14 July 2015

2020දී චම්පිකට ජනාධිපති විය හැකිය.

වර්ෂ 2020 වන විට මෙරට ජනපතිවරයා වීමට චම්පික රණවකට හැකියැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් දැනට මාස කිහිපයකට පෙරදී නිකුත් කරනු ලැබුවේ ගරු කටයුතු අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසිනි. එහෙත් එකී ප්‍රකාශය බොහෝ දෙනාගේ අපහාස උපහාස හා සමච්චලයට ලක්ව යටපත්ව යන ලදි. එහෙත් අපගේ අදහස නම් එකී ප්‍රකාෂයෙහි සියයට පනහකට වඩා සිදුවීමේ සම්භාවිතාවක් ඇති බවයි. ඒ පිළිබඳව කෙරෙන්නා වූ කෙටි පැහැදිලි කිරීමකි මෙකී ලිපිය.

උක්ත ප්‍රකාශය නිකුත් කල අවස්ථාවේ සිට මේ දක්වා ගත වූ කාලය තුල ශ්‍රී ලාංකික දේශපාලන කරලිය තුල සිදු වූ සිදුවීම් සියල්ලම නැතත්, සැලකිය යුතු ප්‍රමාණයක් ඔබ අප සියළු දෙනාම දනිමු. රහස් කුටිවල කෙරෙන සීමිත පිරිසකගේ සංවාදයන් වැනි දේ අපට දැන ගන්නට මාර්ග නැතත්, එකී මණ්ත්‍රණයන්ගෙන් පසුව ප්‍රායෝගික තලයෙහි ඔවුනොවුන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග අප විසින් දකිනු ලබයි. එහෙත් මේ වන විට මුළු මහත් ශ්‍රී ලාංකික ජනයාගේම කුකුසට භාජනය වන හැසිරීමක් ඇති අයකුද වෙයි. ඒ අන් කවරකුවත් නොව අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය.

කවර කලකවත් මෙතරම් ගුප්ත හැසිරීම් ඇති ජනපතිවරයෙක් අප දැක නැත. ඇතැම් විට ඔහුගේ ක්‍රියාකලාපය අනුව එකක් කියා තව එකක් කරන, මුලින් කියන දේ නැවතත් වෙනස් කරන අන්දමේ ගති ලක්ෂන දැකිය හැකි මුත්, ඔහු කිසියම් පූර්ව සැලැස්මකට අනුව කටයුතු නොකරනවා යැයි අපට කිව නොහැක. ඔහුගේ දේශපාලන පෙරලිය ආරම්භ වූ තැන පටන්ම ඔහුගේ ගමන මෙසේ විය. ප්‍රතිවාදියා අන්දමන්ද කරවන සුළු විය. එහෙත් ඔහු ක්‍රමයෙන් ඔහුගේ ගමන කිසිදු ගැටළුවකින් තොරව අවශ්‍ය තැනට මෙහෙයවමින් සිටී. මෙය ඔහුට පක්ෂ විපක්ෂ කොයි කා විසිනුත් පිළිගත යුතු තත්වයකි.

දැන් අප බලමු චම්පික රණවකයන් හට 2020 වන විට ජනපති වීමේ හැකියාව කොයි ආකාරයක පවතීද යන්න. (පූර්‍වයෙහි ගරු ජනපති මෛත්‍රීපාල මැතිඳුන්ගේ හැසිරීම ගැන සඳහන් කලේ මෙකී කාරණයට එම හැසිරීම සෘජුවම බලපාන අන්දමක් දකින්නට ඇති නිසාය.)

2020 ජනපති වීමට පෙර මෙවර මහ මැතිවරණය හා එයින් පසුව පිහිටවනු ලබන රජය ගැන අපි මොහොතකට අවධානය යොමු කරමු.

ඉදිරි මැතිවරණ ප්‍රතිඵලය බෙදුනු එකක් වීමට ඇති අවස්ථාව ඉතා ඉහල බව මධ්‍යස්ථ දේශපාලන දැක්මක් ඇති කා හට වූවත් දැක ගත හැකි තත්වයකි. කිසිදු ප්‍රතිවිරුද්ධ පාර්ශවයකට හෝ පාර්ලිමේන්තු ආසන 113ක ස්ථාවර බහුතරයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. වත්මන් තත්වය අනුව නැවතත් එක්සත් ජනතා නිදහස් සංධානය හිටපු ජනපතිවරයා යටතේ විශාල පණක් ලබා මෛත්‍රී මැතිදුන්ගේ අනුග්‍රහයද ලබාගෙන බලවත් තත්වයක පසු වේ. එහෙත් ඔවුනටද ආසන 113න තනිව ඉක්මවා යෑම පහසුවෙන් කල හැක්කක් වන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයට ආසන සියයක් ලබා ගැනීමත් අපහසුය. එසේ වන විට අනිවාර්‍යයෙන්ම මේ පක්ෂ දෙකෙන් එක් පක්ෂයකට රජයක් පිහිටවීමටනම් අන් පාර්ශවයක පිහිට පැතීමට සිදුවනු ඇත. නැතිනම් මෛත්‍රීපාල ජනපතිතුමන් මුල පටන්ම කියනු ලැබූ ජාතික ආණ්ඩු සංකල්පයට යන්නට සිදු වේ.

අපගේ තර්කය ආරම්භවන්නේ මෙම අවස්ථාවේදීය.

බහුතර ආසන සංඛ්‍යාවක් රහිත තත්වයකදී නව රජයක් පිහිටවීමේ වැඩිම හැකියාව ඇත්තේ කා හටද?
රනිල් වික්‍රමසිංහයන්ටද?
මහින්ද රාජපක්ෂටද?

රනිල් වික්‍රමසිංහයන්ට පැහැදිලිවම නව රජයක් පිහිටවීමට නම් ද්‍රවිඩ ජාතික සංවිධානයත්,මුස්ලිම් කොන්ග්‍රසයත් සම්බන්ධ කර ගැනීමට සිදු වනවාමය. ජනතා විමුක්ති පෙරමුණ සැලකිය යුතු තරම් ආසන ගණනක් ගනීවි යැයි සිතිය නොහැකි අතර එසේ ගත්තා වූවද ඔවුන් රජයක් පිහිටවීම වැනි බැරෑරුම් කාර්යයකදී කිසිසේත්ම විශ්වාස කල නොහැකි කඩාකප්පල්කාරීන් පිරිසකි. එහෙයින් රනිල් වික්‍රමසිංහයන් කෙසේවත් එම පක්ෂයත් සමඟ “සෘජු“ ගනුදෙනුවක් කරනු ඇතැයි සිතිය නොහැක. කරනා ගනුදෙනුවක් කල හැකි වන්නේ සුළු ජාතික පක්ෂ සමඟින්ය. එහෙත් මේ වන විට සුළුජාතික පක්ෂ වල ඉල්ලීම් ඉතාමත් බරපතල අන්දමේ ඒවා බව කිව යුතු නොවේ. එවැනි තත්වයක් මත ඔවුන් සමඟ රජයක් ගෙන යාමේදී රටේ බහුතර ජනයාගේ බලවත් විරෝධය එල්ලවන අන්දමේ තත්වයක් ඇතිවීම වැලැක්විය නොහැකි කාරණයකි. වසර පහක් මෙවැනි තත්වයක් කලමනාකරණය කිරීම කිසිසේත්ම කල හැකි තත්වයක් නොවේ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහයන්  බෙදුම්වාදයට සහය දක්වන්නකු ලෙසින් ඇති ලේබලයත් සමඟින් එය රටේ බොහෝ ගැටුම් හා ප්‍රශ්නයන්ට මුල් විය හැකි තත්වයකි.

එසේ නැතිනම් රනිල් වික්‍රමසිංහයන්ට ඇති අනිත් විකල්පය වන්නේ සංධාන මංත්‍රීන් බිලී බෑමයි. එයද එතරම් පහසු නොවනු ඇත්තේ මෙවර සංධානයෙන් ජයගනු ලබන අපේක්ෂකයින්ගෙන් සියයට අනූනවයක්ම දෙනා මහින්ද හිතවාදීන් වීම මතය. එහෙත් මෙය යම් යම් කොන්දේසි මත කල හැකි අවස්ථාවක්ද ඇත. විශේෂයෙන්ම මෛත්‍රීපාල මැතිඳුන්ගේ අනුග්‍රහයත් සහිතව රනිල් හැර වෙනත් විශ්වාසදායී අයකු අගමැති කොට යූඇන්පී බහුතර ඇමති තනතුරු සහිත රජයකට යාමට හැකියාවක් ඇත. මෙහිදී අගමැති ධූරයට පත්වන පුද්ගලයා ජනතාවගේ විශේෂ පිළිගැනීමකට ලක්වූ අයකු වීමත්, මැතිවරණය විශිෂ්ඨ ලෙසින් ජයගෙන තිබීමත්, මෛත්‍රීපාල මැතිඳුන්ට විශ්වාසි අයකු වීමත්, එජාපයේ හා සංධානයේ සෙසු මංත්‍රීවරුනට නායකත්වය දිය හැකි අන්දමේ පෞරෂයක් ඇති අයකු වීමත්, නිසි දැක්මක් ඇති අයකු වීමත් ,ජාතික නායකයකු වශයෙන් රටම පිළිගනු ලබන අයකු වීමත්, තිබිය යුතුම සුදුසුකම් වේ. ඔහුගේ පත්වීමට දෙපාර්ෂවයේම කැමැත්ත ඇති විය  යුතුය.

ඒ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු පිහිටවීමේ හැකියාවේ තරමයි.

අනිත් පසින් මහින්ද රාජපක්ෂට රජයක් පිහිටවීමට නම් කෙලින්ම එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රීන් බිලී බෑමට සිදුවනු ඇත. ඒ හැර සුළු ජාතික පක්ෂ සමඟ ගනුදෙනුවලට යාමට ඔහුට හැකියාවක් නැත. සුළු ජාතික පක්ෂ ඔහුට සහය දක්වනවාට වඩා රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට කැමති වනු ඇත. එයට වඩා එක්සත් ජාතික පක්ෂයෙන් බිලී බෑම ඔහුට පහසු හා හුරු පුරුදු ක්‍රීඩා රටාවයි. මෙයටත් ඉතා වැඩි අවස්ථාවක් ඇත. කෙසේ වෙතත් මෙයට මෛත්‍රීපාල මැතිඳුන්ගේ සහය නම් ලැබීම අසීරු වනු ඇත. කෙසේ හෝ  එවැනි තත්වයක් මතු වූවහොත් එයට ඉඩ දීමට මෛත්‍රීපාල මැතිඳුන්ට සිදු වේ. පවතින තත්වය තුල එයට ප්‍රසිද්ධියේ එරෙහිවීම කල හැකි දෙයක් නොවේ. ඒ අනුව මහින්ද රාජපක්ෂට ඇති අවස්ථාව රනිල් වික්‍රමසිංහයන්ට ඇති අවස්ථාවට වඩා ප්‍රභලය. ඒ එක්සත් ජනතා නිදහස් සංධානයට ඇති ආණ්ඩු පිහිටවීමේ හැකියාවයි.

කෙසේ වෙතත් දෙවැනියට කී ආකාරයට මහින්ද රාජපක්ෂ අගමැති වී රජයක් පිහිටවීමට ආසන්න තත්වයක් පැමිණියහොත් (බොහෝ විට සිදු විය හැක්කේ මෙයයි) රනිල් වික්‍රමසිංහ නායකතුමා හට ඔවුන්ගේ පාර්ෂවයෙන් ගත හැකි අවසාන විසඳුම දක්වාම යනවා හැර වෙනත් හැරීමක් නොමැත. එනම් ජාතික ආණ්ඩුවකට යාමයි. එහිදී ඔහුට අගමැතිකම පිළිබඳව වූ සිහිනය අතහැර දමන්නට සිදු වෙයි. පසුගිය කාලසීමාව තුල සිදු වූ බොහෝ දේ නිසා මෛත්‍රීපාල මැතිදුන් රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ හැසිරීම ගැන කලකිරී ඇති බව ප්‍රකට කරුණකි. මහින්දට නැවත පාර කැපීම සිදුවන්නේත් රනිල්ව තරමක් මට්ටු කරවීමට බව පැහැදිලි කරුණකි. එහෙයින් විය හැකි දේ වන්නේ මෛත්‍රීපාල මැතිදුන්ගේ ආශීර්වාදය සහිත, ඔහුට විශ්වාස කල හැකි පෙර කී ආකාරයේ අගමැතිවරයකු ප්‍රධාන කොට බිහිවන නව රජයකි. එහිදී රනිල් වික්‍රමසිංහ නායකතුමාටත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂටත් බරපතල ලෙසින් විරුද්ධ වීමට අවස්ථාවක් නැති වෙයි.

මෙන්න මේ අවස්ථාවේදී අප කල්පනා කල යුත්තේ මෙම අගමැති තනතුර දරමින් ජාතික ආණ්ඩුවකට නායකත්වය දිය හැකි පුද්ගලයා කවුරුන් විය හැකිද යන්නයි.

එහිදී නොයෙකුත් අය සමඟ සංසන්දනය කර බලමින් කාලය කන්නට මා අදහස් නොකරමි. එය ඔබලාටම කරගන්නට පසුවට තබමි. 

අපගේ මතය නම් ඒ සඳහා හොඳම අවස්ථාව ඇත්තේ ගරු පාඨලී චම්පික රණවක මැතිතුමාට බවයි. එතුමාට ඒ සඳහා හොඳම අවස්ථාවක් එක්සත් ජාතික පක්ෂය තුලින්ම උදාකරදී ඇත. එනම් මේවන විට ඔහු පැහැදිලිවම තරඟ වඳින්නේ එක්සත් ජාතික පක්ෂය තුලිනි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායකයකු අගමැති වීම සිදු වේ.  විශේෂයෙන්ම රණවක මහතා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් මනාප සටනේදී රනිල් වික්‍රමසිංහ නායකතුමාව අභිභවා යාමේ විශාල හැකියාවක් සහිත අයෙකි. කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහයන්ගේ බටහිරට බර අදහස් නිසා ඔහු ගැන කලකිරීමෙන් සිටිනා දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයාටද තමන් තුල සැඟවී සිටින දේශප්‍රේමියා අවදි කරවිමට මෙම ඡන්දයේදී මහඟු අවස්ථාවක් ලැබී ඇත. ඒ පාඨලී චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් සිය මනාපයක් සටහන් කර රට දැය සමය ගැන සිතනා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් පෙරමුණට ගැනීම තුලිනි. 

පහුගිය කාලය පුරාවටම දේශද්‍රෝහී චෝදනාවෙන් පීඩාවට පත්ව සිටින බහුතර එක්සත් ජාතික පාක්ෂිකයාට සිය කලු පැල්ලම් මකා ගැනීමට මෙයට වඩා අවස්ථාවක් යළිත් උදාවන්නේ නැත. බුද්ධිමත් ඡන්දදායකයින් වශයෙන් ඔවුන් ඒ අවස්තාව යොදා ගන්නවාට කිසිඳු සැකයක්ද නැත. දැනටම එක්සත් ජාතික පාක්ෂිකයා තුල රණවකයන් විසින් ඇති කර ඇති ප්‍රබෝධය සුළු පටු නැත. එය පසුගිය කාලය පුරාවටම මැතිවරණ වේදිකා තුලත් ඉන් පිටතත් දකින්නට ලැබිණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට නැවතත් ඩී එස් යුගයකට යන්නට හැකි නායකයකු ලැබුනා කියා සතුටු වී තම පක්ෂයට රජයේ වැඩි අයිතිය ලබා ගැනීමේ හැකියාව හිමිවේ. 

අනිත් පැත්තෙන් ගත් කල සංධානයටද චම්පික රණවකයන් ප්‍රතික්ෂේප කිරීමට බලවත් හේතු නැත. ඒ ඔහු කෙලින්ම එක්සත් ජාතික පක්ෂයේ අයකු නොවන නිසා සංධානය පැත්තේ අයටත් නායකත්වය දිය හැකි අන්දමේ මධ්‍යස්ථ අයකු ලෙසින් ඔවුනටද බාර ගැනීමට සිදු වේ. එසේම වැඩි කාලයක් සංධානයේ සාමාජිකයකු වශයෙන් ඔහු කටයුතු කර ඇති නිසා දැනට ඇති වී ඇති සුළු සුළු හිත්අමනාපකම් දුරලා ඔහුත් සමඟ ගමනක් යාමට සංධානය එකතු කරගැනීමට ඔහුට අපහසු විය නොහැක. එයට ජනපතිඳුන්ගේත් පූර්ණ අනුග්‍රහය හිමිවන තත්වයක් මත එය පහසුවෙන්ම විය හැකි කාරණාවකි. සංධානයට ඡන්දය දෙන බහුතරය සිංහල බෞද්ධ පසුබිමක් මත කටයුතු කරන අය නිසා ඔවුනව නැවත පහදවා ගැනීම චම්පික රණවක මැතිතුමාට අසීරු වන කරුණක්ද නොවේ. අවශ්‍ය වන්නේ පසුගිය කාල සීමාවේදී මහින්ද රාජපක්ෂට විරුද්ධ වූයේ මෙවැනි තත්වයක් උදාකරවා පූර්ණ රාජ්‍ය බලය සිංහල බලවේග අතට ගැනීමට බව පැහැදිලි කරවා දීම පමණි. එම පැහැදිලි කිරීම හරියාකාරව සිදු වූවහොත් චම්පික වටා සංධානයේ සියල්ලන්ම රොද බඳිනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන ගරු ජනපතිතුමාටත් තමාගෙන් පසුව රට නියම මගක ගෙන යා හැකි අයකුට බලය බාර දුන්නා යැයි සිතා සතුටු විය හැකිය. විශේෂයෙන්ම බලයට කෑදර නැති අභිනව ජනාධිපතිතුමා “රනිල් - මහින්ද“ දෙදෙනාට වඩා චම්පික කෙරෙහි වැඩි විශ්වාසයක් තබන්නට නොපැකිලෙනු ඇත. රනිල් වික්‍රමසිංහ නායකතුමාටත් මෙවැනි තත්වයක් මත පක්ෂයේ බහුතර මතයට එරෙහිව යන්නට නොහැකි වනු ඇත. විශේෂයෙන්ම කොළඹදී ඔහු චම්පිකට පැරදී හෝ, චම්පික හා සම සම තත්වයකට පැමිණ සිටියහොත් ඔහුට තමාගේ පය පසුපසට ගෙන රටේත් පක්ෂයේත් කැමැත්තට හිස නමන්නට සිදුවනු ඇත.

එසේ ගත් කල ඉදිරි මැතිවරණයේදී ඇතිවන ව්‍යාකූල තත්වය මත අළුතින් පිහිටවන්නට යෙදෙන නව රජයේ අගමැති පදවිය දැරීමේ වැඩිම අවස්ථාවක් ඇති පුද්ගලයා වන්නේ ගරු පාඨලී චම්පික රණවක මැතිඳුන්ය. මේ ගැන කිසිවකුට හෝ සැකයක් ඇතිනම් රනිල් හා මහින්ද යුගලය ඉවත් කොට හිස්තැනක් ඇති කර එයට සුදුසු පුද්ගලයින් ලෙස තමා කැමති අය යොදවා ඔවුනට ඇති අවස්ථා ගැන කිරා මැන බැලීම කල හැකිය. එහෙත් ඒ කිසිවකුටත් චම්පික රණවකයන්ට ඇති අවස්ථාව නැති බව පැහැදිලිය. විශේෂයෙන්ම ආණ්ඩු තනන්නා බවට පසුගිය කාලයේදී පත් වූ රාජිත සේනාරත්න මැතිතුමාගේත් නිසැක තේරීම රණවකයන්ම වන බැවිනි. (ඔහුගේ අරමුණ විය හැක්කේ රණවක මැතිඳුන් ජනපතිවන දිනක අගමැති ධුරයට පත්වීම විය හැකි බව අපගේ පෞද්ගලික අදහසකි. එය සඳහන් කොට තැබීම වැදගත් බව සිතමි.)

මේ අනුව 2015 වසරේ මහ මැතිවරණයෙන් පසුව පිහිටවන නව රජයේ අගමැති ධූරය හිමිවනු ඇත්තේ චම්පික රණවක මැතිතුමාට නම්, 2020 ජනපති වන්නේ කවුද යන ගෞරවනීය රතන ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය යතාර්ථයක් නොවන්නේ කෙසේද?

_______________________________

අඩවි හිමිකරු වන මංතුමාගේගේ සටහන...

මේක මගේ සටහනක් නෙවෙයි... මාගේ හිතවත් පාඨලී සරණ ගිය අයකුගේ සටහනක්... මේ සම්බන්ධව තර්ක කරද්දි ඒ අදහසේත් පොඩි ලල් එකක් තියෙන බව තේරුන හින්දා වැදගත් විදියට ලියලා දියං බ්ලොග් එකේ දාලාම උඹට හොදවායින් අස්සවලා දෙන්න... කිව්වම ලියලා දුන්න එක.. පොඩි පොඩි අකුරු වැරදි ඡේද කැඩිලි වගේ වෙනස්කං ඇර වෙන කිසිම දෙයක් මගෙන් වෙලා නැත. තර්කයක් හැටියට ගත්තම මේකා කියන කතාවේ මොකාක්ද මංදා අමුත්තක් නැත්තෙමත් නැහැ... ඒත් මේකේ බරපතල අවුලක් තියෙනවා කියලා මට හිතෙන එක නවතින්නෙත් නැහැ... මටත් වඩා හොඳට කියවන අයම මේක බලලා අදහසක් දෙයි කියලා හිතුන හින්දා ඔන්න ඌ ලවා ලියවපු සටහන මේකේ ඔබලා දානවා... මේකේ තියෙන අවුල පැහැදිලි කරන එක කියවන අයට බාරයි...

(මොන මගුල හරි කමක් නැහැ චම්පිකයව ෂේප් එකේ තියාගන්න වෙයි වගේ මෙහෙම බලද්දිනං.. :D :D :D )

25 comments:

  1. හොඳ වෙලාවට රවී තුමා සින්හ්ල බොග් කියවන්නෙ නැත්තෙ.... කියවනවනම් එහෙම චම්පක රනවක ට වහාම ක්‍රියාත්මක වන පරිදි සුදු වෑන් තමා

    ReplyDelete
    Replies
    1. දවල් හීනවලට මම හරීම ආදරෙයි :)

      Delete
  2. ඒකත් වෙන්ඩ පුළුවන් තමා නේන්නම්??

    ReplyDelete
  3. මරය මල්ලි,

    මහින්ද සරණගිය උබට මේවගේ අදහස් නැතිවීම සාදාරනයි, නමුත් මේ ලිපියට 100% එකයි.
    //විශේෂයෙන්ම රණවක මහතා කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් මනාප සටනේදී රනිල් වික්‍රමසිංහ නායකතුමාව අභිභවා යාමේ විශාල හැකියාවක් සහිත අයෙකි //

    රනිල්ට මෙවර ඉතා දැඩි තරගයකට මුහුණදීමට සිදුවනු ඇති, මගේ අදහස නම් පාටලී රණවක, සුජීව සේනසිංහ සහ හර්ෂ දී සිල්වා යන මහතුන් ගෙන් දැඩි තරගයක් ඇති වනු ඇති,

    බුද්ධිමත් ජනයා අතර රනිල්ට ඇති පැහැදීම පසුගිය කෙටි කාලයේ නැති උනේ මහ බැංකු වංචාව නිසා ! මගේ අදහස නම් මෙවර ජනතා විමුක්ති පෙරමුණ විශාල චන්ද ප්‍රමාණයක් ලබාගනු ඇති බවයි, යම් විදියකින් එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ඒකත්ව ආණ්ඩු පිටවනු ලැබුවොත්, මහින්ද ලොක්කට ලබන කාලය ඉතා නරක වනු ඇති. ජනතාවිමුක්ති පෙරමුණ පිළිබද මගේ කිසි පැහැදීමක් නැතිබව මිට පෙර පැහැදිලි කලෙමි.
    http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html

    මහින්ද මහතා මෙවර චන්දය ඉල්ලන්නේ එකම බලාපොරොත්තුවක් නිසා, එනම් ඉදිරියේ තමාට සහ පවුලේ අයට ඇතිවන ප්‍රශ්න වලින් බෙරිමටයි.
    https://www.youtube.com/watch?v=3glkS6yqR4U

    මෙහිදී ඔහු පිලිගන්නවා අපරාද කරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ ඔහු ඒවාට මැදිහත් වී යටගැසූ බව, ටිකක් හිතන්න රටේ ජනතාවට
    ආදරය කරන රටේ ජනතාවගේ දියුණුව ගැන හිතන පුගලයකු මෙවැනි දෙයක් කරයිද? අනෙක් අතට හිතන්න මල්ලි, මෙවැනි වරදවල් ඉතා සුළු ගණනක් සිදුඋනානම් ජනතාව ඉදිරියේ ඔහු මෙයාගැන සදහන් කරයිද ? ඔහු මෙය සදහන් කරන්නේ ඉතා විශාල ලෙස මෙවැනි වරදවල් සිදු උන නිසා !!

    දැන් රනිල් ගැන සිතුවොත් ඔහුත් කැමති නෑ මහින්ද දඩුවම් විදිනවා දකින්න, මිට මහන්ද ඔහුගේ පුද්ගලික මිතුරකු වීම මෙයට හේතුවක් වෙන්න ඇති නමුත් මුලිකම හේතුව ඔහුත් බලාපොරොත්තු වනවා දුෂණය යම්පමනකට පවත්වන්න.

    ජනතාව ලෙස අපි සිතිය යුතුයි ලක්ෂ 900 සිට ලක්ෂ1500 වැයකර වසර 6 ටම ලක්ෂ 65 පමන උපයගතහැකි නිලයකට දෙසපලන්යයන් පත්කිරීම නම් කිසි කලක දුෂණයෙන් තොර ලොවක් ඇති නොවනු ඇති.

    ජනතා විමුක්ති පෙරමුණට ඇති ප්‍රශ්නය නම් ඔවුන් ගේ මෙම අවංක රගපෑම පුර්ණ බලයක් ලැබෙන තුරු පමණයි, ඉන් පසු ඔවුන්ගේ යක්ෂ මුහුණ දැකගත හැකි වනු ඇති.

    පවතින තත්වය තුල අපි නුවන ඇතිනම් එක්සත් ජාතික පක්ෂයට යන්තම් පාලන බලයක් ලබාදියයුතු අතර ජනතා විමුක්ති පෙරමුණට සැලකියයුතු බලයක්
    ලබාදීමෙන් කිසිවකුට අත්තනෝමතික ලෙස හැසිරීමට ඉඩදියයුතු නැත. පරිසම් වියයුතු මුලිකම දෙය ද්‍රවිඩ ජාතිවාදී පක්ෂවල සහය නොමැතිව
    මුලික පක්ෂ දෙකෙන් එකක් පලනය ගෙනයාමට හැකිවන ලෙස ජනතාව බුද්ධිමත් වීමයි!!

    ReplyDelete
  4. පාටලීගේ මනාප රනිල් අභිබවා යන්නේ නැත..

    ReplyDelete
  5. ඕනෑම කෙනෙක්ට තමන්ගේ සිහින තුල ජීවත්වීමට අයිතියක් ඇත. මාරයියාත්, එයාගෙ යාළුවත් හොඳ ෆැන්ටසිකාරයන්බව පෙනේ. එහෙත් යථාර්තය බොහෝ වෙනස්ය. සුළු ජාතියේ අති බහුතර ඡන්දයෙනුත් (75-80%) මහ ජාතියේ සුලුතර (45-48%)ඡන්දයෙනුත් ගොඩගිය මෛත්‍රී ප්‍රමුඛ යහපාලන පෙරමුණට, මෙවර පැහැදිලි ජයග්‍රහණයක් දිස්වේ. හේතු කිහිපයකි, මාස කිහිපයකට පෙර විධායක බලය සහිත මුදල් කෝටි ගනන් වීසිකළ ජනාධිපතිවරයා පරාජ කිරීම, ඉන්ධන ඇතුළු බඩු භාණ්ඩ අඩුකර රජයේ සහ විශ්‍රාමිකයන්ගේ පඩි වැඩි කිරීම, දූෂිත ඇමතිවරු තාවකාලිකව රිමාන්ඩ්කර මාධ්‍ය සංදර්ශණ පැවැත්වීම, වර්තමාන රැල්ල මහින්ද විරෝධී අතට හමා යාම. මේ අතර බැදුම්කර වංචාව, ආර්ථිකය බංකොලොත් කිරීම වැනි අවාසිදායක කාරණා මතුවූවත් එය බලපාන්නේ අනාගතයට බැවින් බහුතර ජනයා මුලාවේ දැමීම පහසු කරුණකි. මේ කෙසේ වෙතත් එජාපයට ආසන 113ක් තනිව ගැනීම තරමක් අභියෝගියකි. රැල්ල දැඩිව හමායයි නම් 113 ගෙන තනි ආණ්ඩුවක් පිහිටවිය හැක, එහෙත් වර්තමාන සාධක අනුව 113 අපහසු කරුණකි.එහෙත් සුළු ජාතික පක්ෂ සහ සන්ධානයේ මෛත්‍රී පාර්ශවයේ සයයෝගය මත එජාපය ආණ්ඩුව පිහිටුවනු ඇත.

    එජාප ඡන්ද පදනම ජාතිකත්ව පදනම ඇති එකක් නොවේ, නමුත් චම්පික යනු ජාතිකත්වය මත පදනම්ව ජනප්‍රියවූ චරිතයකි. මේ නිසා එජාපයට ඡන්දය දෙන සිංහලයා හෝ සුළුතර ජාතීන් අතර චම්පිකගේ ජනප්‍රියතාවය හීනය, ඔහුට මාකට් කළ හැක්කේ යහ පාලනය, මහින්ද විරෝධය මිස ඔහු ඇතුළු හෙල උරුමය මෑතක් වනතුරු මාකට්කළ සිංහල බෞද්ධ දේශප්‍රේමීතවය නොවේ. හෙල උරුමයේ ඡන්ද පදනමවන මහරගම, හෝමාගම වැනි ප්‍රදේශ කිහිපයක බෞද්ධ, මධ්‍යම පාන්තික, කලින් සන්ධාන ඡන්ද චම්පිකට ලැබුණද, මුළු කොළඹින් බහුතර මනාප ගෙන රනිල් පරදවා එජාපය තුළ ජනප්‍රියතාවයක් ලබා ගැනීම දුෂ්කර වැඩකි. රනිල් සහ ඔහුගේ ඉහල නායකයන් එජාප පාක්ෂිකයන් තුලට බටහිර ගැති ආකල්ප දැඩිව කාවද්දා ඇති නිසා, චම්පිකට එජාපය තුල ජනප්‍රිය චරිතයක්වීම ඉතා අපහසු දෙයකි. චම්පික ඉහලට යාමට නම් ඔහුගේ ජන පදනමවන සන්ධානයේ බලය අල්ලාගත යුතුය. පෙනෙන ආකරයට මෙම චන්දයෙන් ජය ගන්නා එජාපය, මෛත්‍රී සමග ආණ්ඩුව පිහුටුවීමෙන් පසු, මහින්දට චෝදනා එල්ල කර ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකර පාර්ලිමේන්තුවෙන් එලියට දමනු ඇත.ඉන්පසු අනෙකුත් මහින්දවාදීන් කිහිප දෙනෙකුද හිරේ විලංගුවේ වැටෙනු ඇති. බහුතර දූෂිත මහින්දවාදීන් ඩීල් මගින් මෛත්‍රී වෙත බා ගනු ඇත. ඉන්පසු චම්පික ඇතුළු නඩය සන්ධනයේ බලය අල්ලනු ඇති. මේ මග ඔස්සේ ගොස් චම්පිකට ජනාධිපතිවීමේ යම් හැකියාවක් තිබේ. නමුත් එය සිතනතරම් පහසු දෙයක් නොවේ.

    ReplyDelete
  6. lankikasithuwili;
    "රනිල්ට මෙවර ඉතා දැඩි තරගයකට මුහුණදීමට සිදුවනු ඇති, මගේ අදහස නම් පාටලී රණවක, සුජීව සේනසිංහ සහ හර්ෂ දී සිල්වා යන මහතුන් ගෙන් දැඩි තරගයක් ඇති වනු ඇති"

    එජාප ඡන්දදායකයන් අතර රනිල්ට ඉහල මනාපයක් ඇත. හර්ෂ, සුජීව වැනි ලාමක චරිත හා එජාප ඡන්දදායකයන් අතර ජනප්‍රියෙන් හීන චම්පික රනිල්ට කිසිසේත් අභියෝගයක් නොවේ.

    "මගේ අදහස නම් මෙවර ජනතා විමුක්ති පෙරමුණ විශාල චන්ද ප්‍රමාණයක් ලබාගනු ඇති බවයි, යම් විදියකින් එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ඒකත්ව ආණ්ඩු පිටවනු ලැබුවොත්..."

    ජවිපෙ මෙවර ජනතාව අතර බොහෝ ජනප්‍රියබව ඇත්තය. ඔවුන් වැඩි ආසන ගණනක් ජයග්‍රහණය කරනු ඇත. එහෙත් කිසි විටෙක එජාපය සමග ආණ්ඩු සෑදීමක් සිදු නොවනු ඇති, විපක්ෂයේ සිට යම් විවේචනාත්මක සහයක් දෙනු ඇත.

    "මහින්ද මහතා මෙවර චන්දය ඉල්ලන්නේ එකම බලාපොරොත්තුවක් නිසා, එනම් ඉදිරියේ තමාට සහ පවුලේ අයට ඇතිවන ප්‍රශ්න වලින් බෙරිමටයි"

    මහින්ද ලොක්කා ඡන්දෙ ඉල්ලන්නෙ අගමැතිවී පසුව දෝෂාභියෝගයක් ගෙන ඇවිත් මෛත්‍රී ඉවත්කර හෝ මෛත්‍රී සමග ඩීල් එකක් දමා තම බලය යලි තහවුරු කිරීමටයි.ගම්මන්පිලගේ ඡන්ද ගණන් හැදීම අනුව, දෙමළ පක්ෂ, ෆොන්සේකා, ජවිප ඡන්ද ඉවත්වීම නිසා එජාපයේ ඡන්ද පදනම සන්ධානයේ ලක්ෂ 58ට වඩා අඩුවී ඇත. මෙය න්‍යායත්මකව සත්‍යවේ. නමුත් ඊලඟ මැතිවරණයේදී ජනතාව ඡන්දය දෙන්නේ වෙනත් සාධකමත නිසා මේ ආකාරයට ගණන් හැදීම ප්‍රායෝගික නැත. මෙය ළිඳ තුලට වැටුණු මහින්දවාදීන් ළිං කටින් ගොඩ ඒමට කරන උත්සාහයකි.

    මහින්දගේ පරාජයට ප්‍රධාන හේතුව lankikasithuwiliගේ සඳහන් කිසිම කරුණක් නොවේ, බොදු බලය විසින් (මෝඩ ගෝඨාගේ සහයෝගයෙන්) මුස්ලිම් ජනයාට විරුද්ධව සිදු කළ ජාතිවාදී ප්‍රහාරයයි. උතුරේ දෙමළ බහුතරය කොහොමත් මහින්දට විරුද්ධය, දේශප්‍රේමීත්වය, බටහිර කුමන්ත්‍රණ කතා මගින් දකුණේ ඡන්ද කොහොමත් මහින්දට ලබාගත හැක. තීරණාත්මක මුස්ලිම් ඡන්ද නැතිව ගිය නිසා මහින්ද පැරදිනි. පසුගියවර සිංහල ඡන්ද මහින්දට අඩු වුණේ මෛත්‍රී සමග රැල්ලක් පැමිණීම මිස ඊනියා ෆෙස්බුක් විරෝධය, ජවිපෙ, එජාප මහින්දගේ දූෂණ එලි කිරීම නොවේ. ගෝඨා තනතුරෙන් අයින්කර, ඥාණසාර සාදු රිමාන්ඩ්කර, සිරිසේන අගමැතිකර සිරිපාල සභානායක කළේනම් මහින්ද අදත් ජනපතිය. මෙය නොදන්නා සුජීව, රන්ජන්, හරීන් වැනි ලාමක චරිත අද ආණ්ඩු පෙරලූ වීරයන් බවට පත්ව ඇත. ලංකාවේ දේශපාලනය යනු හොරකම සහ ඩීල් මිස වෙන කිසිවක් නැත.

    ReplyDelete
    Replies
    1. Robert,

      ඔබ ඊයේ ජනාදිපති තුමාගේ කතාව ඇසුවා යයි සිතමි. ඉදිරි කාලයේ (මැතිවරණ සමයේ ) මියිත්‍රීපාල සිරිසේන ජනාදිපති තුමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සබාපති කමෙන් නෙරපීමේ තීරණය ගනු ඇති. මුළු මැතිවරණ සමයම මහින්ද සහ මියිත්‍රීපාල ගැටුම සිදුවනු ඇති.
      අවසාන ප්‍රතිපලය එක්සත් ජාතික පක්ෂය 115 මදක් වැඩියෙන් චන්ද ගනු ඇති.

      ඔබ කියන ලෙස //මෛත්‍රී සමග ආණ්ඩුව පිහුටුවීමෙන් පසු, මහින්දට චෝදනා එල්ල කර ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකර පාර්ලිමේන්තුවෙන් එලියට දමනු ඇත.ඉන්පසු අනෙකුත් මහින්දවාදීන් කිහිප දෙනෙකුද හිරේ විලංගුවේ වැටෙනු ඇති. බහුතර දූෂිත මහින්දවාදීන් ඩීල් මගින් මෛත්‍රී වෙත බා ගනු ඇත. ඉන්පසු චම්පික ඇතුළු නඩය සන්ධනයේ බලය අල්ලනු ඇති.//

      අනිවාර්යෙන් සිදුවීමට 60% වැඩි ඉඩක් පවතී එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ සමග සහයෝගයෙන් ආණ්ඩු පිහටවිමට සිදුඋනොත් මහින්දගේ කල දසාව ඉතා නරක වනු ඇති.

      //මහින්දගේ පරාජයට ප්‍රධාන හේතුව lankikasithuwiliගේ සඳහන් කිසිම කරුණක් නොවේ, බොදු බලය විසින් (මෝඩ ගෝඨාගේ සහයෝගයෙන්) මුස්ලිම් ජනයාට විරුද්ධව සිදු කළ ජාතිවාදී ප්‍රහාරයයි. උතුරේ දෙමළ බහුතරය කොහොමත් මහින්දට විරුද්ධය, දේශප්‍රේමීත්වය, බටහිර කුමන්ත්‍රණ කතා මගින් දකුණේ ඡන්ද කොහොමත් මහින්දට ලබාගත හැක. තීරණාත්මක මුස්ලිම් ඡන්ද නැතිව ගිය නිසා මහින්ද පැරදිනි. පසුගියවර සිංහල ඡන්ද මහින්දට අඩු වුණේ මෛත්‍රී සමග රැල්ලක් පැමිණීම මිස ඊනියා ෆෙස්බුක් විරෝධය, ජවිපෙ, එජාප මහින්දගේ දූෂණ එලි කිරීම නොවේ. ගෝඨා තනතුරෙන් අයින්කර, ඥාණසාර සාදු රිමාන්ඩ්කර, සිරිසේන අගමැතිකර සිරිපාල සභානායක කළේනම් මහින්ද අදත් ජනපතිය.//

      මෙයට 100% එකයි. එවගෙම මෙය හොද පාඩමක් !

      //සුජීව, රන්ජන්, හරීන් වැනි ලාමක චරිත//

      මෙය අදාළ වන්නේ ඔවුන්ගේ නියම හැකියාවන් නොව ඔවුන් ලෝකයට මවන චිත්‍රයයි. මතකනේ ගම්පහෙන් පබා (උපේක්ෂ ස්වර්ණමාලි ) මැතිනියගේ පැමිණීම, කරු ජයසුරියටත් වඩා චන්ද ගත්ත. මා සදහන්කලේ ඔවුන් පිළිබද ජනතා මනසේ පවතින අදහසයි.

      Delete
    2. සුජීව, රන්ජන්, හරීන් වැන්නන්ට ලාමක චරිත යැයි කීවේ අපහාසයට නොව ඔවුන් තවමත් දේශපාලන වශයෙන් පරිණත නොවීම නිසයි. ඔවුන් මහින්දවාදීන්ගේ දූෂණ හෙලිකරමින්, මහින්ද විරෝධය පෙන්වමින් ජනතාව අතර ජනප්‍රියවීමට දැඩි උතසාහයක් දරති. දූෂණ හෙලි කිරීම හොඳ දෙයක් බව ඇත්තය. නමුත් මහ බැංකු අධිපති කෝටි ගණන් ගිලිනවිට, මුදල් ඇමතිගේ වසර ගණනක් ඇදි ඇදී ගිය නඩුව එකවරම ගොනු කිරීමේ තාක්ෂණ ප්‍රශ්න මත විසිවන විට කිසිත් නොකියති. එනම් ඔවුන්ට ඇත්තේ හුදු මහින්ද විරෝධී දූෂණ විරෝධයක් මිස සැබෑ අවංකත්වයක් නොවෙ. අනෙක දූෂණ විරෝධය පමණක් පෑමෙන් ඡන්ද කැඩිය හැක්කේ උගත් මධ්‍යම පාන්තික ඡන්ද සුළු ප්‍රමාණයකි. මෙය ආණ්ඩු පෙරලීමේදී තීරණාත්මක අගයක් නොවේ. ලංකාවේ තීරණාත්මක ගමේ ඡන්දදායකයා දිනා ගැනීමට පරිණත දේශපාලනයක් අවශ්‍යවේ. සජිත්ගෙන් සිදු වෙන්නේ මෙම පරිණත දේශපාලනයි

      පබාගේ පසුගියවර ජයග්‍රහණය ඇත්තෙන්ම මහින්ද ගෝලයන්ගේ මෝඩ වැඩ නිසා සිදුවූවකි. එක ටෙලි නාට්‍යක ජනප්‍රියවූ තරමින් පාලිමන්ට් රින්ගීමට තරම් පබා ජනප්‍රිය වූයේ ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීම නිසා එක්වරම නාට්‍ය අධ්‍යක්ෂක පබා චරිතය කපා දැමීමෙනි. මෙය නාට්‍ය වාරණයටත් වඩා පබා නොමැතිව පබා දිවීම, ජනතාව අතර දැඩි අනුකම්පාවට හේතුවිය. මුළු ඡන්ද කාලයේම පබා චරිතය නොමැතිව නාට්‍ය විකාශනය විය, මේ නිසා දිනෙන් දින පබාට මනාප වැඩිවිණි. පිටරට ඉහළ මධ්‍යම පාන්තික පරිසරයක, සෙල්ලක්කාරකමට හැදුණු වැඩුණු පබාට ලංකාවේ දේශපාලනය ගැන හෝඩියේ දැනුම හෝ නැත. දිල්කා 360න් පබාව අංශක 360ක්ම කරකැවීම නිසා පබා කවුදැයි සියල්ලන්ටම අවබෝධ විය. වර්තමානයේ පබාට දිනීමට තිබෙන සම්භාවිතාව ඉතා අඩුය. පබාගේ දේශපාලන සුඛවිහරණය ගැන දැඩි අශාවකින් සහ ඉරිසියාවකින් පෙලෙන කලා ක්ෂේත්‍රයේ අනෙකුත් උදවිය නොමිනේෂන් ගන්නට පසුගිය කාලයේ පොර කෑහැටි නිසා මේ මන්ත්‍රී පට්ටමේ සුඛ විහරණය ගැන අපට ඉඟි සපයයි. කිසිදු සුදුසුකමක් නැතිව මුදල් ටිකක් වියදම්කර වාචාල කතා කියා පරම්පරා ගණනාවකට ඇතිතරම් හම්බ කිරීමට මන්ත්‍රී පට්ටමක් ගැනීම හැර ලංකාවේ වෙනත් හොඳ රැකියාවක් හෝ ක්‍රමයක් තිබේද?

      Delete
    3. Robert ගේ අන්තිම කමෙන්ටුවට මගේ ඉහලම මනාපයක් ලැබේ.
      [ඒකෙන් මෙලෝ යකෙකුට වැඩක් නොවුණත් :-) ]

      එක පරස්පරයක් දැනුනා.
      1. "අනෙක දූෂණ විරෝධය පමණක් පෑමෙන් ඡන්ද කැඩිය හැක්කේ උගත් මධ්‍යම පාන්තික ඡන්ද සුළු ප්‍රමාණයකි."
      2. "ලංකාවේ තීරණාත්මක ගමේ ඡන්දදායකයා දිනා ගැනීමට පරිණත දේශපාලනයක් අවශ්‍යවේ."
      3. "කිසිදු සුදුසුකමක් නැතිව මුදල් ටිකක් වියදම්කර වාචාල කතා කියා පරම්පරා ගණනාවකට ඇතිතරම් හම්බ කිරීමට මන්ත්‍රී පට්ටමක් ගැනීම"
      මේ කාරණා තුන එකිනෙක නොගැලපෙන ගතියක් දැනුනා. මොකද අවසානයේ චන්ද දිනීමට උදව් වන්නේ පරිණත දේශපාලනයක්ද එහෙමත් නැත්නම් දුෂණ ගැන කථා + වාචාල කථාද කියා පැහැදිලි නැති නිසා

      මගේ අදහසකුත් තියේ මෙහෙම.
      දීර්ඝ කාලයක් තිබිච්ච චන්ද දිහා බැලුවම අපේ මිනිස්සු අවසානෙදී බුද්දිමත්ව චන්දේ දීලා කියලා හිතෙන්නේ නැද්ද?
      ඔවුන් ප්‍රතිචාර දක්වනවා හොඳට නරකට ඒ ඒ ලෙස
      දැඩි මර්දනකාරී තත්ව යටතේ වුණත් ප්‍රේමදාසගෙ සාධනීය ලක්ෂණ බලලා ඔවුන් ප්‍රේමදාසව දිනෙව්වා
      මහින්දට කල ගුණ දැක්වුවා දෙපාරක් - අවුල් වෙන්න වාගේ කියලා හිතෙනකොට සිග්නල් එකකුත් දුන්නා ගොයියෝ මෙහෙම හරියන්නේ නෑ කියලා - මේ ලඟ ලඟ ඒවා. අවුරුදු 30 විතර ඈතට බැලුවත් එහෙමයි. කාලා බීලා හිටි මිනිස්සුන්ට දීර්ඝ කාලීන යහපතක් වෙනුවෙන් වුණත් හාල් පොලු මිරිස් පොලු දැම්මම පටස් ගාලා ප්‍රතිචාරය දුන්නා. රටේ චන්ද දායකයා අවතක්සෙරු නොකරන එක දේශපාලනය කරන කවුරුත් කල යුත්තක් කියලා තේරුම් ගන්න එක හොඳයි නේද?
      බත් කන හරක් - සම හරක් කියලා පොඩි කාල රාමුවවල ඉඳලා අපි ගැරහුවට පොදු තීරණ වඩා තාත්විකයි කියල හිතෙනවා.


      Delete
    4. දූෂණ විරෝධය - උදාහරණයක් විධියට එජාපෙ දූෂණ විරෝධී සටන් පාඨයෙන් පමණක් සන්ධාන ආණ්ඩුව පෙරලා දැමිය හැකි සාධනීය ඡන්ද ප්‍රමාණයක් නොලැබේ. නමුත් රන්ජන්, හරීන්, සුජීව වැනි පුදගලයන් දූෂණ විරෝධී සටනේදී තමන්ගේ පුද්ගලික ජනප්‍රියතාවය ඉහල දමාගෙන ඉහල මනාප ප්‍රමාණයක් ලබා ගැනේ. විරුද්ධ පක්ෂයේ ඡන්ද කැඩීම ආණ්ඩු පෙරලියට හේතුවූවත් තම පක්ෂයේ ඉහල මනාප ලැබීම ආණ්ඩු පෙරලියට හේතුවක් නොවේ.
      දේශපාලන පරිණතබව - දේශපාලන පරිණතබව ලැබෙන්නේ නායකතවය සහිත දැක්මකින් ඉදිරියට ගොස් ගමේ ඡන්දදායකයා දිනා ගැනීමෙනි. මෙය මහින්ද ඉතා අපූරුවට සිදු කෙරිණි. ඔහුගේ මූලික ක්‍රමෝපාය ජාතිකත්වයයි. රට බේරා ගැනීම, බටහිර කුමන්ත්‍රණ, දේශප්‍රේමය ඉතා පහසුවෙන් ගමේ සිංහල බෞද්ධයාට මාකට් කළ හැකිය. නමුත් සුළු ජාතීන්, නගරයේ මධ්‍යම පාන්තිකයින්, උගත් පිරිස් මෙම ආකාරයට ඇන්දිය නොහැක. නමුත් ඔවුන් සුළුතරයයි, ඒ නිසා මහින්ද පසුගිය කාලයේ සෑමවිටම ජය ගත්තේය.

      Delete
  7. මාරයෝ... ඔයාගේ ;පරුමක; තවම එහෙමම තියෙනවද?

    ReplyDelete
  8. අනේ මන්දා.. පොශ් වෙන්න සෑහෙන්න try කරනවා.. තවම බෑරි උනාද හීරලුවට?

    ReplyDelete
  9. ප්‍රේමදාස, ඩී බී විජේතුංග වැනි පොල්මඃකාර එජාප නායකයින් දෝශාභියෝගය, ප්‍රැන්සිස්තුකරණය උපක්‍රම මගින් මානසිකවත් බලයෙනුත් වැට්ටවූ එජාප මූල සංරචකයට පාචර තවම අඩයක් පමණි!

    සන්ධාන ලැයිස්තුවට "රෝසා මාජිකයින්" දැමීමට තරම් ඉදිරියට ඇවිත් ඇති අල්ලපු ගෙදර ලොකු අයියාගේ සුවච කීකරු ගෝලයෙකු වනතුරු පාචරට එතැනට ඒමට බැරි වේ. එහෙත් මහමුදලි කමට වඩා ලොකු තනතුරක් දරන්නෙකුට යා හැකි දුර හිතාගන්නටත් බැරි විය හැක!!

    ReplyDelete
  10. අනේ මුකුත් කියන්න තරම් මම මෝරලා මදි අප්පා....
    දේශපාලනේ කියන්නේ අපිට හිතන්නවත් බැරි දෙයක්නේ ඉතින්

    ReplyDelete
  11. // මේක මගේ සටහනක් නෙවෙයි... මාගේ හිතවත් පාඨලී සරණ ගිය අයකුගේ සටහනක්... //
    //මටත් වඩා හොඳට කියවන අයම මේක බලලා අදහසක් දෙයි කියලා හිතුන හින්දා ඔන්න ඌ ලවා ලියවපු සටහන මේකේ ඔබලා දානවා... මේකේ තියෙන අවුල පැහැදිලි කරන එක කියවන අයට බාරයි...//

    බොර දියේ මාලු නොබා උබේ අඩවියත් ඌටම ලියන්න දුන්නනම් ඉවරයිනේ.

    ReplyDelete
  12. මාරයා පුතේ මේ වගේ ඒවා ලියන කොට හදිස්සි වෙන්න එපා. ඔබ ඔය කියන මෛත්‍රිෙගේ අනුග්‍රහය යටතේ සන්දානය දිනන්නේ කොහොමද මෛත්‍රි දැන් කියනකොට මහින්දට සහය දෙන්නේ නැහැ කියලා. අනිත් එක මෛත්‍රි රනිල් එක්ක ගහපු ගැටයට මහින්ද අහුවුනා. දැන් යූඑන්පී එකෙන් ඉල්ලන ඔක්කොම යූඑන්පී එකට, සන්ධානයෙන් ඉල්ලන මෛත්‍රි හිදවාදීන් හැමෝමත් යූඑන්පී ප්‍රමුඛ රජයකට සහය දක්වනවා. දන්නවද කී දෙනෙක් විතර ඉන්නවද කියල? (තිලංග සුමතිපාල, පුසන්න සෝලංග ආරච්චි, ෆීලික්ස් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, විජිත් විජිතමුනි, ජනක වගේ අය) මීට අමතරව දෙමල සන්ධානය, මුස්ලිම් කොන්ග්‍රස් වගෙ සුළු ජාතික පක්ස.

    ReplyDelete
  13. මෙවර මැතිවරණය තුලින් කිසිවෙකුට බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.සුළුතර හෝ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තියෙන්නේ රනිල්ට විතරයි.මහින්ද ආගමනය පලක් ඇති දෙයක් නෙමේ.

    කොළඹ මනාප වලින් මෙවර අංක එකට එන්නේ රනිල්.මහා බැංකු සිදුවීමෙන් යම් අපකීර්තියක් සිදු වුනත් ඒ තුලින් රනිල්ගේ මනාප වලට ලොකු බලපෑමක් වෙන එකක් නැහැ.පාඨලීට හොඳ ඇමතිකමක් ලැබේවි නමුත් එතනින් එහාට කිසිවක් නැහැ.

    ReplyDelete
  14. ලිපියේ මුඛ්‍ය අර්ථය යාළුවාගේ අදහස ජනගත කිරීමනම්.. ඔහුගේ තර්ක විතර්ක හා අනුමාන වලට අනුව පා.ච.ර ට 2020 දී ජනාධිපති වීමේ නොහැකියාවක් නොමැත.

    ReplyDelete
  15. අලියාගේ පුකේ එල්ලිලා දිවය ලෝකේ යන්න ගිහින් වුන හරිය මතක නැතෙයි හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...හොහ් ...

    ReplyDelete
  16. මම දන්න කැපුවත් කොළ එකෙකුත් කිව්වා තමා, චම්පිකට මනාපයක් දෙනවා කියලා..

    පැහැදිලිව විස්තර කරන්න බැරි වුනාට මට චම්පික ඇතුලේ මහ භායනක හාවෙක් ඉන්නවා කියලා හිතෙනවා. ඒක හින්දා චම්පික ජනාදිපති වෙනවට වඩා, 19 අවලංගු කරලා මැරෙනකම්ම මෛත්‍රීට ජනපති වෙවී ඉන්න දුන්නනම් හොඳයි කියලා කියලා හිතෙනවා...

    ReplyDelete


  17. "චම්පික රණවක" රනිල්ට වැඩිය මනාප ගත්තොත් - අගමැති රණවකලු !!!! සිරිසේනත් එකග වෙලා !!!!!!!

    මෙවර මැතිවරණයේදී කොලබ දිස්ත්‍රික්කයෙන් එජාප සන්ධානයෙන් තරගවදින හිටපු ඇමති චම්පික රණවක ,එජාප නායක රනිල් වික්‍රමසිංහට වඩා මනාප ගන්නා බව ඔහුගේ හිතවතුන් සමග ප්‍රකාශ කර ඇත .ඒ සදහා අවශ්‍ය සියලුම කටයුතු මේවන විට සංවිධානය කර අවසන් බවත් සදහන් කර ඇත .

    එවැනි තත්වයක් තුල එජාප පෙරමුණ ජයක්ග්‍රහනය කලහොත් තමා එම රජයේ අගමැති ධුරය සදහා ඉදිරිපත් වන බව පවසා ඇති හිටපු ඇමති චම්පික රණවක ,එජාපය තුල බලය ඇල්ලීම ද එකවර කිරීමේ හැකියාව ඇති බවත් ,තමා හිතුවාට වඩා ලෙහෙසියෙන් තමනගේ අරමුණ කරා ය හැකි බවත් පවසා ඇත.සිරිසේන ජනාධිපතිවරයා ,ජනාධිපති වූ විට ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කම ලැබුණු බවත් පෙන්වා දී ඇත. එය අනුගමනය කරමින් එජාපය තුළද එය ක්‍රියාත්මක කළහැකි බව පවසා ඇත.

    චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ සැලැස්ම සම්බන්දයෙන් වර්තමාන ජනාධිපති වරයාගේ ප්‍රතිචාර ගැන විමසු විට.... චම්පික කියා ඇත්තේ ......... ජනාධිපතිවරණයට පෙර සිටම තමාගේ මෙම සැලසුම තිබුණු බවත් වැඩේ ගැස්සුනොත් අවම වශයෙන් උප අගමැති තනතුර දීමට සිරිසේන ජනාධිපති තුමා පොරොන්දුවූ බවත් සදහන් කර ඇත .

    ජනාධිපතිවරණයට පෙර තමන් සහ වත්මන් ජනපති සිරිසේන අත්සන් කල රහස් ගිවිසුමේ බොහෝ කරුණු ඇතිබවත් ,තමන්ට බොහෝ දුර දක්නා නුවනක් ඇතිනිසා යම් යම් කරුණු එම ගිවිසුමට ඇතුලත් කල බවත් පෙන්වා දී ඇත ...

    මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ...."රණවකලා වරදින්න වැඩ කරන්නේ නැහැ" ..... මම එජාපයෙන් වැඩිම මනාප අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සියලුම ප්‍රගතශීලි කණ්ඩායම් එකතු කර ජාතික ආණ්ඩුවක් හදන බවත් ..දැනටමත් එජාපය තුලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ආ සහ මෙවර නියත වශයෙන්ම ජගන්නා පුද්ගලයින් 5 දෙනකු සිටින බවත් සදහන් කර ඇත .

    තවද මැතිවරණය ජයක්ග්‍රහණය කිරීමෙන් අනතුරුව ....ආණ්ඩුක්‍රමයට අනුව බහුතරයක් ඇති සන්ධානයේ වැඩිම සහයක් ඇති පුද්ගලයා අගමැති ලෙස ජනධිපතිවරයා විසින් පත්කරන බවත්ය....

    මෙම තොරතුරු දුන් පුද්ගලයා අප හා පැවසුවේ භයානකම ටොර්ජන් හෝස් ඉන්නේ එජාපයේ කණ්ඩායමේ බවත් එජාප නායක රනිල් ගේ අනුවන ක්‍රියා නිසා අනුන්ට කැපු වලේ තමන්ම වැටීමට යන බව අධිතක්සේරුවෙන් සිටන පුද්ගලයිනට නොතේරන බවයි
    http://www.newsofcolombo.com/exclusive/item/4061-2015-07-29-12-35-23

    ReplyDelete
  18. මාරේ මගේ අලුත් මනෝ මන්දිර බිලොග් එක ඔයාගේ බිලොග් සලකුණු තීරැවෙි පලකරලා පොඩි සහයෝගයක් දෙන්න.

    ReplyDelete
  19. උඹේ ලියුම් නම් එල මාරයා අය්යේ........... දැන් දැන් දේශපාලන පැත්තට බර ඒවා ලියවෙන්නේ මොකෝ.......... ඉස්සර ලියපු අනම් මනම් වල මීට වඩා රහක් තියනවා

    ReplyDelete