24 April 2016

ලේ දන්දීමේ පිංකං පොලේ වග විස්තර...

අද ඉස්පැසොල් ඩේ එකක් නෙව...

ඒ කිව්වේ අපේ බ්ලොග් අවකාසේ හිටිය කාගේ කාගෙත් හිත දිනාගෙන උන්නු වයසට ගියත් ජොලියේ හිටිය ඔබා අයියාගේ ගුණානුස්මරණය කොරලා වාර්ෂිකව සංවිධානය කොරන ලේ දන්දීම යෙදිලා තිබුනේ අදට...
දැන් ඉතිං වරුස කීපයක් තිස්සෙම මේ පින්කම සංවිධානය කිරීමේ බර කරට අරං වැඩ කරන්නේ "අන්තිම පේළියේ" සහෘද සැට් එක තමා...

මනුස්ස කොමෙන් බොහොම පෝසතෙක් වෙලා හිටිය ඔබා අයියා සිහි කොරලා කොරන මෙහෙම පින්කමකට දුප්පතා වෙච්ච මගෙනුත් කොරන්න පුළුවන් දේ වෙච්චි ලේ ටිකක් දන් දෙන එක පහුගිය වරුස කිහිපයේම මේ විදියට කෙරුණු ලේ දන්දීමට ගෙහුන් පුළුහං හැටියකට කොරලා ආවා... 

මං හිතන්නේ මේ හතරවැනි වතාව වෙන්ට ඕන මේක කොරාපු... මතක හැටියට වැල්ලවත්තේ පන්සලක එහෙකුත්... රාජගිරියේ ලයන්ස් ක්ලබ් එකට අයිති මොකක්ද ප්ලේස් එහෙක තව එහෙකුත්... මේ පාර තිබුන හේවාවිතාරණ විජ්ජාලේ ගිය අවුරුද්දෙත් මෙහෙම ලේ දන්දිම් කෙරුණා... ඉතිං කොහොම හරි අදත් ඒ දේවල් ඒ විදියට සිද්ධ උනා...

මොන වැඩේ තිබුනත් ඉතිං මේකට දින වෙන් කරගන්න එක කල් ඇතිවම කොරන වැඩක් නෙව... මං ඉතිං දැන් බ්ලොග් කාරයෝ එකතු වෙන තැන් වලින් පුළුවන්කොමක් තිබුනොත් යන තැන් දෙකෙන් එකක් තමා ඔය ලේ දන්දීම... අනික ඉතිං අවුරුදු උත්සවේ... හැබැයි ඉතිං අවුරුදු උත්සවේට යන්න පුළුවන් උනොත් මිස ඒ ගැන ලොකු ප්ලෑන් නැහැ.. හැබැයි මේකට මොන විදියෙන් හරි නිවාඩු පාඩු හදාගෙන යන්න එපෑ...

ඉතිං වෙනදා වගේම අදත් උදෑහැනක්කේම ගියා ඒ අහ... ඒ අහ කිව්වේ රාජගිරියේ හේවාවිතාරණ ඉස්කෝලේ පැත්තට... උදෑහැනැක්කේම කිව්වට ඉතිං මං උදේ නැගිටලා... උයලා පිහලා.. හොඳ වැයින් බත් පිඟානක් එහෙම නෙලලා යද්දි දවල් දහය විතර වෙලා... :D නැහැ ඉතිං ලේ දෙන්ට කලින් කාලා බීලා ඉන්ට එපෑ.. ඒකයි ඒ සුනංගුව...

කොහොම හරි වෙනදා වගේම අන්තිම පේළියේ සාමාජික සත් ගුණවත් ඕනයාහුතුමා වගේම... හීන් කේඩෑරි චීටා දොස්තොරතුමත් බැහැලා වැඩ... වැඩ කිව්වේ ඉතිං හිටු කියලා ආපු උන් එක්ක වැල් බයිලා කෙලිනවා... :D
එව්වත් ඉතිං වැදගත් වැඩ නෙව... ඉතිං කොහොම හරි මාත් ගියා විස්තර පුරෝන කඩදාසියක් ඉල්ලගන්ට... ඕං ඉතිං එතැනදී අල්ලං මුලින්ම බර කිරුවා මගේ...

හාච්චිට හාල් ගරන්න... එතැන තිබුනේ හොර තරාදියක් කියහංකෝ...යකෝ ගෙදරදී හැමදාම බර මනිද්දි මේ ටිකේම පෙන්නුං කොලේ මගේ බර කිලෝ 65යි කියලා.. ගිය සතියේ දවසක නුවර ගිය වෙලේ එහෙ තරාදියකින් කිරපු ගමන් මෙන්න යකඩෝ බර කිලෝ 64යි කියලා වැටුනා... අන්න නියම තරාදි... මගේ ගෙදර තියෙන තරාදියටත් වඩා හොඳ එකක්... :D
දැන් මේ හුචක්කු තරාදියේ බර කිලෝ හැට හතක් පෙන්නනවා කියහංකෝ... හොර එකක් නෙවෙයිද මං අහන්නේ...?

එයිට එහා එතැන හිටිය බර ලියන ලොක්කා... ඒ හාදයා මට තව කිලෝ එකක් වැඩි කරලා පිරෙවුවේ නැද්ද පෝරං කඩදාසියේ මගේ බර කිලෝ 68ක්ය කියලා... මට නේද ඌරු ජුවල්... ඒත් ඉතිං මං හිතාගත්තා මේ තරාදිය හොර එකක් වගේම බර සටහන් කරන කෙනත් හොර කෙනෙක් වෙන්ට ඇතිය කියලා... ඒ හින්දා මං ගේමක් අදින්නේ නැතිව ඉවසුවා ආයිබෝංලා...

කොහොමින් හරි ඔන්න වෙනදා වගේම පෝරං කොලේ හරියට පුරෝලා කොරලා බාර දුන්නම අර බර සටහන් කරපු හාදයම ඇන්නේ නැද්ද ඇගිල්ලට යකඩ පතුරු කෑල්ලකින්... වෙනදා ඕක අනින්න වැඩි හරියක් වෙලාවට අහු වෙන්නේ නර්ස් නෝනලා... එයාලනං හරි සීරු මාරුවට ඕක අනිනවා.. ඇන්නද කියලවත් දැනෙන්නේ නැති වෙන්ට... ඒත් මේ යෝධයා නිකං තරහා කාරයෙකුට පිහියෙන් අනින්නැහේ දමලා ඇන්නා කියහංකෝ ලේ පනින්ටම... ඒ කොරලා අර නිල් පාට වතුර තිබුන වීදුරු කෝප්පෙකට මගේ ඇගිල්ල අල්ලලා මිරිකුවා... "චිරිස්" ගාලා පැන්නේ නැද්ද ලේ පාරක් වීදුරුවේ බිත්ති පුරාවට... එහෙම පැනලා ලේ අහවර උනාට පස්සේ මෙන්න මේ යෝධයා ඇගිල්ල අල්ලං මිරිකනවා මිරිකනවා... හරියට ලේ බින්දුවක් කෝප්පෙට වැටෙන්නේ නැහැ... යන්තං මගේ ශ්‍රී මුඛයෙන් මාතෘ වන්දනා පාඨ පිට වෙන්න ඕන්න මේන්න කියලා යන්තං ලේ බින්දුවක් වැටුනා... හොඳ වෙලාවට... නැත්තං ඉතිං හෙන කේස් එක තමා... :D දන්නවනේ ඉතිං අපට තද උනාම... හරි අහිංසකයි කියලා... :D

ඔහොම කොහොම හරි ඉතිං එතැනින් ඩොකා ගාවට... කොලේ තියෙන ප්‍රශ්නම එහෙට මෙහෙට කරකවලා ඇහිල්ල.. ප්‍රෙෂර් බැලිල්ල.. නලාව තියලා බැලිල්ල... ඩොකා විසින් කොලේ අස්සන් කිරිල්ල... මහත නර්ස් නෝනලා දෙන්නෙක් විසින් තව මොන මොනවද පිරවිල්ල...අවසානයට පුරෝපු කොලෙත් එක්කලාම ලේ ගන්න දෙන බෑග් මළු.. බට අරක මේක එහෙම අතටම ලැබුනා... ගිහින් පුටුවක වාඩි වෙලා ටික වෙලාවක් ගියාම ඔන්න ඇදකට දාලා ලේ ටික ගත්තා... වැඩේ අහවරයි... ඒ අස්සේ ඉතිං ඔතනට කඩා පාත් උනා වයසක අංකල් කෙනෙක්... දඩි පොල් රවුලක් තියෙන... පාරේ යන්න පණ නැති කෙසඟ අංකල් කාරයා.. හැබැයි ඉතිං කටේ කයිවාරුවනං අලි අල්ලන්න... :D වෙනදට වැසිකිලියට ගියත් කැමරාව අරං යන අංකල් කාරයා අද ඒ මොකුත්ම නැතිව ඇවිත්... මෙන්න ෆෝන් කට්ටකින් පොටෝ ගන්න පටන් ගත්තා... හරියට මේ යකා කවදාවත් කවුරුවත්ම ලේ දෙනවා දැකලා නැහැ වගේ... :D ඒකට මදිපාඩුවට ඔන්න සත්ගුණවත් ඕනයා තුමත් ඇවිත් රඟන්න ගත්තා එතැන... හැබැයි බුවාටනං දිට්ඨ දම්ම වේදනීය කරුමේ පඩිසන් දුන්නා හැරෙන තැපෑලට... :D

අර අංකල් කාරයා මගේ පොටෝ ගද්දි ඕනයා තුමා ඇවිත් අමාරුවෙන් ඇද ගාව උක්කුටියෙන් වාඩි වෙලා මට ඇප උපස්ථාන කොරන ආකාරයක් දක්කමින් තමා පොටෝ ගත්තේ... ඒ කොරලා අමාරුවෙන් නැගිටින ගමන් කියපි දැන් ඉතිං මෙහෙම වාඩි වෙන්න හරි අමාරුයි.. ඒත් දැන් රස්සාව කොරන දිහාවේ තියෙන්නේ වල වැසිකිලි විතරක් හින්දා ඒ කරුතව්‍යය කොරගන්න එහෙම වාඩි වෙන්න වෙනවා ඒත් හරි අමාරුයි කියලා...

අනේ එයිට පැයකට විතර පස්සේ මෙන්න මැතිතුමා එනවා කට කජු ලෙල්ල කොරං... ඒ ඇවිත් මට කිට්ටු කොරලා එතැන හිටිය ලාස්සන ගෑල්ලමයෙක් පෙන්නලා මට කියනවා...
"අන්න අර විශාකාවෝ ටික හින්දා විනාඩි විස්සක් වැසිකිලියේ වාඩිවෙලා අදාල කරුතව්‍යය කොරන්න උනානේ බං" කියලා...
බැලින්නං අපේ ඕනයාතුමාට හදිසියේම වැසිකිලි බරක් ඇති විම නිසා ගෙහුන් රිංගලා ඉස්කෝලේ තිබුන වැසිකිලියකට... අනේ ගෙහුන් වාඩි වෙලා හිටං වෙඩි මුර දෙකයි පත්තු කොරන්න වෙලා තියෙන්නේ... අර කියාපු ගෑණු ළමයි කට්ටියකුත් එතැන එලීයේ සැට් වෙලා රූපලාවන්‍ය කටයුතු කොරන්න... හත්තිලව්වේ උන්දලා ටික සම්පූර්ණ රූපලාවන්‍ය මෙහෙයුමක් කොරලා අහවර වෙද්දි මේ යකාට විනාඩි විස්සක් විතර උක්කුටියෙන් වාඩි වෙලා සද්ද නොනැගෙන සේ වෙඩි තියන්න සිද්ධ වෙලා... දන්න අය දන්නවා නෙව ඔය සවුන්ඩ් ඕෆ් කරලා වැසිකිලියක වෙඩි තියන්න උනාම සිද්ධ වෙන අමාරුව... :D
අයේ ඉතිං අපේ ලොක්කට හරි සනිපෙට වැඩේ සෙට් වෙලා... වෙන මොකක්වත් නෙවෙයි.. අර මංතුමා ලේ දෙද්දි එතැන ඇවිත් රගපු අවලං රැඟීමටම තමා... ඕක තමා බණ පොත්වල හිටං තියෙන්නේ උතුමන්ට නිගරු නොකරනු කියලා... කෝ මුං බණ පොතක් බලන උන්යෑ ආසාවකට... :D

කොහොමින් හරි ඔන්නොහොම වැඩේ සිද්ධ උනා... පරණ කියන දන්න අදුරන උදවිය වගේම... මෙතුවක් කාලෙකට නොදැකපු උන්දලත් හරිහරියට හිටියා...
දන්න කියන අය අතරේ අපේ පසන් මොහොට්ටාල නොහොත් අඩන කවි පසා... සුදු පූසා... කන්නයියා... නිශ්... වගේ බුවාලා වගේම දැකලා හුරු ඒත් හරියටම ෂුවර් නැති බුවෙකුත් හිටියා කියහංකෝ...

පොර ඉතිං ඇවිල්ලා මා ගාවම වාඩි වෙලා කතා කරන්න ගන්නකොට ඔළුව දෙපැත්තට පද්දන ලීලාවෙන් මං යන්තං අදුරගත්තා මිසක්.. නැත්තං මෙලෝ තාලෙකට මේ ඌය කියලා අදුරගන්න බැහැ.. වෙන කවුරුවත් නෙවෙයි "නවම් මාවත" බ්ලොග් එක ලිව්ව "නවමා"... හනේ මූ නිකං ඉස්සර හිටියේ රුපියලේ හඳුන්කූර වගේ හුලගට අහු උනත් කැඩෙන ගානටනේ... යකෝ මෙන්න මේකට මස් දාලා ආරලා ඇවිත්.. ඉතිං කොහේද අදුරන්නේ... :D

අදුරන අය එහෙම වෙද්දි නාදුනන අය අතරෙත් හිටිය කිහිප දෙනෙක්ම දැන හැදින ගන්නත් පුළුවං උනා... ඒ අතරේ ඉතිං හරි අපූරු නංගි කෙනෙකුත් හිටියා කියහංකෝ... අහල පහල හිටිය අයනං කිව්වේ එයා තමාළු පලවෙනි වතාවට ලංකාවෙන් ඇමරිකාව විනාස කරන්න යවන දරුණුම ආයුදේ... හනේ මංදා ඔව්වා... මොලේ වයර් ටික දස අතේ මාරු වෙලා උනත් ඒ ළමයා නරක ම නැහැ... තව මාසයක් විතර ලංකාවේ ඉන්නවා කිව්ව හින්දා වැඩිය දේවල් කියන්න නරකයි... ඒ කාලේ ඇතුලත වැරදිමකින් හරි මේක කියවන්න ලැබුනොත් මටත් දෙයියන්ගේම පිහිටයි... ඒ හින්දා ඒ ඇති...

මේ පාර ඉතිං මේ ලේ දන්දීමේ තිබුන ලොකුම අඩුව තමා වෙනදා වගේ ලස්සන මිසී නංගි කෙනෙක් හරි දොස්තර නංගි කෙනෙක් හරි නොහිටිය එක... එහෙම හිටියනං ඉතිං හවස තුන හතර වෙනකල් ලේ දෙන්ට ඕන කරන්නේ නැහැ... දවල් වෙද්දිම ඕක අහවර කරන්නට තිබුනා... මොකද එහෙම හිටියනං ලේ ප්‍රෙෂර් වෙලා... සුටුස් ගාලා බටේ දිගේ පැකට් එකට යනවා නෙව... අද ඉතිං එහෙම කික් එකක් නැති හින්දා පිරිමි පාර්සවයේ අයගේ ලේ ගද්දි සෑහෙන්න වෙලා ගියාද කොහේද... :D ඔව්වා ඉතිං බරපතල අඩු පාඩු... :D

කොහොම හරි ඉතිං ඔන්නොය විදියට වැඩ සටහන අහවර උනා... මාත් ඉතිං හවස් වෙනකල්ම කට්ටිය එක්ක වැල් බයිලා කිය කිය ඉදලා අන්තිමට පිටත් වෙලා එන්ට ආවා... වෙනදා වගේ මෙහෙම සටහනක් එක්ක දාන්න පොටෝ නැති එකනං අඩුවක්.. මක් කොරන්නද... වෙනදට ඕකේ ලේ දෙන්න ඉන්න ගානට වඩා කැමරාකාරයෝ ඉන්න හින්දා මාත් කැමරාවක් අරං ගියේ නැහැ... කෙලලා තියෙන්නේ... ආසාවකට කැමරාවක් පේන්න තිබුනේ නැති තරං... වෙන අය ගැන කතා කුමටද.. අර හොම්බ දිග එක අරං පදුරක් පදුරක් ගානේ රිංගන අංකල්වත් අද ඒක ගෙනාවේ නැති කොට... ආන්න ඒ හින්දා අනුන්ගෙන් ඉල්ල ගත්ත පොටෝ එකක්වත් නැහැ අද මේකේ පල කොරන්ට.. සමහර විට පස්සෙන් පහු හම්බ වෙයි.. එහෙම උනොත් දාඥ්ඥං... අදට ඔච්චරයි...

අවසාන වශයෙන්...
" අප අතරෙන් වෙන්ව ගිය ඔබා අයියට මේ පින්කමේ බල මහිමයෙන් දැනට විඳිමින් හිටින දිවිය ලෝක සම්පත් තව තවත් වැඩි වේවා...! අවසානයේ කැමති දවසක.. කැමති විදියකට නිවනත් අත්පත් කරගනිත්වා...! "
කියලා ප්‍රාර්ථනා කොරමු...

40 comments:

  1. මම නම් ඉතින් සිව් මාසෙකට සැරයක් නාරාහේංපිට ගිහින් පුදලා එනවා.. උන් හැබැයි ඕ පොසිටිව් කිව්වම මූණු බෙරි කරගන්නවා අප්පා..එතකොට ලේ ටික ඇදලා අරන් කාණුවකට හලලා එන්න හිතෙනවා...

    අවුරුදු හතරකුත් ගෙවෙන්න යනවා නේද ?

    ReplyDelete
    Replies
    1. මොකද ඒ ඕ පොසිටිව් සින් එක... ඕ නෙගිටිව්නං මාකට්නේ...

      Delete
    2. ඕ පොසිටිව් සීන් එකෙ මෙහෙමනෙ.. ඕ පොසිටිව් කියන්නේ ලංකාවෙ වැඩිම පිරිසක් ඉන්න බහුලම ලේ වර්ගය.. ඕනැම වෙලාව්ක බොහොම ලේසියෙන් හොයාගන්න පුලුවන්.. ඉතින් උන්ට එච්චර වටින්නෑ ඒවා...

      ඕ නෙගටිව් ඕනැම යකෙක්ට දෙන්න පුලුවන්ලු. ඒ නිසා වෙන්න ඕනා එච්චර මාර්කට්...

      Delete
    3. රයිටෝ රයිටෝ පැහැදිල උනා...
      මගේ AB+ අද දෙන්න ගියාමනං පොඩි විශේෂයක් ලැබුනා මේ දවස්වල ඒවා අඩුයි කියලා.. වෙනදටනං එහෙම නැහැ.

      Delete
  2. එන්න බැරි උනා නොවැ පෙබරවාරි වල දන්දුන්න හින්දා.
    මොනවා උනත් ඔබා මාමා කොහෙටහරි වෙලා අතල් එකේ මේවා දිහා බලාගෙන ඇති

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් සුදු පූසානං ඇවිත් හිටියා...

      Delete
  3. අවුරුදු තුනම කොහොම හරි වෙලාව හදාගෙන ඔය වැඩේට ආවට මේ අවුරුද්දෙ එන්න බැරි වුනා කියහන්කො අයියේ... බලාගෙන ගියහම අපේ අඩු පාඩුවත් ලාවට දැනිලා නොවැ......

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත... උඹ නොහිටිය අඩුව තමා තිබුනේ තදේටම...

      Delete
    2. හිටියා නම් කොහෙන් කොහෙන් හරි පින්තූර දෙක තුනක් වැදිලා......

      Delete
    3. ඒක තමා.. මේ පාර බුකියෙවත් එක පිංතූරයක් දැක්කේ නැහැ තාම...

      Delete
  4. මට ඔබාව දැනගන්න වාසනාව තිබුණේ නැහැ. ඔහුට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. දැන ගත යුතු මනුස්සයෙක්...

      Delete
    2. මේක බුද්ධි කලින්ම දැක්කා.. ඒකනෙ කිව්වේ සියලුම අනාගත බ්ලොග් කරුවන්ට ඔබා මාමා අහිමිව ගිය වගයි කියලා... මම යන්තම් මාස කිහිපයක් හරි ඒ වටින මනුස්සයක් එක්ක වචනයක් දෙකක් හුවමාරු කරගන්න වාසනාවන්ත වුනා...

      Delete
  5. වේලෙන්නත් ඉස්සර පත්තරේ දාලා.... කවුද බන් අර කිව්ව පඳුරු ගානේ රිංගන අංකල්?? හෙහ්... හෙහ්...

    ReplyDelete
  6. ලේ ටිකක් දෙන්නත් පිනක් තියෙන්න ඕන.හිමොග්ලොබින් අඩු නිසා මට බැහැ. හැබැයි නිකන් හරි යනවා ඔබා මාම වෙනුවෙන් ගෙදර හිටිය නම්.නිතරම මතක් වෙන සොඳුරු මිනිසෙක්

    ReplyDelete
    Replies
    1. එහෙම ලේ දෙන්න බැරි ඒත් ඔබා අයියා වෙනුවෙන් ඇවිත් යන කට්ටියක් හැමදාම ඉන්නවා... ඒ තරමට වටින මිනිහෙක්... බින්දිලට කොහොමත් විශේෂයිනේ ඕස්ට්‍රේලියා සංචාරයේ මතක සටහනුත් එක්ක...

      Delete
  7. මේකට මගේ නං දායකත්වය චීටා අයියා නිසාම තමයි..මට ඕක අමතක වුනත් චීටයියා කතා කරල මල්ලි අර වැඩේ කියල මතක් කරනවා.. මේ විදියට මතක් කොරලාම මිසක ඉතිං නාරහේන්පිට ගියාට ඕකට ගොඩවෙල ලේටිකක් හලල එන්න අපිට හිතෙන්නෙ නෑ.. පිනක් කරන්නත් ඉතිං ඒ අහවල් වෙලාව එන්න එපායැ..

    ReplyDelete
    Replies
    1. මමනං ඉස්සර වතුපිටිවල ඉද්දි එහෙම ගියා ඉස්පිරිතාලෙටත් ගිහින් දීලා එන්න. ඒ ඉතිං අතේ දුරින් තැන තිබුන හින්දා... දැන් නාරාහේන්පිටත් ඒ වගේම කිට්ටු උනත් මටත් යැවෙන්නේ නැති තරං... චීටලා ඕනයලා ලේසියෙන් අරින්නේ නැහැ... ඇගේ ලේ තියෙනවා කියලා දැන ගත්තොත් මදුරුවෙකුට හරි මැසේජ් දානවා ඇවිත් දීලා පල කියලා... :D

      Delete
  8. එතනත් ගිහින් ඇවිත් මඩ ගහන එකමයි කරන්නෙ. අනේ මන්දා මේ මාරය අයිය කවදා ඔය මඩ ගහන ගතිය අතෑරගනියිද කියලා..

    ReplyDelete
    Replies
    1. කොහෙද අප්පා මඩ... දුටු දේ එලෙසින් වාර්ථා කරන එකයි මගේ රාජකාරිය... අතේ දුරින් ඉදලත් ආවේ නැතිව හිටිය අය කොහේද ඕවා දන්නේ... :P

      Delete
  9. අර භයානක ප්‍රස්නෙ ඇහුවෙ නැතෙයි මෙදා සැරේ උන්නු දොස්තර ගොල්ල.. ?

    ReplyDelete
  10. Asaneepa nisa le dennata nohakiya. Nikan ho awith yana bawa onayata porondu wuwath exam nisa ange le kopa wi athi bawin eyath nohaki wiya. Awurudu ussawetath enna nowena hedaya. Oba ayiyata inna thanaka nirogi suwaya pathanawaya. :(

    ReplyDelete
  11. අඩේ මාරයොත් යනවද ලේ දෙන්න? මාර ලේ මොන ටයිප් ඒකෙ ද දන්නේ නෑ නෙහ්?

    ReplyDelete
  12. මම නම් හැමදාම දන් දෙනවා මදුරුවන්ට...

    ඔබා මේවා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති...

    ReplyDelete
  13. බලහං ඊලඟ ආත්මේ උපදින්නේ කෙලින්ම අංකලයෙක් වෙලා
    මේ ගරහන ගැරහිල්ලට මිනිස්සුන්ට

    ReplyDelete
  14. නව වසර තුල කරගත් හොද පින්කමක්

    ReplyDelete
  15. ඔබා මහත්මයාට නිවන් සුව අත්වේවා!!!

    හෙපටයිටිස් හැදිලා තියෙන නිසා ලේ ගන්නේ නැහැ අපි වගේ අයගෙන්. මේවා ඉදිරියටත් පවත්වාගෙන, සංවිධානය කරන අයට තව තවත් ශක්තිය සහ ධෛර්ය ලැබේවා!!!!

    ReplyDelete
  16. කාලෙකින් ලේ දෙන්න බැරි උනා.. හැකි ඉක්මනින් ආයෙ පටන් ගන්න ඕනෙ.ඔබා මාමා එක්ක කතා කරල නැති උනාට බ්ලොග් එක කියවනකොට සමීප බවක් දැනෙනවා.. තාමත් ගිහින් සමහර ලිපි කියවලා එනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  17. හැමෝම එක්ක සුහදව, විහිළුවක් කරන් සැහැල්ලුවෙන් හිටපු ඒ සුන්දර මනුස්සයගෙ නාමයට මේ පින් අනුමෝදන් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    කැමරා නැති උනාට හිටපු හැමෝටම නෙලල තියෙන්නෙ ඔය යස අපූරුවට.

    ReplyDelete
  18. කිසිදාක මුන ගැහෙන්න බැරිවුන හොඳම සහ ලඟම හිතවතෙක්.

    මාරයා කරලා තියෙන යෝජනා ක්‍රියාත්මක කරහල්ලා කියලා මම අවධාරණෙන් කියා හිටිනවා.

    ReplyDelete
  19. මං බ්ලොග් කියවන්න ආපු මුල්කාලෙ කියවපු ඒවගෙ තිබුනා ඔබාගේ ජීවිතය හා මරණය පිලිබඳව. ඔය බ්ලොග් සම්මානයක් ඔහු අනුස්මරණය කරමින් ඔහුගේ නමින් දුන්නනම් හොඳයි කියල මට හිතෙනව

    ReplyDelete
  20. රුන්නයිං රුන්නෙ නෑ එවන් රීමක් ඕයි . . . .

    ප.ලි.
    දැං උඹේ මේ පෝස්ට් එක කියෝන හැමෝම හිතාන ඉන්නව ඇති මම සෝ එකට උඹගාව රැඟුව කියල. මොකෝ මම උංට ඇත්ත පහදල දෙන්න යන්නෙ නෑනෙ උඹ අර ලේ ගන්න කට්ටට බයවෙච්ච හරිය ගැන

    ReplyDelete
  21. ඔබා අයියට ඉන්න තැනක සතුටින් ඉන්න පතමි.

    ReplyDelete
  22. ඔබා ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    --------
    උඹ ට ලේ දෙන්න වරුවක් ම ගියා නේද ?

    ReplyDelete
  23. //මේ ටිකේම පෙන්නුං කොලේ මගේ බර කිලෝ 65යි කියලා
    //දැන් මේ හුචක්කු තරාදියේ බර කිලෝ හැට හතක් පෙන්නනවා කියහංකෝ...
    67-65 =2
    ඒ කියන්නෙ 2kg ම බත් කාලා ?

    ReplyDelete