10 April 2015

බ්ලොග් වසන්තයා.. අද නෙවෙයි හෙට...


කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් එක පැත්තට අත තියන්න හිතුවා. හැබැයි ඉතිං දිගින් දිගට ලියන්න අදහසක්නං තාමත් නැහැ. ඒත් අපේ දුමී අයියා මේ ලග පාතකදී බුකියෙන් පටන් ගත්තා නෙව අළුත් වියාපාරයක් මොකක්ද මංදා වසන්තයෙක් ගැන කියාන... අවුරුද්ද කටේ තියලා බ්ලොග්වල මකුළු දැල් කඩලා තියන්න කියලා.. ආන්න ඒ වචනෙට ගරු කොරලා මාත් ඉතිං හිතා ගත්තා මොකක්ම නමුත් කෙහුරක් ලියා ඇද බාන්න ඕන කියලා... මොනවා උනත් දුමී අයියා කියන්නේ මේ බ්ලොග් ලෝකෙන් දැන හඳුනා ගත්ත හොර බොරු වංචා නැති, හිත හොද මනුස්පයා වෙච්චි... මෙහෙම කාරියකට අත ගැහුවම අපිත් සත පහකින් හරි දායක නොවුනොත් ඒ මනුස්සකොමට හරි නැහැ නෙව.. ආන්න ඒ හින්දම ඔන්න වසන්තයට මාත් දායක වෙන්න හිතුවා..

හැබැයි පුතෝ හිතන තරමට ඔව්වා කොරන එක ලේසි නැති හින්දා ලියන්ට කලියෙන් පොඩ්ඩක් වත්තේ හතර මායිං හොයා බැළුවා... ඒ කිව්වේ මේ දවස්වල බ්ලොග්වල මොනවැයි යන්නේ කියලා... වෙනසක් නැහැ.. වෙනදා වගේම මරා ගන්නවා කිසි අවුලක් නැතිව... ඒ අතරේ අපේ සිඳු නංගි වගේ කිහිප දෙනෙක් බොහෝම පාඩුවේ ඉස්සර වගේම කියවං යන්ට ඇහැකි විදියට ලිපි එහෙමත් ලියලා තියෙනවා දැක්කා.. ඒ වගේම වසන්තයාගේ නිර්මාත්තුරු ගරු කටයුතු දුමී අයියාත් ආයේ ඉතිං කාලෙකට සෑහෙන්ට වටින කියන ලිපි දෙකක්ම ලියලා තිබුනත් දැක්කා.. කොහොමත් ඉතිං ඔය යෝධයා වසරකට එකක් වගේ ලියන හින්දා ඔය දෙක ඇති වෙයි තව කාලෙකට :D 

ආ ඒ වගේම අපේ ඕනයා සුපුරුදු පරිදි අපි කාගෙත් හිත් දිනාගත්තු ඔබා අයියා වෙනුවෙන් කරන ලේ දන්දීමේ පින්කම ගැනත් මතක් කරලා ඒ අස්සෙම ඔබාඅයියා අනුස්මරණ කතා කිහිපයකුත් දාලා තිබුනා.. ඒකත් ඉතිං මල් මසුරං... ලේ දන්දීමට යන්ටත් ඕන ඉතිං මතක ඇතිව...  තව තව බොහෝම ලිපි තිබුනා රීඩරේ එකතු වෙලා.. නවසිය ගානක් ලිපි අතරින් ටිකක් හයියෙන් හයියෙන් කියවලා ලිපි තිහ හතලිහක් කියවා ගත්තා.. පුළුහං හැටියකට දෙක තුනකට කමෙන්ට් කෑලිත් ඔබලා ආවා මගේ හතර මායිං බලන්ට.. යකෝ මටත් මගේම කියලා බ්ලොග් කට්ටක් තියෙනවා නෙව... හැබැයි අන්තිම ලිපිය ලියලා තියෙන්නේ ජනවාරි මාසේ නව වැනිදා.. ඒ කියන්නේ තුංමාසයකටත් කලියෙන්... එයින් පස්සේ බ්ලොග් එකේ ලිපි කියවීම ගැන හොයා බැළුවා.. මාස තුනක් ලියලා නැතිවත් තාමත් ඔය එහෙං මෙහෙං කට්ටිය ඒ කාලේ ලියාපුවා කියවන බවත් තේරුන හින්දා තාමත් ලිව්වොත් කියවන්ට කවුරුම හරි ඉතිරි වෙලා නැතෑ කියලා හිතලා ඕං මාත් වෙලට බැස්සා...

ලියන්ට කියලා බැස්සට ආයිබෝං මොන මගුලක් ලියනවද කියලා තමා හිතා ගන්ට බැරි... දෙකක් නවන්න තිබුනනං ඔය ලියන්නේ මොකක්ද අරකද මේකද හිත හිත ඉන්න දෙයක් නැහැ.. එහෙම හිතන්නත් කලියෙන් ලියවිලා ඉවරයි.. මට තියෙන්නේ පබිලිස් බටොං එක ඔබන්න විතරයි.. ඒත් ඉතිං අමුවෙන් ලියනවා කියන්නේ ම්හූ.. අපි ඒ ගැන කතා නොකර ඉමු... ඒක දුක්ඛිතයි.. ඒ තරමටම... :D

අන්න ඒ හින්දා මං හිතා ගත්තා අදට මේ පටන් ගැනිල්ල මෙහෙම තියලා.. නොනගතේටවත් දෙකක් නවලා කරලා මේක ඉස්සරහින් වාඩි වෙන්ට කියලා... ඒ හින්දා බ්ලොග් වසන්තයාගේ ආනුභාවයෙන්.. දෙකක් නවාගෙන.. දෙක තුනක් ලියන්ට හිතාන.. දැනට ඔබෙන් සමු ගන්නා මා...

අර මොකාද එකා... :D

(දැන් ඉතිං බැන බැන යමල්ලා.. මූ විසිල් ගැහුවට බල්ටි පෙන්නුවේ නැහැ කියලා.. :D :D :D )

-------------------
ආ තව පොඩි ඉල්ලීමක් තියේ...

බ්ලොග් වසන්තයා හින්දම ආයෙම ලියවුන බ්ලොග් ලිපි වල ලින්ක් ටික දෙන්ට කාට හරි ඇහැකිද..? එහෙම උනානං පොඩ්ඩක් පහසුයි. දැනටම එහෙම ලින්ක් ටික විතරක් ඇති තැනක් ගැන කවුරු හරි දන්නවනං කියමු... නැත්තං එහෙං මෙහෙං හොයාගෙන ඒවා කියවන්න ගියාම ගත වෙන කාලේ වැඩියි.

37 comments:

  1. මාධව හබරකඩ සැට් කරල තිබුන සින්ඩියෙන් පුළුවන් බ්ලොග් කියවන්න.
    http://blogs.lkgrid.com/

    මගෑරිච්ච පන්සල් කතා නැතෙයි?

    ReplyDelete
    Replies
    1. පන්සල් කතා ලියන එක බොහෝම කල්පනාවෙන් කරන්න ඕන දෙයක් රාජ්... අපි ලියන ඒවායින් වෙනම ප්‍රයෝජන ගන්න දත කට මැදගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවා. ඒ හින්දා ඒවා ලියන එක ගැන සෑහෙන්න හිතන්න ඕන...

      අඩේ ඒ සිංඩියේ ලින්ක්කුවට බොහෝම ස්තූතියි...

      Delete
  2. හුහ් අපි නම් මෙව්වයෙ කමෙන්ට් කරයි එහෙනම්... අහු වෙන්නෙ නැතෑ ලේ දෙන දවසෙ..හතර හන්දි කඩනවා !

    ReplyDelete
    Replies
    1. ඉහත කමෙන්ටුව ඇනොනිමස් එකක් බව කරුනාවෙන් සලකන්න !

      Delete
    2. වැනී අයිය නරකද කොටකෙතන පැත්තෙ දෙන්නත් එක්ක ආයෙ ඇවිල්ල ගියොත් හෙම.

      Delete
    3. නෑ මල්ලි කොටකෙතනෙ සෙට් එකක් ගෙනත් මන්න පිහිත් එක්ක බස්සනවා මෙහෙට...ලේ දන් දෙන දවසට ...

      Delete
    4. මේ ටික දවසට වෙනියගේ සිහිකල්පනාවත් අඩු වෙලාද කොහෙද

      Delete
    5. යකෝ ලේ දෙන දවසට එතනට එන්නේ ලේ දෙන උන් මිසක් ලේ තියා මස් කළඳක් නැති ඇටකටුස්ලා නෙවෙයි.. හුහ් :D

      කොටකෙතනින් බැරිනං ලොල්ලෝ පිටියෙන් බස්සහං බලන්න අපි බයවෙයිද බලන්න :P

      Delete
  3. නොනගතේන් පසු නැවතත් සුපුරුදු වැඩ සටහනට!

    ReplyDelete
  4. මෙහෙම එකක්වත් ලියුවා මදැ

    ReplyDelete
    Replies
    1. මෙහෙම වත් මේ යෝදය දැක්කා මදෑ කියල තමා මටත් කියන්න තියෙන්නේ. අපි ඉතිං මුණු පොතේ නෑ නොවැ. බ්ලොග් ලියව්ලි නං වෙන වැඩ නෙමේ. ආයි හාර පස් මාසෙකින් මුණ ගැහෙමු :P

      Delete
  5. අභයාරාමේ පැත්තේ ගියේ නැතෙයි...?

    ReplyDelete
    Replies
    1. :) :) :) :) :) :) :) :) ++++++++++++++++++++++

      Delete
    2. අවුරුද්දට කලින් යන්න හිටියේ. ඒත් වැඩ වැඩි හින්දා සමහර විට අවුරුද්දෙන් පස්සේ යන්න වෙයි.

      Delete
  6. බ්ලොග් වසන්තෙට ලියවෙන කතා මාර ලස්සනයි. :P

    ReplyDelete
  7. හානේ මාවත් මතක් කරලා...........
    අපරාදෙ ,මම අද මගෙ බ්ලොග් එකට යන්න කලින් මේ පැත්තෙ ආව නම්, ඒකෙ මාර කමෙන්ට් එකට බනින්නෙ නෑනෙ. දැන් නම් ඉතින් ඒක අයින් කරන්න ප්‍රමාද වැඩියි අයියෙ...........

    මම මේ විහිලුවට නෙමේ කියන්නෙ. බ්ලොග් ලියන එක නවත්තන්න එපා. මාසෙකට එකක්වත් ලියන්න

    ReplyDelete
    Replies
    1. බලන්න ඕන සිදුවෝ... ඒ්ත් ඉතිං දැන් බුකිය මෙයිට වඩා පහසු තැනක් වෙලා හින්දා ඒකේ තමා වැඩි වැඩ... අපි නෙවෙයි දැන් බොලාලා තමා ලියන්න ඕන අපිටත් එක්ක.

      Delete
  8. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    මම දන්න විදියට බ්ලොග් වල මකුළු දැල් කඩපු, ගොඩක් ඉස්සර ඉඳන් බ්ලොග් ලියන අය ඒ ලිපිවල ලින්ක් "බ්ලොග් වසන්තය" එෆ් බී ගෲප් එකේ පල කරනවා.

    ReplyDelete
    Replies
    1. බස්සිටත් එසේම වේවා..!

      මාත් ඒ ගෘප් එකේ ඉන්නවා.. ඒත් ඉතිං නොටිෆිකේෂන් ඕෆ් කරලා... රාජ් දුන්න සිංඩියෙන් වැඩේ තව ලේසියි.

      Delete
  9. මෙන්න මූ ඉන්නව... :O

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මලා කියලා හිතුවද..? :P

      Delete
  10. දුමී බොහොම හොඳ වැඩක් කරලා තියෙන්නේ වධෙන්පොරෙන් හරි මාරයියාව වරදට පෙළඹවීමෙන්..හික් හික්..
    මාරයියේ දිගටම ලියන්න කියලා ඉල්ලා හිටිනවා..:)

    ReplyDelete
    Replies
    1. මේකව වරදට පොළඹවන එක නම් එච්චර අමාරු වැඩක් නෙමෙයි.....!

      හැබැයි හොඳ දෙයකට පොළඹව ගන්න නම් දෙකක් දාගෙනම එන්න ඕනේ....!

      Delete
  11. හරි හරි..... පොඩි කික් ස්ටාර්ට් එක තමයි අවශ්‍යය.....! අර අමතක වෙලා, මලකඩ බැඳිලා තිබ්බ බ්ලොග් මෝඩ් එක සුද්ද උනාම ඇඟිලි ආපහු වැඩ කරනවා.....!

    කාලය සොයා ගැනීම තමයි අමාරුම කාරිය.....!

    ReplyDelete
  12. කතාව හරි. මුගෙ විසිල් විතරයි බල්ටි නෑ නෙව. :(

    ReplyDelete
  13. මේ විසිල් බල්ටි කතාව කිව්වම මතක් වුණේ. ඉස්සර කෝච්චියේ විසිල් ගහලා බල්ටි ගහන පොරක් හිටියා කළුතර බල්ටි සූරයා කියලා. මිනිහමයි ඒ නම දාගෙන තියෙන්නේ. D . ඉන්නේ කටුකුරුන්දේ. කළුතරින් කෝච්චියට ගොඩ වෙනවා. මුලින්ම විසිල් දෙක තුනක් ගහලා කරන්න ඉන්න වැඩ සැට් එක කියවනවා. බල්ටි පෙලියයි. අත් දෙකෙන් ඇවිදීම. ඔව්. ඔව්. යන කෝච්චියෙම තමයි. සෙනග එහාට මෙහාට කරලා. අන්තිම විශේෂාංගය කටින් සෙරෙප්පු දෙක ගැනීම. මුලින්ම අත් දෙකෙන් ඇවිදලා සල්ලි එකතු කරන්න පටන් ගන්නනවා. විස්සක් නැත්නම් ආයි දේශනාව පටන් ගන්නවා. රුපියල් විස්සක් වත් නැතුව කොහොමද බල්ටි ගහන්නේ කියලා. ඊට පස්සේ අත්දෙකෙන් හිටගෙන කටින් සෙරෙප්පු ගන්නවා. විස්සට අඩු නිසා මෙහෙම තමයි කියලා. හැබැයි විස්සට වැඩි වුනොත් බල්ටි පේලිය ගහලා, විශිල් ගහලා, අන්තිමට අනිත් පැත්තට නැවිලා දුන්න වගේ ඉඳගෙන තමයි සෙරෙප්පු දෙක කටිං ගන්නේ හිටං !

    ReplyDelete
  14. ආයේ ආවා එහෙනම් ඈ?

    ReplyDelete
  15. සුබ අලුත් අවුරුද්දක් වේවා.. ආයේ පටන් ගත්ත එකේ ඔහොමම ලියාගෙන යන් අයියේ

    ReplyDelete
  16. අර ජුංඅලයගෙ කතාවක්වත් ලියා දාහං බං.. උඹ ගාවද ලියන්ට කතා නැත්තෙ..

    ReplyDelete
  17. Where have you මකබෑed all this time?

    ReplyDelete