12 April 2015

උන්දලගේ අම්මලට...

අළුත් අවුරුද්ද කටේ නෙව.. දැන් මොන වසන්තයාගේ මොකට ලිව්වත් කියවන්ට කියලා කට්ටිය එහෙමට නැහැ... ආණ්ඩුවේ නිවාඩු කියන්නේ බ්ලොග් කියවන්නන්ගෙන් තුනෙන් එකකට අන්තර්ජාල පහසුකම නහී කර්තාහේ... තිබුනත් ඉතිං කෝ වෙලාවක්.. මෙලාට උන්දලා උන්දිලා.. හෝ ගාලා අවුරුදු පිලිගන්ට ගෙවල් දොරවල්වල නහිනවා වෙන්ට ඕන...

පුද්ගලික අංසේ නිවාඩු කියන්නේ අර තුනෙන් දෙකේ තවත් එකක් නැහැ කියන එකයි... උන්දලත් පෙර අය සේම තමා...

ආයේ ඉතිං මේකක් කියවන්ට ඉතිරි වෙලා හිටියොත් ඒ පිටදේශ දීපංකරේකට වෙලා සිරිලංකාවට බැල්ම දාං ඉන්න උදවියයි.. මේ අපි වගේ එලොවටත් මොලොවටත් නැති නොම්මර එකේ සිරිලාංකික ජනතාවයි තමා... උන්දලටත් ඉතිං ගදර දොරේ වැඩක් සැට් උනානං ඒකටත් බඩුම තමා...

අද මේක ලියන්ට කියලා හිතුවේ වෙන අරක් මේකක් ගැන ලියන්ට නෙවෙයි.. මේ සිරිලංකා දුම්රිය සේවයේ මෑණියන්දලාට පිං පමුණුවන්ටයි කියලා... හේතුව ඉතිං අද උදෑහැනැක්කේ මටම වෙච්ච සින් කෝන් එකක්...

ඔන්න ඉතිං අද උදේ පාන්දර පහයි දහයට නුවර ඉඳන් මාතරට දුවන කෝච්චියේ එල්ලිලා කොළඹට එන්ට මටත් කරුණු කාරණා යෙදුනා... ඉස්ටේසමට ටිකක් වේල පහින්ම එන්න තිබුන හින්දා ඉස්ටේසමේ හතර මුළු එහෙම බලා කියාගෙන හැම තැනම ගහලා තියෙන බෝඩ් ලෑලිත් කියවාන මාත් එක්කාසු උනා ටිකැට් පෝලිමට...

උදේ පාන්දර කියලා නැහැ.. හම්මට සිරි බලන්ට එපායෑ ටිකැට් ගන්ට ඉන්න සේනාවේ තරම... අවුරුදු නිවාඩුවට ගම් රටවල් බලා යන සෙනග වගේම විදේශ සංචාරකයෝ කිහිප පොලකුත් පෝලිමේ.. කොහොමින් හරි ඔය පෝලිංවල අරකේ මෙකේ ඉන්න ගමන් අහල පහල උදවිය එක්ක කතාවකට සැට් වෙන එක මගේ දින චරියාවෙම තියෙන දෙයක්... බඩුවල් මුට්ටුවක් ගන්ට කඩේකට.. පොලකට ගිහාම උනත් ඒවා එහෙමයි...

ඔය යන යන තැන කතාවල්වලට සැට් වීමත් ආයිබෝං ඒ හැටි නරක දෙයක් නෙවෙයි... රටේ ලොකේ මිනිස්සු හිතන පතන හැටි.. කියන කොරන හැටි ආදී බොහෝමයක් කාරණා දැන කියාගන්ට ලැබෙන.. නොමිලේම කටකතා මාජ්ජ ජාලයේ අප්ඩේට්ස් ගන්ට එහෙම ඕක බොහෝම අපූරු අවස්ථාවක්.. ඒ අස්සෙම ඉතිං අපේ අදහස් සමාජගත කොරලා පොඩි පහේ තෙලක් ගහන්ටත් ඇහැකි විදියක්නං තමා.. එව්වත් නොකියා බැහැනේ.. :D

කොහොමින් හරි ඔහොම සැට් වෙලා යද්දි මට ඉස්සරහින් යන හාදයා ආපහු හැරිලා මගෙන් අහනවා මේක මේ මාතර කෝච්චියට ටිකට් ගන්න පෝලිම නේදෑ කියලා... මාතර කෝච්චියට කියලා වෙනම කවුන්ටර් අරින වගක්නං මාත් දන්නේ නැති හින්දා සහ කවුන්ටරේට උඩින් පොල් ගෙඩි සයිස් එකෙන් මේක පලමු හා දෙවන පංතියේ ටිකට් කවුන්ටරය කියලා ලියලා තියෙනවා පේන හින්දා මාත් දන්න පොර සේ.. “මාතර කෝච්චියනං තමා දැන් තියෙන්නේ.. හැබැයි මේක ෆ්‍රස්ට් ක්ලාසුයි සෙකන්ඩ් ක්ලාසුයි ටිකට් දෙන එක...“ කියලා කියපි.. මොකද තර්ඩ් ක්ලාස් ටිකැට් කවුන්ටරේ තිබුනේ එයිට එහා පැත්තෙන් කියලා මම දැක්කා අර කිව්ව බෝඩ් ලෑල්ලකින්ම...

දැන් ඉතිං මෑන්ට සැටිස්.. “ආ හරි හරි ඒක තමා... වාඩි වෙලා යන්ට සීට් ඇති නේද...?“ කියලා මෙන්න මන් මගෙන් අහනවා.. යකෝ මං දුම්රිය ස්ථානාධිපතිද... ප්‍රවාහන ඇමතිද..? ඒත් ඉතිං ප්‍රශ්නයක් ඇහුවම මොකක් හරි උත්තරයක් ඇදලා අරින එක අපේ යුතුකොමක්නේ.. ඒ හින්දා කිව්වා.. “එව්වනං අනේ මංදා... සෑහෙන සෙනගක් දැන් පෝලිමේ ඇතුලටනං ගියා“ කියලා... මෑන්ගේ මූණ දැන් ටිකක් අස්පැට්.. ඒත් ඉතිං මං කියලා මක්කා කොරන්නද.. මං දන්නවෑ මේකේ සීට් ගානයි.. නිකුත් වෙච්ච ටිකට් ගානයි ගැන.. අනික මාත් මේ ඉන්නේ වාඩිවෙලා යන්ට සීට් එකක් ලැබියං කියන පරම පවිත්‍ර චේතනාවේ මිස ඒ චේතනාව ඒ ආකාරයෙන්ම ඉස්ඨ සිද්ධ වෙයිද කියලා හරියට නොදැන නෙව..

මෙන්න ඒ පාර අර උන්නැහේ පෝලිමෙන් පිට හිටිය උන්නැහේගේ ප්‍රියංභිකාව කියලා හිතිය හැකි කාන්තාවකට ලගට කතා කරලා කියනවා “මේ සීට් නැතිවෙයි වගේළු.. ටිකක් ඇතුලට ගිහින් බලන්ටකෝ“ කියලා.. යකෝ මං දැන් කිව්වද සීට් නැති කතාවක්.. මුංදලටත්  මොනවා හරි කොනක් අහු උනාම ඒකට පෝර දාලා උන්දලටම ඕන විදියට කතා හදාගන්නවා.. යකාගේ රටක් නෙව.. අනික ඉතිං සීට්නං කොහොමත් තියෙනවනේ.. එව්වා නැති වෙන්ටනං ඉතිං රෑ ඉස්ටේසමේ හිටිය උන් ඕවා ගලවලා දාන්ට ඕන.. හැබැයි ඉතිං සීට් උඩ පස්සවල් තියාන සෙනග ඉන්නවද නැද්ද කියන්ට අපි දන්නේ නැහැ...

අන්න මගේ මිත්තරයාට වැරදුන තැන... ප්‍රියංභිකාවට මල පයින්න ගියේ සුවල්ප වෙලාවයි... “ටිකට් නැතිව ඇතුලට යන්න දෙනවද මනුස්සපයෝ..?“ කියලා අහපි... මොනවා උනත් ගෑණු පරානෙට යමක් කමක් තේරෙනවා.. ටිකට් අරං මිස කෝච්චියේ සීට් ඇද්ද නැද්ද කියලා බලා ගන්ට තියා වෙන අහවල් කාරියකටවත් අර යකඩ ගේට්ටුවෙන් ඇතුලට ගියෑකිය මේ අපි වගේ සාමාන්‍ය පුග්ගලයින්ට... අපේ ගොයියා කට පියං බලං හිටියා... තව ටිකක් කතා කලානං අරුන්දෑ මුංදැගේ සායම අරින්ට බැරි නැති විත්තිය තේරුං අරංද කොහේද.. :D

කොහොමින් හරි ඔන්න අපිත් පෙරුං පුරලා පුරලා කිස්ටු උනා ටිකැට් කවුන්ටරේට.. අපේ මිත්තරයා ඔන්න ටිකැට් කවුන්ටරේ හාදයා එක්ක සංවාසයේ.. සොරි.. සංවාදයේ...

“වාඩි වෙලා යන්ට සීට් තියේද දන්නේ නැහැ නේද..? මෑන් විමසනවා...

“දන්නේ නැහැ.. ගිහිල්ලම තමා බලන්න ඕන“ කවුන්ටරේ බුවා කියනවා...

“සෙකන්ඩ් ක්ලාස් ටිකට් වලටත් සීට් නැතිවෙයිද..?“

“කියන්න බැහැ.. ගිහිල්ලම තමා බලන්න ඕන“

කවුන්ටරේ බුවා උත්තර දෙන්නේ ඌ බබා වගේ.. යකෝ කෝච්චියේ තියෙන ඉඩ පහසුකම් ප්‍රමාණයයි.. ඌ මෙච්චර වෙලා දුන්න ටිකට්වල ප්‍රමාණයයි අනුව තත්වේ කොහොමද කියලා ඌ නොදන්නවනං අපිද දන්නේ..? අපේ යාළුවා තමුන්ට ලැබුන උත්තරවලින් බොහෝම දුර්මුඛ වෙලා.. ඕන මගුලක් කියලා පවුලේ අයට සරිලන විදියට සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරං මුමුණ මුමුණ ඉස්සරහට ඇදුනා.. ඔන්න මගේ වාරේ... මාත් ඉතිං අර මනුස්සයට ලැබුන උත්තර ටික මේ වෙද්දි දන්න හින්දා ආයේ ආයෙම ඕවා අහන්ට නොගිහින් කෙලින්ම ඇහුවා “ෆ්‍රස්ට් ක්ලාස් ටිකට් මේකේ තියේද“ කියලා... එහෙමවත් වාඩියක් ගහං කොළඹට අද්දන්න ඇහැකි වෙයිද හිතං... ඒත් ඉතිං ඒකටත් උත්තරේ කෙලවෙන සුළුයි.. “මේකේ ෆ්‍රස්ට් ක්ලාස් නැහැ.. හයයි කාලේ එකේ තියෙනවා.. ඒකට ටිකට් දෙන්නේ අතන කවුන්ටරෙන්“ කියලා දැනටම වහලා දාලා තියෙන කවුන්ටරයක් පෙන්නලා මට  කියපි.. මක්ක කොරන්නද තව පැයක් නුවර ලගා ගහන්ටයි.. තාමත් ඇරලා නැති කවුන්ටරයකින් ටිකට් ගන්ටයි බල බල ඉන්නවට වඩා ඕන මගුලක් කියලා ගත්තා සෙකන්ඩ් ක්ලාස් එකක්.. ගියා ඇතුලට... 

කෝච්චිය නෙවෙයි මොන මගුල හරි කමක් නැහැ එයිට වඩා වැදගත් රාජකාරියක් වෙච්ච මුත්තරා බර සැහැල්ලු කරගන්න කියලා හිතං මහතුන්ගේ විවේකාගාරයද මොකක්ද කියලා ගහලා තිබුන පැත්තට රිංගුවා.. බලං ගිහාම අපි මේ ගණන් ගත්තේ නැති උනාට අපේ ගමේ මේසන් බාසුන්නැහේ කෙනෙක් වෙච්චි මහතුං අයියටත් රටේ තොටේ සෑහෙන තැනක් තියෙනවා නෙව... අපේ නමට කොහේද මේ රටේ කිසිම තැනක් තියෙන්නේ.. අඩුම ගානේ මහතුං අයියගේ නමට වැසිකිලියක් හරි තියෙන එකත් මදෑ... ගමටනේ ආඩම්බර.. නැද්ද හා..? :D

ඉතිං ඒ අවශ්‍යතාවයත් ඉස්ට කොරං ඔන්න මාත් දැන් නවත්තලා තියෙන කෝච්චියේ මේ කොනේ ඉදලා ඒ කොනට ගමන් කොරනවා.. මුලින්ම පේන්න තියෙන්නේ තර්ඩ් ක්ලාස් පෙට්ටි.. ඒ කියන්නේ සෙකන්ඩ් ක්ලාස් ටික ඇත්තේ එහා කෙරවලට වෙන්ට.. ඔන්න ඉතිං මාත් හැල්මේ යනවා ඒ අතට.. මං විතරක් නෙවෙයි බර ගානක් සෙකන්ඩ් ක්ලාස් ටිකට් ගත්ත අය හිටු කියලා හයියෙන් හයියෙන් ඒ පැත්තට යනවා.. කෙහොමත් සෙකන්ඩ් ක්ලාස් පෝලිම මීටර් දහයක් පහලොහක් තියෙද්දිත් තර්ඩ් ක්ලාස් පෝලිමේම  දෙන්නෙකුට තුන්දෙනෙකුට වැඩිය හිටියේ නැහැ... ඒකේ ප්‍රතිඵල විදියට අපිට දැන් පේනවා තර්ඩ් ක්ලාස් පෙට්ටි ඔක්කෝම හිස් කියලා... අතරින් පතර කිහිප දෙනෙක් වාඩි වෙලා ඉන්නවා...

ඔන්න ඉතිං අවසානෙට අපිට හම්බු වෙනවා සෙකන්ඩ් ක්ලාස් පෙට්ටි තියෙන හරිය.. හරිය කිව්වට මොකද මෙයාලා සූ ගාලා පෙට්ටි දෙකයි... ඒවෑත් පොල් පටෝලැහේ සෙනග... වාඩි වෙනවා තියා ඇතුලට රිංගිල්ලත් කොරන්න හැකියාවක් නැති තරං... මටනං ඇතුලට රිංගන්න නැති උනාට දුකක් නැහැ.. ඒත් එයිට වඩා දුක මං ටිකට් ගන්නකල්ම මාත් එක්ක පෝලිමේ පිටිං හිටං හිනා වෙවී හිටිය සුද්දි නංගියි.. ඒ නංගිගේ කොල්ලා මල්ලියි බොහෝම අසරණ වෙලා මේ සීන් එක දිහා බලං හිටිය හැටි දැක්කමයි... අපිටනං මෙව්වා ඒ හැටි කාරණා නෙවෙයිනේ.. ඒත් ඒ උදවියට මේක තමුන්ගේ සංචාරෙදී ලබන්ට වටින තරං හොඳ අත්දැකීමක් නෙවෙයි නෙව... අන්තිමේදී ඔව්වයින් මෙව්වයින් හිත කලකිරෝගෙන ආපහු ඒ රටට ගෙහුන් “ලංකාවේ දුම්රිය සේවේනං බලු සරිය“ කියලා දන්න කියන අයට කිව්වොත් ඒක ලංකාවට නෙව හොඳ නැත්තේ.. අනික මේ යහපාලනේට අතේ සතේ නැතිව නන්නත්තාර වෙලා ණයක් ගන්ටත් හැටියක් නැතිව ලාචෝරුස් වෙලා ඉන්න අල්ලපනල්ලේ... :D එන්ට ඉන්න සුද්දත් නැති උනොත් අපේ සිරා මාමා නෙව අමාරුවේ වැටෙන්නේ...

කොහොමින් හරි ඉතිං ගත්ත ටිකැට්ටුවට හරියන්ටවත් කියලා පෙට්ටියක් ඇතුලට රිංගලා බැළුවත් ඒවායේ නෙවෙයි වාඩි වෙලා යන්ට තියා කරදරක් නැතිව හිටං යන්ටවත් ඉඩක් තිබුනේ... 

ඕන පශ්චාත් භාගයක් ප්‍රීති වෙසඟක් කියලා හිතලා මාත් ඒකෙන් බැහැලා ආයෙම ආවා තර්ඩ් ක්ලාස් පෙට්ටි පැත්තට.. ඒ ඇවිත් කරලා හිතේ හැටියට ඉඩ ඇති පෙට්ටියක සුවසේ තප්පලං දාලා වාඩි උනා...

හප්පට සිරි එතනනේ කතාව යන්නේ ගජරාමෙට...

“මම කීපාරක් අරූගෙන් ඇහුවද සෙකන්ඩ් ක්ලාස් එකේ වාඩි වෙලා යන්න සීට් තියේද කියලා.. ඌ හරියකට උත්තරයක් දුන්නෙම නැහැනේ..“ ඔන්න එක්කෙනෙක් තදින්ම කියා සිටිනවා..

“ඒක තමයි.. අයියා අච්චර අහලත් අරූ කිව්වේ නැහැනේ සෙකන්ඩ් ක්ලාස් සීට් නැහැ තර්ඩ් ක්ලාස්නං තව ඉඩ තියෙනවා කියලා... අල්ලපු වැටෙන් සහයෝගයක්...

වැඩේ නැගලා යනවා.. පෙට්ටියේ හිටිය ගෑණු පිරිමි හැමෝම දැන් එකම ගාල ගෝට්ටියයි.. බලං ගිහාම තර්ඩ් ක්ලාස් පෙට්ටියේ වාඩි වෙන හැමෝම අතේ සෙකන්ඩ් ක්ලාස් ටිකට්... විනාඩි පහක විතර කතා බහකින් පසුව දැන්නං ඔන්න තත්වේ දරුණුයි... කට්ටිය ලෑස්තිය ආපහු ගිහින් ටිකට් කවුන්ටරේ බුවාට දෙසා බාන්න... ඔය දෙසා බෑවිල්ල කෙසේ වෙතත් අවසානෙදි වෙන්නේ අරූට හොම්බෙන් යනකල් ගුටි මුරයක් කන්න බවනං පැහැදිලියි... කොහොම උනත් ඒ අස්සේ හිටිය තවත් උන්නැහේ කෙනෙක් මේ වෙලාවේ කට ඇරියා...

“ඕකුන්ට දැන් ගිහින් බැන්නොත් කතාව දුර දිග ගිහින් අවසානෙදි වෙන්නේ අපේ අතින් ඔය යක්කු ගුට කන එක.. එයින් පස්සේ වෙන්නේ ඔය කාලකණ්නි අනිත් අතට ස්ට්‍රයික් කරන එක... අන්තිමේදී අපිට ආපහු එන්න වෙනකොට මුං ස්ට්‍රයික් කර කර ඉදියි..“

ඔන්න අරූට නෙලන්න සැට් වෙලා හිටිය උන්දලා ටිකක් කූල් ඩවුන් වෙන්ට පටන් ගත්තා... “ඒකත් ඇත්ත තමයි.. මුං එහෙම කාලකණ්නි ටිකක් තමා.. අනේ මුංගේ වදාපු අම්මලගේ වලවල්වලටත් හෙන ගහනවනේ මේ කරන අසමජ්ජාති වැඩ වලට“ ඒ දහස එතැන හිටිය බවලත් උන්දෑ කෙනෙක්ගෙන්...
“ඒක තමයි.. මෙහෙම කරන උන්ටත් ඉරහද පායනවනේ.. කාලකණ්නි බල්ලෝ පනුවෝ ගහලා මැරෙන්ට ඕන“.. ඒ පාර ඔන්න ඇරඹුනා සාප කිරීමේ වාරය...

කොහොමින් කොහොම හරි අවසානෙදි අහල පහල හිටියවිසි තිස්දෙනෙක්ගේ අවලාද.. සාප කිරීම්.. බණ වැදීම් සියල්ල නිමා කරමින් කොච්චිය පිටත් වෙන්ට සූජානං කියන නලා හඩ පැතිරුණා... එයින් පස්සේ ඒ කතා බහ නිමා වෙලා ලංකාවේ ඕනම ප්‍රශ්නයකදී සිද්ධ වෙන්නා වාගෙම ඒ ඒ වෙලාවට කේන්තියට කියන කතා නිමා කරලා කට්ටියම හරි බරි ගැහිලා නිදා ගත්තා.. :D

ආයේ ඉතිං මං කියලා වෙන අහවල් එකක්ද බොලවු මාත් නිදා ගත්තා.. :D
ඇයි යකෝ මාත් අභිමානවත් සිරිලාංකිකයෙක් නෙව... :D :D :D
-------------------
කතාව එච්චරයි... හැබැයි ඉතිං මේ කරන වංචාවල්වලට මිනිස්සු සද්ද නැතිව ඉන්න එක හැමදාම වෙන එකක් නැහැ.. කොයි වෙලේ හරි ටිකැට් කවුන්ටර් එකේ බුවාට උඩ දාලා ගහන දවසකුත් එයි... ඒ හින්දා ඔය රාජකාරියේ ඉන්න ඈයෝ මේක බලනවනං හරි.. එහෙම ඈයින්ගේ නෑදෑ හිත මිත්තරයෙක් හරි මේක බලනවනං හරි... උන්නැහේලට මේ ගැන අනතුරු අගවලා තියන්න.. ටිකට් විකිණිමෙන් ලැබෙන කොමිසන් එකක් නිසා හෝ වෙනත් වාසියක් නිසා බොරු කියලා හෝ ඇත්ත නොකියා සිටීමෙන් ලගදීම දවසක උන්දලගේ බඩ කට පුරා කෑම ලැබිය හැකි බවත්... කොමිසොං එකෙන් ලැබෙන රුපියල් ගානට වඩා ගානක් බෙහෙත් හේත් සඳහා වියදං විය හැකි බවත්... ඒ ගුටිමුර නැතත් ගෙවල්වල ඉන්න දුවා දරුවන්ගේ හිටං මිය පරලව ගිය අම්මා තාත්තා දක්වාම උදවියට මිනිස්සුන්ගේ සාප කිරීම්වලට ලක්වෙන්න වෙන බවත් ඒ ඒ අයට කියලා මේ වගේ අසමජ්ජාති වැඩ නොකර යහපත් කල් කිරියාවෙන් ඉන්ටය කියලා... ඔන්න අපි ගියා.. සුභ පැරණි වසරක්ම වේවා..!

42 comments:

  1. //"ඇතුලට රිංගලා බැළුවත් ඒවායේ නෙවෙයි වාඩි වෙලා යන්ට තියා කරදරක් නැතිව හිටං යන්ටවත් ඉඩක් තිබුනේ..."//

    යකෝ උඹ වගේ එකෙකුටත් කරදරයක් නැතිව මේවායේ යන්න බෑ කියනවනම්, අපි කොහොමද ඕවෑයේ යන්නේ....?

    ඔය මම කිව්වේ, අවශ්‍යය වෙන්නේ පොඩි ජම්ප් ස්ටාර්ට් එකක් විතරයි කියලා..... ඔය ඇඟිලි ටික ලියාගෙන ලියාගෙන යන්නේ හරි අපූරුවට.....!

    රත්තරනේ ඔන්න ඔහොම ලියපන්. උදේ නැගිට්ට එකයි, දත් මැද්ද එකයි, පොළේ ගිහිල්ලා කරෝල කූරියෙක් අරගෙන ඇවිත් බැදලා කාපුව හරි කමක් නෑ.....!

    ReplyDelete
    Replies
    1. මේ පාර ලියන ලියන අකුරක් පාසා ඒකේ රැස්පොට් එක බොට යා යුතුයි.

      Delete
  2. යහ අපාලනයෙන් ලද ෆ්‍රී වයි පයි උපයෝගී කොට ගෙනෑ මෙම පෝස්ටුව පල කොල බව සන්න්හන් නොකිරීම තරයේ හෙලා දකිමු...

    ReplyDelete
    Replies
    1. :D අපි හෙලා දකින්නං.. ඔයාලා කරගෙන යන්න...

      Delete
    2. ඒව කියයිද බං අපේ මාරා මල්ලි........
      කොළඹ ඉද්දි මේ දවස්වල...හිල & දහවල ...අභයාරාමෙන්......හෙක්....හෙක්....
      මොන වස්තරේ උනත් ආයෙ ලියන එකට තුති මල්ලියෝ....

      Delete
  3. අළුත් අවුරුදු පෝස්ට් එක තාම ලිව්වේ නැතෑ. අයියේ අර අන්තර්ජාල පහසුකම් ගැන කිව්ව එව්වා නම් සහතික ඇත්ත. ඔෆිස් නැත්තං ඉන්ටර්නෙට් නහී කර්තාහේ....

    ReplyDelete
    Replies
    1. මං නොදන්නවද මාළු මලේ අපේ සිරි ලාංකික ජනතාවගේ හද ගැහෙනා රාවේ.. :D

      Delete
  4. හැමදාම ඔහොමතමා බං , සෙකන්ඩ් ක්ලාස් ගන්න එවුන් බාගයක් හිටගන

    ReplyDelete
  5. රජයේ අායතන නිවාඩු නම් 3 න් 1 ක් නැහැ... පෞද්ගලික අංශයේ නිවාඩු නම් තවත් 3 න් 1 ක් නැහැ... ඉරිදාට කොහොමත් ඔය තුනෙන් දෙකම හැමදාම නැහැ... දැන් අවුරුදු නිසා ඉතුරු 3 න් 1 න් 4 න් 3 ක් නැහැ...... මාරයියාගේ ලිපිය සින්ඩියේ දැකපු ගමන් ම මගේ හිතට අාවේ මේක තමා..... ඒත් ඉතින් කියවන්න කලින් ම මාරයියා මාර විදිහට ඒක ගැනම ලියලා.... අවබෝධය ඉතා වටිනවා මාරයියේ................... ජය ශ්‍රි

    ReplyDelete
    Replies
    1. මාරයියේ......................... කෝච්චි කතාව ගැනත් නොකියාම බැහැ..... නුවරින් කොළඹ පැත්තට යන ඒවාටනම් අපේ ගණුදනුවක් නැහැ ඔන්න.. ඒක මුලින් ම කියන්න ඒපැයි... ඒත් හපුතලේ දියතලාව පැත්තේ ඉදලා පේරාදෙණියට ඒනතුරු ගණුදෙනු ඒමටයි..... ඒ ගැනනම් කියන්න දුක නැහැ. පට්ට සුපිරි ගමන... සුන්දරයි අලංකාරයි.... බැරිම තැන ඒ ගැන මං කවියකුත් ලියුවා ලගදී...... ඒ තරම් හිතට අල්ලලා තියෙන්නේ..... ඔය දුක නම් නැහැ මාරයියේ......

      වැඩිදුරටත් කියනවා නම් තව පැය 4 කින් පස්සෙත් කෝච්චි සංචාරයකටයි අපි ලැහැස්ති..... පේරාදෙණියෙන් රෑ 11ට යනවා බදුල්ල කෝච්චිය..... ඒකේ යනවා දියතලාවට... දැන් බඩු පැක් කරන ගමන්..... වෙනදානම් සතියකට විතර කලියෙන් ටිකට් දෙකක් බුක්කරගන්නවා.... ඒත් මෙදා පාර වැඩේ වැරදුනා... කෝච්චියේ යන්න නෙමෙයි හිටියේ.. ඒත් ලේසිම ක්‍රමය ඒක කියලා හිතුණා..... පාන්දර 5.30 වෙනවා ගමන ඉවර වෙද්දි.... රෑ යන්නේ නම් අද තමා පළමු පාරට... ෂීට් නැතත් දුක අඩුයිනේ.... ඒ නිසා යනවා..... ඉතින් මගේ අත්දැකීම නම් ඔබ කියනවාට වඩා ටිකක් විතර වෙනස්.......

      Delete
    2. කෝච්චි ගමන සාර්ථක වෙන්න ඇති කියලා හිතනවා...

      Delete
  6. මාරයා මල්ලි,

    මේ රටේ රාජ්‍ය සේවයේ විනයක් කිසිදු රජයක් විසින් ඇතිකළේ නෑ.
    අවංකවම මේ රටේ මිනිස්සුන්ට විනයක් පාලකයන් ඇති කරනවට මිනිස්සු කැමතිත් නෑ !
    මේ තියෙන්නේ http://ravaya.lk/?p=6584 ලී ක්වාන් යූ ගැන වික්ටර් අයිවන් මහතා පවසන දෙයයි,
    ඔහුට අනුව සිංගප්පුරුව ආර්ථික ලෙස දියුණු වී ඇත්තේ "ලී ක්වාන් යූ" ගේ ප්‍රතිපත්ති නිසා නමුත් ඔහුට අනුව දියුණුව ලෙස අර්ථ කථනය
    කරන්නේ අදහස් ප්‍රකාශකිරීමේ ප්‍රජාතන්තර වාදී ක්‍රමයක් ඇත්නම් පමණයි.

    ප්‍රශ්නය නම් මෙවැනි දියුණු ක්‍රමයකට යාමට දැඩි විනයක් දුෂණයෙන් තොර ක්‍රමයක් උවමනා වෙනවා, මෙම ක්‍රමය දිරවන්නේ නැත්තේ
    දෙසපලන්යයනට විතරක් නෙමෙයි ඔයවැනි අවස්ථාවලට මුහුණදෙන මිනිසුත් අදාල වෙලාවේ ඇති වන අපහසු තාවය සහ පීඩනය නිසා
    දුම්රිය සේවකයනට බැන්නත් සමස්ත ක්‍රමයටම ඉතා දියුණු වැඩපිළිවෙලක් පැමිණීමේදී මෙහි යන මිනිසුන්ටත් තමාගේ වැඩ විනයක් අනුව
    කිරීමට සිදුවූ විට නිරායාසයෙන් ම රජයට බැනීම සිදුකරයි.

    පුද්ගලිකව පුරවැසියන් ලෙස පහත දේවල් කිරීමට සිදුවූ විට ඔබ ක්‍රියාකරන්නේ කෙසේදැයි කියන්න

    01. තම අදායමෙන් රජයට නිසිපරිදි බදු ගෙවීම
    02. නිසි වෙලාවට තම රාජකාරිය කිරීම සහ තම අතපසු වීම් වලට ඉහල දඩමුදලක් ගෙවීමට කැමති වීම
    03. නව වුර්තිය පුහුණුවීම්වලට කැමති වීම
    04. පරිසරය අපවිත්‍ර කිරීම්වලට අසුවුනොතින් ඉහල දඩ මුදල් ගෙවීම.
    05. රජය සපයන සහනාදාර අවම කිරීම සහ නව රැකියා අවස්ථා සහ නව දන උපයන මාර්ග ඇති කිරීම. (ජනසවිය පසුව සමුර්ධිය වුනත් අදාල ආදර ලබන්නන් අඩුවීමක් නොවී වැඩිවීමක් සිදුවීමෙන් අප ප්‍රගතියක් නොලබන බව තේරුම් ගත යුතුය )

    අවසාන වශයෙන් පුරවැසියන් ලෙස කලයුත්තේ මෙවැනි ක්‍රමයකට අවශ්‍ය කටයුතු සිදු කිරීමයි.

    ReplyDelete
    Replies
    1. සියළුම කරුණු වලට එකඟයි.. පෞද්ගලිකව ගත්තොත් මම බොහෝම නීතිගරුක පුරවැසියෙක්... ටොපි කොලයක්වත් පාරක දාලා එන පුරුද්දක් නැති.

      Delete
  7. ආයේ සෙකන්ඩ් ක්ලාස් ගන්න එපා .

    ReplyDelete
    Replies
    1. නින්දක් දාං එන්න උවමනාවක් තියෙන වෙලාවක මිසක් කොහොමටවත් මං සෙකන්ඩ් ක්ලාස් ගන්නේ නැහැ... පාන්දර එකයි හතලිස් පහට නැගිටලා කොළඹ ඉදන් වාහනයක් නුවරට ගෙනිහිං දාලා ආපහු එන ටිකේ හරි නින්දක් ගහන්න ඕන හින්දයි ගත්තේ.. නැත්තං ඉතිං මාත් ඇවිල්ලා තර්ඩ් ක්ලාස් බුවා... :D

      Delete
  8. Malli MAHATUVA Toilet ake nama gahagenada??? mekata geya kala,,,,ha ha ohoma yan,,,

    ReplyDelete
    Replies
    1. මහතුංට මාර සැලකිල්ලක් තියෙන්නේ අප්පා... යන යන තැන උන්දැගේ නමට කාමර වැසිකිලි...

      Delete
  9. Replies
    1. කෝ බං කොමෙන්ට් එක..?

      Delete
    2. උගේ එකේ බලහං ........

      Delete
  10. //අනික මේ යහපාලනේට අතේ සතේ නැතිව නන්නත්තාර වෙලා ණයක් ගන්ටත් හැටියක් නැතිව ලාචෝරුස් වෙලා ඉන්න අල්ලපනල්ලේ... :D එන්ට ඉන්න සුද්දත් නැති උනොත් අපේ සිරා මාමා නෙව අමාරුවේ වැටෙන්නේ...//
    උබ තමයි මිනිහා ඒ කතාව අස්සෙත් තමන්ගේ ආතල එක ලෙසටම ගත්තා නොවැ

    ReplyDelete
    Replies
    1. ආයේ ඉතිං.. කෝවේ දාලාවත් අපිව මැකියැකියෑ... :D

      Delete
  11. //ආණ්ඩුවේ නිවාඩු කියන්නේ බ්ලොග් කියවන්නන්ගෙන් තුනෙන් එකකට අන්තර්ජාල පහසුකම නහී කර්තාහේ...// ++++++++++++++++++++++

    ReplyDelete
  12. මොබිටෙල් ඊ ටිකටින් වලින් ටිකට් අරන් ස්ටේශන් එකට ගිහිල්ල ටිකට් නිකුත් නොකරපු සීන් එකක් මට උනා.ඒ මඩකලපු ට්‍රේන් එකට.හැබැයි උන් සීට් තියෙන ගාන කිව්ව බුකින් හින්දද කොහෙදො.ඒත් ස්ටේශන් එකෙන් කෙලියා...සාධාරණේ හොයන්න ගිහින් මට ටෙලිෆෝන් බිල වැඩි උන එක විතරයි උනේ.මුන් ඔක්කොම දිය ඇල්ලක උඩ ඉඳන් පල්ලෙහාට අතෑරලා හෝදලා ගන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අපෝ මොබිටෙල් සීන් එකනං සෑහෙන අයට සිද්ධ වෙලා තියෙනවා.. එතකොට තමා ඉතිං අර මොබිටෙල් ඇඩ් එකට ඉන්න අපි නොදන්න චූටි මල්ලිටත් හොම්බට අයින්න හිතෙන්නේ... :D

      Delete
  13. අවුරුදු හත අටකට උඩදි, පොළොන්නරුවෙන් මඩකලපු කෝච්චියට සෙකන්ඩ් ක්ලාස් ටිකට් දෙකක් අරන් නැගලා බලද්දි, අදාල අසුන්වල වෙන දෙන්නෙක්. ඒ අයගෙන් විමසලා බලද්දි, ඒ දෙන්නටත් ඒ ආසනවලටම ටිකට් දීලා මඩකලපුවෙන්. ගාඩ් කියනවා අපිට තුන්වෙනි පන්තියෙ ආසන දෙකක් දෙන්නම්ලු. මගෙත් එක්ක හිටිය යාළුවා දරුණු විදිහට හැසිරුණු හින්දා, අපිට නියමිත අසුන් දීලා, එතන හිටි අයව වෙනත් ආසනවලට යැව්වා.
    ගාඩ් කිව්වා, ඒක එහෙම නිතර වෙනවලු!

    ReplyDelete
    Replies
    1. යාළුවා විතරද දරුණුවට හැසිරුනේ.. :D

      Delete
  14. හප්පච්චියේ ඕක මොකද්ද, සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන් එක දවසක් නුවර ඉඳල කොටුවටයි, ඊලඟ දවසෙ කොටුවෙ ඉඳල නාවලපිටියටයි හරි අගේට හිටං ගියේ මං. පැය හතරකටත් වඩා, හප්පා හොඳගනන්. හැබැය්ජ් ඉතින් බැරිමකොට ෆූට් බෝඩ් එකේ කකුල් දෙක පහලට දාගෙන වාඩි උනාම එතනත් ශෝක් නැරඹුම් මැදිරියක් වගේ තමා.

    ReplyDelete
    Replies
    1. දවල්ටනං ඉතිං පුට්බෝඩ් එක තරං හොද වෙන තැනක් නැහැ.. ඒත් පාන්දර හීතලේ ඒ කෙලිය අමාරුයි මනොෂ්.. අනික පට්ට නිදිමත...

      Delete
  15. ඇයි බං අයියේ මේ අපි ඉන්නේ කියවන්න..

    මට නම් ඉතින් ඒ තරම් දුම්රිය ගමන් අත්දැකීම් නැති හන්දා සද්ද නැතුව ඉන්නම්..

    ReplyDelete
    Replies
    1. ඇයි බං මම මේ කියලා තියෙන්නේ..
      //ආයේ ඉතිං මේකක් කියවන්ට ඉතිරි වෙලා හිටියොත් ඒ පිටදේශ දීපංකරේකට වෙලා සිරිලංකාවට බැල්ම දාං ඉන්න උදවියයි.. මේ අපි වගේ එලොවටත් මොලොවටත් නැති නොම්මර එකේ සිරිලාංකික ජනතාවයි තමා...//
      :D
      අඩේ ඉතාලියේ කෝච්චි ගමන් නැද්ද ඒ කියන්නේ..?

      Delete
  16. ඒක උගේ අම්මගේ වැඩක් නේන්නං. තර්ඩ් ක්ලාස් ටිකට් අරන් සෙකන්ඩ් ක්ලාස් හිටගෙන ගියොත් දඩ ගහන දිම්රිය සේවය නේද ඔය? අපි කාට දඩ ගහමුද?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ හෙන්රි අයියා..

      Delete
  17. මාරයෝ,
    මම නම් මාරයා විතර පොහොසත් නැහැනෙ. ඒ නිසා නුවර ඉඳන් කොළඹ යන්න පුරුද්දක් ලෙස භාවිතා කරන්නේ 5.10 කෝච්චියේ 3 වන පන්තියයි. ඒක නුවරින් ගමන් ආරම්භ කරන නිසා ඉඳ ගන්න ආසන ඕනෑ තරම් තියෙනවා. හැබැයි පෙරහැර කාලෙට නම් නෙමෙයි. ගණන ගෙඩි රුපියල් 105ක් නිසා සහ වෙලාවට කොළඹට එන නිසා දුම්රියේ 3 වන පන්තිය බොහෝ දෙනා අතර ජනප්‍රියයි. .

    ReplyDelete
    Replies
    1. පොහොසත් කමක් නෙවෙයි සමරසේකර මාමේ... නින්දක් දාං එන්න තියෙන උවමනාව හින්දා.. මම ඉතිං ඔය වැඩි විස්තරයක් දැනං හිටියේ නැහැනේ... නිතර ඔය කෝච්චියේ යන එන අයනං කලාව දන්නවා ඇති.. මේක මේ හදිසියේ යෙදුන ගමනක් නෙව...

      Delete
  18. කොළඹ ඉදන් මාතර යන රුහුණු කුමාරියේ නම් ටිකක් අනිත් පැත්තට වැඩ සිද්ද වුනේ. එ්කේ තර්ඩ් ක්ලාස් ටිකට් අරගෙන මිනිස්සු සකන්ඩ් ක්ලාස් හිටගෙන යනවා. ටිකට් පරීක්ෂකවරු ටිකට් බලන්නේ දෙවනි පංතියේ වාඩිවෙලා ඉන්න අයගේ විතරයි. ගාල්ල පහුවුනාට පස්සේ ආසන ගොඩක් හිස්වෙන නිසා තර්ඩ් ක්ලාස් ටිකට් ගත්ත අයත් සකන්ඩ් ක්ලාස් වාඩිවෙලා ගමනේ අන්තිම කොටස යාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ කෙලියත් අර වගේම අවරගනයේ වැඩක් තමයි... සමහර වෙලාවට සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් අරං එන අයට වාඩි වෙන්නත් නැති වෙන වෙලාවල් තියෙනවා අතර මගදී සීට් හිස් උනාම ඒවායේ වාඩිවෙන සෙකන්ඩ් ක්ලාස් ටිකට් නැති අය හින්දා... මේ හැම රෙද්දටම කලින් සුද්දගේ කාලේ තිබුන ක්‍රමයටම තාම දුවන කෝච්චි සේවය වෙනස් කරන්න ඕන... ස්ටේෂන්වලින් කොච්චිවලට ඇතුළුවෙන ගේට්ටු වෙන් කරලා නියමිත පංතියට විතරක් නගින්න මිසක් හිතුන හිතුන එකට ගොඩ වෙන්න බැරි වෙන්න ක්‍රම හදලා.. ආසන ගනනට ටිකට් නිකුත් කරන විදියකට... දැන් තියෙන ක්‍රමයට ඉතිං ගාඩ්ලයි අරකයි මේකයි දාගෙන ටිකට් බල බල.. ටැබ්ලට් මාරු කර කර පරණ විදියටම දුවන ගමන් නිකං පඩි ගෙව ගෙව ඉන්න එකයි වෙන්නේ...

      Delete
  19. ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
  20. අනේ මන්ද........තප්පරේට.......කියපු වෙලාවට බස් & දුම්රිය නැවතුම් වලට එන රටවල ඉන්න/හිටපු මට නම් පුදුම දුකක් මේව අහද්දී.......
    පෙට්ටිය ලගට ගියා.....තමන් දන්න භාෂාව එබුවා......යන්න ඕන තැනත් එබුවා......මුදල පේන්න ගත්තම......හිලට එබුවා......කොයින් එක/ටිකට් එක අරගෙන .....අපි බුවාල ගියා....

    ReplyDelete
  21. මම නම් සෙකන්ඩ් ක්ලාස් ටිකට් ගන්නෙ නෑ ලේසියෙන්... ඕකෙ ඉලක්කම් දෙකයි, ටිකට් එකේ ගානයි විතරයි වෙනස්...

    ReplyDelete