21 July 2018

නිවිති එක්ක දෙල් කිරට...


වැඩි විස්තර ලිය ලිය ඉන්න හැටියක් නැහැ... වැඩ එමට... කෙටියෙන්ම ඕං...

මුලින්ම හට්ටියක් අරං ඒක පතුලට ලුනුයි පොල් කිරියි ඇර කිරි හොද්ද හදන්න එක්කාසු කරන සියළුම කලමනා එකතු කරනවා... කිරි හොද්දට වඩා ඩිංගක් කහයි තුනපහයි එන්න ඕන... ඒකටම වතුර ඩිංගක් දාලා හොදට ඒදලා... ඊට පස්සේ දෙල් ටික කපලා සෝදලා අරං ඒ ඒදපු එකට උඩින් ලස්සනට හට්ටියට අහුරගෙන තව වතුර ටිකක් එක්කාසු කරනවා...

දෙල් වලින් බාගයක් විතර හිටින්න තමා සම්පූර්ණ වතුර මට්ටම හිටින්න ඕන...
ඊට පස්සේ වැඩි ගින්දරේ ලිපේ තියලා වතුර රත් උනාට පස්සේ ගින්දර අඩු කරලා පියනකින් වහලා විනාඩි දෙක තුනකට සැරයක් ඇරලා හිමිහිට කලවං කරන ගමන් දෙල් ටික තම්බ ගන්නවා... දෙල් ටික තැම්බිලා වතුර හිඳිලාම යන්න ඔන්න මෙන්න තියෙද්දි ලුනු දිය කරගත්ත පොල් කිරි එකතු කරනවා දෙල් එක වැහෙන ගානටම වගේ එන්න... ඊට පස්සේ ඒකත් නටලා ටිකක් හොද්ද උකු වෙලා හිදෙනකොට සෝදලා කෑලි කඩා ගත්ත නිවිතියා එකතු කලෑකි... ඊට පස්සේ විනාඩි දෙකක් විතර පියනෙන් වහලා තියලා තෙම්පරාදු කරගත්තම හරි...


මේකත් එක්ක බත් කන්න හරියන්නේ කරවල කෑල්ලක් තෙල් දාගත්තම තමා... දෙල් ගෙඩියේ පොත්ත හොඳට තියෙනවනං ඒකත් හීනියට ලියලා දාලම කරවල ටික තෙල් දාගන්න ඕන... බත් මැරියැකි ඉතිං...

9 comments:

  1. පොල් කිරි හොද ප්‍රමාණයකට දමාලා
    දෙල් ගෙඩියක්ම රහ පදමට උයාලා
    කැකුලු හාලෙ බත කරවල බැදීලා
    අඟුන මැල්ලුමත් ගැලපෙයි රස පිරීලා....

    ජයවේවා!!!

    ReplyDelete
  2. හප්පා මම ආසම කෑමක්.... බඩගින්න තව වැඩි වුණා

    ReplyDelete
  3. මේ වෙලාවට තමයි ගමේ හිටියනං කියළා හිතෙන්නේ. මේ කොළඹ හරි හමං දෙල් ගෙඩියක් හොයා ගන්න සැහෙන්න මහන්සි වෙන්න ඕනේ.

    ReplyDelete
  4. දෙල් වල තියන ගිනියමත්, නිවිති වල තියන සීතලත් දෙකම එකිනෙක කැපිලා යයි නේද? දෙල් කාපුවාම ගිනියමට ඇතිවෙන ආබාධත්, නිවිති වල සීතල නිසා ඇතිවෙන ආබාධත් දෙකම ආවොත් නම් ඩබල් ට්‍රබල්. ටින් කරලා නානු වෙලා තියන දෙල් මිසක් හොඳට කටු ඇදෙන්න පැහිලා තියන දෙල් ගෙඩියක් දකින්නත් ආසයි. නිවිති නම් මගේ කොටුවේ තියනවා මේ දවස් වල ශීත ඍතුවට ඔක්කොම කහ පාට වෙලා. ඒවා නම් වසන්තයේදී නැවත හැදෙයි. කවදා හරි දෙල් ගෙඩියක් ලැබුනාම තමයි මේක උයන්න වෙන්නේ. ස්තුතියි.

    ReplyDelete
  5. දෙල් කියන්නෙ මගෙත් ප්‍රියතම කෑමක්. වැඩේ දෙල් කරගන්නැතුව මේක හදාගත්තොත් එළ වගේ.

    ReplyDelete
  6. දෙල් මාළුව අපේ ගෙදරත් රජ බොජුනක් මොකද විචාරක තුමාත් කැමති කෑමත්. හැබැයි ලන්දේසි දෙල් ගෙනාවෙ අපිට ආදරේට නම් නෙවෙයි. සිංහල ජාතිය මරන්න. අපේ මිනිස්සු පොල් එක්ක දෙල් කෑව නිසා ජීවිත බේරුණා.
    විචාරක දියණිය

    ReplyDelete
  7. උයන්න ගත්තේ පැහිලා,ලෙල්ල තුනී වෙලා තියෙන දෙල් ගෙඩියක් නේද?

    ReplyDelete
  8. නියමයි. මාර සරනියේ පොස්ටුවක් දැකීමත් සතුටක්

    ReplyDelete
  9. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete