(වීඩීයෝව උපුටා ගත්තේ බුකියෙනි)
අපේ රටේ මෙහෙම අවස්ථාවල මේ විදියට රෑගත කරලා හදාපු වීඩීයෝ නැහැ... විදේශ රටක උනත් මේ දර්ශන බලන කොට ඒ අත්දැකීම් අපිට අමුතු දේවල් නෙවෙයි...
විශේෂයෙන්ම අනුන්ගේ රටවල අහක යන යුද්ද ඇති කරලා ඒවට හොට දාන හමුදාවක සාමාජිකයින් නොවී තමන්ගේම රටේ ඇති උන යුද්ධයකදී ඒවට දායක වෙන්න ගිය පවුලේ සාමාජිකයින් නැවත අපි අතරට එද්දි දැනෙන දේ... ඒක වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි...
ඒක තවත් සුවිශේෂී වෙන්නේ දශක තුනකට ආසන්න යුධ කාලයකදී අවසානම සමය හැරුනු කොට එයට පෙර කාල වලදී යුද්ධය තනිකරම ව්‍යාපාරයක් බවට පත් කරගත්ත දේශපාලන නායකයින් නායිකාවන්.. ව්‍යාපාරකයින් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් යැයි කියාගත් අමු වසලයින් ඇතුළු කාලකණ්නි මස්වැද්දන්ගේ සූදු පිටියක් වෙච්ච කාලයක.. නිකරුනේ තමන්ගේ දුවගේ පුතාගේ ජීවිතය ඒ යුධ සූදුවට බිලි වෙයි කියලා හිත හිත... හැම දවසකම ගමේ පන්සලේ බෝධිය ගාවට ගිහින් තමන්ගේ හිතට දැනෙන දුක කිය කිය දෙවියෝ බුදුන් වැද වැද අසරණව හිටිය දෙමාපියන් හිටිය රටක් වෙන නිසයි...
මේක බලද්දි මට මතක් උන මගේ ජීවිතේටත් සමීප බොහෝ දෙනෙක් නිතැතින්ම සිහියට එන එක වලක්වන්න පුළුවන්කමක් නැහැ...
එයින් එක්කෙනෙක් අපේ නැන්දගේ පුතා... නැන්දගේ දරුවෝ අතරින් තුන් දෙනෙක්ම ආරක්ෂක අංශයේ සේවය කලේ.. එකිකෙනෙක් කොමාන්ඩෝ බලකායේ... අනිත් කෙනා එස්ටීඑෆ් බාලම පුතා පොලිසියේ...මීට අමතරව දුවලා බැදපු බෑනලා දෙන්නෙක්ම පොලිසියේ.. චන්දයක් කිට්ටු වෙද්දි ඒ දවස්වල නිතරම යුද්ධයක්... ඒ තමයි ඒ කාලේ රටේ දේශපාලනය කල උන්ගේ හැටි... චන්දේ ඉවර වෙච්ච ගමන් කරපු යුද්ද නවත්තලා ආපහු අකුලගන්නවා.. යුද්ධේ හින්දා මිය ගිය ආබාධිත වෙච්ච අතුරුදන් උන අය ගැන වගකීමක් උන්ට තිබුනේ නැහැ... ඒ තමා උන් කල දේශපාලනේ...
ඉතිං යුද්ධය තදින් යන හැම කලෙකම නැන්දයි මාමායි හිටිය විදිය හැමදාම පත්තර බලන්න ඒ ගෙදර යන එකෙක් හැටියට මම හොඳින්ම දැනං හිටියා... දෙයියන්ගේ පිහිටෙන් ඒ එක්කෙනෙකුටවත් කිසිම කරදරයක් උනේ නැහැ... හැබැයි...
එක පාරක් හවස් වරුවක මිනිස්සු නැන්දලගේ ගෙදර පැත්තට දුවනවා දැකලා මාත් දිවුවා... නැන්දලගේ ගේ ගාව මිනිස් පොදියයි... හැමෝම වගේ අඩනවා දොඩනවා... ඒ අතරේ තවත් සමහරු ඉක්මනට වැඩට බැහැලා අහල පහල සුද්ද කරලා සුදු කොඩි දාන්න ලෑස්ති වෙනවා... හේතුව පොලිසියෙන් ඇවිත් පණිවිඩයක් දීලා ගිහින්.. නැන්දගේ බාලම පුතා... XXX අයියා බෝම්බෙකට අහුවෙලා මිය ගිහින් කියලා... අයේ ඉතිං තත්වේ මම කියන්න ඕන නැහැනේ... මුළු ගමම මළ ගෙයක් වෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ... ඒත් රෑ නවය විතර වෙද්දි ආයෙමත් පණිවිඩයක් ආවා.. අපේ අයියා නෙවෙයි.. ඒ නමම තියෙන වෙනත් පොලිස් නිලධාරයෙක් මිය ගිහින් තියෙන්නේ කියලා.. යාන්තං ගමේ ගින්නත්.. මාමලගේ ගෙදර ගින්නත්... නැන්දගෙයි මාමගෙයි අපේ හිත්වලයි තිබුන ගින්නත් නිවිලා ගියා... ඒත්... අපේ ගින්න නිවෙන තත්පරයේදීම... ලංකාවේ කොහේ හරි අපි නොදන්න තැනක.. ඒ ගින්නම එ් විදියටම ඇවිලෙනවා කියන එක මට එදා පොඩි එකෙක් හැටියට අවබෝධ උනේ නැහැ.. ඒත් දැන් තමයි තේරෙන්නේ... තැන විතරයි වෙනස්.. ගින්න එහෙමමයි කියලා... ඉතිං ඊට පස්සේ අයියා ගෙදර ආපු දවස ගැන සහ එදා නැන්දලගේ ගෙදර තත්වය ගැනත් මම කියන්න උවමනා වෙන එකක් නැහැ...
ඒ එක අත්දැකීමක්.. ඊ ළග එක මට ඒ තරම්ම සමීපව අත්විදින්න උනේ නැත්තේ මේ වගේ මම ඒ අවස්ථාව වෙලාවේ ගමේ හිටියේ නැති හින්දා... ඒත් ඒකත් මෙහෙමමයි... මට මතක හැටියට ඒ වරක් පුනරීන් කදවුරට කොටින් විසින් එල්ල කල දැවැන්ත ප්‍රහාරය වෙන්න ඕන... හමුදා සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් මිය ගිහින්.. ඒ වගේම පිරිසක් අතුරුදහන් වෙලා තිබුනා... පහුවදාම හේ දින තුනකට පස්සේ අපේ ගමේ ගෙදරකට ඒ මූසල පණිවිඩය ලැබුනා... මමත් කුඩා කල ඉගෙන ගත්ත ගමේ පොඩි ඉස්කෝලේ අසලම ගෙයක්... මේ ගෙදර ප්‍රසිද්ධ වෙලා තිබුනේ ගෙදර මිදුලේ තිබුන විශාල ගහක නමින්... ඒ ගමේ නම කියලා අහවල් ගහේ ගෙදර කිව්වනං පළාතම දන්නවා...ඒ ගෙදර දරුවන් පස් දෙනෙයි.. කොල්ලෝ තුනයි කෙල්ලෝ දෙකයි.. එයින් ලොකු පුතා විශ්ව විදයාලයක ආරක්ෂක අංශයේ හිටියේ.. දෙවැනියා තමා හමුදාවේ හිටියේ... ඔහු ගමේ ප්‍රසිද්ධම වෙලා හිටියේ ගමේ කොට්ටා පොර ශූරයා විදියට... කොට්ටා අවුරුදු කාලෙට ගෙදර හිටියොත් ඔහු ගොඩවෙන කිසිම කොට්ටා පොරයක දිනුම වෙන කාටවත් ගන්න බැහැ... හකු පාඩා එළියට පනින තරමට කට තදින් පියාගෙන ප්රතිවාදීයා එක්ක කරන ඔුනෑම දරුණු කොට්ටා ප්‍රහාරයක් දරාගෙන සිටිමින් එක් වරම හෙන ගහන්නාක් වැනිව එක්ක කරන එකම එක කොට්ටා ප්‍රහාරයකින් අනිකාව බිම හෙලිමට ඔහුට තිබුන හැකියාව අදටත් මට සිහියට නගා ගත හැකියි...
අර කිව්ව ගෙදර පණිවිඩය ආවේ ඒ පුතා අතුරුදන් කියලයි... එතනත් ඉතිං තත්වය අමුතුවෙන් කියන්න ඕන නැහැනේ... හැබැයි එයිටත් දින කිහිපයකට පසුව තදින් අවුවට පිලිස්සීමෙන් ලද තුවාල රාශියකුත්.. තවත් සිරුර පුරා වූ තුවාලත් සමගින් මේ කොල්ලා පාන්දරක ගෙදරට ඇවිත් තිබුනා.... සැතපුම් තිහකට ආසන්න ප්‍රමාණයක් කරවටක් මුහුදේ ගිලෙමින් ඉතා දුෂ්කර ගමනකට පසුව ආරක්ෂිත ප්‍රදේශයකින් ගොඩබිමට පැමිණ බොහෝම දුර්වලව අවසානයේ නිවස කරා එන්න ඔහුට හැකියාව ලැබී තිබුනා... එයින් පසුව සති කිහිපයක් ඔහු සේවයට වාර්ථා නොකර සිටියත් අවසානයේ සුවය ලැබූ පසු සියල්ලන්ගේම විරෝධය මැද නැවතත් සේවයට වාර්ථා කර තිබුනා... පසුව මේ වැනිම දිවි බේරා ගැනීම් කිහිපයකටම ඔහු සමත්කම් දක්වලා තිබුනත්... ඔහුට ලැබුන අවස්ථාව නොලද පිරිස දහස් ගණනක් මේ යුද්ධයේදී සිය තරුණ ජීවිත නිමා කරන්නට යෙදුනා...
තෙවැනි අත්දැකීම අර දෙකටම වඩා නරක එකක්... ඒ අපේ තවත් මාමා කෙනෙකුගේ බාල පුතා... ඒ පවුලෙත් ළමයි පහයි.. කොල්ලෝ දෙකයි කෙල්ලෝ තුනයි.. පවුලේ බාලම පුතා තමා හමුදාවට ගියේ.. මට වඩා වසර කිහිපයක් වැඩිමල්... ඔහු අනිත් දෙන්නටම වඩා මාත් එක්ක සමීප ඇසුරක් තිබුන කෙනෙක්.. එකක් වයස් පරතරය අඩු වීම.. අනික මාව දහම් පාසල්වලට ඇරලා ඇරලා හෙම්බත් වෙලා හිටිය අපේ තාත්තා වරක් අළුතින් ගමේ ඈත තිබුන රජමහා විහාරයේ දහම් පාසලට ඇතුලත් කොට මාව බලාගන්න බාර දුන්නේ මේ කියන අයියාට වීම... උදේ හවස දහම් පාසලට මාව රැගෙන යාමත්.. නිතර දෙවේලේ රන්ඩුවලට පැටලෙන මාව එයින් ඉවත් කර තබා ගැනීමත් බාර උනේ ඔහුට.. ඉතාමත් ගුණයහපත් අයකු වූ ඔහු ඒ වගකිම හොදින් ඉටු කල ආකාරය මට මතකයි... ගමේ කිසිම කෙනෙක් සමග කවදාවත් රණුඩවකට නොගිය බොහෝම අහිංසක චරිතයක් උන ඒ අයියට අර කලින් කියපු දෙන්නට ලැබුන අවස්ථාව හිමි උනේ නැහැ... යන්තම් දහ අට පිරෙද්දිම අධ්‍යාපනයට සමු දුන්න ඔහු රට වෙනුවෙන් යුද්ධයට ගියා... හමුදාවේ විශේෂ බලකා භටයකු ලෙසින් වසර කිහිපයක්ම සේවය කල පසුව දිනක් මෙහෙයුමක් අතරතුරදී හිසට වැදුන මෝටාර් කැබැල්ලක් ඔහුගේ ජීවිතය අවසන් කර තිබුනා...මේ වන විට මගේ ගෙවල් පාරට උඩින් පිහිටා ඇති ඔහුගේ නිවාසය ඇති පාර නම් වෙලා තිබෙන්නේ ඔහුගේ නමින්... “රණවිරු XXX XXXXX මාවත“ හැමදාමත් ගෙදර යනකොට ඔය නම සහිත ප්‍රදේශීය සභාවෙන් සවිකල නාම පූවරුව දකිනකොට මට අයියත් එක්ක දහම් පාසල් ගිය කාලය සිහිවෙන්නේ නිතැතින්මයි... මට එහෙමනං ඒ ගෙදර මිනිස්සුන්ට ඔහුගේ මතකය කොයි තරම්නං දුකක් අදටත් ඇති කරනවා ඇද්ද..?
ඉතිං ඒ තරම් සමීප අත්දැකීම් රාශියක් ඇති අපට මේ වැනි වීඩීයෝවක් දකින කොට ඒ ඒ අවස්ථාවන් ගැන සාමාන්‍ය අයට දැනෙනවාටත් වඩා තදින් ඒ අවස්ථාව දැනීම අමුතු දෙයක් නෙවෙයි.. මෙච්චර දිගට ලියන්න උනත් ඒ අපව පොළඹවන්නේත් ඒ හැගීම විසින්මයි... මොන විදියේ මිලක් ගෙවා හෝ ඒ යුද්ධය නිමා කර දැමීම මේ තරම්ම අපට වටින්නේත් ඒ නිසයි...
එවන් දුක්ඛිත කාලයක් නැවත නොඑළඹෙන... නිවට කුහක සටකපට රූකඩ දේශපාලකයින්ගේ උවමනා එපාකම් නිසා නැවත රටේ යුද්ධයක් ඇතිවන තත්වයට කරුණු කාරනා පෙල ගස්වන්නේ නැති... අම්මලා තාත්තලාට තමන්ගේ දරුවන් අහිමි නොවන.. දරුවන්ට තමාගේ දෙමාපියන් අහිමි නොවන... බිරින්දෑවුන්ට සැමියන් අහිමි නොවන.. සොහොයුරු සොහොයුරියන්ට තමන්ගේ සොහොයුරන් අහිමි නොවන.. මිතුරන්ට මිතුරන් අහිමි නොවන... යුද්ධයකට පාර නොකැපෙන අනාගතයක් කොයි තරම් වටිනවාද..?
මිය ගිය.. අතුරුදන් වූ.. ආබාදිත වූ අයගේ ගෞරවයත් රැකගෙන... ඔවුන්ගේ සමීපතමයින්ගේ සිත්වලටත් දුකක් කලකිරීමක්.. කණගාටුවක් ඇති නොවන.. ගෞරවාන්විත සාමයකින් යුතු කලක් හැමදාමත් අපට හිමි විය යුතුයි නොවේද..? එදාට මෙවැනි සංවේදී අත්දැකීම්වලට මුහුණ පෑමට අපට සිදු නොවනු ඇත.
යුද්ධයක් තිබුණා..... ඒක කොහොම හරි ඉවර වුණා... මිනිස්සු මැරුණා..... දේපළ විනාශ වුණා... අපේ අනාගතය අවුරුදු ගානකින් පස්සට ගියා.. රට වැටුනා.... ඒ දේවල් දැන් වෙලා ඉවරයි...... කොහොම හරි දැන් ඒවා වෙලා ඉවරයි...... ඒවා ගැන අපි අැති තරම් කතා කරා සහ ඉස්සරහටත් කතා කරාවි... ඒ කතාවල් පක්ෂ පාට වලින් මිදිලා හදවතින් සහ බුද්ධියෙන් වෙන තරමට නැවත යුද්ධයක් අැති වීමට අැති ඉඩකඩ අහුරා දමාවි....... ඒවා සිද්ධ වුණාවේ
ReplyDeleteඒත් මාරයියා කියනවා වගේ. අපේ පැතුමත් යළි කිසිදාක මෙවන් විපතක් නොවේවා කියලයි.... අපි ඒ වෙනුවෙන් කළ හැකි දේ කළ යුතුයි.... ජාතීන් අවුස්සන විකාර නොකර සිටීමත් කළ යුතුයි.... මොකද යුද්ධයක් අැති වුණාම ඔය නාඩගම් නටන ඒකෙක්ගෙවත් දරුවෙක් ඒ වෙනුවෙන් මැරෙන්න යන්නෑ.... මැරෙන තරමක් මැරෙන්නේ රටේ අහිංසකයන්ගේ දරුවෝ.... ලොක්කෙක් රටට පේන්න තමන්ගේ දරුවෙක් යැව්වත් යවන විදිහත් දැන් අපි දන්නවානේ......
// රටක විනාශයන් වෙනවා.ගොබ්බ ජෙප්පොන්ගේ කැරළිවලින් වුණේත් කොටින්ගේ යුද්ධෙන් වුණෙත් එකම විදියේ විනාශයක්. //
Deleteමෙන්න ඇත්ත
///ලොක්කෙක් රටට පේන්න තමන්ගේ දරුවෙක් යැව්වත් යවන විදිහත් දැන් අපි දන්නවානේ......///
Deleteඅනිත් උන් නමටවත් යැව්වේ නැහැ වගේම යුද්දේ උපරිමයෙන් වවාගෙන කෑවා.
මිනිස්සුන්ගේ ඇස්වල සුද වැහුවහම පේන්නේ නැතුව යනවා, සුද වැහුවේ නැතත් වෙන වෙන පාටවල වලින් ඇස්දෙක වැහුනම වෙන්නෙත් එකම දේ වගේ...
සාමාන්‍ය මධ්‍යම පන්තියෙන් බිහි වූවද ඒ පිළිබඳ ඇති අතෘප්තිය නිසා, තමන් පොශ් අය ලෙස පෙන්වා සිටීමට ඇති කැමැත්ත කරණ කොට ගෙන,තමන් පොශ් බව පෙන්වීම පිණීස, උත්සාහ කරන්නේ පහත සඳහන් කාරණා වලිනි.
Delete1. ශිෂ්‍යත්වෙන් සමත් වී ගිය අගනුවර පාසලේ නමේ එල්ලී පොශ් වීම.
2.ලබා ගත් උපාධියෙ එල්ලී පොශ් වීම.
3.අමාරුවෙන්බටහිර රටක පදිංචියට ගොස් එහි පම්පෝරිය ගසා පොශ් වීම.
එසේ පොශ් වූයෙම් යැයි ආත්ම තෘප්තියට පත්ව, අනතුරුව, එම පොශ් කම ප්‍රකාශයට පත් කෙරෙන ක්‍රම වේදය මෙසේය.අද වන විට සිංහල බ්ලොග්ලෝකය තමන්ගේ ප්රවේණි බූදලය ලෙස සලකමින්,කඩ ගසා ගෙන
1. බුද්ධාගමට පහර ගැසීම
2.දේශීයත්වයට පහර ගැසීම
3. මෙරටේ සිටින්නවුන් ගෝත්‍රික යයි ගර්හා කිරීම
5. යූ ඇන් පී ය පොශ් අයගේ පක්ශය යයි සිතා, තමනුත් යූ ඇන් පී බව කීම.
මෙවන් පොශ් පොයියන් ගේ කිසිවෙකුත් හමුදාවට යන්නේ නැත.යුද්ධයක් ආවත්, නාවත් උන්ට කමක් නැත.
ඉතින් මාරයෝ, එව්න් කලක් යලි ආවත් මොකද?
@Gayathri ++++++
Deleteගනං ගන්න එපා මෙයාලා. මේ කුරුට්ට රැ 1600 ලොළු බලකායේ කෙනෙක්.
Delete//කුරුටු ගෑ ගී පවුරMay 4, 2015 at 12:03 PM
Deleteයුද්ධයක් තිබුණා..... ඒක කොහොම හරි ඉවර වුණා..//
''යුද්ධයක් තිබුනා'', නිකං නෙමෙයි දශක ගනනාවක්.හිඟන්නාගෙ තුවාලෙ වගේ චන්දයක් ලං වෙන කොට පාර,පාර වාසි ගත්තා.
''ඒක කොහොම හරි ඉවර වුණා'' නෙමෙයි.ඒක ඉවර වුණේ සිය දහස් ගනනකගේ ජීවිත පරිත්‍යාගයෙන් සහ, ඉතා වැදගත්ම දෙය,බටහිරයින් ගේ සහ ඉන්දියාවේ බලපෑම් වලට මහමෙරක් වගේ නොසැලී දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ශ ගේ අභීත ගුණය නිසා. අපි කුහක කමින් තොරව ඒක පිළි ගනිමුද?
බොහොම හරි කතාව.යුද්ධයක් නම් ආයෙ එපා මයි.යුද්ධයක් ඇති කළ දේශපාලකයින්ට කෙල වෙනවා මෙන්ම යුද්ධය නිමා කළ විරුවන්ට පින් සිදු වෙනවා.නමුත් බුද්ධිමත් පාලනයක් අවශ්‍ය මොහොතක එය නොලැබීම අප රටේ අවාසනාවක්.හිටපු උන්,ඉන්න උන් ඔක්කොටම ඕනෙ බලය රැක ගන්න විතරයි.අනාගතය ශක්තිමත් කරන්න එකෙක් වත් නෑ.අපේක්ශා භංග උනු මිනිස්සු ඉන්න බොල් රටක් බවට ලංකාව පත්වෙමින් තියෙන්නෙ.
ReplyDeleteවෙසක් වෙනුවෙන් යුද්ධාවර්ජනා.
ReplyDeleteබුදු හාමුදුරුවෝ බුදුවුනේ මැදිපිලිවෙත පිළිපැදලා වුනත් අසාර්ථක බව අවබෝධ වූ නිසා අත්හැර දැමූ දුෂ්කරක්‍රියා පිළිවෙතින් බුදුවුනා නම් තමයි වැඩිදෙනා වඩාත් සතුටු වෙන්නේ.
යුද්ධයක්... කොටි... උඹ හීනයක්වත් දැක්කද...
ReplyDeleteළඟදීම පෙන්නනවා. සිහින සැබෑවෙන යුගය අතලඟයි ...
Deleteමල්ලි,
ReplyDelete//මොන විදියේ මිලක් ගෙවා හෝ ඒ යුද්ධය නිමා කර දැමීම මේ තරම්ම අපට වටින්නේත් ඒ නිසයි... //
මේ ගැන කිසිම තර්කයක් නෑ !
නමුත් අප සෙවිය යුත්තේ මෙවැනි යුද්දයක් ඇති වුයේ අයි දැයි කියා. සිංහල සහ දෙමල දෙසපලන්යන් තම ජනතාව රැවටීම දිගටම සිදුකලා, තවමත් සිදුකරමින් සිටි.
සුද්දන් විසින් යෝදාගන්නලද "බෙදා පාලනය " මිට මුල් ගෙතුවක් උනත් මෙවැනි තත්වයට අපරට පත් වුනේ සිංහල සහ දෙමල දෙසපලන්යය්න් සහ මෝඩ ජනතාව නිසයි. ටිකක් හිතන්න පහත කරුණු මිට කොතෙක් බලපෑවද කියා .
01. G G PONNAMBALAM විසින් 50/50 නියෝජනයක් ඉල්ලීමට හෙතුඋනේ 1956 සිංහල පමණක් ලෙස පැමිණි බණ්ඩාරනායක ගේ පනතයි, මෙයින් සිදුවුයේ කුමක්ද ?
01. සිංහල කතා නොකරන සියලු පුද්ගලයන් ට තම රැකියාව පිළිබද තිබු අයිතිය නැති කිරීම
මෙය ඉංග්‍රීසි කතානොකරන සිංහලයන්ට තමාට පැමිණිය නොහැකි අවස්ථා වලට පැමිණීමට මගපෑදුනත් දීර්ග කාලීනව නවීන තාක්ෂණික
තොරතුරු ශ්‍රී ලංකාවට ලබාගැනීමට නොහැකි වීම (තාක්ෂණික පොතපත සිංහලට පරිවර්තනය වීම ඉතා මන්දගාමී වීම ) නිසා අප රටට ලැබුන අවස්ථාව කලාපයේ අනෙක් රටවලට හිමිඋනා.
02. ප්‍රමිති කරණය මහින් (වැඩි ලකුණු ලබාගත් යාපනය සහ කොලබ සිසුන්ට සරසවි අවස්ථා අහිමිකර ඊට අඩු ලකුණු ගත් වෙන පළාත්වල සිසුන්ට සරසවි වරම් ලැබීම ) මෙය නිසා සිදුඋනේ සිංහල සිසුන්ට වැඩි වාසියක් නිසා මහා ජාතිය ලෙස අප නිහඩ වීමත් සුලුජතිකයන්ගේ සිත් පෑරීමත් යන කරුණු දෙකයි
මෙවැනි කරුණු ගණනාවක් නිසා ඇතිවුන ත්‍රස්ත යුද්දය අවසන් නොකර දිගට පවත්වා ගත්තෙත් ඔයකියන පක්ෂ දෙකේම දෙසපලන්යයන් විසින්.
බණ්ඩාරනායක ගේ දියණිය කලෙත් ඇය ගේ කපටි පියා සිදුකල දෙයමයි, යුද්දය ඇවිලී යද්දී සුදුනෙලුමක් අරගෙන මෝඩ සාම කතා කල ඇය අද කියන්නේ 75% යුද්දය කරන ලද්දේ ඇය ගේ කාලයේ බවයි.
අප රටේ වගේම සුද්දන් ජාතිවාදී ගැටුම් ඇතිකළ සිංගප්පුරුවේ මෙය විසදු හැටි ඉතා වැදගත්.
චීන සම්බවයක් ඇති මිනිසුන් සහ මැලේ ජාතිකයන් අතර ගැටුම් ඇතිවූ විට lee kuan yew සිදු කලේ ඉතා දැඩි නීති මහින් ජාතිවාදී අදහස් පතුරවන
උදවියට දඩුවම් ලබාදීමයි.
ඔහු විසින් ලෝකය සමග ගනුදෙනු කිරීමට උවමනා ඉංග්‍රීසි බාෂාව බව තීරණය කර 45% පමණ චීන ජනතාවගේ අයිති වාසිකම් ගැන නොසිතා තම දක්ෂ කමට සරිලන රැකියාවක් ලබාගැනීමට මග පාදන ලදී.
මෙයින් අප තේරුම් ගතයුත්තේ මහින්ද බොදුබල සේනාව සමග ක්‍රියාත්මක කල සිංහල ජාතිවාදය මැඩලිය යුතු අතර MY3 දෙමල පක්ෂ සමග එකතුවී
දෙමල පක්ෂ ගහන පදයට නැටීමත් නැවැත්විය යුතුයි.
මේ ජාතිවාදී ප්ර්ශනයට ඇති විසදුම
01. ජාතිවාදී අදහස් පතුරමින් ජනතාව කුපිතකරවන්නන් ට දීර්ග කාලින සිරදඩුවම් ලැබෙන
02. පාර දෘශ්‍ය බාවයෙන් යුතු නවීන තාක්ෂනය යොදාගන්නලද සම්පත් බෙදීමේ විෂමතා වලක්වා ගතහැකි ක්‍රමයක් මගින්
ඉහත ඔබ සදහන් කල අවාසනාවන්ත තත්වයක් ඇතිවීම වලකා ගැනීමට හැකි වනු ඇති.
ලී ක්වාන් යූ ගෙ ක්‍රමය හරි. දඬුවම් කරනකොටත් ජාති බේදයක් නැතිව කරන්න ඕනේ.
Deleteඊලාම් යුද්ධය හා සොල්දාදුවන්ගේ මානසික සෞඛ්‍යය
ReplyDeletehttp://transyl2014.blogspot.ca/2015/02/blog-post.html
ඇත්ත.අපිට ආයෙත් යුද්ධයක් අවශ්‍ය නෑ.හැබැයි යුද්ධෙකින් දිනන්න බැරිවෙච්ච දේවල් මැරිච්ච දහස්ගාණකගේ සොහොන් උඩින් වෙන මුහුණුවරකින් දියයුතුත් නැහැ.අද වෙලා තියෙන්නේ රූකඩයෙක් මගින් ඒ ගමනට පාර හදාගන්න එකනේ.
ReplyDeleteරටක විනාශයන් වෙනවා.ගොබ්බ ජෙප්පොන්ගේ කැරළිවලින් වුණේත් කොටින්ගේ යුද්ධෙන් වුණෙත් එකම විදියේ විනාශයක්.වාසනාවකට වගේ ජෙප්පන්ගේ කැරළි මර්ධනය කරන්න පුළුවන් වුණාට යුද්ධේ අවුරුදු 30ක් ඇදුණා, නෑ ඇද්දා.!ඒවා පහුගිය කතා කියලා අමතක කරන්න පුළුවන්කමක් නෑ.අමතක කළ යුතුත් නෑ.අවශ්‍යවන්නේ කාගෙ කාගෙත් අරමුණු හොඳින් අඳුනාගෙන කළ යුතු හොඳම දේ කිරීමයි.අවාසනාවකට වගේ වත්මන් රූකඩ දේශපාලනයෙන් එහෙම දෙයක් බලාපොරොත්තුවෙන්න ටිකක් අමාරුයි.
// රටක විනාශයන් වෙනවා.ගොබ්බ ජෙප්පොන්ගේ කැරළිවලින් වුණේත් කොටින්ගේ යුද්ධෙන් වුණෙත් එකම විදියේ විනාශයක්. //
Deleteමෙන්න ඇත්ත
මේ රත්තරං මිනිස්සු නොහිටින්න අපි... මැරුණ තැනක්.. අඩුම ගානෙ හිටියද කියලවත් නොදැන්න ඉඩ තිබුණා... නියම පෝස්ට් එක....
ReplyDeleteWar Correspondence කියන විෂයය අපේ රටේ ප්‍රමාණවත් තරම් සිදුවුනේ නැහැ, යුද්ද කාලේදී. ඒ සඳහා මාධ්‍යවේදීන්ට විශේෂ පුහුණුවක් අවශ්‍යයි. මා හිතන්නේ නැහැ අදටත් ඒ ගැන විශේෂ පුහුණුවක් ලද මාධ්‍යවීදීන් ඉන්නවා කියා අපේ රටේ. ජාත්‍යන්තර ප්රවෘත්ති නාලිකා වල සේවය කරන අය එවැනි විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා.
ReplyDeleteයුද්ද කාලේ අපි රූපවාහිනියෙන් දුටු වාර්තා බොහොමයක් ජාත්‍යන්තර ප්‍රමිතිය අතින් ඉතා පහළයි. එල්ටීටීඊ එක විශ්වාස කලේ විදේශීය වාර්තා කරුවන් පමණයි. අපේ රජය විශ්වාස කලේ අවසර ලත් දේශීය වාර්තාකරුවන් පමණයි.
මේ වීඩියෝවේ ඇති ආකාරයටත් වඩා ඉහළ නිර්මාණ කරන්නට සුදුසු අවස්ථා දහස් ගණනක් අපට මගහැරී ගියා. හේතුව, සම්පූර්ණ අවධානය දුන්නේ, ගැහුවේ කොහාටද, මැරුණේ කීයද වැනිදේ ට පමණක් ප්‍රමුඛස්ථානය දීමයි.
Ranil hitiya nama niyama vedio ekaka karanna thibba neda Wicharaka thuma
Deleteරනිල් මේ වැඩේට කිසිසේත් අදාළ නැත. මාධ්‍යවේදීන් පුහුණු කරගතයුත්තේ ඒ ඒ මාධ්‍ය ආයතන විසිනි.
Deleteමව් බිම අනතුරේ.. බේරා ගන්න වරෝ..
ReplyDeleteඑල්ලෙන්න වැල් නැති උනාම එල්ලෙන්න පුළුවන් ලාබම දේ තමයි ජාති ආලය..
ha ha ha ha kata katka kata Shiva deviyange awathare nagitala ewee ....Ponna Ranila ape hamudawta kotoyanta kiyala passa bage karawapu ekama athi niwan dakinna. nadda mathalan goyyooooo
ReplyDeleteදැඩි නීති රීති වලින් සැමට සමාන අයිතිවාසිකම් ඇති බව දැනෙන ආකාරයට රට පාළනය කල යුතුයි. නැතිනම් සුළු ජාතිකයන්ගේ හිත් වල කහටක් ඇති වෙනවා. ජාතිවාදය පතුරුවන්නන්ට ජාති නොබලා දඬුවම් කල යුතුයි. හැමවිටම සිංහල ජාතිවාදීන් පමණක් දංගෙඩියට යෑම වැළක්විය යුතුයි. අපේ රටේ ජනතාව ආණ්ඩුවත් එක්ක නෑ. ඒ නිසා මේ වගේ වීඩියෝ එකක් ගැහුවත් ආණ්ඩුවට දොස් කියයි. ඇමරිකානු සෙබලා, ඇමරිකන් රජය එක වගේම ඇමරිකන් ජනතාවගේ වීරයෝ. ඔවුන් චිත්‍රපට වලින් මේ හිතෛශී බාවය තබා ගන්නවා.
ReplyDeleteයුද්දේ ඉවර කරන්න දේශපාලන නායකත්වය විශාල පිටුවහලක් උනා.. ඒත් ඒ වෙලාවේ රටේ දේශපාලන නායකයාව මුල්ලකට කොටු වෙන්න/ කරන්න බාහිර සාධක රාශියක් බලපෑවා. එහෙම නොවන්න මහින්ද රාජපක්ශ කියන්නේ තවත් ඔය කිවූ ජාතියේ එක නායකයෙක් පමණක් වෙන්න තිබුණා. අනික් වැදගත්ම කාරනය නම් ප්රභාකරන් කියන්නේ ගරිල්ලා කණ්ඩායමක නායකයෙක් මිසක් දේශපලන නායකයෙක් නොවීම. ගරිල්ලා සංවිධානයකට යන්න පුළුවන් උපරිමම දුරක් ප්රභාකරන් එල්.ටී.ටී.ඊ.ය ගෙනාවා. එතනින් එහාට ඊට දේශපාලන මුහුණුවරක් එන්න ගත්තම ප්‍රභා ෆේල්. ඒක කාටවත් වලක්වන්න බෑ. යුද්ධය නතර කරන්න මහින්දට පෙර රනිල් හා චන්ද්‍රිකා ද සාධනීය උත්සාහයන් කීපයක්ම ගෙනාවා. අවාසනාවකට ඒ වෙනකොට යුද්ධය අවසන් කිරීමට නියමිත බාහිර සාධක ඊට එක්වී තිබුණේ නෑ. මහින්දට ඒ අවස්ථාව හිමිඋනා. මහින්දගේ වැරැද්ද උනේ ඒ ලබා ගත්ත ප්‍රතිරූපය සදාකාලිකව බලය තහවුරු කරගැනීමේ උවමනාවන් සඳහා ගණිකා වෘත්තියේ යෙදවීමයි. ඒ හැරුණුකොට මහින්ද රාජපක්ශ යනු 'ශ්‍රී ලාංකික' ජනතාව වැඩි දෙනෙක් අපේක්ශා කරන ආකාරයේ 'රජෙක්'.
ReplyDeleteයුද්ධය හා එහි බිහිසුණු අත්දැකීම් ගැන මාරයා ගේ විග්‍රහය හා එකඟයි (අර දෙවැනි සිදුවීම- කරවටක් දියේ ගිලී ඇවිත් පාන්දර ගෙදරට ගොඩවීම යන්න නම් අස්වාභාවිකයි, නාට්‍යමය සුළුයි. එය සිදුවූයේ ඊට වඩා වෙනස් ක්‍රමයකට විය යුතුයි.) නැවත එවන් කාලයක් හෝ එවන් මරණයේ සජීවී අත්දැකීමක් යලිත් බලාපොරොත්තු වන්නේ නෑ.
දැන් යුද්දේ ඉවරයි.අපි කරන්න ඕනේ ආයෙමත් යුද්ධයක් ඇති නොවන තැනට කටයුතු කිරීම විනා යුද්දේ දින්නා යුද්දේ දින්නා කියමින් ඒවා සැමරීම නොවේ.
ReplyDeleteමම හිතන්නේ නැහැ ඔය සමහරු දැන් මවනවා වගේ යුද බිල්ලෙක් මේ රටේ ආයෙමත් මතු වේවි කියලා.අවස්ථාවාදී දේශපාලකයෝ තමයි යුද්දේ ජනිත කරන්නේ.උන්ට එරෙහිවයි අපි කටයුතු කරන්න ඕනේ.නැතුව තම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන නිරායුධ දෙමළ.මුස්ලිම් ප්‍රජාවට එරෙහිව නොවේ.
//බිරින්දෑවුන්ට සැමියන් අහිමි නොවන.. සොහොයුරු සොහොයුරියන්ට තමන්ගේ සොහොයුරන් අහිමි නොවන.. මිතුරන්ට මිතුරන් අහිමි නොවන... යුද්ධයකට පාර නොකැපෙන අනාගතයක් කොයි තරම් වටිනවාද..?//
ReplyDeleteමේ කියමන හැමෝටම හැම පැත්තටම අදාලයි.
පහු ගිය දවසක මට හම්බුණා යුද්ධෙ ඉවර කරන්න සක්‍රියව දායක වුණ හමුදා නිලධාරින් කීප දෙනෙක්. ඒ වෙලාවෙ මට හිතුණෙ අපි මොනවද කරල තියෙන්නෙ කියල මේ රට වෙනුවෙන්. ඒ කීපදෙනාගෙන් එක්කෙනෙක්ගෙ කකුලක් නෑ, නමුත් ඔහු සාමාන්‍ය විදියට සේවයෙ යෙදෙනව.
ReplyDeleteමම මේ කතා කරන්නෙ දේශපාලනේ නෙමේ, ඒත් ඒ විදියට අපි දිනා ගත්තු යම් දෙයක් තියනවනම්, ඒ දිනුම , උත්සහය හෑල්ලු කරල අපි කතා කරන, වැඩ කරන හැම වෙලාවකම ,අපිට පව් සිද්ද වෙනව.
යුද්ධය...
ReplyDeleteමම කතා කරන්න අකමැතිම මාතෘකාවක්.. ඔය කාලේ ඇතුලත අපේ අයියා කෙනෙකුත් (මාමා කෙනෙක්ගේ පුතෙක්) ගුවන් හමුදාවේ හිටියා. එයත් දැන් ජීවතුන් අතර නැහැ, රිය අනතුරක් නිසා..
යුද්ධය ඉවර කිරීම දේශපාලනීකරණය වෙලා තියන මේ වෙලාවේ මම ඒ ගැන විවරණ දෙන්න යන්නේ නෑ..
ඒ උනාට, ඒ වැඩේ කරන්න වචනෙකින් හරි දායක උන කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝටම මේ ආචාරය යන්න ඕනේ...
මොනවා කියනවාද?යුද්දෙ ඉවර කරේ චන්ද්‍රිකා.එයා ඉන්නකම් ආයිත් එහෙම කලක් එන්නේ නැහැ
ReplyDelete"http://jaymmp.blogspot.com
එතකොට කලවැද්දට දුන්න වෙල් විදානේ කමයි බෙන්ස් එකයි !!!! අපරාදේ මොනවා කරාටද ... හයියෝ ෂල්ලි :v
Delete"වෙල් විදානේ" - අපූරු පරිවර්තනය...
Deleteඅපරාදේ මොනවා කරාටද ... ඇයි මෙයා ඔයාට මතක නැද්ද එයා තනියම යුද්ධයක් කළා.. තනියම මෙයා තනියම... එයා තනියම යුද්ධයක් කරපු ලෝකේ එකම හමුදාපති හැටියට ඉතිහාස ගත වෙලා අහවරයි... කාටද ආඩම්බර.. අපිටනෙ.. :D
මයිනහමේ ක්‍රියාව සෙමින් ආරම්බ වී ඇත. අළු යට ගිනි සෙමෙන් ඇවිලෙමින් පවතී. යකඩ උණුවී දෙකට කැඩෙන ගින්නක් අනාගතයේදී වර්ධනය වනු ඇත.
ReplyDeleteබුකියට මැසේජයක් දැමීමි. රිප්ලයි නැ. මේල් එකක්ද දැමීමි. රිප්ලයි නැත.
ReplyDelete