18 November 2015

දුං ඇල්ලිල්ල...

මේ ටිකේ පුදුම මදුරුවෝ තොගයක් ඉන්නේ... ඉස්සර වගේ දැන් දුම් ගහන්න නගර සභාවෙන් එන්නෙත් නැහැ... කුණු ගෙනියෑම බව්වට ගියා වගේ තමා මදුරුවන්ට දුම් ගහන වැඩෙත් මහින්ද ගියා එක්කම අහවර උනා... කෙහොමහරි දැන් මදුරු කරදරේ ඉහ වහා ගිහිල්ලා... 

මට මදුරු දැල් දාලා නිදියන්න බැහැ දාඩිය දානවා.. නින්ද යන්නේ නැහැ... ෆෑන් එක දාගෙන නිදාගන්න තමා දැන් කාලයක් තිස්සේ හුරු වෙලා තියෙන්නේ... ඒත් පහුගිය ටිකේ එක දිගට වැස්ස හින්දා රෑ වෙද්දි ෆෑන් එක දාන් නිදා ගන්නත් අමාරුයි.. කොයිල් පත්තු කරලා නිදාගත්තම උදේට කාමරේ පුරා කොයිල් ගඳයි... ඔය මදුරු ප්‍රශ්නේ හින්දා පහුගිය ටිකේම කල්පනා කරලා කරලා ඊයේ අළුත් විසදුමක් අත්හදා බැළුවා...

අළුත් කිව්වට ඉතිං මේක මට අළුත්.. නැත්තං ඉතිං ඉස්සර අපේ ගෙදර දවස ගානේ සිද්ධ වෙච්ච චාරිත්තරයක් තමා මේක.. දුං ඇල්ලිල්ල...

දුං ඇල්ලිල කිව්වම ඕක දෙවිදියකට අපේ ගෙදර උනා.. එකක් තමා කජු ලෙලි දුම ඇල්ලීම.. ඒක කරන්නේ මදුරුවෝ වැඩිම කාලෙට... පරණ අඩිය ඉරිතලපු මැටි හට්ටියකට පොල්ලෙලි දෙකක් පත්තු කරලා අගුරු වෙන්න ඇරලා.. ඒකට කජු ලෙලි අහුරක් දාලා.. ඔය හට්ටිය පරණ රෙදි පාංකඩේකින් අල්ලගෙන ගේ පුරා ගෙනියමින් තාත්තා දුං අල්ලනවා... මදුරුවෝ කෙසේ වෙතත් ඔය වෙලාවට මුලින්ම ගෙදරින් එලියට පනින්නේ මායි මල්ලියි... :D නිකං නෙවෙයි “මොන මගුලක් කරනවද මංදා“ කියලා තාත්තටත් නොක්කාඩු පාරක් දාගෙනම.. :D අපි ඔහොම කිව්වා කියලා සැලෙන්නේ අපේ තාත්තනං නෙවෙයි... එයා වගේ වගක් නැතිව අල්ලනවා ගේ පුරා දුං... යන්තං ඒ දුං සාත්තුවෙන් පැය බාගයක් විතර ගියාම ගේ ඇතුලට රිංගගන්න පුළුවන් තත්වයක් උදා වෙනවා වගේම රෑ පුරා මදුරු කරදරයක් නැතිව ඉන්නත් පුළුවන්කම ලැබෙනවා.. ඒ කාලේ ඉතිං මොන මදුරු දැල්ද.. මොන ෆෑන්ද...

ඔය කජු ලෙලි සාත්තුව නැති දවසට ඒ කිව්වේ මදුරු කරදරේ අඩු කාලෙට... තාත්තා කරන්නේ හොඳවායින් පොල් කටු දෙකක් පුච්චලා අගුරු හදාගෙන.. ඒ අගුරු ටික යකඩ තහඩුවෙන් හැදුව දුං කබලේ දාගෙන.. එයාම බෙහෙත් කඩෙන් එක එක ජාති ගෙනත් කුඩු කරලා හදාගත්ත දුං කුඩු මිශ්‍රණයකින් ටිකක් මිට මොලවලා අරගෙන එයින් ටික ටික කබලට හල හල දුං කබලත් අරං ගේ පුරා ඇවිදින එක... 

ආන්න එදාටනං අපිත් ආසාවෙන් දුං සුවද විඳ විද ගේ ඇතුලට වෙලා ඉන්නවා... තාත්තා ළඟට ආවම අපි දෝතින්ම කබලේ දුං අපේ ඇගට තල්ලු කරගන්නවා... ඒ තරමට ඒ වැඩේට අපි ආසයි... තාත්තත් ඉතිං අපි ගාවට ඇවිත් හිනා වෙවී.. කෝවිලේ පූසාරි දේව ප්‍රතිමාවට දුං අල්ලන්නැහේ අපිටත් දුං වට දෙකක් කරකවලා දීලා තමා යන්නේ...

කොහොම උනත් තාත්තා ඒ දුං කුඩු මිශ්‍රණයට ගත්ත දේවල් මට මතක නැහැ... දුම්මල/කට්ටකුමංජල් දෙක කුඩු කරනවා කියලා මතකයි... තව මොන මොනවා දැම්මද කියලා එයාම තමා දන්නේ...

කොහොම හරි මාත් ඉතිං ඊයේ හවා කඩේ පැත්තේ ගිහින් ලාම්පු තෙල් බාගයකුත් අරං ආවා.. පහුගිය ටිකේම පොල්කටු ටික කුණු එකට නොදා තියාගෙන හිටියේ.. එයින් පොල් කටු දෙකක් ලාම්පුතෙල් ආධාරයෙන් අවුලවලා අගුරු හදා ගත්තා... ඒකට ටිකක් වෙලා ගියේ කාරණා දෙකක් හින්දා.. එකක් ගෙදර අළු නැති එක... පොල් කටු ගිනිතියන සාත්තරේ තමයි එක පොල් කට්ටකට අළු මිටක් දාලා ඒකට ලාම්පු තෙල් වක් කරලා ගිනි තියන එක.. එහෙම ගිනිතියන පොල්කටුවට හේත්තු වෙන්න තව පොල් කටු තිබ්බම ඒ ඔක්කෝම ඇවිලෙනවා.. අළු දාලා ලාම්පු තෙල් දැම්මම සෑහෙන වෙලාවක් ඒ අළු ටිකට ගින්න ඇවිලිලා හිටින හින්දා පොල් කටු හොදට රත් වෙලා ඇවිලෙන්න ගන්නවා.. ඒත් අළු නැතිව ඔය වැඩේ ටිකක් වෙලා යනවා... ලාම්පුතෙලුත් ටිකක් වැඩියෙන් යනවා...

අනිත් බාධකේ වෙලා තිබුනේ ඉතිං වැස්සම තමා.. පොල්කටු කලින් අවුවට දාලා වේලලා තිබුනා උනත් සැරින් සැරේට එන වැස්සට තෙමිලත් තිබුනා... ඊයේ වෙද්දි ඒවා වේලගෙන තිබුනත් පොඩි හීතල ගතියක් තිබුන හින්දා පත්තු වෙන්න වෙලා ගියා...

ඔය විදියට කොහොම කොහොම හරි අගුරුත් හදාගෙන... කල් වේලාසනම ගෙනත් තිබුන යකඩ දුං කබලටත් දාගෙන... බෙහෙත් කඩෙන් ගෙනාව සාම්බ්‍රානි පැකට් එහෙකින් දුං කුඩුත් ඉහ ඉහ ඇල්ලුවා මුළු ගෙටම දුං... 

ගේ පුරා සුවඳයි...හැබැයි ඉතිං මේ දුම අර ඉස්සර තාත්තා හදන දුං කුඩුවලින් එන දුං තරං සුවඳ නැහැ... මං හිතන්නේ මුං මේවට සුවඳ කුඩු වෙනුවට නිකංම නිකං ලී කුඩුත් එකතු කරනවද කොහේද... ඒත් ආසාවෙන් විඳින්න හිතෙන සුවඳක් නැතිවාමත් නෙවෙයි... 

කොහොම උනත් ඊයේ රෑනං ඔන්න ගෙදර මදුරු කරදරේ අඩුයි.. රෑ හොඳට නින්දත් ගියා.. හැබැයි ෆෑන් එක ඕෆ් කරන්න ඕන උනේ නැහැ.. මොකද ඊයේ රෑ තද වැස්සක් නොතිබුන හින්දා... පහුගිය ටිකේ උදේටත් ගේ පුරා හිටිය මදුරුවෝ ටිකනං අද පේන්න නැහැ... මං හිතන්නේ දුං ඇල්ලිල්ල වැඩ කරලා තියෙනවා වගේ... ඒ හින්දා අද හවාටත් අල්ලනවා ඇල්ලිල්ලක් ගේ දුං පෝරණුව වගේ වෙන්න.. :D 

මොන මගුලක් හරි කරලා මේ මදුරු වසංගතේ පාලනය කර ගත්තේ නැතොත් වසලා හමාරයි... හැබැයි ඉතිං මදුරු වසංගතේනං දුං අල්ලලා හරි යවා ගතෑකි... රටට ලබලා තියෙන වසංගතේට දුම්මල ගැහුවත් වැඩක් වෙයිද මංදා...

41 comments:

  1. මදුරුවන් සමුල ඝාතකය කළ යුතුයි. වෙන විකල්ප වලට යා නොයුතුයි.. හැක්

    ReplyDelete
  2. \\මට මදුරු දැල් දාලා නිදියන්න බැහැ දාඩිය දානවා.. නින්ද යන්නේ නැහැ... ෆෑන් එක දාගෙන නිදාගන්න තමා දැන් කාලයක් තිස්සේ හුරු වෙලා තියෙන්නේ... \\

    සහතික ඇත්ත මාරයා අයියෙ

    මටත් නෙට් දාල නිදාගන්න නම් බෑ.. ඇගේ ගෑවෙද්දි මළ කරදරේ.. හදුන්කූරු වලටත් මදුරුවො ටිකක් අඩු වෙනවා

    ReplyDelete
  3. දැන් එතකොට ඔහේ මදුරු මාරයා

    ReplyDelete
    Replies
    1. යකඩෝ .... උඹව දැක්ක කල්.

      Delete
    2. ඇ‍ඟේ ගෑවෙන්නේ නැති මුදුන ඇඳ තරම්ම හෝ ඊට ටිකක් විශාල සෘජුකෝණාශ්‍රාකාර මදුරු දැල් තියෙන්නේ බං. ඒක යට කරන්න ඕනෙත් නෑ. බිම ගෑවෙන්න දැම්මාම නිකං කාමරයක් වගේ.

      Delete
    3. මදුරු මාරයා කිව්වම මදුරු නාශකයා පත්තුවෙලා තියෙන්නේ..... හිකිස් ..

      Delete
  4. අපිත් ගෙදර හවසට දුම් අල්ලනවා. කඩෙන් තමා ඉතිං ගේන්නේ. මදුරුවෝ නම් මෙහෙ වැස්ස දවසට හොයාගන්න නෑ. වහින දවස් වල තියන එකම හොඳේ තමා ඕක. මමත් නෙට් දාලා නිදාගන්නේ නෑ. ෆෑන් දාලා මෙහෙ නිදාගත්තොත් නම් ඊළඟ දවසේ උදේ වෙද්දී පොප්සිකල් එකක් වෙලා ඉඳී.. ඔය පැත්තේ කුණු ගෙනියන්නේ එන්නේ නැද්ද? මෙහෙ නම් තාම එනවා.
    මම නම් පොල් කටු එහෙම පිටින්ම ගිනිතියන්නේ නෑ. කෑලි කෑලි වලට කඩලා, බූමි තෙල් ටිකක් ලාවට ඉහලා ගිනි කූරක් ගහනවා. ඊට පස්සේ අගේට ඇවිලෙනවා. මෙහෙ ඉතිං දර ලිප දවසේ වැඩි හරියක් වෙලාවට ඇවිලිලා තියන නිසා එච්චර අවුලකුත් නෑ. අපේ අම්මා ඉන්න කාලේ ඔය දුම්මල මිශ්‍රණය දැනගෙන හිටියා සුවඳට හිටින්න.

    ReplyDelete
  5. ///රටට ලබලා තියෙන වසංගතේට දුම්මල ගැහුවත් වැඩක් වෙයිද මංදා...///
    ඒකටනම් තොවිලයක්ම නටන්න වේවි මයේ හිතේ...

    ReplyDelete
  6. //මදුරු වසංගතේනං දුං අල්ලලා හරි යවා ගතෑකි... රටට ලබලා තියෙන වසංගතේට දුම්මල ගැහුවත් වැඩක් වෙයිද මංදා...//

    හුටන් තුමා විධායකේ අතඇරලා අගමැති වුනාම වසන්ගතේ සනීප වේවි අෆ්ෆා!!!

    ReplyDelete
    Replies
    1. අම්මේ.. ස රස තුමා දැක්ක කල්.. :) කොහොමෙයි වාස දේස?

      Delete
    2. හලෝ සරස...හව් ආර් යූ ඩුයින්ග් මෑන්..? ලෝන්ග් ටයිම් නෝ සී.....හෙක් හෙක්..

      Delete
    3. // අම්මේ.. ස රස තුමා දැක්ක කල්.. :) කොහොමෙයි වාස දේස? //
      රුපියල් දහයේ අමුමිරිස්ද, රුපියල් තිහේ දෙහි ද දැමූ ලුනුමිරිස් සමග ආප්ප කමින් සතුටින් සිටිමි....


      //හලෝ සරස...හව් ආර් යූ ඩුයින්ග් මෑන්..? //
      පකිo ඕසo මෑන් :) සෙලිබ්‍රේටින් ලොක්කා'ස් හැපී බර්ත්ඩේ මැන් :)

      Delete
    4. සරස තුමා අහ-වලාය කියල රසික හොයාගෙන තිබ්බෙ පත්තරෙන්.

      Delete
    5. මූ අර මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට අපහාස කරන්න ගිහින් පුක බිම ඇණගත්ත වල් දොස්තරයද?

      Delete
    6. //රුපියල් දහයේ අමුමිරිස්ද,// ලාබයි නෙහ්.. අපේ පැත්තේ රුපියල් දාහයි කිලෝ එක.. :/

      Delete
    7. උඹව දැක්කෙ දැන් නේ බං... කොයි ඉන්නේ... බෙලි අත්තෙයි... එහෙම නැහ්නන් මැද්මුලනෙයි..

      Delete
  7. දුම් අල්ලන එක කෙසේ වෙතත් දුම් අදින එකනම් අපේ කස්ටිය හොඳට කරනවා මාරයෝ ....හැක්

    අහිංසකයි එලිය බෙදයි කණාමැදිරියෝ
    ළමා ලපටියන්ගේ යාළුවො
    රූන් රූන් නාදේ දමයි අනුන්ගේ ලේ උරයි
    හරිම කරච්චලේ මදුරුවෝ ..

    ගමේ ළමයි හරි ආසයි - කණාමැදිරියන්ට අත වනයි
    මදුරුවන්ව තලා දමයි - දැක්ක ගමන් බයේ පන දුවයි
    මදුරුවන්ට මේක පෙනෙයි ඉරිසියාව හිතේ රජ වුනයි
    ගත්ත තීරණය මේකයි කණාමැදිරින් වනසන්නයි ..
    අහිංසකයි ...

    පාවෙන එළියක්‌ පෙනිලා මදුරු රජෙක් පැන පැන විද්දයි
    කණාමැදිරියෙක් කියලා විද්දේ සිකරට් කොටයකටයි
    පිච්චුනා මදුරුවා දැකලා අනිත් වුන්ගේ මොලේ පැදුනයි
    අසරණයන් හට විදලා රිද්දෝවොතින් වෙන්නේ මේ ටිකයි
    අහිංසකයි ..

    ගායනය - නිහාල් නෙල්සන්

    ReplyDelete
  8. ඒ කියන්නේ මාරයියා මදුරැවන්ට නොමිලේ දුම් පානය හුරැ කරනවද?හැක්....මට මතකයි ඉස්සර අපේ අම්මගේ මහ ගෙදර ඔය කියන ලෙසට ඇතිලියකට ගිනි අගුරැ දාලා දුම් අල්ලනවා...මතකේ හැටියට වේලිච්ච මිරිස් කරල් දෙකකුත් දානවා.....ඒ සැරට මම හිතන්නේ ඇමීබා,පැලැස්මෝඩියම්ලවත් එලවන්න ඇහැක් හිකිස්....මෙහෙ නම් සීත පටන් ගද්දි මැසි මදුරැ කරදරේ ඉවරයි

    ReplyDelete
  9. අඟුරු හදාගන්ට ලෙසිසිම ක්‍රමේ තමයි..ඉස්සරලා පොල් කටු තියෙන තරමක් තහඩුවක දාලා අඟුරු කරගන්ට. ඒකරලා තතමනය නොවදිඅන විධියට බග් එකක දාලා තියාගෙන අවශ්යවෙලාවට ටිකක් අරන් පත්තුකරගන්ට. තව එකක් පොල් කටු දුම සරීර සවුක්කියට හොඳ නෑ.

    දුං කුඩු මිශ්‍රණයට වේලපු මදුරු තලා කුඩු හරි වේලපු පාවට්ටා කොල දාලා ට්‍රයි කරලා බලන්ට.?

    ReplyDelete
  10. කජු ලෙලි, මදුරු තලා කොළ නැතුව නිකං පොල් ලෙලි පුච්චලා දුම් ගැහුවත් මදුරුවෝ අඩු වෙනවා.. ඉස්සර අපි පිඟානෙක පොල් තෙල් ගාල එහෙ මෙහෙ වනල මදුරුවෝ අල්ලනවා.. මටනම් නෙට් එක දැම්මම සැපට නින්ද යනවා.. වැඩේ කියන්නේ ඕක උදේ හවස අකුලන්න දිගරින්න කම්මැලි කමට ඔන්නොහෙ නිකම්ම බුදිය ගන්නවා.. ලේ නම් කොච්චර බිව්වත් කමක් නෑ කන ළඟ සින්දු කියන්නේ නැතුව..

    ReplyDelete
  11. මදුරුවෝ මරන්න ඒපා... පව්.... ගෙදර දොරේ ගහන්න බෝඩ් ඒකක් මෙන්න මෙහෙම

    //මදුරුවන්ට අැතුලුවීම තහනම්//

    ReplyDelete
    Replies
    1. //රටට ලබලා තියෙන වසංගතේට දුම්මල ගැහුවත් වැඩක් වෙයිද මංදා...//
      ඒකට ටොයි ලබ්බන්ගේ දුකට පුං ගහල ඥානේ පහල වෙන්න කියල පතමු

      Delete
  12. කොහොඹ ගහක් හොයා ගන්න ලඟ පාතක තියේ නම්, ඔය දුං ගැහිල්ලට අමු කොහොඹ කොල කියාපු අවුසදේ....ආග්‍රහනය කලාට අවුලක් වෙන්නත් බැහැ බෙහෙත් අවුසදයක් නිසාවෙන්...අනික අමු කොල නිසා හෝ ගාලා දුං....

    ReplyDelete
  13. අර යුරේනි අක්කි පුච්චන කොළ කෑල්ලක් පුච්චලා බැලුවෙ නැද්ද?

    ReplyDelete
  14. ගහන්ට අයියා ඩීඩීටී. :)

    මමත් දැන් කාලෙක ඉඳල නෙට් එකක් දාගෙන නිදාගැනීම නවත්වල තියෙන්නෙ. ඒ වෙනුවට දවසට පැය 20 ක් 22 ක් විතර වැඩකරන ෆෑන් එකක් තියෙනව මගේ කාමරේ. කොච්චර වැස්සත් සීතල උනත් ඒක වැඩ. මදුරුවොන්ට වනන්න අර චාඡ්කරන බැඩ්මින්ටන් එකක් වගේ එකක් අරන් ආවා අයියල. ඒකෙ බැටරිය ඉක්මනටම සවුත්තු උනා. දෙකක්ම කෙළඋනාට පස්සෙ ඒකත් අතෑරියා. නැත්නම් ඒ වැඩේ ටිකක් හොඳට ගියා. දුම් ඇල්ලිල්ල නම් මට හරියන්නෙම නෑ, කැස්ස එනව.

    //රටට ලබලා තියෙන වසංගතේට දුම්මල ගැහුවත් වැඩක් වෙයිද මංදා...//

    දුකට පුං ගැහැව්වොත් නම් හරියාවි සමහර විට. :)

    ටිකක් ඉවසන්න අයියා, කලින් කට්ටිය නාපු නෑමේ හැටියට මෙයාල තාම නාන්න පටන්ගත්තා විතරනේ. ඔන්නොහෙ තව ටිකක් ඇදගෙන නාපුදෙන්.

    ReplyDelete
    Replies
    1. හෑ.................පුතෝ DDT, Malathion, ඔක්කොම දැන් ලංකාවේ තහනම්.

      විසඳුම් ගොඩකි. මමත් ඉගෙනගත්තේ මට ඩෙංගු හැදී යන්තම් බේරුනාට පස්සේ. මෙව්වා අමුතුවෙන් කියන්න ඕනේ නෑ ඔක්කොමලා දන්නවා, පරිසරය පිරිසිදුව තබාගැනීම, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම වගේ දේවල්. නමුත් අපේ මිනිස්සු කම්මැලි, ආත්මාර්ථකාමී ජාතියක් නිසා ඔව්වා කරන්නේ නෑ. අනුන් පිට වරද පටවනවා.

      දොර ජනෙල් වලට දාන්න පුළුවන් නෙට් විශේෂයක් තියනවා. හවස් වෙනකොට එව්වා දැම්මානම් හොඳයි. චෙෆාකි කියලා තියනවා වගේ, කොහොඹ කොළ වැනි ස්වභාවික දෙයකින් දුම් අල්ලන එක හොඳයි.

      Delete
    2. මදුරු ගහනය පාලනය කිරීමට බොහොම ප්‍රායෝගික විසඳුමක් තියනවා, ගේ අවට ගෙයි පියස්සේ මට්ටමෙන් පහලට ඇති වඳුල (අතු ඉති, පැලෑටි ) ඉවත් කරන්න,. මේක රසායනික ක්‍රම හඳුන්වා දෙන්න බොහොම පෙර වසංගත කාලේ කුරුණැගල මදුරු මර්ධන ව්‍යාපාරයේ වාර්තාවක තිබූ නිර්දේශයක්.

      http://whosrilanka.healthrepository.org/bitstream/123456789/336/1/History%20of%20Malaria%20Control%20-%2016th%20sept%2009.pdf

      Delete
  15. පොල්කටු පුච්චපු නිසා තමයි මදුරුවෝ නැත්තේ. මොකෝ උන් හැදෙන්නේ ඕවයේ.

    අපෝ රාජපක්ෂලා ආයේ එනවට වඩා ඩෙංගු හැදිලා මලත් සැපයි...

    ReplyDelete
  16. මෙහෙත් ඔය සන්තෑසියමයි... ඒත් දුං ඇල්ලිල්ලෙ වැඩේ හරි ගියෙ නෑ... ටික වෙලාවක් යනකොට දුං ටික වහලෙ පැත්තට යනව.. මදුරුවො ටික සැපසේ පහලට එනව... ඒ වැඩේ අතෑරලා ඒ පාර පැඟිරි තෙල් සත්කාරෙට බැස්ස... ඔය ෆුඩ් සිටි වල තියෙනව පැඟිරි තෙල් ස්පොන්ජ් එකක්... අපි කරන්නෙ ඕකක් ගෙනල්ල ෆෑන් එකේ එල්ලන එක.. ( ඔව් ඔව්... අපෙ මහත්තයටත් මං නැතත් ෆෑන් එක ඕනෙ නිදා ගන්න...හි හි) ... ඒක සාමාන්‍යයෙන් මදුරුවන්ට හොඳ බේතක්... ඒ ගානත් මදි නං පැඟිරි තෙල් ස්ප්‍රේ එකක් තියෙනව... ඒකත් මදි නං පැඟිරි තෙල් ටිකක් අත පයේ ගාගන්න වෙනව... පොඩ්ඩක් ගඳයි.. ඒත් අප්ප මදුරුවො කන එකටත් වඩා මේ යක්කු කන වටේට කූං කූං ගගා කැරකෙන එකනෙ ඉවසන්න බැරි... පැඟිරි තෙල් ගඳ ඉවසන එක හොඳයි ඒකත් එක්ක බැලුවම...

    ReplyDelete
  17. මමත් ඔය සාම්බ්‍රානි සුවඳට හෙන ආසයි..

    ReplyDelete
  18. නම මාරයා වුනාට මදුරුවෙක් මරන්නේ නෑනේ .. සක් මොකටද ඔය මාරයා කම, ඕක දීපං මාරයියේ ළමයෙකුට :P

    ReplyDelete
    Replies
    1. හෙක්.. හෙක්.. ඒ වුනාට රාජපක්ෂ ආපහු වැඩිය දවසක ඔය "මාරයා" මූඩ් එක ඉල්ල ගනින්..!

      Delete
  19. ආණ්ඩු මාරුකරලා හරියන්නේ නෑ. මිනිස්සු දිගින් දිගටම සිදුවියයුතු දෙය ගැන රජයට බල කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ලොල් කෝටියයි .. තමන්ට ලාබ පොරෝජන ලැබෙන ආණ්ඩුව පත් උනාට පස්සේ තමා //ආණ්ඩු මාරුකරලා හරියන්නේ නෑ.// මන්තරේ මතක් වෙන්නේ. ජන 8 ට කලින් //ආණ්ඩු මාරුකරලා හරියන්නේ නෑ. .. මිනිස්සු දිගින් දිගටම සිදුවියයුතු දෙය ගැන රජයට බල කල යුතුයි.// කියල කියන්න මතක් උනේ නැත්තේ මොකද හකරෝ ?? :D

      Delete
  20. මගේ නිර්දේශය, නෙට් නැති, දාඩිය නැති, සැප නින්දකට කඳුකරයෙන් කසාදයක් බඳින්න.

    ReplyDelete
  21. අපි පුංචි කාලෙ තාත්ත දුම් අල්ලන හැටි මතක් උනා.. අපි පිච්චුඑ මදුරුතලා කොළ.. මදුරුවෝ අඩු උනාද නැද්ද කියලානම් මතකයක් නැහැ.. නෙට් එක දාගෙන නිදාගන්න නිසා මදුරු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒ කාලේ..

    පාලකයින්ට දුම් අල්ලලා වැඩක් නැහැ බන්.. පාලකයෝ පත්කරන ජනතාවට දුම් අල්ලන්න ඕන හොර තක්කඩි පාලනයට නොයවා ඉන්න මොලේ පෑදෙන්න

    ReplyDelete
  22. සෑහෙන භෞද්ධ පිස්සුවක් මගෙ ඔලුවට ගහලා තිබ්බ කාලයක්......

    ඒ කාලේ මදුරුවෝ මැරුවේ නෑ!!

    දැන් මරන්න වැඩිය නෑ...

    ReplyDelete
  23. ඉස්සර ඔය දුම් අල්ලිල්ලට පරණ සෙරෙප්පු, රබර් කෑලි එහෙමත් දානවා. ගෙවල් ඉතිං බේකරි වගේ තමයි.

    ReplyDelete
  24. රටට හැදිල තියෙන්නේ එක වසංගතයක් නෙවෙයි වසංගත වට්ටෝරුවක්.

    ReplyDelete
  25. මකුළු දැල් නොකඩා ඉතුරු කරන්න. ගේ පුරා මකුළු දැල් තියෙන්න අරින්න. ඉතුරු හරිය මකුළුවා බලාගනියි

    ReplyDelete