13 April 2015

අවුරුද්දට අළුත් කෑමක්...

ආයේ ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙව.. මං මයේ බ්ලොග් එකෙන් එක එක ජාතියේ දේවල් ගැන ලියනවා කියනවා කතා කොරනවා කියලා... ඒ අතරේ දේශපාලනේ වගේම මගේ ඔය ගමන් බිමන් චාරිකා එහෙමත්.. එතැනින් ගියාම රටේ තොටේ විස්තර ගැනත්.. කාලයක් ලියං ගිය පන්සල් කතා වගේම අපේ ජුංඅලගේ කතා වගේ එක එක ජාතියේ එව්වා තියෙනවා..
ඒ එක්කම අමතක කෙරන්ට බැරි තවත් අංගයක් තමා ඔය සූප සාත්තරේ ගැන ලියන ඒවත්... දැන් සෑහෙන කාලෙක ඉදලා ඒ පැත්තෙනුත් සෑහෙන්න දේවල් මං ලියලා තියෙනවා...

ඔහෙලට කිව්වට මොකද.. ඔය මූණු පොතෙන් වගේම බ්ලොග් සාත්තරෙනුත් වැඩිම අංගනාවෝ පිරිසක් මයෙත් එක්කලා දැන හැදිනීම් ඇති කරගත්තේ ඔය සූප සාත්තර මෙව්වා එක හින්දම තමයි... ( හා දැන් ඉතිං කට්ටියම හිටු කියලා ලියපියවු කෑම බීම හදන කොරන හැටි.. :D )

ඉතිං මේ අවුරුදු කටේ වෙච්චි.. මෙහෙම වෙලාවට මේ බ්ලොග් වසන්තයාත් ඇවිත් තියෙන වෙලේ ලියන කියන දේවල් අතරට ඉවුං පිහුං ගැනත් සුළුවට හරි නොලිව්වොත් ඒක මයේ තත්තෙට හොද මදි.. ආන්න ඒ හින්දා මං කල්පනා කොලා කාට කාටත් පරයෝජන ගන්ට ඇහැකි විදියේ කෑමක් බීමක් ගැන ලියලා දාන්ට ඕනය කියලා...

හැබැයි ඉතිං කෑම කිව්වමත් අපි මේ වෙද්දි අවුරුද්දට නොකාපූ කෑමක් නැහැ නෙව... සිංහල උනාට මොකද... දෙමළ කෑමද.. මුස්ලිම් කෑමද.. සුද්දගේ කෑමද.. අරක මේක ඔක්කෝම කලවං වෙලා හොදට බඩ කට පුරා කාලා තියෙද්දිත් තව තවත් අළුත් විදියට කන්ට අපිට තියෙන මේ ආසාව ගැන මං දන්න හින්දම මෙදා පාර මං කල්පනා කොලා තාලේ හැටියට.. කාලේ විදියට ගැලපෙනම විදියට කෑමක් බීමක් ගැන කියන එකයි මයේ යුතුකොම කියලා.. අනික ඉතිං යහපාලනෙත් තියෙන වෙලාවක යහතින් කෑහැකි ජාති කියා දෙන එක අපෙන් රටට වගේම රට වැසියටත් සිද්ධ විය යුතු යුතුමක් නෙව... ඉතිං පවතින යහ පාලන ආණ්ඩුවටත් පොඩි සප් එකක් හැටියට මෙදා පාර මාත් දෙනවා ඔන්න යහපාලන අළුත් අවුරුදු කිරිබතක්... හදලම බලන්ටලකෝ කොහොමද යහපාලන අවුරුදු කෑමේ රඟ කියලා.. 

ඔන්න මතක ඇතිව කාලා බලලා ඇස්ඇම්ඇස් එහෙකුත් ගහන්ට.. මට නෙවෙයි මේ විදියට කන්ට දෙන අපේ ගරු ඇමතිතුමා වෙච්ච පාමං.. නැහ් ගරු කටයුතු කිලිනො.. නැහ් එහෙමත් නෙවෙයි... සතො.. මොන මගුලක්ද අප්පා මේ ඇමතිතුමාට තියෙන ගෞරව නාම හින්දා නියම නමත් අමතක වෙලා ගිහිල්ලා.. කවුද.. ආ හරි.. රවී කරුණා නාය ඇමතිතුමා... (කරුණානායකද නායගම්ද කියලා හරියටම පැහැදිලි නැති හින්දා ඔය ගානින් නම නැවැත්තුවා... බලං ගියාම ඒක අර ඔක්කෝටම වඩා හොදයි.. කරුණාව නාය යනවා.. ) ආන්න ඒ ඇමතිතුමාට ඇස්ඇම්ඇස් කොරලා කියන්ට කොහොමද කෑම කියලා.. අති විශිෂ්ඨයි නේද කියලා.. හරිනේ එහෙනං...

ඉතිං කිරිබතක් කිව්වම අවුරුද්දට ගැලපෙන්නත්.. පහසුවෙන් හොයා ගන්ටත්.. ඒ වගේම කෑම වේලක තිබිය යුතු පෝෂණ ගුණය රැකෙන්ටත්.. විවිධත්වයක් තියෙන්ටත් ආදී වශයෙන් බොහෝමයක් කරුණු කාරණා සලකා බලලා තමා මං මේ කිරිබත හදන්නේ.. කොටින්ම කිව්වොත් මේකේ නැති දෙයක් නැහැ.. හැම දේම තියෙනවා.. නියම යහපාලන කිරිබතක්...

___________________________

උඳු කිරිබත්...

අවශ්‍ය ද්‍රව්‍ය:-

උඳු 01Kg
උඳු 500g
වතුර ලීටර් පහයි.
ලුනු මේස හැන්දක්.
හොයා ගන්න පුළුවන් උනොත් කැකුළු සහල් මිටක්.

සාදන ක්‍රමය:-

පළමුව වතුර ලීටර් තුනකට උදු කිලෝ එක දමා වරුවක් පෙගෙන්න දමන්න.
ඉතිරි වතුර ලීටර් දෙකට අනිත් උඳු කිලෝ බාගය දමා එසේම වරුවක් පෙගෙන්න දමන්න.
පොඟවා ගත් උඳු කිලෝව වතුර පෙරා කිරිබත සෑදීමට ඔය මේ වන විටත් අළුතින් ගෙනවිත් ඇති මැටි මුට්ටියට දමන්න. අළුතින් මුට්ටියක් ගෙන ඒමට හැකියාවක් නැති අවුරුදු බෝනස් පඩි නඩි නොලැබුන රැකියා වලින් ඉවත් කරන ලද අය ඉෂ්ඨ දේවතාවන්ට පිං අනුමෝදන් කරවන ගමන් ගෙදර ඇති පරණ මුට්ටියකට  දමන්න. අමාරුවෙන් හරි හොයාගන්න පුළුවන් උනොත් අර කියාපු කැකුළු හාල් මිටත් ඒකටම දාන්ට.
පොගවා ගත් උදු කිලෝ බාගය එහි ඇති වතුරත් සමඟින්ම බ්ලෙන්ඩරයක් මගින්අඹරවා උඳු කිරි සාදාගන්න. එයටම ලුනු මේස හැන්දත් එක් කර පොගවා ගත් උදු කිලෝව සහිත මුට්ටියට දමා අළුත් අවුරුදු නැකතට ලිප තබන්න. ලිපේ ගින්දර තරමක් සැරට දමා.. වතුර පැසෙන්නට ගත් පසු ගින්දර තරමක් අඩු කර පියනකින් හොඳින් වසා තැම්බෙන්නට හරින්න... නියම ගණනට උඳු තැම්බී කිරිබත සකස් වන විට පළාතම යහපාලන සුවඳින් ඉතිරී පැතිරී යන විට ලිප නිවා කිරිබත කෙසෙල් කොලයක් ඇතිරූ වට්ටියකට දමා තුනී කොට මදක් නිවෙන්නට තබා කෑලි කපා ගන්න... දැන් ඔබට ඉතා රසවත් ගුණවත් අළුත් අවුරුදු කිරිබතක් ලැබී ඇත. උවමනානම් කහ කුඩු ස්වල්පයක් උඩින් ඉස කිරිබත තවත් අරුත්බර කර ගැනීමට ඔබට හැකියාව ඇත.

විශේෂ කරුණු- උඳු දියේ දැමීම හෙට උදෑසන එනම් 14 වැනිදා 07.23ට පුණ්‍යකාලය ලැබීමට පෙර සිදු කරන්න.හාල් ගණන් නිසා ඒ වෙනුවට ආදේශකයක් ලෙසින් පුන්නක්කු දැමීමට උත්සහ නොකරන්න.
____________________________

හරි කිරිබතනං ලෑස්තියි... දැන් මේක කන්න ලුණු මිරිසක් වගේ දේකුත් එපෑ.. ඔන්න එහෙමනං ඒකට දෙයක්...
____________________________

කොත්තමල්ලි උම්බලකඩ සම්බෝලය...

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි 100g
උම්බලකඩ  100g
වියලි මිරිස් කරල් දහයයි.
වතුර ලීටරයයි.
ලුනු තේ හැදි එක හමාරයි.
දෙහි ගෙඩියයි.

සාදන ක්‍රමය:-

පළමුව කොත්ත මල්ලි ටික සෝදා වතුර ලීටරය එක් කර හොඳින් තම්බා ගන්න. පැය දෙකක් පමණ අඩු ගින්දරේ තැම්බී කොත්තමල්ලිවල ඇති වර්ණවත් ගතිය ඉවත් වූ පසුව වතුර පෙරා කොත්ත මල්ලි ටික මිරිස් කරල්ද සමගින් හොදින් අඹරා ගන්න... කොත්ත මල්ලි සියුම් ලෙසින් ඇඹරුනාට පසුව උම්බලකඩත් එක්කර කැබලි සිටින සේ අඹරා ලුනු හා දෙහි ඇඹුල් මිශ්‍ර කරගන්න. දැන් ඔබගේ යහපාලන කිරිබතට අපූරු කොත්තමල්ලි උම්බලකඩ සම්බෝලයක් සැකසී ඇත.

විශේෂ කරුණු- කොත්ත මල්ලි තම්බාගත් වතුර ටික ඉවත නොදා පානය කිරීමෙන් ඔබට අමතර ශක්තියක් ලබා ගත හැක.
___________________________
හරි එහෙමනං ඔන්න අළුත් අවුරුද්දට අළුත් රටක් ලැබෙන්න යන අල්ලපනල්ලේ.. අළුත්ම විදියට කිරිබතක් හදාගන්න හැටි බොහෝම සරලව කියා දුන්නා...ආයේ ඉතිං විහිළුවට ගන්ට එපා... හාල් පොල් ගණන් ගිහින් කෙලවෙලා තියෙන වෙලේ අරයට මෙයාට ආඩපාලි නොකියා වැඩේ පිරි මහ ගැනිල්ල නෙව කෙරෙන්න ඕන... අනික ඉතිං කිරිබතක් කියන එකට “කිරියි+ බතුයි“ තියෙන්නම ඕන කියලා නිතියකුත් නැහැනේ... නිකං මේ “යහ+පාලනේ“ වගේම...

එහෙනං ඕං.. කහ කුඩෙන් උම්බලකඩෙන් ඉතිරිරෙන සුභ නව වසරක් වේවා...
_________________________

අළුත් අවුරුදු නැකත්.

නොනගතය -
හෙට උදේ 07.23හේ සිට දහවල් 01.47 වන තුරු...

ආහාර පිසීම -
සවස 02.05ට රතු වස්ත්‍රයෙන් සැරසී නැගෙන හිර බලා ලිප් බැඳ...

ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම-
සවස 02.42ට රතු පැහැති වස්ත්‍රයෙන් නැගෙන හිර බලා...

හිස තෙල් ගෑම-
15 වැනි බදදා උදේ 09.06ට දකුණු දිශාව බලා... හිසට කොහොඹ පත් පයට කොලොන්පත් තබා ලාකොල පැහැ වස්ත්‍රයෙන් සැරසි...

රැකි රක්ෂා සඳහා පිටත්ව යාමට නියම නැකත-
22 වැනි බදාදා උදේ 06.02 ට ලාකොල පැහ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර බලා...

රැකි රක්ෂා සඳහා හදිසි කාරයින්ට-
17 වැනි සිකුරාදා උදේ 06.03ට සුදු හා නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසී උතුරු දිශාව බලා...

48 comments:

  1. චාර්ජ් කොරානං කොමෙන්ටුත් කොරාපිය...නැද්ද බං?

    ReplyDelete
  2. ලාබ කල පැස්ටෝල් දමන්නේ කිරිබතටද ලුනු මිරිසටද?

    මීට,

    මහින්දට ට "ලයික්"

    ස ර ස තුමා

    ReplyDelete
    Replies
    1. නැහැ ගෘහ මූලිකයගේ පශ්චාත් භාගයට.. ඒකත් වැඩට යන දවසට... :D

      Delete
    2. අවුරුදු ක්‍රීඩාවට කොටුවක් පැනලා , පොරෝ පාරකුත් එක්කම අනුභව කරානම් රස වැඩියි මේකෙ

      Delete
  3. මෙන්න මාරයියා නැකැත් රාල වෙලා............ අර කෑම නං පට්ට.... ගොනයි මීමයි වගේ ඒවා ඒකට සෙට් කොරලා කෑම හදලා.....

    මමත් දානවා හෙට අනිද්දා පුන්නක්කු අැඹුල, කරදහි සලාදය, පොලොස් කොකිස් වගේ ඒ්වා....... අපිට තියෙන්නේ ලියන ඒකනේ... හදාගෙන කන ඒවුන් කෑවට පස්සේ ඉතින් බඩුම තමා.... (මං කිව්වේ මාරයියාගේ නව නිර්මාණ කෑමට වල අවුලක් ගැන නෙමෙයි ඉතින්))))))

    ReplyDelete
  4. මාරයෝ,
    සිංහල අවුරුදු චාරිත්‍ර එක්ක විහිළු කරන එක හොඳ දෙයක් නෙමෙයි. මම මුං කිරිබත් ගැන දන්නවා. දේව දානයේදී පැණි බත් කාල තියෙනවා.එ උනත් උඳු කිරිබත් සහ කොත්තමල්ලි ලුණු මිරිස් ගැන නම් අද වෙනතුරු අහල නැහැ. රවී කරුණානායක නම් මටත් ඇලජික් තමයි.ඒ සතොස කාපු නිසා ඒ උනත් සිංහල අවුරුදු උත්සවය වාගෙ ජාතික උත්සවයකදී ඒවා ඇද ගැනීම සිංහල කමට හොඳ මදි.

    ReplyDelete
    Replies
    1. දැන් සිංහල කියලා ජාතියක් නැහැනේ සමරසේකර මාමේ.. අපි ඇවිල්ලා සිරිලාංකික ජාතියේ.. ඉතිං ඉස්සරහට උඳු තමා ජාතික ආහාරේ වෙන්නේ...

      Delete
    2. මාරයෝ ,
      1972 දී කොල්වින් ආර් ද සිල්වා හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව්න් තමයි මෙතෙක් අපේ රටේ නොතිබුණු ශ්‍රී ලාංකික කියල ජාතියකට උප්පැන්නය දුන්නෙ.( කොල්වින්ගේ අභාෂය ලැබූ ඒ බෝට්ටුවේ ඉන්නා තවත් පිස්සෝ අද මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පිස්සු කෙලින එක වෙනම කාරණයක්) සිංහල කියන්නෙ ඒකෙ ස්වභාවයෙන්ම මිශ්‍ර ජාතියක්..විවිධ රස ඇති සියලු ගංගා වලින් ගලා යන ජලය මහා මුහුදට ගියාම එකම රසයක් ඇති ලවන රසය ගන්නවා වාගෙ සිව් හෙළයන් එකතු වෙලා තමයි සිංහල අනන්‍යතාවය මේ රටේ හැදුනෙ.
      සමරසේකර

      Delete
  5. යකෝ ලාබෙට තියෙන කහ පාවිච්චි කරලම නෑනේ බොල...! අඩු ගානේ කහ වලින් තලගුලි හදන විදිහ හරි දාපිය.......!

    ReplyDelete
    Replies
    1. ඇයි කිරිබත උඩින් ඉහින්න කියල තියෙන්නේ හිටං

      Delete
    2. හත්තිලව්වේ කහ කුඩු දාලා තියේ...

      Delete
  6. උඳු 01Kg
    උඳු 500g
    වතුර ලීටර් පහයි.
    ලුනු මේස හැන්දක්.
    හොයා ගන්න පුළුවන් උනොත් කැකුළු සහල් මිටක්.
    මොකද්ද බන් මේ තැන උඳු කිලෝ එකයි ඊළඟට 500යි කියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. කිලෝඑක හාල් වෙනුවට. පන්සීය අඹරලා කිරි හදා ගන්න...

      Delete
  7. අපි නම් කොත්තමල්ලි වලින් කිරිබතක් හැදුවා.. මාර යහපාලන රහක් ආවා එකේ..

    ReplyDelete
    Replies
    1. මේ වගේ හුකන්නලට ගහල වැඩක් නැහැ හරක් පයියෙන්වත් .....
      ලියන්න ආපු එකත් ලොකු දෙයක්.....

      Delete
    2. ෂහ් කොත්තමල්ලි කිරිබතත් අපූරුයි... හැබැයි පුන්නක්කු ලුනු මිරිසක් හදලා තමා කෙන්ජි අංකල්ට දෙනවනං දෙන්න වෙන්නේ.. :D

      Delete
  8. ඔබ වැනි ප්‍රවීන සහ අත්දැකීම් සහිත බ්ලොග් කරුවෙක් මෙතරම් ලඳ බොළඳ තත්ත්වයකට පත්වීම ගැන මගේ හද පත්ලෙන්ම නැගෙන ශෝකය පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. මාටින් වික්‍රමසිංහ "බොඳ මීදුම්" ලිවුවා වගේද?

      Delete
    2. ශාන්ත අයියගේ ශෝකය ගැන මගේ හද පිරි සංතෝෂය මෙන්න... :D

      Delete
    3. හැලපේගෙ ප්‍රකාශය ගැන අපටත් ඔය වගේම හද පත්ලෙන්ම දුකක් නැගෙනවා. කමක් නෑ මහින්ද පැරද්දුවා නේ ....

      Delete
  9. නියමයි අයියේ. බත් එක ඉදෙන්න කොච්චර වෙලා යනවද හි හි .. මේ

    //රැකි රක්ෂා සඳහා පිටත්ව යාමට නියම නැකත-
    22 වැනි බදාදා උදේ 06.02 ට ලාකොල පැහ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර බලා...// විරුද්ධ පස්සේ ඈයොත් කොළ පාට අඳින්න ඕනෙද

    ReplyDelete
    Replies
    1. හම්මා.. නැකත් නැතත් පාට කොල අදින්න ඕන.. නැත්තං වැඩපොලේ කැපිල්ල... :D

      Delete
  10. දර ලිපේනම් හදන්නේ ලිප පත්තු කරන්නවත් පැට්‍රල් ටිකක් හැලුවනම් හොඳයි. යහපාලන සෙට් එකටනම් පැට්‍රල් කොත්තමල්ලි එක්ක කලවම් කරල දුන්නත් බොයි.

    ReplyDelete
    Replies
    1. ඕක කියන්නත් දෙයක්ද බන් යහපාලන මැන්ටල් යක්කු නිකම් දෙනවනම් පොරෝපාරක් උනත් කයි.

      Delete
    2. බර අඩු කරලා මිල අඩු කරපු ගෑස් වලින් මේක පිසින්න හොඳ නැහැ.ලිපට උම්බලකඩ දර දාලා , මෝදි ගෙ හැට්ටෙ ඇඳන් ඉන්දියාව දිහාට හැරිලා , අත් මේස් ගලවලා වැඳලා තමයි ලිප දල්වන්න ඕනෙ.

      Delete
  11. අම්බෝ......ඔය වට්ටෝරුව දැම්මෙ නැත්තේ චින්තනේ ගණන් නිසානේ......පසු ගිය වසර වල......
    අභයරාමේ දන් වලදන උඹ ගැන මුන කතාද බන්......

    ReplyDelete
    Replies
    1. අභයාරාමේනං යනවා තමයි.. හැබැයි දානෙට නැවතිල්ලක් නැහැ... ඒක නෙවෙයි කෙන්ජි අංකල් දැන්වත් ආපහු එන්න අදහසක් නැද්ද රනිල් අගමැතිකං කොරනවා බලන්නවත්..? හැමදාම නැති එකේ ඉක්මනට ඇවිත් බලා කියාගෙන යන්ට... :D

      Delete
    2. අඩේ දැන්නේ දැක්කේ ජපන් හැලිලා මැලේ වෙලා නේද..? :D

      Delete
  12. යහපාලන මැන්ටල් කට්ටියගේ පහන් සංවේගය උදෙසා ලිපිය ලිවීම ගැන ස්තුතිතියි.

    ReplyDelete
    Replies
    1. එව්වා ඉතිං අපේ යුතුකං නෙව...

      Delete
  13. මේක හදන්න වෙන්නෙ ගෙදර ගියාම තමයි. ඊට කලින් කිරි බතක් හදලා පුරුදු වෙන්න ඕනා.
    ඒක නෙමේ, සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. සිඳූට සුභ අලුත් අවුරුද්දක් වේවා..! අපිටනං සුභ වෙන්න මහ මැතිවරණයක් එනකල් ඉන්න වෙනවා... :D

      Delete
  14. "අවුරුද්දට අලුත් 'කෑමක්'."
    කවදත් ඉතින් අපට 'කෑමක්' ම තමයි අයියෙ.

    ReplyDelete
  15. දෙදාස් පන්සීයෙන් කතහැකියයි කියූ බූරුවෙකුගේ කතාව ඉහලින් අනුමත කල මාරයා උඳු ගැන කොත්තමල්ලි ගැන කියන විට අපට පුකෙන්ද හිනාය.

    ReplyDelete
    Replies
    1. එම බුරුවා ජහ පාලනයට එකතු වී නම් ක්ලෝරීන් කරණය වී පට්ට මිනිහෙක් බවට රූපාන්තරණය වේ. එසේයැ ටොයි පාලනයේ අරුමය.

      Delete
  16. ඉතා බුද්දිමත්, වෙන්ඩ් පොශ් සහ වැජඹෙන සමාජවාසී, මහනුවර ත්‍රිත්ව විද්යාලයේ ආදිශිශ්ය, මහා ටොයිය, සද්ගුනවත්, සිනාසීමට හා ආහාර අනුභවයට පුක පමනක් පාවිච්චිකරනා තන්ගල්ලේ රාජ් තුමා ට සුබ නව වසරක් වෙවා....!

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ටොයියෝ කොමෙන්ට් මොඩරේෂන් දාල අපි දාන කොමෙන්ට්ස් ඔක්කොම වාරණය කරන්නේ ඇයි බං ?? තාම දින 100 සම්පුර්ණ උනෙත් නෑ නේ !! O.o

      Delete
    2. තව ඉස්සරහට ටොයියන්ට උනගැනෙන කාලයක් එන්නේ. එතකොට උන්ට වාරනය කරනව ඇරෙන්න දවසේ වෙන වැඩක් කරගන්නත් වෙලාවක් ඉතුරු වෙන්නේ නෑ.

      Delete
    3. මහා ආර්ථික විශේෂඥ රවි කරුනානයක ස්වකීය අසම සම දුර දක්නා නුවණින් බලා කොත්තමල්ලි මිල අඩු කලේ දින 100 කෙළවර වූ දවසක ටොයියන්ය කියා හිතාගෙන ඉන්න අපටත් වඩා ගම් බයියන් වූ අම්බරුවන්ගේ උණ බැස්ස්වීමේ පරම පවිත්‍ර චේතානවෙනි. මොනවා වුනත් ඒ දූරදර්ශී භාවයට අපි ගරු කරන්න ඕනෑ.

      Delete
  17. ලඟදීම යහපාලන සැට් එකට උන ගැනිල දත කට පූට්ටු වෙනකොට උන්ට දෙන්න බෙහෙතක් හදන හැටිත් මේ වගේ වට්ටෝරුවක් එක්ක දාන්න වෙයි ඉදිරියේදී.

    ReplyDelete
    Replies
    1. පාලන මිල අපමන අගයක් වූ එහෙත් විකුනාගත නොහැකි කදිමට දුම් ගසා වේලා ගත් රබර් රොටියක් හීනියට ලියා අඬු කෝප්පයක් පුරවා පදමට දියවනසේ ලාබ කල පැස්ටෝල් හැන්ද බැගින් එකතු කර එම ද්‍රාවනය මී පැනි පදමට දිය වූ පසු පොල්කටු හැන්දෙන් එක බැගින් දිනකට තුන් වරක් බොන්න....

      මෙම බෙහෙත බීමෙන් යහපාලකයන් ගේ කට පුක ඇලවී අගුල් වැටී යහපාලක විරෝදීන් ගේ උසුලු විසුලු වලට උත්තර දීමේ හැකියාව සම්පූර්නයෙන් නැති වෙනු ඇත...

      Delete
    2. කාට කෙසේ වෙතත් ඔයින් හැන්දක් අර පරාජිත ගොනාරත්න ගෙ කටට වත් කරා නම් දන්ත ශල්‍ය වෛද්‍ය වරු අද ඉස්සර වගේ ඔලුව කෙලින් කරගෙන අභිමානයෙන් පාරෙ යාවි.මේ වාචාලයා ඒ වෘත්තියේ ගෞරවයත් කෙලෙසලායි තියෙන්නෙ.

      Delete
  18. උඳු වල ගණන් අඩු කලේ සිංහල දෙමළ අවුරුද්දට නෙවෙයි, දෙමළ සිංහල අවුරුද්දට.

    ReplyDelete