මං ආවෙත් ටීම් එකක් හදාගෙන. ඒක නිසා මේක මේ පරාජිත මානසිකත්වයකින් දාපු කොමෙන්ටෙකක් නෙවෙයි. එහෙම නොවුනු නිසාමයි මට මේක ගැන මෙච්චර ඕපන්ලි කතා කරන්න හිතුනේ. සමහරවිට උඹ දන්නේ නැතුව ඇති මං මුල ඉඳලම මේ ඉවෙන්ට් එකට කැමැත්තෙන් හිටියා. නෙළුම් යාය සීන් එකෙන් පස්සේ ඕනෙයාව අඳුන ගන්න ලැබීමත් එක්ක මට ලොකු උවමනාවක් ආව මේකත් සක්සස් වෙනව දකින්න. නෙළුම් අජියල මේකට ස්පොන්සර් කරන්න කැමති උනත් මොකක් හරි හේතුවකට (උන් නම් කියුවේ සම්මාන උළෙලට හිතුවට වඩා වියදම් උන නිසා සල්ලි නෑ කියල..) පස්සෙ ස්පොන්සර් කරන්න බෑ කියූ වෙලාවෙම මං අජියට මේල් එකක් දැම්මා එහෙම කොකු අදින්න එපා පුළුවන් සපෝට් එකක් දෙන්න කියල. ඊට පස්සෙ තමයි නෙලුම් යායෙන් යම් අනුග්‍රහයක් නැවත දැක්වූවේ. අවුරුදු නිවාඩු නිසා කොළඹ නොහිටියත් අදාල දවසේ උදේම එතනට ආවේත් ඒ කැමත්ත නිසාමයි. එතනින් එහාට තමයි මං ඔය හයිලයිට් කරපු අඩුපාඩු උනේ.

      පිරිස හඳුනා ගන්න තැන මම හිටියා.. උඹ ඒ වෙනුවෙන් ගත්ත උත්සාහයත් පැහැදිලිවම දැක්කා.. මයික් එක පිළිවෙලට පේලියෙන් පේලිය එක පැත්තක් සම්පූර්ණ කරල අනිත් පැත්තට ගෙනියන්න උඹට තිබ්බ උවමනාවවත් සංයමයවත් එතන හිටපු වෙන එකෙකුටවත් නොතිබිච්ච බවත් දැක්ක. බාගයක් දුර එනකොට ඒක තමන්ව හඳුන්වා දීමකට වඩා වටේ පිටේ ඉඳන් විහිළු කරන උන්ගේ විහිළු වලට උත්තර දෙන විගඩමක් උන හැටිත් දැක්කා.. ඒ වගේම එතන හිටි ගොඩක් උන්ට තමන්ව හඳුවා දෙන්න උවමනාවක්වත් සමහරුන්ට ඒකට හැකියාවක්වත් නොතිබුණු බවත් දැක්කා.. ඒත් මගේ වාරය එනකං නොසිට මට 'ඔය කියන පිටි පස්සට' යන්න උනේ මාත් එක්ක හිටි අනිත් උන් ඔක්කොම ඒ අවස්ථාව මගහැර ගිහින් තිබුණු නිසයි. පිටි පස්සට ගියාට අපි කිහිප දෙනා 'සීසෝ පැද පැද හිටියා මිසක්' නැටුම් තෙලක් අනුමත නොවූ බවද කිව යුතුයි. නමුත් අවසානයේදී නම් 'අපේ කාලය අපට වැදගත්' උනා. ඒ ගැන පුංචි සමාවක් ඉල්ලනවා.

      උඹ කියනව වගේ අඳුන ගන්න අපහසු අවුලක් මටනම් දැනිල නෑ. හැමෝටම කවදාවත් හැම බ්ලොගක්ම කියවන්න බෑනේ. ඒක දන්න නිසාමයි මමනම් මේ කරුණු මගේ එකේ නොලියා මෙතන ලියන්නේ. මගේ එකට වඩා හුඟක් උන් මේක කියවන නිසා.

      එක්ස් බ්ලොග් කතාව මමත් ගනන් ගන්නේ නෑ සාමන්‍යයෙන් නම්.. මොකද හැම එකාටම හැමදාම ලියන්න බැරි බව මං දන්නවා.. මේ රස්සාවෙන් වෙන තැනකොට ගියොත් හෙට ඉඳල මගේ බ්ලොග් එකත් නිකන්වත් අප්ඩේට් වෙන එකක් නෑ. ඒත් මට දැනුණු විදියට ඒක සමහරු හයිලයිට් කර කර කියුව විදිය මට දැනිච්චි විදියයි මම කියුවේ. උඹ නෑයි කියුවට එහෙම පොඩි කික් එකක් එතන තිබ්බ. මොකා උනත් වැදගත් හරවත් රසවත් දෙයක් ලියන එකෙක් ඉන්නවනම් මට ඌ එදාට වීරයා. නැතුව කලින් ලියල ලකුණු ගත්ත ඒවයින් වැඩක් නෑ.
      ඔව් මට තිබුණ යන්න කලින් උඹට කාත කරල පොඩ්ඩක් දැන අඳුන ගන්න. එද ගිය එකෙන් මට අමුතුවෙන් අඳුන ගන්න පුලුවන් උනේ රණා ව විතරයි. අපි ආයි දවසක හම්බ වෙමුකෝ. ජය ශ්‍රී!

      Delete
    11. එළ කිරි... ජයශ්‍රී..!

      Delete

  10. මේ සැරේ වෙනදා තිබුනු ලල් එක තිබුනේ නෑ :/
    රික් එක අක්සෙප්ට් කරහන් මාර අයියා
    ආන්න අවුරුදු කූමාරිට ඉල්ලුම වැඩි වෙලා ලූ :3

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි අවුල් ටිකක් තිබුනා.. ඒත් ඉතිං අඩුම ගානේ වේලපහින් අහවර උන එකත් මදෑ කියලා සතුටු වෙයල්ලා...

      ඒ කෙලීට ඉන්න ඇරහල්ලා පාඩුවේ.. යකෝ මොන්ටිසෝරියෙන් එළියට ආවා විතරයිද කොහේද තාම.. :D

      Delete
  11. ඔයාගේ ෆොටෝ ටික බලන්න මාත් හිටියේ ,, fb ලින්ක් එකෙන් ගිහින් ෆොටෝ බැලුවා ස්තුති

    ReplyDelete
  12. කවුදෝ මන්දා අහින්සක එකියක් කිව්වලු ඔබා මාමට පස්සෙ සයිබරයට ඉන්න අන්කල් මාරයියා කියලා

    ReplyDelete
    Replies
    1. ආ කිව්වා නේන්නං... කවුද මංදා පිස්සු හුටං අපෙත් අක්කි කෙනෙක්.. :P

      Delete
  13. මේදා පාර අඩුවක් වුණේ,හැම කෙනාටම කමෙන්ට් කරන දෙමළ නයන්නා, ඕනෑම කෙනෙක් එක්ක බලෙන් ප්ලග් වෙලා කථා කරන වෙනියා වගේ සුවිශේෂී චරිත නැති වීම කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කවදාවත් ලැජ්ජාව නැති වෙන්නේ නැති බනියා.

      Delete
    2. ඇත්තටම ඔය තමංව හඳුන්වල දෙන වැඩේ වෙන්නෙ නැති එකනං ලොකු අඩුපාඩුවක් තමයි. මාත් ඔය වැඩිය කතා බහක් නැතුව පැත්තකට වෙලා ඉන්න මනුස්සය වෙච්චි ඔතෙන්ට බයෙන් බයෙන් ඉස්සෙල්ලම දවසෙ ආවෙ. මාත් ඉස්සෙල්ලම දැකල අඳුනගත්තෙ බනිය තමයි. ඒත් ඉතිං ඔය කොමෙන්ට් කේස් එක හින්දමද මන්ද ඕනය, සිහින, සුදීක, නලින්, මාරය වගේ වැඩි දෙනෙක් මාත් එක්ක බලහත්කාරෙන් ම කතා කරල හඳුන ගත්ත වගේම හඳුන්වල දුන්න. වෙනී අයිය ඇත්තටම කවුරු ගිහිල්ල කතා කළත් හොඳින් කතාබහ කරල විස්තර අහල සුහද වෙන මනුස්සයෙක්.
      මේ ගමන අලුතින් ආපු ගොඩ දෙනෙක් ඉන්න හන්ද වෙන්න ඇති ඔය තත්වෙ ඇති වෙන්න හේතු උනේ. හැබැයි මම දන්න තරමින් පරණ බ්ලොග් ලියන ගොඩ දෙනෙක් අලුතෙන් ආපු කෙනෙක් ගිහිල්ල කතා කළොත් මග අරින්නෙ නෑ.
      කල්‍යාන මිත්‍රටත් ඊළඟ අවස්ථාවෙ ඔයිට වැඩිය යහපත් තත්වයක් ඇතිවෙයි.

      Delete
    3. ඔව් සෑහෙන චරිත ටිකක් අඩුයි තමා.. වෙනියා වගේම කතා කරන්න ගත්තම තොරතෝංචියක් නැති ප්‍රසා එහෙමත්.. බනියා නැති අඩුව තදේටම දැනුනා ගෘප් පොටෝව වෙලාවේ... හැබැයි චුල් බුල් කියලා බනියගේ මල්ලි කෙනෙක් ඇවිත් හිටියා.. බනියා වගේමයි...

      Delete
    4. අනේ මගේ ඇති සුව්ශේශයක් නෑ...හැමෝම එක්ක කතා කරන්න තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන නම් ගන්නවා...ඒත් කොහෙද කැමරාව එල්ල ගෙන ආවහම...

      Delete
  14. දවල් වෙනකන් නින්ද යන සින් එක නිසා මෙහ් පාර මිස් උනා කියහන්කෝ...අයිත් වැදගත් වැඩකට යන්න තියෙනවා නම් කලින් දවසේ බොන්නේ නෑ කියල හිටාගත්තා...ලිපිය එල ඈ

    ReplyDelete
    Replies
    1. කුම්බකර්ණලා එක්ක මොන උස්සවද කිව්වළු.. :D

      Delete
  15. මමත් වැඩියෙමි. මාරයා අයියා නිසාම තරඟ දෙක තුනකටත් ඉදිරිපත් උනෙමි. අවසානයේ තවත් ගෙට් එකකටද සෙට් වී වැස්සටත් සෙට් වී පහුවදා යාන්තම් ගම පොජ්ජට සේන්දු උනෙමි... ලබන පාරත් හමු වෙමුය!

    ReplyDelete
    Replies
    1. මං දැක්කා කෝච්චියෝ ටිකක් හම්බ වෙලා ඉන්නවා...

      Delete
  16. ආ ආ... මම දැන් නේ දැක්කේ... සියඹළාණ්ඩුව ගැනත් ලියලා තියෙන්නේ....:D :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. බොහෝම සංතෝස හිතුනා දුර බලන්නේ නැතිව ආව එකට... අහල පහල ඉන්න උනුත් කම්මැලිකමට ගෙදරට වෙලා ඉද්දි...

      Delete
  17. මම නැතුව මාරයා බොහොම ශෝකෙන් බරිතව පැත්තකට වෙලා හිටියා කියලත් ප්‍රවෘත්ති වලට කිව්වෙ අර...
    ගස් ලබ්බෙ ඇට ගනන් කලේ නැද්ද බන් මේ සැරේ ?

    ReplyDelete