04 May 2016

හොඳ බඩුවක් හොයා ගන්නේ කොහොමද...? (රාජගිරියෙදි වෙච්ච දෙයක්)

මාතෘකාවට වෙන එකක් දාලා... පෝස්ට් එකේ වෙන දෙයක් ලියන එක ඉතිං බ්ලොග් කලාවේ  එක්තරා විදියක්නේ... මම වගේම බොහෝමයක් අය ඔය ක්‍රමය අනුගමනය කරන අවස්ථා තියෙනවා...
ඒත් ඇත්තටම අදනං ඔන්න මාතෘකාවට අදාලවම තමා ලියන්නේ.


ඔය හොද බඩුවක් හොයා ගැනිල්ල ඇවිල්ලා අද කාලේ ලේසි නැහැනේ නේද...? හැම තැනම බාල වර්ගයේ බඩු කෑලි තමා වැඩියෙන් තියෙන්නේ... ඒත් ඉතිං උවමනාව උනන්දුව සිහි කල්පනාව තියේනං එහෙම හොඳ බඩුවක් හොයා ගන්න බැරිත් නැහැ...

මට ඔය ගැන කල්පනා උනේ මේ ලගදී දවසක රාජගිරියේ සුපර් මාකට් එකට ගිය වෙලාවේ දැකපු දෙයක් හින්දා... රාජගිරියේ එකට වඩා ලග තැන් තිබුනා උනත් ටිකක් නිදහසේ ඇවිදලා කරලා දෙයක් ගන්න ඕන උනාම යන්නේ රාජගිරියට තමා...

ඉතිං ඔහොම ගෙහුන් ඉද්දි තමා මං දැක්කේ රාක්කෙක තියෙන මිදුන තෙල් බෝතල් වගයක්... බැලින්නං පොල් තෙල් බෝතල්... හොඳ සුදු පාටට මිදිලා බෝතලේ පිටින්ම... ඒත් කිසිම විදියකින් මිදුනේ නැති පොල් තෙල් වගේම වෙනත් තෙල් වර්ගත් එතැන තිබුනා... බලපුවාම පොල් තෙල් උනත් එතැන මිදිලා තිබුනේ වර්ග දෙකකට අයිති ඒවා විතරයි.. අනිත් වර්ග වල පොල් තෙල් වගේම අනිකුත් එළවළු තෙල් ආදියත් මේ මිදිල්ලට අහු වෙලා තිබුනේ නැහැ...


සුපර් මාකට් ඇතුලේ තියෙන හීතලට පොල් තෙල් මිදෙන එක සාමාන්‍ය දෙයක්... ඒත් ඒ හීතලට නොමිදෙන පොල්තෙලුත් තියෙනවා කියන්නේ ටිකක් අසාමාන්‍ය දෙයක් කියලයි මට කල්පනා උනේ... ඒ කියන්නේ ඒවා පොල් තෙල්ම නොවීමේ වැඩි ඉඩක් තියෙන්න ඇහැකි... එහෙම ගත්තම හොඳ පොල් තෙල් බෝතලයක් ගන්න ඕන කෙනෙක්නං ගන්න ඕන අර මිදුන වර්ගයක තෙල් බෝතලයක්ම තමා...

හැබැයි "හොඳ" බඩුවක් හැටියට සලකලා අර පොල් තෙල් බෝතලයක් ගන්න පුළුවන් උනාට... "හොඳම" බඩුවක් ගන්න ඕන කෙනෙක්නං කරන්න ඕන ඒකත් නෙවෙයි...

එහෙම කෙනෙක් කරන්න ඕන මෙච්චරයි... යන්න ලගම ඇති සුපර් මාකට් එහෙකට... (ලගම බැරිනං ඕන ඈත තූත්තුකුඩියක එහෙකට ගියත් කමක් නැහැ කතමුන් කැමතිනං..) සුපර් මාකට් එහෙකට යන්න කිව්වේ ඒවා ඉතිං සීතල කරලා තියෙන හින්දා තමා... සුපර් මාකට් නොවන ඒසී කරපු කඩ තියේනං ඒවට ගියත් කමක් නැහැ ඉතිං...

එහෙම ගිහිල්ලා බලන්න හොදට හීතලට මිදෙන වර්ගවල පොල් තෙල් මොනවද කියලා... මතක තියා ගන්න ඒ බ්‍රෑන්ඩ් එක... යන්න සුපර් මාකට් එකෙන් එළියට... ගිහින් තමන්ට පහසු සාමාන්‍ය සිල්ලර හෝ තොග කඩයකින් (ඒසී නොකල) අර වර්ගයේ පොල් තෙල් බෝතලයක් සල්ලි දීලා ගන්න... :D

ඇයි එහෙම කිව්වේ... මිදුන හින්දා හොද වර්ගේ බලා ගත්තට ඉතිං ඔය හීතල මිදුන පොල් තෙල් ආයෙම සාමාන්‍ය තත්වට ආවට පස්සේ මුඩු වෙන්න බලනවා බොහෝම ඉක්මනින්... තෙල් මුඩු රහ.. මුඩු ගද එනවා කියන එක දන්නවනේ කට්ටිය... ආන්න ඒ හින්දා වර්ගේ කොච්චර හොද උනත්... මිදුන තැන්වලින් කොගෙන.. සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ තියෙන කඩේකින් ඒ බ්‍රෑන්ඩ් එකේම නොමිදුන පොල්තෙල් බෝතලයක් අරං ගෙදර යන්න... (ගෙදර බැරිනං වෙන කාව හරි බලන්න ගියත් මට මොකෝ.. හැබැයි ඉතිං තෙල් බෝතලයකුත් අරං ගියාම ඒ මිනිස්සු මොනවා හිතයිද කියලා මංනං දන්නේ නැහැ... ඒවත් තම තමුන්ගේ කැමැත්තටම තමා ඕං... :D )

හරිනේ එහෙමනං.. දැන් දන්නවනේ හොඳ බඩුවක් ගන්නේ කොහොමද කියලා... එහෙනං මීට පස්සේ එහෙම දෙයක් ගද්දි හොඳ බඩුවක්ම ගන්න... තම තමුනුත් දන්න කියන මේ වගේ ජිල්මාට් තියේනං කියලා යන්න... මාත් කැමතියි ඉගෙන ගන්න...

හරිනේ ඔන්න ගානට තිතට මාතෘකාවට අනුව ලිව්වා... :D

23 comments:

  1. අයිය දැන් කෑම උයන වැඩේ පැත්තක දාලා "බඩු" තෝරන වැඩේද කරන්නෙ?

    ReplyDelete
  2. හොඳ බඩුවක් හොයා ගන්නේ කොහොමද...? හොඳ සුදු පාටට මිදිලා... නෑ.... නෑ... එක්කො ඕනෙ නෑ !!!

    ReplyDelete
  3. මොන තෙල කෑවත් අන්තිමට කැරකිලා පොල් තෙලට තමා එන්නෙ

    ReplyDelete
  4. හොඳ බඩුවක් ගන්න අපිව දැනුවත් කරපු මාරයියට තැන්ක්ස් හොඳේ.

    ReplyDelete
  5. ඔය වගේම තමයි තලතෙල් වල ඕකෙ අනික් පැත්ත.
    පොල්තෙල් කවලං කරල තිබ්බොත් මිදුනට හොඳ තලතෙල් හීතලට මිදෙන්නෙ නෑ.

    ReplyDelete
  6. මමත් පොල්තෙල් ගන්න පාවිච්චි කරන්නේ ඔය ක්‍රමය තමා. හැබැයි මෙහෙ එක ප්‍රශ්නයක් තියනවා. ඔය හොඳ පොල්තෙල් එකක් ගෙනල්ලා, උදේට උයන්න ගන්න බලද්දී බෝතලේම මිදිලා. ඇයි ඉතිං මෙහෙ උදේට සීතලයිනෙ. ඉතිං ආය දර ලිප ළඟ වරුවක් තපින්න වෙනවා තෙල් ටිකක් දිය කරගන්න.

    ReplyDelete
  7. අර හයවෙනි ඡේදේ දෙවෙනි වාක්‍යයේ ගයන්නයි හල්නයන්නයි අතරට හයන්නක් එන්න ඕනේ නේද ඇත්තම තේරුම එන්න ඕනෙනම්.

    ReplyDelete
  8. කවදාක්කත් හරියන්නෙ නෑ...
    එකම වර්ගයේ බෝතල්: සමහරක් මිදෙනවා - සමහරක් මිදෙන්නේ නෑ!
    [බයියෝ වාගේ තමා ;-) ]

    ReplyDelete
  9. මීට පස්සෙ පොල්තෙල් ගන්නකොට ඔය ක්‍රමේට තෝරන්න ඕනෙ..

    ReplyDelete
  10. ඒ කියන්නේ හොඳ බඩුවක් හොයනකොට හොඳ පොල්තෙල් බෝතලයක් අරං යන්න ඕන කියලානේ , හරි තේරුනා ..හැක :P

    ReplyDelete
  11. නැටුම් තෙල් ගද්දීත් හොඳට මිදුණු එව්වා ද ගන්න ඕනේ?

    ReplyDelete
  12. අක්කව බලලා නංගිව ගන්නවා වගේ වැඩක් නේ මේක... :)

    ReplyDelete
  13. වැදගත් ලිපියක්.

    ReplyDelete
  14. නුවරඑලිය පැත්තේදී ටිකක් මිදෙනවා හොඳ පොල්තෙල් වුනත්.

    හම්බෝ.........පොල් වලින් සහ පොල්තෙල් වලින් ස්වයංපෝෂිත නිසා, පුරස්නයක් නැත. හැබැයි දැන්නම් ටිකක් වැඩි මිල ගෙවා, 'කන්‍යා පොල් තෙල්' කෑමට ගන්නේ.

    http://www.organicfacts.net/health-benefits/oils/virgin-coconut-oil.html

    ReplyDelete
    Replies
    1. වර්ජින් කොකනට් ඔයිල් ගද්දි ගොඩක් පරිස්සං වෙන්න වෙනව. මොකද මාකට් එකේ තියන බහුතරයක් නිකම්ම වයිට් ඔයිල් විතරයි වර්ජින් කියල ගහල තිබ්බට. ලංකාවෙ වර්ජින් කොකනට් ඔයිල් එක්ස්පෝට් මාකට් එකට කෙලඋනෙත් ඕක නිසා. නම් වශයෙන් කියන එක සදාචාරාත්මක නැති නිසා කියන්න බැහැ

      Delete
    2. උන්ට අපිව රවට්ටන එක සදාචාරාත්මක නං ඒක කියන එක එහෙම නොවෙන්නේ කොහොමද ඕනෙ?

      Delete
    3. ඒ කතාවෙ නං ඇත්තක් තියනව. ඒත් මගෙ රස්සාවෙ ලිමිටේෂන්ස් තියනව බං අයියෙ

      Delete
  15. දැන් පොල්තෙල් නේ අලුත්ම ට්‍රෙන්ඩ් එක. කාබනික පොල් තෙල් කියල අස්ප ගණන්.

    ReplyDelete
  16. පොල්තෙල් ඩිංගක් ගන්නෝනි ඔලුවෙ ගාගන්න..දැන් ඉතිං මිදෙනවාද කියලා බලන්නත් එපායැ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ බන් කොන්ඩෙත් යන්න පටන් අරගෙන නේද? උඹේ තියන මෝලට හරියන එකක් සෙට්වෙනකම් ඉන්නේ නැතුව කසාදයක් එහෙම කරගනින්

      Delete
  17. පොල්තෙල් වලට vitamin E දම්මම තෙල් සීතලට මිදෙන්නෙ නැ. ගොඩක් පොල්තෙල්වලට vitamin E mix කරලා තියෙන්නේ. Ingredients වල තියනවා එහෙම ඒවගේ නම්

    ReplyDelete