09 March 2017

බොන්න දෙනවද...?


කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ... ඇත්තටම මේකත් බ්ලොග් එකට නෙවෙයි ලිව්වේ... බුකියට... ඒත් ලියලා අහවර වෙද්දි සෑහෙන්න දිගයි වගේ තේරුණ හින්දා ඔන්නොහේ බ්ලොග් එකට මුලින් දානවා කියලා හිතුවා... ඒ හින්දා පොඩි පොඩි සංස්කරණ කිහිපයක් කරලා ගත්තා මේකට හරියන විදියට...

රයිටෝ මේකයි කතාව...
අපේ බුකියේ යාළුවෙක් මේ ටිකේ කසාඳ සම්බන්ධව හෙනට ප්‍රශ්න අහ අහ ඉන්නවා... ( මේ බුකියේ ඉන්න ඈයින්ගෙන් අදහස් අරං කසාඳ බදින්න ගියොත්නං දෙයියන්නේම පිහිටයි... :D ) එයින් එකක් තමා මේ මඟුල් ගෙවල්වලදී බොන්න දෙන්නම ඕනද කියන එක...ඒකට ඉතිං කොමෙන්ට් කලා ඇති වෙන්න... එක්කෝ බුවා මගුල කයි නැත්තං මගුල් කන්නද කියලා බිබීම ඉඳියි... :D

මං ඉතිං කියන්න ගියේ ඇත්තටම මඟුල් ගෙවල්වලදී බොන්න දෙන්නම ඕනද...? ඕකට ඉතිං එක එක්කෙනා එක එක අදහස් කියනවා... හැබැයි මගේ අදහසනං මනාලයා බොන එකෙක්නං... බොන එකෙකුට හරි එන්නත් කියනවනං බොන්න දෙන්න ඕන තමා... ඔන්න අමධ්‍යම සංගමේ සෙට් එක විතරක්නං මඟුලට එන්නේ බොන්න නොදුන්නට කමක් නැහැ... ඇයි හත්තිලව්වේ... නිවාඩු දාගෙන... ඇඳුම් පැළඳුම් හදාගෙන... සෑහෙන පාඩු කරං එනවා මදිවට... උදේ ඉදලා මගුල් ගෙදර සිද්ධ වෙන එක එක කෝළං දිහා ඈනුං ඇර ඇර බලං ඉන්නවා කියන එකත් ලේසි වැඩක්ද... මොකද මිනිස්සු පලවෙනි වතාවට යන මගුල් ගේ කියලෑ... කැමරාකාරයින්ගේ කැටයං දැමිලියි... නැකත් වැඩ පෝරු වැඩ අරක මේකයි... එක එකාගේ පඩ ෂෝයි...ලගදි බදින්න හිතං ඉන්න ඒ හින්දම මගුල් ගෙවල් වැඩ ගැන ඉගෙන ගන්න බලාගෙන එන එකාලා ඇර මගුලට එන එකාලට මෙලෝ වැදගත්කමක් නැති දේවල්වලින් මගුල් ගෙදරක තියෙන පොඩ්ඩක් හරි හිත සැනසෙන අංග දෙක තමා ඉතිං කෑම මේසෙයි... බීමයි... මුංදලා එයිනුත් වැදගත්ම එකට කෙලියම මොන මගුල්ද...? :D


ඔන්න කාන්තා පාර්ශවේටනං මගුල් ගෙවල්වල ආව වෙලාවේ ඉදලා අනිත් අයගේ විලාසිතා ගැන අධ්‍යයනය කරන්න ඒ සම්බන්ධ අදහස් දක්වන්න... යන්න තියෙන ඊ ළඟ මගුල් ගෙදරට ඇදුම් සකස් කිරීමේදී තමන් අදින්න ඕන මොන වගේ ඒවද කියලා අදහස් ගන්න වගේ වැදගත් රාජකාරි තියෙනවා කියමුකෝ... එයාලා උනත් දැන් දැන් ඉස්සර වගේ නෙවෙයි සැර අඩු බියර් වයින් ෂැම්පේන් වගේ දේවල් හොයනවා... ඒ ගැනත් හිතන්න එපෑ...


මේ පුරුස පාර්සවේ උන්ට ඔව්වෑ ඇති වැඩක් තියේයෑ... ඔන්න අවිවාහක සංගමේ එකෙකුටනං මගුලට ඇවිත් ඉන්න ගෑණු ලමිස්සියෝ ගැනවත් උනන්දු උනෑකි... හැබැයි ඉතිං අද කාලේ ඒකත් හරි අවදානං වැඩක්... මගුල් ගෙවල්වලදී දෙයක් සෙට් කරගන්නවා වගේ නෙවෙයි මගුලෙන් පස්සේ දවසක ඒ දැරිවි හම්බ උනාම අදුරගන්නත් අමාරු වෙනවනේ... අනිත්මට නිකං හිත කලකිරෙනවා... අපරාදේ ඇයි එදා මම ආතල් එකේ අඩියක් ගහලා නිකං හිටියේ නැත්තේ මේ මේකප් කන්දට අහු වෙන වෙලාවේ කියලා... :D 

ඉතිං දුක සේ මගුලකට ඇවිත් ඉන්න එකාට... මේ මගුල හින්දා තට්ටුවෙන ගාන ගැන ඇති හිතේ වේදනාව සමනය වෙන්නත්... මනාලයා තමන්ගේ හිතවත්ම එකෙක්නං ඌ මේ දෑහට පෙනි පෙනී වැටෙන විපතින් ගලෝ ගන්න හැටියක් නැති එක ගැන ඇතිවෙන සංවේගය තුනී කරගන්නත්... ඒ මේ අත සැරිසරන මේකප් කදුවලට අහුවෙලා විහිං වැනසෙන්නේ නැතිව ඉන්නත්... ඔය කියන අරක මේක කොයිකත් නැතිව සැනසීමකට තියෙන්නේ දෙයියනේ බීම විතරයිනේ... ඉතිං ඇයි අපේ එකාලා ඒකටම කෙලින්න හදන්නේ... 

එක්කෝ ගෑණිගේ පැත්තෙන් බොන්න දෙනවට අකමැතියි... (උන් කන්න බොන්න දන්න උනුත් නෙවෙයි තව එකෙක් කාලා බීලා ඉන්නවා බලන්න පුළුවන් උනුත් නෙවෙයි... )


නැත්තං වියදම අඩු කරගෙන ලාබය වැඩි කරගන්න හිතං... (කෙලවෙන පොටක්... මගුලට එන එකා බොන්න දුන්නම දෙන ගානෙන් බාගයක්වත් දෙන්නේ නැහැ බීම නැති මගුලෙදි... ) 


එහෙමත් නැත්තං ගෑණිගේ පැත්තට මනාලයා අමධ්‍යපයි කියලා ටොම් පචයක් අතෑරීම නිසා වෙච්ච වින්නෑසියක දිගුවක් වෙන්ටත් ඇහැකි...


ඇත්තටම මනාලයා අමධ්‍යපයි සහ හෙන සුචරිතවාදියා වෙන අල්පයක් අවස්ථාත් තියෙනවා... (එහෙම එකෙක්නං ඉතිං ඒ වගේ තීරණයක් ගත්තොත් මොනවත් කියන්න බැහැ... මොකද ඌ අනිත් අයගේ මගුල්වලට ගෙහුං කල්දේරං පිටින් බීලා ඇවිත් තමන්ගේ මගුලට විතරක් බොන්න නොදී කුම්මැහිකං කරන්න හදන එකෙක් නොවන හින්දා... උගේ හැටි දන්න යාළුවෝ උනත් ඕක ඒ හැටිම අවුලක් කරගන්නේ නැහැ... ) 


ඉතිං ඔය කෝම උනත් අන්තිමට බොන්න නොදී මගුල ගත්තම මොකද වෙන්නේ...කිසි ගේමක් නැහැ බොන්න බලං ආව උන් නොබී ඉඳීද මේ යක්කුන්ට පිස්සු තද උනා කියලා... නැහැ පිංවතුනි... උන් ලගම තියෙන බාර් එකේ හෝ අල්ලපු වැටක ඉඩ පහසුකං තියෙන තැනක සුටුස් ගාලා සෙට් වෙනවා... ටික වෙලාවක් යද්දි මගුල් ගෙදරට වඩා නැගලා යන සද්ද බද්ද ඇහෙන්නේ අහල පහල කට්ටිය බොන්න සෙට් උන තැනින්...


බොහෝ වෙලාවට මේක ගමක වෙනවනං ඔය බොන්න පහසුකං සපයන තැනට මනාලයගේ තරහාකාරයොත් සෙට් වෙනවමයි... ඒ කරලා කට්ටියම එකතු වෙලා අරූගේ හම යවනවා... පදමට දානවා... කන වෙලාවට සිහියක් තිබුනොත් ඇවිත් කනවා... නැත්තං එහෙමම යන්න යනවා... බොහෝමයක් වෙලාවට දෙන්න හිතං ආව ඇන්ලොප් එකෙන් ඇදලම තමා බෝතල් ගේන්නෙත්... බොන්න දුන්න මගුලක එකෙක් දෙන්නෙක් බීලා වැඩි වෙලා අමතක වෙලා කවරේ නොදී ගියත්... මෙහෙම මගුලකදී අනිවාර්යයෙන්ම දුන්නත් දෙන්නේ බාගයයි... අර විදියට පිට තැනකට බොන්න සෙට් උනොත් ඒ බාගෙත් නොලැබී යාමේ වැඩි අවධානමක් තියෙනවා... ඒ විතරක් නෙවෙයි ඉතිං එතැන් පටන් යන හැම මගුල් ගෙදරකදීම බොන්න නොදුන්න මගුල් ගේ ගැන සිහිපත් කිරීමක් වෙනවම තමා... තව අමතර වාසියක් හැටියට මගුලට ආව උන්ගෙන් ගමේ තරහා කාරයින්ටත්... ගමේ තරහා කාරයින්ගෙන් මගුලට ආව උන්ටත් තොරතුරු සම්ප්‍රේෂණය වීමේ ප්‍රථිපල නිසාත් යම් යම් අතුරු ආබාධ මතු වීමේ තත්වයන් ඇති වෙනවා.. එයින් නවතින්නේ නැහැ... අවසානයේදී බැදපු උන් දෙන්නට ළමයි හම්බු වෙලා උන් කවදා හරි බැදලා යන දවසකත් අර මහ උන් දෙන්නගේ වෙඩිමට ආව එකෙක් හිටියොත් ඔය එදා බොන්න නොදුන්න කතාව ඇදයක් හැටියට කියනවා කියනවමයි...ඔන්න ඕකයි බොන්න නොදී සුචරිතවත් මගුල් කෑමේ ප්‍රතිවිපාක...


ඒ හින්දා ඔය බඳින්න හිතං ඉන්න එකාලා එක එකාගේ ගැටවලට අහුවෙලා ඔය අමධ්‍යප වෙඩිං කාලා නිකං වරිගේ නහගන්න වැඩ කරගන්න එපාලා... අනික ඉතිං මගුලක් කියන්නේ මිනිස්සු කාලා බීලා සතුටු වෙන තැනක් මිසක් මොක්කුද වගේ බුකෝගෙන ඉන්න ඕන තැනක්යෑ... මගුල් ගෙදර සැරසිලියි... පොටෝ ඇල්ලිලියි... මනාලියගේ සාරියේ වටිනාකමයි... ජෝඩුව ඇන්දේ බටහිර විදියටද... ඉන්දියානු ක්‍රමයටද... නැත්තං උඩරට විදියටද කියන එකවත්... මනාලයටයි මනාලියටයි කොච්චර යාළු යෙහෙලියෝ හිටියද මල් කුමාරයෝ හිටියද කියන එකවත්... මගුලට එන බොහෝ දෙනෙකුට වැඩකට ඇති දේවල් නෙවෙයි... ඒවා තමන් පාඩුවේ කරගන්න ගමන් කාලා බීලා සතුටු වෙන්න එන එකාලාට කන්න බොන්න දෙන්න ඕන... ඒකයි ක්‍රමේ... ඒ හින්දා දෙයියනේ කියලා එන එකාලට බොන්න දීපල්ලා... නිකං මගුල් ගේ මල ගේ කරගන්නේ නැතිව... :D


ආ මතක ඇතුව ඒ වගේම බොන උන් ටික බීලා ඉවර වෙලා කීයට කෑමට එයිද කියලා කියන්න බැරි හින්දා බොන්නේ නැති එකාලට වේලපහම කන්න බොන්න දෙන එකත් අඩුවක් නැතිවම වෙන්න ඕන දෙයක්... බොන උන් බොන්නත්... නොබොන උන්ට දෙයියනේ කියලා බඩේ පනුවෝ පිනුං ගහනකල් නොයිද කන්නත් දීම වැදගත් කාරණා... එව්වා අමතක කරන්න නාකයි...


හා අපි ගියා... හැමෝටම සුභ මංගලම්... :D :D :D


68 comments:

  1. අකුරු පුංචි වැඩියි බං.. කියවන්න අමාරුයි.. හදපන්කෝ ඒක..

    ReplyDelete
    Replies
    1. අපි දැන් 40 පැනපු උන් නැද්ද බන්?

      Delete
    2. යකෝ මූ සේෆ්ටි කරන්නෙ මෙහෙම ඇස් පේන්නෙ නැතුවද? හැක්..

      Delete
    3. යකෝ මෙච්චර ලොකු අකුරු පොඩියි කියන්නේ මුන් බීල ද ? අකුරු ලොකු වැඩියි, පොඩි කරපිය... :D

      Delete
    4. මේ පප්පලා ටික එක්ක බැහැ සෙන්නා...

      Delete
    5. දුහ් යන්න.. දැන් ලොකු වැඩියි බොල.. මුලින් තිබ්බේ කුරුමිණි අඬු..

      Delete
    6. ඒ ගමන ලොකු වැඩිලු... හනේ ඉතිං... :D

      Delete
    7. අම්බෝ පොල් ගෙඩි සයිස් අකුරු. ඇහේ බබාටත් අවුල් වගේ

      Delete
  2. මේක කියවන්න බෑ බොල, අකුරු ලොකු කරපිය

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න අංකල් පේනවද කියලා... :D

      Delete
  3. උඹ හිතන්නෙ හතලිහ පැන්නට පස්සෙ අපේ ඇස් පේන්නෙ නෑ කියලද. එවුව හඳේ.

    ReplyDelete
  4. අපේ නෝනගෙ පැත්තෙන්නං බොන්න නොදුන්නට ඒකටත් එක්ක ඒ පැත්තෙං ආපු එවුවන්ට වැටෙන්නම දුන්න අපේ එකේදි. අපේ මස්සිනාගෙ එකේනං බොන්න නොදුන්නයි කියල සෙට් එක වලියක් ඇදල අන්තිමට බඩු ගෙනල්ල දොලක් අයිනෙ සෙට් උනා.

    මටනං ඔය බොන්න නොදෙන මගුල් වලට වැඩිය මල ගෙවල් හොඳයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ///මටනං ඔය බොන්න නොදෙන මගුල් වලට වැඩිය මල ගෙවල් හොඳයි. හැක්..///

      අනිවා...

      Delete
    2. හුගක් වෙලාවට වෙන්නේ බොන්න නොදුන්නම ලග තැනක කට්ටිය සෙට් වෙලා බීලා ඇවිත් මගුල් ගේ චොර කරලා දාන එක...

      Delete
  5. වයසක අපටත් කියවන්න ඇහැක් විදියට ලියපන්කො.

    ReplyDelete
    Replies
    1. වයසක උඹලා කියවන්නේ කොහොමැයි හැලපයියේ මේ තරුණ අපිටත් මේක කියවගන්න බැරි කොට.

      Delete
    2. දෙකම එක බෝටටුවේ ඩෑල්... :D

      Delete
  6. අහල පහළ බාර් එකකින් ගෙනත් මගුල් ගේ අයනේ සෙට් වෙලා මගුල් ගෙදර උන්ට අම්මට බනිනකොට හුතෙනවා බොන්න දුන්නනම් හොදයි කියලා

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි... මම සෑහෙන්න දැකලා තියෙනවා බොන්න නොදී ඉන්න තීරණය කරලා පස්සේ පසු තැවෙන උන්... එකක් ඔය වහුටු කතන්දර අහන්න වීම... අනික ආදායම අපේක්ෂිත ගානෙන් දෙකෙන් එකටත් අඩු වීම... ඊ ළග සීන් එක බොන්න නොදුන්න එකා ඊ ලගට ගිය මගුලෙදි පැහැදිලිවම බයිට් වීම...

      Delete
  7. ඉඳලා හිටලා අකුරු පුංචි කරලා පෝස්ට් එකක් දාන්නත් ඕන... මේකේ ඉන්න දෑහ නොපෙනෙන වයසක ඩෑල් ටික හොයා ගන්න... හෙහ් හෙහ්... :D

    ReplyDelete
  8. මං කියන්නද, උඹ මංගල සේවා පහසුකම් සැපයීමේ කොම්පැනි එකක් පටන් ගනිං.

    ReplyDelete
    Replies
    1. විහිළුවකට එහෙම නෙවෙයි මම ඕක කරන්න හිතං හිටියා... ඒ කිව්වේ මුල සිට අගට...
      ඒ කාලේ මම කේන්දර වැඩේ ටිකක් පිලිවෙලකට පටන් ගන්න ගත්තා විතරයි මුල ඉදලම විවහාපේක්ෂිත... ඒත් මොන යම්ම හේතු නිසා හෝ හරි දෙයක් සෙට් නොවුන කේන්දර එකතු වෙන්න පටන් ගත්තා... වැඩිපුරම ස්ත්‍රී කේන්දර... පස්සෙන් පහු ඉද හිට ඕවට ඒ වගේම පුරුෂ කේන්දරත් එක්කාසු වෙද්දි දන්න කියන හිතවත්ම අයනං මමම ඒ ඒ අයට කතා කරලා මෙහෙම මෙහෙම ඒවා තියෙනවා කියලා දැනුං දිලා මුල අල්ලලා දුන්නා... කිසිම අයකිරීමක් අරකක් මේකක් මුකුත්ම නැතිව... එයින් කිහිපයක් දෙයියනේ කියලා ඒ ඒ දේවල් දුරදිග ගෙනිහිං පිලිවෙලක් උනා... ඔය කාලේ තමා මට හිතුනේ මේක පිලිවෙලකටම කලොත් හොදයි කියලා... ඊට පස්සේ මම යක්කලට සෙට් උන කාලේ වෙඩිං හෝල් කට්ටිය... අෂ්ඨක සහ නැටුං ගැයුං කණ්ඩායම් සමඟඑහෙමත් කන්ටෑක් හැදුනා... අපේ පුංචි අම්මා සහ දූලා ඇවිල්ලා වෙඩිං කේක් මංගල ඇදුම් ආයිත්තං.. ඇන්දවිලි අරක මේක ඔක්කෝම කරන අය... හරියකට නොහිටියේ ඔය කැමරා කස්ටිය සහ වාහන රෙන්ට් කරන කට්ටිය විතරයි... උන්නං ඉතිං පදුරකට පයින් ගැහුවමත් විස්ස තිහ විසිවෙන ජාතිනේ... ඉතිං ඔය ඔක්කෝම අංග එක්කාසු කරලා මගුල් සෙට් කරවලා එතැන ඉදලා මනාලිව මනාලයගේ ගෙදරට ගිහින් ඇරලවලා එන තැන දක්වාම කරවන්න හැකියාව තිබුන හින්දා ඕක කරන්න හිටියට එයින් පස්සේ කොහොම කොහොම හරි මගේ කම්මැලි කමත්... යක්කලින් මාරු වීමත් කියන කාරණා එක්ක ඒක අතෑරිලා ගියා...
      ඔය බිස්නස් එකයි තව සුළු නඩත්තු සේවා සම්බන්ධ ව්‍යාපාරයකුයි කියන දෙකම තාම ඉතිං ඔළුවේ වැඩ කරනවා... ඕවා කරන්න තරං ඉතිං තාම ඒ හැටි ඕන කමක් නැති එක තමා අවුල... නිදහස නැති වෙන වැඩ...

      Delete
    2. wedding planners කියන ප්‍රොෆෙශන් එක ගැනයි උඹ කියන්නෙ. එහෙම අය ලංකාවෙ ඉන්නවා. ඒවගේ අයට හොඳ ඉල්ලුමක් තියෙනවා සල්ලි ටිකක් වැඩිපුර තියන අයගෙන්. ටික කාලයක් යද්දි මේක කොමන් වෙයි.

      Delete
    3. පස්සේ කාලෙක මාත් එහෙම අය කිහිප දෙනෙක් දැක්කා...

      Delete
  9. //මගුල් ගෙදර සැරසිලියි... පොටෝ ඇල්ලිලියි... මනාලියගේ සාරියේ වටිනාකමයි... ජෝඩුව ඇන්දේ බටහිර විදියටද... ඉන්දියානු ක්‍රමයටද... නැත්තං උඩරට විදියටද කියන එකවත්... මනාලයටයි මනාලියටයි කොච්චර යාළු යෙහෙලියෝ හිටියද මල් කුමාරයෝ හිටියද කියන එකවත්...// අම්මප.. මටනං අරුන් දෙන්න හැබැවටම බැන්දද කියන එක වැදගත් කමකුත් නෑ.. :) අමාරුවෙන් නිවාඩුවක් දාල තව වියහියදනුත් කරගෙන ගිහින් බුකොගෙන ඉඳල වරකෝ.. මොන උලව්වටද? ගෙදරිනුත් ඒ හැටි සෝලියක් නැතුව නවා ගන්න තියෙන වෙලාව.. තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකෙන් චෝර වෙන්නේ නැතුව ශේප් වෙන්න පුළුවන් උපරිමේටම දා ගන්න තමයි මගේ එකම ප්‍රාර්තනේ.. එහෙම සලකන උන්ගේ පවුල් ජිවිත කිරියෙන් පැණියෙන් ඉතිරේවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කවුරු කාව බැන්දම අපේ මොකෝ... කොහොමත් එදාට වෙන්නේ උන් එක දවසක කෝලමක් වෙනුවෙන් අවුරුද්දක් දෙකක් කන්න තියෙන සල්ලි නාස්ති කරන එකනේ... හැබැයි එයින් වැඩි හරියක් ආයෙම උන්ට හම්බ වෙනවා එන යන උන්ගෙන්... ඒත් ඕවට යන උන්ට ආයේ ලැබෙන්න කියලා මහ දෙයක් තියෙනවයෑ... උන්ට තියෙන්නේ ඔය කන බොන ටික විතරයි... ඒකෙනුත් අංශයක් නැති කලාම ඒ මගුලෙන් අපිට ඇති කාරි කිම...
      ඇත්තටම මගුලට ඔයාකාර ඇදුම් වලට පොටෝවලට බොරු සෝබනේට වියදම් කරන එකට වඩා තැන දෙන්න ඕන එන එකාලට හිත පිරෙන්න කන්න බොන්න දෙන එක ගැනයි... ඒත් මුං හිතං ඉන්නේ උන්ගේ ලබ්බේ සමයං බලන්නයි මිනිස්සු එන්නේ කියලා... ඒ හින්දා අන්දවන වැඩට පොටෝවලට... සැරසිලිවලට නොවටිනා ගණන් වියදං කරන එකාලා... බොන්න දෙන ටිකට කුණුකං කරන එකනං පජාතයි...

      Delete
    2. //ඇත්තටම කවුරු කාව බැන්දම අපේ මොකෝ... කොහොමත් එදාට වෙන්නේ උන් එක දවසක කෝලමක් වෙනුවෙන් අවුරුද්දක් දෙකක් කන්න තියෙන සල්ලි නාස්ති කරන එකනේ..//

      මෙන්න මක තමයි ඇත්ත කතාව, කලකට ඉස්සර සරත් අමුණුගම විවාහ උන හැටි ගැන සදහන් කරලා තිබුන. ඔහු තම මිතුරෙකුට සාක්කියට අස්සන් කරන්න කියල කච්චේරියේ රෙජිස්ටර වෙලා, ඔය කියන විකාර මොකුත් තිබිල නෑ

      Delete
  10. අකුරු පුංචියි කියපුවාම ලොකු කරල.අවුලක් නෑ..
    ඇයි පෝය දවස්වලටත් මගුල් ගන්න කස්ටිය ඉන්නවා...දෙහි දාල කූල් ඩ්‍රින්ක්ස් දුන්න කට්ටියත් ඉන්නවා.හැබැයි ඉතින් ඔය ලොකු ලොකු හෝටල් වල නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ඇයි පන්සල්වලට මගුල අරං දුවන උන්... ඒ අනිත් රට කපටි...

      Delete
  11. අපිනම් දෙපැත්තෙන්ම බොන්න දුන්නා නාගසලන් වෙන්න...
    අදටත් අපේ උන් මුණගැහුණම වෙඩිම ගැන මතක් කරනවා...

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ... නම්බුවක් ඇතිව සමාජේ ජීවත් වෙන්න එපෑ මං කියන්නේ...

      Delete
  12. මම අනිත් උංගෙ වෙඩිං ඔලට ගිහිං බොන්නැති හංදා (ඒ කියන්නෙ අනිත් තැං ඔල බොනව කියන එක නෙවෙයි) මං බොන්න දුන්නෙත් නෑ... යස අගේට ඔය මගුල කෙරෙුණෙ බං.. එකෙක්කත් උඹ කියන්නැහෙ ලෙඩ ඇද්දෙ නෑ

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම මනාලයා අමධ්‍යපයි සහ හෙන සුචරිතවාදියා වෙන අල්පයක් අවස්ථාත් තියෙනවා... (එහෙම එකෙක්නං ඉතිං ඒ වගේ තීරණයක් ගත්තොත් මොනවත් කියන්න බැහැ... මොකද ඌ අනිත් අයගේ මගුල්වලට ගෙහුං කල්දේරං පිටින් බීලා ඇවිත් තමන්ගේ මගුලට විතරක් බොන්න නොදී කුම්මැහිකං කරන්න හදන එකෙක් නොවන හින්දා... උගේ හැටි දන්න යාළුවෝ උනත් ඕක ඒ හැටිම අවුලක් කරගන්නේ නැහැ... ) //

      Delete
    2. හෙණ සුචරිතවාදියා කිව්වම මට නිකං මෙව්ව වුණා මාරයියෙ... ඔය බොන්නැති සමහරක් ඉන්නව නේද අමු කුපාඩි... හැක්...

      Delete
    3. කුපාඩිකමයි , නොබීමයි අතරේ සම්බන්ධය වට්ටක්කයි කොණ්ඩකටුයි වගේ කියල හිතෙන්නේ නැද්ද? කුපාඩියා කොහොමත් කුපාඩියා... බිව්වා නොබිව්වා වෙනසක් නැතුවම!

      Delete
    4. ඇත්ත ඇත්ත... මං කිව්වේ සම හරක් විතරයි... (මං බොන්නෙත් නෑ බොලේ... හික්ස්)

      Delete
  13. දැන් මගුල් තුලා ගන්නේ හොටෙල් වලමනේ.ඒවයේ අරක්කු පිටින් ගෙනත් බොන්න දෙන්න පුළුවන් උනත් corkage charge එකක් ගන්න නිසා සමහරවිට වැඩේ කරන්න අමාරුයි.බයිට්,සැන්ඩි එහෙමත් හොටෙල් එකෙන් ගන්න ඕන.එහෙමත් තැනක තමයි corkage charge එක ගන්නේ නැත්තේ.සැන්ඩි,බයිට් පිටින් ගෙන්න පුළුවන් වෙන්නේ.දැන් නම් ගොඩක් මගුල් ගෙවල්වල ඔය ලෝකල් අරක්කු දෙන්නෙත් නැහැ.ඩියුටි ෆ්‍රී එකෙන් සෙට් කරගෙන රට අරක්කු දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෑතකදි දැක්කා කවුරු හරි බුකියේ අහලා තියෙනවා ගණේමුල්ල පැත්තේ හොරට අරක්කු පුරවපු පොට් එකක් ඇල්ලුවට පස්සේ ඔය ඩියුටි ෆ්‍රී එකෙන් කියලා ආව බඩු අඩු උනාය කියලා...

      Delete
  14. සෑහෙන බොන්න වෙන කේස් එකක්.. (මාරයා බොගක් දැමීම.)

    ReplyDelete
    Replies
    1. බොනවනං බොමු ස්වාමිනි කිව්වලු...

      Delete
  15. ගස්ලබ්බි එහෙන් මෙහෙන් කූං කූං ගානකොට ගස්ලබ්බා ඇහුවෙ දැං ඔය එන්න කියන උන්ට කන්න බොන්න දෙන්න නෙමෙයිද එන්න කියන්නෙ? කියල විතරයි..
    සමහරු ඔක්කොම වැඩ ඉවර වෙලා අපි පිටත් උනාටත් පස්සෙ ආයෙ බෝතල් ඉල්ලගෙන රෑ එක දෙක වෙනකන් බිව්ව කියල පහුවදා තමයි ආරංචි උනේ..
    බොන්න දුන්නාම මඟුලෙ අඩුපාඩු පෙනෙනවත් අඩුයි.(ලූ)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි... බොන්න දෙන එකෙන් වැඩියෙන්ම බේරෙන්නේ මනාලි... මොකද එක පැත්තකින් බොන්න නොදුන්න ගමන් මිනිස්සු දන්නවා මේක ගෑණිගේ පැත්තෙන් සෙට් උන පෝරියල් එකක් කියලා... ඉතිං උන් මුල ඉදලම මනමාලි දිහා බලන්නේ නොරොක් වෙලා... ඊ ළගට ඉතිං මගුල් ගෙදරක වැඩිම අවධානය ලැබෙන කෙනා හැටියට ඔය වගේ විරෝධතාවයකට ලක් වෙලා ඉන්න එක අති භයංකරයි... ඈනුමක් ගියත් ඉතිං බඩුම තමා... ඕවා තේරෙනවනං කාන්තා පාර්ශවේ ඔය අවුල හදන්නේ නැහැ මලාට...

      Delete
  16. මම නම් පැතලි බෝතල් බාගයක් කොයි එකටත් කෝට් සාක්කුවේ දාගෙන යන්නේ.

    මාරයෝ....සුද්දන්ගේ මගුල්වලට ගියාම ගොඩක් වෙලාවට තියෙන්නේ සල්ලි දීලා අරන් බොන්න ක්‍රමයක්. ඒ ස්තානයේ බාර් එක ඕපන්. ඕන එකා අරන් බොනවා. වයින් වීදුරුවක් ෂැම්පෙන් වීදුරුවක් නම් නිකං ලැබෙනවා. ඒක ගහලා මගේ පැතලි කොටේ හොරෙන් ගහනවා මං වගේ තව එකෙක්ව මාට්ටු කරගෙන.

    ReplyDelete
    Replies
    1. මෙහෙත් ඒ වගේ උනානං ඉතිං බොන උනුත් නැහැ... එන උන් කීයක්වත් දෙන එහෙකුත් නැහැ... ඕනනං ලොකු පෙට්ටියක පොඩි තෑග්ගක් ගෙනත් දීලා යයි යන්න... :D
      අර සාක්කුවල දාගෙන යන්න ඇහැකි ලෝහ බෝතලයක් මාත් හොයාගන්න හිතං ඉන්නේ දැන් කාලෙක ඉදලා... හරි පරයෝජනයි නෙව...

      Delete
    2. මෙහේ නම් තියෙනවා මාරයෝ. සිල්වර් එව්වා නම් ටිකක් ගණන්. ස්ටෙන්ලස් ස්ටීල් එව්වා ලාබයි. මම වයිෆ්ගේ අයියාටත් එකක් යැව්වා. කෝට් එකට විතරක් නෙමේ, කලිසමේ පිටිපස්සෙ සාක්කුවටත් ෆිටේ ෆිට්. හිප් ෆ්ලාස්ක් කියලා නේද ඕකට කියන්නේ.

      Delete
    3. තැන්කූ ඔත්තුවට... මම දැන් ඊබේ බැළුවා තියෙනවා නේන්නං නානාප්‍රකාර විදියේ බඩු...

      Delete
  17. අපේ ප්‍රතිපත්ති අපට. ඒව අන් අයට පැටවීමට උත්සාහ කිරීම තමයි ප්‍රශ්ණය. මනමාලය බිව්වත් නැතත් එන උන්ට බීම තිබ්බම බොන එකා බොයි බොන් නැති එකා එහෙම ඉඳියි. වෙජිටරියන් එකා එහෙම කයි මස් කන උන් මස් කයි. අමුත්තන්ට ආරාධනා කරනව නම් අමුත්තන්ගේ පැත්තෙන් බලන්න ඕන.

    නිදහස් සිතුවිලි ලියන රවී මහත්තය එයාගෙ වෙඩිං එකට මත්පැන් දෙනවට බැඳපු කෙනා විරුද්ධ වුණාම ඒක නිශේධනය කරපු කථාව මතක් වුණා. රවී මේක කියවනවනම් කියයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි... එන්න කිව්වනං එන එකාට සලකන එක යුතුකං දන්න එකාලගේ වගකීමක්...

      Delete
  18. මාරයා නං බොන්න දෙන්නෙැති තැං වලට යන්නෙත් නැතිලු.. මේං සාක්සි

    බීම සහ තේරුම් නොගැනීම

    ReplyDelete
    Replies
    1. දානේ ගේක... පිරිත් ගේක... මල ගෙදරක ගිහිං මම කවදාවත් බීලත් නැහැ බොන්නෙත් නැහැ... ඒ තැන්වලදි අපිට කරන්න යුතුකං කොටසක් තියෙනවනේ... අනික බොනවා කියන්නේ වෙනමම කලාවක්නේ... හැබැයි එහෙම තැන්වලදී බොන උන් එක්කත් මගේ ගැටීමක් නැහැ... අවුලක් එන්නේ බීලා ඒ තැන්වල අවුල් හදන්න හදනවනං වගේ දේකදී විතරයි... මගුලකදී උනත් එහෙම තමයි... ඒ කිව්ව තැන්වලදි වගේ මගුල් ගෙදරක යන උන්ට විශේෂයෙන් පැවරුන වැඩ කොටසක් නැහැනේ... ඉතිං බොනවා කනවා නටනවා ඇර වෙන කෙංගෙඩියක් කරන්නද... එහෙම තැනක බොන්න දෙන්නේ නැත්තං ගිහින් ඇති තේරුමක් තියේයෑ... හා නැද්ද...?

      Delete
  19. ලංකාවෙ මගුල් ගෙවල් අන්තිම කම්මැලි තැන්. කතා කරන්නත් බෑ සද්දෙ නිසා.
    බොන එකෙන් යන්තම් පොඩ්ඩක් කම්මැලිකම අඩු කරගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඒ අනිත් එක... ඔය ඝෝෂාකාරී සංගීතේ මට අප්පරසන්නයි... ඒත් ඉතිං ඒවට කැමති නටන්න කැමති උනුත් මගුල්වලට එනවනේ... ඒ හින්දා අපිට කියන්න බැහැ සංගීතේ එපා කියලා... අපි ඒවත් ඉවසන්න ඕන... ඉතිං ආන්න ඒ වගේම බොන උන්ගේ අයිතියත් අනිත් උන් පිළිගත්තනං මේ කරදර නැහැනේ...

      Delete
    2. මටත් පේන්න බෑ... මම ඔය වගේ තැනකට ගියොත් ඉස්සෙල්ලම බලන්නේ බෆල් සෙට් එක කොහෙද තියෙන්නේ කියලා.. පුළුවන් තරම් ඈතින් වාඩිවෙන්නේ...

      Delete
    3. සමහරක් ගොයියලා ඔය බෆල් සෙට් එක අස්සේ බොන පොළත් සෙට් කරනවානේ.

      Delete
    4. මාත් හැකි තාක් දුරින් තමා...

      Delete
  20. "මේකත් බ්ලොග් එකට නෙවෙයි ලිව්වේ... බුකියට..."

    කියන කැත විතරක්....

    ReplyDelete
  21. මගුල් ගෙදරට ඇවිත් ඉන්න නෑදෑ සනුහරේ අහන ප්‍රශ්න වලට උත්තර බඳින්නෙ කොහොමෙයි දෙකක් නමා ගන්නෙ නැතිව..නැත්ද හා...

    ReplyDelete
    Replies
    1. කොටින්ම ඉතිං ඔය වගේ විපත්තිදායක තැනක ඉන්නවා කියන එකත් ලේසි පාසු වැඩක්යෑ...

      Delete
  22. //බොහෝමයක් වෙලාවට දෙන්න හිතං ආව ඇන්ලොප් එකෙන් ඇදලම තමා බෝතල් ගේන්නෙත්...//

    මෙන්න මේක නීතිගත කොළානම් අහවරයි.

    බොන්න දෙන්නැති මගුල් ගන්න තැන් වල අල්ලපු වත්තේ හොර පොලක් කුලියට අරන් දැම්මත් ගොඩ.

    ReplyDelete
    Replies
    1. සුදීක..අපේ තත්තගේ ගමේ හිටියා කකුල් දෙක පන නැති පොරක් කෝරළේ කියලා. මල ගෙයක් වුනාම කසිප්පු බූලිය ඒ ගේ අවට පඳුරක හංගලා බිස්නස් එක පටන් ගන්නවා. මොබයිල් සප්ලයර්. සුදීක කියන වැඩේ හොඳ කොන්සෙප්ට් එකක්. මනමාලයාට කොමිස් එකක් දෙනවා කිව්වා නම් බඩුම තමයි.

      Delete
    2. අන්න කරනවනං බිස්නස්... :D

      Delete
  23. මාත් බොන්නේ නැති හන්දා මම දුන්නෙත් නෑ ඉතින් :D

    අර කියල තියෙන විලාසිතා අධ්‍යයනයට අමතරව කාන්තා පාර්සවේ කැමති තව වැඩක් තියනවා. බීපු එවුන්ගේ විච්චුරණ නිරික්ශනේ කිරීම

    ReplyDelete
  24. ඇති යන්තම් ලියලා එකක්...ඇස් නිලංකාර වෙලා ගියා අකුරු වල සයිස් එකට...පලවෙනි ශ්‍රේණියෙදි රූල් නැති පොතේ ලිව්ව අකුරු වල සයිස් එකමද මන්දා ඕක

    ReplyDelete
  25. මාරයා වයසින් වයසට වයසින් වයසට යන ලකුණු තිබේ. එහෙමයි කියලා අපිත් මේ තඩි අකුරු කියවන්න ඕන ද ??

    ReplyDelete
  26. ආයේ බඳින්න අදහසක් ආවා මේක දැකල. මගුල් නැතුව පාර්ටියක් දිලා. එනව නේද එහෙම එකක් වුණොත්

    ReplyDelete