06 November 2015

ඕන කෙහෙල් මලක් වෙද්දෙන් කියලා...


අද දවාලට ඉවුවා කෙහෙල් මුහයක්... ඕං පිංතූරේ...

ඒ හැටි අමාරුවක් නැහැ උයා ගන්න...

හොඳ කෙහෙල් මුහයක් ගත්තා.. අහ් එහෙම කිව්වට ඔය කෙහෙල් මුහත් හැම එකම උයන්න බැහැ.. තිත්ත අල්ලනවා.. ඒකට ගන්න කෙහෙල් වර්ග තියෙනවා.. ඒ කිව්වට හැබැයි මට මතක නැහැ මොන මොන වර්ග හොඳද මොන මොන වර්ග නරකද කියලා... අපේ තාත්තණ්ඩි තමා ඕවා දන්නේ... මට ඒ සූත්තරේ මතක නැහැ... දැන් ඉතිං කෙහෙල් මුහයක් ගන්න කඩේට ගියාම රාජා හෝ මාහෝ ගංගාහෝ කියලා තියෙන එකක් උස්සං එන්න තමා තියෙන්නේ.. උයලා අහවර උනාම තමා දන්නේ ඒක කන්න හොඳ එකක්ද නැත්තං තිත්ත එකක්ද කියලා.. වෙළෙන්දෝ ඉතිං ඔය කෝකත් ගෙනත් විකුණනවා නෙව...


ඉතිං ඔන්න කෙහෙල් මුහයක් අරගෙන පිටත තියෙන තද පාට පියන් මල් එක්කලම අහක් කරලා.. මැදට වෙන්න තියෙන ලපටි.. ඇත් දළ පාට යහමින් තියෙන කොටස හීනියට ලීයා ගන්න ඕන.. ලියන අතරෙම වැඩිය වෙලා නොගෙන ලියන ලියන කෙහෙල් මූහ කෑලි ටික ලුනුයි කහයි දිය කරගත්ත වතුරට දාන්න ඕන.. නැත්තං කහට පිපෙනවා බොහෝම තදේට... ඕක ලියද්දිත් ටිකක් ලතාවට ලියා ගන්න ඕන.. හීනියට.. පොඩි තීරු වගේ.. එහෙම නැතිව කම්මැලි කොමට පතරංග කෑලි ලියපුවාම කන්න අප්පිරියයි...

ලියලා වතුරට දාගත්ත කෙහෙල් මුහේ එහෙම තියෙන්න ඇරලා අපි ලෑස්ති කරගන්න ඕන අනිත් කලමනා...

තෙල් සුවල්පයක්..
අබ ඇට සුවල්පයක්...
වියලි මිරිස් කරලක් දෙකක්...
තලා ගත්ත සුදු ළුණු බිකක් දෙකක්..
ලියා ගත්ත රතු ළුණු ගෙඩි දෙක තුනක්...
කපා ගත්ත අමු මිරිස් කරලක්..
කරපිංචා ඉත්තක්..
රම්පේ කෑල්ලක්...
ගොරකා කෑල්ලක්...
කුරුඳු පොත්තක්...
තියෙනවනං කොස් ඇට ටිකකුත් තලාගන්න... නැත්තං අවුලක් නැහැ...
තුනපහ කුඩු ඩිංගක්/මිරිස් කුඩු ඩිංගක්/කහ කුඩු ඩිංගක්/ ලුනු ටිකක්
මිටි කිරි ටිකක්...
ආ හොඳ ඇතිළියකුයි.. පියනකුයි... හැන්දකුයිත් ඕන...

දැන් අර කහ ලුනු මිශ්‍ර වතුරට දාපු කෙහෙල් මුහ ටික හොඳට මිරිකලා පැටලුං ඇරලා ගන්නයි තියෙන්නේ...

තිබ්බා ඇතිළිය ලිපේ.. පත්තු කොලා ලිප... ඇතිළිය රත් වේගන එද්දි දැම්මා තෙල් ටිකක්... ඒක රත් වෙද්දි අබ ඇට ටික.. අබ පුපුරනකොට අනිත් සියළු කලමනා පිලිවෙලට දාගන්නයි තියෙන්නේ පොල් කිරි ටික ඇර...

හොදට කලවං කලා තෙම්පරාදු වෙන්න... එකතු කලා කිරි ටික.. (කෙහෙල් මුහ ටික වැහිලා යන්නම... ආයෙම පොඩ්ඩක් හුරතල් කලා.. වැහුවා පියනකින් ඇතිළිය...අඩු කලා ගින්දර...විනාඩි පහකට විතර සැරයක් පියන ඇරලා පොඩ්ඩක් හුරතල් කර කර විනාඩි විස්සක් තිහක් උයාගත්තම හරි.. කොස් ඇට දාලනං ඒවා තැම්බිලාද කියලා බලලා ලිප නිවන්නයි තියෙන්නේ.. කොස් ඇට තැම්බිලා නැත්තං තව ටිකක් තියා ගන්න...
ඔච්චරයි...


තව මේ ගැන කියනවනං.. අර දාන පහේ කුඩු ටික ටිකක් විතර කලු වෙන්න බැදලා අරං කෙහෙල් මුහේ ඉවුවාමත් රසයේ හොඳ වෙනසක් තියෙනවා.. එයිට අමතරව කොස් ඇට වෙනුවට පරිප්පු මිටක් උනත් අපිට දාගන්න පුළුවන්... එයිට අමතරව උදේ කෑම එකට ගෙනියන්න වගේනං තෙම්පරාදු නොකර රෑට උයලා.. උදේට තෙම්පරාදු කරගන්නත් පුළුවන්...ඒක වඩා රසයි...

අවසාන වශයෙන්...


කෙහෙල් මුහ වෑංජනේ වඩාත් සුදුසු බත් කනවට වඩා ඉඳි ආප්ප කන්නයි... හොඳ පාන්පිටි ඉඳි ආප්ප ටිකකුත් එක්ක වංගෙඩියේ කොටා ගත්ත පොල් සම්බෝලයකුයි.. කෙහෙල් මුහ මාළුවකුයි තියේනං... හම්මේ ඉතිං...



60 comments:

  1. කෙහෙල් මුහ කොහොම වෙතත් කාලෙකිං උඹේ බිත්තරේ දැක්ක. හැක්....

    ReplyDelete
    Replies
    1. අැයි ඊට ඒහා පැත්තේ තියෙන බතල අලේ දැක්කේ නැතෙයි ප්‍රසා.................????

      Delete
    2. බිත්තර දැක්කම සතුටු හිතෙන්නේ කිකිළියන්ටනේ ලොක්කා.. :D

      Delete
  2. සම්පූරුණෙන්ම දාලා නෙහ් උයන විදිහ...... අර මෙව්වා ක්ලාස් එකක් වගේ............ එල. ඉදියාප්පත් එක්කනං කාල නෑ. ඊළගපාර බලන්න ඕන............

    ReplyDelete
    Replies
    1. අනිවා.. කාලා බලලා කියන්න “වෙනස සැපද“ කියලා... :D

      Delete
  3. කෙහෙල්මුහ ලියන කලාවක් තියෙනවා.. ඒ කියන්නේ මැල්ලුම් ලියනවා වගේ නෙවෙයි.. සුද්ද කරගත්ත කෙහෙල් මුහේ උල පැත්ත උඩට හිටින්ඩ අල්ලාගෙන පිහියෙන් + හැඩේට කෙටුවම උඩම කොටහ මල් වෙනවා.. ඒ ටික කපල අරං ආයි ආයි + හැඩේට පිහියෙන් කොටා ගත්තම ලේසියි.. :)
    ඉඳිආප්ප එක්කනම් මාත් කාලා නෑ. ට්‍රයි කරලා බලන්නොනේ..

    ReplyDelete
    Replies
    1. කෙසෙල්තුඩුව කඳවුරේ ඔව්වා උගන්නනවද?

      Delete
    2. අපි නම් මැල්ලුමට වගේම තමා ලියන්නේ... ඒත් මේ කිව්ව ක්‍රමයත් හොදයි වගේ ඊ ළඟ පාර කරලා බලන්නං...

      Delete
  4. හප්පා කාලෙකින් මාර සරණියෙන් ලිපියක් වැටිලා.. අර අනුපානු ටිකට කුස්සියක් එහෙම එපාද? ආ ඇයි ලිපක්? :D

    කෙහෙල් මුවක් කන්න හම්බුනේ නෑ සෑහෙන කාලෙකින්. හෙට එකක් අරගෙන එන්න ඕනේ. මම දවසක් උයන්න ගිහිං ඕක දෙල් උනා මතකයි.

    ReplyDelete
    Replies
    1. යකෝ ඉතිං බොට අලුතෙන් බිස්නස් එකක් පටං ගන්න තිබුණනෙ 'කෙහෙල් මුහ දෙල් කරනු ලැබේ' කියල.

      Delete
    2. උඹ වැල ගෙඩියක් ගෙනැත් බලහං වරක කරන්න පුලුවන්ද කියලා.. හැක්

      Delete
    3. උඹ ඉතිං කලොත් වැඩක් දෙල්ම තමා... අපි නොදන්නවෑ.. :D

      Delete
  5. අායෙත් මාරයා තුමාට බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ. දිගටම ලියමු........

    ReplyDelete
    Replies
    1. අඩේ උඹත් තාම බ්ලොග් බලනවාද..? :D

      Delete
  6. කෙහෙල් මලක් හරි උස්සගෙන ආයේ ආව එක ළොකු දෙයක්..

    මේ දැං තියෙන කෙහෙල් මල ගැන මක්කත් අදහසක් එන්නෙම නැතෙයි...

    ReplyDelete
    Replies
    1. ඒ කෙහෙල්මල ගැන හට්ටියේ දාන්න කලින්ම කිව්වානේ ඇති පදං... දැන් ආයේ කියන්න දෙයක් නැහැ.. දැන් ඒක හට්ටියේ කර වෙනවා බල බල ඉන්නවා... කට්ටියටම එපා උනාම බැරියෑ හට්ටිය පිටින් බැද්දට විසි කොරාන්ට... :D

      Delete
  7. කාලෙකට පස්සේ කාපු කෙහෙල් මලක් වෙන්න ඇති. මමත් අහල තියෙනව ආනමාලු කෙහෙල් මුවේ කන්න බෑ තිත්තයි කියලා. කාලෙකට පස්සේ දාපු පෝස්ට් එකට ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඔවු සෑහෙන දෙනෙක් කියනවා ආනමාළු බැහැ කියලා... දැනට මට තේරුන විදියට ප්‍රශ්නයක් නැතිව උයන්න පුළුවන් සීනි කෙහෙල් මුහේ.. අනිත් හැම එකේම අවුලක් තියෙනවා වගේ... පූවාළු සුවඳෙල් වගේ ඒවායේ මුහ ගැන තාම අදහසක් නැහැ...

      Delete
  8. මාරෙ අයියේ මේ. ඔය කෙහෙල් මුහ ලිය ලිය ඉන්න වෙලාවෙ මේ බ්ලොග් එකේ මොනා හරි ලියහංකො...

    ReplyDelete
  9. කෙහෙල් මුහේ ලියාගෙන ලියාගෙන ගිහින් උල් වෙනකොට මැද ඉතිරි වෙන කෑල්ලක් තියෙනවා නහය වගේ.ඒක අමුවෙන් කන්න ඇහැකි.පොඩි කෑල්ලක්.ඒක කන්නම පොඩිකාලෙ බලන් හිටපු හැටි මතක් උනා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය කියන බට්ටා කෑල්ල මාත් දන්නවා.. හැබැයි අමුවෙන් කාලනං නැහැ... ජය වේවා...!

      Delete
  10. ගෙවත්තෙන් කඩාගත් කෙහෙල් මුවයක්, මම අපේ උන්දැට දෙන්නේ, මේ ලිපියේ විදිහරම විදිහට හදලා, රතු කැකුළු බත්, කිරිහොදි සහ කරවල බැදුමක් හදන්න කියලයි. මගේ ප්‍රියතම කෑමක්.

    ReplyDelete
    Replies
    1. ඒ මෙනු එකනං හොදයි තමා.. හැබැයි මටනං රතු බත් ම්හූ...

      Delete
  11. කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා,

    මාත් ආසම කෑමක්. ඕක :)

    ReplyDelete
    Replies
    1. හනෙ හම්මේ බං... නඳුනෝ... උඹව දැක්ක කල්... පුදුම සංතෝසයි... :D

      Delete
  12. කෙහෙල් මුහ සම්බෝලේ හදලා තියේද????? පට්ටයි... අමුවෙන් හදන්නේ.... නෝනා තමා සිද්ධිමන්ට් ඒක දන්නේ..... විස්තර අහලා මං හැදුවා වගේ කියන්නම්කෝ පස්සේ හරිය....

    ReplyDelete
    Replies
    1. ඔය හුග විදියකට කාලා තියේ... පොදුවේ ගත්තම කෙහෙල් මුහ වලට මගේ විශේෂ කැමැත්තක් නැහැ.. ඒත් මේ විදියට උයලා ඉඳිආප්ප කන්නනං බොහෝම මනාපයි.. බත් එක්කලා නෙවෙයි...
      හා හා දාමු බලන්න.. අපිටත් ඉගෙන ගන්න...

      Delete
  13. කෙහෙල් මලට හෙන ගැහෙද්දෙන්.
    යකෝ මාරයියා දැක්ක කල්.. සංතෝසේ බැරුවා !!!

    ReplyDelete
    Replies
    1. කෙහෙල් මලට හෙන ගැහුවොත් එහෙමම අරං උයන්න පුළුවන් වෙයි නෙහ්... ලිය ලිය ඉන්න දෙයක් නැහැනේ.. :D

      Delete
  14. අද රත්මලානේ ආර්ථිකෙන් කෙහෙල් මුහයක් අරං ගෙදර ඇවිත් රීඩරේට ලොග් උනා විතරයි මෙන්න මෙයා කෙහෙල් මුහ උයන හැටි දාලා....😉
    ඕක හීනියට ලියලා තෙලෙන් බැදලා ඔය කියන කලමනා ටික දාලා මිටිකිරි ජුන්ඩක් දාලා ගත්තනම් මල්මසුරං....😊
    කාලෙකට පස්සේ ලියන්න ආපුඑක ගැනනම් නම් සෑහෙන සන්තෝසයි. දිගටම ලියන්න, ජයවේවා....👍

    ReplyDelete
    Replies
    1. කෙහෙල් මුහ තෙලෙන් බදින්න ගිහාම තෙල් බොනවා... එහෙම උනාම මේකෙන් ගන්න යන පල ප්‍රයෝජනේ නැතිව යනවා... ඔය කොහිල වගේම තමා කෙහෙල් මුහෙත් බඩට බොහෝම සනීප කෑමක්.. ඒක තෙල් මිරිස්වලින් නාවපුවාම කටට රහ උනාට බඩට වහ...

      Delete
  15. මෙකාගේ වැඩේ පිටරට ඉන්න අපේ ඛෙට ග්‍රන්ති වලට වින කටින එක...හිටපම්කෝ මම හෙට අනිද්දා ආවම ඕවා අපේ අම්මට කියලා හදන් බොට පේන්ඩ කනවා

    ReplyDelete
  16. මාරෙ මල්ලි, මම දවසක් කෙසෙල් මුහයක් කපලා පිහියේ මිටේ රබර් කොටස දියවලා ගියානේ බං. ඒක ගෑවුන ගෑවුන තැන. ඒක දැක්කට පස්සේ කෙසෙල් මුහ කෑවෙම නෑ. උඹ මේකට මොනවා කියයිද මන්දා. නමුත් මේ ඇත්තමයි.

    ReplyDelete
    Replies
    1. කෙහෙල් මුහවල ටිකක් කහට ගතිය තියෙන බවනං හැබෑව.. හැබැයි මෙහෙම සීන් එකක් ඇහුව පලවෙනි වතාව... සමහර විට වෙන දේවල් එක්ක ප්‍රතික්‍රියා නොකරන.. ඒත් පිහිය මිට හදලා තිබුන රබර් සංයෝගය එක්ක ප්‍රතික්‍රියාකරන මොනවා හරි කෙහෙල් මුහවල තියේද දන්නේ නැහැ...

      Delete
  17. කෑමක් බීමක් හදන්නම ඕන මෙයාලට බ්ලොග් ගැන මතක් වෙන්න..

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් බං මේක මේ බ්ලොග් එකට ලිව්වා නෙවෙයි.. බුකියේ ගෘප් එහෙකට ලිව්ව එකක්.. ලියලා අහවර උනාම කල්පනා උනේ.. මේක මේ මං බ්ලොග් එකට ලියන විදිය නේද කියලා.. ඒ පාර මෙතනත් කොපි පේස්ට් පාරක් දැම්මා... අනික කවුරු හරි කෙහෙල් මුහයක් උයාගන්න හිතලා සර්ච් පාරක් දැම්මොත් බුකියේ තියෙන ඒවා මාට්ටු වෙන්නේ නැහැනේ...

      Delete
  18. //විනාඩි පහකට විතර සැරයක් පියන ඇරලා පොඩ්ඩක් හුරතල් කර කර විනාඩි විස්සක් තිහක් උයාගත්තම හරි..//

    ගිය පාර බිත්තර හරියට තම්බන්ට ගිහින් දෙකක්ම කැඩුනා. මේපාර කෙහෙල්මුහ හුරතල් කරන්ට ගිහින් මොනවා වේද කියා කල්පනා කරමින්. :P

    කෙහෙල්මුහ භාජනේ වඩා ගන්ටත් වෙයිද? :(

    ReplyDelete
    Replies
    1. :D :D :D
      වඩාගෙන මදි... හොඳට හට්ටිය රත් උනාම දෙන්ට උම්මා දෙහෙකුත්... කෙහෙල් මුහේ ඉදෙයි මල් හතට... :P

      Delete
  19. මම නම් වැඩිය කන්ට කැමති නෑ... ඉඳලා ඉඳලා කනවා ඉතින්...

    \\ ඒ කිව්වට හැබැයි මට මතක නැහැ මොන මොන වර්ග හොඳද මොන මොන වර්ග නරකද කියලා... අපේ තාත්තණ්ඩි තමා ඕවා දන්නේ... මට ඒ සූත්තරේ මතක නැහැ...//
    අම්මායි තාත්තායි දන්නවා තමයි... එයාලා දවසක් මට කියලා දුන්නා...
    "සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල් වගේ පොඩි ජාති වල කෙහෙල්මල් කනවා...
    ඇම්බන්, ආනමාළු වගේ ලොකු ජාති වල කෙහෙල්මල් කන්නේ නෑ..."
    ඒ වගේ මතක...

    ආආආ...
    තව බඩ සුද්ධ වෙන්ට බෙහෙතක් කියලත් කියනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් බඩට හොද බෙහෙතක් තමා... මගෙත් මේ දවස්වල තියෙන ගෑස් කේස් එක හින්දා බඩට වද නොදෙන.. බඩ හෑල්ලු කරන කෑමට බැහැලා ඉන්නේ.. ඒකයි මේකත් ඉවුවේ... මගෙත් ඉඳ හිට කන කෑමක් තමා මේක... ඒකත් වැඩි පුර ඉඳි ආප්ප එක්කලා...

      Delete
  20. මොන කෙහෙල් මලක්ද මාරයෝ ...උඹ ආයෙත් මෙහෙම හරි ලියන්න අපු එකම මදැයි ..

    දෙන්නම් මං අද පප්පලට
    රැජිනට යවනව කෙහෙල් මුහ ...
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානව බේසමට
    එකක් මදි දෙකක් දානවා
    මි පැණි බොතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජු මද ටිකකුත් තියලා
    ගම්මිරිසුත් යහමින් දාලා
    නෑ... ආ නැද්ද
    පාසානං ටිකකුත් දාලා
    සීනි කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙක්කුත් දාලා
    හදනව පදමට හැදි ගාලා
    එක්කො බිත්තර තුනක්ම දානාවා
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානව බේසමට
    ලුණු ටිකකුත් දානව නේද
    නෑ... නැද්ද ඈ
    මිනි ඔලුවකුයි කටුස්සේකුයි
    පොලගගෙ දළකුයි නාගයෙකුයි
    රස වෙන්නට රට ඉදි ටිකකුයි
    නෑ නෑ නාරං බික් තුනකුයි
    වැඩී වැඩී එකක් හොදටෝම ඇති
    රටකජු ටිකකුත් පොතු ගහලා
    පොතු ටික දානවා මද කාලා
    හොද හැටි පදමට හැදි ගාලා
    සුවද එන්න දානවා වැනිල
    නෑ.... ආ දානව නේන්නං
    ආ ඒ පාර නං යන්නම් හරි ගියා..
    හැදුවෙ කේක් එක අපි දෙන්නයි
    අහුවෙන්නේ අර පප්පලවයි
    මලිගාවේ වැඩ මග නවතියි
    මක බාස්ව දැන් කිඹුල්ලු කයි.......

    (මාර පප්පා)

    ReplyDelete
    Replies
    1. මකබාස් නෙවේ අපිවයි කිඹුල්ලු කන්නේ !
      https://www.youtube.com/watch?v=vu0jjuxpvxE

      Delete
  21. හත්වලාමයි.... කාලෙකින් නේද??? මම නං ඔය උයන එව්වා ගැන එච්චර ඉන්ටරස්ට් නැති උනත් කෙහෙල්මල ඉව්ව වගේ දැනුන මේක කියෙව්වම...

    ReplyDelete
    Replies
    1. කාලෙකින් කාලෙකින්... උයන එකට නැති උනාට ගිලින එකට ඉන්ටරස්ට් ඇතිනේ...

      Delete
  22. කෙහෙල්මලක් ලියලා ඒ ගමන , කෝ එපාර උත්තර නොදී මොන කෙහෙල් මලක් කරනවද ?

    ReplyDelete
    Replies
    1. සද්ද නැතිව ඉන්න බං හැදුවේ... ඒත් මේ කමෙන්ට් එක දැක්කම වැඩේ හරියන්නේ නැහැ කියලා හිතුනා.. ඒ පාර ඔන්න උඩ ඉඳන් පහලට බැස්සා... :D

      Delete
  23. මූ හැම එකාටම උත්තර දීලා තියෙන්නේ මාව මග ඇරලා.

    ReplyDelete
    Replies
    1. කෙහෙල් මලක් කියනවා ඉතිං :P

      Delete
    2. මල මගුලයි කිව්වළු.. මිස් වෙලා නේන්නං... හැබැයි ඉතිං කොමෙන්ට් වලට උත්තර ලියද්දි මං හිටිය කාමරේ ටිකක් අඳුරේ තිබුනේ... ඩූඩ් අයියව පෙනුනේ නැහැ කියහංකෝ... :D :D :D

      Delete
  24. ඇටි කෙහෙල් මුහ අනිත් හැම එකටම වඩා පට්ට රසයිලු...
    ඒක අහපු දවසේ ඉඳලා එහෙ මෙහෙ යද්දී ඇටි කෙහෙල් මුහයක් හොයා ගන්න හැදුවට බැරි උනා. තැනක තියෙනවා දැක්කත් ඒක තිබුනේ මහ හෙළක. කෙහෙල් මුහයක් වෙනුවෙන් ජීවිතේ අවදානමට දාගන්න බැරි නිසා වැඩේ අත ඇරලා දැම්මා...

    ReplyDelete
  25. මාරයියේ, පොලොස් වාරෙත් ඇවිත් නොවැ. දාමුද හොඳ පොලොස් ඇඹුලක්?

    ReplyDelete
  26. ඕක නං ඉහේ කෙස් ගානෙ කාල නැතෑ. මම කියන්නං අලුත් ක්‍රමයක්. ඕන නං හදාගෙන කාපං.

    මේකට ටිකක් වැඩිපුර කෙහෙල් මුව ඕන වෙනව. අපි දෙන්නට හෙහෙල්මුව පහක් ඕනවුනා. ඒකෙදි අර අමුවෙන් කන්න පුළුවන් කොට‍ස දක්වාම වගේ ගලවල අයින් කරන්න වෙනව. (එච්චරම නැතත් කමක් නෑ, සාමාන්‍යයෙන් අඟලු එකහමාරක් දෙකක් විශ්කම්භය තියන ගානට වගේ ගලවගත්තම හරි) ඊට පස්සෙ ඒක හතරට විතර කපනව. ඒ කියන්නෙ නාරටිය දිගේ. නාර‍ටිය නිසා ගැලවෙන්නෙ නෑ ඔක්කොම ටික. ඔයවගේ කපල ගන්න කෑලි ටික කිරට උයනව. යන්තමින් හොදි තියෙන්න හොඳට කිරි දාල උයල බලපං. මාර රසයි.

    ReplyDelete
  27. කොහොම හරි කෙහෙල් මුව හරි විදිහට උයන හැටි දැන ගත්තා මේ ලිපිය බලලා.නම 'මාරයා' කිවුව නිසා මම බයෙන් ආවෙ මේ බ්ලොග් එකට ..ඒත් හොද වෙලාවට එහෙම භයානක ගතියක් තිබ්බෙ නෑ...

    ReplyDelete
  28. අපරාදේ සර්වන්ට් නිවාඩු ගිහිං ආවා. නැත්නම් ට්‍රයි කරලා බලනවා. දැන් මං පණ්ඩිත කම් කොරන්න ගියොත් උන්දෑට මළ පනින්න ඉඩ තියෙනවා. එහෙම නෑ ඒ වුනාට හිත නෝක්කාඩු කර ගනී. මම වැඩිය කන්න අකමැති කෑලි මිරිස් ගොඩ කරන නිසා. මටත් ඔය ගෑස් අවුල තියෙනවනේ. ඒක නෙවේ කවුරු හරි ඉන්නවද කෙසෙල් මල් වල තියෙන මල්පැණි බීපු ?

    ReplyDelete
    Replies
    1. යේශ්... අර විනිවිද පෙනෙන පොඩි කෑල්ලෙ තියෙන්නෙ.පොඩ්ඩක් දෙකට නමල සුරූස් ගාලා ඇදල ගන්න ඕනෙ.අම්ම කෙහෙල් මුහේ කපන කන් ඔව්ව බොනවා.ඉවර වෙනකොට තමයි අර බට්ට කෑල්ල ලැබෙන්නෙ.ඒකත් කාල උම්බලකඩ කෑල්ලකුත් කටේ ඔබන් තමයි කුස්සියෙන් එලියට බහින්නෙ.. හෙහ් හෙහ්..

      Delete
  29. මමත් ආසම කෑමක් තමා කෙසෙල් මුව .... ඒවගේම තමා උයන්නත් මනාපයි. ලොකු අම්මනම් කියන්නේ අළු කෙසෙල් මුවේ උයන්න බෑ කියලා. ඒත් විකුනන්න තියෙන ඒවා මොන ජාතියේද කියලා හොයන්නේ කොහොමද ?.

    ReplyDelete