21 January 2016

ආන්ඩුක්‍රම වෙනසට මාර අදහස්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා බාරගන්නවා කිව්වනේ... ඕකුන් ඕවා බොරුවට බාර ගන්නව මිස ක්‍රියාත්මක කිරිල්ලක් හෝ ඒ ගැන වැඩිදුර අදහස් විමසීමක් කරන්නේ නැති බව දන්නවා උනත් මාත් ඔන්නොහේ පුරෝලා ඇරියා පෝරං කොලේ... :D

ඇත්තටම මගේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම ඇතුලත් විය යුතුද.. නැත්තං පාර්ලිමේන්තු පනත් කෙටුම් පතක් විදියට ආවම ඇතිද මංදා... ඒත් ඉතිං මේක මගේ ඔළුවේ කාලෙක ඉදන් තියෙන අදහසක්... අවුල් සහගත තැන් තියෙනවා වෙන්න පුළුළුන්.. ඒත් කල්පනා කරලා සාකච්ඡා කරලා විසදගන්න බැරි තැන් තියෙන්න විදියක්නං නැහැ.. ඒ හින්දා ඔන්න මෙතනත් ඒ යවාපු යෝජනාව ගෙඩි පිටින්ම කොපි පේස්ට් කරනවා... බලන කියන අයගේ අදහස් යෝජනා දක්වනවනං මට පුළුවන් තව ටිකක් මේක විස්තරාත්මකව හදන්න වගේම අඩු පාඩු සකස් කරන්න බලන්නත්...


අමතක කරන්න එපා.. මං කවදා හරි රටේ ජනාධිපති වෙන්න හීන දකින එකෙක් (ඕය ලින්ක් එකේ චම්පික ගැන තිබුන අදහස් මේ වෙද්දි සීයට සීයක්ම කනපිට ගහලා හින්දා ඒ සැලසුම් පවතින තත්වය යටතේ යාවත්කාලීන කරන්න වෙනවා... ) ඈ.. වැරදිලාවත් උනොත් මේවා ක්‍රියාත්මක වෙන්න පුවළුන්.. මගේ අධ්‍යාපනය විකිණීම රාජ්‍යයේ ප්‍රධාන ආදායම් මාර්ගය කරන්න හිතං ඉන්න වැඩ පිළිවෙල වගේම... :D

__________________________
වැඩිවන ජනගහණ ගැටළුවට විසඳුම් ලෙසත්, ආගම් හා ජාතීන් අතර ඇතිවෙමින් පවතින්නා වූ ගැටළු පාලනය කිරීම සඳහාත්, රැකියා වියුක්තිය සම්බන්ධ ගැටළු විසඳා ගැනීමට අතිරේක මාර්ගයක් ලෙසිනුත් මාගේ යෝජනාව ඉදිරිපත් කරමි. මේ සම්බන්ධ අඩු පාඩු හා ගැටළු ඇති වේ නම් ඒ ගැන තව දුරටත් සාකච්ඡා කිරීමටත්.. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී සකස් කල යුතු අංශයන් ගැන වැඩි දුරට සාකච්ඡා කාරීමටත් කැමැත්තෙමි.

මාගේ යෝජනාව-
ලාංකීය පුරවැසි ඕනෑම අයකුට එක් දරුවකු සඳහා රජයෙන් අවසර පත්‍රයක් නිකුත් කිරීම.
මෙය විය යුත්තේ සෑම පුරවැසියකුටම අවසර පත්‍ර භාග දෙකක් වශයෙනි. උදාහරණයක් ලෙසින් ගත් කල යම් කිසි පුරුෂයකුට හිමිවන අවසර පත්‍ර භාග වලින් දරුවකු සැදීමටනම් තවත් කාන්තාවකගේ අවසර පත්‍රවලින් භාගයක් එකතු විය යුතුය. එසේ ගත් කල ඕනෑම අයකුට දායක විය හැක්කේ දරුවන් දෙදෙනකු සෑදීමට පමණකි. විවාහයන් කීයක් කරගත්තද තමාට හිමි අවසර පත්‍ර අවසන්ව ඇත්නම් ඔහුට හෝ ඇයට තවත් දරු උපතක් සඳහා දායක විය නොහැකිය.

මෙම අවසර පත් තම තමාගේ කැමැත්ත මත අන් සතු කල හැකි විය යුතුය. නමුත් එසේ කිරීමේදී තමාගේ ජන වර්ගයට (සිංහල/දෙමළ/මුස්ලිම්/බර්ගර් ආදී වශයෙන්) අයත් අයකු හට මිස අන් ජන වර්ගයක අයකුට එකී අවසර පත්‍ර පවරා දිය නොහැකි විය යුතුය.
මේ හරහා ලංකාවේ ජන වර්ග අනුපාත දැනට ඇති පරිදිම රැක ගැනීමට අවස්ථාව උදාවන අතර... වඳ භාවය නිසා හෝ වෙනත් සෞඛ්‍ය හේතුවක් මත හෝ.. ආර්ථීක අපහසුකම් මත හෝ.. විවහා නොවී සිටීමට හා දරුවන් සෑදීමට ඇති අකමැත්ත මත හෝ යම් අයකු සතු අවසර පත්‍ර අහෝසී වී යාම අවම වෙයි. (වැඩිදුර පැහැදිලි කිරීමක් කල හැක)

අදාල අවසර පත්‍රයට පිටින් කිසියම් අයකු දරුවන් සාදන්නේ නම්.. රජයට විශේෂ බද්දක් ගෙවීමටත්.. රජය මගින් ලබාදෙන නිදහස් සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය වැනි විශේෂ පහසුකම් වලදී මුදල් අය කිරීමටත් කටයුතු කිරීම මගින් අවසර පත්‍රයට වටිනාකමක් හා ගරු කිරීමක් ලබා දිය හැකිය.

මෙම අවසර පත්‍රය වයස දහ අට (හෝ රජයේ අනුමැතිය ලැබේනම් වයස 16න් පසුව හෝ) වන විට පුද්ගල ලියාපදිංචි හැදුනුම්පත් නිකුත් කිරීමත් සමඟින්ම නිකුත් කල හැකි අතර පරිඝණකගත වැඩ සටහනක් ලෙසින් සකස් කිරීම තුලින් රජයේ පරිපාලන විඩසටහන්ද ක්‍රමවත් කර ගත හැකිය.

මෙම යෝජනාව හැකි තරමින් කෙටිව දක්වා ඇති අතර ප්‍රායෝගිකව මතුවන ගැටළු සම්බන්ධව අවස්ථාවක් ලැබුනහොත් සාකච්ඡා කිරීමට කැමැත්තෙමි.
ස්තූතියි.
________________________________

තව අදහස් තියෙන අයට මෙන්න පෝරං කොලේ...

24 comments:

  1. මෙහෙම කලා නම් මොකද? ගැහැණියක සහ පිරිමියකු අතර සංසර්ගයට රුපියල් 1000 ක බද්දක් අය කල යුතුය කියල. එතකොට දුප්පත් අයට ලමයි හදන්න බැහැ. පෝසත් අයට කියල තමන්ගේ භාර්‍යාවන්ව බඩ කර ගත යුතු වෙනවා. දුප්පත් පිරිමින්ට අත පාවිච්චි කරනවාට අත ලකුණ හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වරකට රුපියලක් වගේ සුළු මුදලක් අය කර ගන්න දෙන්න පුළුවන්. හැක්

    ReplyDelete
    Replies
    1. ඉයන්, එතකොට බදු නොගෙවා හොරට සංසර්ගයේ යෙදෙන එක හොයන්න ආණ්ඩුවෙන් "සංසර්ග පරීක්ෂක නිලධාරී" කෙනෙක් පත් කරනවද :D

      Delete
  2. මාරයා මල්ලි,

    //අදාල අවසර පත්‍රයට පිටින් කිසියම් අයකු දරුවන් සාදන්නේ නම්.. රජයට විශේෂ බද්දක් ගෙවීමටත්.. රජය මගින් ලබාදෙන නිදහස් සෞඛ්‍ය පහසුකම් හා අධ්‍යාපනය වැනි විශේෂ පහසුකම් වලදී මුදල් අය කිරීමටත් කටයුතු කිරීම මගින් අවසර පත්‍රයට වටිනාකමක් හා ගරු කිරීමක් ලබා දිය හැකිය.//

    ගැටලුව ඇත්තේ මෙතැනයි, මේ නිසා සිදුවන්නේ ධනවත් මුස්ලිම් උදවිය විසින් තම දිලිදු මුස්ලිම් පුරවැසියන් වෙනුවන් දඩ ගෙවීමට මුදල් සම්පාදනය නිසා ඉන්න සිංහල ජාතිකයන් තවදුරටත් අඩු වීමයි.

    මෙහිදී හිතන තරම් ජනගහනයේ ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවට නෑ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක්.

    මෙයට ඇති හොදම උපාය නම් රටේ ආර්ථිකය දිරුණු කිරීමයි, මෙය සිදුකල යුත්තේ සියල්ල ගණනය කිරීමට හැකි පරිසරයකයි, සිංහල මිනිසුන් ඉතාම කම්මැලි ලෙස ශ්‍රී ලංකාවේ සිටියත් රටෙන් පිටවූ විට අතිශයෙන් කාර්යක්ෂම ලෙස වැඩ කරයි. මිට හේතුව, විදේශ රටවල බොහෝවිට පුද්ගලයකුගේ කාර්යක්ෂමතාවය මැනීමට ගත හැකි සියලු පියවර ගන්නා නිසයි.

    ශ්‍රී ලංකා හමුදාවේ කාර්යක්ෂමතාවය දිවුණු කිරීමට ඝෝටාභය මහතා තාක්ෂනය යොදාගත්තා මෙනිසා බොහෝ පුද්ගලයන්ගේ දායකත්වය මැනීමට හැකි උනා, මෙය එක කරුණක්.

    මෙහිදී රටේ බහුතරය දියුණු වෙනවා කියන්නේ මේ ජනව්ර්ග ප්‍රශ්නය පැනනගින්නේ නෑ.

    // ආගම් හා ජාතීන් අතර ඇතිවෙමින් පවතින්නා වූ ගැටළු පාලනය කිරීම සඳහාත්//
    රජය දැඩි නීති ගෙන ආයුතු වෙනවා අන්තවාදී ක්‍රියා සහ අදහස් ඉදිරිපත් කරන්නන්ට විරුද්දව

    //රැකියා වියුක්තිය සම්බන්ධ ගැටළු විසඳා ගැනීමට//

    ඇත්තටම ශ්‍රී ලංකාවේ අතිවිශාල සම්පත් ප්‍රමාණයක් තිබෙනවා උදාහරණ http://lankasithuwili.blogspot.com/2016/01/blog-post_9.html
    තිරිකුනාමල තෙල් ටැංකි.

    මේවා පාවිච්චි කල නොහැක්කේ ඇයි ? මේවා චීනයට ලබාදිය නොහැකියි, ඉන්දියාව අකමැති නිසා ඇමරිකාවට ලබාදිය නොහැකියි ඉන්දියාව අකමැති නිසා
    ඉන්දියාවට ත් උවමනා නෑ මෙය දිවුණු කිරීමට මොකද ශ්‍රී ලංකාව දිවුණු වෙනවා කියන්නේ ඔවුන්ට අවාසියක් (මෙය NDTV වල ප්‍රසිද්ධියේ ඉන්දීය රාජ්‍ය ත්න්ත්රිකයෙක් කිව්වා )

    ශ්‍රී ලංකාව කලයුත්තේ දිවුණු තානාපති සේවයක් විදේශ සේවයක් ඇති කිරීමයි, මෙවැනි දියුණු ක්‍රමයක් තිබුන විට විදේශ වලින් ලැබෙන බලපෑම කළමනා කරණය කිරීමට හැකියි.

    මා හර්ෂ සිල්වා ගේ විග්‍රහයකට සවන් දුන්න, ඔහුට අනුව කෘෂිකර්මය ඵලදායි නැති නිසා ඔහු අදහස් කරන්නේ රටේ කෘෂිකර්ම අංශයේ නියැලී සිටින අය එම වුර්තිවලින් ඉවත් කර කොළඹ නගරය විශාල කර අදාළ පිරිස මේ විශාල නගර වල පදිංචි කිරීමයි. මෙහිදී ප්‍රශ්නය වන්නේ මේ මිනිසුන්ට ලබාදෙන රැකියාව කුමක්ද කියල කිසිම සැලසුමක් නොමැතිවීමයි.

    මේ මෙගාපොලිස් ක්‍රමය නවීන සංකල්පයක් නෙමෙයි මෙය එංගලන්තයේ 17 ත් 18 සියවස් වල ක්‍රියාත්මක වූ සංකල්පයක් මෙහිදී සිදුවුනේ බලෙන් සාමාන්‍ය මිනිසුන්ගේ ඉඩම් රජය අත්පත්කරගෙන මහා පරිමාණයෙන් වගා කිරීමට විශාල සමාගම් වලට ලබා දීමයි. නගරයට පැමිණි මේ මිනිසුන් කර්මාන්ත වල අඩුපදියට වැඩකළ නිසා කර්මාන්ත අංශය දියුණු වුනා.

    මේකම තමයි දැන් කරන්න යන්නේ, මෙහිදී බලහත්කාරය වෙනුවට ගොවියාට තම ඉඩම විකිණීමේ අයිතිය ලබාදෙනවා, මෙහිදී පොඩි දෙයටත් තම කනකර උගස්තියන මිනිසුන් සිදුකරන්නේ මේ ඉඩම් විශාල සමාගම් වලට තුට්ටු දෙකට විකිණීමයි.
    අනෙක් අතට මේ මිනිසුන් හවසට බොන්න වැයකරනවා. දැන් සිදුවෙන දෙය පැහැදිලියි.

    රට නවීන ලෝකයට දියුණු කිරීමට නම් නවීන ක්‍රම පාවිච්චි කල යුතු වෙනවා මේගැන පැරා paypal ගැන සදහන් ලිපියට මගේ අදහස් දුන්න http://www.w3lanka.com/2016/01/blog-post_19.html#comment-form

    නමුත් මට පෙන විදියට මෙය නෙමෙයි සිදුවනේ මහින්ද යුගයේ ගහපු ගේම් ටිකක් අඩුවෙන් කරන එක පමණයි.

    ReplyDelete
  3. Ayyo salli.. I'd have to pay for extra ticket by next month .. :/

    ReplyDelete
  4. නියම අදහස බන්. මේක නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවක් විදියට බාර ගන්නවා ෂුවර්.

    ReplyDelete
  5. //පුරුෂයකුට හිමිවන අවසර පත්‍ර භාග වලින් දරුවකු සැදීමටනම් තවත් කාන්තාවකගේ අවසර පත්‍රවලින් භාගයක් එකතු විය යුතුය//

    නිවුන්නු ඉපදුනොත් අහවල් කාන්තාව පුරුශ අවසර පත් දෙකක් ම අවසර ලත් රහස් තැන ඔබා ගත් බව තහවුරු වෙයි!

    ReplyDelete
  6. මාරයෝ මෙහෙම හරි පොස්ට් එකක් දාපු එක ගැන සතුටුයි ..

    Family vs Economy

    https://www.youtube.com/watch?v=jm_FzoXRKoA

    ReplyDelete
  7. මේක විහිළුවක්ද , ජෝක් එකක්ද කියල මම මේ කල්පනා කොලේ???

    ReplyDelete
  8. පත්‍රිකාව අස්තානගත උනොත් මොකෑ කරන්නේ.

    ඒ වගේම සංසර්ගයේ යෙදිය යුතු ආකාරයත් නීතී ගත කරනවා නම් තවත් හොඳයි...

    ReplyDelete
  9. අවසර පත්‍ර ඇති ගැහැනියක්, අවසර පත්‍ර ඉවර වුනු පිරිමියෙකු හා විවාහවීමේදී කල යුත්තේ කුමක්ද? :O

    බරපතල තත්වයක් නේ? :P

    ReplyDelete
    Replies
    1. ඒකට සෙක්ශන් 65 (i) (a) එකේ ප්‍රතිපාදන හදලා තියෙනවා. ඒක අනුව බලපත්‍ර ඇති ගැහැණියක් බලපත්‍ර නැති පිරිමියෙක් සමඟ විවාහ වන්නේ නම් ඔවුන් දෙදෙනා බලපත්‍ර ඇති පිරිමි කෙනෙක්ගේ නිවස ආසන්නයේ නිවසක පදිංචි විය යුතුය කියල.

      Delete
  10. මම හිතන්නෙ මාරයට මේ අදහස එන්න ඇත්තෙ ලොක්කගෙ ආදරනීය චීනෙ ක්‍රමය නිසා වෙන්න ඇති. සල්ලි තීන උන්ට ළමයි එකට වැඩිය හදන්නත් නැති උන්ට එකෙන් නවතින්නත් ක්‍රමයක් ගේනවට වඩා, ල#න්කාවෙ පැතිරෙන ජනාවාස ක්‍රමය වෙනුවට කේන්ද්‍රගත ජනාවාස ක්‍රමයක් ගෙනාවොත්, පරිසර ආරක්ෂ්ණයට නිසි නියාමන සහ ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නොත් මේ වැඩිවෙන ජනගහනය ඉබෙම ස්ථායී මට්ටමට එන නිසා දරා ගන්න පහසුවෙයි රටත් ඇකගෙන.

    ඒත් ඔය හැම දේම කරන්න ඕන ලාන්කික අපිම නිසා, නිකන් තේරුමක් නෑ යුනිකෝඩ් කොටල.

    ReplyDelete
  11. මෙමඟින් විශාල විදේශ සංචිත ප්‍රමාණයක් ඉතුරු කරගත හැකි වන අතර රාජපක්ශ රෙජිමයේ වංචා දූශණ නිසා අඩපනව පවතින ආර්ථිකය ශක්තිමත් කරවීමේ අති සාර්ථක යහපාලන වැඩපිලිවලට සමඟාමීව මේ ක්‍රමය වැඩි දියුණු කිරීම සඳහා චීනයේ අධ්‍යයන චාරිකාවක් තනිකරම රජයේ මුදල් වැයකර සිදු කරන්න උවමනායි.මාරයාවද කණ්ඩායම් සාමාජිකයෙකු ලෙස මෙව්වා කරනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  12. යෝජනා නම් තියනවා එකසිය එක් ගානට. ඒත් ඕවලින් සත පනහක වත් වැඩක් නොවෙන නිසා (අන්තිමට ඔය වියවස්තාව ද මොකද්ද එක හැදෙන්නේ එයාලගෙම උවමනාවට. ඒකෙ කිසි සැකයක් නෑ) මම ඕවා කියන්න මේ බ්ලොග් ඒකෙ ඉඩ වත් ඩේටා වත් නාස්ති කරන්නේ නෑ. ඕනේ *කක් සත පනහයි කියලා මම හෙට අනිද්දා යනවා ගම් රට බලා..

    ReplyDelete
  13. මටත් මේ අදහස ආවා. වැඩේ තියෙන්නේ සල්ලි වලට අවසරපත් වැඩියෙන් දෙන්න ගියොත් බලාපොරොත්තු වෙන දේ වතුරේ. එහෙමනම් එක අවසරපතක් සඳහා ඩොලර් ලක්ෂයක් විතර අය කරන්න ඕනේ. නැත්නම් වෙන්නේ මුස්ලිම් ජනගහනය වැඩි වෙන එක. අනික නම් වෙනස් කරන්න දෙන්න හොඳ නෑ. එහෙම වුණොත් ව්‍යාජ නම් වලින් පෙනී හිටලා ළමයි හදයි. නම වෙනස් කලත් හැඳුනුම්පත් අංකය වෙනස් කරන්න දෙන්න හොඳ නෑ. ඒකෙ අංකයට මේ පාස් එක දෙන්න ඕනේ. පැරණි නම හැඳුනුම්පතේ දාන්න ඕනේ.

    ReplyDelete
  14. හ්ම්.............මං කල්පොනා කොලේ හොර අවසරපත් බිස්නේස් එකක් පට්ටාං ගන්න බැරිවෙයිද කියලා. මොකෑ මට දැන් ඔව්වා තිබ්බත් එකයි නැතත් එකයි.

    ReplyDelete
  15. අපිට බැරි වෙන එකක් නැහැ හොර බලප්‍රත හදගන්න.අර විමලේට වගේ.

    ReplyDelete
  16. ඔය තැනට උඹට යන්න හැකි වුණොත් තමා කේස් ඒක මාරයියේ..............

    ReplyDelete
  17. මාරයෝ.. හොදයි වැඩේ..

    ReplyDelete
  18. සෑහෙන කාලෙකට පස්සේ ඇවිත් ඉන්නේ. මේක මම ඇවිත් කියවල් ගියාට කොමෙන්ට් නොදාපු බ්ලොගයක් මේ චිනේ වගේ ක්‍රමයක් නේද යෝජනා කරන්නේ.

    ReplyDelete
  19. බලපත්‍ර නන් මොනාද අප්පා.. ගහන්න බැරියැ හොරට.. අර මනෝ කිව්ව වගේ විමලයත් කොරන්නෙ..

    ReplyDelete
  20. මාර උත්තර නැත්තෙ ඇයිද?

    ReplyDelete