17 April 2015

සෝමෙට වඩා අනුර පොරකි.

සෝමවංශ ලොක්කා ජේවීපියෙන් අහක් උනා කියන එක අපිටනං අමුතු සංතෝෂයකට කාරණාවක්වත්.. දැන් ඕකෙන් අහකට පැන්නා කියලා සෝමවංශ අපිට පොරක් වෙන්නෙවත් නැහැ. 

සෝමවංශයට වඩා අනුරයා හොදයි එකාතකින්... ඌ මොන තරං ගේමක් ගහලා හරි උගේ බොස්ලගේ වැඩ ටික අකුරට ඉස්ට සිද්ධ කොරලා දෙමින් ඉන්නවා... 

පක්ෂයේ දියුණුවට කියලා මෙලෝ වැඩක් ඇති දෙයක් කොරලවත් නැතිව.. පැත්තෙන් එල්ලිලා ඇතුලට වෙලා නූල් සූත්තර ගගහා ඉදලා පක්ෂේ හිටිය බල කණු එකෙන් එක ගලවලා දාලා අන්තිමට ඌගේ අතටම පක්ෂය ගත්ත හැටි අදහන්න වටින ගේමක්.. එහෙම දෙයක් කරන්න ආවට ගියාට එහෙකුට බැහැ... සුපිරිම නූල් සූත්තරකාරයෙක් වෙන්න ඕන. ඉතිං එහෙම ගේමක් දුන්න අනුර පොරක් නෙවෙයිනං මොකෙක්ද..?

ඒත් සෝමවංශ..?

විරැකියාව.. දේශපාලන බලහත්කාරකම... අසාධාරණ ආර්ථික රටාව.. කුල පීඩනය... වැනි කරුණු කාරණා රාශියක් මත තරුණ අසහනය හැම පැත්තෙන්ම නැගගෙන ආ රටක.. ආවේගශීලී දේශපාලනයකට හොඳම තෝතැන්නක් වෙලා තිබුන රටක.. සිය මුඛරිකම හින්දම අර අසහනයට පත්වෙලා හිටිය තරුණයින් තමන්ගේ වසගයට අරං හැම තැනින්ම කලවං කරගත්ත.. කිසිම හරිහමන් ගමන් මාර්ගයක් නැතිව ඔහේ රට අවුලන විදියේ එදාවේල වැඩ සටහන් කරමින් තරුණ ලේ රට පුරා ඔහේ ගලාගෙන යන්න මග පාදපු නායකයෙක් විසින් හදාපු පක්ෂයකට ඇතුලත් වෙලා... 

කරන කියන දේවල් කොයි තරං දුරට හරිද නැද්ද කියන දේ පැත්තකින් තිබ්බම.. මොන විදියෙන් හරි ඒ කටයුතුවල ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙලා.. අන්තිම වෙලාවේ ඒ පක්ෂයේ ඉහලම තනතුරු ලාභින් අතරට එකතු වෙලා... පක්ෂය විසින් රට අවුලන්න ගිහින් අවසානෙදී තමන්ගේම වලිගයට ගිනි ගත්තට පස්සේ ඒකේ හිටිය නායකයින් එකා පස්සේ එකා තමන් කරපු පවුවලට ජීවිත වලින් වන්දි ගෙවද්දි.. මොන විදියකින් හෝ තමන්ගේ පණ බේරං රට පයින්න අවස්ථාව ලැබුන එකම නායකයා වෙලා... 

අවසානෙදී රටින් පිටට වෙලා ඉදන් මේ රටේ තිබුන පක්ෂය එක්ක සම්බන්ධකමක් හදාගෙන රටේ හිටිය තරුණ සාමාජිකයින් විසින් තමන්ගේ උත්සහයෙන්... කැපවීමෙන්... උගුරු ලේ රහ වෙනකල් කෑගහලා.. රට පූරා තාප්ප ගාපේ පාප්ප ගගා පෝස්ටර් අලවලා... කැට හොල්ලලා.. පාවිච්චි කරන්න පුළුවන් හැම විකල්ප මාධ්‍යයක්ම පාවිච්චි කරලා මොන ආකාරයෙන් හරි අර වැලලිලා යන්න ගිය පක්ෂය ගොඩ දාලා දුන්නට පස්සේ ආයෙම මේ රටට ඇවිල්ලා ඒ පක්ෂයේ උත්තරීතර නායකත්වය පත් වෙන්න අවස්ථාවත් ලැබුනට පස්සේ...

මොනවද කලේ..? 

තමන්ව ඒ තැනට ගේන්න.. තමන් මෙරටින් යද්දි අළු වෙලා තිබුන පක්ෂය නැවත උපද්දවන්න කැප උන... මේ රටේ ජනතාවට හරියන සිතුම් පැතුම් එක්ක සමාන්තරව ගමනක් යන්න පුළුවන් විදියට අත්තිවාරමක් දාගෙන ආව පක්ෂයේ අසීරුම අවස්ථාවේ දර දිය ඇද්ද පිරිසට දිය වෙලා යන්න ඇරලා.. ඒ ඒ අය තනි තනි වශයෙන් අරගෙන පක්ෂයට රිංගලා හිටපු කුමණ්ත්‍රණකාරයින්ගේ තොණ්ඩුවට අහුවෙන්න ඇරලා.. අවසානෙදි අසීරු කාලෙදි පක්ෂය හදාපු සියළුම දෙනාව පක්ෂයෙන් අතුගාවලා දාන්න අනිත් අයට ඉඩ දීලා බලා හිටලා... නායකත්වය බදාගෙන පැත්ත දාලා බුදියගෙන හිටලා... අන්තිමට පක්ෂය දෙකට තුනට කැඩෙන්න ඇරලා... කුමණ්ත්‍රණකාරයින්ගේ නායකයටම පක්ෂය සින්නක්කර ලියා දීලා.. ඒ කුමණ්ත්‍රණකාරයාගේ අරමුණු අනුව රට අරාජික කරවලා පක්ෂයයි රටයි දෙකම නන්නත්තාර උනාට පස්සේ...

මෙන්න මෙයා නැගිටලා...

දැන්ද කියන්නේ... ඇයි.. නන්දන ගුණතිලකට පාර වදිනකොට කට අරින්න තිබුනනේ... තමුන් වෙනුවෙන් බඩ බැදගෙන වැඩ කල විමල්ට පලා බෙදනකොට කට අරින්න තිබුනනේ... අඩුම ගානේ කුමණ්ත්‍රණකාර දෙපක්ෂය කොටාගෙන වෙන් වෙන වෙලාවෙවත් කට අරින්න තිබුනනේ... තමුන් නේද ඒ වෙද්දි පක්ෂයේ වගකිවයුතුම කෙනා... ඒ වෙලාවෙදි කටයි පු*යි වහං ඉදලා දැන් මොකද මේ අමුතු අවදිවීමක්..?

අනේ ඔය හිටියා වගේම නිදා ගනින් සෝමවංශ... මල මිනී කතා කලාට ඇති වැඩක් නැහැ දැන්... දැන් ගිහින් මහින්දට නෙවෙයි කාට මුක්කු ගැහුවත් ඇති වැඩක් තියෙනවද.. මේ රට මෙහෙම අරාජික වෙන්න නොදී බේරගන්න තිබුන හැම අවස්ථාවෙදිම ඒ අවස්ථාව පැහැර ඇරලා දැන් එනවා බයිලා ගහන්න... 

දැන් ආයේ අළුතින් පක්ෂ පිහිටවන්න තමුන්ට කාලයක් නැහැ.. එහෙම පක්ෂ පිහිටුවලා ඔය කොහේ හරි තියෙන ඡන්ද දෙක තුනක් කඩලා දාලා එලොවටත් මෙලොවටත් නැති වැඩ කරනවට වඩා හොදයි ඒ කාලේ මිනී මරපුවාගේ පව් හේදෙන්නත් එක්කලා පිනක් දහමක් කරං අර කිව්වා වගේ පිරිත් නූලක් බැදං පන්සිල් රැකං හිටහං... අඩුම ගානේ කරපු පවු හින්දා අපායේ ලගිනකොට ඉන්ටවල් එකක් හරි හම්බ වෙයි එහෙම කලොත්...

5 comments:

  1. මටත් තිබුන ප්‍රශ්නෙ ඔය අනුරය කොහො මද ඔච්චර ගේම් ගහන්නෙ කියන එක. කොහොමත් නායකය වුන කාලෙත් සෝමවංසට බලයක් තිබිල නෑ. මුල් කාලෙ ඔහු හිටියෙම පිටරට. පක්ෂය මෙහෙයවන්නෙ ටින් ටින් ල තමා.
    විජේවීරගෙ කාලෙ ඔහු ප්‍රබල පෞර්ෂයක් ඇතිව හිටියා.

    ReplyDelete
  2. මාරයා මල්ලි,

    මේ රටේ සිටි සියලුම දෙසපලන්යයන් (අතලොස්සක් ඇරුනම ) කලේ රටේ මිනිසුන් රවටන එක.

    ජනතා විමුක්ති පෙරමුණ පිළිබද අතීත ලිපියක් http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html

    මෙපිලිබද පැරා ගේ අඩවියේ මා තැබූ කොමෙන්ටුව

    "වාමන්ශිකයන් මෝක්ෂය සොයාගැනීමට යන්නේ දක්ෂිනන්සිකයන් ලගටයි!

    ඉතා පිළිකුල් සහිත අවස්ථාවාදීන් ගෙන් සහ ආදරණිය මෝඩයන් ගෙන් ලොව වාමාන්සික දේසපාලනය සමන්විත වේ.

    බොහෝ පිරිස අදික විස්වාසයක් ජනතා විමුක්ති පෙරමුණ කෙරේ ඇත්තේ ඔවුන් හොරකම් නොකරන බව ආදර්ශයෙන් පෙන්වීමට කිසිදු වැටුපක් නොගනී, මෙය ම "ඉතා පිළිකුල් සහිත අවස්ථාවාදීන්" ගේ මුලික ලක්ෂණයකි.

    ඔවුන් දන්නවා මෙය සිදුකරන්නේ බලය ලබාගන්න තුරු පමණක් බව නමුත් තම පක්ෂයේ සහ මහජනතාව අතර සිටින "ආදරණිය මෝඩයන්" රැවටීමට ඔවුන් මෙසේ ක්‍රියාකරයි. ටිකක් හිතන්න සෝමවංස අමරසිංහගේ මස්සිනා (බී සිරිසේන කුරේ ) එවක බිෂණය පතුරවූ එඅක්සත් ජාතික පක්ෂයේ බල කණුවක්, මොහු සිදුකලේ අසරණ කොල්ලෝ කෙල්ලෝ (ආදරණිය මෝඩයන්) ටයර් වල පිළිස්සෙන විට රට පැනීමයි (රට කිව්වහම ඔහු පැනගියේ රතු චීනය ට හෝ උතුරු කොරියාවට නොව බොහෝවිට ඔබ සැම පතුරු ගසන බටහිර දනවාදී රටකටයි )

    දැන් මම කියන්නම් නිදහස් වෙළදාමට (ඔබේ වචනයෙන් කියනවනම් දනපති වාදයට කැමති ඇයි ? කියල )

    රටක් දියුණු කිරීමට ප්‍රාග්දනය උවමනා කරනවා මෙය ලබා ගැනීමට කල ගැකි ක්‍රම 2 ඇත්තේ
    01. රජය සපයා දීම
    02. පුද්ගලික අංශයෙන් ප්‍රාග්දනය ලබාදීම

    01. රජය සපයා දීම යනු පුද්ගලයන්ට බදුගසා රැස්කරගත් දනය සාමුහිකව පවත්වන වියාපාර පවත් වමින් ජනතාවට සේවය ලබාදීමයි.
    මෙහිදී පෘතග්ජන ලෝකයේ රජයේ වියාපාරයේ පුද්ගලයන් කරන්නේ අනුන්ගේ සම්පත් ප්‍රයෝජන ගෙන සිදුකරන සේවයට වැටුපක් ලබා ගැනීමයි.
    මෙහිදී පලදායිතාව බොහෝදුරට අඩුවන්නේ "තමාගේ වියාපාරයක් " යන හැගීම නැතිනිසත් කොපමණ වැඩකලත් අතිරේක අදායමක් නොලබන නිසාත්ය.
    "තමන්ගේ මුදල් මෙන්නොව අනුන්ගේ මුදල් වියදම් කිරීමේදී පවත්වන පරිස්සම ඉතා අවමයි "

    මෙහිදී දිගුකලකදී මුළුරටම දිලිදු වීමට පටන්නන්නේ "අනුන්ගේ වියාපාරයක් දියුණු කිරීමට නව සොයාගැනීම් කිරීමට කිසිදු පෙලබවීමක් නැති නිසා"

    ලෝකයේ ඔබ දකින සියලුම සමාජවාදී ක්‍රම බිදවැටීම සහ ඉතුරු කීපය හිගමනට වැටීම නිරායාසයෙන් සිදුවීමයි.

    නමුත් අද චීනය දියුණු වන්නේ කෙසේදැයි ඔබ අසනු ඇති ,පිළිතුර සරලයි චීනය ක්‍රියාවෙන් සමාජවාදී නොවන අතර දැඩි නීති මගින් තම ජනයා පාලනය කිරීම ඔවුන්ගේ මුලික ලක්ෂණයයි.

    නිදහස අතින් බහුතර චීන ජාතිකයන් වහලුන් සමුහයක් බව විවුර්ත මනසට වැටහෙයි.


    02. පුද්ගලික අංශයෙන් ප්‍රාග්දනය ලබාදීම

    මෙහිදී වාමන්ශිකයන් පවසන මුලික චෝදනාවක් නම් දනපතියන් ඔවුන්ව සූරාකන බවයි.
    පුද්ගලයකු ප්‍රාග්දනය යොදන්නේ තම කොටස වැඩිකර ගැනීමටයි (සමාජවාදීන් කියන එම සුරකන දනය දනපතියන් තව වැඩිකර ගැනීමට කරන්නේ
    නැවත ආයෝජනය කිරීමයි ) මෙම ආයෝජනය මගින් තව දිළින්දන්ට රැකියා ලැබේ, තරුණයන් ට රැකියා අවස්තා ලැබිමෙන් වෙන්නේ කුමක්ද ?
    ඔවුන් ගේ ජිවිතයට අරමුණක් ඉලක්කයක් ලැබීමත් තම සේවය වැඩිදියුණු කරගැනීමට පෙළබිම මගින් වැඩි වැටුප් ඇති රැකියාවකට යාමට ඔවුන්ට දිගුකලයකදී හැකිවෙයි.

    සම්පත් වල සීමිත බව නිසා අපට ඇතිවන අපහසු තාවය විසදීමට ඇති හොදම මෙවලම පුරවැසියන් කරන නිදහස් වෙලදමයි, අනාගතයේ තම ශ්‍රමයේ පලදායිතාව ඉහල නංවා ගත්විට ඉහල ජිවන මට්ටමකට ලගාවීමට හැකිවනු ඇති.

    මේ සත්‍ය නොකියා සමාජවාදීන් කියන්න උත්සහ ගන්නේ නිකන් සිට අනුන්ගේ දනය තමා අතර සමව බෙදා හැරීම වැනි අරුතක්"

    ReplyDelete
  3. පක්ෂයක් සතුව රට ගෙනියන්න එයාලට අවස්ථාවක් ලැබෙනවා නම් එය කරන ආකාරය ගැන පැහැදිලි සැලසුමක් සහ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ජ වි පෙ සතුව එවැන්නක් නැහැ..ඉතිං එවැනි හිස් කොලේකට අස්සන් කරන ජාතියේ ජවිපෙ ඡන්ද සැබැවින්ම නැහැ...
    සුපිරියට ජවිපෙට කඩේ යන අයෙකුගෙන් ඔබ ඉදිරියේදී හදන්නට බලාපොරොත්තු වන රට හදන්න ඔබ පක්සය කරන්නට අදහස් කරන්නේ කුමක්ද? කියලා ඇහවොත්..බොහෝවිට උත්තර නැහැ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දේශපාලනය තියා *න්න ගිහිල්ල වතුර එක හරියට ගහගන්න බැරි z generation මල් මල් බුකි කොල්ලෝ කෙල්ලෝ JVP හපුටන්ට ආසක්ත වෙලා ඉන්නේ. උන්ම තමයි මාස තුනකට කලිං වෙනසකට *ක දුන්නෙත්.

      කොළ බලල අස්සං කරන ජාතියේ උන්ද බං ලංකාවේ ඉන්නේ ??

      Delete
  4. //විරැකියාව.. දේශපාලන බලහත්කාරකම... අසාධාරණ ආර්ථික රටාව.. කුල පීඩනය... වැනි කරුණු කාරණා රාශියක් මත තරුණ අසහනය හැම පැත්තෙන්ම නැගගෙන ආ රටක.. ආවේගශීලී දේශපාලනයකට හොඳම තෝතැන්නක් වෙලා තිබුන රටක.. සිය මුඛරිකම හින්දම අර අසහනයට පත්වෙලා හිටිය තරුණයින්// හිතට තදින්ම වැදුන කොටස.

    ReplyDelete