29 June 2017

අඩව්වක් අල්ලන්න පිටියේ හතර කොං හෙවීම...

මේක කෙටුවේ බුකියේ සහෘදයින්ගෙන් උවමනා කරන ආධාර උපකාර උපදෙස් ආදිය ගන්ට බලාගෙන... ඒත් ඉතිං බුකිය මිස් වෙන කවුරුම හෝ මේ සම්බන්ධව කාරණා කාරණා දන්න අය බ්ලොග් බලන අය අතරෙ හිටියොත් කියලා මෙතනත් කොපි පේස්ට් පාරක් දාං යන්න හිතුනා...


කාරණාව ඇවිල්ලා මගේ පෞද්ගලික උවමනාවක්...

කවදාවත් ආයේ කරන්න කියලා හිතං හිටියේ නැති... ඒත් හිටි ගමන් ඔන්නොහේ කරලා දාන්න ඕන කියලා හිතුන හින්දා ලබන අවුරුද්දේ ඒ කිව්වේ 2018 වරුසයේදී උසස් පෙල විභාගය ඔය මොන මොනවයින් හරි කරලා අහවර කරන්න ඕන කියලා හිතුනා... හරියට කලානං මං ඕක කරන්න තිබුනේ 1998 අවුරුද්ද දිහාවේ... දැන් මෙහෙම ගත්තම හරියටම අවුරුදු විස්සක් පරක්කු වෙලා කරන්න හදන්නේ... ඉතිං ලේසි නැහැ... ඒ කාලේ ඉගෙන ගත්තෙත් යලට මහට... ඒ ඉගෙන ගත්තුවත් දැන් මෙලෝ ලබ්බක් මතකත් නැහැ... ඒවා හිමි හිමිහිට මතක් කර කර ඉන්න කාලෙකුත් නැහැ... එහෙමයි කියලා මේක අල්ලලා දාන්න හිතෙන්නෙත් නැහැ... ආන්න ඒකයි සින් එක...
ඉතිං මේ සම්බන්ධව... බුකියේ දාපු පෝස්ට් එක මං පහතින් අලවලා දානවා...
________________________________
දැන් තියෙන ගැටළු...
අණ බෙර ගහලා කොරන වැඩ වැඩි හරියක් හරිහමන් අවසානයක් දකින්නේ නැති උනත්... කොරන්න යන වැඩේට ආධාර උපකාර ටිකක් උවමනා වෙන හින්දා හොරා වගේ කොරන්න හැටියක් නැහැ... ආන්නේකයි පොරසිද්ධියේ වැඩේ ගැන කියලා පටාන් ගන්න උනේ...
මං මේ කිව්වේ මගේ ඒ ලැවෙල් කරන්න ආව අදහස ගැන...
දැන් තියෙන මූලික ගැටළුව තමා විෂයන් තෝරා ගැනීම...
මුලින්ම කියන්න ඕන... ගණිත හා විද්‍යා විෂයන් මට අම්බානක බර වැඩියි... ඒ හින්දා එව්වා සුම්මා... (ජීව විජ්ජාවටනං ටිකක් විතර කැමතියි. ඒකේ පේපර් එහෙමත් බැලුවා... පොඩි හුරු පුරුදු ගතියකුත් තියේ... ඒත් එපා )
වාණිජ විෂයන් හරියන්නේම නැහැ... ඉස්කෝලේ කාලේත් කරන්න අරං මට එපාම උනා... (ඒකෙත් ටිකක් හරි කැමැත්තක් තිබුනේ එකවුන්ට් වලට විතරයි )
කලාව ගැන කිව්වොත්... සිංහල ඉතිහාසය අරක මේක හරියන්නේ නැහැ... ඉස්සරහට මට එවයින් කියලා ගන්න ඒ හැටි වැඩකුත් නැහැ... අර නාට්ටිය හා රංග කලාව කියන විෂය එහෙමනං ටිකක් හොඳයි... ඒත් එව්වා හරියන මගුල් නෙවෙයි...
ඉතිං තව ඉතිරි අළුතින් පටාන් ගත්තයි කියන තාක්ෂණවේදය විශයන් අරක මේක තමා...
එතනදිත් විෂයන් තුනක් තෝරා ගැනීම ගැන ගැටළු එනවා...
අනිවාර්යයෙන්ම
1-තාක්ෂණය සඳහා විද්‍යාව
2-ජෛව පද්ධති තාක්ෂණවේදය 
කියන දෙක කරන්න වෙනවා... ( ජෛව පද්ධති තාක්ෂණවේදය වෙනුට ඕනනං ගන්න පුළුවන් ඉංජිනේරු කේස් එකත් අම්මෝ බැහැ )

ඕකෙත් 2වැනි එකට ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙන හින්දා ඒකත් මල වාතයක්...
ඊළග ගැටළුව තුන්වැනි විෂය තෝරා ගැනීම... හැට හුට හමාරක් දේවල් දෙතුන් තැනක දෙවිදියකට දීලා තියේ... කොහොම උනත් ඒ අතරින් එකක් තිබුනා “ආහාර තාක්ෂණවේදය“ කියලා... පොඩ්ඩක් ප්‍රශ්න පත්තරයක් එහෙම හොයාගෙන බැලුවම මෙලෝ රෙද්දක් අළුතින් ඉගෙන ගන්නේ නැතිව උනත් ලකුණු විස්සක් විසි පහක් ගන්න පුළුවන් ජාතියේ එකක් සහ මම කැමතිම ජාතියේ විෂයක්... තව ඩිංගක් පොතක් පතක් බලා ගත්තම ඒකට එස් එකක් දාගන්න අමාරුවක් නැහැ කියලා හිතුවැකි...
ඒත් මේ විෂය ගැන තියෙන තොරතුරු මදි... අධ්‍යාපන ප්‍රකාශන එකෙත් ඒ සම්බන්ධව මෙලෝ පොතක් පතක් නැහැ... ඉගෙන ගන්න ගත්තත් විෂය පොත් පත් හොයා ගැනීම ගැන ගැටළුවක් එනවා... බාහිර පංති එහෙම තියෙයිද කියලා හිතන්නත් අමාරුයි... කොහේවත් එහෙම පෝස්ටරයක්වත් දැකලත් නැහැ... ඉතිං අම්බානකට කැමති උනත් ඒක විෂයක් හැටියට කරන්න පුළුවන්ද... අවශ්‍ය පොත් පත් හොයා ගන්න ලැබෙයිද... කියන ගැටළුව තියෙනවා තදේටම...
ඊ ළගට ඒක කරගන්නම විදියක් නැත්තං “ගෘහ ආර්ථික විද්‍යාව“ වගේ එකක් උනත් කරන්න හිතෙන ජාතියේ විෂයක්... හැබැයි ඒකෙත් ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා... එතකොට එහෙං පිටිංම ප්‍රායෝගික පරීක්ෂණ දෙකකට ඉන්න වෙන අවුල එනවා... ( කරන කෙං ගෙඩියක් ලියන එහෙකින් ඉවර කරගන්න එක ලේසියි අප්පා තව ගිහින් ප්‍රැක්ටිකල් දිදී ඉන්න යන්නේ නැතිව )
ඒකෙත් උවමනා පොතපත ආදියෙහි හිගයක් තියෙන බව පේනවා... 12 සහ 13 කියන වසර දෙකට අදාල ගුරු අත්පොත්නං හම්බ උනා... ඒත් ඒවා විතරක් ඇති වෙයිද කියන ගැටළුව එනවා... වෙනම බාහිර පංති මේ සඳහාත් තියෙනවද නැද්ද කියලා නොදනී...
එතකොට මෙහෙම එක විෂය ධාරාවකට නැතිව එහෙං මෙහෙං තෝරගෙන විෂයන් තුනක් කරන්න පුළුවන් කියලත් කියවෙනවා දැක්කා පොදු විෂය ධාරාව යටතේ...
මට ඉතිං වැදගත් දේ වෙන්නේ ඒ ලෙවල් කිරීම තමා... දෙවැනුව එස් තුනක් දා ගැනීම... (නැහැ නැහැ විහිළුවටවත් එයින් එහාට හිතන්නේ නැහැ එහෙම හිතන්න උවමනාවකුත් නැහැ... ඇත්තටම කිව්වොත් නමට පාස් එකක් විතරයි ඕන. ) අනික අවුරුදු දෙකක විෂය මාලවන්වල අකුරක්වත් කලින් දැකලා බලලා නැතිව තනි අවුරුද්දෙන් කරන්න යන හින්දා ලොකු වැඩ කරන්නම බැහැ...

ඉතිං ඔය මොනවා හරි විෂයන් තුනක් ආසාවෙන් කරන්න තිබුනනං තමා වැඩියම හොඳ...

ඔය ඔක්කෝම අපබ්‍රංශ එකට කැටි කරලා ගත්තොත්...
1- පොදු විෂය ධාරාව යටතේ හරි කල හැකි වැඩිය බර නැති මං වගේ ඉස්කෝලෙන් අහක් වෙලා දසක දෙකකටත් වැඩිය ඉක්ම ගිය එහෙකුට ගැලපෙන විෂයන් මොනවාද...?
2- තාක්ෂණික විෂ්‍ය ධාරාව යටතේම කරනවනං ආහාර තාක්ෂණය කියන විෂය කරගන්න පොත් පත් හොයා ගන්නේ කොහොමද... ඒවට අඩුම ගානේ බාහිර පංතිවත් කෙරෙනවද..?
3- ආහාර තාක්ෂණය කරගන්න බැරි එකක්නං “ගෘහ ආර්ථික විද්‍යාව“ හරි කරගන්න පොත්පත් බාහිර පංති ආදිය සොයා සපයා ගන්නට හැකි වෙයිද...?
ඔන්න ඕවා තමා දැන් තියෙන දැවෙන පස්න...
හා උදව් කරන්න කැමති පිංවතුන් දන්න දේවල් කියලා මේ අසරණයාට පිහිට වෙන්ට බලන්ඩ...

22 comments:

  1. මේක දියෝනිස්ලට දැම්මේ නැද්ද මාර්..

    මට එක පාරටම දෙයක් කියන්න අමාරුයි... නිවිහැනහිල්ලේ උත්තරයක් කොටල යන්නං..

    ReplyDelete
    Replies
    1. තාම දාන්න උනේ නැහැ... ඒකට දාන්න ටිකක් කෙටි කරලා ආයෙම ලියා ගන්න ඕන... නැතුව මේ මාගල දැම්මොත් උන් මාව කයි... :D

      Delete
  2. මාත් ඉස්කෝලෙන් අයින් වෙලා දසක දෙකයි අවුරුදු දෙකක් වෙනව.
    ඒ කාලෙ තිබුණ අමාරුවට බයෝ කළාට දැන්නං ඒවයින් බාගයක්වත් මතක නෑ.

    අපි යන කාලෙ තිබ්බට වැඩිය තනිකර වෙනස් ඒව වගේ දැන් තියෙන්නෙ. මේකට උපදෙස් ගන්න වෙන්නෙ මේ කාලෙ විභාග ලියපු, ලියන උංගෙන්ම තමා.

    ReplyDelete
    Replies
    1. මට එකතු කිරීම අඩු කිරීම ඇර දෙයක් බැහැ මං හිතන්නේ... ඔක්කොටම එහා අත් අකුරු... පාඩම් කලත් ලියා ගන්න බැරි වෙයි කියලා හිතෙනවා... කොම්පීටර්වල කෙටිල්ල හින්දා ලිවීම මොට වෙලාම යනවා...

      Delete
  3. සබ්ජෙක්ට්ස් ටික තෝරගත්තොත් ටෙක්ස්ට් බුක්ස් හොයන එක නතින්ග්. ඕන තරම් දේවල් සයිබරයේ තියෙනවා. සබ්ජෙක්ට් එක මොකක්ද කියලා තෝරගන්න එක තමයි අමාරු. මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මට ඒලෙවල් හෝ ඩිග්‍රී කියන සහතිකය නෙමෙයි ඕන. යමක් රහට ඉගෙනගන්න. වයිෆියු දුවයි කියනවා මීඩියා/ජර්නලිස්ම් වගේ දෙයක් ඉගෙනගන්න කියලා. පාඩම් කරන්න, විභාග ලියන්න පට්ට කම්මැලියි මාරයෝ...ලල් එකේ ඉන්න ඊට වඩා කැමතියි. මම වයසක බුවෙක්. පොඩි එව්වෝ මගේ මේ කතා පයිසෙකට ඔලුවට ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. වෙන විෂයන්වලටනං පොත් පත් ටියුට් අරක මේක ඕන තරං තියෙනවා මේ අළුත් විෂයන් හින්දා හුගාක් අඩුයි පොත පත විස්තර... කරපු අයත් සිමිත ගානක් ඉන්නේ සහ ඒ අයත් තාම ඉගෙන ගන්නවා... ඉතිං මේවෑ සැරිසරනවත් අඩුයි... ඒකයි මේ අවුල වෙලා තියෙන්නේ...
      මටත් මේ වැඩ කම්මැලියි... ඒත් මේ මෑතකදී එක පාරටම හිතුනා. හිතුනම කරලා දාන්න ඕන.
      මටත් එහෙමම තමා අරක මේකට වඩා ඉගෙන ගන්න දෙයින් මොකාක් හරි මත්තට පල පරයෝජනයක් ගන්න හරි අඩුම ගානේ දෙක් ඉගෙන ගත්තා කියලා ඇගට දැනෙන්න හරි කරන්න ඕන... ඒකයි සිංහල අරක මේක ගැන හිතන්නේ නැත්තේ...

      Delete
  4. ඔය විශය ගැඹුරු නැහැ..මම දන්න තරමට ටිකක් සරලයි ඒත් කාරනා වැඩි ඇති.. එස් තුනක් දමමි කියල හිතන්න එපා.. හොදට මහන්සි වෙලා ඇද වෙලා යන්න රිසල්ට එකක් දාන්න හිතට ගන්න..නෑ කිව්වට නුගේගොඩ රොටරි වගේ තැන්වල පංති තියෙනවා ඇති.. කෝක උනත් කලිං විබාග පස්න පත්තර ටිකක් හොයාගන බලන්න මට මේවට උත්තර ටික ලියාගන්න ඇහැක්වෙයිද පාඩං කරලා කියලා.. මම හිතන්නේ මාර තුමාට ප්‍රමාණික වශයෙන් දේශපාලන විද්‍යාව සිංහල සහ බුද්ධ ධර්මය ගැන දැනුමක් තිබෙනවා..ඒ විශයන් කලානම් තරමක් ලේසි වෙයි.. ඒත් මේ විද්‍යා විශයන් වලින් අරවට වඩා යමක් කමක් තියෙනවා..

    හොද අදහසක්...

    ReplyDelete
    Replies
    1. ඉඳල ඉඳලා කරන්න හිතුන වෙලාවේ පාස් වෙන්න ලේසි හින්දා කියලා සිංහල ඉතිහාසය වගේ දේවල් කරන්න හිතෙන්නේ නැහැ චතුරංග මල්ලි...
      අඩුම ගානේ ආයෙම කෙනෙකුට යමක් කියා දෙන්නවත් පුළුවන් වෙන විදියේ දෙයක් මිස... මම දැනටත් කලේ ප්‍රශ්න පත්තර හොයාගෙන ටිකක් බලපු එක තමා... ඒවා සාමාන්‍යෙයන් මගේ මීටරේට අහුවෙන ජාතියේ ඒවා... බලමු මොකාක් හරි කරගන්න ඇහැකි වෙයි...

      Delete
  5. ඔයා උසස් පෙල කරන්ට ඉන්නේ මොන බලාපොරොත්තුවෙන්ද???
    මම අදහස් කරේ විශ්ව විද්‍යාලයේ යන්ට බලාපොරොත්තුවක් ද???
    නැත්නම් වෙනත් යමකට ද???
    වගේ...

    ReplyDelete
    Replies
    1. නැහැ විශ්ව විද්‍යාල අදහසක් නැහැ... ඉස්සරහට කරන්න වෙන වෙන වෙන වැඩ ටිකකට උවමනා වෙයි කියලා හිතුන හින්දා...

      Delete
    2. හරියටම වෙන්ට ඕනේ දේ කියලා පණිවිඩයක් එවන්ට...
      විස්තර ටිකක් දෙන්නම්...

      Delete
  6. ඒ ලෙවල් කරන ලමයි දෙතුන් දෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා බැලුවොත් මොකද. ළමයින්ට සිලබස් සහ ක්ලාස් ගැන යම් අවබෝධයක් තියෙන නිසා.

    /*හරියට කලානං මං ඕක කරන්න තිබුනේ 2008 අවුරුද්ද දිහාවේ. */
    මේක 98 වෙන්න ඕනෙ ඇති නේද? යකෝ මම ඒත් බැලුවා මාරයියා අපිටත් වඩා බාල වෙලාද කියලා

    ReplyDelete
    Replies
    1. බුදු අම්මේ හැදුවා හැදුවා... :D 98 නේන්නං...

      Delete
  7. http://www.doenets.lk/exa Methanin pela poth baganna puluwan

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඒත් ඔතන නැහැ මට උවමනා ඒවා...

      Delete
  8. ඒ ලෙවල් කරන්න උත්සාහ කරන හේතුව මොකද්ද? මේක අහන්නෙ මේ නිසා. උදාහරණෙකට ඉස්සර වරලත් ගණකාධිකරණය කරන්න ඒ ලෙවල් ඕන. දැන් ඕ ලෙවල් තියෙනවනම් ඒ.ඒ.ටී එක කලාම වරලත් ගණකාධිකරණණ විභාග වල දෙවෙනි එකේ සිට කරන්න පුළුවන්. විදේශ විශ්ව විද්‍යාල වලත් ඒලෙවල් නැති අයට එක අවුරුද්දක මූලික පාඨමාලවක් හදාරල උපාධිය කරන්න දෙනවා. ඊමේලයක් එවන්න යන්න ඕන අවසාන අරමුණ මොකද්ද කියල. මම හොයල බලන්නම් ඒ ලෙවල් වලට කාලය නාස්ති නොකර යන විදි තියෙනවද කියල.

    ReplyDelete
    Replies
    1. අවසාන අරමුණක් කියලා දෙයක් නැහැ ඕකෙන් පස්සේ ලංකාවේ ආයේ දෙයක් කරන්න අදහසක් කොහොමත් නැහැ... ඒ හින්දා ඕක කරලා දාන එක තමා අරමුණ...

      Delete
  9. තොරතුරු තාක්ෂණවේදය කියන සබ්ජෙක්ටුව මම ඒ ලෙවල් එකෙකුට ටියුෂන් දුන්නා. ඒක නං එච්චර අමාරු නැහැ. 2012 විෂය නිර්දේශයට අදාළ සටහන් බොහොමයක් මා ළඟ තියෙනවා. උවමනා නං දෙන්න පුළුවන්.

    ReplyDelete
  10. ඔබට මේ යන විදියට තක්ෂණය විෂය ධරව යටතේ විෂයන් තුනක් වඩා ප්‍රයෝජන වේවි. ඔබට තොරතුරු තාක්ෂණය පාඩම් කිරීමටත් අවශ්‍ය නොවේවි. උදැවූ අවහ්‍ය නම් කියන්න

    ReplyDelete
  11. Al karanna epa machan.. pvt campus ekakin monawa hari degree ekak karapan salli thiyenwa ,, city and guilds wage..

    ReplyDelete
  12. ඕලෙවල් තියාගෙන ෆවුන්ඩේෂන් කරලා හුඟක් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි කරන්න පුලුවන්

    ReplyDelete