14 September 2015

බිත්තර තම්බන්න ඉගෙන ගමුදෑ..?

මේක ටිකක් විහිළුවක් වගේ නෙහ්..?

අපි ඉස්සර කාට හරි අපේ ඉවුම් පිහුං හැකියාව ගැන කියද්දි විහිළුවට වගේ කියන්නේ..“ හහ් මාත් දන්නවා බිත්තර තම්බන්න.. පපඩම් බදින්න වගේ දේවල්“ කියලනේ...

ඒකෙන් කියවෙන්නේ ඔය දෙක කරන්න අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නැහැ කියන එකනේ.. බිත්තරයක්නං වතුර එහෙකට දාලා රත් කරලා තම්බගත්තා... පපඩම්නං රත් උන තෙලට අතෑරියා බැදගත්තා... ඔව්වත් මහ වැඩද කියල නෙව...

ඒත් ඉතිං හරියට රත් නොවුන තෙලේ පපඩම් බැදලා පපඩම් හං උන වෙලාවටයි... රත් වෙලා වැඩි තෙලේ පපඩම් බැදලා පපඩං අගුරු උන වෙලාවටයි... තමා තේරෙන්නේ පපඩම් බැදිල්ලත් එහෙම ලේසි කෙරුවාවක් නෙවෙයි කියලා...

බිත්තර තැම්බිල්ල ඔයිට එහා... එක්කෝ නටන වතුරෙදිම බිත්තරේ පුපුරලා සාරුව එළියට ඇවිල්ලා වැඩේ අඥ්ඥ කොරොස් වෙනවා... එහෙම නැත්තං තම්බාපු බිත්තරේ කටුව අහක් කරන්න ගියාම බිත්තරෙන් බාගයක් කටුවත් එක්ක ගැලවිලා යනවා.. අන්තිමට ඉතිරි වෙන්නේ බෝම්බෙකට අහුවෙච්ච පෙනුමක් තියෙන බිත්තරයක්... ගෙදර අනිත් අයගේ පිගන්වලට හොද ලස්සන බිත්තර තියෙද්දි කැඩුනු පලුදු උන බිත්තරයක් තමන්ගේ පිගානේ තියෙනකොට එන මාඥ්ඥමික හැගීම ගැන මං කියන්න ඕන නැහැ නෙව... :D 
ඇඩෙනවා... නේද..?

ඒ වගේමයි තම්බපු බිත්තරේ කහ මදේ කහ පාට නැති වීම... කහ මදේ වටේට කලු පාටක් මතු වීම... වගේ දෝෂත් මතු වෙන්න පුළුවන්.. ඔය වගේම තවත් බලගතු දෝෂයක් තමා කහ මදේ බිත්තරේ පැත්තකට හේත්තු වීම.. ඒ කිව්වේ කම හදේ බිත්තරේ මැදට පිහිටන්නේ නැතිව අයිනකට වීම නිසා එක පැත්තක සුදු මදේ සිනිදු සිවියක් වගේ වෙලා කටුව ඉවත් කිරීමේදී ඒ පැත්තට හානි වෙලා කහ මදෙත් තුවාල වීම... ලස්සනට සැලඩ් එකක් එහෙම හදන්න ගියාම ඔහොම බිත්තර දැක්කම කලකිරෙනවා නෙව...

හරි මං දැන් ඔය කිව්ව අකරතැබ්බ වෙලා නැති අය ඉන්නවද.. උයන පිහන අයට ඔය කියන ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ... ඒ හින්දා බොහෝමයක් උයන පිහන දනා මේ බිත්තර තැම්බිල්ලත් කලාවක් කියලා දන්නවා... ඒ වෙනුවෙන් ඔය බිත්තර තම්බන වතුරට ලුනු එකතු කිරිල්ල වගේ නොයෙකුත් දේවල් අත් හදා බලනවා... හැබැයි ඒ මොනවා කලත් හරියට බිත්තරයක් තම්බගන්න බැරි වෙලා ඇති බොහෝමයක් දෙනෙකුට...

ආන්න ඒ හින්දයි මං කල්පනා කලේ පොතේ හැටියට වැඩේ කරන විදිය කියා දෙන්න... ඒ කිව්වේ බිත්තර තැම්බීමේ නියම ක්‍රමය ගැන වගේම බිත්තර ගැනත් යමක්...

මුලින්ම තම්බන්න සුදුසු බිත්තර මොන වගේද කියලා බලමු...

අළුත්ම බිත්තර...? 
ම්හූ.. සුදුසු නැහැ... යකාගේ කතාවක්නේ ඒක නේද..? අළුත් දේවල් නේන්නං හොඳම... එහෙමනේ අපි දන්නේ.. ඒක ඇත්ත අළුත්ම දේවල් හොදයි තමා.. හැබැයි හොදට බිත්තරයක් තම්බගන්නනං අඩුම ගානේ බිත්තරයකට දවස් තුනකවත් වයසක් තිබීම තමා හරියන්නේ... එහෙම නැතිව එදා දාපු බිත්තර තම්බන්න යෑමේදී බොහෝ දුරට කටුව ඉවත් කිරීමේදී බිත්තරයේ සුදු මදය වැඩිය සවිමත් නැති සිනිදු කටුවත් සමග ගැලවී යාමට වැඩි ඉඩක් තියෙනවා... ඒත් දවස් තුනක්වත් පැරණී බිත්තරවල කටුවේ ඇති කැල්සියම් කාබනේට් හුලං වැදීම නිසා සවිමත් වීම නිසා සුද්ද කිරීමේදී ගැටළු මතු වීම අවමයි... හැබැයි මතක තියා ගන්න සති ගණන් පරණ බිත්තර ගන්නත් එපා... සාමාන්‍යයෙන් හොඳ ගබඩා තත්වයක් යටතේ සති තුනක් විතර කාලයක් බිත්තර තියා ගන්න පුළුවන්... සමහර විට සති හතරක් පහක් ගිය බිත්තර උනත් හොඳ තත්වයේ තියෙන්න පුළුවන්... ඒත් මගේ අනුමත කිරීම තමා දින තුනත්... සති දෙකත් අතර බිත්තර... එයින් එහාට බිත්තර අවුලක් නැති උනත් තැම්බුවාට පස්සේ පිළී ගඳ එහෙම ටිකක් වැඩියෙන් දැනෙන්න පුළුවන්... රසයත්.. මොලොක් ගතියත් නියම කොලිටියේ නැහැ... ඒ වගේම බිත්තර මිලදී ගැනීමේදී නිතරම පිරිසිදු බිත්තර ගන්නත් වග බලා ගන්නත් ඕන...

ඊ ළගට බිත්තර ගබඩා කිරීම...
බොහෝමයක් දෙනා කරන ලේසිම විදිය තමා.. ගෙනාවා.. එබුවා ෆ්‍රිජ් එකේ... එක පාර බිත්තර දුසිම් කිහිපයක් ගෙනත් ගබඩා කර ගන්න අයට මේක හොද වැඩක් උනත් බිත්තරයක් තම්බන්න බදින්න ගියාම මේ කූල් එකත් එක්ක බොහෝම කරදරයි..(බුල්ස් අයි එකක් එහෙම දාන කොට කූල් බිත්තර හරියන්නෙම නැහැ) ඒ වගේම නියම කොලිටියට බිත්තරය හදා ගන්න බැරි වෙන්න ඔය කූල් එක බලපානවා... ඒ හින්දා හොදම දේ තමා සතියකට විතර සෑහෙන විදියට බිත්තර ගෙනල්ලා වියලි.. වාතාශ්‍රය සහිත... දැඩි රස්නය හෝ සීතල නොවදින තැනක ගබඩා කිරීම... ඒ වගේම බිත්තරයක් අසුරද්දි නිතරම එහි උල් පැත්ත යටට හිටින්නයි තියන්න ඕන... පැතලි.. එහෙමත් නැත්තං මොට්ට පැත්ත උඩටයි හිටින්න ඕන... ඒකත් බිත්තරයේ කල් පැවැත්තමට හේතු වෙනවා... එහෙම තිබ්බම බිත්තරය ඇතුලත ඇති එයාර් පොකට් එක පැතලි පැත්තට පිහිටීමත් සිද්ධ වෙනවා...

දැන් තැම්බිල්ලට එමු...

හරි පහසුයි... ඔය ලුනු කැට අහුරු වතුරට දැමිලි වගේ වැඩ ඕන නැහැ...
මුලින්ම ටිකක් කට පළල් භාජනයක හතරින් තුනක් විතර හිටින්න වතුර පුරවලා ලිප තියන්න... වතුර නටනකල් බිත්තර ඒකට දාන්න යන්න එපා.. වතුර ටික නටනකල් බිත්තර ටික පරිස්සමට හොඳින් සෝදලා පැත්තකින් තියා ගන්න... සෝදන ගමන්ම බලන්න සියුම් පිපිරීම් එහෙම තියේද කියලා කටුවේ.. එහෙම තියෙනවනං ඒවා අහක් කරන්න... (ඒවා ඉතිං අහක් කරලම දාන්න ලෝබයි වගේනං ඔය කේක් හදන්න.. බදින්න වගේ වැඩට ගතෑකි :D ඒත් තද පිපුරුම් තිබුන බිත්තරනං එහෙමවත් ගන්න එපා )

හරි දැන් ඔන්න වතුර එක නටනවා... දැන් ලිපේ ගින්දර අඩු කරන්න... නටන වතුරට එක පාරට බිත්තර දාන්න ගියාම රස්නය නිසා කටුව ප්‍රසාරණය වෙලා පුපුරන්න පුළුවන්.. ඒ හින්දා වතර නටන එක නවතින්න ඇරලා හැන්දක ආධාරයෙන් බිත්තර එකින් එක වතුරේ තැන්පත් කරන්න.. හැබැයි මෙතනදී තමා වැදගත්ම ට්‍රික්ස් එක තියෙන්නේ.. ඒ කියන්නේ නිකංම වතුරෙන් තියන්න එපා... බිත්තරය හැන්ද මත තියාගෙන වට හයක් වතුරේ ඇතුලත කරකවන්න.... හැන්ද උඩම තියාගෙන මේක කරන්න අමාරුනං පරිස්සමට බිත්තරය වතුරෙන් තියලා හැන්ද බිත්තරය පැත්තකින් තියාගෙන වට හයක් භාජනය ඇතුලේ කරකවන්න... තම්බන හැම බිත්තරයම මේ විදියට කරන්න... එයින් පස්සේ නැවත ගින්දර ක්‍රමයෙන් වැඩි කරන්න.. වතුර සෙමින් නටන මට්ටමට...

දැන් ඔරලෝසුව ගැන අවධානය තියෙන්න ඕන... බිත්තර තැන්පත් කරලා අවසන් උන මොහොතේ ඉදලා හරියටම විනාඩි 7ක් ගිය තැන වහාම ලිප නිවන්න... (ඒ වගේම තම්බන කාලය විනාඩි 7 නොවී 6ක් උනොත් කහ මදේ මැද පොඩි දියරමය ගතියක් එක්ක තම්බගන්නත් පුළුවන්.. සමහරු කැමතියිනේ එහෙම කන්න... හාෆ් බොයිල් කන්න කැමති අයටනං විනාඩි 4ක් තැම්බුනාම ඇති...) භාජනය ලිපෙන් ඉවත් කරගන්න... එක්කෝ උණු වතුර ටික භාජනයෙන් ඉවත් කරලා භාජනයට අයිස් වතුර පුරවන්න.. නැත්තං වෙනම අයිස් වතුර භාජනයකට අර තැම්බිලා තියෙන බිත්තර ටික හැන්දකින් අරං දාන්න... දැන් විනාඩියක් දෙකක් ඔහේ තියෙන්න ඇරලා සුද්ද කරන්න පටන් ගන්න... (අයිස් වතුර නැතිම නම් ගලාගෙන යන වතුරට ටික වෙලාවක් අල්ලං ඉදලා සුද්ද කරන්න... කොයි දේ උනත් හැකි ඉක්මනින් බිත්තර නිවා ගැනීම කල යුතුයි.. නැත්තං තැම්බිලා වැඩි වෙලා වැඩේ කොලිටිය නැතිව යනවා)

සුද්ද කරන්න ගන්න කොටත් මුලින්ම තට්ටු කල යුත්තේ බිත්තරයේ උල් පැත්තටයි.. දෙවැනුව මොට්ට පැත්තට තට්ටුවක් දාන්න... ඊ ළඟට බිත්තරය වටේට නිය පිටින් තට්ටු කරන්න ටිකක් විතර තදින්... දැන් ක්‍රමයෙන් උල් පැත්තේ මුදුනේ සිට කටුව ගලවන්න පටන් ගන්න... ගලවද්දි වටේට වටේට ගලවං යන්න.. බිත්තරයේ මැද්දක් යද්දි යට පැත්තේ කටුව නිකංම ගැලවෙයි. උඩ වගේ පොඩි පොඩි කෑලි නැතිව...
දැන් පිරිසිදු වතුරින් සෝදලා භාජනයක තැන්පත් කරන්න...

ඔච්චරයි.. බලන්න බිත්තරයක් දෙකට කපලා... කහ මදයේ පාට කොයි තරම් හොඳින් කහ පාටටම තියෙනවද කියලා... කහමදේ වටා කලු පාට ඇසිඩ් මතුවෙලා නැහැ නේද කියලා.. ඒ වගේම කහ මදේ කටුවට හේත්තු වෙලා නැතිව බිත්තරය මැදට පිහිටලා ලස්සනට තියෙනවා නේද කියලා... අන්න එහෙම තියෙනවනං අපේ වැඩේ සාර්ථකයි...

හරි එහෙමනං එච්චරයි... මීට පස්සේ බිත්තර තැම්බිල්ල එහෙම ආවට ගියාට කරන දෙයක් නෙවෙයි කියලා දැනගෙන කරන්නලා... ඕනනං දැන් ඔයාලට පුළුවන් ඔය ඔයාලට උයන්න පුළුවන්ද බැරිද කියලා කවුරු හරි නක්කලේට වගේ අහපු වෙලාවට
“මෙහෙම හිටියට මම බිත්තර තැම්බීම ගැන සම්පූර්ණ ඔන් ලයින් කෝස් එකකුත් කරලා ඉන්නේ“ කියලා... :D :D :D 

රජයේ අවවාදයයි... :-
වැඩිපුර බිත්තර කෑම කිකිලියන්ගේ සෞඛ්‍යයට අහිතකර විය හැකිය...
_______________________
පලි- මේක බුකියේ පේජ් එහෙකට ලියාපු හෑල්ලක්.. ඒත් ඉතිං නිකං ඉන්න එකේ මේකෙත් කොපි පේස්ට් කරලා දැම්මා.. කවදා හරි කාටම හරි හොයා ගන්න පහසු වෙයිනේ කියලා...

68 comments:

  1. අපොයි බිත්තර තම්බන එක හෙන පව් අපිනම් තම්බන්නේ නෑ.......... කනවා විතරයි........

    ReplyDelete
    Replies
    1. මස් කන්නත් එපා.. හොඳි කන්න.. :D

      Delete

  2. කාලෙකට පස්සේ මාරයා නැවත දැකීම සතුටක්.

    මම නම් කහමදේ කන්නේ නැති නිසා ඕක කොහොම තිබුනත් එකයි.. හෙහ්

    හැබැයි ජිවිතේට වත් හිතල තිබුනේ නෑ බිත්තර තම්බන්නත් මෙච්චර සීන් එකක් තියෙනවා කියල.. අපි කරන්නේ බිත්තර ටික වතුර එකට දැම්ම ලිපේ තිබ්බ.. විනාඩි 15ක්-20ක් වගේ තම්බනවා.. හෙහ් හෙහ් මේ කියන විදියට එහෙම තම්බපු බිත්තර කාල වැඩක් නෑ වගේ නේ..

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලයක් කොහොම කෑවත් අද ඉදලා මෙහෙම නැතිව කන බිත්තර බිත්තර නෙවෙයි :D

      Delete
  3. මෙහෙම එකක් වත් දැම්ම මදැයි.. අපි බ්ලොග් වලට වහ වැටුනෙ මේ බ්ලොග් කියවලා.. ලියන්න අයියෙ ඉස්සර වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. ලියන්න හිතුවට වෙන්නේ නැහැනේ අප්පා දැන්...

      Delete
  4. යකෝ බිත්තර කනව කියන එකත් සෙල්ලමක් නෙවෙයි බලාගෙන ගියාම.
    දැං ඉතිං බලාගත්තැකි ගෙදර ගෑණු උන්දැල බිත්තර කරකවන්න ගිහිල්ල බොගේ අම්ම මුත්ත මතක් කරන අන්දම.

    ReplyDelete
    Replies
    1. //කම හදේ බිත්තරේ මැදට පිහිටන්නේ නැතිව//
      ඒක කොහොමත් මැද පිහිටන්නෙ නෑ. :P

      Delete
    2. ප්‍රින්ටින් මිස්ටේක් බං.. :D

      Delete
  5. මුලින්ම උඹව දකින එකත් සතුටක් මලයා.

    දෙවනුව මම දැනගෙන හිටියේ නෑ බිත්තර තම්බන එකත් මේ හැටි ගේමක් කියලා.

    මෙහෙට බිත්තර ගේන්නේ වෙන රටවලින් හන්දා අලුත්ම බිත්තර හොයන්නබෑ. නමුත් මම බිත්තර ගන්න කලින් සැර එළියක් තියන ටෝර්ඩ් එකකට අල්ලලා Xray කරලා බලනවා කලු පැල්ලම් පේන්න තියෙනවද කියලා. ඔව් සුදු බිත්තර. දුඹුරු බිත්තරේට හරි යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සුපර් මාකට් වලනං බිත්තරවල එක්ස්පයර් ඩේට් ගහලා තියෙනවා නේද..?
      ගෙදර ගේන්න කලින් හොයන්න බැරි උනාට ගෙනාවට පස්සෙනං හොයන්න ක්‍රමයක් තියෙනවා.. බිත්තර ටික වතුර එහෙකට දැම්මම අළුත් බිත්තර නිතරම භාජනේ පතුලේ රැදිලා තියෙනවා... පරණම ඒවා ටික වෙලාවකින් උඩ පාවෙන්න ගන්නවා... ටිකක් පරණ ඒවා භාජනයේ මැද හරියේ රැදෙනවා... ඕක තමයි ක්‍රමේ...

      Delete
  6. //බිත්තරය හැන්ද මත තියාගෙන වට හයක් වතුරේ ඇතුලත කරකවන්න// :O
    මේකට වෙනම කෙනෙක් ගන්ට වෙනවා. :)

    බිත්තර හොඳට හෝදලා අරගෙන නෑ... :P

    ReplyDelete
    Replies
    1. //වතුර නටනකල් බිත්තර ඒකට දාන්න යන්න එපා.. වතුර ටික නටනකල් බිත්තර ටික පරිස්සමට හොඳින් සෝදලා පැත්තකින් තියා ගන්න... සෝදන ගමන්ම බලන්න සියුම් පිපිරීම් එහෙම තියේද කියලා කටුවේ.. එහෙම තියෙනවනං ඒවා අහක් කරන්න...//
      කියවලා නැහැ.. :D

      Delete
  7. පොහ්ඃ අයියා කාලෙකින් !

    රෙ* පු*ට මොන රේන්ද ද කිව්වැහෙ මේ බඩට යවන බිත්තරේට දෙන වදයක්. හෙහ් හෙහ් ...

    අපිත් ඉතිං ඔය බිත්තරේ වතුරට දැම්මා-තැම්බුවා-කට්ට ශුද්ධ කළා-ගිල්ලා විතරයි. කොහොම උනත් බිත්තර තැම්බිල්ල ගැන පොතේ හැටියට දැනගත්ත එකත් හොඳා. වැඩේ තියෙන්නෙ ඔය බිත්තරේ වතුරෙ දාන් කරකව කව ඉද්දි ගෙදර අනිත් උන් කට ඇරන් බලන් ඉඳියිද දන්නෙ නෑ මූට මඤ්ඤං ද කියල.

    ReplyDelete
    Replies
    1. ඔය අයියත් වැඩිය පේන්න නැති හින්ද වෙන්නැති මේ දවස්වල ඩෙංගු වැඩි වෙලා තියෙන්නෙ.

      Delete
    2. බිත්තර කරකවන්නම ඕනද බොට මංඥං බව ගෙදර මිනිස්සුන්ට තේරුං ගන්න...? :D බය වෙන්න එපා බිත්තර කැරකෙව්වත් නැතත් ගෙදර අය කාරණාව දන්නවා.. ඔය නොකියා හිටියට... :D

      Delete
    3. නරකද බිත්තරෙයි හැන්දයි එහෙමම තියලා භාජනේ කරකැව්වොත්

      Delete
  8. මාත් ඇත්තටම දන්නෙ පපඩම් බදින්නයි,බිත්තර තම්බන්නයි විතරයි.කොරලා බලන්නම්කො නිවැරදි තියරියත්!

    ReplyDelete
    Replies
    1. ඊ ළගට වෙලාවක් තියෙන හැටියට පපඩම් බැදිල්ල ගැනත් ලියන්න ඕන...

      Delete
  9. මීට පස්සේ මම කන්නේ බුල්ස් අයි (සනි සයිඩ් අප්) විතරයි..මෙහෙම කරදර වෙන්න පුලුවන්ද අප්පා බිත්තරයක් කන්න...
    ඒත් කරල බලන්න ඕනි මාර බිත්තර මෙතඩ් එක කොහොමද වැඩකරන්නේ කියලා හොයාගන්න....

    ReplyDelete
  10. අම්මේ මාර මලයව දැක්ක එකම මදෑ. බලනකොට බිත්තර කෝස් එකත් ලේසි නෑ. බලමු මේකත් කරලා

    ReplyDelete
    Replies
    1. :D කරලා බලමු.. නලින් අයියත් කොහොමත් කුස්සියට හිත ඇති මනුස්සයා නෙව...

      Delete
  11. බුදු අම්මේ උඹව දැක්ක කල්. අර ලබ්බ කිව්වැහෙ උඹේ, ඊළගට සදරුවගෙ වගේ බ්ලොග් නිසයි අපි මේවට වහ වැටුනෙ. ‍රෙද්දෙ බුකිය අතඇරල වරෙං දෙයියනේ...

    ReplyDelete
    Replies
    1. බුකිය හොඳයි.. බ්ලොග් හොඳායි... ඒත් බ්ලොග් එකට වඩා බුකිය සනී....පයි....

      Delete
  12. මාරයියේ............... බිත්තර තම්බන ඒක මේ තරම් අමාරු දෙයක්ද??? තම්බන ඒක මෙච්චර අමාරු නම් දාන ඒක කොච්චර අමාරු අැද්ද නේද?? අාය කිකිළිගෙන් අහන්නයෑ.... ඔන්න ඔහේ ඒකත් ලියලා දාන්න....

    ReplyDelete
    Replies
    1. කිකිලිටනං මොකද.. දවසටම එකයි.. ඒත් කුකුලෙකුට දවසකට තියෙන රාජකාරියේ හැටි ඔයා දන්නවනං හෙම... :D

      Delete
  13. //බිත්තරය හැන්ද මත තියාගෙන වට හයක් වතුරේ ඇතුලත කරකවන්න.... හැන්ද උඩම තියාගෙන මේක කරන්න අමාරුනං පරිස්සමට බිත්තරය වතුරෙන් තියලා හැන්ද බිත්තරය පැත්තකින් තියාගෙන වට හයක් භාජනය ඇතුලේ කරකවන්න.//

    මොකද්ද මාරයා අයියේ මේ සීන්ස් එකට හේතුව?

    ReplyDelete
    Replies
    1. සීන්ස් එකට අදාල කොටස මට අහගන්න උනේ නැහැ.. ඔය පාඩම යන දවසේ මං කිචන් එකේ ඉදලා ක්ලාස් එකට ඔළුව දාං වැඩ කලේ... ඔය අස්සෙම ලිප ගාව බරපතල කෝස් එකක් තිබුනා...

      Delete
    2. ඔය ක්‍රමේට තමයි කහමදේ බිත්තරේ හරි මැදට ගන්නෙ.

      Delete
    3. රස්නෙට කට්ට වටේට සුදු මදේ සවිවෙනවා එතකොට කහමදේ මැදට එනවා.

      Delete
  14. වට හය ගණන් කරද්දී මඟදී අමතක උනොත් මොකෝ කරන්නේ? ආයේ මුල ඉඳන් කරකවනවද?

    ReplyDelete
    Replies
    1. හයට වැඩි උනාට කමක් නැහැ බං.. අඩු නොවී... අඩුම ගානේ හයක්වත් කැරකුනානං වැඩේ සිද්ධ වෙනවා....

      Delete
  15. අප්පේ බිත්තර තැම්බිල්ල ලේසි නෑ නේ? කිව්වට මොකද ඔය සන්තෑසි සේරම මටත් වෙලා තියෙනවා.බලමු මාර ස්ටයිල් එකත් අත්හදා බලලා..

    ReplyDelete
    Replies
    1. කොයි කෝකියටත් ඔය පරිප්පු ටික කන්න වෙලා තියෙනවා... :D

      Delete
  16. බිත්ත්රේට හෙනගැහිච්චාවෙ අපේ මාරයියා දැක්ක කල යකෝ. ඕ යේස් . ප්‍රීතී …ප්‍රීතී …

    ReplyDelete
    Replies
    1. ප්‍රීති එපා !!!

      -බොබසේ-

      Delete
    2. ප්‍රීති වලට වඩා සතුටට තමා මුල් තැන...

      Delete
    3. "ප්‍රීති මිතුරි ................

      Delete
  17. වැඩිපුර බිත්තර කෑම කිකිලියන්ගේ සෞඛ්‍යයට අහිතකර විය හැකිය.. Niyama Katava +++++++++

    ReplyDelete
  18. මාර කාකෙින් මාර බිතරතර කතාවක් ගෙනාපු මාර අයියට මහේ මාර මෙව්වා එක


    ජ ය වේ වා !!!

    ReplyDelete
  19. කොයි බං වහං උනේ...

    අර ශත දහයේ බිත්තර දාන කිකිලිට ශත අටේ බිත්තර දාන කිකිලි කියපු කතාව තමයි උඹේ බිත්තර තැම්බිල්ලටත් කියන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දැන් බුකියේ තමා රාජකාරිය.. ඒකත් ඉඩ තියෙන හැටියට...

      Delete
  20. කාලෙකින් මෙකේ පෝස්ට් එකක් නොදා හිටිය හින්දා දැන් දාන එකක් බලන්න කවුරුවත් නැති වෙයි කියලා හිතං හිටියා උනත්... ඒක එහෙම නෙවෙයි කියලා දැනෙන්න සලස්සපු හැමෝටම බොහෝමත්ම ස්තූතියි...

    ReplyDelete
  21. ඔබේ පිටුවට ආපු පළමුවෙනි දිනය. උයන්න දැනගෙන හිටපු එකම දේත් දැනගෙන හිටියෙ නෑ කියල තේරුණා. බලාගෙන ගියාම බිත්තර දානව වගේ හදන එකත් මාර කෙකර ගාන්න ඕන වැඩක්නෙ.

    ReplyDelete
  22. අපි හැමෝටම වරදින දෙයක් තමයි අනිත් අයගේ රැකියාව හෝ කරන දේ සිම්පල් විදියට දැකීම. අයියෝ අපටත් පුළුවන් කියලා හිතන්නේ. නමුත් ඒ රැකියාව කාලයක් කරන කෙනෙකුට තමයි තේරෙන්නේ ඒකෙ ගැඹුර, වගේම මේ වගේ සියුම් දේවල්.

    බිත්තරේ කටුව ගලවන හැටි වීඩියෝ එකක් බැලුවා. ටම්බ්ලර් සයිස් වීදුරුවකට බිත්තරේ දාලා, එක අතකින් වහගෙන, හයියෙන් හොල්ලනවා. පස්සේ කටුව කඩදාසියක් ගලවනවා වගේ ගලවන්නේ.

    ReplyDelete
  23. ගෙදර උන්දෑ නැති වෙලාවක කොරලා බලඤ්ඤං. වැරදුනොත් සවුත්තු වෙන්න බැහැනේ.

    ReplyDelete
  24. මෙච්චර කාලයක් උයන්න දැනගෙන හිටියට බිත්තර තැම්බීමේ නියම ක්‍රමය දැනගත්තේ අද. ස්තුතියි නොදන්නා දෙයක් කියල දුන්නට.

    ReplyDelete
  25. කාලෙකින්...
    මේක ටෙස් කරලා බලන්න වටින වැඩක්නේ...

    ReplyDelete
  26. අනේ මාරයෝ ඔය බිත්තර ටිකත් අරන් බුකියෙන් ආපහු මේ පැත්තට වරෙන් අය්යේ ...

    දුදනොද බිඳ බඳ තෙද කඳ
    කඳ දෙව් රද සාමිනේ ....//
    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු ය කා
    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු ය කා
    තව එක බුද දිනක් තකා
    ඉන්නට ඉඩ නොදී මකා
    බලා එල්ල හෙළුව හෙල්ල
    මුලැම බෙල්ල මරු තැනේ
    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ...
    පයින් මැ ගොස් ඇවිදැ වටේ
    පොළොවෙ උලා නළල් ඇටේ
    දිගට ඇදී දිගට ඇදී
    නැඟැ පැහැදී මහ හඬ දී
    දෙවියනේ දිගට ඇදී .....
    රනින් කුකුළු රුවක් පුදමි
    රිදියෙන් බිජුවටක් පුදමි
    රන් දුනුහී දෙකක් පුදමි
    රුවට රිදී රුවක් පුදමි
    කතරගමේ බල මහිමේ
    දුටු ද එ මේ හැම තැනේ
    කතරගමේ කියමින් නම'කුරු ඔබ ගේ‍
    බොළඳුන්ගෙ ද කිරි තුඬගේ
    රඟ දෙන්නට වඩමි අගේ
    එක'තින් හිමි සඳුනි මගේ
    දුදනොද බිඳ බඳ තෙද කඳ
    කඳ දෙව් රද සාමිනේ ...
    මට කළ මෙවිපත අනේ
    බලා ගන්නැ දෙවියනේ ...
    වැජඹෙන නා මෙ විමනේ
    බලන්න නා සාමිනේ
    නා සාමිනේ......

    ගායනය - සුනිල් සාන්ත
    ගී පද - රැපියෙල් තෙන්නකෝන්
    තනුව - සුනිල් සාන්ත

    ReplyDelete
  27. මේකේ ටොපික් එක දැක්ක ගමන් මට පරණ සිද්දියක් මතක් උනා.. අපේ අක්ක උයන්න ඉගෙන ගන්න කාලේ අම්මගෙන් මුලින්ම අහපු ප්‍රශ්න වලින් එකක්?
    "ඈ අම්මේ, බිත්තරේ තැම්බිලා ඉවරයි කියල දැන ගන්නේ කොහොමද?"
    අපි තාමත් අක්කාගෙන් ඔය ප්‍රශ්නේ අහල කින්ඩිය දානවා..
    මං අහල තියෙන විදියට නැත්නම් අපේ අම්මලා කියන විදියට කෙනෙකුට හරියට 'කිරි හොද්දක්' ඒදලා උයා ගන්න පුලුවන්නම් අන්න එයාට හොඳට උයන්න පුළුවන්ලු. බිත්තර තැම්බිල්ලත් ලේසි කෙලියක් නෙවෙයි නෙහ්?

    ReplyDelete
  28. ඔන්න මං මිත්තර කන එකත් අතෑරියා.

    ReplyDelete
    Replies
    1. කසුනෝ මිත්තර කන එක අත්හැරපං.බිත්තර කන එකනමි අත්හරින්න එපා

      Delete
  29. වැදගත් කරුණු ටිකක්. කරලා බලන්න ඕනේ මේ විදිහට...

    ReplyDelete
  30. හ්මි..වැඩෙ කරලා බලන්නත් හිතෙනවා.ඒ උනාට බිත්තර ටික අපතේ ගියොත් එහෙම මගේ බාරිගෙන් අධිචෝදනා..එක්කෝ බාරි උයලා දෙන විදියටම කනවා වෙනදා වගේ.නැත්තමි මෙ පෝස්ටි එක පෙන්නලා මෙ විදයට උයලා දෙන්න කියනවා.

    ReplyDelete
  31. අයියේ ස්තුතී. මේ ටිකේ මමයි සීයාගේ වයිෆුයි බිත්තර හරි ගානට තම්බගන්න මාර ගේමක් දෙන්නේ, ටයිමර් තිය තියා..
    අපි බිත්තර තම්බන්න කලින් බිත්තරේ බිම තියලා වාමාවර්තව කරකෝලා බලනවා ගොඩක් කැරකෙන ඒවා ගන්නේ තම්බන්න ඒවා ශක්තිමත් නිසා. සමහර ඒවා හරියට කැරකෙන්නේ නෑ නවතිනවා ඒවා ගන්නේ බදින්න.. ඔයත් ට්‍රයි කරලා බලන්න

    ReplyDelete
  32. බිත්තර තම්බ ගෙන කන්නත් මෙච්චර දුකක් විඳින්න ඕනේයි.

    ReplyDelete
  33. බිත්තරේ සම්පූර්ණයෙන්ම කහපාට වෙන්න තම්බන ක්‍රමේකුත් තියෙනවා කටුව පලුදු කරන්නෙ නැතුවම.

    ReplyDelete
  34. බිත්තරේ තම්බලා ඊට පස්සේ ගැඹුරු තෙලේ බැදලා ගමු . එතකොට හරි .ඕ... යේස්

    ReplyDelete
  35. හප්පේ මාරයියව දැක්ක කල්...!! මමත් ඉතින් ඔන්න ඔයාව බලල යන්න ආව අවුරුදු 3 කට පස්සෙ..බිත්තර නම් අපිත් තම්බන්නෙ මිනිත්තු 7 තමා..කට්ට ගලවන විදිය නම් ඉගෙන ගත්ත ඔයාගෙන්..මොනාද අලුත් තොරතුරු?මම නම් ආයෙ ඉගෙන ගන්න පටන් ගත්තනෙ..මේ අන්තිම අවුරුද්ද.

    ReplyDelete
  36. මාරයාගේ මේ පෝස්ටුව බුකියෙ ඉවුම් පිහුම් සමූහයක මම කියෙව්වා...
    බිත්තරයක් බදින එකත් හෙනම ජල්තරස් සීන් එකක් නේ...අම්මා තම්බලා දෙන බිත්තරේටත් අනං මනං කියන්න හොද නෑ ......
    සේප් එකේ කාලා දන්නේ නෑ වගේ ඉන්න ඕනේ...

    ReplyDelete
  37. තම්බපු බිත්තරයක් දෙකට පලලා ෆොටෝ කෑල්ලක් දැම්මනම් මරු

    ReplyDelete
  38. මගෙ දෙයියනේ බිත්තර තම්බන එකත් මාර ටෙක්නික් එකක්නෙ අප්පා..

    ReplyDelete
  39. උඹ දැක්කෙ නැද්ද අර ටීවී එකේ පෙන්නපු බිත්තර සුද්ද කිරිල්ල? තම්බපු බිත්තරය පොඩි ටින් එකකට හරි බෝතලයකට හරි දාල වතුරත් පුරවල පියන තද වෙන්න වහල බිත්තරේ හැම පැත්තම වදින විදියට හොලවනව. ඊට පස්සෙ අතට ගත්ත බිත්තරේ මහපටැඟිල්ලෙන් හහ අනෙක් ඇඟිලි වලින් දෙපැත්ත අල්ලගෙන තද කල ගමන් බ්ත්තරේ එලියට පනිනව. ඒක නං මරු!

    උඹ කියන විදියටත් බිත්තර තම්බල බැලුව. ඒ ක්‍රමේ ලෙහෙයියි. වතුරට දාල කරකවද්දිම බිත්තරේ කටුව යන්තමට කුඩුවුනා. මම තුන් පාරට වගේ බිත්තරේ ගැලෙව්ව.
    ඔය ටයිමින් ගැන දවසක් ලොයිඩ් ඕපාත දාල තිබුන රාවය පත්තරේ සාකච්ඡාවකදි.

    ReplyDelete