17 April 2015

හූවට දෙනවා අපමණ අගයක්...

සාමාන්‍යයෙන් මැයි පෙලපාලි දවසට සිද්ධ වෙන්නේ අදාල පක්ෂයේ ප්‍රධාන රැලිය තියෙන තැනට වෙනත් තැනක හෝ තැන් කිහිපයක සිට සටන් පාඨ හා තම තමන්ගේ පක්ෂයට අදාල උදාන වැකි කියමින් පෙලපාලිවලින් පැමිණ ඒ සියළු පෙලපාලි අවසානයේ අදාල ප්‍රධාන රැලිය පැවැත්වෙන තැනට එකතු වී පක්ෂ නායකයින් විසින් කරන කියන කතා වලින් පසුව විසිර යෑමයි...

ඒත් උවමනා නම් මේ පාර ඕක වෙනස් කලෑකි...

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන රැලිය සදහා පක්ෂය විසින් මෙවර වෙන් කරලා තියෙන්නේ හයිඩ්පාක් පිට්ටනිය... මේක මෙයිට කලින් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන මැයි රැලිවලට සහභාගී උන ජනයාට ප්‍රමාණවත් නොවන අන්දමේ තැනක්... ඒක තෝරගෙන තියෙන්නෙත් ඉතිං මේ පාර මහින්ද නැති උනොත් සෙනග ඔය හතර මායිමේ එන්නේ නැති බව දන්න හින්දම තමයි...

හරි ඒ කොහොම උනත් දැන් තැන එතනයි... ඒ වගේම නිල වශයෙන්ම මහින්දට මේ වෙනකොට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් මැයි රැළියට ආරාධනාවක් තියෙනවා.. ඔය මදෑ කරනවනං කරන්න වැඩේ...

මෛත්‍රීපාලයි හොරගොල්ලේ මූසලියි සහ ඔය අනුරා‍ධපුරේ කිරි බර්ටිගේ එළ වස්සයි..  වගේ තුන්හතර දෙනෙක් උන්දලගේ නඩේ එක්ක රැලියට එන්න ඕන තැනකින් සෙට් උනාට කමක් නැහැ.. ඒත් මහින්දගේ සහයට ඉන්න ජනයාට කෙලින්ම එන්න කියන්න ඕන හයිඩ් පිට්ටනියට... 

අරගොල්ල කොළඹ වටේ හරි ගිහින් හයිඩ් පිට්ටනියට එනකල් මහින්දට සහය දෙන අයට පුළුවන් කතා කරන එක ආරම්භ කරන්න.. ඒකට ප්‍රධාන වේදිකාව දුන්නේ නැතත් අවුලක් නැහැ... අහල පහලින් ඩෙස් බංකු ටිකක් හරි ගෙනල්ලා උසක් හදාගෙන පොඩි සවුන්ඩ් සිස්ටම් එහෙකුත් සපයා ගත්තම ඇති... 

අරුන්දලා ටික කොළඹ හක්කලං කොරලා කීයට හරි හයිඩ් පිට්ටනියට එනකල් කතා ටික පවත්තන්න පුළුවන්... වැඩේ බකල් කියලා අතර මගදී සෙට් එක ගෙවල්වලට මාරු උනොත් ඉතිං කරන්න දෙයක් නැහැ.. වැරදීමකින් හරි කට්ටිය හයිඩ් පිට්ටනිය පැත්තට ආවොත් ඉතිං ජාතියේ අළුත්ම අපමණ අගයක් ඇති අවිය වෙන “හූ“වෙන්ම සලකලා මූසලීවයි කේප්පයවයි.. උන්දලගේ ජනපතිවයි ඇතුළු නඩේට පිළිගැනීම කරන එකයි ඇත්තේ... ඒ කරලා එක අපතයෙකුටවත් එතන රගන්න දෙන්නේ නැතිව එලෝලා දාලා.. රෑ කීය උනත් කමක් නැහැ මැයි පෙලපාලිය පටන් ගන්න ඕන එයින් පස්සේ... මැයි පෙළපාලියකට ඒ වෙලාවේ අවසර නැත්තං ඉතිං මට මතකයි ඩාලි පාරේ බෝධියක් තිබුනා... හයිඩ් පාක් එකේ ඉදන් ඩාලි පාරේ බෝධියට පා ගමනින් ගිහින් බෝධි පූජාවක් පවත්වන්න කාටවත් එපයි කිව්වැකියෑ... සන්සුන්ව පිලිවෙලකට ඩාලි පාරට යාගන්නයි තියෙන්නේ ඔය ආරක්ෂක අංශ එක්ක ප්‍රශ්න හදාගන්නේ නැතිව... එහෙම පෙලපාලියකට අවහිරයක් නැත්තං ඉතිං සුපුරුදු ගමනෙම යා තමයි..

මහ දුරකුත් නැහැනේ හයිඩ්පාක් එකේ ඉදලා ඩාලි රෝඩ් එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට... මං හිතන්නේ මීටර් පන්සීයක්වත් නැති වෙයි... මහ ලේකං උන්නැහේ වෙන අනුර යාපා ගොයියට හොදින් කියලා ඇහැකිනං එහෙමයි.. එහෙම බැරිනං අරෙහෙමයි... කොහොම හරි උන්නැහේවත් අරගෙන මූලස්ථානෙට ඇවිත් “නියමිත වේලාවට රාජකාරියට වාර්ථා කරමි“ කියලා මහින්ද රාජපක්ෂයන් විසින් කියපු වචනය ඒ ආකාරයටම ඉෂ්ඨ සිද්ධ කරන්න වැඩ කටයුතු සලස්සලා... පක්ෂයේ මධ්‍යමකාරක සභාවයි අරකයි මේකයි ඔක්කෝම පක්ෂයේ ජනතාව ඉන්න කොටම.. මූලස්ථානයේදී නිල ලේකංතුමාවත් තියාගෙන පත් කරවලා දාපුවම ඉවරයි... 

ලේකං තුමා මොන විදියකින් හරි ගල් උනොත් හරි... ගල් කෙරෙව්වොත් ඉතිං එවෙලෙටම බැරියෑ පක්ෂයේ මහ සම්මේලනය පවත්තලා ඔය ඕන තනතුරක් පත්කරවාගන්න.. මොකද එදාට එන්නේ පක්ෂයේ නියම අයිතිකාරයෝ වෙච්ච අපි අපි නෙව... ආයේ ඉතිං පක්ෂ සාමාජිකයින් ඉදිරියේ බහුතර අනුමැතියෙන් පක්ෂයට තනතුරු ටික සම්මත කරගත්තම අරයට මෙයාට ආයේ කියන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ නෙව... ශ්‍රීලංකා නිදහස් පක්ෂයට තියෙන අර්බුධ අනං මනං ඔක්කෝම එතැනින් එක රැයින් අහවරයි... තව ඔය සම්බන්ධව නීති උපදෙස් එහෙම ඕනනං දැන්ම තියා ඒ ඒ අංසවලට සම්බන්ධ අය ලවා ලබාගෙන වැඩේ තිතටම කරන්නයි තියෙන්නේ...

වෙලාවට කලාවට.. නීතියට රීතියට අනුව අඩුපාඩුවක් නැතිව වැඩේ කෙරෙනවනං මහ රෑ දොලහා නෙවෙයි පහුවදා එළිවෙනකල් හරි පක්ෂ කාර්යාලය වටා “හිටං“ ඉන්න අපි එනවා ඕං...

ලංකාවේ මැයි පෙලපාලියකින් කරපු පලවෙනි විප්ලවේ මේ පාර කරලා පෙන්නුවෑකි කට්ටියම කල්පනා කලොත්...

එහෙමත් නැත්තං කල හැකි දේ මෙහෙම කලින් කියලා ඒකට අනුව අනිත් පැත්තේ උදවියට ලෑස්ති වෙන්න ඉඩ ඇරලා මෙයිට වඩා පට්ට ගේමක් උනත් ගැහුවැකි... :D 

අපි ඉතිං රට කරං යන්න මිසක් පක්ෂය විනාස කරන්න කාටවත් අනුමැතියක් දුන්නේ නැහැනේ...

“පක්ෂෙට ඕනෑ නැවතත් එළියක්.. හූවට දෙනවා අපමණ අගයක්“

:D

18 comments:

  1. මැයි රැලියට ජයවේවා.... ලොක්කා බලය පෙන්නන්න යන පළවෙනි පාරනේ... බලමු ලක්ෂ 58 ඉදීද කියලා

    ReplyDelete
  2. සිරි ලංකා එකේ උන්ට සිරි ලංකා එකේම කම්බ හොරු නියෝජනය කරමින් උන්ගෙම එකෙක් බනිනවා තරම් කාළකන්නි සතුටට්ක් තවත් තියෙනවද අප්පා...

    කමෝන් අප්පච්චි....

    ReplyDelete
    Replies
    1. කමෝන් වේවා හිටං...

      Delete
  3. ලොක්කා එන්නේ කිරුලපනේ මහජන ක්‍රීඩාන්ගනයටය.... මැයි පලවෙනිදාට එහේ එන්න

    ReplyDelete
  4. උරුලෑව කොහේ හිටියත් උගේ ගද සැරට දැෙනනවා නම් ආයෙත් උරුලාවමයි මේ සුපිරි ඔරිජිනල් උරුලෑවාම තමයි කියලා බෝඩ් එල්ලන්න ඕනියැ..

    ReplyDelete
  5. "හූවට දෙනවා අපමණ අගයක්"

    එකෙන්ම හූවේ නම් අගයක් තියෙනවා....සමහර විට අගයක් තියෙන එකම දේ හූව වෙයිද දන්නෑ???

    ReplyDelete
  6. "හොරගොල්ලේ මූසලි" ට හූ පාර වැදුන පළමු සැරේ ඕක නෙමේ නේ.
    කලිනුත් දකුණේ රැස්වීමකට ගිහිල්ල හූ පාර කෑව වගේ මතකයි.
    ඔය ගෑනිට ලැජ්ජාවක් නැහැ. විස්කි ෂොට් එකක් දාගෙන තව ටික දවසකින් ආයි බහියි.
    එස් බී නං හරියටම කිව්වා කරන්න අවශ්‍ය දේ

    ReplyDelete
  7. ආපෝ ඒකිත් එනවද? එහෙනම් ටීවී එක වත් දාන්න දෙන්න හොඳ නෑ ගෙදර.

    ReplyDelete
  8. මහින්ද නැතුව මැයි දින සමරන්න යන නිදහස් පහ්ෂේ මෛත්‍රී කණ්ඩායමට උන් ඔය යන්න හදන පිට්ටනියත් ලොකු වැඩියි. බස් ස්ටෑන්ඩ් එකක ලැට් එකකට යාබදව පොඩි ස්ටේජ් එකක් අටවල වැඩේ පටන්ගත්තනම් ඒත් ඇති. නැත්නන් කරන්න තියෙන්නේ මෛත්‍රී කණ්ඩායමටත් යූඇන්පී එකත් එක්ක එකතු වෙලා මැයි දිනේ සමරන එක. යූඇන්පී එකේ චන්ද ගන්න හොඳනම් මෛත්‍රී උන්නැහේට උන් එක්ක මැයි රැලියකට යන එක අකැප වෙනවයෑ.

    ReplyDelete
  9. හූ ඇන් පී එකට චන්දෙ දුන්නාම තමන් පොශ් වෙනවා කියා සිතා සිටින තන්ගල්ලේ රාජ් ඇතුලු පිරිස මොනවා කීවත් අපි නම් මහින්ද මහත්තයා එක්ක මැයි දිනය සමරනවා....

    ReplyDelete
    Replies
    1. අපිත්....!අපිත්....!!
      මාරයා ආපහු ආ එක මාරයි, නේද සරසෝ?

      Delete
    2. නැචුව නැචුව...

      Delete
  10. වසන්ත රාළලා අමතක නොවෙන පාඩමක් ශ්‍රී ලංකාවෙන් ඉගෙන ගනියි කියලා හිතෙනවා සුනාමිය එන විදිහ දැක්කම...

    ReplyDelete
  11. ඔය මනුස්පයා මෙහේ ඇවිත් හූ කියයි කියලා තමා අපිට හොස්ටල්නුත් අවුට් ඔෆ් බවුන්ඩ් කියලා ඉබි යතුරු දාලා තියෙන්නේ. මං ඒත් බැලුවා ඒක ගැනවත්ද කියලා

    ReplyDelete
  12. අම්මේ මාරයා ආයෙත් දේශපාලන ටෝක් එකක් දාලා. මාරයෝ උඹලා අපිට එක රටක ජීවත් වෙන්න අමාරුයි බං. හූ කියන එකට හුරේ දාන උඹ වගේ කෙනෙක් ඉන්න රටක කොහොමද බං අපි ඉන්නේ. දියුණු සමාජයක හූ කියන්නේ ගෝත්‍රිකයෝ කියලා තමයි පිළිගැනීම. වැරැද්දක් තියෙනව නම් කතා තරලා විසදගන්න එක තමා දියුණු මිනිහෙකුගේ ලක්ෂණය. නැතුව මූණ හංගගෙන හූ කියන එක නෙවෙයි. චන්ද්‍රකා වැරදි බව මමත් පිළිගන්නවා. චන්ද්‍රකාට බලය ආවොත් අමු පිස්සු කෙලින බවත් මම දන්නවා. ඒත් එයාව ප්‍රතික්ෂේප කරන එක හූ කියලා කරන්න බැහැ.

    අනිත් එක මාරයා දන්නවද මැයි දිනයක සහ මැයි දින පෙලපාලියක තියෙන වටිනාකම. මැයි දිනයට මහින්දගේ සෙට් එක කරන්නේ අපේ මරාට ජය වේවා කියන එක. නැත්නම් ජනාධිපතිතුමාට ජයවේවා කියන එක. නැත්නම් හූ කියන එක. යකෝ මැයි දිනය කියන්නේ ලෝකවාසී වැඩකරන කම්කරු ජනතාවගේ දවස. ඒ වෙනුවෙන් ලෝකයෝ මිනිස්සු ජීවිත පූජා කරපු දවස. උඹ, මම වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අයිතින් වෙනුවෙන් සටන් කරපු ශ්‍රේෂ්ඨයන් සමරන දවස. එදාට කම්කරු, සාමාන්‍ය මිනිස්සුන්ව පීඩනයට දාපු මරා වගේ එකෙකුට හුරේ දාලා උඹේ බුද්දිමත් කම ලෝකෙට පෙන්වන්න එපා

    ReplyDelete